Friday, 2 November 2012

විදුහල්පති පෙම ( ඉස්කෝලේ කතා 12 )

කපුටා එක්ක තිබ්බ ප්‍රශ්ණ වල ඉවරයක් තිබ්බේ නෑ.. ප්‍රධාන ශිෂ්‍ය නායක වෙන්න කලින් කපුටා එක්ක තිබ්බ ඔක්කොම වලි තිබ්බේ පන්තිය ඇතුලේ විතරයි.. බැන ගන්න ඕන උන වෙලාවට බැන ගත්තා ගහ ගන්න ඕන උන වෙලාවට ගහ ගත්තා.. ඒත් ප්‍රධාන ශිෂ්‍ය නායක උනාට පස්සේ බැන ගත්තා උනත් ගහ ගන්න යන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.. මොකද ඒක මට වෙනදට වැඩිය කෙලින්ම බලපාන නිසා.. ඒ දවස් වල මගේ ඉවසීම ගොඩක්ම අඩු නිසා ඔය ප්‍රශ්ණ බැන ගෙන විසද ගන්න තියෙන චාන්ස් ගොඩක් අඩුයි.. ඒ හන්දා කෝකටත් කියලා බැන ගන්න යන එකත් නතර  කරන්න උනා..

හැබැයි කපුටා මම නිහඬ උනා කියලා ඌ සද්ද නැතුව හිටියේ නෑ.. පන්තිය ඇතුලෙදි මම ඌ එක්ක පැටලෙන්නේ නැතුව් ඉද්දි ඌ කලේඅපේ ප්‍රශ්ණ ප්‍රිෆෙක්ට් බෝඩ් එකට ගෙනාව එක.. ඒකේ අපි කරපු ගොඩක් දේවල් වල පොඩි පොඩි අවුල් පවා ලොකු දේවල් කරලා කෑ කියන්න ගත්තා.. හැබැයි ඒකෙනුත් කැපුනේ කපුටම තමයි.. ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ කවුරුවත් ඌව ගනන් නොගන්න ගානට වැටුනා.. කෙල්ලො කතා නොකරන ගානට වැටුනා.. ඉන්න ඔක්කොම මට තව හිතවත් උනා.. ඒකෙනුත් වාසි මටමයි.. ඉවසීමෙන් සැනසිම ලැබෙනවා කියන එක ඇත්ත කියලා තේරුනේ ශිෂ්‍ය නායිකාවෝ ඇවිත් " අසන්ත අයියා ඕවා ගනන් ගන්න එපා.." කියලා කියද්දි තමයි.. :D

ඒක එක ජාතියේ බාල්දි  වැටෙන අතරේ දවස් ගෙවිලා යද්දි දවසක් මගකදි මට කලින් හිටිය ප්‍රධාන ශිෂ්‍ය නායක අයියව අහම්බෙන් වගේ හම්බුනා.. විස්තර කතා කරලා මගේ ගානේ මොනා හරි බොන්න යමු කියලා අඬගහන් ගිහින් සරුවත් එකක් බොන ගමන් කතාවක් දාගෙන හිටියා..

" මල්ලි, උඹ මං කියපු එක ගැන බැළුවද?"

" හ්ම්ම්.. මොකද්ද අයියේ?"

" ඕකනේ උඹේ සිහිය එක්ක මෙලෝ වැඩක් කරන්න බෑ.."

" හරි හරි ඉතින්.."

" මම කියපු ලොක්කගේ කේස් එක බැළුවද?"

එතකොට තමයි ඉශංක අයියා අස් වෙන්න කලින් දවසක කියපු කතාව ඔළුවට ආවේ.. ඒ ලවු හුට පටයක් ගැන කතාවක්.. වෙන කාගෙවත් නෙමෙයි.. අපේ ලොක්කගේ.. අපේ ලොක්කා අවුරුදු 50 පැන්න කෙනෙක් උනාට හෙන මනමාලයා.. අපි කිවුවේ සමනලයා කියල..හෙහ්.. මේ ඉශංක අයියා මට බලන්න කිවුව හුටපටේට කලින් තව පුංචි පුංච් කේස් වගයක් තිබ්බා.. හැබැයි ඒවා ඇත්තමද කියලා ඔප්පු කරන්න බෑ.. ඒ කොම උනත් අපි දෙන්නගේ නම් ඉස්කෝලේ පිටිපස්සේ තාප්පේ ලිවුවා O/L ලියන කාලේ.. ඒක වෙනම කතාවක්.. 

" නෑ ඉශංක අයියේ.. මට තාම අල්ල ගන්න බැරි උනා.."

" මල්ලී, ඕක ගැන විමසිල්ලෙන් ඉදපන්.. ඕක හරියටම අල්ල ගන්නවනම් ඒක කරන්න පුළුවනුත් උඹටම තමයි.. උඹට ඉස්කෝලේ ඕන අස්සක ඕන වෙලාවක යන්න පුළුවන්.. කවුරුවත් ප්‍රශ්ණ කරන්නේ නෑ.."

" හ්ම්ම්.. ඒක ඇත්ත.."

" හැබැයි ඕක හරියටම අල්ල ගන්නකන් කා එක්කවත් කියන්න යන්න එපා.. මතකනේ මට උන දේ.. එකම පන්තියේ උන්වත් ශුවර් කරන්න එපා.. මම එහෙම කිවුවයින් තමයි මට පස්සේ ප්‍රශ්ණ ආවේ.. මතකනේ අන්තිම කාලේ මට ලොක්කා ඇදපු කේස්.. ඒ හන්ද කල්පනාවෙන්.."

ඉශංක අයියා කියපු කතාව ඇත්ත.. මොකද අපි කවුරුවත් ඒ දවස් වල හරි හේතුව නොදැන හිටියට ලොක්කා අයියගේන් පන්න පන්න පලි ගත්තා වගේ එකක් උනා.. වතාවක් මම පන්තියේ නොයිද මාට්ටු වෙලා ඉශංක අයියගේ වැඩකට ගියා කිවුව වෙලේ ඒකට ලොක්කා උවම්නාවටත් වඩා අයියට බැන්නා.. හැබැයි ඇත්තටම මම ගියේ අයියා කිවුව වැඩකට තමයි.. නැතුව ගැලවිල්ලට කිවුවා නෙමෙයි..

" හරි ඉශංක අයියේ.. මම බලන්නම්.."

ඊට පස්සේ එක එක දේවල් ගැන ටික වෙලාවක් කතා කර කර සරුවත් එක ඉවර කරලා ඉශංක අයියත් යන්න ගියාට පස්සෙත් මම කල්පනා කලේ මේ හොර ලවු එක ගැන හොයන්නේ කොමද කියලා.. ඕක හොයන්න ගිහින් ඉශංක අයියට උන දේවල් වල හැටියට ඒවා බලාගෙනම ඕන මේක ගැන හොයන්න.. පස්ස ගහලත් බෑ.. ඔක්කොටම වැඩිය කුතුහලේ නේ.. :)

ඔක්කොටම කලින් කලේ දැන් ඔය කිවුව ගුරුවරී ගැන ඇහැ ගහන් හිටිය එක.. එයා ඉගැන්නුවේ විද්‍යාව.. අපිටත් ඉස්කෝලේ 7 පන්තියේදි ඉගැන්නුවේ මෙයා.. ටිකක් සල්ලිකාර හන්දා ඇන්දේ කලේ වැඩි ස්ටයිල් එකට.. ගෙවල් තිබ්බෙත් ඉස්කෝලේ ලග ඉදන් වැඩි දුරකම නෙමෙයි.. කාර් එකේ හස්බන්ඩා ගෙනත් දාන හන්දා ඕන නම් ගෙදර ඉදන් එන්න විනාඩි 10 වගේ යාවි.. 

මම HP  උනාට පස්සේ හැමදාම ඉස්කෝලට ගියේ 7.15 විතර.. හැමදාම පොත ඉස්සෙලම අත්සන් කරන්නේ මම හන්දා ඔය වෙලාව මට හොදට මතකයි.. ඔයිට විනාඩි දෙක තුනක් එහා මෙහා වෙන්න මම හැමදාම අත්සන් කරන්නේ.. මම යද්දි හැමදාම වගේ ලොක්කයි මේ මිසුයි දෙන්නම ඉස්කෝලේ ඇවිත්.. ලොක්කනම් දුර ඉන්නේ.. ඊටත් වඩා ඉතින් ඉස්කෝලෙ ප්‍රින්සිපල් නේ.. එච්චර වේලස්සන එන එක මහ දෙයක්යැ.. ඒත් මේ අල්ලපු වැටේ ඉන්න මිස්.. මෙයා මොකටද මෙච්චර වේලස්සන එන්නේ?


දවසක් ඔෆිස් එකට මොකද්දෝ වැඩකට ගිය වෙලාවක ලොක්කා හිටියේ නෑ ඔෆිස් එකේ.. හිටියේ ලොක්කගේ ඇසිස්ටන්ට්.. අපි මෑන්ස්ට කිවුවේ සුනිල් අයියා කියලා.. සුනිල් අයියා එක්ක ඕන දෙයක් කතා කරන්න පූළුවන්.. හිත හොද මනුස්සයා.. ලොක්කා නැති එකේ ගිය වැඩේට අමතරව ඕන ඕන නැති එවුවා කියව කියව ඉදලා මටත් දැන ගන්න ඕන දෙයක් ඇහුවා..

" සුනිල් අයියේ.. ලොක්ක හැමදාම උදේ කීයටද එන්නේ?"

" 7ට 7.10 වගේ එනවා.. ඇයි මොකෝ උඹට ඒක.."

" මේ ලොක්කා එන්න කලින් මට ගුරු අත්සන් පොත පොඩ්ඩක් පෙන්නනව.."

" අර තියෙන්නේ අතන.. තාම අද පිටුව පෙරලලා ඇති.."

කියන පරක්කුවෙන් මාත් ටක් ගලා ගුරු අත්සන් පොත ලග ගියා.. ගිහින් බැලුවේ මුන් නම් දෙක.. එකටම ලොක්කා ඉන්නවා.. ඊට පස්සේ මිස්.. කිවුවත් වගේ 7.10 විතර වගේ තමයි පොත අත්සන් කරලත් තියෙන්නේ.. හෙමීට කලින් කලින් දවස් කිපෙකත් පිටු හොරාට පෙරලලා බැළුවා.. ඒවත් ඒ විදිහමයි.. ඕන කරපු දේ බලාගත්තට පස්සේ  මම හෙමීට ඔෆිස් එකෙන් එන්න ආවා..

ඊට පහුවදා මම හරියට 7 වෙද්දි ඉස්කෝලේ.. කවුරුවත්ම නෑ.. ඔෆිස් එකත් වහලා.. ඒ හරියේ පොඩි වටයක් දාලා බලලා ගේට් එක පේන කිට්ටුව හොරාට ඇහැ දාගෙන හිටියා.. ටික වෙලාවකින් ලොක්කගේ බයික් එක ආවා.. හැමදාම ඒක නවත්තන තැන නතර වෙලා ලොක්කා ලතාවට බැහැලා කාරිය එද්දි මිසුත් ආවා ගේට්ටුවෙන් ඇතුලට.. එයා කෙලින්ම ගියේ ස්ටාෆ් රූම් එකට.. ගිහින් විනාඩියෙන් මෙයා ආවා ඔෆිස් එක පැත්තට.. ඔෆිස් එකට ගියාට පස්සේ විනාඩි පාලොහක් වගේ විතර යනකම් හැම දේම නිසොල්මන්.. :D

මේ විදිහට උදේ 7 ඉස්කෝලේ ගිහින් සති දෙකක් විතර ඔත්තු බැළුවා.. හැමදාම වෙන්නේ එකම දේ.. ඊලගට තිබ්බේ දෙන්නා ඇතුලේ මොකද කරන්නේ කියලා දැන ගන්න එක.. ඒකටත් බලාගෙන හිටපු දවස හෙමීට ආවා.. දෙන්නම ඔෆිස් එකට ගියාට පස්සේ එක දවසක් මාත් ඒ එක්කම වගේ ඔෆිස් එක පැත්තට ගියා.. ලොක්කයි මිසුයි ඔෆිස් එකට ගිහින් වැඩි වෙලාවක් නෑ මම යද්දි.. මම එක පාරම දැක්ක දෙයින් මටත් කර කියා ගන්න දෙයක් නැති උනා..

ලොක්කා මිස්ට ගුට් මෝනින්ග් කිස් එක දෙනවා.. හෆ්ෆේ මාව කරකවල අත ඇරියා වගේ.. මොනා කරන්නද, කොහාට හැරෙන්නද කියලා හිත ගන්න බැරුව මම ආපු එක එහෙමම ඔෆිස් එකටම රිංගුවා.. මාව දැකලා දැන් මේ දෙන්නටත් කර කියා ගන්න දෙයක් නෑ.. ලොක්කා එහමම එළියට ගියා.. මිස් අත්සන් පොත ගාවට ගියා.. අන්ත අසරණ උන මම හීනෙන් වගේ කබඩ් එක ලගට ගිහින් කලින් දවසේ ගලවලා අරන් තිබ්බ ජාතික කොඩියයි පාසල් කොඩියයි අතට අරන් ආයෙම හැරුනා.. මිස් අත්සන් පොතේ මූණ ඔබාගෙන.. ලොක්කා එළියේ.. මම එළියට එද්දි මේකා මගේ දිහා බැළුවා..

" පුතා මොනා ගන්නද ආවේ?"

" මේක ගන්න ආවේ.."

වචන කටට ආවේත් නෑ.. මම කොඩි දෙක පෙන්නලා හෙමීට මාරු උනා.. මොකෝ දන්නේ නෑ හීන් දාඩියත් දාලා තිබුනා.. මාත් එක්කම වගේ මිසුත් ඔෆිස් එකෙන් එලියට ඇවිත් ස්ටාෆ්‍ රූම් එක පැත්තට ගියා.. මම ගිහින් උන දේවල් ගැන හිත හිත කොඩි දෙක දැම්මා.. 

ඒ කියන්නේ ඉශංක අයියා කිවුව කතාව ඇත්ත.. දැන් මට සීන් එක අතටම මාට්ටු.. ඒත් හිතේ පොඩි ප්‍රශ්ණෙකුත් ආවේ නැතුවම නෙමෙයි.. ඉශංක අයියට වගේ මටත් අවුල් ඒවිද නැද්ද කියන එක.. ඒගැන ඊළග ඉස්කෝලේ කතා වලින්.. 






107 comments:

  1. හෑ.... හත් ඉලව්වට ගහපු කලාබර කිව්වලු... ඉතුරු ටිකත් බලන්න දැන් හදිස්සියි..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඉතිරිය හෙමීට ඉතින්.. :)

      Delete
  2. හපොයි.. සිකේ.. දෙය්යනේ.. අයියෝ.. අම්මෝ..

    ReplyDelete
    Replies
    1. මොකො මොකො මලයා.. :)

      Delete
  3. පවු යකෝ! අසරණ ලව් කුරුල්ලෝ දෙන්නා! ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අපේ කොල්ලෝ කීයකගේ ලවු අසරණ කරන්න ඇත්ද.. :)

      Delete
  4. අම්මතසිලි... හික්ස්!!! මට අපේ ඉක්කොලේ කතාවකුත් මතක් උනා..
    ඉතිරිය ඉක්මනට දාන්න හොඳේ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ ඉස්කෝලේ මතක් උනා කිවුව එකත් ලිවුවනම් නරකද ඉතින්... :)

      Delete
  5. මොනා උනත් ඔව්ව කැත වැඩ..! උබට ඔන්නෙ නැති එව්වට හොටදාන්න යනවනෙ ඉතින්...

    ReplyDelete
    Replies
    1. උඹත් මාර කතානේ කියන්නේ.. මාසයක් මග රැකලා ඉදලා ඉදලා හොරා අල්ල ගත්තේ.. එහෙම පුළුවන්ද?

      Delete
  6. ඔය ඉතිං... ඉල්ලන් කාලනේ මෙයා.... හයියෝ..........

    ඔන්න ඇත්තම කියන්නම්කෝ... ඉස්කෝලෙක මේ වගේ කතාවක් ඇහුවේ අදමයි ඕං...

    ReplyDelete
    Replies
    1. මොන ඉල්ලන් කෑමක්ද හිරූ අක්කේ.. ඉස්සරහට බලමුකෝ..

      මොකද අනේ වෙන්නේ නැත්තේ.. අපේ ලොක්කටනම් මම අවුට් වෙන්න කලින් 3ක්ම තිබ්බා..

      Delete
  7. හිකිස්....
    කැරලිකාරී

    ReplyDelete
    Replies
    1. මෙයා මොකෝ හිනා.. :)

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හොරා තමයි.. මොන අසරණද සුදූ ඒ දෙන්නා.. :)

      Delete
  9. mallitath mara wada thamai wenne.. oya wage dewal nam ithin samahara iskola wala wenawane.. habai ithin athatama ahu unama prasna ena welawaluth thinawane.. e handa ita passe una dewaluth ikmanata dana ganna kamathi..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මොකද මෙහෙම දේවල් නොවෙන්නේ.. හැබෙයි ඉතින් මෙහෙම අහු වෙන ඒවා අඩුයි.. හැමෝම මං වගේ නෙමෙයි නේ ඉතින්.. :)

      Delete
    2. eka nam aththa.. eth ita passe ena awl gana hithannath onane.. ahu una wage nemei ne..

      Delete
    3. ඊට පස්සේ සෑහෙන දේවල් ටිකක් උනා.. ඒවා හෙමීට ලියන්නම්.. :)

      Delete
    4. ewath liyanna.. kiyawanna asawen innawa..

      Delete
  10. මේ සීන් එක කිව්වමයි මතක් උනේ අපේ විද්‍යා සර් රුයි ගණන් මිසුයි අතරත් ඔහොම පල හිලව්වක් තිබ්බා. ඒ දවස් වල නම් මිස් විද්‍යාගාරයෙන් හෙල්ලෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. නරකද අයියේ ඒ ගැන ලාවට වගේ ලියලා පෝස්ට් කෑල්ලක් දැම්මනම්.. :)

      Delete
  11. මාත් දන්නව ඔහොම සීන්එකක්.

    ReplyDelete
    Replies
    1. රාජ් අයියා ඉතින් ඒක ගැන පෝස්ට් එකක් දානවලු.. :)

      Delete
  12. පව් අප්පා අර දෙන්නා...මෙයත් කරන්නෙ මාර වැඩනෙ..හි හී

    ReplyDelete
    Replies
    1. හෙහ්.. නරක පුරුදුනේ අක්කේ ඉතින්.. :)

      Delete
  13. උඹලගේ ඉස්කෝලෙත් මරු සීන් නේ වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තව හොද සීන්.. :)

      Delete
    2. දාන්න දන්න.. කියවන්න බලන් ඉන්නේ..

      Delete
    3. හෙමීට ලියමින්.. :)

      Delete
  14. හිකිස්...... අපොයි දෙයියනේ........ මෙහෙමත් වැඩ..... ලැජ්ජවේ බෑ........

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවේ බෑ කිවුවේ මම කරපු දේටද අර ගොල්ල කල දේටද?

      Delete
  15. ඉතුරු ටිකත් ඉක්මනින් දාපන් බලන්න..ඇයි බං උබ උන්ගේ ආතල් කඩන්න ගියේ ..

    ReplyDelete
    Replies
    1. හිතුවේ නෑනේ එහෙම ආතල් ගන්නවා ඇති කියලා.. :)ඉතිරිය දාන්නම් ඉක්මනට..

      Delete
  16. තව පොඩ්ඩක් කළබල වෙන් නැතුව ඉන්න තිබ්බේ.. අපරාදේ නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.. තව ටිකක් හිටියනම් මොනා දකින්න තිබ්බද ඉතින්.. සෑහෙන අපරාදයක්.. :)

      Delete
  17. මල්ලි එයාලට ඩිස්ටර්බ් කරපු එක නම් වැරදියි..!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. ඔක්කොම බනින්නේ මටනේ අෆ්ෆා.. :)

      Delete
  18. Replies
    1. ඒ දවස් වල යන්න හිතුනේ නෑනේ.. නැත්නම් CID වැඩත් මට පුළුවන් කම තිබිලා තියෙනවනේ බලන් යද්දී..

      Delete
    2. මේවා ඇවිත් ලෝකල් පොලිස් වැඩ.. :)

      Delete
  19. හෆ්ෆටසිලි!!! මොකක්ද ඔය ඉස්කෝලෙ හෑ??? පවු වැඩේ හැබැයි!! ;) බලමුකෝ ඊළඟ ටිකත්...:D

    ReplyDelete
    Replies
    1. නම නොකියා කතා සීරිස් එක ලියන්නේ ඒකනේ හිතූ.. එහෙම එකේ ඕන නැති ඒවමනේ අහන්නේ.. :)

      Delete
  20. කළබලේට කොරොස් කටෙත් අත දාන්න බැහැලුනේ !

    ReplyDelete
    Replies
    1. දැන් සෑමා ඒක කාටද කිවුවේ?

      Delete
  21. මොනා උනත් කල වැඩේ සෑහෙන වැරදියි නේ..

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අනේ මන්දා.. දැන් ඉතින් හරි වැරදි හිතලා මොනා කරන්න්ද?

      Delete
  22. මරු වැඩ තමයි කරලා තියෙන්නේ. ඒත් කතාව නම් දිගටම බලනවා සුවර් තමා...:D

    ReplyDelete
    Replies
    1. මරු නෙමෙයි ඕන නැති වැඩ කියලා එපැයි කියන්න.. එන්න එන්න දිහටම එන්න.. තව හොද හොද ඒවා ඉස්ස්සරහට..

      Delete
  23. හලේ මන්දා...:)
    බලමු ඉස්සරහට මොනා වෙයිද කියලා

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට මොනා මොනා වෙයිද ඉතින්.. :)

      Delete
  24. අපේ ඉස්කෝලේ හිටිය සර් කෙනෙක් කිවුවේ ගොමයා කියලා. අපි හත වසරේ ඉද්දි හැමදාම අපිට භාවනා කරවනවා.හොරෙන් ඇස ඇරලා බලද්දී.........

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අපි ඔය භාවනාව කලේම නෑනේ.. හැමදාම ඇස් ඇරගෙන.. :)

      Delete
  25. අප්පට සිලි. ඔයාටත් නිකන් ඉන්න බැරුව කරන වැඩ..හැබැයි ඉතින් හොඳ වැඩේ ලොක්කට. ඒ දෙන්නව දැක්ක ගමන් ආපහු දුවලා ආවනම් හරිනේ, ඇතුලට යන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ලොකු අක්කේ.. මොන ආපහු දුවලා එමක්ද.. මට මොකො කරන්නේ හිතා ගන්න බැරි උනා.. මම ඔෆිස් එකට ගියා කෙලින්ම.. :)

      Delete
  26. මරු මචං.. උබ මේක හොයා ගත්ත හැටි.. ලොක්කට එවෙලේ මොනා හිතෙන්න ඇද්ද උඹ එද්දි..

    ReplyDelete
    Replies
    1. ලොක්කට නෙමෙයි.. මට පොළව පලාගෙන යන්න හිතුනා මේවා දැකලා.. :)

      Delete
    2. හෙහ් හෙහ්.. උඹ ගැන ඉතින් අපි නොදන්නවයි..

      Delete
    3. ඒකනේ ඒකනේ... :)

      Delete
  27. දැනු කාලෙත් ඔය වගේ එව්ව වෙනව ඇති නේද... නෑ මං කිවෙ ඉස්කෝල ඇතුලෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මේක උනෙත් ඉතින් 2005 අවුරුද්දේ මැද විතර.. :)

      Delete
  28. ඕවා බකට් හරි.. :D ;D
    මොනවා වුණත් දිනේෂ්ට සැලකිලි ලැබෙන්න ඇති ඊට පස්සෙ.. :P

    ReplyDelete
    Replies
    1. බාල්දි නෙමෙයිද?

      සැලකිලි නේ? ඒවා ඊට පස්සේ ලියන්නම්..

      Delete
  29. නාකි විසේ ගෙටත් උසේ කිව්වලු

    ReplyDelete
    Replies
    1. අපේ ලොක්කට ළමයි නෑනේ.. ඒ හන්දද මන්දා... :)

      කොරලේ මහත්තයව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා..

      Delete
  30. නියම ලවු ස්ටෝරි එක.. අපරාදේ උඹ බාල්දි දැම්මේ....

    ReplyDelete
    Replies
    1. හැමෝම මටමනේ අෆ්ෆා බනින්නේ බාල්දි දැම්මා කියල...

      Delete
    2. උඹට නොබැන පුළුවන්ද? කරපු වැඩේට..

      Delete
    3. හා හා.. එහෙනම් බනිමු ඉතින්.. :)

      Delete
  31. මදැයි ඉස්කෝලේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ලව් අල්ලනවා මදිවට පිනාගේ ලව් සීනුත් අල්ලන්න වුණු හැටි :D

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඒවානම් කවදාවත්ම ඇල්ලුවේ නෑ හසිත මලයා.. උන්ගේ වැඩ කරලා දුන්නෙත් මමනේ.. මතකනේ අතිත කතා.. තව ඉස්සරහටත් එහෙම එවුවා තියේ.. :)

      Delete
    2. yaluwanta ehema udaw karala lokkata mehema kala eka waradi ne...

      Delete
    3. හෙහ්.. ඒක අවස්ථාවේ හැටියට වෙනස් උනා.. :)

      Delete
  32. මලයා හෙඩ් ප්‍රිෆෙක්ට් විතරක් නෙවෙයි හෙඩ් පොලිසුත් වෙලා වගේ!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. හෙඩ් ප්‍රිෆෙක්ට් උනායින් තමයි ඒක ලේසි උනේ.. :)

      Delete
  33. වෙලාවට අයියට ගන්න කොඩි කොඩි දෙකක් තිබුණේ. :PP

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත.. නැත්නම් මම එතන සෑහෙන අසරණ වෙනවනේ.. :)

      Delete
  34. ඔය වගේ සංසිද්ධි කොහෙත් නැතෑ. වැඩේ ඒක අතටම මාට්ටු වෙච්ච එකනෙ. වෙලාවට තමයි කොඩියක් වත් තිබ්බෙ. D

    ReplyDelete
    Replies
    1. මගේ රහ්ස් පරීක්ෂක දැනුම හන්දා තමයි ඉතින් මග රැකලා ඉදලා අල්ල ගත්තේ... :)

      කොඩිය මාව බේර ගත්තා.. ;)

      Delete
  35. අනේ මන්දා මම මේ කල්පනා කරන්නේ... මලයට සැට් වෙන්නේම මේ වගේ මනමාල ලොක්කොමයිනේ.. මලයගේ වැරැද්දක්ද ලොක්කොන්ගේ වැරැද්දක්ද?

    ReplyDelete
    Replies
    1. ඒකනම් අමූලික ඇත්ත.. ෆාමසියේ එකයි මේ ලොක්කයි දෙන්නම එකයි.. හැබැයි ෆාමසියේ එකා තව හොදයි.. :)

      ලොක්කන්ගේ වැරද්ද.. මගේ නෙමෙයි.. :)

      Delete
  36. ඉස්කෝලේ ප්‍රින්සිපල්ලත් ඔහොමනම් ළමයින්ට කොහොමද අවවාද දෙන්නේ.. අනික දිනේශ් ගියා වගේ මිශ්‍ර පාසලක් කොහොමද බලා ගන්නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒවනම් ඉතින් එහෙම තමයි.. කොල්ලෙක් කෙල්ලෙක් ලවු කරල මාට්ටු උනොත් ඒ දවස් වල ටික දවසකට ගෙදර යවනවාම තමයි මේ කට්ටිය..

      Delete
    2. අපෙත් ඉස්කෝල වල ඔය දේම තමයි.. බලන් යද්දි එයාලට පුළුවන් අපිට බෑ..

      Delete
    3. කොහෙත් එහෙම තමයි..

      Delete
  37. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා තේරුම් ගත්තු හැටි නම් හරි අපූරුයි.:)

    හැමදාම අර දෙන්නා විනාඩි පහලොවක් විතර දෙන්නේ good morning kiss එක ද? හපොයි ලමයින්ට මොනා ඉගැන්නුවද දන්නේ නෑ.:D

    ReplyDelete
    Replies
    1. එදා පුරුදු උන ඉවසීම තමා තාමත් මේ තියෙන්නේ.. හොද වෙලාවට වගේ.. :)

      ඊට එහා එවුවා වෙනවද කවුද පොඩ්ඩි අක්කේ දන්නේ.. හොද වෙලාවට මම දැක්කේ ඔච්චරයි.. :)

      ඉතින් ලමයි ඉගෙන ගන්නෙත් ඕවම තමයි.. ඒවා පසුවට හෙමීට.. :)

      Delete
  38. අන්න ආදරේට බාල්දියක් දැම්ම ලමයෙක්..බොහොම නරකයි .. මෙහෙම බාල්දි දාන එකනම්

    ReplyDelete
    Replies
    1. හෙහ්, මෙහෙමනේ රත්නායක අයියේ.. ඒක හිතලම දැම්ම බාල්දියක්ම නෙමෙයි නේ.. නිකන් මොකො වෙන්නේ කියලා බල බල හිටිය එකනේ කලේ.. :)

      Delete
  39. mama me kalpana karanne uba koma unath e denna ita passe ubata kohoma face kalada kiyala..

    ReplyDelete
    Replies
    1. හෙහ්, සෑහෙන වටින ප්‍රශ්ණයක්.. ඒ ගැන කියන්නම් හෙමීට.. :)

      Delete
    2. ehenam liyamu..

      Delete
    3. ඊළග එකේන් ඒවා.. :)

      Delete
  40. Replies
    1. කවුද හලෝ මමද?

      Delete
  41. පව් අප්පා . ඒ වුනාට ළමයි ඉන්න තැනක හැසිරෙන්න දැන ගන්න එපාය

    ReplyDelete
    Replies
    1. පවු නෑ බින්දි අක්කේ.. ලොක්කා ලවු කරපු උන් පස්සේ එලව එලව දඬුවම් දුන්නේ ජීවිතේට ලවු කරලා නැති එක්කෙනෙක් වගේ..

      Delete
  42. මරුනෙ! දිනෙශ් රහස් පරීක්ශක වැඩත් කරල තියෙනවා :D

    ReplyDelete
    Replies
    1. වාසියක් වෙන වැඩක්නම් නොකර බෑනේ ඉතින්.. :)

      Delete
  43. අපොයි මෙහෙමත් නාටක....

    ReplyDelete
  44. අපේ පාසලෙත් මෙහෙම ගුරුවරියක් සහ ගුරුවරයෙක් අතර අනියමක් ඇතිවෙලා අන්තිමට ගුරුවරයා වහ බිලා යටියන්තොට ගියා....උඹ මහ මෝඩයෙක්...එක පාරටම මැද්දට කඩා පනින්නෙ නැතුව වීදුරවකින් වගේ බලන්න තිබුනෙ....එහෙම උනානම් ලොක්කගෙ ආතොල් එක තව කාලයක් බලන්න තිබුනා....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්