Friday, 30 November 2012

සාරා අවසානය - පාපොච්චාරණය

සාරාගේ මිණිමැරුම සියදිවි නසාගැනීමක් ලෙස ඩේවිඩ් හැමෝම ඉදිරියේ ප්‍රකාශකර මසකුත් ඉක්මවා ගොස් තිබුනි.. රොනල්ඩ් හා ජෝන් අතර මතබේද සුපුරුදු පරිදිම වැඩිවෙමින් තිබියදී රොනල්ඩ් නිතරම විත් ඩේවිඩ් හමුවේ පැවසුවේ ඔහු සාරාගේ සියදිවි නසාගැනීම පිළිනොගන්නා බවය... ඒත් ඒ හැම දේකටඩේවිඩ් තමන් ලග වූ සාක්කි මත රොනල්ඩ්ට  ඇගේ සියදිවිනසාගැනීම ගැන ඒත්තු ගන්වන්නට බොහෝඋත්සාහ දැරීය..

ඩේවිඩ්ගේ සහායකයකු නිතරම ජෝන් ලුහු බැද ගියේ සාරාගේ මරණයට ජෝන් නිතැතින්ම සැකයට බදුන් වූ නිසාය.. සාරාගේ මරණය සිදු වූ දින ජෝන්ගේ නමින් නිවාඩු දිනයක් සදහන් උනේ කෙසේදැයි යන්න ගැන ඩේවිඩ් නිරතුරුවම තම පරීක්ෂණයන් මෙහෙය වීය...

මරියා ගැන තොරතුරු සොයා දින කීපයක්ම ලුසියානා වෙත ගිය ඩේවිඩ්ට ඉන් කිසිම ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි විය.. ලුසියානා වලත් වික්ටෝරියා වලත් මරියාගේ නිවස ආසන්නයේ නිතරම ඩේවිඩ්ගේ සහායකයකු නැවතුනේ සාරාගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස ප්‍රකාෂ වූවාට පසු ඈ යලි දැක ගැනීමට හැකී වේයැයි සිතු නිසාය..

හෙමින් දවස් එකින් එක ගෙවි යන්නට විය... වික්ටෝරියා වලට බටහිරින් සිදුවූ පැහැරගැනීමක් ගැන පරීක්ණ ඩේවිඩ්ට බාර විය.. මේ වන විටත් හැමෝගෙම අවදානය සාරාගේ මරණය තුලින් ඈත්ව යන්නට පටන් ගෙන තිබුනි...

සර් සාරාගේ පරීක්ශණය තාමත් එකම තැන වගේ නේද ?”

හ්ම්ම්.. අනිත් අයට පේන්න තියෙන්නෙ නම් එහෙම තමයි...”

ඒ කිවුවේ සර් මොනා හරි හොයාගත්තද ? මේ කේස් එක ගැන උනන්දු වෙන නිසා මට සාරා ගැන හොයන්න වෙලාවකුත් නැති උනා...”

හොයා ගත්ත දේවල් නම් එච්චර නෑ ස්මිත්.. ඒත් වැදගත් වෙයි කියලා හිතෙන ගොඩක් දේවල් මේ ටික දවසට හොයා ගන්න පුළුවන් උනා..”

ඒ මොනවද සර් ?”

තම සහයකයාට පිළිතුරු දෙන්නට සැරසෙත්ම නාද උන තම කාර්‍යාලයේ දුරකථනයට මොහොතක් සවන් දුන් ඩේවිඩ් හිදහගෙන උන් පුටුවෙන් නැගිටුනේ කලබලයෙනි...

ස්මිත්.. අපි දැන්ම රොනල්ඩ්ගේ ගෙදර යන්න ඕන...”

දුරකථක කතා බහ නිමා කරත්ම කාර්‍යාලයෙන් නික්මුන් ඩේවඩ් ස්මිත් සමග රොනල්ඩ්ගේ නිවස බලා ආවේ හැකි ඉක්මනිනි..මඟදී කිසිවක්ම නොකියූ ඩේවිඩ්, රොනල්ඩ්ගේ නිවස ලගදි තම හඬ අවදි කලේය...

අපි හදිස්සියෙම මෙහෙ ආව බව අඟවන්න එපා ස්මිත්..”

හරි සර්..”

රොනල්ඩ්ගේ නිවසට ඇතුළු ගේට්ටුව අසල නවතා තිබුන ලොරි රථ වල ඒ වන විටත් රොනල්ඩ්ගේ නිවසේ බඩු භාණ්ඩ අසුරා තිබුනේය... නිවස අසලින් වාහනය නැවතු ඩේවිඩ් හා ස්මිත් නිවසට ඇතුළු වන විටත් නිවසින් හරි අඩක් පාළු වී ගොස් තිබුනේය...

මහත්වරු මේ වෙලාවේ?”

නිවසට හිටි හැටියේම ඇතුළු උන ඩේවිඩ් හා ස්මිත් දුටු රෝනල්ඩ්ගේ සේවකයා ඔවුන් අසලට ආවේ මුහුණේ බැරෑරුම් පෙනුමක්ද මවා ගනිමිනි..

ඔවු කෝ රොනල්ඩ් නැද්ද ?”

ලොකු මහත්තයා තව ටිකකින් ඒවි...”

රොනල්ඩ්ගේ සුවිසල් නිවසෙහි වූ සෑම ගෘහ භාණ්ඩයක්ම නිවසින් බැහැර කර තිබෙනු ඩේවිඩ් හොදින්ම නිරීක්ෂණය කලේය... සෑම දෙයක් දෙසම බලාගෙන ආලින්දයට ආ ඩේවිඩ් ගිණි උදුන ලගින් හිද ගත්තේ ඩේවිඩ් එන තුරු අපේක්ෂාවෙනි...

ආලින්දයේ හැම අතක්ම පාළුවට යද්දි ඩේවිඩ්ගේ දෑස ඉබේටම යොමු උනේ සාරාගේ නිසල සිරුර වැරි තිබු තැනටය.. හදිසියේම ඩේවිඩ් දුටු දෙයින් ඔහුගේ දෑස් අදහා ගන්නට නොහැකි විය... හිද හිටි පුටුවෙන් නැගිටුනු ඩේවිඩ් සාරාගේ සිරුර තිබු තැනට විත් එහි කිසිවක් වෙනස් නොකරන්නයි හදිසියේම උපදෙස් දීය..

ඇයි සර් හදිස්සියේම ?”

අපි රොනල්ඩ් එනකම් ඉමු ස්මිත්..”

කිසිවක් නොකියු ඩේවිඩ් ආලින්දයේ කිසිවක් වෙනස් කරන්නට නොදී රොනල්ඩ් එනතුරු පැයක් පමණ මග බලා සිටියේය...

…..................................

මිස්ටර් ඩේවිඩ්.. අද හදිස්සියෙම මෙහෙ ?”

ඔවු රොනල්ඩ්.. අපි කතා කරමු.. සාරා ගැන..”

රොනල්ඩ්ගේ මුහුණ වෙනස්ව ගියේ මොහොතිනි... ආලින්දයේ ඉතිරිව තිබු පුටු අතරින් එකක වාඩි වු ඔහු ඩේවිඩ් දෙස බලා සිටියේ ඔහු කතාව පටන් ගන්නා තුරුය...

රොනල්ඩ් ඇයි මේ හදිස්සියෙම ගේ වෙනස් කරන්නේ ?”

එහෙම විශේෂ හේතුවක් නෑ මිස්ටර් ඩේවිඩ්.. පරණ මතකයන් වලින් ටිකක් ඈත් වෙන්න...”

ඈත් වෙන්නද එහෙමත් නැත්නම් යටපත් කරලා පැනලා යන්නද ?”

මට තේරුනේ නෑ මිස්ටර් ඩේවිඩ්..”

සාරා.. ඔබේ බිරිඳ.. ඇය සිය දිවි නසා ගත්තේ නෑ කියලා ඔබ හොදටම දන්නවා.. ඒක මිණිමැරුමක්..”

රොනල්ඩ්ගේ මුහුණ ටිකින් ටික අඳුරු වන්නට විය... හිදගෙන සිටි අසුනින් නැගිටුන රොනල්ඩ් දෙසට පැමිණියේය...

ඔවු.. රොනල්ඩ් ඇරෙන්න ඒ ගැන කියන්න දන්න වෙන කෙනෙක් නෑනේ..”

ඒ කිවුවේ ?”

සාරාව මැරුවේ රොනල්ඩ්.. රොනල්ඩ් තමයි සාරාගේ මිණිමරුවා..”

මේ මොන විකාරයක්ද ඩේවිඩ් ?”

විකාරයක් නෙමෙයි.. විකාරයක්නම් මේ මොකද්ද ?”

රොනල්ඩ්ගෙන් ඈත් උන ඩේවිඩ් සාරාගේ සිරුර වැටි තිබු තැන වූ විශාල සෝෆාව ඔසවනයි ආලින්දයේ ගෘහ භාණ්ඩ පටවමින් උන් තරුණයින් දෙදෙනකුට විදාන කලේය... මොහොතකින් රොනල්ඩ්ගේ දෑස මවිත විට.. සෝෆාව යටි පැත්තේ සාරා ලෙයින් ලියා තිබු රොනල්ගේ නම එතෙක් වේලා රොනල්ඩ් වසන් කරන් ඉන්නට උත්සාහ කල සියල්ලක්ම අසාර්ථක කරලීය..

සාරා එයාට තියන්න පුළුවන් වැදගත්ම සාක්කිය අපිට ඉතුරු කරල ගිහින් තමන්ගේ මිණිමරුවව හොයා ගන්න..”

මම්..ම්..”

රොනල්ඩ්, දැන් හැම දෙයක්ම එලි වෙලා ඉවරයි.. තවත් නීතියෙන් ගැලවෙන්න හිතාගෙන බොරු කරන්න උවමනා නෑ..”

ඔව්.. සාරාව මැරුවේ මම..”

දිගු සුසුමක් පිට කරමින් නීතියෙන් මිදි පලායන්නට හැදු වරද රොනල්ඩ් හැමෝම ඉදිරියේ පිළිගත්තේ තව දුරටත් පලා යන්නට මඟක් ඔහුට නොතිබූ නිසාය...

එදා මම හවස 7 වෙද්දි රෝහලේ වැඩට ගියා.. ගොඩාක් දේවල් හිතේ හොල්මන් කර කර තිබුනේ.. සාරා ජෝන් නිසා අම්ම කෙනෙක් වෙන්න හිටියේ... ඒත් සාරා මොකක් හෝ හේතුවක් නිසා ඒ දරුගැඹ නැති කරන් තිබුනා.. ඇය නොදන්නවා උනාට ඒකට ඇය උදවු අරන් තිබුනේ මම හොදින්ම අදුනන වෛද‍්‍ය වරයෙක්ගෙන්.. ඔය හේතුව නිසාම අපි අතර ගොඩක් ප්‍රශ්ණ ඇති උනා... රණ්ඩු ඇති උනා.. මට ඕන උනා මේ හැම දේකටම අවසානයක් තියන්න...”

ඒ හන්ද රොනල්ඩ් එදා කාටත් නොකියා රෝහලෙන් ඇවිත් සාරාව මැරුවා..”

ඔව්.. එදා රෑ 10 විතර වෙද්දි මට කරන්න ඒ තරම්ම රාජකාරියක් තිබුනේ නෑ... අනිත් හැමෝටම කියලා මම මගේ විවේකාගාරයට ගිහින් කාටත් නොපෙනෙන්න රෝහලෙන් පිට වෙලා ආවා... ඇවිත් මම මට උවමනා කල දේ ඉටු කරගෙන ආයෙම කාටවත් නොපෙනෙන විදිහට රෝහලට ගියා..”

සාරාට මානසික ආභාදයක් තිබ්බ බව රොනල්ඩ් දැනන් හිටියා.. එහෙම නේද? ඒ නිසයි සාරාව ඒ තරම් දරුණු විදිහට තුවලා කරලා මරණයට පත් කලේ... මොකද ඔබ දැනන් හිටියා එහෙම කලාම ඒක පස්සේ සියදිවි නසාගැනීමක් කියලා ඔප්පු වෙයි කියලා...”

ඔව්.. ඒ ගැන මම දැනන් හිටියා.. ටික කාලෙකදි සාරාගේ හැසිරීමේ ඒ බව මම දැක්කා.. සාරට හොරෙන් මම ඇගේ ලිපිගොණු පරීක්ෂා කරද්දි මට සාරාගේ පරණ වෛද්‍ය වාර්ථා හැම එකක්ම හම්බුනා... සාරා ගැන තොරතුරු හොයද්දි මේ දේවල් ගැන දැන ගත්තොත් මට වාසියක් වෙන බව මම දැනන් හිටියා... ඒ නිසයි ඒ හැම දෙයක්ම ඒ විදිහට කලේ..”

එතකොට ජෝන්.. ජෝන්ගේ බොරු නිවාඩු ඉල්ලුම හැදුවෙත් රොනල්ඩ්ම නේද ?”

ඔව්.. ජෝන් සාරාගේ ජීවිතේට ආයෙම එන්න කලින් සාරයි මමයි ගොඩක් සතුටින් හිටියා... ඒත් ජෝන් නිසා ඒ සතුට හැම එකක්ම නැති වෙලා ගියා.. මට ඕන උනේ ජෝන්ගෙනුත් පලි ගන්න.. ජෝන් වැඩ කරන තැන සේවකයෙක්ට මුදල් දීලා මේ හැම දෙයක්ම වෙනස් කලේ මම.. ඒ සාරාගේ මිණිමැරුමට ජෝන්ව අහු කරන්න.. මම බලාපොරොත්තු උනා වගේම ජෝන්ව මේ සිද්දියට පැටළුනා...ඒත්..”

ඒත්, නීතිය ඉස්සරහා ජෝන් වැරදි කාරයා කරන්න පුළුවන් උනේ නෑ.. එහෙම නේද රොනල්ඩ් ?”

ආලින්දය පුරාවට පැවතියේ මොහොතක නිහැඬියවකි... හැමදාම දුටු රොනල්ඩ්ගේ තේජාන්විත පෙනුම වෙනුවට පරාජිතයකුගේ පෙනුමක් රොනල්ඩ්ගෙන් පෙනෙන්නට විය...

මරියා මේ හැම දෙයක්ම දැනන් හිට්යා නේද රොනල්ඩ්. ?”

ඔව්..”

මරියත් ඔබත් අතර සම්බන්දයක් තිබුනා... මම හරි නේද ?”

ඔව්.. සාරාගේ ජීවිතේට ජොන් ආයෙම ආවට පස්සේ මට නොලැබුන දේවල් ලබා ගන්න මම මරියා ලගට ගියා.. ඒක ආදරයක්ම නොවුනත් මම මරියගේ ඇසුරට කැමති උනා..”

මරියා මේ හැම දෙයක්ම දැනන් හිටියා නේද ?”

ඔව්.. සාරාව මම මරපු බව මරියා දන්නවා.. ඒ ගැන දැන ගත්තම මරියා බය උනා.. ඒ හන්දම මට සිද්ද උනා මරියව මේ දේවල් වලින් ටිකක් ඈත් කරලා තියන්න...”

දැන් කෝ මරියා ?”

මම මරියව නිකොලෝසි වල මගේ වතුයායේ හිගින් නැවැත්තුවා...”

ගිණි උදුන අසල පුටුවකට වී සියල්ල අසාගෙන සිටි ඩේවිඩ් නැගිට සාරාගේ සිරුර තිබු තැනට පියවර කීපයක් ඇවිදන් ගියේය...

රොන්ල්ඩ් හිතුවට වැඩිය හැමදේම වෙනස් වෙනන් තිබුනා... සාරා රොනල්ඩ්ට ආදරේ කලා.. බීමතින් ජෝන්ගෙන් උන වරද නිවැරදි කරන්න තිබුන එකම විදිහ දරුගැඹ නැති කරන එක කියලා සාරා හිතපු නිසයි ඒ දේ කලේ.. ඒ රොනල්ඩ්ට ලං වෙන්න ඕන නිසා.. ඒත් රොනල්ඩ් ඉක්මන් වෙලා හැම දේම වෙනස් කර ගත්තා..”

පාපොච්චාරණයෙන් පසුව නිහඬවම බිම බලාගෙන උන් රොනල්ඩ් ලගට ලං උන ඩේවිඩ් ඔහු හිද හිටි පුටුව වෙතට බර විය..

රොනල්ඩ්, සාරා බ්ලැක්ගේ මිණිමැරුමට මම ඔබව අත් අඩංගුවට ගන්නවා...”


 නිමි..


ප.ලි - 

ත්‍ය සිද්ධියක් සුරිනි..

ඝා, ඝායා හා පොලිස් රීක්ලින් සු අසායේ ඝායා මු වූ අයුරු හැරෙන්තාවේ අනෙක් හැසිදුවීම් පෙලක්ගේ හිතේ දුතාවක් ලෙලියා ත..  



79 comments:

  1. මම හිතපු විදිහට වඩා ටිකක් වෙනස් විදිහකට කතාව ඉවර වුනෙ .....

    ReplyDelete
    Replies
    1. සචිත් මලයා හිතුව විදිහත් ලිවුවනම්නේ වටින්නේ...

      Delete
  2. Replies
    1. හෆ්ෆේ මේ කෙල්ලනම්.. ඒ කතා ලබන අවුරුද්දේ... :)

      Delete
    2. මරු මරු එහෙනම් ඒවත් ලියමු.. අපි බලන් ඉන්නවා...

      Delete
    3. හෙමීට.. ලගදිම..

      Delete
  3. ඔක්කොම ටික එකතු කරලා අද ඇදලා දැම්මා.. නියම කතාව දිනේෂ්..

    අර නිවාඩු අයදුම්පතේ ගැටළුවට ආපු ගමන් මගේ සෑකය රොනල්ඩ් දෙසට එල්ල වුනා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ සෙන්නා අයියේ කතාවත් එක්ක එකතු උනාට.. ජෝන්ගේ පැත්තට සැකේ දාන්න හිතන් ලිවුවට ඒක ගියේ රොන්ල්ඩ්ගේ පැත්තටමනේ..

      Delete
    2. ඒ දිනේශ් රොනල්ඩ්ගෙ සැක සහිත හැසිරීම කතාව මැදදි විස්තර කරපු නිසා.. මට හිතෙන්නෙ අන්තිමට වැරදි කාරයා කරන්න ඉන්න කෙනාව වැඩිය හයි ලයිට් නොකර තියන්න ඕනා.. පුලුවන්නම් සුදු චරිතයක් වගේ පෙන්නන්න ඕනා.. එහෙම නොවුනොත් පාඨකයන්ගෙ සැකය ඔහු දෙසට යොමු වෙලා කුතුහලය අඩු වෙනවා..

      Delete
    3. ඇත්ත සෙන්නා අයියේ.. පළවෙනි පාරනේ ඉතින්.. ඊළග වතාවේ වැරදි අඩු කරගන්නම්... තැන්ක්ස්...

      Delete
  4. මං හිතුව මේක මෙහෙම වෙයි කියල... ශලොක් මහත්තයා මට ඔවුව කියල දීල තිබ්බේ... මං ඒ මොලෙන් තමයි ඕවා හිතුවේ.. කොහොමද මගේ පණු මොලේ..

    ඔය උඩින ඉන්න එක්කෙනාගේ කතාව ගැන මං පණු නම් මුකුත් කියන්නේ නෑ ලු..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. පණූ මොලේ ගැන කවර කතාද?

      එයා මොනා ගැන කියනවද කියලා මාත් දන්නේ නෑලු..

      Delete
  5. ඔය අහුවුනේ හොරා.. ඒත් පොඩි දෙයක්. සාරා කවිච්චියේ යට පැත්තේ නම ලියල තියනවා රොනල්ඩ් වසර ගණනක් යනකං දැක්කේ නෑ කියද්දී පොඩි පරහක් එනවා. ඊටත් මරණයක් පරික්ෂා කරන පොලිසියේ මේ වගේ ඉව තියන නිලධාරීන්ට අහුවුනේ නෑ කියද්දීත්.

    මේ මට තේරෙන හැටි ඔන්න..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒකනම් ඇත්ත.. ඒත් වෙලා තිබ්බෙනම් එහෙම තමයි.. පණ අදිද්දි කවිච්චිය යට ලියපු නම නිසා තමයි ඇත්ත කතාවෙත් මිනිමරුවා අහු උනේ..මුල ඉදන් සැකේ තිබ්බත් ඒක ඔප්පු කර ගන්න බැරි උනා..

      Delete
  6. මම මුලින්ම කියාපු දේ හරි වගේ..රොනල්ඩ් ගැන...

    අපූරුයි කතාව ගලා යෑම සහ අවසානය...ජය වේවා !

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ ලිහිණි අක්කව නොමග යවන්නම බැරි උනානේ මට.. කතාව වෙනස් වෙද්දි මම හිතුවා අඩු ගානේ එක කොටසකටවත් වෙන කාව හරි සැක කරයි කියලා.. :)

      Delete
  7. අප්පට සිරි..ඇත්ත කතාවක්ද? කතාව ගලාගෙන ගියපු විදිය ලස්සනයි. මේක මේ ඉතාලියේ වෙච්ච එකක්ද?

    ReplyDelete
    Replies
    1. සොව් ලොකු අක්කේ.. කතානියා වල ටික කාලෙකට කලින් සිද්ද උන අපරාධයක් මේක..

      Delete
    2. අනේ මලේ මට මේකට උත්තරේ දෙන්නකෝ..මට ලොකු අක්කා කියන්නේ මොකද කියලා කියන්නකෝ :) මට දැන් ඒක මාර කුතුහලේ..(එහෙම කියනවට අකමැත්තක් නම් නෑ ඔන්න :ඩි)

      මෙච්චර සූටි මම ලොකු උනේ කෝමද අප්පා :)

      Delete
    3. මෙහෙමනේ අක්කේ.. ඔයා, කාව්‍යා අක්කා, පොඩ්ඩි අක්කා, ගිම් අක්කා, බටිටි අක්කා, මේ හැමෝම බ්ලොග් නිසා මම දැන අදුන ගත්ත මම මගේම සහෝදරියෝ කියලා හිතාගෙන සලකන කට්ටියනේ.. මේ අයගෙන් මම ඔයාවනේ අක්කේ ඉස්සෙල්ලම අදුන ගත්තේ.. ඒකයි ඔයාට මම ලොකු අක්කේ කියන්නේ..

      මේ ඇත්තටම ඔයාගේ වයස කියද ඈ.. ( නොකියන බව දන්නවා.. සුටි කිවුව නිසා ඇහුවේ.. )

      Delete
    4. අප්පේ...දැන් නේ දැන ගත්තේ මලයෝ සීන් එක. :) ඒක මිසක්..

      // නොකියන බව දන්නවා.//

      අනේ අම්මපා අච්චර පැහැදිලිව මගේ බ්ලොග් එකේ 3 4 පොලකම වයස කිව්වා... මට 27 යි අලෝ..සූටි කිව්වේ වයසෙන් නෙමෙයි.. ඇඟෙන්..හික් හික්

      Delete
    5. ඇහ්... එහෙනම් වයස කිවුව එක මට මිස් වෙලානේ අෆ්ෆා.. හෆ්ෆේ උයා එහෙනම් අපේ අක්කට වැඩිය සෑහෙන බාලයි නේ.. හා හා ඒකෙන් කමක් නෑ.. බ්ලොග් ලෝකේ මගේ ලොකු අක්කා උයා හලී... :)

      Delete
  8. කතාව ‍හොදට ගලා‍ගෙන ගියා... කුතුහලයත් රදවගෙන... සුබපැතුම් මල්ලී.
    ආයෙම කතාවක් ලැබෙයි ව‍ගේ... ඔත්තුකාරියක් ඉන්නව‍නෙ අපට රහස් ‍තොරතුරු ‍‍බෙදා ‍දෙ‍න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තරූ අක්කේ..

      ඒකනේ මේ ඔත්තුකාරි එක්ක බෑනේ ඉතින්.. ගොසිප් එක එලියට දැම්මා. :)

      Delete
  9. එල එල. නියම කතාව. හැබැයි අර alexander cage ට අපු ප්‍රශ්නෙම මටත් ආවා. කොහොමහරි එල. තව ලියන්ඩ අය්යේ

    ReplyDelete
    Replies
    1. ඒකනම් පොලිස් පරීක්ෂණ කරපු අයගෙත් අතපසුවීම් තමයි.. නැත්නම් ඒක එච්චර කාලයක් යට යන්නේ නෑ...

      තැන්කූ වේවා..

      Delete
  10. මේ වගේ කතා සෙට් එකක් ලියලා පොතක් ගැහුවා නම් මරු. පට්ට කතාවක් !!!
    කතාව නම් සුපිරි ඈ.


    අර මදාරා නංගි කිව්ව කතා දෙකත් ඉක්මනටම පබ්ලිශ් කරන්ඩ

    ReplyDelete
    Replies
    1. පොත් ගැහුවා වගේ තමයි මධු අයියේ මේ ලිව්ල්ලත්..

      ඒ එයා ලියන්න හිතන් ඉන්න කතා මගේ පිටින් දැම්මේ.. මම නම් නොදනී.. ;)

      Delete
  11. කොල්ලෝ මට තැන් දෙක තුනක නම් මාරු වෙලා වගේ පේනවා.. ආයිත් කියෝලා බලන්නකෝ..

    ඒත් ඒ හැම දේකටම //රොනල්ඩ් //තමන් ලග වූ සාක්කි මත //රොනල්ඩ්ට// ඇගේ සියදිවිනසාගැනීම ගැන ඒත්තු ගන්වන්නට බොහෝඋත්සාහ දැරීය..

    දිගු සුසුමක් පිට කරමින් නීතියෙන් මිදි පලායන්නට හැදු වරද //ඩේවිඩ් //හැමෝම ඉදිරියේ පිළිගත්තේ තව දුරටත් පලා යන්නට මඟක් ඔහුට නොතිබූ නිසාය...

    මගේ ගෙස් එක හරි නේ... කො‌ෙහාමත් ඔය වගේ මිනිමැරුමකදි ස්වාමි පුරුෂයා තමයි වැඩිපුරම සැකයට භාජනය වෙන්නේ... බොහෝ අවස්ථාවලදි ස්වාමි පුරුෂයගේ කුමක් හෝ සම්බන්ධයක් තියෙනවාමලු මිනීමැරුමට...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ ඔව් ඔව් හිරු අක්කේ.. ඒ තැන්කූ හොදේ.. ඊයේ මහ රෑ ඩ්‍රාෆ්ට් කරද්දි පොබි මිස්ටේක් එකක් වෙලා.. මේ වගේ හොද කියවන්නෝ ඉන්න එක සතුටක් අෆ්ෆා..

      ඔව් ඔව් අක්කගේ ගෙස් එක හරි.. මෙහෙම වෙලාවකදි ස්වාමි පුරුෂයා වරද කරු නොවෙන්නේ ගොඩක් අඩුවෙන්.. තැන්ක්ස් අක්කේ දිගටම කතාව එක්ක හිටියට.. වරද පෙන්නුවට ආයෙම තෑන්ක්ස් හොදේ... :)

      Delete
    2. කාට බොරුකළත් හිරුවට බොරුකරනවා බොරු මලයා.

      Delete
    3. ආයෙත් අහලා.. හැබැයි හොද වෙලාවට හිරු අක්කා හිටියේ.. ඒක මටත් මිස් උන තැනක්..

      Delete
  12. කතාව නියමයි අයියේ :)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් නංගී..

      Delete
  13. පාඨකයා තෘප්තිමත් කල කතාවක අවසානය.....හෙම් තවත් ගිමන් හලක් ආයේ හමුවෙමු..!

    ReplyDelete
    Replies
    1. තව කතාවක් ලබන අවුරුද්දේ.. දැනට පොඩි විරාමයක්..

      Delete
  14. කතාව නියමයි සහෝ.එළ!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සහෝ..

      Delete
  15. සිරා කතාව මචං.. මුල ඉදන් කියවන් ආවේ අද හෙමීට.. උඹ සිරාවටම ලියලා තියෙනව කතාව.. කියලා වැඩක් නෑ.. කතාවේ ඇත්ත කොටස් එහෙමම තියෙද්දි උඹ ගොතපු කතාව සිරා..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නුන්.. කෝමත් එකපාර කියවද්දි රසය වැඩී බව දන්නවා.. මේව ඉතින් එක දිගට එක පාර ලියලා දාන්නත් බෑනේ..

      Delete
  16. ඉවර වුනා ඉක්මන් වැඩිද මන්දා. ඒත් කතාවෙ රසය නම් අඩුවක් වුනේ නෑ. නියමයි. තවත් රහස් පරීක්ෂක කතාවක් ලියමු.

    ReplyDelete
    Replies
    1. තව ඇද්දොත් බෝරින් වෙන්න ඉඩ තිබුනා අයියේ.. ඒ හන්දා ඉක්මනට ඉවර කලා..

      Delete
  17. නියම කතාව..
    අර අනිත් කතාවත් එක්ක නැවතත් හමුවෙමු...!! ;)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      අනිත් කතානම් ලබන අවුරුද්දේ තමයි ඉතින්.. :)

      Delete
  18. බොහොම දක්ෂ ලෙස කතාව ගොඩනැගුවා මලයා ඔයා..ජය වේවා..
    එන්න සමකය වටේ (samakaya wate)යමු රවුමක්

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නලින් අයියේ..

      Delete
  19. මටත් හිතුනා රොනාල්ඩ් තමා කියලා මිනීමරුවා.. ඒත් අයියා කුතුහලය වැඩි කරලා, එක එක පැතිවලට කතාව ගෙනියලා අපිව අතරමං කලා දක්ෂ විදියට... සුපුරියි !!!

    පොතක් ලිව්වානම් හරි තමා අර කිව්වත් වගෙ!! නියමයි(Y)

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව හන්දා ඉතින් ඔයාලා කොච්චර ගෙස් කලා කියලා වටේ ගෙනිහින් අන්තිමේ අතරමං කරන්න බැරි උනා හිතු.. නැත්නම් ඉතින් අවසානය මීට වඩා වෙනස් වෙන්න තිබුනා.. :)

      පොත් නේ? බලමු බලමු..

      Delete
  20. හුලේ මම කිව්වා හරිනේ නියම මිනීමරුවා කවුද කියලා...:D නියමයි අයියේ කතාව සුපිරියටටම ලියලා තියනවා..හොද රහස්පරීක්ෂක කතා පොතක් ලියමු...:) ඔන්න ඊලග කතාව දැම්මාම බලමුකෝ එකත්...:)

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඔව් ඔව්.. නංගී හරි.. තැන්ක්ස්..

      ඊළග ඒවනම් හැබැයි රහසපරීක්ෂක නෙමෙයි..

      Delete
  21. මට හිතුනා රෝනාල්ඩ් තමා මිනීමරුවා කියල... නියම කතාව දිනේෂ්.....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සමනළි..

      Delete
  22. අපිට කරන්න ප්ලුවන් නම් මේ නකතා ටික එකට කරලා පොතක් ගහමු..ඒ තරම්මැ අගෙයි..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒ අදහසනම් ඔළුවේ තීනව.. බලමුකෝ ඉතින්..

      Delete
  23. කෙටියෙන්ම කියනවනම් සුපිරියි... ආසාවෙන් ඔක්කොම අද කියෙවුවේ.. තව කතාවක් ලියමු නේ...

    ReplyDelete
    Replies
    1. තව කතාවක් එනවා ලෝක විනාසේ නොවුනොත්... :)

      Delete
  24. මේ වගේ ඉතිරි කතා දෙකත් ලියලා පොතක් ප්‍රින්ට් කරන්න හිතුවට වරදක් නෑ මලයෝ, ඒ තරම් අපූරුයි!

    ReplyDelete
    Replies
    1. ඉතිරි කතා දෙකක් නෙමෙයි තුනක් තිනවා.. හැබැයි ඒ ඔක්කොම එකකට එකක් වෙනස්.. හ්ම්ම්.. හෙමීට හිතමුකෝ ඒ ගැන හිතලා අපි..

      Delete
  25. කථාව නියමයි... රහස්පරීක්ෂකයා රොනල්ඩ්ව සැකකරපු විදිය දැනගන්න තිබ්බනම් හුඟාක් සාර්ථකයි

    ReplyDelete
    Replies
    1. ඒක උනේ මෙහෙමයි.. අන්තිම ටිකට ඇත්තටම උන කතාව ආදේශ කරනන් උනා.. ඒකෙදි අපි කවුරුත් දන්න තොරතුරු ටික තමයි මේ.. ඒකට මං හිතන දේවල් එකතු කරන්න ගියේ නෑ.. අවුලක් වෙයි කියලා හිතලා..

      Delete
  26. සාරා..
    මුලසිටම කතාව කියෙව්වත් මට හිතුණා අවසනටම මේ ගැන සදහනක් කරන්න.. කතාවෙ ගලායෑම.. කුතුහලය බය වගේම සත්‍ය කතාවට ඔබ එකතුකල කතාව අගෙයි.

    ඒත් මං බලාපොරොත්තුවෙන් හිටියා රහස්පරික්ෂකවරයෙක්ගෙ සියුම් නිරීක්ෂණ.. පරීක්ෂණ කල විධිමත් පියවර තුලින් අවසනට ඒ ගැන හෙලිදරව්ව.. විශේෂයෙන් ඩේවිඩි පළමුවර රොනල්ඩ්ගෙ ‍නිවසට ගිය වෙලාවෙ.. ඔහු නොසිටීම ඩේවිඩ්ට ලොකු වාසියක්..! මරියා තවමත් ජීවතුන් බව ඔප්පුකරන්න ඩේවිඩ්ට අවස්ථාවක් රොනල්ඩ්ගෙම සබඳතා තුලින් ඔහුගෙ ලිය කියවිලි, ගනුදෙනු තුලින් ඉවකිරීමක්..:)

    මේ උත්සහයෙ ඉතිරියත් හදාගෙනම.. ඩේවිඩ්ගෙ වීරක්‍රියා තුලින් ඉදිරියම යමු.. :)

    ෴සාරන්‍යයා෴

    ReplyDelete
    Replies
    1. ගොඩක් හොද විචාරයක්.. මම බලාපොරොත්තුවෙන් හිටිය වගේ එකක්.. ඒ හැන ලිවුව එක ගැන සතුටු වෙනවා මුලින්ම..

      සාරන්‍යයා කියපු කරුණු ටික හරි.. මරියාගේ පැත්ත්ට දුන්න අවදානය අඩුයි කියන එක මන් පිළිගන්නවා.. එකක් කතාව ගොඩාක් දික්ගස්සන්න උවමනාවක් නොවුන නිසා ( තියෙන වැඩත් එක්ක වෙලා නෑ ) මරියාව කතාවෙන් හංගන්න උනා..

      අරමුණ උනේ සාරන්‍යයා කියපු විදිහේ දෙයක් උනත් සත්‍ය කතාවක් පාදක කර ගත්ත එක මට අවාසියක් උනා කියලා කතාව ලියලා ඉවර වෙද්දි හිතෙනවා.. මෙහෙම එකක් ලිවුව පළවෙනි උත්සාහය නිසයි එහෙම දෙයක් කරන්න හිතුවේ.. ඒකෙන් උනේ අවසානය කතාවේ මම මැවුව විදිහට ගලපද්දි පොඩි පොඩි ගැටළු මතු උන එක..

      සාරන්‍යයා කිවුව දේවල් මතකයේ තියා ගන්නම්.. ඉස්සරහටත් මේ වගේ විචාරයන් බලාපොරොත්තු වෙනවා..

      Delete
  27. පහුගිය ටිකේ සෑහෙන්න වැඩ තිබුණු නිසා මේ පැත්තේ එන්නත් බැරිවුණානේ.ඒත් අද සාරා ඔක්කොම එක හුස්මට කියෙව්වා. මම ආයෙමත් ඉස්සල්ලා කියපු දෙයක් කියනවා.

    "දැන්වත් පොතක් එළියට දැම්මොත් හොඳයි නේද?"

    ජය!!! - හද පතුලෙන්ම.

    ReplyDelete
    Replies
    1. වැඩ අස්සේ හරි ආව එකනේ වටින්නේ මලයා..

      පොත ගැන හිතන් හිටියට කරන්න වෙලාව නැති කමයි අවුල.. බලමුකෝ අපි..

      Delete
  28. කතාව ගොඩක් ලස්සනට ලියලා තියෙනවා අයියේ.. ශර්ලොක් හෝම්ස් කතාවක් කියවනවා වගේ දැනුනේ.. මේ වගේ තව ටිකක් ලිවුවොත් හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.. හෙමීට බලමු නේ ඉතින් තව එකක් ලියන්න..

      Delete
  29. ඔබ මේකතාව කොටස් වශයෙන් හොඳට ලිව්වා හැම විටම ඊළඟ කොටස කියවන්න සිත් බැදගන්න තරමට හොඳ භාසාවක් ඒසඳහා භාවිතාකළා. ඔබට විචිත්‍රවත් හොඳට ලියන්න පුළුවන්.

    කතා‍ව මම හිතපු විදියට රහස් පඍික්ෂක කතාවක් වුණා

    ReplyDelete
    Replies
    1. රත්නායක අයියගෙන් ලැබුන මේ කමෙන්ට් එක ගොඩක් වටිනවා.. ගොඩක් දේවල් ලියන්න ගිහින් ලියා ගන්න බැරි වෙද්දි ලියන්න තියෙන නිදහසේ සීමාව තව වැඩි වෙනවනම් කියලා හිතෙනවා..

      Delete
  30. ආයෙම කමෙන්ට් ඔක්කොම කියවන් ආව නිසා මේක දාන්න හිතුනා..

    1. ඇත්තම කතාවක් මේ වගේ ලියන්න ගත්ත එක සාර්ථකයි.. මොකද එතකොට කතාවේ ගලායාම අවසානය ගැන හොද අවභෝදයක් තියෙනවා.. හැබැයි ඒකම පොඩි අවාසියක් වෙනවා.. දිනේෂ්ම පිළි අරන් තිබ්බා අවසානයේ ඇත්තම කතාව යොදන්න උනයින් බලාපොරොත්තු උන අවසානය දෙන්න බැරි උනා කියල.. දිනේෂ්ගේ අනිත් කතා එක්ක හිතද්දි අවසානය දිනේෂ්ට දිනේෂ්ගේ හිත දුවන ඕනම පැත්තකින් ලියලා ඉවර කරන්න තිබුනා.. ඒකට පොඩි වැට කඩුළු බැදීමක් වෙලා තියෙනවා කියලා හිතෙනවා..

    2. මරියා නොවැදගත් කියලා හංගන්න උත්සාහ කිරිම.. මරියා නොවැදගත් නෑ.. මරියාගේ පැන යාම එක්ක අඩු ගානේ එක කොටසකින් හරි ඒ ගැනත් පොසි පරීක්ෂණයක් වත් ලිය උනානම් අර උඩින් සාරන්‍යයා කිවුවා වගේ කතාව සම්පූර්ණ වෙනවා..

    3. කතාව අවසාන කරන්න හදිස්සි උනේ ඇයි? එක දිගට කියවන එක අපිට පහසුවක් ඒක ඇත්ත.. ඒත් ලියන්නේ දිනේෂ් නිසා දිනේෂ්ට පුළුවන් කම තියෙනවා කැමති විදිහට කතාව ලියලා ඉවර කරන්න.. තව කොටස් කීපයක් දිගට ගියානම් හොදයි කියලා හිතෙනවා..

    කලින් කිවුව දේවක් කොහොම උනත් කතාව ගොඩක් වර්ණවත්.. ඒක ගැන විවාදයක් නෑ..

    ජය..

    ReplyDelete
    Replies
    1. මුලින්ම මේ ලියපු විචාරයට ගොඩක් ස්තූතියි..

      1. මට හිතුන මගේ කතාවේ මම දකින අඩුව නුවන් හොදට දැකලා තියෙනවා.. ඇත්ත.. සත්‍ය කතාවක් ලියන්න ගන්න එක එක සීමාවක් කොටු වීමක් තමයි.. ඒකෙන් අවාසියක් වෙන්නේ ලියන කෙනාටම.. ඒ අත්දැකීම මම මේකෙන් හොදට දැන ගත්තා..

      2.මරියා මරණයට කෙලින්ම සම්බන්ද කරන්න උවමනාවක් තිබුනේ නෑ ඇත්තටම.. ඒත් ඇත්ත කතාවෙත් මරියා වගේ චරිතටක් තියෙනවා.. මෙහකාර.. මරියගේ අතුරුදහන් වීම මත පදනම් වෙලා ඒ පරීක්ෂණ කරන්න උවමනාව තිබුනත් කාලය ටිකක් මට හරස් උනා.. ඒක මගෙන් උන වැරැද්දක් බව දන්නවා..

      Delete
    2. කියවන අය කතාව බලාපොරොත්තුවෙන් ඉදීවි.. එකෙන් වාසි දිනේෂ්ටමයි.. මේ වගේ කතාවකන්ම් කුතුහලය එක්ක ඉද්දි ඒක කතාව කියවන්න ඒ අයව තව තව උනන්දු කරවීමක්.. ඒ හන්දා ඒක මඟ ඇර ගන්න එපා..

      Delete
    3. ඇත්ත.. මාත් එකගයි නුවන්ගේ අදහසත් එක්ක.. අඩුපාඩු ගැන මතකේ තියාගෙන ඊලග එකෙන් හමු වෙමු එහෙනම්..

      Delete
  31. එක දිගටම කතාව කියෙව්වා මල්ලි...ඔයාට දැන්නම් පොතක් ප්‍රින්ට් කරන්න පුළුවන්...:)කතා ටික එකතු කරලා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ.. හැමෝගෙම අදහස පොතක්.. හ්ම්ම් බලමුකෝ..

      Delete
  32. මේ කතාව මං කියවන්න ආවෙ තුන්වෙනි කොටසෙදි විතර.මුලු කතාවම කියවල කමෙන්ට් කරන්න හිටියෙ. පහුගිය ටිකේ අන්තර්ජාලෙ පැත්තෙ එන්න බැරි වෙලා ඉඳල පොඩි වෙලාවක් හම්බවුනු ගමන් ආවෙ අන්තිම කොටස කියවන්න. කතාව ඒ තරම් රසවත් වගේම කුතුහලය පිරුණු කතාවක්. මෙන්න මේ හරියෙදි මට ටිකක් පැටලුණා දිනේෂ්
    // සෑම දෙයක් දෙසම බලාගෙන ආලින්දයට ආ "ඩේවිඩ්" ගිණි උදුන ලගින් හිද ගත්තේ "ඩේවිඩ්" එන තුරු අපේක්ෂාවෙනි// පොඩ්ඩක් බලන්න ඒක.

    රහස් පරීක්ශක කතාවක් ලියන එක ලේසි නෑ. ඔයා ඒ අභියෝගය ඉහලින්ම ජය අරන් :) කතාවෙ කුතුහලය අන්තිම වෙනකන් හොඳට රැකගෙන තියෙනව. නියමයි දිනේශ්!!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්