Friday, 16 November 2012

සාරා 3 - ජෝන් කාටර්

දිගු නිහැඬියාව මුළු නිවෙසම තවත් පාළුවෙන් වෙලා ගන්නට විය... එකිනෙකාගේ දෑස් දෙස තිදෙනාම බොහොම උනන්දුවෙන් බලා සිටි අතරම රොනල්ඩ් මොහොතකින් අපහසුතාවකින් මෙන් බිම බලාගත්තේ කුමක් හෝ දෙයක් හංගන විලාසයෙනි..

මොකක් හරි ප්‍රශ්ණයක්ද රොනල්ඩ් ?”

අවස්ථාව ලද මොහොතනින් තම හඬ අවදි කල ඩේවිඩ් රොනල්ඩ්ගේ දෑස වෙත එක එල්ලේම බලමින් ඇසූ ප්‍රශ්ණයෙන් රොනල්ඩ් තවත් අපහසුතාවට පත් උන බ ඔහුගේ මුහුණේන්ම දිස්විය...

නැහැ.. එහෙම ප්‍රශ්ණයක් නෑ..”

හොදයි.. එහෙනම් මම එන්නම් මගේ ඊළග ප්‍රශ්ණෙට..”

රොනල්ඩ් දෙස බලාඋන් ඩේවිඩ් මොහොතකින් හැරුනේ නාදුනන තරුණයා දෙසටය.. ඩේවිඩ්ගේ දෑස් දෙස එක එල්ලේම බලාගෙන උන් ඔහු රොනල්ඩ් මෙන් කිසිවක් සගවන්නට උත්සාහ නොගත්තේය...

ඔබ කවුද?”

මම ජෝන්..”

ජෝන් මරියාගේ නෑ කෙනෙක්ද ?”

නෑ..”

එහෙනම් ?”

මම සාරාගේ පෙම්වතා..”

ජෝන් වෙතින් මොහොතකට තම දෑස් ඉවතට ගත් ඩේවිඩ් රොනල්ඩ් දෙස බැළුවේය... ඔහු කෝපයෙන් මෙන් ජෝන් දෙසම බලා සිටි හෙයින් ඩේවිඩ් තමන් දෙස බලන බවක් ඔහුට නොදැනුනේය...

ජෝන්, රොනල්ඩ් මහත්මියගේ පෙම්වතාද එහෙමත් නැත්නම් ?”

නෑ.. සාරායි මමයි විශ්ව විද්‍යාලේ ගියේ එකට... අපි ආදරේ කරන්න පටන් ගත්තේ එතනදි... මීට අවුරුදු පහකට විතර කලින්..”

එතකොට ජෝන් සාරාගෙන් වෙන් උනේ ?”

සාරාව ගෙදරින් ගෙනාපු යෝජනාවට බලෙන්ම බන්දලා දුන්න නිසා..”

ජෝන්, රොනල්ඩ් දෙස බලාගෙනම පැවසූ දෙයින් රොනල්ඩ් මදක් කිපුන නමුත් ඩේවිඩ් ඉදිරියේ ඔහු ඒය සගවන්නට උත්සාහ දැරීය..


එතකොට ජෝන් මෙහෙම මරියාගේ ගෙදරට කඩා වදින්න හේතුව?”

මරියා ගැන හිතේ සැකයක් ඇති උනා.. ගෙදර වැඩ වලදි මරියා සාරා එක්ක ප්‍රශ්ණ ඇති කරන් තිබුනා... ගොඩක් වෙලාවට ඇගේ වැටුප ගැන..”

ඒ කියන්නේ සාරාගේ විවාහයෙන් පස්සෙත් ජෝන් සාරාව නිතරම මුණ ගැහිලා තියෙනවා...”

ජෝන් නිහඬ විය.. පිළිතුරක් නොදී මොහොතක් ඩේවිඩ් දෙස බලා උන් ජෝන් තම හඬ අවදි කලේ ප්‍රශ්ණයෙන් පැන යන්නට නොහැකි නිසාය..

ඉදහිට අපි හමු උනා..”

රොනල්ඩ් ඒ ගැන දැනන් ඉදලා තියෙනවද ?”

ඔව්.. එක වතාවක් රොනල්ඩ් ඈට හොදටම බැන වැදුන කියලා සාරා මාත් එක්ක කියලා තියෙනවා...”

එතකොට ජෝන් සාරාට තර්ජනය කලේ මොන හේතුවකටද ?”

එදා මම බී මතින් හිටියේ.. මට එදා සාරාව මගේ ලගම ඉන්න ඕන උනා.. ඒත්, ඈ ඒක ප්‍රතික්ශේප කලා... ඒ ආවේගෙට එදා මම එහෙම කිවුවා.. එවෙලේ මරියත් ගෙදර හිටියා..”

සාරාගේ මරණය වෙන වෙලාවේ ජීන් කොහේද හිටියේ ?”

මම හිටියේ මම වැඩ කරන රබර් කර්මාන්ත ශාලාවේ..”

ජෝන්ට පුළුවන්ද ඒ බව ඔප්පුකරලම කියන්න.?”

ඔව් පුළුවන්..”

හරි..”

ජෝන්ගෙන් තමන්ට උවමනා හැම දෙයක්ම දැන ගත් ඩේවිඩ් හැරුනේ රොනල්ඩ් දෙසටය... කුමක් හෝ සගවන බැල්මෙන් ඩේවිඩ් දෙස බැළු රොනල්ඩ් තම දෑස් ඩේවිඩ්ගෙන් සගවන්නට උත්සාහ ගත්තේය...

රොනල්ඩ් ඇයි ආයෙම වතාවක් මරියගේ ගෙදරට ආවේ?”

සමහර විට මරියා ආයෙම ඇවිත් ඇති කියලා හිතුනා.. ඒකයි..”

රොනල්ඩ් අද උදේ ආව වෙලේ නේද මරියා නෑ කියලා පොලීසියට ඇවිත් මට කිවුවේ... ඉතින් ආයෙම..”

ඔව්.. මේ...”

හරි.. දැන් මරියා නෑ කියන එක අපි හැමෝම දන්නවනේ.. දැන් වැදගත් හදිස්සියෙම මරියා කොහේද ගියේ කියලා හොයන එක.. අනික මරියා ගියේ කැමැත්තෙන්ද නැත්නම් කාගෙ හරි බලපෑමකටද කියලා..”

ජෝන්ටත් රොනල්ඩ්ටත් අතර මැදිව සිටි ඩේවිඩ් ස්මිත් දෙසට එත්ම ඉදිරිපස දොර වෙතට ගිය ජෝන් හා රොනල්ඩ් නිවසින් පිටව යනට සැරසුනේය...

ස්මිත්, උසාවි නියෝගයක් අරන් මේ ගේ වහලා දාන්න.. අපේ වැඩ වලට ඉස්සරහට ඕන වෙන්න පුළුවන්.. එතකොටත් මේ ගෙදර දේවල් මේ වගේම තිබුනොත් අපිට ඒක පහසුවක් වේවි...”

ජෝන්ගෙත් රොනල්ඩ්ගේත් මුහුණු මොහොතින් අදුරු වී ගියාක් මෙන් දිස් විය... ඔවුන් එකිනෙකාගේ මුහුණු දෙස බලාගෙනම නිවසින් පිටවීය...

සුභ දවසක් මහත්වරුනි.. අපි ආයෙම මුණ ගැහෙමු..”

සුභ දවසක් මිස්ටර් ඩේවිඩ්..”

…................................................

උදෑසන ආලින්දයේ තම ඇදි පුටුවට බරවී වික්ටෝරියාහි ප්‍රාන්ත පුවත් පතෙහි සාරාගේ මරණය ගැන ලිය උන ලිපිය කියවමින් උන් ඩේවිඩ්ට එහි සදහන් උන කරුණු වලට තරමක කේන්තියක් මෙන්ම හාස්‍යක්ද පැමිණියේ නිරායාසයෙනි... පුවත් පතේ වාර්ථාව අතරෙහි හිත යොමා ගෙන උන් ඔහුට ස්මිත් එන බවක් නොදැනුනේය..

ගුඩ් මොර්නින්ග් සර්..”

අහ්.. ස්මිත්.. ගුඩ් මොර්නින්ග්.. අද පත්තරේ බැළුවද?”

ඔවු සර්..”

අපි අපේ රස්සාව මෙයාලට බාර දීලා හිටියනම් හරි වගේ ස්මිත්.. බලන්න.. මේකේ සාරාගේ මරණෙට සැක අය කවුද කියලත් කියලා දඬුවම් දෙනකන් බලන් ඉන්නව කියලත් කියලා...”

ඒකනම් ඇත්ත සර්.. කවදත් වෙන්නේ මේ දේනේ..”

හ්ම්ම්.. ඔව් ස්මිත්..”

වාඩි වී උන් ඇදි පුටුවෙන් නැගිටුනු ඩේවිඩ් තම උපැස් යුවල පිසදමමින් ආලින්දය දිගේ ඇවිද ගොස් ඈත වගා බිම් හොදින් පෙනෙන ජනේලය ලග නතරව මොහොතක් කල්පනා කලේය...

අළුත් හෝඩුවාවල් මුකුත් නැද්ද ස්මිත්..”

තියෙනවා සර්.. ඒ ගැන කියන්නත් එක්ක තමයි සර් මම උදේම ආවේ..”

කියන්න ස්මිත්..”

සර්, ජෝන් ඊයේ කියපු විස්තර ගැන මම හොයලා බැලුවා.. ජෝන් ඒ කියපු කර්මාන්තශාලාව තියෙන්නේ වික්ටෝරියා ඉදන් හැතැම්ම 2 එහායින්.. ජෝන් එතන වැඩ කරන එක ඇත්ත.. ඒත් සර්.. ජෝන් කියපු විදිහට සාරාගේ මරණෙ වෙන දවසේ ජොන් වැඩ කරලා නෑ.. අසනීපයි කියලා ජෝන් කලින් ගෙදර ගිහින් තියෙනවා...”

හ්ම්ම්.. එතකොට ජෝන් කොහොමද විශ්වාසෙන් කිවුවේ වැඩ කලා කියලා ඔප්පු කරලා පෙන්නන පුළුවන් කියලා..”

ජෝන් හවස 5ට එතනින් ගිහින් තියෙනවා... එතන ඉදන් වික්ටෝරියා වලට ඒතරම් දුරක් නැති නිසා ජෝන් සාරා මුණගැහෙන්න ආවා වෙන්න පුළුවන්..”

ස්මිත්ගේ තර්කේ හරි.. ඒත් මේ අතර මැද අපිට තව මොකක් හරි දෙයක් මග ඇරෙනවා ස්මිත්..”

සර් කියන්නේ ජෝන් නිවැරදි කියලද?”

එහෙම හිතන්න එපා ස්මිත්.. අපි නිවැරදි අහිංසකයි කියාලා හිතන් ඉන්න මිනිස්සු අපි හිතනවටත් වඩා දරුණු අපරාදකාරයෝ බොරු කාරයෝ වෙන්න පුළුවන්.. සමාජයට ඔවුන් පෙන්නන මූණත් එක්ක ගොඩ දෙනෙක් ඒ දේවල් පිළිගන්න කැමති නෑ.. විශ්වාස කරන්නේ නෑ.. ඒ හන්දම ඒ අය නිදහසේ තමන්ගේ අපරාද කර ගෙන යනවා..”

අපි ජෝන්ව අත් අඩංගුවට ගන්නවද?”

නෑ ස්මිත්.. ජෝන් වැඩ කරන තැන හිටියේ නෑ කියන එකෙන් සාරාව මැරුවේ ජෝන්මයි කියලා අපිට හිතන්න අමාරුයි..”

සර් මොකද්ද ඊලගට කරන්න හිතන් ඉන්නේ?”

මරියා ගැන තොරතුරක් නැද්ද ස්මිත්?”

නෑ සර්.. මරියාගේ උපන් ගම ලුසියානා වල... මම එහේ පොලීසියට ඇමතුමක් අරන් අපිට ඕන කරන හැම දෙයක් ගැනම කිවුවා.. අද දවස ඇතුලත ඔවුන් කතා කරාවි..”

හොදයි ස්මිත්.. ස්මිත් තේකක් බොනවද? අපි තව ටිකකින් රොනල්ඩ්ගේ ගෙදරට යන්න ඕන...”

හා සර්..”


මතු සම්බන්දයි..

53 comments:

  1. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ලෙඩ වාට්ටුවක් වෙලා හිටියා. ඒකයි. දැන් නම් යන්තන් හොද වේගෙන එනවා.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මධු අයියේ, මොකෝ උනේ.. අසනීපෙන් බව දන්නෙත් නෑ.. දැන් හොදයිනේ?

      Delete
  2. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බට්ටි අක්කට මොකෝ දන්නේ නෑ එහෙනම් උනේ.. ඩේවිඩ් කෘසෝටම ඒක බාර දෙන්න වෙයිද මන්දා.. :)

      හා හා දැන් ඔයාගෙන් කට්ටිය කතාව අහයි.. කියන්නේ එහෙම නෑ ඔන්න.. :)

      Delete
  3. ennna ennama interesting....

    Nisupa

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට බලමු නේ.. :)

      මොකෝ අද ඇනෝ..

      Delete
  4. හ්ම්ම්ම්. මගේ සැකේ නම් තියෙන්නෙම රොනල්ඩ් පැත්තට...ඒත් ඉතින් කාට කියන්න පුළුවන්ද...බලමු ඉස්සරහට වෙන්නෙ මොකද්ද කියලා...

    ReplyDelete
    Replies
    1. ලිහිණි අක්කා ඇයි රොනල්ඩ්වම සැක කරන්නේ?

      Delete
  5. තොරතුරු සම්පූර්ණ නැතුව නිගමනවලට එන්න බෑ කියලා තමා ෂර්ලොක් හෝම්ස් කිව්වේ.. ඒක නිසා අපි ලුසියානා වලට යනකම් හොඳ නින්දක් ගහමු.. හි හි

    ReplyDelete
    Replies
    1. අහ්.. මේ හැතැම්ම 2 යනකන් දොයියන්නද කල්පනාව.. :)

      Delete
  6. නියමයි...ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා..

      Delete
  7. ඔන්න කතා නියමයි සජීවියි.....

    ReplyDelete
    Replies
    1. තැන්කූ රාජ් අයියේ.. :)

      Delete
  8. හ්ම්ම්ම්...හ්ම්ම්...... සැක කාරයෝ ගොඩයි.... බලමුකො බලමුකෝ ඉස්සරහට මොකෝ වෙන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. සමනළිට කාවද සැක?

      Delete
  9. වැඩේ ටිකක් සංකීර්ණ වෙනවා වගේ. එතකොට තවත් රසවත්. බලමු මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ටිකක් විතර වැඩියෙන් සංකීර්ණ කලා.. කලින් හිතන් හිටියට වඩා.. ඉස්සරහට තව ටිකක් වැඩි කරන්න හිතුවේ මම.. :)

      Delete
  10. එන්න එන්නම කුතුහලේ... මරු මරු
    ජය වේවා!!!!
    සිනා බො වේවා!!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් මෙයා මේ ටිකේ නිදි නැතුව ඇති.. :)

      Delete
  11. මට නම් මේ කතාව මුල ඉඳන්ම කියවන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. තාම කොටස් තුනනේ.. හෙමිට කියවන් එමු.. :)

      Delete
  12. මමනම් මේ මෙගා වැඩෙට මනාප නැ බ්ලොග් පොස්ට් එක පාරින් ඉවර කරලා දාන්න

    ReplyDelete
    Replies
    1. මාත් දැන්නම් මේ මෙගා වැඩ වලට කැමති නෑ.. ඒත් ලොකු අයියේ.. මේක එකින් දාන්නත් බෑ.. වැඩිය දිග අදින්නේ නෑ.. ඉක්මනට ඉවර කරනවා.. :)

      Delete
  13. එතනින් එහාට මක්කැයි වෙන්නේ? තව කොච්චර කොටස් තියේද? :)

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කොටස් 9යි.. :)

      Delete
  14. Replies
    1. තැන්කූ සෙන්නා අයියේ..

      Delete
  15. 2ත් කියෝලාම 3 කියවන්න ආවා!! දැන් එන්න එන්නම කුතුහකය අවුස්සනවා!!! කොටස් විදියට ලියන කතාවක වෙන්න ඕනෙත් ඒකමනෙ..:)

    නියමයි!! ඊලඟ කොටසුත් බලමුකෝ!!

    ReplyDelete
    Replies
    1. හිතුත් ඉතින් මෙගා එකක් ලිවුව හන්දා කුතුහලේ තියලා ලියන හැටි දන්නව ඇතිනේ.. :)

      ඉතිරිය ඉක්මනටම..

      Delete
  16. කතාව මරුවට යනවා.....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මලයා..

      Delete
  17. මට එක කොටසක් මග හැරුණා වගේ...

    මේක නම් ඔබ මෙතෙක් ලියූ දේශිය කතාවලින් බැහැරට ගිහින් ටිකක් බටහිර පරිවර්තන කතාවක් වගේ දැනෙන්නේ.කොහොම වුනත් ඔබේ බස හැසිරවීම මොන ආකාරයෙන් වුනත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් රත්නායක අයියේ.. බරහිර සමාජ පසුතලය තමයි අර ගත්තේ.. ඒත් ලංකාවේ ගැමි සුවද එක්ක ලියන්න මම වැඩියෙන් ආසයි.. මේක ඉවර උනාම කෙටි කතාවක් එනවා එහෙම.. :)

      Delete
  18. මේ කවුද මොකද කරන්නෙ..
    ඊ ළඟකොටසින්.. :D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. ඒවා ඩේවිඩ් කෲසෝ හොයලා කියාවි අපිට... ;)

      Delete
  19. ආහ්හ්..අලුත් ට්‍රැක් එකකට වැටිල තියෙන්නෙ...නියමයි අයියණ්ඩී... ඔන්න නගාගෙනුත් සුබ පැතුම්... :)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ මේ නඟාව දැක්ක කල්.. ආයෙම ආව එක සතුටක්.. තැන්කූ තැන්කූ..

      Delete
  20. ඔක්කමට කලින් ඔයා කිඹුල්ලුද? :P

    කතාව නේ ? මට සැකයි එයාව අර මේ එයාව තමයි. එයා තමයි සුවර්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. නෑ මම කිඹුල්ලු නෙමෙයි බං..

      දැන් සැකයි කිවුවේ කාවද මන්දා... ;)

      Delete
  21. බොහොම ලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  22. සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ.කොටස් තුනම එක හුස්මට කියෙව්වා.ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් ලියද්දිත් එක එක්කෙනා කතාවේ අවසානය ගැන නිගමන වලට ආවානේ. මම නම් එහෙම නිගමන වලට එන්න කැමති නෑ..ඒත් අර රොන්ල්ඩ්කාරයාගේ හැසිරීම සැක සහිතයි. නියමෙට ලියලා තියනවා.....ජය!


    ප:ලි: බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න හිතාගෙන ඉන්නවා කියලා දාලා තිබුණනේ.අදයි දැක්කේ.ඒ වෙනස හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් ශර්ලොක් හෝම්ස් කියෙවුවේ එහෙමනේ.. මෙය තමයි අපරාධකාරයා කියලා හිතාගෙන.. ඒත් කීයෙන් කීයද හරි ගියේ.. හෙමිට කියවලා බලමු කවුද අපරාධ කාරයා කියලා..

      වැඩි දවසක් නෑ මලයා වෙනස් කරලා..

      Delete
  23. ඈ.....දැන්නම් මරු ඈ....

    ReplyDelete
  24. නියමයි.ඉතුරු ටිකත් ඉක්මනට...

    ReplyDelete
    Replies
    1. 4 කොටස සදුදට.. :)

      Delete
  25. ම්ම්ම්ම්ම් අපුරුයි

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්