Friday, 7 December 2012

තාම තරුණයි රාත්‍රිය මනරම්

එක නිමේෂයක හිත නැවතිලා බොහොම දුරක් රහසින්ම දුවලා ගිහින්.. ආයෙම මගේ ලගට එන්න බැරිව නතර වෙන තරම් දුර ඈතක.. ආයෙම හිත ලගට ගන්නත් උවමනාවක් නැති ගානයි... ඒ නිමේෂයේම නතර වෙලා මුළු ජීවිතේම ගෙවන්න ඇත්නම් කියන හැගීම මේ හිතට කී පාරක් නම් ඇවිත් යන්න ඇත්ද ? ඒත් ඒ හැගීම හැමදාටම හිතේ නතර කර ගන්න බැරි බව අපේ හිත් වලට රහසක්ම නෙමෙයි...

අපේ හමුවීම ලග රැදිලා තියෙන්නේ කඳුළක්වුනත් ඒ හැම කඳුළකම නොදන්න මිහිරියාවක් නිතරම රැදිලා තිබුනා.. ඒ හන්දම වෙන්න ඇති මේ හමුවීම පස්සෙන් හිත නිතරම දුවගෙන එන්නේ.. බැදීමකට නමක් දෙන්න බැරිවුණාම මිනිස්සු ගොඩක් අසරණ වෙනවා.. අන්න ඒ අසරණ කම ඉදලා හිටලා මේ හිතටත් දැනෙද්දි බැදීම් වලින් මිදිලා දුවලා පැනලා යන්න තරම් හැගීමක් මේ හිතට එනවා... ඒත් ඒ දේ කරන්න බැරි තරමටම මේ බැදීමේ හිත හිර වෙලා..

ලා තැඹිලි පාට අහස වගේම සුන්දර ඔය මුහුණ ලග හිත හැමදාම නවතින්නේ ඒ නිමේෂයේ සතුට පතාගෙන.. එලඹෙන රැයේ සුන්දරත්වයට ආස කරන හිත් දෙකක් ඒ නිමේෂය වෙනුවෙන් මග බලාගෙන...

තාම තරුණයි රාත්‍රිය මරම්
ලගා වනු මැ සරා සඳ සමගින්..”

සරා සඳට ආදරේ කරගෙන ලං වෙන ඔය හිත අද්දර කඳුළක් නැති වෙන්න විදිහක් නැති බව හොදටම විශ්වාසයි.. ඒත් මේ සරා සඳට මේ නිමේෂයට මං වගේම නුඹත් ආදරෙයි.. අහිමි වුණ කඳුළක් ලග ලියලා ආව ජීවිතයක සුව මිහිර හොයන සරා සඳක් නුඹ.. හැම උදේකම දැක්කා නොදැක්කා වගේ අහක බලාගෙන යන නුඹේ කඳුළට මම ආදරේ නැතුවම නෙමෙයි..

"… සීත කඳුළක් තබා සඳ නෙතගින්
රැය ගෙවී යයි තව නිමේෂයකින්..”

අපිටම විතරක් හිමිවුන එක් රැයක වෙනද වගේම ලංවුන සිතුවිළි වලට සීමා මායිම් නැතුව ඔහේ පාවෙන්න ඉඩ ඇරියේ අපි දෙන්නගෙම සතුට රැදිලා ඉතිරිලා යන මොහොතකට තිබුන ලෝභකම හින්දම... අපි අපිට මේ හැඟුම් පළවෙනි වතාවවත් පළවෙනි කෙනා එක්කවත් නොවුනත් කෝඩුකාර විදිහට හැමදාම අපි මේ සතුටට ආශා කලා.. තව තවත් ඒ සතුට එනෙකම් බලාගෙන ඉන්න තරමට හිත නුඹටම ආදරේ කලා.. මධුර අඳුර ලග මුළු ලොවක්ම සුන්දර සිහිනෙක සැතපෙද්දි අපි නෙතු විතරක්ම මිහිර විදිමින් බලාගෙන ඉන්නවා..

ලොවම සැතපෙයි අඳුර මධුරයි
සිහින වෙරළට පාව එන් රහසින්..”

ඒත් මේ රැයේ රැදුන වේදනාව හිත කොච්චරනම් පාරණවද? මටම විතරක් හිමි නැති නුඹ ලග මොහොතකට විතරක් මම නැවතිලා.. එක් නිමේෂයක සතුට ලග මුළු ජීවිතේම ලියලා වගේ දැනුනා වුනත් ඒ මටම හිමි නැති සතුටක්ම විතරයි.. මේ අඳුර සොඳුරුයි.. ඒ වගේම රුදුරුයි.. නුඹ නවාතැන් හොයන නිමාවක් නැති වෙරළක, නොදැනුනත් නුඹත් මමත් අද ගොඩාක් අතරමං වෙලා..

“... ලොවම අදුරුයි අදුර රුදුරුයි
සිහින වෙරළේ අගාධය ගැඹුරුයි..”

මොහොතින් මොහොත මේ නිමේෂය තව තවත් සුන්දර වෙද්දී හිත ආස කරන්නේ නුඹ ලගම සැතපෙන්න.. හැමදාම ඇවිත් නතරවෙන මේ කාමරය ලග සදළුතලෙන් එන සුළගට හැමදාම මේ වගේම හැඟුම් ඇවිස්සෙද්දී නුඹ ලගට වෙලා තුරුළු වෙලා හිත ඒ සිසිලස විඳගන්නේ ගොඩක් ආසාවෙන්... ඔය දෙතොල් වල මිහිරට තවත් හිත නතර කරන් ඉන්න බැරි ගානයි.. සුමුදුව පිරිමදින නුඹේ දෑතේ පහසට තව මොහොතකින් දෙකකින්..

කුමුදු හිනැහෙයි පවන සිසිලයි
ළපලු පලසට පා නඟන් විගසින්..”

දිගු සුසුමක , දෙකක ජීවිතේ ආසාවෙන්ම විදි මිහිරක ගෙවුන මොහොත හීනයක් වගෙයි... හිතත් ගතත් පාවෙලා ගිය හැගීමක අවසානය සොදුරුයි.. මිහිරියි.. තව ඇරයුමක් හොයන තරමට සතුටු වුන ගතක දාඩිය බිදු ලග දැනෙන සුවදට හිත තවත් ආදරේ කලත් හිත යට කොනක ගිණිගන්න සිතුවිළි පෙලකට නැවතීමක් තියන්න බැරි වේවි.. කියා ගන්න බැරි අමුතු හැගීමක් හිත දවාගෙන යද්දිත් ඔය ඇස් දිහා බලාගෙන ඉන්න මේ ඇස් තවමත් ආසයි.. ඒත් තව මොහොතකින්..

“.. කුමුදු පරවෙයි පවන රළුවෙයි
ළපලු යහනේ විරාමය කඳුළයි..”

ඇඟම උණුසුම් කල හීතල රැයක අවසානයේ තවත් එක් උදෑසනක්.. තව තවත් රැදෙන්නට හිත කියන රාත්‍රියක්... අකමැත්තෙන් වුනත් ඇගලා ගත්ත ඇදුම් වලට වඩා නිරුවතින් වැතිරුණ ඔය ගතට හිත තවමත් ආදරෙයි.. සුමුදුවට අතට දැනෙන පහසට හිත තාමත් ආදරෙයි.. අඩ නින්දක නෙතු ලගට සීතලම හාදුවක් රඳවලා වෙන් වෙලා යන්නේ තවමත් රැදුන රාත්‍රියක මිහිරියාවෙන් .. ඇත්ත මේ රාත්‍රිය තාමත් තරුණයි..



තාම තරුණයි රාත්‍රිය මණරම්
ලගා වනු මැ සරා සඳ සමගින්..
සීත කඳුළක් තබා සඳ නෙතගින්
රැය ගෙවී යයි තව නිමේෂයකින්..


ලොවම සැතපෙයි අදුර මධුරයි
සිහින වෙරළට පාව එන් රහසින්..
ලොවම අදුරුයි අදුර රුදුරුයි
සිහින වෙරළේ අගාධය ගැඹුරුයි..

තාම තරුණයි රාත්‍රිය මණරම්
රැය ගෙවී යයි තව නිමේෂයකින්..


කුමුදු හිනැහෙයි පවන සිසිලයි
ළපලු පලසට පා නගන් විගසින්..
කුමුදු පරවෙයි පවන රළුවෙයි
ළපලු යහනේ විරාමය කඳුළයි..


තාම තරුණයි රාත්‍රිය මණරම්
ලගා වනු බැහැ සරා සඳ සමගින්
සීත කඳුළක් තබා සඳ නෙතගින්
රැය ගෙවී යයි තව නිමේෂයකින්..



64 comments:

  1. " ලොවම සැතපෙයි අදුර මධුරයි
    සිහින වෙරළට පාව එන් රහසින්.."

    ලස්සනයි .... සින්දුව නම් අදමයි ඇහුවේ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇහ් අදමයි ඇහුවේ කිවුවා.. හා හා..

      Delete
  2. හරිම ලස්සන ගීයකට ලස්සන සංකල්පනාවක් දිනේෂ්. ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  3. ගීතයක තේරුම අපූරුම අකෘතියක ඉදිරිපත් කරපු මේ ලිපිය නම් ආසාවෙන් කියෙව්වා... ඒත් අන්තිමේ පොඩී කණගාටුවක් ඇතිවුනා. මේ සුන්දර අදහස්, ඒවා මතකයෙ රැඳෙන විදිහට යොදපු සංගීතය.... අදහස හිතට කාවද්දන ගායනය ගැන... නැත්නම් මේ නිර්මාණය බිහි කරපු මිනිස්සු ගැන කිසිම සටහනක් නැති එක ගැන.

    මට මතක විදිහට....

    පද රචනය - කුලරත්න ආරියවංශ
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ රොහාන් බුලේගොඩ

    ReplyDelete
    Replies
    1. දිනේෂ්ට අමතක වූ යුතුකම තිසර ඉටුකලාට තුති

      Delete
    2. තිසර, ඇත්තටම අයියේ මට ඒක අමතක උනා.. ගොඩක් ස්තූතියි ඒ අඩුව පෙන්නුවට.. ඊළග වතාවේ ඉදන් ඒ දේ මතක ඇතුව කරන්නම්..

      Delete
    3. නලීන්, ඔව් අයියේ.. මට ඒක මඟ ඇරුනනේ..

      Delete
  4. මෙයා හැමදාම දාන්නේ මම අහලා නැති සින්දු.... පද ගැලපුම හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ගහමු අපි කැරැල්ලක්

      Delete
    2. කරලිකාරි, ඔයා ඉංග්‍රීසිම අහන්නේ නැතුව වැස්සකට හරි සිංහල එකක් අහන්න.. එතකොට හරි.. :)

      Delete
    3. නලීන්, ආයෙත් අහලා.. කැරැල්ලක් ගහන්නමයි වටින්නේ..

      Delete
    4. බලන්න!!! ඔයා මන් ගැන කොච්චර වැරදියටද හිතාගෙන ඉන්නේ කියලා??? මම සිංහල සින්දු අහනවා..කොටින්ම කිව්වොත් ඕනෙම සින්දුවක් අහනවා..ලස්සනයි කියලා හිතුනොත්.

      Delete
    5. ඔයා ඔක්කොම අහනවා.. මම පොස්ට් එකකට දාන ඒවා ඇරෙන්න :)

      Delete
  5. අනේ මන්දා ඕවා.. ඇත්තමයි මං උඩිං පල්ලෙන් කියෙව්වේ මේක දිනේශ්.... සොරි හොඳේ....

    මට නම් ඔය වගේ අදහස් දැං එන්නෙම නෑ..... ඔය වගේ සින්දු වලට ආසා හිතෙන්නෙත් නෑ... හම්ම්... ආදරේ කරන කාලේ නම් ඔය වගේ දේවල් ලියවුනා මගේ අතිනුත්... ඒත් දැං......

    ReplyDelete
    Replies
    1. හිරු දැන් අහන්නේ විරහ ගිතද

      Delete
    2. හිරු දැන් ඉන්නේ සංක්‍රාන්ති සමයක ..ආයේ කලකදී ඔය වගේ ගී අහන්න හිතක් එනවා .

      Delete
    3. හත් ඉලව්වේ මේ හිරුව අපිට බදින එක එපා කොරවන්නයි යන්නේ ..... ඇත්තමයි අක්කේමේ අහන්නේ .... බැදලා කාලයක් ගියාම ආදරේ අඩු වෙනවද .... ජොකක් නෙවෙයි .... නොදන්න කමටයි අහන්නේ ....

      Delete
    4. ඕකට තමා ජීවිතය කියන්නෙ.. කාලයෙන් කාලයට අවශ්‍යතාවයන්ට අනුකූලව මානසික මට්ටම වෙනස් වීම හරි පුදුමයි එකාතකට බැලුවාම...

      හිරූට දැන් මම හිතන්නෙ දොයි දොයි දොයි දොයිය බබා වගේ සින්දුවක් නැගලා යයි... හෙහ් හෙහ්...

      Delete
    5. විරහ ගීත අහන්නේ මොකටද නලීන් අයියේ මං.. . මේ අපේ මහත්තයා ඉන්නකොට.... හි හි..

      අනේ මන්දා බින්දි.. බැන්ද දවසේ ඉඳලම ඕවා එපා වෙලා ඉන්නේ... හි හි...

      ආදරේ එපා වෙන්නේ නෑ දිනෙල්ක... අඩු වෙන්නෙත් නෑ... ඒත් සමහර වෙලාවට ඒකත් මහ බොරුවක් කියලා හිතෙනවා.. ඒත් ඉතිං ආයිමත් හිතෙනවා ආදරේ නිසානේ මේ ජීවත් වෙන්නෙත් කියලා.. ඔහොම තමයි හිත....

      ඒකත් එහෙම වෙන්න පුළුවන් සෙන්නා... ඒත් හිත තාම ලෑස්ති නෑ.... හි හි...

      Delete
    6. හිරු අක්කේ, මේ වගේ අදහස් නම් ඇත්තටම මටත් දැන් එන්නේ අඩුවෙන්.. අපිත් මල් නේ.. ඒත් සිංදුව එදා නිශාන්තයට ඉල්ලල ගිම් අක්කට දුන්නට පස්සේ මේකට මුකුත් නොලියා ඉන්න බැරි උනා.. ඒකමයි මේක කිවුවේ..

      Delete
    7. බින්දි අක්කේ, සංක්‍රාන්ති සමය මොකද්ද කියලා තේරුනේ නෑ නෑ වගේ..

      Delete
    8. දිනෙල්ක, ඕවට අහු වෙන්න එපා බං.. ඔය බොරුවට කිවුවට අපිත් ඒ සංගමේට ඇදලා ගන්න හදන්නේ.. බැන්දා කියලා ආදරේ කවදාවත් අඩු වෙන්නේ නෑ.. වෙනදටත් වැඩිය ඒක දැනෙන්න දෙන්න පුළුවන් කමත් ලැබෙන එකේ ඒක හොදට දැනෙන්න ඉඩ ඇරියනම් හරි..

      Delete
    9. සෙන්නා, අහ් ඒ කතාවත් ඇත්ත තමයි සෙන්නා අයියේ.. එහෙනම් ඉතින් හිරූ අක්කට මේවා අහන්න එපා වෙන එක සාමාන්‍යයි නේ.. නැද්ද හිරූ අක්කේ.. ;)

      Delete
  6. මම ආසම සිංදුවක් හරිම අපුරුවට ලියලා තියනවා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ සචිත් මලයා..

      Delete
  7. ලියලා තියෙන විදිහෙන් සින්දුව අහන්නත් ආස හිතුනා

    ReplyDelete
    Replies
    1. එහෙනම් අහලා බැළුවනේ මධු අයියා..

      Delete
  8. මේ සිංදුව කලින් අහල නම් තිබ්බෙ නෑ. ඒත් මේ සටහන කියෙවුවම සිංදුව අහන්න ආසා හිතුනා :)

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් පරණයිනේ චාම්ස්.. පුදුමයි අහලා නෑ කිවුවම..

      Delete
  9. අනේ හරිම ලස්සනයි...

    ReplyDelete
  10. Replies
    1. තෑන්ක්ස් මචෝ..

      Delete
  11. Lassana sinduwak.... Lassanata kathawath liyala,,,

    ReplyDelete
    Replies
    1. කුමාරි අක්කා ගොඩක් කාලෙකින් දැක්කේ මේ පැත්තේ.. හොදින් නේද?

      තැන්ක්ස් අක්කේ..

      Delete
  12. මටත් හිතුනේ මේ දිනේෂ්ගේ කවි සංකල්පනාවක් කියල . සිංදුවකට නම් නියමයි කියන්න හිටියේ . ඇත්තටම සින්දුවක් බලනකොට ..ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අහ් නෑ බින්දි අක්කේ.. මං ආසම සිංදුවක් කාලෙකට පස්සේ ඇහුවම ලියන්න හිතුනා මේක..

      Delete
  13. අහලා නැතෝ ............. අවුලක් නෑ ........ දැන් ඇහුවනේ ...... අමුතු ගතියක් තියෙනවා....
    අපි නෑනේ ඔය ලවු සීන් වලට ...... තිත් දෙකයි ඩී
    හැමදාම වගේ නියමෙට සංකල්පනාව ලියලා .. සින්දුවට වඩා මම කැමති විස්තර කරලා තියෙන විදියට‍

    ReplyDelete
    Replies
    1. ටිකක් පරණයි හැබැයි මේකනම්.. මං ගොඩක් කාලෙකට කලින් ඇහුවේ..

      ලවු සීන් වලට තව ඉස්සරහට එන්ටර් වෙන්නේ නැතෑ.. නැද්ද ?

      සිංදුවට කලින් හිතුනේ වෙන කතාවක්.. ඒත් පස්සේ හිතුනා මේකම තමයි ගැලපෙන්නේ කියලා..

      Delete
  14. මම කලින් අහල් තිබුණ සිංදුවක්... මල්ලිගෙ කතාව ගලපල අපුරුවට...

    ReplyDelete
    Replies
    1. සිංදුව ලස්සනයි.. ආයෙ ආයෙ අහන්න හිතෙනවා.. ඒකමයි කතාවක් ගෙතුනෙත්..

      Delete
  15. සිංදුව නම් කලින් අහල නැද්ද මංදා. ලියල තියන විදිහට අහන්න ආස හිතුනා.

    ReplyDelete
    Replies
    1. අහල ඇති සමහර විට.. කෝම උනත් අද ඇහුවනේ..

      Delete
  16. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
    Replies
    1. අනිවා අපි එන්නම්..

      Delete
  17. සින්දුව අදමයි ඇහුවේ. ඒකට නිර්මාණය කරලා තියෙන කතාවත් එළ.

    ReplyDelete
    Replies
    1. තෑක්ස් ඉෂාන්..

      Delete
  18. ලස්සනයි අයියේ..

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලෙකින් මේ පැත්තේ..

      Delete
  19. හයියෝ... මං අහලත් නෑනේ.... සංකල්පනාව නම් අපූරුයි අයියේ..

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ අෆ්ෆා.. මෙයාලා අහලම නෑනේ.

      Delete
  20. මේ ගිතය තිබුනේ රෝහන් ශාන්ත බුලේගොඩගේ සීඩිඑකක ගිතයට වසය අවුරදු 15 වඩියි ඒත් තාමත් තරුන ගියක්. ගිතය වගේම ගිතය ලියු සටහනත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් රත්නායක අයියේ.. මේ ගීතය පැරණියි.. ඒ හන්දමද මන්දා ගොඩක් අය මේක අහලත් නැත්තේ..

      Delete
  21. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලින් මේ පැත්තට වැඩම කරලා තියෙන්නේ..

      Delete
  22. :D මං මේ බ්ලොග් එක කියෙව්වෙ අන්තිමට අගෝස්තු විභාගෙට කලින්... ඒ කාලෙ කොමෙන්ට් දාන්න බ්ලොගර් එකවුන්ට් එකක්වත් තිබුනෙ නෑනේ :(
    ඔන්න දැන් වැඩේට බැස්සා.. තාම කසාද බැන්දෙ නැද්ද දිනේෂ් අයියෙ ? :P

    ReplyDelete
    Replies
    1. අහ්.. එහෙනම් විභාගෙත් ඉවර එකේ බ්ලොග් ලෝකෙට හිත යොදවමු..

      බඳිනවා බඳිනවා ලබන අගෝස්තුවේ..

      Delete
  23. අඩේ මං මේ සින්දුව අහලා නෑනෙ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. අද ඇහුවනේ එහෙනම්..

      Delete
  24. මම හිතුවේ මලයාගේ සින්දුවක් කියලා... ලස්සනයි! අහලා බලන්නම්කෝ!

    ReplyDelete
    Replies
    1. මගේ නෙමෙයි අයියේ.. සිංදුවත් ලස්සනයි..

      Delete
  25. ඇත්තටම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. සිංදුවද කතාවද?

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්