Monday, 19 November 2012

සාරා 4 - රොනල්ඩ්ගේ ප්‍රකාශය

ස්මිත් උදෑසන තේ කෝප්පය බී නිමා කරත්ම තම සුපුරුදු කඹාය හා හිස් වැසුමින් සැරසුන ඩේවිඩ් තවමත් හරි හැටි නොවිසදුන අපරාධයක් දිගේ තවත් දවසක් ලුහු බැද යන්නට සැරසුනේය...

අපි යමු ස්මිත්..”

හරි සර්..”

අපි ඉස්සෙලාම රොනල්ඩ්ගේ ගෙදර යමු.. ඊට පස්සේ ජෝන් මුණගැහෙන්න යමු..”

ජෝන් මුණ ගැහෙන්න?”

ඔව් ස්මිත්.. මම හිතන්නේ අපිට ආයෙම ජෝන් එක්ක කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා...”

මාත් හිතනවා.. හොයා ගත්ත තොරතුරු වල හැටිය ජෝන් ඉන්නේ පීටර්ස්බර්ග් වල කුලී නිවසක..”

ඒ ඇත්තම තොරතුරු කියලා විශ්වාසද ස්මිත්?”

දන්නේ නෑ සර්.. වැඩකරන තැනට දීලා තියෙන ලිපිනය තමයි ඒක..”

හරි අපි ගිහින් බලමු...”

වාහනයට නැගුනු ඩේවිඩ් හා ස්මිත් වාහනය වික්ටෝරියාහි නගරාසන්නයේම වූ රොනල්ඩ්ගේ සුවිසල් නිවස දෙසට පදවන්නට විය.. උදෑසන නමයට ආසන්න වී තිබූ නිසාම රොනල්ඩ් තවමත් නිවසේ රැදී ඇත්දැයි සැකයක් ඩේවිඩ්ගේ හිතට නැගුනත් රොනල්ඩ්ව නිවසේදීම මුණ ගැසීමේ උවමනාවක් ඩේවිඩ්ට තිබුනි....

අපි ටිකක් ඉක්මනින් යමු ස්මිත්.. රොනල්ඩ් ගෙදරින් පිට වෙන්න කලින් අපිට රොනල්ඩ් මුණගැහෙන්න පුළුවන්නම් හොදයි...”

හරි සර්..”

වාහනය පැදවූ වේගය මදක් වැඩි කල ස්මිත් රොනල්ඩ්ගේ සුවිසල් නිවසේ වතු යාය පේන මානය වන තුරුම වේගයෙන් පාහනය පදවමින් ආවේය... නිවස ඉදිරිපස රොනල්ඩ්ගේ වාහනය දුටු ඩේවිඩ් තමන් පමා වී නැති බව තේරුම් ගත්තේය... නිවසට මීටර් කීපයක් එහායින් වූ ගේට්ටුවෙන් ඇතුලට වාහනය ඇතුළු කරත්ම නිවසින් පිටත් වන්නට ආ රොනල්ඩ්ව දෙදෙනාගේම දෑස් වලට නතු විය..

හරි වෙලාවට අපි ඇවිත්..”

ඩේවිඩ් සිහින් හඩින් ස්මිත්ට ඇසෙන්නට කියූ දේට ඔහුගෙන් පිළිතුරක් නොවීය.... නිවසින් පිට වන්නට ආ රොනල්ඩ්ද ඩේවිඩ්ගේ වාහනය දැන මොහොතක නතර විය..

ගුඩ් මොර්නින්ග් මිස්ටර් ඩේවිඩ්..”

ගුඩ් මොර්නින්ග් රොනල්ඩ්... අදනම් රොනල්ඩ්ට යන්න වෙන්නේ ටිකක් පරක්කු වෙලා...”

අහ්.. හරි ඒකට කමක් නෑ.. යමු ඇතුලෙන් වාඩි වෙමු.. මම තේ ගේන්න කියන්නම්..”

නෑ රොනල්ඩ්.. බොහොම ස්තූතියි... අපි කෙලින්ම ආව වැඩේ කතා කරමු..”

හා..”

ජෝන්ව රොනල්ඩ් අදුනන්නේ කොච්චර කාලෙක ඉදන්ද?”

සාරා එක්ක විවාහ ගිවිස ගත්ත මුල් කාලෙම වගේ.. සාරා මට කැමැත්ත දුන්නට පස්සේ දිගින් දිගටම ජෝන් ඇවිත් සාරාට කරදර කලා.. එතකොට තමයි සාරා හැම දෙයක්ම වගේ මාත් එක්ක කිවුවේ..”

ඊට පස්සේ?”

මම ආයෙම ජෝන්ව දැක්කේ අපේ විවාහයෙන් පස්සේ... එදා මම වැඩ ඉවර වෙලා එද්දි ජෝන් මගේ වතුයාය ඉවර වෙන හරියේ ඇවිදන් යනවා මම දැක්කා...”

ජෝන් ඇවිත් තියෙන්නේ සාරා මුණ ගැහෙන්නද?”

නෑ.. මම එදා ගෙදර ඇවිත් සාරාගෙන් ඇහුවම කිවුවේ ජෝන් ඇයව මුණ ගැහෙන්න ආවේ නෑ කියලා..”

ඊට පස්සේ?”

ඊට පස්සේ සාරාව මරණවා කියලා තර්ජනේ කරපු දවසේ...”

එදා මොකද උනේ?”

එදා දවල් මම ඉස්පිරිතාලේ ඉද්දි මරියා හදිසියේම මට කතා කරලා කිවුවා කවුද කෙනෙක් ඇවිත් සාරා ම්ස් එක්ක රණ්ඬුවෙනවා කියලා.. එදා මම ගෙදර එද්දි ජෝන් ගෙදර සාලේ වාඩි වෙලා හිටියා.. වත්තේ ආරක්ෂකයට කියලා මම ජෝන්ව එලවලා දැම්මා..”

මේ සිද්ධිය වෙලා ගොඩක් කල්ද?”

හ්ම්ම්.. දැනට මාස හතරකට වගේ කලින්..”

ඊට පස්සේ ජෝන්ව දැක්කේ කවද්ද?”

ඊට පස්සේ මම ජෝන්ව දැක්කේ ඊයේ. මරියගේ ගෙදරදි..”

හ්ම්ම්..”

අහ්, තව දෙයක්.. සාරගේ මරණෙට දවස් තුනකට කලින් ජෝන් මේ වත්ත ඉවර වෙන හරියේ ඉන්නවා මරියා දැකලා තියෙනවා...”

ගෙදර ඇවිත් නැද්ද ?”

මම සාරාගෙන් ඇහුවම නම් කිවුවේ ආවේ නෑ කියලා.. ඒත්..”

ඇයි රොනල්ඩ් ඒත් කියලා නතර කලේ?”

ඒ දවස් ටිකේ සාරා හිටියේ වෙනද වගේ නෙමෙයි.. මොකක් හරි වෙනසක් තිබුනා සාරාගේ..”

රොනල්ඩ් ඒ ගැන ඇහුවේ නැද්ද ?”

ඇහුවා.. ඒත් සාරා ඒකට හරි උත්තරයක් දුන්නේ නෑ.. කියන්න අකමැති දෙයක් බලෙන් අහන්න හොද නැති නිසා මමත් සාරාට කරදර කරන්න ගියේ නෑ..”

හ්ම්ම්..”

මට හොදටම විශ්වාසයි ජෝන් තමයි සාරාව මැරුවේ..”

තාම ඒ දේ ඔප්පු වෙලා නෑනේ රොනල්ඩ්.. අපි නොහිතන කෙනෙක් මේක කලා වෙන්න බැරි නෑ..”

කොහොම හරි මට සාරාගේ මිණිමරුවා අල්ලලා දෙන්න.. එච්චරයි මට ඕන..”

අනිවාර්‍යෙන්ම රොනල්ඩ්..”

මට ඉස්පිරිතාලෙට යන්න අවසරද මිස්ටර් ඩේවිඩ්.. මම දැනටමත් ගොඩක් ප්‍රමාදයි..”

අහ්.. ඔව් රොනල්ඩ්.. අපිට සමාවෙන්න.. හිතේ සැකයක් එන දේවල් තිබුනම ඒක විසදෙනකන් ප්‍රශ්ණ කරන්න වෙනවා..”

ඒකට කමක් නෑ මිස්ටර් ඩේවිඩ්..”

අහ් රොනල්ඩ්.. රොනල්ඩ්ගේ අකමැත්තක් නැත්නම් අපිට ගේ ටිකක් පරීක්ෂා කරන්න පුළුවන්ද ?”

රොනල්ඩ්ගේ මුහුණ මොහොතින් වෙනස් විය.. ඩේවිඩ්ගේ ඉල්ලිමට කමැති බවක් රොනල්ඩ්ගේ මුහුණින් පෙනුනත් ඔහු එය සඟවන්නට උත්සාහ කලේය...

හ්ම්ම්.. හා.. උවමනාමනම් කමක් නෑ.. ඒත් මට තව වෙලා ඉන්න අමාරුයි..”

රොන්ල්ඩ් ගියාට කමක් නෑ.. ගෙදර සේවකයෝ ඉන්නවනේ..”

ඔව්.. ඉන්න මම කාට හරි කියන්නම් ඔබලට උදවු කරන්න කියලා...”

නෑ රොනල්ඩ්.. එදා හැමෝගෙන්ම ප්‍රශ්ණ කරපු හන්දා අපි දෙන්නව හැමොම අදුනනවනේ.. ඒ හන්දා ප්‍රශ්ණයක් වෙන එකක් නෑ..”

හ්ම්ම්.. හරි මිස්ටර් ඩේව්ඩ්.. එහෙනම් මම ගිහින් එන්නම්... සුභ දවසක් ඔබලාට..”

සුභ දවසක් රොනල්ඩ්..”

තම වාහනය ලගට ගියත් දෙතුන් වතාවක්ම ආපසු හැරි බැලු රොනල්ඩ්ට යාමට හිතක් නොවුන බව හොදින්ම පෙනුනි.. අවසානයේ වාහනයට නැගි රොනල්ඩ් මද දුරක් යන තුරුම ඒ දෙස බලා සිටි ඩේවිඩ් නිවසට ඇතුළු වන්නට සැරසුනේය...

නිවස පුරාවටම පාළු මුහුණුවරක් ඒ දින දෙක තුනටම අරක් ගෙන තිබුනි... විවර නොවුන තිර රෙදි නිසා හිරු එළියත් නිවස තුලට වැවුනේ අඩුවෙනි... සාරාත්, මරියාත් නැති අඩුව හොදින්ම නිවසින් පෙනෙන්නට විය..

සර් තවත් මොනවද හොයන්නේ?”

හොඩුවාවල් ස්මිත් හෝඩුවාවල්..”

දවස් දෙකකය කලින් හොදටම පරීක්ෂා කරපු ගෙදරක?”

සමහරක් දේවල් ඉක්මනටම වෙනස් වෙනවා ස්මිත්.. අවදානෙන් ගොඩක් දේවල් දිහා බලන එකයි වැදගත්..”

හ්ම්ම්.. ඇත්ත සර්..”

එදාට වැඩි අවදානයකින් අපි ආයෙම ටිකක් බලමු ස්මිත්.. හැංගිච්ච පුංචිම හරි දෙයක් නොතිබෙන්න බෑ...”


මතු සම්බන්දයි




24 comments:

  1. Replies
    1. අද මෙයා මොකෝ හිනා වෙලා විතරක් ගිහින්...

      Delete
  2. හ්ම්ම්ම්.. දැන් නම් කුතුහලය එන්න එන්නම වැඩි වෙනවා... දිනේෂ් කතාව ලියන විදියට ... එක හුස්මට කියවගෙන යන්න පහසුයි

    ReplyDelete
  3. apoo ලොබ කමට ලියන්නේ??? තව ටිකක් ලියන්න එපයි...

    ReplyDelete
  4. හයියෝ හොඩුවාවක්‌ හම්බ වෙයි කතාව පහලට කියවන එනකොට කතාව ඉවරයි....:( :/ මගේ රහස් පරීක්ෂක මෙව්වා එක අනුව මේක කරන්න ඇත්තේ රොනල්ඩ් වෙන්න ඕනේ...O.o :D
    නියමෙට කතාව ගලාගෙන යනවා අයියේ...ඉක්මනට ඉතිරි කොටස දාන්න හොදේ...:)

    ReplyDelete
  5. ඉතුරු ටික ඉක්මනට දාපිය දන්නවනෙ මට තරහ ගියාම :P

    ReplyDelete
  6. මම නම් blog වලට අලුත්. අදයි ගොඩවැදුනේ මෙහාට. නියම කතාව. නියමෙට ලියනවා. එක හුස්මට කොටස් 4ම කියෙව්වා. අනිත් ටිකත් ඉක්මනට දාන්න.
    සිහින සැබෑ වේවා!

    ReplyDelete
  7. ඉතුරුටිකත් ඕනේ. ඉක්මනට

    ReplyDelete
  8. කතාව නම් දැන් සුපිරි !

    ReplyDelete
  9. ඉතුරු ටික කෝ ... ඉක්මනට දාන්න...

    ReplyDelete
  10. අන්න හරි හෝඩුවාවල් පස්සේ තමයි යන්න ඕනේ... එතකොට තමයි අභිරහස විසඳෙන්නේ... හුම්ම්.. අමාරු උනොත් ඒ දෙන්නට උදවුවට මං පනුච්චිත් යන්නම්කො....
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
  11. දැන් නම් කුතුහලය වැඩියෝ..... ඉක්මනින් ඉතිරි කොටස දාන්න.

    ReplyDelete
  12. ආයිත් මඟ හිටලා.....

    ReplyDelete
  13. හිට හිට යනකොට තමා ගති ජය.....! යමු හෙමිට ඉස්සරහට ....

    ReplyDelete
  14. ඔය ඉතින්, අදත් පොඩ්ඩයි :(

    ReplyDelete
  15. නියමයි. හොදටම සාර්ථකයි වෙනස්ම මගක කතාවක්..

    ReplyDelete
  16. බලමුකො ඊලගට....

    ReplyDelete
  17. මෙන්න ඊළඟ ෂර්ලොක් හෝම්ස්..

    ReplyDelete
  18. දැන්නම් කතාව නියමෙටම යනවා.

    ReplyDelete
  19. මචන් හිමින් සරේ කියවල ක්මෙන් එකක් දාන්නම්.බොරු කියන්නෙ මොකටද ඇත්තටම වෙලාවක් නෑ

    ReplyDelete
  20. මේ කතාව නම් මම කියවලා නෑ... ගොඩ කාලෙකින් අදයි ආවෙ අයියා...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්