Friday, 23 November 2012

සාරා 6 - ජෝන්ගේ අනාවරණය

නොවිසදුන අභිරහස දිගේ ලිහා ගන්නට නොහැකි පැටළුම් අතර ඩේවිඩ් තව තවත් සිර වෙමින් සිටියේය... සාරාගේ මරණය දින තමන් රැකියාවේ සිටි බවට ජෝන් විශ්වාසයෙන් ඔප්පු කරද්දි ඔහුගේ නම ඉදිරියෙන් එදිනට නිවාඩුවක් සටහන් උනේ කොහොමදැයි ඩේවිඩ් තම නළල රැලි කර ගනිමින් කල්පනා කලේය...

ජෝන් දන්නවද සාරාගේ මරණේ දවසෙම ජෝන් නිවාඩු ගත්තා කියලා මෙහේ ලේඛණ වල සටහන් වෙලා තියෙනවා කියලා?”

මොනවා.. ඒක වෙන්න බෑ.. මම කලිනුත් කිවුවා වගේ මට පුළුවන් මම වැඩ කලා කියලා ඔප්පු කරලා පෙන්නන්න...”

හ්ම්ම්.. ජෝන් අන්තිමට නිවාඩුවක් ගත්තේ කවද්ද ?”

ගිය මාසේ දවසක..”

ජෝන් අදත් වැඩ කරන්නේ එදා වැඩ කල කට්ටිය එක්කමද ?”

ඔව්..”

අපිට පුළුවන්ද ජෝන්ගේ සහයකයොත් එක්ක ටිකක් කතා කරන්න?”

ඔවු පුළුවන්..”

ඩේවිඩ්ගේ ඉල්ලීමෙන් ජෝන් ඔවුන් සමග කර්මාන්තශාලාව ඇතුලට විත් ඔහුගේ සහායකයන් ගෙන් ප්‍රශ්ණ කලත් ඔවුන් හැමෝම ජෝන්ගේ නිවැරදි බවට සහතික වෙද්දී ඩේවිඩ්ගේ හිත රැදුනේ ජෝන්ගේ නිවාඩු ලේඛනය ගැනය...

ජෝන්ගේ සහායකයන් හා කතාබස් කල ඩේවිඩ් පසුව ජෝන් සමගම පැමිණියේ එහි සේවක තොරතුරු සටහන් කරන අංශ වෙතටය.. එහි සහායිකාවගෙන් නිවාඩු සටහන් පොත පටික්ශා කල ඩේවිඩ් එහි සදහන් උන ජෝන්ගේ නිවාඩු අයදුම් පත හොදින් පරීක්ශා කලේය...

ජෝන් මේ තියෙන්නේ ඔබේ අත්සනමද ?”

හ්ම්ම්.. ඔව්.. ඒත් මේ "එච්" අකුර මම යොදනවට වැඩිය ටිකක් වෙනස්..”

ඔබට මේ නිවාඩු ඉල්ලුම ගෙනත් දුන්නේ කවුද ?”

ජෝන් හා කතා කරමින් උන් ඩේවිඩ් මොහොතකට හැරුනේ කාර්‍යාලයේ සිටි සේවිකාව දෙසටය...

මම මෙතන වැඩ කරන්නේ දවල්ට විතරයි.. ඒ වෙලාවට කවුරුහරි නිවාඩු ඉල්ලුමක් ගෙනාවොත් බාර දෙන්නේ මට.. රෑ වැඩ කරන කෙනෙක් ගෙනාවොත් නම් ඔය දොර ලග තියෙන කවුළුව ලගින් තියලා යනවා.. පහුවදා උදේට ඇවිත් මම ඒවා අනුමත කරනවා..”

දවස් හතරකට කලින් මොහු ඇවිත් නිවාඩු අයදුම් පතක් දුන්නද ?”

හ්ම්ම්.. නැහැ..”

ඔබට ඒ ගැන හොදටම විශ්වාසද ?”

ඔව්..”

හොදයි..”

කාර්‍යාලයෙන් පිටතට ආ ඩේවිඩ් ජෝන් ගෙන් සමු ගෙන යලිත් වික්ටෝරියා බලා ඒමට හැරුනේ සාරාගේ මරණයේ මරණයේ අභිරහස අතර තවත් නොවිසදුන ප්‍රශ්ණ රැසක්ද සමගිනි...

යාළුවෝ එක්ක එකතුවෙලා ජෝන් කරන්නේ බොරුවක්...”

ස්මිත් ඇයි එක පාරම එහෙම හිතුවේ ?”

නෑ සර් ඔක්කොම සාක්කී ජෝන්ට විරුද්දව තියෙද්දි මට නම් සැක ජෝන්ව...”

ස්මිත් අපි ආයෙම රොනල්ඩ්ගේ ගෙදරට යමු.. මට දැන ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා..”

රෑ අදුර අතරින්ම පීටර්ස්බර්ග් පසුකරම්න් වික්ටෝරියා වෙතට දිගු මාවත දිගේ ආපසු එමින් සිටි ඩේවිඩ් හිටි හැටියේම වාහනට මග නතර කරන්නට ස්මිත් හට කීය...

ස්මිත් ආයෙම හරවන්න.. අපි කෙලින්ම ජෝන්ගේ කුලී ගෙදරට යමු..”

හ්ම්ම්.. හදිස්සියෙම ?”

ඔව් ස්මිත්..”

පීටර්ස්බර්ග් පසුකර සැතපුමක් පමණ ආ ගමන ආපසු හරවාගන ජෝන්ගේ නිවසට යාමට ඩේවිඩ් හිටිහැටියේ උනන්දු වූයේ ඇයිදැයි ස්මිත්ට ගැටළුවක් විය... රාත්‍රී අදුර අතරෙම යලින් වතාවක් පීටර්ස්බර්ග් පසුකරගෙන ජෝන් නවාතැන් ගෙන උන් නිවස වෙතට ආ ඔවුන් ජෝන්ගේ නිවසේ දැල්වෙන විදුළි එළි අතරින් මොහොතක් ඒ දෙස බලා හිද නිවස දෙසට පිය මැන නිවසේ සීනුව කීප වරක්ම නාද කලේය...

ජෝන් අපි තව ටිකක් කතා කරමු.. මේ වෙලාව කරදරයක් නෑ නේද?”

නිවසේ දොර විවර කල ජෝන් බලාපොරොත්තු නොවුන වෙලාවක ඩේවිඩ්ව නැවත දැකීමෙන් පුදුමයෙන් මෙන් ඔවුන් දෙස බලා සිටියේය...”

අහ් .. නෑ..”

ජෝන්ගේ ඇරයුමින් නිවසට ඇතුළු උන ඔවුන් ආලින්දයේ වූ ගිණි උදුණ අසලින් හිද ගත්තේය...

ජෝන් මරියා ගැන මොනවද දන්නේ ?”

එහෙම ලොකු තොරතුරක් දන්නේ නෑ.. මම සාරාව මුණගැහෙන්න ගිය වෙලාවල් වල ටිකක් කතා කරලා තියෙනවා..”

රොනල්ඩ් මරියත් එක්ක සම්බණ්දයක් තිබුන බව ජෝන් දන්නවද ?”

නෑ එහෙම දෙයක් මම දැනන් හිටියේ නෑ..”

සාරා කවදාවත්ම එහෙම දෙයක් ගැන කියලත් නැද්ද ?”

එහෙම දෙයක් ගැන අපි කවදාවත් කතා වෙලා නම් නෑ..”

සාරා රොනල්ඩ් එක්ක සතුටින්ද හිටියේ. ?”

ඇත්තෙන්ම නෑ.. ඒ නිසානේ සාරා මට ආයෙම වතාවක් ලං උනේ..”

සාරට දරුවෙක් ලැබෙන්න හිටිය බව ජෝන් වගේම රොනල්ඩ් දැනගෙනත් හිටියද ?”

හ්ම්ම් නෑ.. දරුවා මගේ නිසා සාරා ඒක රොනල්ඩ්ගෙන් හැංගුවා...”

ඒත් ඒක හැමදාටම හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි.නේ.. ජෝන් ඊළගට මොනවා කරන්නද හිතාගෙන හිටියේ ?”

ඒ ගැන අපි හිතලා තිබුනේ නෑ .. ඒත් ඒ හැම දේකටම කලින් සාරා යන්න ගියා...”

ජෝන්ට පුළුවන්ද අපි ආයෙම එන්න කියන ඕනම වෙලාවක වික්ටෝරියා වලට එන්න.?”

හරි මම එන්නම්..”

හරි ජෝන් අපි දැන් පිටත් වෙන්න ඕන..”

ජෝන්ට සමුදුන් ඩේවිඩ් ස්මිත් සමගම වික්ටෝරියා බලා එන ගමන නැවත අරඹද්දි මැදියමටලං බී තිබුනි...

සර් තව එක ප්‍රශ්ණයක් ?”

වික්ටෝරියා වෙත එන අතර වාරයේ නිහැගියාව බිදිමින් හඬ අවදි කල ස්මිත් ඩේවිඩ්ගේ දිගු කල්පනාවටද බාදා කලේය...

කියන්න ස්මිත්..”

සාරාගේ මරණ පරීක්ෂණ වාර්ථාවේ ඇය ගැඹිණියක් කියලා සදහන් වෙලා තිබුනේ නැහැනේ...”

" හොද ප්‍රශ්ණයක් ස්මිත්.. මාත් මේ හිතන්නේ ඒක ගැන..”

සර් ඇයි ජෝන්ට නොකිවුවේ ඒ ගැන ?”

නෑ ස්මිත් මේ ඒකට සුදුසු වෙලාව නෙමෙයි..”

ඒ ඇයි ?”

මම හිතන්නේ අපි මේ හැම දේකටම කලින් සාරා ගැන තව විස්තර හොයන්න ඕන.. සාරා මොන වගේ කෙනෙක්ද කියන එක..”

ඔව් සර්..”

සාරාගේ උපන් ගම කොහෙද ස්මිත් ?”

ජෝර්ජියෝ වල..”

හ්ම්ම්.. ජෝර්ජියෝ වල කෙනෙක් වික්ටෝරියා වල පදිංචියට එනකම් අපි නොදන්න කොච්චර නම් දේවල් වෙන්න ඇත්ද ?”

අපි ජෝර්ජොයෝ වලට කතා කරලා විස්තර ඉල්ලමු...”

බෑ ස්මිත් අපිට ඕන හැම දෙයක්ම එහෙම අපිට ලැබෙන්නේ නෑ.. හෙට දවසත් අපි ඉදලා අනිද්දම යමු ජෝර්ජොයෝ වලට..”

හෙට අපි යොදා ගත්ත වැඩක් තියෙනවද ?”

නෑ.. ඒත් අපි හෙට යන්න ඕන සාරාගේ මරණ පරීක්ෂණය කරපු වෛද්‍ය වරයා මුණගැහෙන්න... ජෝන් කියන දේවලුත් එක්ක අපිට මරණ පරීක්ෂණ වාර්ථාවේ තියෙන දේවල් ගැන ආයෙම හිතන්න වෙනවා..”

ඔව් සර්..”

ඉදහිට ඇති උන කෙටි කතාබහ දොගේ වික්ටෝරියාහි තම නිවස වෙතට පැමිනෙද්දි මැදියම පසුවී හෝරා කීපයක් ගෙවී තිබුනි..”

ස්මිත් අපේ ගෙදරින් රෑ කෑම අරගෙනම යමු...”

විඩාබර දවසක් අවසානයේ වාහනයෙන් නික්මුන ඩේවිඩ් තම සහායකයාටද නිවසට ආරාධනා කරමින් තව කෙටි වේලාවක් සාරාගේ මරණ ගැන තොරතුරු සාක්ච්ඡා කලේ තමන්ට හමු උන බැරෑරුම්ම පරීක්ෂණ වලින් එකක් බවට සාරාගේ අභිරහසද පත්වෙමින් තිබුන නිසාය...








46 comments:

  1. Replies
    1. අහ්.. මේ පික්ශු කරන්න එපා...

      Delete
    2. අනේ මදාරා..කියන්නකෝ......... ;)

      Delete
  2. ikmanata ilaga kotasa danna....
    asawen balagena innawa...

    Nisupa

    ReplyDelete
    Replies
    1. හරි නිසූපා අක්කේ.. ඉක්මනට ඉවර කරනවෝ..

      Delete
  3. පවුලේ ය අයින් කලාම අද මම එකද??? මට චෝචෝ ඕනේ...

    ReplyDelete
    Replies
    1. අහ්,, ඔයා ඉතින් එපේ ෆ්‍රෙඩානේ.. චොකෝ කොමත් දෙන්න බැරියැ..

      Delete
  4. අනේ ඉක්මනට ඉතිරියත් ලියන්න. ලස්සනට ලියවෙනවා දැන්.

    ReplyDelete
    Replies
    1. තව කොටස් තුනකින් ඉවර කරන්න හිතන් ඉන්නේ... :)

      Delete
  5. සාජන් නේද මිනි මරුවා?? පිස්සුද සර්.. මිනීවල ආයේ මොනවා මරන්නද? මම මැරුවේ පණ තිබ්බ එකාව.. :)

    ReplyDelete
    Replies
    1. හික්ස්.. මේක හොදට අහලා පුරුදුයි.. මොකේද????

      Delete
  6. ඉක්මනට අනිත් කෑල්ලත් දාන්න......

    ReplyDelete
  7. මේකා අඳිනවා වැඩියි.. මෙගා එකක් වගේ....

    ReplyDelete
    Replies
    1. අහ්. අදින්නේ නෑ අක්කේ.. මෙගා නෑ.. කොටස් 9යි...

      Delete
  8. අයියෝ අදත් චුට්ටයිනෙ ලියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ශානි මේ පැත්ත්ට අළුතින් වගේ.. මීට වැඩිය ලියන්න ගියොත් දික් වෙනවා වැඩි..

      Delete
  9. අයිය මේ කතාව විතරද ලියන්නේ?

    ReplyDelete
    Replies
    1. මේක ඉවර වෙනකන් මේක විතරයි අනූ.. නැත්නම් මගේ ඔළුව නිදහසක් නෑ.. :)

      Delete
  10. ම්ම්ම් ඔන්න මෙ කැල්ලත් බැලුවා :D

    ReplyDelete
  11. දැන් කතාව ඉක්මනින් දානවා නේද. නියමයි!

    ReplyDelete
    Replies
    1. සදුදා, බදාදා, සිකුරාදා.. මේ දවස් වලනේ මම පෝස්ට් දාන්නේ ඉතින්... :)

      Delete
  12. අප්පට සිලි කතා 6ක්ම ගිහිල්ලනේ... දැන් ඉතින් මුල ඉඳන් කියවන් එන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. කියවන් එමු අයියේ.. තව 3 එන්න තියෙනවා..

      Delete
  13. නියමයිනේ...රොනල්ඩ් තමා මිනීමරුවා වෙන්න ඕනේ රොනල්ඩ් සාරාව මරලා ජෝන්ව අහුකරන්න හදලා කියලමයි මට හිතෙන්නේ...ඕවා හොයා ගත්තේ මගේ සුක්ෂම ක්‍රම වලින්...:D තව කොටස් 3 යි.එකත් ඉක්මනටම දාමු අයියේ...:)

    ReplyDelete
    Replies
    1. අහ්.. මෙයාගේ මොලේ තමයි මොලේ.. හා හා.. ඉමුකෝ අන්තිම වෙනකන් එහෙනම්...

      Delete
  14. මේකත් දැන් ටීවී එකේ නාට්ටි වගේ වෙලා... ඒත් කමක් නෑ දිනේෂ් අයිය ඉක්මනට කතාව දානවා නේ අර අනිත් අය වගේ අගේ නොකර...
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. අර අනික් අය කිවුවේ මේ කොටස ඕන කියලා ඉල්ලලා බල කරන්න ඕක එක්කෙනා වෙන්න ඇති.. හික්ස්.. එයා හෙන හොරානේ.. ;)

      Delete
    2. අපෝ ඔව්.. හෙන කම්මැලිච්චි..

      Delete
  15. රබර් පටි වලට අමතරව ස්ටේප්ලර් කටු වගේ වන් ඩේ ස්පෙස්ල් වගේ ඒවත් දාන්න

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. තව කොටස් තුනයි ලොකු අයියේ.. ලබන සිකුරාදයින් මේක ඉවරයි.. ඊට පස්සේ වන්ඩේ එවුවා.. ආයෙ කතා නෑ.. :)

      Delete
  16. අයියෝ හිමීට දාන්ඩකෝ අයියේත... :( නිවිහැනහිල්ලෙ කියවන්න වෙන්නෑ නෙව.. :(

    ReplyDelete
    Replies
    1. බෑනේ ඉතින්.. මම මේ මේක ඉක්මනට ඉවර කරන්න ඉන්නවා.. මේකා තව පරක්කු කරන්න කියනවා..

      Delete
  17. ඌහ්හ්. ඉක්මනට මටනම් අනිත් ටිකත් කියවන්ඩ ඕනේනේනේ.....

    ReplyDelete
    Replies
    1. සදුදා වෙනකන් ඉවසමු..

      Delete
  18. කුතුහලය වැඩිපුර දැනෙනවා දැන්නම්... කවදද ඉතින් මේ මිනි මරුවම අල්ල ගන්නෙ ?

    ReplyDelete
    Replies
    1. බ්‍රහස්පතින්දට අල්ලනවා.. සිකුරාදට කියන්නම් හේතු... :)

      Delete
  19. කතාව සුපිරියට යනවා....

    ReplyDelete
  20. කථාව හරි ලස්සනට ලියවෙනවා.ඒ වගේම කියවෙනවා.ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  21. හැමදාම මට කියවනන් වෙන්නෙ කොටස් 2ක් එකට..:D අර කොටසින් කොටස කියවද්දි එන ගතිය මට එතකොට නැති වෙනවා.. ඒත් ෆට්ටයි!!
    මාත් හිතන්නෙ රොනාල්ඩ් ජෝන්ව අහුකරන්න තමා උත්සාහ කරලා තියෙන්නෙ.. මරණ පරීක්ෂණ වාර්ථාවත් බොරු වෙන්නැති.. ඒකෙ සාරා ගැබිනියක් කියලා සටහන් වෙලා නැත්තෙ??/

    හ්ම්ම්.. බලමුකෝ ඊලඟ එකෙන්...

    ReplyDelete
  22. මේක ටිකක් රහහස් පරීක්ෂක කතාවක් වගේ ඒපැත්තට නැමුරුයි..

    ReplyDelete
  23. එන්න එන්නම අවුල් වෙනවා වගේ

    ReplyDelete
  24. මට තාමත් කියවන්න බැරි වුණානේ මුල් කොටස් ටික...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්