Wednesday, 21 November 2012

සාරා 5 - තවත් අභිරහසක

හුදෙකලාව ගිය නිවස පුරාම තමන්ට රිසිසේ හැම දෙයක්ම පිරික්සූ ඩේවිඩ්ට තමන් බලපොරොත්තු වූ අන්දමේ කිසිවක් සොයා ගන්නට නොලැබීම ගැන ඇති උනේ බලාපොරොත්තු බීදි ගිය හැගීමකි... නිවසේ හැම කෝණයක්ම ඩේවිඩ්ගේ දෑසට හොදින් නතු උනත් සියල්ලකම පෙර තිබූ පරිදිම නිවැරදිව ඒ තැන්හිම තිබෙනු ඔවුන්ගේ දෑස් වලින් දැක ගන්නට හැකි විය..

මුකුත් නෑ සර්.. හැම දෙයක්ම තිබුනා වගේම නිවැරදිව තියෙනවා...”

හැමදෙයක්ම ඕනවටත් වඩා නිවැරදි කියලා ස්මිත්ට හිතෙන්නේ නැද්ද ?”

ඒ කිවුවේ සර් ?”

සාරාත් මරියාත් නැති ගෙදර වෙනදා තිබුන වගේම පිළිවෙලයි පිරිසිදුයි... ස්මිත්ට එහෙම හිතෙන්නේ නැද්ද ?”

රොනල්ඩ් කියන්නේ සල්ලි කාරයෙක්... ඉතින් කාව හරි ඉක්මනට වැඩට ගත්තා වෙන්න පුළුවන්..”

අපි ඇවිත් දැන් පැය දෙකකටත් වැඩි... රොනල්ඩ්ගේ කෝකියා ඇරෙන්න අපි වෙන කාවවත්ම දැක්කේ නෑ..”

හ්ම්ම්.. ඔව්.. සර් කියන්න හදන්නේ ?”

නෑ ස්මිත්.. කියන්න නෙමෙයි හිතන්න..”

ඩේවිඩ්, ස්මිත්ට පැහැදිළි කරමින් උන් කාරණය මොහොතකට නතර කලේ රොනල්ඩ්ගේ කෝකියා ආලින්දයේ ඔවුන් සිටි තැනට හෙමින් එනු දැකීමෙනි...

සමාවෙන්න මහත්වරුනි.. ඔබලා තව ගොඩක් වෙලා ගෙදර රැදෙනවනම් ඔබලාටත් එක්කම දිවා ආහාරය පිළියෙල කරන්න කියලා සර් කතා කරලා කිවුවා..”

අහ් නෑ.. අපි තව ටිකකින් යනවා...”

හොදමයි සර්..”

ඔහු ඔවුන්ගේ රාජකාරියට භාදා නොකර යන්නට හදත්ම ඩේවිඩ් ඔහුව මොහොතකට නතර කර ගත්තේය...

ගෙදර හැම යතුරක්ම තියෙන්නේ කාලගද ?”

කලින් හැම එකක්ම තිබුනේ සාරා මැඩම් ලග.. මරියා ලගත් ප්‍රධාන දොරේ යතුරු එහෙම තිබුනා...”

දැන් ?”

දැන් ඔක්කොම තියෙන්නේ රොනල්ඩ් සර් ලග.. සමහරක් යතුරු ගිණි උදුන ලග තියෙනෙ රාක්කේ එල්ලලා තියෙනවා...”

හරි.. අපි තව ටිකකින් යනවා... රොනල්ඩ්ට අපි ගිය වෙලාව කියන්න..”

හොදමයි..”

මුළුතැන් ගෙය දෙසට ඔහු යන්නට හැරෙත්ත නිවසේ දොර දෙසට ඇවිදන් ගිය ඩේවිඩ් මොහොතක් නතර විය.. ස්මිත්ද ඔහු පසුපසම විය..

ඇයි සර් හදිස්සියෙම යතුරු ගැන ඇහුවේ?”

ගිණි උඳුණට එහා පැත්තේ කොරිඩෝවේ තිබුන කාමර දෙකක් හොදට අඟුල් දාලා තිබුනේ... ඒකයි එහෙම ඇහුවේ..”

හැම දෙයක්ම කලින් තිබුනා වගේමයි... කිසිම වෙනසක් වෙලා නෑ..”

සමහර දේවල් වෙනස් වෙලා ස්මිත්..”

ඒ කිවුවේ?”
අපි මේ හැම දේටම කලින් පීටර්ස්බර්ග් යමු ස්මිත්... දැන්ම ගියොත් අපිට හවස් වෙන්න කලින් යන්න පුළුවන් වෙයි...”

හරි සර් ඒත් ජෝන් එහේ ඉදීවිමයි කියලා විශ්වාස කරන්න බෑ නේද ? අපි පීටර්ස්බර්ග් වල පොලිසියට කලින් දැනුම් දීලා ජීන් ගැන හොයලා ගියොත් නේද පහසු...”

නෑ ස්මිත්.. ජෝන් නොහිටියා කියලා ප්‍රශ්ණයක් නෑ... අපි යමු..”

හරි සර්..”

රොනල්ඩ්ගේ නිවසින් නික්මුන ඩේවිඩ්, ස්මිත් සමග පීටර්ස්බර්ග වෙත යන්නට විය... ජෝන් නැතත් පීටර්ස්බර්ග වලට යමුයි ඩේවිඩ් කියු හේතුව ස්මිත්ට පැහැදිළි නැතත් ඔහු ඒ ගැන නොවිමසුයේ ගමන ආරම්භයේ සිටම ඩේවිඩ් කල්පනාවක සිටි නිසාවෙනි...

කදුකර මාවත දිගේ පීටර්ස්බර්ග් වෙත ආ ගමන ඩේවිඩ් බලාපොරොත්තු උවාටත් වඩා ප්‍රමාද වී තිබුනි... ඩේවිඩ්ගේ විධානයෙන් ස්මිත් ජෝන් සේවය කල කමාන්තශාලාව දෙසට වාහනය පැද යද්දි මදක් සවස්වී තිබුනේය... වාහනය නතර වත්ම ඉන් නික්මුන ඩේවිඩ් එහි තොරතුරු විමසීම් කවුළුව වෙද ඉක්මනින්ම ඇවිදන් ගියේය...

අපිට ජෝන් කාටර්ව මුණ ගැහෙන්න ඕන...”

ඔබලා කවුද ?”

මම වික්ටෝරියා වල පොලිස් පරීක්ෂක ඩේවිඩ් කෘසෝ.. මේ මගේ සහායකයා ස්මිත් වෝල්ටර්...”

හරි.. ඉන්න මම බලන්නම්..”

මොහොතක් ලිපි ගොණු අතර තොරතුරු සෙවූ හෙතෙම පුංවි කොල කැබැල්ලක යමක් සදහන් කර තම සයකයා වෙතට දී ඔහුව කර්මාන්ත සහයිකාව ඇතුලට යැවුවේ ඉක්මනින්ම එන ලෙසට විධානද කරමින්ය... වැඩි වෙලා නොගෙනම ඔහු කර්මාන්තශාලාවෙන් යලිත් පැමිණියේ ජෝන්ද සමගිනි..

ඔබලා..”

තොරතුරු විමසීම් කවුළුව ඉදිරියේ වූ අමුත්තන්ගේ ශාලාවෙහි තමන් එනතුරු මඟ බලාගෙන සිටි ඩේවිඩ්ව දුටු ජොන් මොහොතක් කලබල වූ බවක් මුහුණින් පෙනෙන්නට විය...

ජෝන් එදා අපිට කිවුවේ බොරු කියලා අපි දන්නවා... අපි කැමතියි එදා උන දේ ගැන ඇත්තම දැන ගන්න..”

එදා ?”

ඔව්.. සාරාගේ මරණය උන දවසේ ජෝන් සාරා මුණ ගැහෙන්න ආවා..”

මම.. ම්.. නෑ..”

ජෝන් ඇත්ත කියනවනම් ඒක අපි කාටත් පහසුවක් වේවි...”

ජෝන් මොහොතකට නිහඬ විය.. අමාරුවෙන් ගලපගත් වචන අමුණමින් ඔහු ඔහුගේ කතව කියගෙන් ගියේය...

සාරාගේ මරණේ වෙන්න කලින් දවසේ මම සාරාව මුණ ගැහෙන්න ගියා...සාරා මට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුනා...”

පණිවිඩයක් ?”

ඔව්..”

ජෝන් මොහොතක් තම කතාව නවතා දිගු හුස්මක් පිට කලේය...

සාරා අම්ම කෙනෙක් වෙන්නයි හිටියේ... සාරාට ලැබෙන්න හිටිය දරුවා මගේ කියලා කියන්නයි එදා සාරා මට එන්න කියලා තිබුනේ..”

ඉතින් ඇත්තටම ඒ ජෝන්ගේ දරුවෙක්ද ?”

ඔව්.. අපි මීට ටික කාලෙකට කලින් එකතු උනා.. වෙනදා වගේම සාරාව මුණ ගැහෙන්න ගිය වෙලාවක සාරාට රොනල්ඩ්ගෙන් ලැබෙන්නේ නැති සතුට ගැන සාරා ගොඩක් දුක් උනා.. එදා අපිට අපිව පාලනය කර ගන්න බැරි උනා..”

එතකොට ජෝන් සාරාගේ මරණේ උන දවසේ ආයෙම එහේ ආවේ ඇයි. ?”

නෑ.. මම එදා ආවේ නෑ..”

ජොන් එදා මෙතන වැඩ කලේ නෑ කියලා මෙහේ නිවාඩු සටහන් පොත් වල සටහන් වෙලා තියෙනවා... එදා ජෝන් අසනීපයි කියලා ඉක්මනින් ගෙදර ගිහින් තියෙනවා...”

නෑ ඒක බොරුවක්.. මම එදා රාත්‍රියේ වැඩ කලා..”

ඒහෙනම් කොහොමද එදා ජොන් නිවාඩු ගත්තා කියලා මෙහේ සටහන් වෙන්නේ ?”

එදා මාත් එක්කම මගේ යටතේ වැඩ කරන සේවකයින් අට දෙනෙක් හිටියා... ඔවුන් සහතික වේවි මම එදා වික්ටෝරියා වල නෙමෙයි හිටියේ කියන්න...”

ඩේවිඩ් මොහොතකට ගොළු විය.. තම නළල රැලි කර ගනිමින් එය පිරිමදින්නට උන ඩේවිඩ් මොහොතක් කල්පනාවට වැටුනේය...




තු සම්බන්යි..





45 comments:

  1. කියවමි. රැඳී ඉඳිමි.

    ReplyDelete
    Replies
    1. තව ටිකයි වගේ තියෙන්නේ..

      Delete
  2. අදත් ඔන්න කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. තාම අක්කට සැක රොන්ල්ඩ්වදෝ?

      Delete
  3. අනේ.... මෙයා සෝයි අප්පා.. ඉක්මනට කතාව දානවා..
    දැන් නම් නියමයි කතාව...
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මටත් ඕන මේක ඉක්මනට ඉවර කරන්න.. තව ලියන්න ඒවා තියෙනවා අෆ්ෆා.. :)

      Delete
  4. Replies
    1. දිනේෂ් මල්ලි මේ මදාරගේ නෙට් කනෙක්ෂන් එක ඉතාලි ආධාර යටතේ ෆයිබර් ඔප්ටික්ස්වත් කරලා දෙන්න. :) :)

      Delete
    2. සුදු, ඒකනේ ඒකනේ කියන්නේ..

      Delete
    3. අහ්.. මොකක්ද ඇලෙක්ස් අයියේ ඒ කේස් එක?

      Delete
  5. එළ! ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දාමු නේ සහෝ? :)

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඉක්ම්නට දානවා..

      Delete
  6. ඉක්මනට ඉතිරි ටික ඕන..

    ReplyDelete
    Replies
    1. දෙන්නම් දෙන්නම් ලොකු අක්කේ..

      Delete
  7. පස්සෙ වෙලාවක ඔක්කොම ටික මුල ඉඳන් ම කියවන්න ඕන!

    ReplyDelete
    Replies
    1. හරි අයියේ.. කෝමත් දව කොටස් ටිකයි තියෙන්නේ..

      Delete
  8. නියමයි...තව කොටස් 4 නේද අයියේ...?ඉක්මනට ඉතිරිය දාමු...ෂර්ලොක් හෝම්ස් වගේ ආසාවෙන් කියවන්න පුළුවන්...:)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ මෙයා ගනන් හදාගෙන ඉන්නේ..

      Delete
  9. නියමයි නියමයි ඉතිරි ටිකත් ඉක්මනටම ඕනේඒඒඒඒඒ....

    ReplyDelete
    Replies
    1. හරි.. ඉක්මනට දෙන්නම්..

      Delete
  10. machan blog eke width eka wadi karapanko tika...

    ReplyDelete
  11. කතාව නම් හරිම අපුරුවට ගලා ගෙන යනවා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ මලයා..

      Delete
  12. අපිත් ඇවිත් කියවා ගියෝ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  13. මරු ඔහොම යමු.....

    ReplyDelete
  14. දැං නං මට ජෝන් ගැන පොඩි සැකයක් පහළ වී ගෙන එනවා. ඒත් රොනල්ඩ් තමයි ප්‍රධාන සැකකාරයා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හ්ම්ම්... බලමුකෝ නේ අන්තිමේ කවුද මැරුවේ කියලා..

      Delete
  15. මෙහෙම තමයි හොඳ ළමයි. ඉක්මනින් කතාවල කොටස් දානවා. කියන්නත් අමතක වුණා.... කොල්ලා ලස්සනට ඉන්නව දැන් බ්ලොග් 1 පිරෙන්නම

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. මට මේක ඉවර කරනකන් ඉවසුමක් නෑ.. තව ලියන්න එවුවා තියෙනවනේ ඉතින්..

      හෙහ්.. තැන්කූ තැන්කූ සිදු අක්කේ.. :)

      Delete
  16. අදත් පරක්කුයි.... මම

    ජෝන් නම් නෙවෙයි මේක කලේ... තව චරිත මේකට එන්න ඔනේ කියලමයි හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ මොකො අද නම ලකුණු කරලවත් දිවුවේ නැත්තේ..

      හ්ම්ම් හ්ම්ම්.. බලමුකෝ...

      Delete
  17. මටත් හිතෙන්නේ ජෝන් නම් නෙමෙයි.... එතකොට කවුද මේක කොලේ???? :O

    ReplyDelete
    Replies
    1. ඇයි ජෝන් නෙමෙයි කියලා හිතෙන්නේ ?

      Delete
  18. හ්ම්....බලා ඉමි......

    ReplyDelete
  19. හොඳට යනවා. බලමු ඊලඟට මොකද වෙන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අයියේ..

      Delete
  20. ජෝන් එදා වැඩ කලානම්, කොහොමද වැඩට අඅවෙ නෑ කියලා සටහන් වුනෙ?? ඔන්න ඉතින් දැන් කුතුහලය...බලමු ඊළඟ කොටස..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්