Monday, 26 November 2012

සාරා 7 - සාරා සොයා..

ඩේවිඩ් විශ්‍රාම යාමට ඉතිරිව තිබෙන්නේ තවත් මාස කීපයක් පමණි... ජීවිතේ වසර 30ක්ම විවිධ තරාතිරම් වල අපරාදකාරයින් සමග මුහු උන ජීවිතය සිනමා කතාවක් වගේ නොවේදැයි ඩේවිඩ් නිතරම සිතුවේය... තව මාස කීපයකින් තමන් වැඩියෙනම් ආදරේ කල, ආසා කල ජීවිතයෙන් මිදී හුදෙකලා වන්නට ඩේවිඩ්ගේ හිත ආශා නොකලේය.. ගෙවෙන හැම දවසක්ම ආපසු නතර කර ගන්නට ඇත්නම් යන හැගීමක් නිතරම ඩේවිඩ්ගේ හිතේ ඇදි තිබුනේය...

උදෑසන තේ කෝප්පය බී හමාර කල ඩේවිඩ් තමන් බෙහෙවින්ම ප්‍රිය කරන තණපිස්ස මත ඇවිදිමින් තම සහායකයාට ඇමතුමක් අර ගත්තේය..

ස්මිත් පැය භාගයක් ඇතුලත එන්න.. අපි අද ජෝර්ජියෝ වෙනකම්ම යන්න ඕන..”

දුරකථනය විසන්දි කල ඩේවිඩ් ගෙවුන දවස් කීපය ගැන මොහොතක් කල්පනා කලේය... “සාරා" ඇත්තටම ඇය කවුද? ඈ ගැන දන්නා දේ වලට වඩා ඇගේ ජීවිතේ නොදන්නා පැතිකඩ ඇගේ මරණය තව තවත් අභිරහසක් කරන බව ඔහු ඔහුගේම හිතට කියා ගත්තේය...

ජෝන්, රොනල්ඩ්, මරියා අතර මැදි උන සාරාගේ කතාවේ අවසානයේ සැග උන තැන් ගැන ඩේවිඩ් මොහොතක් කල්පනා කලත් හැම සිතුවිල්ලක්ම හිස් අවකාෂයක නතර වන්නාක් මෙන් ඔහුගේම හිතට දැනුනි..

රොනල්ඩ් ඇගේ සැමියා.. ජෝන් ඇගේ ඉස්සර වගේම දැනුත් පෙම්වතා.. මරියා ඇගේ සේවිකාව.. මේ තිදෙනාම ඇගේ ජීවිතේට කොයි ආකාරයක බලපෑමක් කරන්නේදැයි ඩේවිඩ් තනිවම කල්පනා කලේය...

ගුඩ් මෝර්නින්ග් සර්...”

ගුඩ් මෝර්නින්ග් ස්මිත්... ජෝර්ජියෝ වලට යන්න ටිකට් ගෙනාවද?”

ඔව් සර්.. දොලහයි විස්සර කෝච්චිය..”

හරි අපි එහෙනම් ඉස්සෙල්ලම මරණ පරීක්ෂණය කරපු වෛද්‍යවරයා මුණගැහිලා ඉමු.. තව වෙලාව තියෙනවනේ අපිට..”

හරි සර්..”

තම හිස් වැසුමත් දිගු කඹායත් අතට ගත් ඩේවිඩ් ස්මිත් සමගම වාහනයට ගොඩ වැදුනේ වික්ටෝරියා වලට මදක් එහායින් තිබූ රෝහල වෙත යාමට පිටත් විමටය.. වික්ටෝරියාහි කඳුකර පෙදසක ඉදිඋන ඩේවිඩ්ගේ නිවසේ හිද රෝහල වෙත යන්නට පැය භාගයක් පමණ ගත විය.. රෝහලේ ර‍ථ ගාලේ වාහනය නතර කල විගසින් රෝහලට ඇතුළු උන ඩේවිඩ් හා ස්මිත් නතර උනේ රෝහලේ මෘත ශරීරාගාරය ලගය...

ඩොක්ටර් ජේම්ස්..”

ඔව්..”

මම ඉන්ස්පෙක්ටර් ඩේවිඩ් කෲසෝ.. මේ මගේ සහායකයා ස්මිත්.. අපිට සාරා බ්ලැක්ගේ මරණය ගැන තොරතුරු ටිකක් දැන ගන්න ඕන..”

සාරා බ්ලැක්..” ආ හරි.. ඉන්න මම ෆයිල් එක අරන් එන්නම්...”

තම කාර්‍යාලයේ ලිපි ලේඛණ අතර මොහොතක් තනි උන ඔහු සාරාගේ නම ලියා තිබූ ෆයිල් කවරයද රැගෙන නැවතත් තම රාජකාරි මේසය මතට පැමින් එය ඩේවිඩ් ඉදිරියේ දිග හැරියේය...

හරි.. මොනවද මිස්ටර් ඩේවිඩ්ට දැන් ගන්න ඕන.?”

සාරාගේ මරණය වෙද්දි සාරා ගැඹිණියක්ද ?”

වෛද්‍ය වරයා මොහොතක් සාරාගේ ලිපි ගොනුවේ පිටු ඒ ඒ අත පෙරලින් පරීක්ෂා කර බැලීය...

නැහැ.. එහෙම සදහනක් නෑ..”

මරණ පරීක්ෂණය කලේ ජේම්ස් මද ?”

ඔව්.. මමයි මගේ සහායකයයි..”

ඒත් සාරාගේ පවුලේ අය කියන්නේ සාරා ඒ වෙද්දි ගැඹිණියක් කියලා...”

ඒක වෙන්න බෑ මිස්ටර් ඩේවිඩ්.. මට මේ වාර්ථා වල බොරු ලියන්න උවමනාවක් නැහැනේ.. අනික මම මේ පුරුදු වෙන්න කරන රස්ස්සාවකුත් නෙමෙයි නේ..”

සාරාගේ මරණ පරීක්ෂණ වාර්ථාව ගැන තොරතුරු අහන්න තව කවුරු හරි ආවද ?”

සාමාන්‍යෙන් පොලීසියට දෙන එක ඇරෙන්න වෙන කවුරුවත් ආවේ නෑ...”

හරි ජේම්ස් බොහොම ස්තූතියි .. අපි ගිහින් එන්නම්...”

වෛද්‍ය ජේම්ස්ට සමුදුන් ඩේවිඩ් හා ස්මිත් පිටතට පැමිණියේ විසදාගත නොහැකි ප්‍රශ්ණයක තවත් පැටලෙමිනි..

සර් ජෝන් අපිට කිවුවේ බොරුද ?”

ජෝන් අපිට කිවුවේ බොරුද එහෙමත් නැත්නම් සාරා ජෝන්ට කිවුවේ බොරුද ? අන්න ඒක අපිට ප්‍රශ්නයක්..”

ඒත් සාරාට එහෙම බොරුවක් කරන්න තිබ්බ උවමනාව මොකද්ද ?”

අපි හොයා ගන්න ඕනත් අන්න ඒකමයි ස්මිත්.. අපේ කෝච්චියට වෙලාවත් හරිනේ අපි යමු...”

රෝහලෙන් පිටත්ව දුම්රිය නැවතුම වෙතට ඔවුන් එන විටත් ජෝර්ජියෝ බලා යන දුම්රිය වේදිකාවෙහි නවතා තිබුනේය... සීග්‍රගාමි දුම්රියේ සුවපහසු ආසන වල හිදගෙන ස්මිත් තමන් භාගෙට කියවමින් උන් පොත කියවද්දි ඩේවිඩ් සුපුරුදු පරිදිම කල්පනාවට වැටුනේය...

දුම්රියේ වීදුරුව අතරින් ඈත පේන මිටියාවත් දිහා බලාගෙන තම සිතුවිළි අතරම සාරාගේ මරණයේ අභිරහස විසදන්නට ඩේවිඩ් අසාර්ථක උත්සාහයක යෙදුනේය... තවමත් නොදන්නා කරුණු බොහෝමයක් ඩේවිඩ්ගේ මනසට විටින් විට වද දෙන්නට විය... එක අතක මරණයකුත් අනෙක් අත සැකකරුවන් කීප දෙනෙකුත් අතර ඩේවිඩ් මැදි වී සිටියේය...

පැය එකහමාරක දිගු ගමනක් අවසානයේ දුම්රිය ජෝර්ජියෝ දුම්රිය නැවතුමට පැමිණියේය... ලග පිහිටි කුලී රථ නැවතුමින් කුලී රියක් සපයා ගත් ඔවුන්ගේ නැවතුම වූයේ සාරා කුඩා කල සිටම හැදී වැඩුන නිවසය... ගොවිපලක් මැදිව ඉදි උන තරමක් විශාල නිවස එතරම්ම පොහොසත් පෙනුමක් නොපෙන්නුවත් ගමේ අනෙක් නිවාසයන්ට වඩා මනාවට තිබුනි..

ඩේවිත් තමන්වත් ස්මිත්වත් ඔවුන්ට හදුන්වාදී තමන් හදිසියේම පැමිණි කාරණය ගැන ඔවුන් දැනුවත් කලේය..

අපේ දරුවට කිසිම ප්‍රශ්ණයක් තිබුනේ නෑ... මේක කාගෙ හරි කුමත්‍රණයක්..”

අපිටත් ඕන ඒ ගැන දදැන ගන්න... සාරාට මෙහේ තරහා කාරයෝ එහෙම හිටියද ?”

නෑ.. සාරා මෙහෙ වැඩි කාලයක් හිටියේ නෑ.. පොඩි කාලේ හිටියට පස්සේ විශ්ව විද්‍යාලේ ගිහින් රොනල්ඩ් කසාද බැන්දා.. ඊට පස්සේ මෙහෙ ආවේ කළාතුරකින්..”

සාරට රොනල්ඩ්ව යෝජනා කලේ ගෙදරින් ?”

ඔව්.. රොනල්ඩ් හොද වැදගත් ඉගෙන ගත්ත මහත්මයෙක්..”

එතකොට ජෝන්..”

ජෝන් සාරාට කොහෙත්ම ගැල පෙන්නේ නෑ.. ගොඩක් හේතු නිසා..”

සාරා මෙහේ ජීවත් උනේ කොහොමද ?”

සාරා ගොඩ්ක් තැම්පත් කෙනෙක්.. කා එක්කවත් වැඩි ආශ්‍රයක් තිබුනේ නෑ...”

රොනල්ඩ් එක්ක සාරාගේ පවුල් ජීවිතය කොයි වගේද ?”

හ්ම්ම්.. හොදයි..”

ඒ කියන්නේ එතරම්ම සතුටක් තිබ්බේ නෑ ?”

මුල් කාලයේ ජොන්ගේ සම්බණ්දය නිසා ටිකක් ප්‍රශ්ණ තිබුනා... ඒත් පස්සේ ඒ දෙවල් වෙනස් උනා..”

සාරා දරුවෝ ගැන හිතුවේ නැද්ද ?”

සාරාගේ පවුලේ අය ඔවුනොවුන් දෙස බලා ගත්තේ ඩේවිඩ්ගේ ප්‍රශ්ණ ඉදිරියේ මදක කල්පනා කරමිනි...

සාරා බැඳලා වැඩි කාලෙකුත් නෑනේ..”

හරි.. අපිට සාරාගේ කාමරේ ටිකක් පරික්ෂා කරන්න පුළුවන්ද ?”

ඒකනම් කරන්න බැරි වෙයි.. සාරා කාමරේ යතුරු හැම වෙලේම තියා ගත්තේ එයා ලඟමයි...”

පෙරට වඩා ඔවුන්ගේ කතා බහ විලාශය මොහොතින් වෙනස් උන අයුරු ඩේවිඩ් හොදින්ම නිරීක්ෂණය කලේය.. ඩේවිඩ්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දීම ඔවුන්ට අපහසුවක් වූ බව ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්නට විය.. ඒත් තමන්ට උවමනා දේ ගැන තොරතුරු කෙසේ හෝ ඔවුන්ගෙන් ලබා ගන්නට ඩේවිඩ්ට හැකි විය...

සවස නැවතත් වික්ටෝරියා වෙත එන දුම්රියෙහි නැගීමට ඩේවිඩ් හා ස්මිත් දුම්රිය පොලට ආවත් ඩේවිඩ් පසුවූයේ කළකිරීමෙනි..

ඔවුන් අපිට ගොඩක් දේවල් හැංගුවා ස්මිත්..”

මටත් එහෙම හිතුනා ස්‍ර්..”

බලපොරොත්තු කඩ උන හැගීමක් ඩේවිඩ්ගේ හිතේ තැනක ඉතිරි වෙද්දි ආපසු එන දුම්රියට නගින්නට අඩිය තිබ්බේ උදේ එද්දි තිබුන හිස් බව හිතේ තැනක රදවාගෙනමය...

මහත්තයෝ..”

දුම්රියට නැගෙන්නට සැරසෙත්ම ඩේවිඩ්ගේ පසුපසින්ම් ඇසුන හඬින් ඩේවිඩ් මොහොතක් නතරවී ඔහු පිටි පසින් උන් වයස්ගත පුද්ගලයා දෙස බැලීය..

මේ බ්ලැක් පවුලේ ප්‍රධාන සේවකයා නේද ?”

ඔව්.. මම රොබට්..”

කියන්න රොබට් අපිට මොනා හරි අමතක උනාද ?”

නෑ මට මහත්වරු එක්ක ටිකක් කතා කරනන් ඕන..”

කියන්න රොබට්.. මොනා ගැනද කියන්න තියෙන්නේ..”

සාරා මැඩම් ගැන..”

ඩේවිඩ් ස්මිත් දෙස මොහොතක් බැළුවේ තම කළකිරුන ස්භාවය අමතක කරමිනි.. රොබට් සමග දුම්රිය වේදිකාවේ බංකුවක් මත හිදගත් ඩේවිඩ් ඔහුගෙන් තොරතුරු විමසන්නට විය...

සාරා මැඩම්ගේ පවුලේ අය කිවුව ගොඩක් දේවල් බොරු... පවුලේ රහස් විදිහට ගොඩක් දේවල් ඔවුන් ඔබලගෙන් හංගුවා..”

ඒ මොනවද රොබට්..”

සාරා මැඩම් මානසික රෝගියෙක්.. සාරා මැඩම්ම මේ අනතුර කර ගත්තා වෙන්න පුළුවන් මහත්තයෝ..”



තු සම්බන්යි..


19 comments:

  1. මළා.. ඒ පාර මේ මොකද වෙන්න යන්නේ....

    ReplyDelete
  2. හෆ්ෆටසිලි!!! ඒ ගමන කතාව වෙනස්ම පැත්තකට යනවා වගෙ!! Interesting!!! අනේ මංදා.., දැන් නම් සාරා මැරුණාද, මැරුවාද.., දැන් නම් ඔක්කොම සැකයි වගෙ!!! :P

    ReplyDelete
  3. හොඳයි වගේ.. ඔක්කොම කියවන්න හම්බවුණේ නෑ.. පුළුවං ඉක්මණට ඇවිත් කියවනවා..

    ReplyDelete
    Replies
    1. අදයි මේ පැත්තට ආවේ.. ඔන්න ෆලෝ පාරකුත් දැම්මා..

      Delete
  4. ඉතුරු ටික කවද්දෝ...මෙහෙම ඇදන් ගියොත් මේ ගැන හිතල අපිත් මානසික රෝගීන් වෙනවෝ...
    කතාව නියමායි.....

    ReplyDelete
  5. හෆ්ෆා. දැන් ඉතින් ඩේවිඩ් අන්කල්ගේ පරික්සොනේ වතුරෙද?

    ReplyDelete
  6. හෑ... මොන හුටස්පරයක් ද මේ... ඒ පාර තව පැත්තකට ඇදෙනෝ.. මොනා උනත් කතාව නම් මරු...
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
  7. දැන්නම් කථාව මරු.. රහස් පරීක්ෂක කථාවක චරිත වැඩිවෙනකොට සංකීර්ණ වෙනවා.. ඇත්තටම සුපිරි පොඉන්ට් එකකට ඇවිත් තියෙන්නේ

    ReplyDelete
  8. මම සාරා ඉවර වුණාම එන්නම් අයියා... දැන් ආයෙමත් මුල ඉඳං කියවන්න බෑ...:(((

    ReplyDelete
  9. මා කතාව සමගයි කතාව කියවන කොට හරිම තෘප්තියක් ආස්වාදයක් ලබනව ස්තුතී ඔබට

    ReplyDelete
  10. කතාව ගොතන විදිහ ගොඩක් ඉහලයි. එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා.

    ReplyDelete
  11. අඩේ කටාව වෙනස් වේගෙන යනවද මන්දා...

    ReplyDelete
  12. අලේ..ඒ පාර නම් කතාව යන්න යන්නෙ වෙන පැත්තකට....

    ReplyDelete
  13. අඩේ අප්පා මාරම කේස් එකනේ...මෙන්න මේක දැන් යන්නේ වෙනම පැත්තකටනේ...නියමයි අයියේ තව කොටස් 2නේ ඉතිරියත් ඉක්මනටම දාමු...:)

    ReplyDelete
  14. එතකොට එයා සියදිවි නසා ගෙනද? :0

    ReplyDelete
  15. දෙයි හාමුඩුලුවනේ මාව ඩිම්වෙලා ගියා......ආව් ආව් මෙයා ෆෝටෝසුත් ඩාල...^_^

    අයියෝ මේ කමෙන්ට් එක දාල යන්න ආවේ...කතාව කියෙව්වෙ නෑ...හිටුකො එක්සෑම් එක ඊලවෙනකම්......:/
    ටලහ වෙන්න එපා හොඬඩ...:‘(

    ReplyDelete
  16. නියමයි.. ජේම්ස් ‍බොන්ඩ් රහස් පරික්ෂක කතාවක් වගේ පොඩි කුතුහලයක් තියෙනවා

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්