Wednesday, 28 November 2012

සාරා 8 - සියදිවි නසාගැනීමක් ?

බලාපොරොත්තු කඩ වී නිමා කරන්නට තිබුන දවසක් අවසානයේ රොබට් කියන්නට යන දෙය ඩේවිඩ්ගේ හිතට මහත් අස්වැසිල්ලක් සේ දැනෙන්නට විය... කලින් කිසිම කෙනෙකු නොකියූ සාරාගේ මානසික අභාදය සාරාගේ මරණය ගැන ඩේවිඩ් හිතා සිටි සියල්ල මොහොතකින් වෙනස් කලේය...

දිගටම කියන්න රොබට්..”

සාරා මැඩම් ගෙදර ඉන්න කාලෙත් කීප වතාවකම ජීවිතේ නැති කර ගන්න උත්සාහ කලා..”

සාරා කොයි කාලෙද අසනීප උනේ ?”

ගොඩක් පොඩි කාලේ.. සාරා මැඩම්ගේ තාත්තා නැති උනායින් පස්සේ තමයි මැඩම් ටිකින් ටික අසනීප වෙන්න පටන් ගත්තේ.. සාරා මැඩම්ගේ අම්මා දෙවනි විවාහය කර ගත්තට පස්සේ ලැබුන අඩු සැළකිලි එක්ක සාරා මැඩම් තව තව අසනීප උනා..”

ඉතින් ගෙදර කවුරුවත් සාරාට බෙහෙත් කරන්න උනන්දු උනේ නැද්ද ?”

මුල් කාලෙදි ඔවුන් ලැජ්ජා උනා මේ ගැන අනිත් අය දැන ගන්නවට.. ඒත් පස්සේ ගෙදරදි සාරා මැඩම්ව පාලනය කර ගන්න බැරි වෙද්දි තමයි මානසික රෝහලට ගෙනිච්චේ..”

එහෙදී සාරාට සනීපයක් ලැබුනද ?”

අවුරුදු එකහාමාරක් වගේ සාරා මැඩම් මානසික රෝහලේ හිටියා... එතනදි මැඩම්ට ගොඩක් සනීප උනා.. ඊට පස්සේ ආයෙම මැඩම්ව ගෙදර එක්කගෙන ආවා.. ඒත් සමහර වෙලාවල් තිබුනා අසනීපය ආයෙම අළුත් උනා..”

ඊට පස්සේ රොබට් ?”

අසනීප තිබුනා උනත් මැඩම් ඉගෙන ගන්නත් දක්ෂයි... ඒ හන්දම මැඩම් ගොඩක් ඉහලට යනකම් ඉගෙන ගත්තා.. ඒ අතරෙදි තමයි මැඩම් රොනල්ඩ් සර්ව බැන්දේ...”

කසාදෙන් පස්සෙත් සාරා අසනීප උනාද ?”

ඒ ගැනනම් කියන්න දන්නේ නෑ සර්... මොකද සාරා මැඩම් බැඳලා ගියාට පස්සේ මෙහේ වැඩිය ආවේ නෑ.. ආවත් ගොඩක් දවස් නතර වෙලා ඉදලත් නෑ..”

ඇයි රොබට් හදිස්සියෙම මේ විස්තර කියන්න හිතුවේ. ?”

නෑ මහත්තයෝ.. මැඩම් ගැන මේ දේවල් දැන ගන්න එක හොදයි කියලා හිතුනා.. අපේ ලොකු මහත්තුරු මේවා කවදාවත් කියන්නේ නෑ...”

ගොඩක් ස්තූතියි රොබට්.. ඇත්තටම අපිට මේ තොරතුරු ගොඩක් වටිනවා...”

වික්ටෝරියා බලා යන දුම්රියේ එන්ජිම ක්‍රියාත්මක වන හඬ ඇසෙද්දී හිද සිටි බංකුවෙන් නැගිටුන ඩේවිඩ් දුම්රිය දෙසට අඩි කීපයක් ගමන් කර නැවත් හැරුනේ රොබට් දෙසටය..

රොබට් කිවුව දේවල් එක්ක අපේ පරීක්ෂණ වෙන පැත්තකට යොමු උනා.. ඒකට ගොඩක් ස්තූති.. රොබට් මේ තොරතුරු දුන්න බව අපි කියන්න යන්නේ නෑ...”

වික්ටෝරියා බලා එන්නට ගමන් ඇරඹුව දුම්රියට නැගි ඩේවිඩ්ගේ මුහුණේ කලින් තිබුන කළකිරුණ බව පහව ගොස් තිබුනි.. ඔහුගේ දෑස් වල දීප්තියෙන්ම එය හොදින් පෙනෙන්නට විය...

අපි ජෝර්ජියෝ ආව ගමනෙන් පාඩුවක් උනේ නෑ නේද ස්මිත්..”

" ඔව් සර් රොබට් අපිත් එක්ක කතා කරනකම්..”

ඔව් ස්මිත්.. මේ මිනිස්සුන්ගේ පවුල් රහස් නිසා අපිටමයි කරදර...”

සර් අපි දැන් මොකද්ද කරන්න හිතන් ඉන්නේ ?”

මේ කතාවට අවසානයක් දෙන්න..”

සර් මිණිමරුවා හොයා ගත්තද ?”

නෑ ස්මිත්..”

එහෙනම්?”

ස්මිත් හෙට උදේම ජෝන්ටත් රොනල්ඩ්ගේ ගෙදරට එන්න කියලා පණිවිඩයක් යනවන්න.. අපි ඉතුරු ටික හෙට බලමු..”

හරි සර්..”

යාන්තමින් වැටුන රෑ අදුර දිගේ වික්ටෝරියා වලට ඇදෙන දුම්රියේ මැදිරියක කල්පනාවෙන් තනි උන ඩේවිඩ් සාරාගේ මරණය තුල කිමිදෙමින් එය විසදන්නට මහත් උත්සාහයක් දැරීය...තවම පැටළුම් ඉතිරිව තිබුනත් කලින්ට වඩා අදුර අතර පැහැදිළි එළියක් ඩේවිඩ් තුල දකින්න දකින්නට හැකි විය...

වික්ටෝරියා වෙත එන තුරුම තම සුපුරුදු නිහඬ බවෙහි ගිලි උන් ඩේවිඩ්ට භාදවක් වන්නට ස්මිත් නොගියේය... රෑ කරුවල අතරින් වික්ටෝරියා වෙතට ලං උන දුම්රියෙන් නික්මුන් ඔවුන් රථ ගාලේ නවතා තිබු තම නිල රථයේ නැගී ඩේවිඩ් නිවස බලා ගියේ වෙහෙසකර දිනයක් අවසන් කිරිමේ අදිටනි....

….................................................

නින්දත් නොනින්දත් අතර ගෙවුන පැය කීපයකට පසුව උදෑසන තම සුපුරුදු විදිහට ඇරඹු ඩේවිඩ් ස්මිත් එනතුරු මග බලාගෙන සිටියේය.. මනස පුරා විසදුමක් නැතුව දින ගනනක් ගෙවු අභිරහසකට අවසානයක් දෙන්නට හැකි මානයක් පෙනෙන්නට තිබීම ගැන ඩේවිඩ්ගේ හිතට සැනසීමක් විය...

ගුඩ් මෝර්නින්ග් සර්..”

අහ්.. ස්මිත්.. හැම දෙයක්ම ලෑස්තිද ?”

මම ඊයේ රෑම පීටර්ස්බර්ග් වල පෝලීසියට කත කරලා දැනුම් දීම කලා.. ජෝන් ඇවිත් ඇති මේ වෙද්දිත් රොනල්ඩ්ගේ හෙදරට..”

එහෙනම් අපිත් දැන් යමු ස්මිත්..”

ස්මිත් සමහ තම නිල රථයේ නැඩි ඩේවිඩ් රොනල්ඩ්ගේ නිවස බලා පිටත් උනේ සාරාගේ කතාවේ අවසානය සොයා යන්නටය... රොනල්ඩ්ගේ නිවසට යත්ම ජෝන් රොනල්ඩ්ගේ නිවස ඉදිරිපස රැදි සිටියේ රොනල්ඩ්ගේ රාජකාරිය තවත් පහසු කරමින්ය...

නිවසේ ආලින්දයේ තම සැප පහසු පුටුවට බර වී එදින උදෑසන පුවත් පත බලමින් උන් රොනල්ඩ්ට හැමොම අතර ජෝන් දැකිම මදක් නුරුස්සන්නට විය...

සුභ දවසක් රොනල්ඩ්..”

සුභ දවසක් මිස්ටර් ඩේවිඩ්.. මම හිතන්නේ ඔබ සාරාගේ මිණිමරුවා හොයාගෙන් ඉන්නේ ?”

ඔවු රොනල්ඩ්.. රොනල්ඩ් ඒක දැන ගන්නකම් නොඉවසිල්ලෙන් බව පේනවා...”

කලින්ට වඩා ඩේවිඩ්ගේ මුවින් පිට උන රළු වචන වලට රොනල්ඩ් මොහොතක් නිහඬ විය... මද වේලාවක් ඔහු දෙසම බලාගෙන උන් රොනල්ඩ් හැමදෙනාවම ආලින්දය වෙත කැදවාගෙන ගියේ ඩේවිඩ්ට තමන්ගේ කාර්‍යට අවශ්‍ය ඉඩ සලසමිනි.. ආලින්දයේ ගිණි උදුන ලග පුටුවල හිද ගත් හැමෝම ඩේවිඩ්ගේ කතාව පටන් ගන්නා තුරු බලා සිටියේය...

හැමදේකටම කලින් මම රොනල්ඩ්ගෙන් දෙයක් දැන ගන්න කැමතියි...”

ඔවු අහන්න..”

සාරාට මානසික අභාදයක් තිබුන බව රොනල්ඩ් දැනන් හිටියද ?”

මානසික ආභාදයක් ? නෑ එහෙම දෙයක් මම දැනන් හිටියේ නෑ..”

සාරා එක්ක ඉද්දි එහෙම දෙයක් දැනිලා නැද්ද ?”

නෑ.. සාරා සාමාන්‍ය කෙනෙක් වගේ හිටියේ...”

එතකොට ජෝන් ?”

රොනල්ඩ්ගෙන් හැරුන ඩේවිඩ් ජෝන් වෙතට හැරී ඔහුගෙනුත් ඒ ගැනම විමසුවේ රොනල්ඩ්ට වඩා යමක් ඔහු දන්නවා ඇතැයි සිතමිනි..

හ්ම්.. ඔව්.. මම දැනන් හිටියා..”

ඒ කොහොමද ?”

සාරා පොඩි කාලේ උන හැම දෙයක් ගැනම කියද්දි මේ ගැනත් මාත් එක්ක කියලා තියෙනවා...”

එතකොටත් සාරාට අසනීප උනාද ?”

නැහැ එහෙමටම අසනීප උනේ නෑ.. ඒත් සමහර වෙලාවට හැසීරිම අමුතු උනා.. මටත් තේරුම් ගන්න අමාරු දේවල් කිවුවා.. හැබැයි ටික වෙලාවක්..”

එහෙම දේවල් නම් මාත් එක්කත් උනා.. සමහර දවස් වල සාරා කරපු කියපු දේවල් මටත් තේරුම් ගන්න බැරි උනා..”

ජෝන්ගේ කතාවට භාදා කරමින් රොනල්ඩ් සාරාගේ හැසිරීම් ගැන කියාගෙන යද්දී ඩේවිට් ඊට භාදා නොකලේය...

ඊයේ මම ජෝර්ජියෝ වල සාරාගෙ ගෙදර ගියා සාරාගේ මානසික තත්වය ගැන තොරතුරු මම දැන ගත්තේ..ටික කාලයක් සාරා මානසික රෝහලක නැවතිලා බෙහෙත් අරන් තියෙනවා,..ඊට පස්සේ හොදටම සනීප උනා කිවුවත් සාරගේ ජීවිතේ පහුගිය කලේ ගැන කියන්න ඒ කවුරුවත් දන්නේ නෑ.. ඒත්..”

මොහොතකට කතාව නතර කල ඩේවිඩ් වාඩිවී සිටි පුටුවේන් නැගිට ගිණි උදුන දෙසට පියවර් කීපයක් ඇවිද නැවතත් තම කතාව කරගෙන යන්නට විය..

ඒත් ජෝන් කියපු දේවල් වලිනුත් රොනල්ඩ් කිවුව දේවල් වලිනුයි පැහැදිළි සාරාගේ මනසික තත්වය හොද අතට හරුනේ නෑ කියන එක.. සමහර විට රොනල්ඩ් නොදන්නවා උනාට සාරා ඊට පස්සෙත් ප්‍රතිකාර ගත්තා වෙන්න පුළුවන්..”

එතකොට සාරාගේ මරණයට මේ දේවල් සම්බන්ද ද ?”

ඔවු මේ දේවල් කෙලින්ම සම්බණ්දයි... සාරා මීට කලිනුත් කීප වතාවක්ම සියදිවි නසාගන්න උත්සාහ කරලා තියෙනවා මේ මානසික තත්වය නිසාම..”


එතකොට මිස්ටර් ඩේවිඩ් කියන්නේ සාරා සියදිවිනසාගත්තා කියලද ?”

ඔවු සාරා සියදිවි නසාගෙන..”

ඩේවිඩ්ගේ අන්තිම ප්‍රකාශයත් එක්කම සියළු දෙනාම මවිතයට පත්වූයේ එය මොහොතකට විශ්වාස කල නොහැකි දෙයක් වූ නිසාවෙන්ය...

මිස්ටර් ඩේවිඩ් ඒත් ඒක වෙන්නේ කොහොමද ?”

ඇයි වෙන්න බැරි රොනල්ඩ්.. සාරාගේ මරණයට හේතු උන තුවාල දිහා බලන්න.. ඒවා සාමාන්‍ය මනුස්සයෙක් කරයි කියලා හිතන්න පුළුවන් දේවල් නෙමෙයි...”

ඒත් එකපාරම සාරාට එහෙම දෙයක් කරන්න ඕන උන හේතුව මොකද්ද මිස්ටර් ඩේවිඩ් ?”

ඒක අපිට තාම අපැහැදිළි.. ඒ ගැන කියන්න අපිට තව ටික කාලයක් කල් ඕන වෙයි... දැනට කියන්න පුළුවන් සාරාගේ මරණය මිණිමැරුමක් නෙමෙයි සියදිවි නසා ගැනීමක් කියලයි...”

හැමෝගේම හිත් වල ප්‍රශ්ණාර්ථයක් ඉතිරි උන බවක් ඔවුන්ගේ මුහුණු වලින් හොදින්ම පෙනෙන්නට විය .. ඩේවිඩ් තමන් හොයාගත් හැම දෙයක්ම එකින් එක කරුණු ඉදිරිපත් කරමින් සාරාගේ මරණය ගැන තමන්ගේ අවසාන නිගමණය හැම දෙනාම ඉදිරියේ කියද්දි කිසිවක් විශ්වාස කර ගත නොහැකි දෑස් පමණක් ඩේවිඩ් දෙස බලාගෙන සිටියේය...

මේ කිසිම දෙයක් හිතාගන්නත් අමාරුයි සාරා එහෙම දෙයක් කර ගනිද ?”

විශ්වාස කරන්න ජෝන් එහෙම තමයි උනේ..”

දැන් අපි ඊළගට මොනවද කරන්නේ මිස්ටර් ඩේවිඩ් ?”

මම මරණය ගැන මගේ වාර්ථාව හදන්න ඕන මේම මිනිමැරුමක් නෙමෙයි කියලා...මේ කරපු හැම පරීක්ශණයකටම හැමෝම දුන්න සහයෝගයට ස්තූතියි...”

ආලින්දයේ අනෙක් හැමීම ඉතිරිවෙද්දී එයින් නික්මුන ඩේවිඩ් නිවසින් පිටතට එද්දී ඔහු පසුපසින්ම ස්මිත්ද ආලින්දයෙන් නික්මී ආවේය...

සර් මට මේක තාමත් අපැහැදිළියි..”

මොකද්ද ස්මිත් ?”

ඇත්තටම සාරාගේ මරණය සියදිවි නසාගැනීමක්ද ?”

නැහැ ස්මිත්.. ඒක මිණිමැරුමක්.. දැන් තමයි අපිට ඒක ඇත්තටම ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ.. ටිකක් ඉවසන්න..”


 සාකොසින් මුවෙමු..


21 comments:

  1. Replies
    1. මේ කෙල්ල නම්...... ;)

      Delete
  2. හෑ.... අනේ මන්ද... ඒත්.... මට හීනියට වගේ හිතුන මෙහෙම වෙයි කියල...
    ජය වේවා!!!!
    සිනා බො වේවා!!!!

    ReplyDelete
  3. අන්න එහෙම තමා හොඳ රහස් පරීක්ෂකවරු...හීන් නූලෙන් වැඩේ දෙන්නෙ...නියමයි..

    ReplyDelete
  4. අන්න ළුත් පැත්තකට කථාව ගෙනිහින්.... කට්ටිය අන්දවලා හොරාත පරීක්ෂන කටයුතු ඉදිරුයට මෙහෙයවන්න හදන්නේ.. මරු මරේ මරු දැන්නම් කථාව පට්ට ඉන්ටෙරෙස්ටින්ග් .. ඉක්මනට ලියපන් .. නැත්තම් ඉතින්... දන්න්වනේ

    ReplyDelete
  5. ආපහු කැරකිලා පලවෙනි සැකකාරයා ගාවට ආවා....

    ReplyDelete
  6. එතකොට කවුද මිනිමරුවා

    ReplyDelete
  7. හපුච්චේ. පස්ට කතාව..එල එල අනිකත් ඉක්මනට දාන්ඩෝ..

    ReplyDelete
  8. නියමයිනේ....කෝ කෝ අයියේ කතාවේ ඉතිරි අන්තිම කොටස ඉක්මනටම දාන්න..මිනීමරුවා රොනල්ඩ් තමා...නියම රහස්ප්රික්ෂකයෙක් විදියට මිනිමරුවට නිදහසේ ඉන්න දීලා ඊටපස්සේ තමා අල්ල ගන්න ලේසි කියලා දන්නවා..:)

    ReplyDelete
  9. එළ අන්තිම එකෙන් මුනගැහේමු හේම්.................!

    ReplyDelete
  10. ඉවර වෙන්න ලං වෙනකොට අපරාදෙ කියලත් හිතෙනවා.

    ReplyDelete
  11. එක්කහු වෙලා තිබිලා අද තමා සේරම කියෙව්වේ . අන්තිම එකත් බලලම කමෙන්ට් කරන්නම් . මාරයිනේ කම්මැලි නැතුව මෙහම ලියන හොඳ ළමයි දැකීමත් සතුටක්

    ReplyDelete
  12. දැන් නම් කතාව අවසානයට ලගයි වගෙ නෙ? :-(

    ReplyDelete
  13. එතකොට අර මේරි කෝ.මන් ඇහුවෙ ගෙදර වැඩට හිටපු ගැනු කෙනා

    ReplyDelete
  14. කතාව නවත්තපු හැටි ලස්සනයි...හෙට දානවා නේද ඉතුරු ටික?

    ReplyDelete
  15. හ්ම්ම්... එල්ලිලා ඉන්නංකෝ ඉතුරු ටිකත් එනකම්ම...

    ReplyDelete
  16. ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න....

    ReplyDelete
  17. මම හිතුවා හරි... මේක රහස් පරීක්ෂක කතාවක්.

    ReplyDelete
  18. හ්ම්ම්..හ්ම්ම්... බලමුකෝ කවුද මිනීමරුවා කියලා ඊලග කොටසින්....

    ReplyDelete
  19. මේ ටිකේ මොනවත්ම කරගන්න විදිහක් නැතිව හිටියෙ. කතාව ගිය දුර. කොහොම උනත් අලුත් පින්තූරෙ හරිම ලස්සනයි මලේ.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්