Thursday, 8 November 2012

Johnny Depp නම් වූ ඔහු

John Christopher "Johnny" Depp II 1963 ඉපදුන අපි කවුරුත් හොදින් හදුනන Johnny Depp හොලිවුඩ් සිනමාව වසඟ කල නළුවෙක්, චිත්‍රපට නිශ්පාදකයෙක් වගේම වාදකයෙක්.. ඔහු Golden Globe සහ Screen Actors Guild සම්මාන තම රංගනය වෙනුවෙන් දිනා ඇති අතරම හොදම නළුවා සදහා Oscar සම්මාන උළෙලේ තෙවතාවක්ම නිර්දේශයන් අතරට එන්න හැකියාව ලබා ගත්තා..




1980 තිරගත උන 21 Jump Street රූපවාහිණි කතා මාලාවේ තරුණ නළුවෙක් විදිහට එකතු උනත් එහි රංගනයෙන් සෑහිමකට පත් නොවුන ඔහු වඩාත් අභීයෝගාත්මක චරිත රංගනය සදහා යොමු වෙනවා... ඔහු රංගනයෙන් දායක උන Edward Scissorhands හි නිරූපනය කල චරිතයත් එක්ක ඔහුගේ රංගන දිවියේ වෙනස්ම මාවතක් නිර්මාණය කරනවා..

ඔහු රංගනයෙන් දායක උන චිත්‍රපට වලින් ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක ආදායමක් ඇමරිකාව ඇතුලත්ත්, ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක ආදායමක් ලොව පුරා අනෙක් රටවල ප්‍රදර්ශණයෙනුත් උපයාගන්න සමත් වෙලා තියෙනවා..

Sweeney Todd: The Demon Barber of Fleet Street හි Benjamin Barker ගේ චරිතය නිරූපනය වෙනුවෙන් Golden Globe හි හොදම


නළුවාට හිමි සම්මානයත් Pirates of the Caribbean: The Curse of the Black Pearl හි Captain Jack Sparrow ගේ චරිතය වෙනුවෙන් Screen Actors Guild හිඉ හොදම නළුවාට හිමි සම්මානයන් Johnny දිනාගෙන තියෙනවා.. වයස අවුරුදු 40 ඉක්මවා හිටිටත් ඔහු ඇමරිකානු සිනමාවේ වඩාත් සරාගීම නළුවා ලෙස හදුන්වනවා.. එය ඇමරිකාවේ People සඟරාව 2003 හා 2009 යන වසර වල දෙවතාවක්ම ප්‍රකාශයට පත් කලා.. ඒ වගේම ඔහු 2012දි ගිනස් ලෝක වාර්ථාවටත් ඇතුලත් ඒ ඇමරිකානු ඩොලර් මිලියන 75ක් ලබා ගනිමින් වැඩිම මුදලක් අය කල හොලිවුඩ් නළුවා වෙමින්...


ළමා කාලය

Johnny උපත ලබන්නේ Owensboro, Kentucky නම් ප්‍රාන්තයේ... ඔහු Betty Sue Palmer ගේත් සිවිල් ඉංජිනේරු වරයෙක් උන John Christopher Depp ගේත් සිවු වන දරුවා.. ඔවුන් Johnnyට වයස අවුරුදු 15 වෙද්දි දික්කසාද වෙනවා.. Johnnyට වයස අවුරුදු 12දී අම්මගෙන් තෑගි ලැබුන ගිටාරයට හුරු වෙමින් ඔහු කුඩා වාද්‍ය කණ්ඩායම් වල වාදනයට එකතු වෙනවා.. ඔහුගේ දෙමවුපියන්ගේ දික්කසාදයෙන් වසර කීපයකට පස්සේ Johnny තමන්ගේ උසස් අද්‍යාපනයට සමුදෙන්නේ Rock සංගීත වාදයෙක් වීමේ අරමුණින්.. ඒත් නැවතත් සති දෙකකින් ආයෙමත් උසස් අද්‍යාපනය සදහා අයදුම් කරනවා.. නමුත් ඔහුට එතනදි විදුහල්පතිවරයා කියනවා තමන්ගේ සිහිනය දිගේ ගිහින් ඔහු කැමති පරිදි වාදකයෙන් වෙන්න කියලා...

ඉන් පසු ඔහු කුඩා ළමයින් පිරිසක් එක්ක වාදන කණ්ඩායමක් පටන් ගන්නවා.. තමන්ගේම ගීතයක් පටිගත කර ගන්න අරමුණින් Los Angeles වෙත යන ඔවුන්ගේ කණ්ඩායම Six Gun Method නමින් හැදින්නුවත් ගීයක් පටිගත කරන්නත් කලින්ම ඔවුන් විසිරිලා යනවා... 1980 දී Johnny, Rock City Angels කණ්ඩායමත් එක්ක එකතු වෙලා "Mary" නම් වූ ගීයේ රචනයට සම දායකත්වය ලබා දෙනවා..

රංගන ජීවිතය

Johnnyගේ පළමු ප්‍රධාන රංගනය විදිහට සැලකෙන්නේ 1984දී තිරගත උන A Nightmare on Elm Street හි රංගනය.. නමුත් Johnnyගේ සිනමා දිවියේ වෙනසක් ඇති කරන්නේ 1990දී තිර ගත උන Tim Burton අධ්‍යක්ශණය කල Edward Scissorhands චිත්‍රපටිය.. මෙහි සාර්ථකත්වයත් එක්ක Johnny හා Tim Burton අතර වෘතිමය හා පෞද්ගලිකමය වශයෙන් ලොකු බැදීමක් ඇති වෙනවා..

2003දී Walt Disney Pictures සමාගමත් එක්ක රංගනයට දායක උන Pirates of the Caribbean චිත්‍රපට මාලාව Johnnyගේ වඩාත්ම සාර්ථක උන චිත්‍රපට විදිහට හදුන්වන්න පුළුවන්... මේ ‍හිත්‍රපටියේ ඔහුගේ චරිතට වන Captain Jack Sparrow ගේ චරිතය එහි රචකයන් ලියු ආකාරයට වඩා වෙනස්ම ආකාරයකට රඟදක්වන්න ඔහුට උවමනා වෙනවා.. තිරපිටපතේ ලිය උන Captain Jack Sparrow ට වඩා විනෝදකාමි Captain Jack Sparrow සිනමා පටයෙන් අපිට දකින්න ලැබෙන්නේ Johnnyගේ කැමත්ත නිසා.. ඊට මුළින් Disney සමාගම අකමැති උනත් Johnnyගේ ජනප්‍රියත්වයත් එක්ක අවසර ලැබෙනවා.. ඒ වගේම Johnny නිර්මාණය කරපු Captain Jack Sparrow චරිතය මිනිසුන් අතර බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත් වෙනවා..

2004 අවුරුද්දේ Johnny, Oscar සම්මාන සදහා හොදම නළුවාට හිමි නිර්දේශිත නාමයන් අතරට එකතු වෙනවා.. , J. M. Barrie අධ්‍යක්ශණය කල Finding Neverland හි රංගනය වෙනුවෙන්.. ඒ අතරම 2005 තිර ගත උන Charlie and the Chocolate Factory චිත්‍රපටියේ Willy Wonka ගේ චරිතය නිරූපනය වෙනුවෙන් Golden Globe හී හොදම නළුවාට හිමි නිර්දේෂ අතරටත් එකතු වෙනවා..

2006, 2007 සහ 2011 වසරවල් වල තිරගත උන Pirates of the Caribbean චිත්‍රපට මාලාව ආදායම් වාර්ථා අතර ඉහලම රැදුන චිත්‍රපටි අතරට එකතු වෙනවා.. එයින් 2006 තිර ගත උන Pirates of the Caribbean: Dead Man's Chest චිත්‍රපටිය ලොව මෙතෙක් හොදම ආදායම ඉපැයූ චිත්‍රපටි අතට 9වෙනි තැනට පත් වෙනවා..


 


Johnny හා Tim Burton සුසංයෝගය

Johnny Deppගේ වැඩියෙන්ම සාර්ථක උන චිත්‍රපරි සදහා ඔහුව දායක කර ගන්නේ Tim Burton.. Johnny හා Tim අතර සුහද තාව ඇති වෙන්නේ 1990 තිරගත උන Edward Scissorhands චිත්‍රපටියත් සමග.. ඉන් පසුව Johnny හා Tim එකතු වෙන්නේ 1994 තිරගත උන Ed Wood චිත්‍රපටිය සදහා.. 1999 තිර ගත උන Sleepy Hollow සදහත්, 2005 තිරගත උන Charlie and the Chocolate Factory සදහත්
Johnny හා Tim එකට වැඩ කරනවා..

Johnny හා Tim එකතුව 2007දී නිර්මාණය කල Sweeney Todd: The Demon Barber of Fleet Street චිත්‍රපටිය Johnnyගේ දිවියේ දෙවන ඉහලම සම්මානය ලබා දෙනවා වගේම තෙවන වතාවටත් ඔහුව Oscar සම්මානයන් සදහා නිර්දේශත් වෙනවා... ඊට අමතරව 2010 තිර ගත උන Alice in Wonderland සදහාත් 2012දී තිරගත උන Dark Shadows සදහාත් Johnny හා Tim එක්ව දායකත්වය ලබා දෙනවා.. Johnny හා Tim අතර අවුරුදු ගානක් ඇති වෙන බැදීම ගැන Johnny කියන්නේ මේ විදිහට..

"...a brother, a friend,...and a brave soul"

පුද්ගලික ජීවිතය

Johnny ගේ පළමු විවාහය Lori Anne Allison සමග 1985දී බිදි ගියාට පසුව Jennifer Grey සහ Sherilyn සමග අවස්ථා දෙකකදි විවාහ ගිවිස ගන්නවා... 1980දශකයේ අග භාගයේ.. 1998දී අවුරුදු 4 පුරාවට Kate Moss හා තිබුන ආදර සම්බණ්දතාව නවත්වන Johnny, Vanessa Paradis සමග විවාහ වෙනවා..

Johnny දරුවන් දෙදෙනකුගේ පියෙක්... ඔහුගේ දියණිය Lily-Rose Melody Depp සහ පුතු John "Jack" Christopher Depp III.. 2007දී ඔහුගේ දියණිය දරුණු වකුගඩු රෝගයකින් පීඩා විදිද්දී ඇගේ ජීවිතය බේරා දෙන Great Ormond Street රෝහලේ දරුවන් එක්ක පැය 4ක කාලයක් Captain Jack Sparrow ලෙස සැරසිලා කුඩා දරුවන් එක්ක විනෝද වෙන්නත් රෝහල සදහා ඇමරිකානු ඩොලර් මිලියනයක ආධාරයක් දෙන්නත් Johnny අමතක කරන්නේ නෑ..

Johnny තම සිරුරේ ටැටූ 13ක් සළකුණු කර තියෙනවා.. ඉන් බහුතරයක්ම ඔහුගේ ජීවිතය හා ලගින්ම සම්බන්ද උන දේවල් වල මතක සටහන්.. Johnnyගේ දකුණු අතේ "Lily-Rose" ලෙස දියණියගේ නමත්, හදවතේ "Betty Sue" තම මවගේ නමත්, වම් අතේ "Jack" ලෙස තම පුතුගේ නමත් සළකුණු කරලා තියෙනවා..


Johnny ඕරිනාහැගැහෙන්පුළුවන් විශිෂ්රංශිල්පියෙක්.. මුලින්Johnnyගේ ෆිල්ම් එබැළුවේ Edward Scissorhands චිත්‍රටිය.. ඒ මීට අවුරුදු 6ට 7ලින්.. එදා ඒ රංත් එක්Johnny Depp නම් මේ විශිෂ්යා ගැහොයන්න ඔහුගේ හැචිත්‍රටියක්හොගෙඹන්ති උනේ ලොකු උනන්දුවක්.. Johnny ගේ 1990 පස්සේ හැෆිල්ම් එකක්ගේ තියෙවා.. ගේ ෆිල්ම් එත් Johnny Depp ෆිල්ම්කක්.. ඒ ගැන ඊලියන්ම්.. 

  






93 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මුලින් ගෙදරට පෝස්ට් එක පොස්ට් කරලද අපිට දාන්නේ ආ..මේව්වා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.වලි මලයා ඔපාර නම් මම හෙළකට දානවා අලිද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සුදු, හෆ්ෆෙ මාත් ඒ දෙන්නට කැමතීනේ අනේ.. මෙයා උදේම රණ්ඩු අල්ලලා...

      Delete
    4. බට්ටි අක්කේ, හෆ්ෆේ මාවා හෙලකට දානවලු.. තලායි මම.. හා හා වයිෆ් එක වෙලා ඔයා දෙවනියාට අවොත් ඔයාට තෑගි දෙන්නම් වලි අක්කේ...

      Delete
    5. හලෝ වලි හවුලේ නංගියි මල්ලියි...කොහොමද වාස දේස :)

      Delete
    6. හෆ්ෆේ මෙන්න සයුලි ටීච් ඇවිල්ලා.. මේ සයුලි අක්ක තමයි පටන් ගත්තේ... :)

      Delete
  2. හොලිවුඩ් චිත්‍රපටි බලනවා නම් හුගක් අඩුයි. ඒත් Pirates of the Caribbean නම් ආසාවෙන් බැලුවා..

    ReplyDelete
    Replies
    1. හා හා.. ඒ මදැයි ඉතින් ජොනීට කැමති වෙන්නම.. :)

      Delete
  3. හි..හි...ජැක් ස්පරෝ ට තමා මම ආසම..මෙච්චර විස්තර දැනගෙන හිටියේ නැ.ස්තුතියි දිනේෂ්...

    ReplyDelete
    Replies
    1. ස්තූති මොකටද කැරලිකාරියේ.. මමත් කැමති හන්දනේ ලියන්නේ.. :)

      Delete
  4. අයියා දැං මෙවුවත් ලියන්න ගත්තැයි..
    මාත් මාර ආස නලුවෙක්.. පයිරට්ස් ඔෆ් ද කැරබියන් එක බල බල උන්නෙ.. හෙහ්!

    ReplyDelete
    Replies
    1. හැමදාම එකම දේ ලියලා බෑනේ මලයා.. ඉදල හිටලා මෙහෙම ඒවත් ලියන්න ඕනනේ.. :)

      අහ් මේක දාද්දිත් මලයා ඒක බල බලද හිටියේ.. නියමයි.. :)

      Delete
  5. අර පරන කථා ලියවිල්ල නැවැත්තුවේ.... ,, එක්කො එව්ව ඔනේ නෑ

    මම මේක ඉන්න ෆිල්ම් බලල තිබ්බට නමවත් දැනන් හිටියේ නෑ..

    ReplyDelete
    Replies
    1. මොන පරන කතාද මී අයියේ?

      Delete
  6. සම්පුර්ණ විස්තරයක්ම තියනවානේ කදිමයි.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  7. සුපුරුදු රටාවෙන් මිදිල මේ වගේ තොරතුරුත් ලියන එක හොඳයි වෙනසකටත් එක්ක .
    හොඳ හැකියාවක් ඇති ඉතා දක්ශ නලුවෙක් . නොදත් තොරතුරු ගොඩායි .
    …ස්තූතියි සටහනට මල්ලී .

    ReplyDelete
    Replies
    1. ජොනි ඩෙප්ට මම කැමති දැන් ගොඩ කාලෙක ඉදන්.. නිකමට ලිවුවා.. මේකේ හැමදාම ලිය නොවෙන දෙයක් හන්දම.. ඒ එක්කම තව ලියන්න ඕන කියලා හිතුන දේවල් මතක් උනා ඒවා ඉස්සරහට

      Delete
  8. ම්ම්.. වෙනස්ම පෝස්ට් එකක්. ෆිල්ම් නම් බලනවා ඒත් මෙච්චර විස්තර දන්නේ නෑ. මම කැමතිම Jason Statham සහ Nicolas Cage. ඒකෙනුත් වැඩියෙන්ම කැමති Nicolas Cage ගේ ෆිල්ම් වලට.

    ReplyDelete
    Replies
    1. නිකලස්ට මමත් කැමති.. ගෝස්ට් රයිඩර් 2 මට තාම බලන්න බැරි උනාලු හැබැයි හොදේ..

      Delete
  9. මාත් ජොනී ගේ වෙනස්ම රංගන ශෛලියට හරි ආසයි..... විලී වොන්කාගේ චරිතේ උනත් ජොනී ඇරෙන්න වෙන කෙනෙකුට නම් එ තරම් ලස්සනට කරන්න බැරි වෙයි... ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් එකේ චරිතේ අර දුකයි සතුටයි දෙකම පෙන්නන එක හරිම තාත්විකයි මට නම්.. හි හි.. මමත් හරි ආස නළුවෙක් තමා... ජැක් ස්පැරෝ ගැන නම් කවර කතාද... බලන බලන පාරට හිනා යනවනේ ඉතිං .. හි හි...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. කිවුව පොඩ්ඩෙන්ම තේරුනා හිරූ අක්ක මං වගේම ජොනීට ආසයි කියලා.. විලි වොන්කා කොම උනත් මම මැඩ් හැටර්ට නම් වැඩියෙන් කැමති.. :)

      Delete
  10. wow...Johnny මගෙත් ප්‍රියතම නලුවෙක්. :)

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයි ජොනීට මැරෙන්න හදනවා කියන කතාව ඇත්ත තමයි කියලා හිතුනා පොඩ්ඩි අක්ක කමෙන්ට් එක පටන් ගත්ත විදිහෙන්ම.. :)

      Delete
  11. ජොනී ඩෙෆ් රඟපාපු "ස්ලීපි හොලෝව්ස්" ෆිල්ම් එකත් පට්ට !
    මාර හැකියාවක් තියෙන නළුවෙක්.
    උන්දැගේ හොඳම රංගනය තියෙන්නේ "පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්" ෆිල්ම්ස් වලද මන්දා...

    ReplyDelete
    Replies
    1. පයිරෙට්ස් ෆිල්ම් සෙට් එකෙන් වැඩියෙන් කතා බහට ලක් උනා.. හොදම රංගනයක් පැත්තෙන් බැළුවොත්නම් දෙන්න උදාහරණ වෙන තියෙනවා.. :)

      Delete
  12. කැමතිම නළුවෙක් .............. වැරදුනා !!!! කැමතිම නළුවා

    ReplyDelete
    Replies
    1. ජොනීගේ තවත් රසිකයෙක්.. :)

      Delete
  13. මාත් කැමතියි මේ නළුවාට. එත් මොලො විකාරෙන් එලොව ඇවිදින රංගන විලාසයක් තියෙන්නේ කියලා හිතෙනවා. එයා හරි යන්නේ ජැක් ස්පැරොටම තමා. ජැක් ස්පැරෝ නම් නියම මිනිහා. මොනා කරලාවත් මිනිහාව හිරේ තියන්න බෑනේ. පැනලා යන්න කියාපු දක්සයෙක්

    ReplyDelete
    Replies
    1. ජැක් ස්පැරෝ කාටද අමතක.. මම අර කිවුව විදිහට ඒ චරිතේ ජොනී වෙනස් නොකරන්න ජනප්‍රිය නොවෙන්නත් තිබුනා..

      Delete
  14. මාත් හරි ආසයි. අන්න ඇක්ටින්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ නිසු අක්කේ.. අන්න නළුවෝ.. :)

      Delete
  15. අපරාදෙ වෙනසකටත් එක්ක ලියලා තියෙන්නේ Jonney Depp ගැනනෙ මම හිතුවේ අපේ ඇතුගල Jonney ගැන කියලා

    ReplyDelete
    Replies
    1. කවුද අෆ්ෆේ ඒ? ලොකු අයියා ලියමු එහෙනම් ඒ ජොනී ගැන..

      Delete
  16. ඇයි ටුවරිස්ට්. ඒකත් මරු. මොනා උනත් සුපිරි රංගන හැකියාවක් තියෙන නලුවෙක්.

    ReplyDelete
    Replies
    1. ටුවරිස්ට් ගැන කිය උනේ නැති උනාට ඒකත් හොද ෆිල්ම් එකක් තමයි.. ඒත් ඒක ආදායම් අතින් සාර්ථක උන එකක් නෙමෙයි..

      Delete
  17. මාත් කැමතිම නළුවා.මං කැමති ෆිල්ම් එක The Tourist.

    ReplyDelete
    Replies
    1. ටුවරිස්ට් මාත් දෙතුන්පාරක්ම බැළුවා.. වැනීස් ගිය වෙලේ ටුවරිස්ට් ශුට් කරපු තැනුත් බැළුවා.. :)

      Delete
  18. මම නම් අදමයි මේ ගොබිලා ගැන ඇහුවෙ. ඒ මම වැඩිය චිත්‍රපටි නොබලන නිසා වෙන්ඩෑති..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ සෙන්නා අයියේ.. එහෙම කියන්න එපා.. ඉදලා හිටලවත් බලමු..

      Delete
  19. මම නම් කැමතිම කැප්ටන් ජැක් ස්පෙරෝට :)

    ReplyDelete
    Replies
    1. මේ අපිත්.. අංක එක ඒක තමයි.. :)

      Delete
  20. "පයිරෙට්ස් ඔෆ් කැරිබියන්" එකේ නම් පට්ට ඇක්ටින් එක. මම මේ ලඟදි මෙයා රඟපාන ෆිල්ම් එකක පොඩි කොටසක් බැලුවා.. මනුස්සය චරිතය කොච්චර සීරියස් ගත්තත් ඒ හැම වෙලාවකම ජෝක් ඇක්ටින් එක මතුවෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. යූ ටියුබ් එකේ බලන්න මලයා ගොඩක් ෆිල්ම් වල ශුටින්, වැරදුන තැන් තියෙනවා.. ඒවනම් මරු.. :)

      Delete
  21. මාත් කැමතිම නළුවෙක්. ගොඩක් නොදන්න විස්තර දැනගත්තා. ස්තූතියි දිනේශ්.

    ReplyDelete
    Replies
    1. කැමතිම කෙනෙක් ගැන කියවද්දි නොදන්න දේවල් දැන ගන්න තියෙන උනන්දුව වැඩී.. ඒක මටත් තියෙනවනේ..

      Delete
  22. Replies
    1. ක්‍රිශ්චන් බේල් හොද නළුවෙක්.. මගේ ප්‍රියතම ලිස්ට් එකේ ඉන්නවා.. ගොඩක් ෆිල්ම් මම බලලත් තියෙනවා.. ද ප්‍රිස්ටීජ් ෆිල්ම් එකට මම වැඩියෙන් කැමති..

      Delete
  23. ඔය නළුවෝ ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ අප්පා. අපි ඉතින් ඔය ජාතියේ චිත්තර පටි බලන එකක්යැ. :/

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. අන්න ඒකනේ අවුල.. ඔය බලනවා කියන ජාතියේ ඒවා ඉතින් මෙහෙම ලියන්න බෑ.. බලලා තනියම රසවිදිනවා මිසක්.. :)

      Delete
  24. ලස්සනට පෙළ ගස්වලා.කියවන් ආසයි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  25. කැප්ටන් ජැක් ස්පෙරෝගේ රඟපෑම නම් නියමයි

    ReplyDelete
    Replies
    1. ජැක් ස්පැරෝට හැමෝම කැමතී...

      Delete
  26. Replies
    1. බලන්න බලන්න අයියේ..

      Delete
  27. බටහිර සිනමාවේ දකින්න කැමති නලුවෙක් "පයිරෙට්ස් ඔ‍ෆ් කැරිබියන්" චිත්‍රපට මාලාව තමයි හිතේ රැ‍ඳෙන්නේ. අද අමුතුම වෙනස්ම ඉසව්වක් තෝරාගෙන නියමයි විවධත්වයක් ඇතිවෙනවට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. පයිරට් මූවි සෙට් එක නොබලපු කෙනෙක් නෑ බලන් යද්දි.. ඒක නිසා තමයි මම හිතන්නේ ජොනී වැඩියෙන්ම ජනප්‍රිය උනේ..

      Delete
  28. මෙයා නේද අර අර්නෝල්ඩ් ස්වාසිනේගර්ගේ වයිෆ්ට(චිත්‍රපටියේ නම මතක නෑ) ට්‍රයි එකක් දීල අම්බානට කන්නේ?

    ReplyDelete
    Replies
    1. නෑ මෙයා නෙමෙයි. ඒ චිත්‍රපටිය True Lies ඒ නලුවා Bill Paxton අර Titanic එකේ නැවගොඩ ගන්න ඉන්නේ ඒ එයා

      Delete
    2. සුදීක, ආර්නෝල්ඩ් අංකල්ගේ වයිස්ට එක එක ඒවා කියලා කරලා හැම ෆිල්ම් එකේම කවුරු හරි ගුටි කරනවමනේ.. :)

      Delete
    3. ලොකු අයියා ෆිල්ම් එක කිවුවට මොකද ඒක බලපු බවක් මතකේ නම් නෑ..

      Delete
  29. අනේ මමනම් මෙයා ගැන දන්නේ නෑ අප්පා..සුද්දෝ ගැන අපි නෝ ඉන්ටරෙස්ට් :පි

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ ලොකු අක්කේ.. සුද්දගේ රටේ ඉදන් සුද්දා ගැන දන්නේ නෑලු.. මම ඉතින් කියන්නේ නෑ.. :)

      Delete
  30. ඇත්තටම වෙනසක් කරපු නළුවෙක්

    Once Upon a Time in Mexico
    Public Enemies

    මේ දෙකේ රංගනයත් ඉතා ඉහල මට්ටමක තියනවා

    ReplyDelete
    Replies
    1. මේකේ Public Enemies එකට මම කැමති.. Once Upon a Time in Mexico එකේ නම් කලේ ප්‍රධාන චරිතයම නෙමෙයි උනත් ඒකත් ගොඩක් ලස්සනයි..

      Delete
  31. මම නම් කැමති නළුවා Jason Statham. හැබැයි ජැක් ස්පැරෝ ගේ චරිතෙටත් මම ලයික්!

    ReplyDelete
    Replies
    1. ජොනී වැඩියෙන් ජනප්‍රිය උනේ ජැක් ස්පැරෝ නිසා..

      Delete
  32. මෙයා ගැන අහලා තිබුනට වැඩිය ෆිල්ම් නම් බලලා නෑ..ඇත්තටම කඩවසම් නළුවෙක් තමා..

    ReplyDelete
    Replies
    1. මම නම් ඉතින් හැම එකක්ම වගේ බලලා තියෙනවා... :)

      Delete
  33. රංගනයට අපූරු හැකියාවක් තියන නළුවෙක්!

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම.. ඊළගට එන්න තියෙන ෆිල්ම් එකත් ඒ වගේ තමයි.. සෑහෙන වෙනස්..

      Delete
  34. මෙයාගේ චොකලට් ෆැක්ටරිය තාම තීනවද දන්නේ නෑ නේ...
    මෙයා මගේ ෆෙවරිට් ලු ඈ... -at රාසිං
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. චොකෝ ෆැක්‍ටරිය නේ?
      කැමතී කියලා රාසින් කියන්න ඕනද.. ඔන්න ඔහේ කෑ ගහල කියන්න..

      Delete
    2. රාසිං කිවුවම අයිතිකාරියෝනට ඇහෙන්නේ නෑ නේ.. නැත්තම් ඉතිං දන්නවනේ.. ;) :D

      Delete
    3. හෆ්ෆේ.. අයිතිකාරයා බ්ලොග් කාරයෙක්ද? එහෙනම් රාසිං කියන්න.. :)

      Delete
  35. චරිතයට පණ පොවන්න හැකියාවෙ ඉහලම තැනක මමත් ආසම නළුවෙක්.. මුලින්ම දැක්කෙ එඩ්වර්ඩ් ෆිල්ම් එකෙන් පසුවට චොකෝ ෆැක්ටරියෙන්.. ඒත් හෆ්ෆා මුහුදු කොල්ලකාරයෙක් වෙලා ද ටුවරිස්ට් එකේ හොරෙකුත් වෙනකල් අඳුරගන්න බැරිවුණානෙ මේ එකම කෙනා බවක්..!
    ස්තූතියි විස්තර වලට... :)

    ReplyDelete
    Replies
    1. අදුන ගන්න බැරි උන කියන කතාවනම් ඇත්ත.. මට ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් එකේ ට්‍රේලර් එක බලලා ඉන්න අයගේ නම් දාද්දි ජොනීගේ නම දැක්කමයි අදුන ගත්තේ මැඩ් හැටර් ජොනී කියලා..

      ටුවරිස්ට් එකේ ජොනීගේ බෝට්ටුව නම් මම පැද්දලු හොදේ.. :)

      Delete
  36. ස්තුතියි විස්තරයට. ජොනිගේ විස්තර සෑහෙන්න තියෙනවා. මමත් හැමෝම වගේ පයිරෙට්ස් ෆිල්ම් වල පිස්සෙක් උනා. කැප්ටන් ජැක් ස්පැරෝගේ චරිතය හරි අගේට ඔහු කරා. ඒත් අන්තිමට ආපු පරිරෙටිස් චිත්තරපටිය නං මට ඇල්ලුවේ නෑ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. අන්තිම පයිරට් එකනම් කලින් ඒවා තරම් ඇඩ්වෙන්චර් ගතියක් තිබ්බේ නෑ කියලානම් හිතුනා තමයි..

      Delete
    2. මොකෝ මේ ජොනි ඩෙප්ල දෙන්නෙක්ම දෙපැත්තන්ම මං දිහා බලාන ඉන්නේ. ඇයි ඔරවන්නේ. තව කියන්න හිතෙනවා ඉතිං. දැංවත් අහක බලාගනිං

      Delete
    3. ඒක වෙනස් කරන්න හිතමින්.. :)

      Delete
    4. ඒක නම් ඇත්ත.අන්තිම එක නම් එච්චර හරි නෑ.බ්ලැක් පර්ල්,ඩෙඩ් මෑන්ස් චෙස්ට් 2ට තමා මන් ආසම.

      Delete
  37. මගේ ආසම නළුවන්ගෙන් කෙනෙක්......අද දැන ගත්ත විස්තරත් ගොඩයි...මරු..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  38. සහතික ඕනෑම චරිතයක් ඉතාම දක්ෂ විදියට රඟපාන මේ වගේ නළුවෙක් මම දැකලම නැහැ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මාත් ඒකනේ මෙච්චර කැමති...

      Delete
  39. //වයස අවුරුදු 40 ඉක්මවා හිටිටත් ඔහු ඇමරිකානු සිනමාවේ වඩාත් සරාගීම නළුවා ලෙස හදුන්වනවා.. //

    ඈ... ඇයි සරාගීම නළුවා කියන බෝඩ් එක වැටිලා තියෙන්නෙ Johnnyට. මමත් පුදුම ආසවෙන් බලන්නෙ Johnnyගෙ ෆිල්ම්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඉතින් මම නොදනී මලයා.. කෝම උනත් ඒක එහෙමලු.. :)

      Delete
  40. ලියපු විදිය වෙනස්. මොකක්ද වෙනස.

    මෙයාගන මෙච්චර විස්තරනම් දැනගත්තේ අද තමා.

    ReplyDelete
    Replies
    1. එහෙමම කියලා වෙනසක් නෑ අසර් අයියේ.. හිතුනා ලිවුවා.. :)

      Delete
  41. මාත් ආසම නළුවෙක්.:)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්