Monday, 3 December 2012

නිරුවත් කණ්නාඩි - පූස්පාර්ට් යාළුවෝ 3

කතානියා වල ඉන ඕනම කෙනෙක් සිල්වගේ නම කියපු ගමන් දන්නවා මේ කියන්නේ කවුරු ගැනද කියලා... ඊට අමතරව තව නමක් තියෙනවා..හැබැයි ඒක නම් ලියන්න බෑ ඔන්න මේකේ.. සිල්වගේ මුල්ම වික්‍රමාන්විතය කුණුබක්කියේ වැටුන එකනේ... ඊට පස්සෙත් ඉතින් පොඩි පොඩි ඒවත් ඕන තරම් උනා.. හැබැයි ඒවනම් වැඩක් නෑ..

මේ සිද්දිය වෙද්දි සිල්වා ඉතාලි ඇවිත් වැඩි කාලයක් නෑ.. ප්‍රනාන්දුත් එක්ක එකට ඉන්න කාලේ .. එක කාමරේ.. නෑ නෑ.. ගේ සීන් එකක් නෙමෙයි.. :) ඉතින් කෝම උනත් සිල්වට ලස්සනට පේනෙ කෙල්ලෙක් දැක්කොත් ඉතින් වෙන දේ මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඉතින්... සමර් කාලෙට නිරුවත් වෙරළේ පැත්තක රවුමක් ගහනන් තියෙනවනම් සිල්වට කන්න නැතත් කමක් නෑ..ඕක ඉතින් ප්‍රනාන්දු විතරක් නෙමෙයි හැම කෙනාම වගේ දන්නවා..

ඔය ඉරිදා රෑට කට්ටිය හොදට පදම් වෙන වෙලාවට ඉස්සෙල්ලම බයිට් එක වෙන්නේ සිල්වා තමයි.. හැබැයි සිල්වා බිවුවට ඔය අනිත් අය වගේ නාන්නේ නම් නෑ.. ඒ හන්දම කවුරු කොහොම බයිට් එකට ගත්තත් වලි නම් නෑ කවදාවත්ම්.. හැබැයි හිතේ තියන් හෙමින් ගේමක් දෙන එක වෙනම කතාවක්..

මේත් ඒ වගේ දවසක්.. එදා ප්‍රනාන්දු, කමල්, සිල්වා තව කට්ටියක් එක්ක සෙට් වෙලා හිටිය දවසක්...

මේ සිල්වා ඒක නෙමෙයි ඕයි.. මරු බඩුවක් තියෙනවා..”

අහ්.. මොකද්ද ?”

කණ්නාඩි දෙකක්.. ඒක දාලා බැළුවම ඇදුම් නැතුව පේන්නේ..”

අනේ මේ බොරු කියන්න එපා ප්‍රනාන්දු අයියේ...”

ඔය ඉතින්.. තමුසෙ දන්නවද අජිත් ?”

ඔව්..”

අර ඒකා නිතරම දාගෙන ඉන්නවා නේද කළු කණ්නාඩි දෙකක්.. අන්න ඒක එයින් එකක්..”

එදාට ඒ කතාව එතනින් ඉවර උනේ කට්ටියට හොදට වැඩි වෙලා හිටිය නිසා.. ඒත් පහුවදා ඉර පායලා වැඩි වෙලාවක් නම් යන්න වෙලා නෑ.. සිල්වා උදේ පාන්දරම ප්‍රනාන්දුව ඇහැරවලා..

ඒ ප්‍රනාන්දු අයියේ... මොකද්ද අර කණ්නාඩි දෙක ?”

මොන කණ්නාඩි දෙකද බං ?”

ඇයි අර ඇදුම් නැතුව පේනවා කිවුව එක..”

අහ් ඒකද ?”

මේ අජිත් ගත්ත තැන අහලා මටත් එකක් ගනන් සෙට් කරන්න බෑ..”

අහ් ඒකනම් අහලා බලන්න ඕන..”

ඔය වගේ දිගට ඇදිලා ගිය කතා බහකට පස්සේ උනේ ප්‍රනාන්දු තව ටිකක් සිල්වව වැඩියෙන් අන්දපු එක.. සිල්වත් හිටියේ කණ්නාඩි ගැ හීන ලෝකෙක.. ඇයි ඉතින් කවදා ලැබෙන චාන්ස්ද ? හැබැයි සිල්වට ලොකු ඕන කමක් තිබුනා අජිත් දාගෙන ඉන්න කණ්නාඩි දෙක ටිකක් දාලා ටෙස් කරලා බලන්න.. දැන් ප්‍රනාන්දුලා මේක සිල්වට කියලා අන්දලා තිබුනට අජිත් මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ...

වැඩේ ගැස්සෙයි කියලා හිතපු ප්‍රනාන්දුත් ටක් ගලා කලේ වෙන සීන් එක ඔක්කොම අජිත්ට කිවුව එක... අජිතුත් පැනලා කැමති උනා වැඩේට.. මොකද සිල්වා අන්දලා සතුටු වෙනන් තමයි කට්ටිය හැමෝම බලාගෙන ඉන්නේ..

මෙහෙම ටික දවසක් යද්දි කතානියා වලදි සිල්වට අජිත් මුණගැහිලා තියෙනවා .. එවෙලෙත් අජිත් දාන් ඉදලා තියෙන්නේ ප්‍රනාන්දු කියපු කණ්නාඩි දෙක... කතනියා පොල මැදදි සිල්වා අජිත්ගෙන් එක පාරක් දාලා බලන්න දෙන්න කියලා ඇණයක් නම් උනේ නෑලු ඔන්න...


ටික දවසක් සිල්වව මේ විදිහට අන්දපු ප්‍රනාන්දුලා ඊළගට කලේ සිල්වට පේන්න කියලා අජිත්ගේ වයිෆ්ට අර කණ්නාඩි දෙක දාගෙන යන්න කියපු එක.. ඒ ප්ලෑන් එකත් ප්‍රනාන්දු හිතුව විදිහටම වැඩ කලා... දවසක් මගදි අජිත්ගේ වයිෆ් අජිත් දාන නිරුවත් කණ්නාඩි දෙක දාගෙන යනවා දැකලා බයිසිකලේ මගම නවත්තලා ප්‍රනාන්දුට කෝල් එකක් අරන්...

ඒ ප්‍රනාන්දු අයියේ... මම දැක්කනේ සුජීවා අර කණ්නාඩි දෙක දාගෙඅන් පාරේ යනාවා..”

අහ්...මිනිහගේ එකනේ ගෑණි දැමමම මොකො?”

ඉතින් අයියේ අපිවත් පේනවනේ..”

උඹට බලනන් පුළුවන්නම් උන් බැළුවම මොකෝ?”

වැඩ කර කර ඉද්දි කතා කරලා මේවා අහද්දි මල පැන්න ප්‍රනාන්දු ෆෝන් එකට් කට් කරල.. ඒත් ඉතින් සිල්වා අන්දන එක නවත්තන්නත් බෑනේ..

මේ ප්‍රානාන්දු අයියේ අජිත්ගෙන් අරක ඇහුවේ නැද්ද ?”

හැමදාම හවස එකම තැටිය කැරකෙන්න වගේ සිල්වා කියවන්නෙම මේ ගැනලු... ප්‍රනාන්දුටත් පස්සේ මේක මාරම ඇනයක් වෙලා තියෙනවා...

තමුසේ දන්නවද අර කතානියා පොළට ඇතුල් වෙන තැනම තියෙනවා බැංකුව.. අන්න එතන ඉන්නවා උස කල්ලෙක්.. අන්න ඌ ගාව විතරලු බඩු තියෙන්නේ.. තමුසේ ගිහින් ඉල්ලනවා..”

කතානියා පොළේ වැඩි හරියක් ඔය පොඩි පොඩි බඩු කෑලි උස්සන් ඉන්නේ අප්‍රිකන් කල්ලෝ තමයි.. උන් ඉතින් කෝමත් උසයිනේ.. දැන් ඔය ප්‍රනාන්දු කිවුව විදිහට කෝමද පොළට ගිහින් ඒ උස කල්ලා හොයන්නේ ? හැබැයි විශ්වාස සිල්වා පොළට ගිහින් ඒ කල්ලව හෙවුවලු..

ඒ අයියේ මම ගියා.. මට ඒකව අහු උනේ නෑනේ..”

ආ එහෙනම් එදා ඌ නැති දවසක් වෙන්න ඇති... තමුසේ මට සල්ලි දෙනවා.. මම ගෙනත් දෙන්නම්..”

කීයලුද ඒක ?”

යුරෝ සීයයි..”

එවෙලේ යුරෝ සීයම දෙන්න අතේ සල්ලි නැතුව සිල්වා යුරෝ පනහක් දීලා කිවුවලු ගෙනත් දෙන්න ඉතුරු එක පස්සේ දෙන්නම් කියලා.. කොහොමද කට්ටියගේ ඇන්දිල්ල.. එදා ඒ යුරෝ පනහෙන් කට්ටිය හොදට බීලා කරටි කැඩෙන්නම.. හැබැයි ටික කාලයක් යද්දි කණ්නාඩියි සල්ලියි නැති වෙද්දි සිල්වා දැනගෙන කට්ටිය කවපු ලණුව ගැන.. ඒකනේ ඉතින් කට්ටිය තාම නයි වෛර..



විශේෂයි : සම්පූර්ණ කතාවම ප්‍රනාන්දු අංකල්ට බෝතලයක් දීලා අකුරක් නෑර අහගෙන මම ලිවුවලු..

අති විශේෂයි : පහුගිය ඉරිදාවක සිල්වගේ පුත්‍ර රත්නය අපේ දිහා ආවා.. ඒකා එද්දි මම බ්ලොග් එකේ හිටියේ.. ඌ අහපි මටත් කියහංකෝ මේවා බලන හැටි කියලා.. මම ඉතින් මේවා බලන්න සිංහල ප්‍රෝග්‍රෑම් දාන්න ඕන තව වැඩ ගොඩක් තියෙනවා හෙමින් කියන්නම් කියලා මග ඇරියා... ඇයි දෙයියනේ උගේ තාත්තට මඩ ගහන ගමන් ඌට මේක බලන හැටි කියලා දෙන්න පුළුවන්ද ? එතකොට මං මේවා ලියන්නේ කෝමද මං අහන්නේ ?



68 comments:

  1. හිකිස්‌!!!! මරු අප්පා... මෙයත් කට්ටම නෑ නෙ,
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හුලේ .... මං එක...

      Delete
    2. සමහර වෙලාවට කට්ට නොවී බෑනේ.. හෙහ්.. අද මිසිස් උමගිලිය නෑ ගෙදර... :)

      Delete
  2. අනේ අයියේ! මටත් එයින් එකක්.. :)

    ReplyDelete
    Replies
    1. යුරෝ 100 දුන්නනම් එවන්න තිබුනා.. :)

      Delete
  3. අම්මෝ.. මාත් බයම වැඩක් තමයි ඔය මං දන්න කියන අය බ්ලොග් එක බලන එක.... හි හි.. උන්ට මඩ ගහන හින්දා නෙවෙයි.. උන්ව අන්දලා මං කොරගත්ත වැඩ ගැන හිමීට ලියවෙනවනේ මගෙ අතින්.. ඕවා මීටර් උනොත් මං විනාසයි... හි හි

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ආයෙත් අහලා.. ඊට පස්සේ ඉන්න හම්බුවෙන්නේ නෑනේ.. ඒ හන්දා උන් නොදැක ඉන්න එකම තමයි හොද..

      Delete
  4. හෆ්ෆේ,අන්තිම ටික නම් කතාවටත් වඩා මරු :D :D

    ReplyDelete
    Replies
    1. අති විශේෂයි කෑල්ල වෙන්න ඇති... :)

      Delete
  5. අපරාදේ යුරෝ පනහක්... කාගෙ වුණත් සල්ලිනෙ ඈ. වෙලවක් බලන්නකෝ ඔය සිල්වගේ ඔළුව ඇතුලේ තියෙන්නෙ මොනවද කියලා :P

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒක ඇතුලේ මුකුත් නෑ.. මම ඉතින් නිතරම කතාබහ කරන මනුස්සයනේ ඔය සිල්වා එක්ක..

      Delete
  6. කො​හොම හරි සිල්වාගේ පුතාට වැඩේ උගන්නන්න දිනේෂ්... උඹ දැන් කරන වැඩේ පුතා ඊට වැඩිය හොඳට කරගෙන යයි. ඌ තාත්තගෙම පුතානේ...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඌ ආයෙම ගියා.. ඌ ගිය පාර ආපු වෙලෙත් ඇහුවා.. මන් කිවුවේ නෑ..

      Delete
  7. විශේෂයි කොටස අතිශයින් සැක සහිතයි ;)

    පිස්සු වැඩ නං කොරන්න එපා රජෝ.. මල විනාසයක් වෙන්නේ.. අපේ පියාණන්නටත් මොකෙද්දෝ එකෙක් මගේ බ්ලොග් කෑල්ල පෙන්නලා ඉදල හිටල අහනවා ළගදි කොහේවත් රස්තියාදුගහන්න එහෙම ගියෙ නැතෙයි කියලා.. මොනව කරන්නද, බ්ලොග් එක පෙන්නුව එකා/එකී ගේ ආදරණීය මෑණියන්ගේ සුව දුක් විමසීම හැර.. ;)

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා සැපයි කෙල්ලෙක් එක්ක ඉඳලා අහු උනානම්.

      Delete
    2. රස්තියාදුකාරයා : අර මොකෝ විශේෂයි එක ගැන සැකේ?

      හෙහ්.. හෆ්ෆා විනාසයක්.. ඔහොම උන් ඉන්නවා.. මගේ බ්ලොග ගැනත් දීලා තිබ්බේ හොද විස්තරයක් ගෙදට්ට.. අපේ පියාණන් කිවුවේ කුණුහරප නොලියා ලියන දෙයක් ලියහන් කියලා...

      Delete
    3. AKM : සිරාවට.. ඒක හොදයි මීට වඩා..

      Delete
  8. හි... හි... අප්පා මෙයා කට්ටම නැනේ.. හානි සිල්වාගේ පුතා බ්ලොගක් පටන් ගත්තා නං දිනේෂ් අර නිරුවත් වෙරළට ගිහින් වුනු සිද්දි ටික අපිට හිත පුරා දැනගන්නත් තිබ්බ... ;)

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්.. ඔන්න පුතේ රෙදි ගැලවෙන තැන.

      Delete
    2. කැරලිකාරි : හෙහ් එවුවා නේ? ඔයා අපේ ෆැමිලි ෆ්‍රෙඩා හන්දා ඔයාටනම් ඒවා අරයගේ දැන ගන්න පුළුවන් වෙයි මෙහෙ ආවට පස්සේ..

      Delete
    3. AKM : ආයෙත් අහලා.. ඒ හන්දා ඌට කියලා දෙන්න හොදම නෑ..

      Delete
  9. කවුරුත් මූත් එක්ක බොන්න සෙට් වෙන්න එපෝ..

    බොන්න දීලා කතන්දර අහගන්නවෝ...

    ReplyDelete
    Replies
    1. උඹට නම් අනිවා බොන්න දෙනවමයි සෑමා.. පරිස්සම්වෙයන්... ;)

      Delete
  10. හිකිස් :D
    මරු කණ්නාඩිය

    ReplyDelete
    Replies
    1. පාට පාට කණ්නාඩිය... :)

      Delete
  11. මේකෙත් කොටස් දෙකක් මිස් වෙලානේ ඈ... මට කවදා මුල ඉඳං කතාවක් කියවන්න ලැබෙයිද දන්නෑ....:)

    ReplyDelete
    Replies
    1. අහ්.. මේක මෙගා එකක් නෙමෙයි.. ඒ හන්දා මිස් උනා කියලා අවුලක්ම නෑ.. ඒත් ඉතින් ඔය වෙලාවක් තීනම් කියවලා බලන්න..

      Delete
  12. machan mata deyak kiyanna mail addres eka ewanna..

    ReplyDelete
    Replies
    1. මොකද්ද දන්නේ නෑ හදිස්සිය.. මෙතන මේල් එක දැම්මනම් මම මේල් එකක් දාන්නම්..

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කියන්නේ නෑ කිවුව හන්දා ඔන්න ඇහුවේ නෑ..

      හික්ස් හෝතම්බුවා.. ;)

      Delete
  14. හැබැයි ළමයට තේරෙයි සිලවගේ පුතා කවදාහරි බ්ලොග් බලන්න ඉගන ගත්ත දවසට :) ඒකට කමක් නෑ අපිට කතා ටික කියල තියන්න හොඳේ.

    ReplyDelete
    Replies
    1. ඒකා ඉගෙන ගන්නකොට බැරිය ලොකු අක්කේ.. ඒහන්දා මට අවුලක් නෑ..

      Delete
  15. අඩේ ඉතාලි බඩු මේ පැත්තේ නෑනේ බන්. (මචන් උඹ එනකොට මටත් දෙකක් අරන් වරෙන්කෝ. අකවුන්ට් නම්බර් එකත් දාපන් ඈ.)

    ReplyDelete
    Replies
    1. හා හා.. ඒකට අර පොල ලග බැංකුව ඉස්සරහා ඉන්න උස කල්ලා හොයා ගන්න ඕන..

      Delete
  16. හයියෝ හයියෝ..... මෙහෙමත් ආසාවල්...හික්....

    ReplyDelete
    Replies
    1. වයසට යද්දි එන ආසවල් වෙන්න ඇති.. ;)

      Delete
  17. :D මේව දැකපු දවසක කට්ටියම එකතු වෙලා වෙනම බ්ලොග් එකක් හදයි දිනේශ්ට මඩ ගහන්න.

    ReplyDelete
    Replies
    1. මේවා දකින්නේ නෑ අයියේ.. උන්ට මේවා බලන්න වෙලාවක් නෑ.. මේ එක ගෙදර ඉන්න අංකල් ජොන්සන් මම ලියනවද නොදන්න එකේ වෙන අය ගැන මොන කතාද?

      Delete
  18. බෝතලයක් ඕන් නෑ. වොඩ්කා බාගයක් දුන්නා නම් කතා දුසිමක් කියන්නම් :)

    ReplyDelete
    Replies
    1. මධුරංග අයියාව එහෙනම් හම්බුවෙන්න එන්නම ඕන.. වොඩ්කා එකකුත් අරගෙනම..

      Delete
  19. කචල් සිල්වා හැමදාම වැඩ අනා ගනවනේ...පුතත් එහෙමද?

    ReplyDelete
    Replies
    1. පුතාද? ඒකා කරපු වැඩ වලට ඉන්න බැරි උනා.. ඒකනේ කතානියා දාලා යන්නම ගියේ..

      Delete
  20. පුතා බ්ලොග් කියවන දවසක් ආවොත්.....නැත්නම්ඌ බ්ලොග් ලියනා දවසක් ආවොත් ..දිනේෂ්ට හරි වැඩේ

    ReplyDelete
    Replies
    1. ඌ එන්නේ නෑ කියලා විශ්වාසයි බින්දි අක්කේ.. ඒකා තාම සිංහල ගහන හැටි දන්නෙත් නෑ..

      Delete
  21. හි හි සිල්වාගෙ පුතා බ්ලොග් කියවන දවසට දිනේශ්ට හැංගෙන්නයි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඌට මගේ ගැන ලියන්න දෙයක් නෑ.. මොකෝ මම එද්දිම ඌ කතානියා දාලා ගියා.. :)

      Delete
  22. සිල්වගේ පුතා මගේ යාලුවෙක් අදම මං ඌට සිංහල බ්ලොග් කියවන්න උගන්නනවා. ඉතිං පුතෝ උඹ හදහන බලවගනිං.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. හලේ නලීන් අයියා.. අපි ඉතින් යාළුවොනේ.. ඔහොම කරන එක හරි නෑනේ..

      Delete
  23. සිල්වගේ පුතා කාගෙන් හරි අහල වැඩේ දැනගත්තොත් ඊට කලින් තව සිල්වලා කිපදෙනෙක් මේකට පටලවපං එතකොට හරි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒකත් ශුවර් නෑ තමයි.. ඊළග කතා වලදි නම් ගම් ටිකක් පටලමු..

      Delete
  24. ෴සාරණ්‍යයා෴4 December 2012 at 17:24

    හේ හේ..
    බෝතල් දී කතා ඇසීම අහිතකරය :D
    පව් අසරණයා.‍....!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වැරදී..

      බෝතලේ බීලා කතා කීම අහිතකරය... පවු නැත..

      Delete
  25. අඩේ මල්ලි උඹ මේක විශ්වාස කරණ එකක් නෑ... ඔය සිල්වගෙ පුතාව මම දන්නවා බන්.. ඌ මගෙ පරණ යාලුවෙක්.. ඌ දවසක් කෝල් කරපු වෙලාවක ඔහොම කතාවක් මට කිව්වනෙ බන්.. උන්ගෙ තාත්තා ඔය ජාතියෙ කණනාඩියක් ගන්න සල්ලි දීලා රැවටිච්ච කතාවක්. ඒක ඌ දැනගෙන තියෙන්නෙ තාත්තා වෙරි මරගාතෙ කියවනකොටලු..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆටසිලි ඒකත් එහෙමද? සෙන්නා අයියා ආයෙ මේ පැත්තේ ඇවිත් මේක දැක්කොතින් මට අයියා දන්න කෙනාගේ ලංකාවේ ගම්පලාත කියලා යන්නකො.. අපි දෙන්නම කියන්නේ එක්කෙනෙක් ගැනද කියලා බලන්න..

      Delete
    2. ගම ???? හෙහ් හෙහ් ගම කාලා තියෙන්නෙ.. ඔන්න මම උඹේ බ්ලොග් එකේ URL එක ඌට දුන්නා.. පරිස්සම් වෙලා හිටහන්...

      මින් පස්සෙ වෙන ඒවට අපි නෑ ඕන්... :-)

      Delete
    3. හෆ්ෆටසිලි.. එහෙමත් කලාද? හා හා අවුලක් නෑ.. මොකො මම කියන සිල්වගෙම පුතා ගැනනම් සෙන්නා අයියත් කියන්නේ අවුලක් නෑ කොහෙත්ම.. මොකො ඌ ගැන මං හොදට දන්නවනේ.. :)

      Delete
  26. onna bole.. ape dinesh malayata kela wennai yanne...

    ReplyDelete
    Replies
    1. අහ් මට?? ඒ මොකද අෆ්ෆේ??

      Delete
  27. සිල්වා‍ගේ පුතාට බ්ලොග් කියවන හැටි කියලා දෙන්න මම සල්ලි දීලා හරි පන්තියක් දානවා අප්පා..එතකොට දිනේෂ්ට වෙන දේ බලා ගත්තෑති..හික්ස්

    ReplyDelete
    Replies
    1. රූ අක්කා හලි නලකයිනේ ඉතින්.. එහෙම කලාම මට මේ වර්ණයේ ලියන්න එවුවා නැති වෙනවනේ.. :)

      Delete
  28. Is this fernando known as Tsunami Fernando?

    Xander | Xander

    ReplyDelete
    Replies
    1. අහ් නෑ නෑ ඇලෙක්ස් අයියේ.. හැබැයි සිල්වටනම් ඔක දාලා සුට්ටි කතාවක් කියනවා..

      Delete
  29. අපිත් ඉස්සර ඔය වගේ එකක් ඔෆිස් එකේ කෙල්ලන්ට කිව්වා. අපි අර කන්නාඩිය දාගෙන ඉන්නකොට උන් එතනින් දුවනවා.

    ReplyDelete
  30. මනුස්සය මාර ඇඳිල්ලක්නේ ඇඳලා තියෙන්නේ..අනේ හැබෑටම...හෙහ් හෙහ්

    ReplyDelete
  31. හප්පේ සිල්වා මරු ඩයල් එකනේ. හැබැයි පුතාට උගන්වන්න එපා. එහෙම කලොත් ලෝක ලෙඩක්
    කෝරලේ වලව්ව

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්