Wednesday, 14 November 2012

සාරා 2 - හෝඩුවාවල් පසුපස

දිනකට පසු මරණ පරීක්ෂණ වාර්ථාව ඩේවිඩ්ගේ කාර්‍යාලගේ මේසය මත තැබූ ස්මිත් කාර්‍යලයේ ජනේලයෙන් ඈත බලන් ඉන්න ඩේවිඩ් දෙස මොහොතක් බලා හිද ඔහුගේ හඬ අවදි කලේය...

සර්, සාරාගේ මරණ පරීක්ෂණ වාර්තාව ආවා..”

හ්ම්ම්.. මොනවද තියෙන්නේ..”

මොට ආයුධයකින් හිසට වැදී ඇති දැඩි පහරවල් හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනය වීමත්, හෘදයේ සිට අගල් දෙකහා මාරක් ඉහලින් උල් ආයුධයකින් ඇති වුන ගැඹුරු තුවාලයක් හේතුවෙන් රුධිරය ගෙන යන ප්‍රධාන නාලයට දැඩි හානි පැමිණිමත් නිසා..”


හ්ම්ම්..”

මේ කේස් එකටත් ටිකක් කල් යාවි වගේ නේද සර්.?”

අපිට තාම හරි හෝඩුවාවක් නෑ ස්මිත්.. හැමෝම සැකයි උනත් හරියටම සැක කරලා ඒ පස්සේ පන්නන්න පුළුවන් කෙනෙක් නෑ..”

සර් මරියා ගැන මොකද හිතන්නේ?”

මරියා ගැන සැකයක් තියෙනවා.. ඒත් අපිට එදා මරියා එක්ක හරියට කතා කරන්න බැරි වුනානේ..”

ඔව් සර්.. ඒ කම්පනයත් එක්ක සර් එදා කතා නොකර හිටපු එක හොදයි..”

කම්පනයට වඩා එදා මරියා මොනවට හරි බය වෙලා හිටියේ.. මරියා මේ මර්ණේ ගැන මොනවා හරි දන්නවා..”

ඇයි සර් එහෙම හිතන්නේ?”

දුකින් වගේ පෙන්නුවට මරියා හිටියේ අපෙන් ඈත් වෙලා ඉන්න ඕන කියන කල්පනාවේ... මරියට යන්න කියපු වෙලාවේ ඇය පිට වෙලා ගියේ ලොකු උනන්දුවකින් වගේම ඉක්මනින්...”

මම ඒ බවක් දැක්කේ නෑ..”

මරියා ගැන තොරතුරු හොයන්න කියන්න ස්මිත්..”

හොදමයි සර්..”

ඩේවිඩ්ගේ කාර්‍යාලයෙන් ස්මිත් නික්මෙත්ම දොර අසළට විත් නැවතුන රොනල්ඩ්ගේ මුහුණ ඊයේ දැක්කාවත් වඩා බොහො සෙයින් වෙනස්ව ගොස් තිබුනි.. තැති ගැන්මක සේයාවක් ඔහුගේ මූණෙන් මානවට දිස් විය..

මිස්‍ටර් ඩේවිඩ් මට වැදගත් දෙයක් කියන්න ඕන..”

අවසරයක් නොඉල්ලාම කාර්‍යාලයට ඇතුළු උන රොනල්ඩ්, ඩේවිඩ්ගේ මේසයට බර වෙමින් කුමක් හෝ කියන්නට ලොකු උත්සාහයක් ගත්තත් ඔහු මොහොතක් දෙකක් කිසිවක් කියා ගත නොහැකිව ඩේවිඩ් දෙසම බලාගෙන සිටියේය...

කියන්න රොනල්ඩ්.. ඇයි හදිස්සියේ?”

මරියා, මරියා ඊයේ හවස ඉදන් ආගිය අතක් නෑ..”

මොනවා..”

ඩේවිඩ් හිද සිටි අසුනෙන් නැගිටුනේ වේගයෙනි... තමන් දෙසවත් නොබලාම කතා කරගෙන යන රොනල්ඩ් ලගට ලං උන ඩේවිඩ් ඔහුගේ කතාවට බාධාවක් නොකරම අසාගෙන සිටියේය...

ඊයේ හවස අදත් වෙනද වගේම වැඩට එන්න කියන්න මම මරියගේ ගෙදරට ගියා.. මරියා ඒ වෙද්දිත් ගෙදරින් යන්න ගිහින්..”

ඩේවිඩ් මුහුණේ ප්‍රශ්ණාර්ථයක් මතු කර ගනිමින් ස්මිත් දෙස බැලුවේය.... හදිසියේම ඈ එලෙස යන්නට කුමක් හේතු වන්නට ඇත්දැයි ඩේවිඩ්ට සිතා ගත නොහැකි විය...

රොනල්ඩ් දැන් යන්න... අපි මේ ගැන බලන්නම්..”

ඩේවිඩ්ගේ මුහුණ දෙස මොහොතක් බලා හිදි රොනල්ඩ් නික්ම ගියේ තව ගොඩාක් දේ කියන්නට උවමනා උනත් කියන්නට ඉඩක් නොලැබුනාක් මෙන් කේන්තියෙනි...

සර් ඇයි රොනල්ඩ්ව ඉක්මනින් පිටත් කලේ ? මට හිතුනේ රොනල්ඩ්ට තව මොනවා හරි කියන්න තිබුනා..”

හ්ම්ම්.. ඔව්.. ඒත් රොනල්ඩ් මොනවා හරි හංගමින් කතා කලේ.. ඒකයි මම යන්න කිවුවේ.. ස්මිත් අපි යමු මරියා නැවතිලා හිටිය ගෙදරට..”

පුටුව පිටුපසට දමා තිබු කඹාය ඉක්මනින් අඳිමින් දොර ලගට ආ ඩේවිඩ් තම රිවෝල්වරයද පරීක්ෂාවට ලක් කරමින් ස්මිත් සමගම ඉක්මනින් පිටත්ව ගියේ. මරියාගේ නිවස වෙතය..

මරියා ඊයේ හවස ගියා කියලා රොනල්ඩ් කිවුව එකේ ඇයි සර් හදිස්සියෙම මරියලගේ ගෙදරට යන්නේ ?”

අපිට වැදගත් කියලා හිතෙන කිසිම දෙයක් එතනින් නැති වෙන්න කලින් ස්මිත්..”

ඒ කිවුවේ?”

අපි යමුකෝ..”

වෙනදා මෙන්ම වාහනයේ යද්දි නිහඬ වුන ඩේවිඩ් සිතුවිළි අතර සිරවෙමින් තමන් ඉදිරියේ තිබූ අපරාධය ගැන සිතන්නට විය.. වික්ටෝරියා වලට මදක් ඈතට වන්නට තිබු මරියාගේ නිවස වෙත යන මාවත පාළු මුහුණුවරක් ගත් අතරම නිවෙස් වලට වඩා වගා බිම් වලින් ඒ පෙදෙස පිරි පැවතුනි...

ස්මිත්, වාහනේ ගේ පහු කරන් ගිහින් නවත්තන්න...”

වේගය අඩාල කරමින් මරියාගේ නිවෙස අසල වාහනය නතර කරන්නට ගිය ස්මිත්ට හදිසියේම ඩේවිඩ්ගෙන් ලැබුන නියෝගයෙන් නිවෙසට මදක් ඈතට වන්නට වූ වගා බිමක් ආසන්නයටම ස්මිත් වාහනට පදවාගෙන ගියේය..

ඇයි සර් හදිස්සියෙම?”

අපි මෙතනින් බැහැලා යමුකෝ..”

බොහෝ වේලාවට ඩේවිඩ්ගේ මෙවැනි හදිසි වෙනස් වීම් ස්මිත්ට හුරුපුරුදු නිසාම නිහඬ්වම ඩේවිඩ් සමගම වාහනෙන් නික්මුන ස්මිත් මරියාගේ නිවස දෙසට පිය නගන්නට විය...

කුඩාවට ඉදිවුන නිවස තරමක් ලස්සනට පෙනුනත් අපිලිවෙලට වැඩුන ගස් නිසාම විටෙක පාළු ගතියකුත් මවන්නට සමත් උනා.. බොහෝ දිනකින් කිසිවෙකුත් එහි නොසිටි බවට සළකුණු නිවෙසට ඇතුළු වන්නත් පෙරම දිස් විය..

අපි ගේ ඇතුල බලන්නේ කොහොමද සර්.. දොර කඩන්න අවසරයකත් නෑ..”

දොර කැඩුවේ අපිමයි කියලා දැන ගන්න කවුරුවත් නෑනේ ස්මිත්..”

ස්මිත් කිසිවක් කියන්නටත් මත්තෙන්ම ඒ අසලම තිබුන මුගුරකින් වැරෙන් පහරක් දොර අගුල මතට ගැසු ඩේවිඩ් දොර විවර කලේය.. ඒ සමඟම නිවස ඇතුලතින් හමා ආ දුඟදින් බොහෝ දවසක් එහි කිසිවෙකුත් නොසිටි බව කියා පෑවේය...

ඊයේ ගියා කිවුවට මරියා දවස් ගානකින් මේ ගෙදර ඉදලා නෑ වගේ සර්..”

හ්ම්ම්..”

එතකොට රොනල්ඩ් කිවුවේ?”

බොරු..”

ඒත් ඇයි සර්?”

ඒක තමයි ස්මිත් අපි හොයා ගන්න ඕන..”

ඩේවිඩ්ගේ කතාව අවසන් වත්ම ගේ පිටු පස දොරින් ඇසුන ශබ්ධයෙන් ඔවුන්ගේ අවදානය මොහොතින් ඒ දෙසට යොමු විය.. ඉදිරි පස විවර වුන දොර හෙමින් අතින් වැසූ ඩේවිඩ් නිවස ඇතුලේ ආලෝකය වැඩියෙන් නොවැටෙන තැනකට ගොස් ස්මිත් හටද එසේ කරන්නට සලකුණු කලේ නිවසේ පිටුපස දොර විවර කරගෙන එන කෙනා කරන්නේ කුම්ක්දැයි මොහොතක් බලාසිටිමේ අරමුණිනි...

තලෙළු පෙනුමත් තිබු තරුණයෙකු මොහොතකින් ආලින්දය වෙතට ආවේ තරමක් කලබලයෙනි.. ඔහු ආලින්දයේ තිබූ හැම දෙයක්ම ඒ මේ අත පෙරලිමින් කුමක් හෝ සොයන්නට විය... අතට අහු වෙන හැම දෙයක්ම එතරම් උනන්දුවක් නොදක්වාම විසි කර ඔහු යම් කිසි දෙයක් අරමුණක් ඇතිව සොයන්නට විය....

ඩේවිඩ් ස්මිත් සමග ආලින්දය පෙනෙන මානයේ සිට මේ හැමදෙයක්ම නිහඬවම බලා සිටියේ තම දෑස් ඉදිරියේ උන් පුද්ගලයා තම අරමුණ ඉටු කර ගන්නා තුරාය... ඒත් හදිසියේම ඔහුගේත් ඩේවිඩ්ගේත් දෑස් එක වරෙම යොමු උනේ ගෙමිදුල දෙසටය.. පාරේ පසෙක නතර කල වාහනයෙන් බැස කීප වතාවක්ම ඒ මේ අත බලමින් මරියාගේ නිවස දෙසට එන රොනල්ඩ් දුටු ඩේවිඩ් මදක් මවිත විය...

රොනල්ඩ් ඇයි මේ වෙලාවේ මෙහේ ?”

ඔහු හෙමින් ඔහුටම මුමුණා ගත්තේය... ඉදිරි පස දොරින් ඇතුළු උන ඔහුට ඒ දොර කඩා විවර කල බවක් එතරම්ම තේරුම් නොගියේය.. ආලින්දයේ උන් තරුණයාද රොනල්ඩ් දැක පලා යන්නට උත්සාහ නොකලේය.. ඔහු තම සෙවිල්ල නතර කර රොනල්ඩ් දෙස බලා සිටියත් ඔහුව දැකීම රොනල්ඩ් නම් අනපේක්ෂිත සිදුවීමක් බව ඔහුගේ මුහුණින් පෙනෙන්නට විය...

තමුසේ..”

රොනල්ඩ් තමන්ට හුරු මහත්මා ගතියෙන් බැහැරව තරුණයා ඇමතීය..

ඔව් මම..”

තමුසේ මගේ ගෑණි මරා ගත්තට පස්සේ තව මොනවද ඕන කරන්නේ?”

සාරාව මම මැරුවේ නෑ.. ඇයි මම සාරාව මරන්නේ..?”

ඩේවිඩ්වත් ස්මිත් වත් ඒ ආලින්දයේම ඉන්නවායැයි නොදැන ඔවුන් කියා ගෙන යන දේවල් ගැන ඩේවිඩ් හොද අවදානයෙන් ඇහුම්කන් දී ගෙන සිටියේය..

හේතු තිබ්බා... එක පාරක් මරණවා කියලා කෑ ගහලම ගියා..”

ඔව්.. ඒ ආවේගයට.. ඒත් මම මගේ සාරාට ඇයි එහෙම කරන්නේ?”

තමුසේ මොනවද මෙහේ කරන්නේ?”

ඒකෙන් රොනල්ඩ්ට ඇති වැඩක් නෑ..”

වැඩක් තියෙනවා.. මගේ ගෑණිගේ මිණිමැරුම වෙලා තියෙද්දි තමුසේ මෙහෙම අපේ වැඩකාරිගෙ ගෙදර ඉස්සරහ දොර කඩාගෙන ඇවිත් හොයන දෙයින් වැඩක් තියෙනවා...”

ඉස්සරහා.. මම ආවේ පිටි පස්සේ දොරින්.. ඉස්සරහ දොරක් ගැන මම දන්නේ නෑ..”

එතකොට ඉස්සරහ දොර කැඩුවේ?”

මම..”

හැම දෙයක් ගැනම නිහඬවම අසාගෙන හිටි ඩේවිඩ් ආලින්දයේ අදුරු පසින් එළියට පැමිනෙමින් තමන්ද ඔවුන් දෙදෙනා එක්කම මෙහි රැදි සිටින බව ඔවුනට අඟවත්ම අදුරු වී ගිය ඒ මුහුණු කුමක් හෝ ලොකු දෙයක් සඟවන බව හොදින්ම කියා පෑවේය..








54 comments:

  1. Replies
    1. හෆ්ෆේ මෙයා එක වෙලා අනිත් අය එක්ක වලිත් එක්ක...

      Delete
  2. ම්ම්ම්.. මෙන්න බොලේ ෂර්ලොක් මහත්තයා ගේ ඇතුලෙන් එලියට එනවා..

    ReplyDelete
    Replies
    1. මරණේ ගැන හොයන්න හැම තැනම් යන්න එපැයි ඉතින්..

      Delete
  3. onna kal ganne nethuwa ilaga kotasa one.....
    adane hariyata bloge wenas kama dekke...
    lassanai...:)))

    ReplyDelete
    Replies
    1. ඊලග කොටස සිකුරාදා උදේම..

      හෆ්ෆේ එදා දැක්කේ නැද්දෝ.. තැන්කූ තැන්කූ..

      Delete
  4. කවදත් ත්‍රාශය කුතුහලයෙන් පිරිච්චි කතාවලට මම ඉතා කැමතියි ස්තුතී ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තූති කරන්න ඕන මම.. කියවලා මේ දෙන සහයෝගයට.. :)

      Delete
  5. අම්මෝ... දැන් දැන් හොඳ හොඳ සෙල්ලම් වෙනෝ... සෝයි.. මට ආයිත් හෝම්ස් මහත්තයා ළඟ වැඩ කරපු දවස් මතක් වෙනෝ... අනේ ඉක්මනට දාන්න ඊළඟ එකත්..
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකද්ද පණූ ඔයාගෙ ඔය ෂර්ලොක් මහත්තයාගේ කතාව?

      Delete
    2. මේක හරි යන්නේ නෑ.. දැන් ඔය මතක් වෙනවා කිවුව ඒ දවස් ගැන නොකිවුවොත් බලාගෙනයි..

      Delete
    3. මධු අයියේ, මට පේන්නේ මොකක් හරි පලහිලවුවක් තියෙනවා වගේ.. :)

      Delete
    4. ඇයි අනේ... ඔයාල ශලොක් හෝම්ස් ගේ පොත් කියවල නැද්ද.. මේක කියවද්දී මට එවුවමයි මතක් වෙන්නේ...

      Delete
    5. අහ්.. ඒ ගැනද මේ කිවුවේ?

      Delete
    6. යෑස්... මං ඒ කාලේ හෝම්ස් මහත්තයාගේයි දොස්තරගෙයි සහයිකාව නේ... ඉතිං මාත් ඔවුව ගැන දන්නවා හොඳේ... ;)

      Delete
  6. පස්සේ තමා මතක් උනේ. මේ කතාව දානවද නැද්ද කියලා ජනමත විචාරණයක් තීබ්බ විත්තිය.
    කොහෙද ඉතින් මතකේ හොඳකම මිසක් !

    ReplyDelete
    Replies
    1. මතකේ හොදකම පැත්තක තියමු මධු අයියේ.. අවුරුද්දේ මුල එහෙම අහලා මම දැන්නේ කතාව ලියන්නේ.. ඉතින් අමතක වෙන් එක අහන්නත් දෙයක්ද?

      Delete
  7. Replies
    1. බ්ලොග් එකේ වටපිටාවේ වෙනස දැක්කේ අදනේ...

      Delete
    2. හිරූ අක්කා ඇයි හිනා වෙලා..

      කලින් කොටසට ආවේ නෑනේ තලායි.. එකනේ වෙනස අද දැක්කේ... :)

      Delete
  8. නියමයි නියමයි...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  9. කුතුහලය පිරිලා. මරියාව අතුරුදහන් කරලා තියෙන්නෙත් රොනල්ඩ් වගේ.. මට නම් හිතෙන්න රොනල්ඩ් සාරාගෙ මරණයට කොතනින් හරි සම්බන්ධ ඇති කියලා...

    ReplyDelete
    Replies
    1. ලිහිණි අක්කා හිතන්නේ එහෙමද? ඉස්සරහට බලමුකෝ නේ.. :)

      Delete
  10. නියම කතාවක්... ඔය රහස් පරීක්ෂක කතා වලට මං මාරම ආසයි.... ඉතුරු ටික ඉක්මනින් දාන්නෝ........

    ReplyDelete
    Replies
    1. 3 කොටස මේ ඩ්‍රාෆ්ට් කලා විතරයි.. :)

      Delete
  11. කතාව නම් ආසාවෙන් කියෙව්වෙ ...

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකත් කියවන්න එන්න මලයා.. :)

      Delete
  12. එතකොට කාටද උවමනාව තිබ්බේ සාරව මරන්න ?.

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්ණෙටනේ මේ අපි උත්තර හොයන් යන්නේ.. :)

      Delete
  13. නියමයි අයියේ..රහස් පරිකෂක කතා වලට මම නම් මාරම ආසයි...කලින් කොටස කියෙව්වට මේ දවස් වල ටයිප් කරන්න මාරම කම්මැලියිකමක් තියෙන්නේ ඒ නිසා කොමෙන්ට් එකක් කෙටුවේ නැ...සමාවෙන්න ඕනේ...:(
    කල් ගන්නේ නැතුව ඉක්මනට ඉතිරිය දාන්න හොදේ..අපි අනිවාර්යෙන් කියවනවා...:)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ මෙයාව දැක්ක කල්.. දැන් ලියන්නේ නැද්ද ආ.. :)

      කම්න්ට් නැතුවට මොකෝ.. කියවලා යන එකම මදැයි..

      Delete
  14. දෙපැත්තෙ පොටෝ දෙක :)

    මම හිතුව වෙන බ්ලොගක් කියලා :ඩී

    ReplyDelete
    Replies
    1. හික්ස්.. මේ ඒ වර්ණයම තමයි... :)

      Delete
  15. නියමයි ,,,, කතාව වෙනද වගේම ..

    ReplyDelete
  16. ඔන්‍න‍ ඉතින් පොඩි පොඩි කෑලි පොස්ට් කරන එක හෙලා දකින්න තාම වෙන්නේ

    ReplyDelete
    Replies
    1. වැඩ + මල් + බ්ලොග් = ජීවිතේ වෙලා තියෙන්නේ මේ දවස් වල.. මේ දිගට හරි ලියන්නේ ඉතින් ඔය ඔක්කොම කරන අතරෙනේ මී අයියේ.. හෙලා දකිනු එපා.. :)

      Delete
  17. සාමන්‍ය සාම්ප්‍රදායික රහස් පරීක්ෂක කතාවකට වඩා වෙනස් විදිහට කතාව යනවා. නියමයි දිනේශ්!

    ReplyDelete
    Replies
    1. ශර්ලොක් හෝම්ස් රාමුවේ නැතුව හිතපු එක ගැන සතුටුයි අයියේ.. :)

      Delete
  18. කතාව නැගලා යනවා වගේ..ඉතුරු ටිකත් ඉක්මනට දාන්න හොඳේ...

    ReplyDelete
    Replies
    1. නැගලා යනෝ ලොකු අක්කේ.. වැඩේ කියන්නේ හිතුවට වඩා දැන් කතාවත් දික් වෙනවා වගේ... :)

      Delete
  19. මරු ඈ... රහස් පරික්ශක කතා කියවන්ඩ මාත් ගොඩක් ආසයි...

    මේ පුද්ගලික පරීක්ශකයො දෙන්නෙක්ද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා අයියත් ඇවිත්.. තැන්කූ තැන්කූ..

      නෑ නෑ.. මේ පොලිස් පරීක්ශකයෝ දෙන්නෙක්.. මට ඒක මුල එකේ ලියන්න බැරි වීමක් උනා මම හිතන්නේ..

      Delete
  20. එකයි දෙකයි දෙකම අද කියෙවුවෙ...අනික් කොටස් ටිකත් ඉක්මනට දාන්න මල්ලි..මං වගේ කල් ගන්නෙ නැහැනෙ ඔයා..බලා ඉන්නවා....බලන්න ඒ ටිකත්...

    ReplyDelete
    Replies
    1. හා හා අක්කේ.. කල් ගන්නේ නෑ.. මේ මාසේ ඉවර වෙන්න කලියෙන් කතාව ඉවරයි.. :)

      Delete
  21. නියමයි ඈ.. ඉතිරි කොටසත් ඉක්මනට ආවනම් හොදයි.

    ReplyDelete
    Replies
    1. ඉතිරි කොටස හෙට..

      Delete
  22. Replies
    1. තෑන්ක්ස් මලයා..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්