Monday, 12 November 2012

සාරා 1

උදෑසන ටීපෝව මත තැබුණ උණුසුම් තේ කෝප්පය අතට ගෙන පැළද සිටි පාවහන් යුගල පසෙකින් ගලවා දමා තණ කොල පිස්ස මත නිදහක් කල ඩේවිඩ් හෙමින් ඒ මතම ඇවිදිමින් තේ කෝප්පය රස බැලීය.. වෙහෙසකර දවස අරඹන්නට කලියෙන් හැමදාම නිදහසේ මොහොතක් මෙලෙස රැදෙන්නට ඩේවිඩ් පුරුදු උනේ රැකියාවට බැදී වසරක් යන්නටත් පෙරය... අවුරුදු 30ම මේ රැකියාවත් එක්ක ගැටුන හැටි ඩේවිඩ්ට දැන් නම් එතරම්ම පුදුමයක් නොවන ගානයි.. මේසේ ෆයිල් ගොඩට එකතු වෙන අපරාධත් එක්ක කලය ටිකින් ටික දියුණු වෙත්ම අපරාධත් එකින් එක සංකීර්ණ උන හැටි තේ කෝප්පාට අවසන් වන කෙටි මොහොත තෙක් ඩේවිඩ්ගේ මනසේ එකින් එක ඇදෙන්නට විය..

ගුඩ් මෝර්නින්ග් සර්..”

මතකයන් අතර කිමිදුන සිත ඉක්මනින්ම නැවත පැමිණියේ ඩේවිඩ්ගේ සහයකයාගේ පැමීණිමෙනි...

අහ්.. ගුඩ් මොර්නින්ග් ස්මිත්.. අද වේලස්සනම..”

ඔව් සර්.. අපිට පුළුවන් තරම් ඉක්මනට යන්න වෙනවා... වික්ටෝරියා වලට කිට්ටුව ඊයේ රෑ මිණි මැරුමක් වෙලා තියෙනවා...”

තවත් මිණිමැරුමක්ද? එකක් විසදලා ෆයිල් එක වැහුවා විතරයි.. හ්ම්.. ඉන්න මම ටක් ගාලා ලෑස්ති වෙලා එන්නම්..”

සාමාන්‍ය ඇදුමින් සරසුන ඩේවිඩ් නැවත එන්නට වැඩි වේලාවක් ගත නොවීය.. තණ පිස්ස අතරම හෙමින් ඇවිදිමින් උන් ස්මිත් තම අතැති වූ ෆයිල් එකේ තොරතුරි අතර මොහොතකට අතරමංව සිටියේය...

හරි අපි යමු ස්මිත්..”

සර් ඉස්සෙල්ලම ඔෆිස් එකට යනවද එහෙමත් නැත්නම් වික්ටෝරියා වලට යනවද? කෝකටත් කියලා මම ඕනම කියන තොරතුරුටික අරන් ආවා..”

නෑ අපි ඉස්සෙල්ලම වික්‍ටෝරියා වලට යමු.. ස්මිත් මට යන ගමන් විස්තර කියන්න..”

හරි සර්.. එහෙනම් අපි යමු.. “

තම නිල රථයට වෙත ආව ඩේවිඩ්ට ඉදිරිපස දොර විවර කල ස්මිත් රියැදුරු අසුනෙහි හිදගෙන කැබ් රථය වික්ටෝරියා දෙසට පදවන්නට විය..

සර් මේ ෆයිල් එකේ ඕන ඩීටේල්ස් ඔක්කොම තියෙනවා..”

ස්මිත් තමන් ලග තිබුන ෆ්යිල් එක ඩේවිඩ් අතට දෙමින් ඒ ගැන තමන් දන්න දේ පවසන්නට විය...

සාරා බ්ලැක්, වයස අවුරුදු 28යි.. විවාහකයි.. සැමියා වෛද්‍යවරයෙක්.. සාරා දවසින් වැඩි හරියක් ඉන්නේ ගෙදර..”

මිණිමැරුම වෙලා තියෙන්නේ කීයට වගේද ස්මිත්..”

රෑ 10ත් 11ත් අතර..”

එතකොට සාරාගේ සැමියා..”

රෝහලේ ඉදලා තියෙන්නේ.. රෑ වැඩ..”

හ්ම්ම්..”

වික්ටෝරියාහි සාරාගේ නිවසට පැමිනෙන තුරුම පැවතියේ නිහැඬියාවකි... සුවිසල් නිවස අසල වාහනය නතරවත්ම ඉදිරිපස දොර ඇරගෙන ඉන් නික්මුන ඩේවිඩ්, ස්මිත් එන්නත් පෙරම නිවසට ඇතුළුවිය.. ගේ වටා පරීක්ශා කරන පොලිස් නිළදාරින් දෙස උනන්දුවෙන් බලාසිටි ඩේවිඩ් අසළට මොහොතතින් පැමිනුන ස්මිත් සමගම අවුරුදු 30ක පමණ පුද්ගලයෙකුද විය..

සර් මේ රොනල්ඩ් බැලැක්.. සාරා බැලැක්ගේ සැමියා..”

රොනල්ඩ් , අපිට කණගාටුයි ඔබේ බිරිඳට උන දේ ගැන.. අපිට තොරතුරු ටිකක් දැන ගන්න උවමනායි.. ඔබට ඒක අපහසුවක් නොවෙයි කියලා හිතනවා..”

නෑ සර්.. ඕන දෙයක් අහන්න..”

රොනල්ඩ් දැනුවත්ව සාරාට මොකක් හරි ප්‍රශ්ණයක් තිබ්බද ?”

හ්ම්ම්.. දන්න තරමින් නෑ..”

තරහා කාරයෙක්?”

වෙන්න බෑ.. එයා කතාබහ කලේ මං ඇරුනම ටික දෙනෙක් එක්ක විතරයි..”

ඒ දේ එහෙමනම් ඒ ටික දෙනා එක්කම රොනල්ඩ් වත් අපේ ඉස්සෙලාම සැක අයගේ ලිස්ට් එකට එන බව රොනල්ඩ්ට තේරෙනවනේ..”

ඔහුගේ මුහුණ මොහොතින් අදුරු වී ගියාක් මෙන් පෙනුනත් එය සඟවමින් ඔහු ඔවුන් දෙස බලමින් කතා කරන්නට විය..

මට තේරෙනවා.. ඒක සාමාන්‍ය දෙයක්..”

රොනල්ඩ් ඊයේ මේ සිද්ධිය වෙද්දි කොහේද හිටියේ ?”

මම ඉස්පිරිතාලේ.. මේ සතියම මම රෑ වැඩ..”

හ්ම්ම්.. වැඩට ගියේ?”

හවස 7?”

ආයෙම ආවේ?”

එන්න තිබුනේ උදේ 8.. ඒත්, ගෙදර වැඩ කරන කෙනා උදේ 7ට ගෙදටර ඇතුල් වෙද්දි සාරාගේ මිණිය දැකලා කතා කලාම එවෙලෙම ආවා..”

හ්ම්ම්.. වැඩ කරන කෙනා කිවුවේ කවුද?”

මරියා, දැන් අවුරුදු 8ක වෙලේ ඉදන් අපි ලග වැඩ..”

හ්ම්ම්.. එතකොට..”

මට සමාවෙන්න.. මට ඉස්පිරිතාලෙට යන්න පුළුවන්ද? මේ වෙද්දි සාරාගේ මරණ පරීක්ෂණේ ඉවර වෙලා ඇති..”

හා රොනලඩ්..”

ඕන උන වෙලාවක මට කතා කරන්න..”

අනිවාර්‍යෙන්ම ඕන වෙනවා රොනල්ඩ්..”

පොලිස් නිළධාරින්ට සමුදුන් රොනල්ඩ් නික්මුනේ පියවර දෙක තුනක් පමණි... ඩේවිඩ් නැවත්ත් ඔහු මොහොතකට නතර කරවීය..

රොනල්ඩ්, මේ මරියා තාමත් ගෙදර ඉන්නව නේද?”

ඔව්.. සාරාගේ ඇදුම් කාමරේ ලඟ හිටියා.. මරියටත් මේක දරාගන්න අමාරුයි..”

හරි.. අපි ඇයත් එක්ක කතා කරන්නම්..”

වාහනයට නැගුන රොනල්ඩ් නික්ම යන අයුරු ඩේවිඩ් හා ස්මිත් මොහොතක් නතරව බලා සිටියේය..

සර් හිතනවද රොනල්ඩ් මේකට සම්බන්දයි කියලා..”

හ්ම්ම්.. ඇයි ස්මිත්ට හිතෙන්නේ මේකට රොනල්ඩ් සම්බන්ද නෑ කියලා ?”

මම රොනල්ඩ්ගේ ඊයේ පැමීණිම පිටවීම එක්ක රාජකාරි හැම එකක්ම පරීක්ශා කරා.. මේ කියන වෙලාවේ රොනල්ඩ් ඉදලා තියෙන්නේ ඉස්පිරිතාලෙම තමයි.. ඒ හන්දා මේක රොනල්ඩ් කලා වෙන්න බෑ..

හ්ම්ම්ම්...”

ඩේවිඩ් නිහඬවම තමන්ට පියවර කීපයක් ඉදිරියෙන් සාරාගේ නිසළ සිරුර තිබූ තැන සළකු ණු කල තැන දිහා මොහොතක් බලා සිටියේය..

මේකටත් විසදුමක් තියෙන්න ඕන..”

ඩේවිඩ් තමන්ටම කොඳුරා ගත්තේය.. අපරාධයක සුලමුල එක වරෙම තම දෑසට අසු නොවන බව ඩේවිඩ් හොදින්ම දැන සිටියේය.. උවමනා වන්නේ කාලය පමණක් බව ඔහු අත්දැකිමෙන්ම දැන සිටියේය.. නැවතත් තම නිල රථය වෙත පැමින හිදගත් ඔහු තම නළල රැලි කරමි ඒ මත අත තබමින් ස්මිත් වාහනය පණ ගන්වන තුරා මොහොතක් කල්පනා කලේය..

අපි ඔෆිස් එකට යමු ස්මිත්..”



මතු සම්බන්දයි..

76 comments:

  1. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ගොඩ මීයා එක වෙලා ඉහි ඉහි..වලි මලයා මූණ දිහා බලන් ඉන්න විදියට බය හිතුනා මට නම්.

      Delete
    3. සිරාවටම මටත් බය හිතුනා බට්ටියේ

      Delete
    4. මුන්ට එක වෙන්න තියන මෙවුවා එක :පී

      Delete
    5. උදේම ඇවිත් නම ලකුණු කලාට දැනුයි කියෙව්වේ..

      සුට්ටක් ලියල පොස්ට් කරපු එක හෙලා දකිනවා... ඉතුරුටික ඉක්මනින් ඕනේ

      Delete
    6. 1 වෙන්න මෙච්චර රණ්ඩුද අෆ්ෆා.. :)

      Delete
    7. බට්ටි අක්කේ, සයුරි අක්කේ, ඉමේජ් එක අප්සට් වගේද? එහෙනම් මාරු කරන්නම්..

      Delete
    8. මී අයියා එක්ක බෑ.. උදේම ඇවිත් හොරාට මාරු වෙලා ගිහින් අන්තිමේ ඇවිත්..

      සුට්ටක් නෙමෙයි ඉතින්.. කතාව මම කොටස් කරපු හැටි තමයි.. අනික්වා දිග වැඩි වෙයි.. :)

      Delete
  2. Replies
    1. හූ හූ අපේ සුදු අයියා එක වෙලා නිසා මෙයා දුකට කියන කතා...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කෝ ඔයා අන්තිමට කමෙන්ට් කරලා නෑනේ සුදු.. :)

      Delete
  3. ඔන්න මටත් දැන් ෂර්ලොක් හෝම්ස් මහත්තය ළඟ වැඩ කරපු කාලේ මතක වෙනවලු ඈ...
    මේ අනේ හැබැයි ඉක්මනට ඉක්මනට කතා ටික දාමු ඈ.. නැත්තම් මට නින්ද යන්නේ නැති වෙයි මේකේ අන්තිමට වෙන දේ දැනගන්නකන්...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආනේ... අමතක උනා නෙව, මෙයාල අලුත් වෙලා, වෙනස් වෙලා , සස්සන වෙලා (බ්ලොග් එකේ පෙනුම ඈ... )

      Delete
    2. ඔයා කවද්ද එහේ වැඩ කලේ? අපි දන්නෙත් නෑනේ.. :)

      හෆ්ෆේ.. කාගෙවත් නින්දට බාල්දි දාන්නේ මොකටද? ඉමනට දාන්නම්..

      අහ් අර ටික බ්ලොහ් එක ගැනද කිවුවේ.. හොද වෙලාවට.. :)

      Delete
  4. පටන් ගන්නකොටම සාරව මරලද පටන් ගත්තේ :) බලමුකෝ අමුතු මාදිලියේ කතාවක් වගේ. මම ආස වර්ගයේ එකක්. අම්මෝ..අලුත් ඇඳුම නම් ලස්සනයි හැබැයි අපි බ්ලොග් එක කියවද්දී දිනේෂ් මල්ලි නිකන් පොර වගේ බලාගෙන ඉන්නකොට කියවන්න බෑ බෑ වගේනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් නේ ඉස්සෙල්ලම එයාව මරන්න උනා.. වෙන කරන්නම දෙයක් නෑනේ ලොකු අක්කේ.. :)

      හරි ලොකු අක්කේ.. ඉමේජ් එකේ සංශෝදන කරමි.. කිවුවාට ස්තූති හොදේ.. :)

      Delete
  5. පළවෙනි කොටස නම් ආසාවෙන් කියෙව්වා. හැබැයි ඔන්න මල්ලි සරා අක්කා කියවන්න හැමදාම එනවා කියලා මම බොරු පොරොන්දු නම් දෙන්නෑ.මෙගා කතා මට හරියට මිස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මගේ චොකෝ ඉතුරුයි වගේ මේ කතාව ඉවර වෙනකන්.. ටිකක් දිගට ලියන්න ඕන කතාව.. :)

      Delete
  6. ane shok....rahaspareekshaka katha thama mage favorite.....

    ReplyDelete
    Replies
    1. මගෙත් කැමතිම.. ඒකයි ලියන්න හිතුවේ..

      Delete
  7. ඔක්කොම හරි.. එතකොට ඔය මිනි මැරුම කරන්න ඇත්තේ... ම්ම්ම්.. එක්කෝ හින්ට් එකක් දෙන්නම් තව කොටසකින්. :)

    මේ ට්‍රාන්ස්පේරන්ට් මෙනු එකනම් අප්සෙට් මල්ලි. පරණ පෝස්ට් කියවන්න යන්න පෙන්නේ නෑ ලේසියකින්.

    ReplyDelete
    Replies
    1. අහ්.. හින්ට් එකක් දෙනවා කිවුවා.. හා.. එහෙනම් කියන්නකෝ බලන්න.. :)

      හරි අයියේ.. ඒක වෙනස් කරන්නම්.. තැන්කූ.. :)

      Delete
    2. මට සැක ස්මිත්ව. බලමු එහෙනං.. අර මෙනු එකට නම් තැන්කු ඈ..

      Delete
    3. තැන්කූ කියන්න ඕන මමනේ අඩුපාඩු පෙන්නලා දුන්නට...

      අයිය හිතන්නේ ස්මිත් කියලද.. බලමුකෝ අපි..

      Delete
  8. මට මාසයක් දෙකක් යනකං නෙට් එන්න වෙන්නෑ නෙ.. සික්.. මරු ඉස්ටෝරිය.. ආපුවාම බඩවැල වගේ කි‍යෝගෙන යනෝ..

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා.. මොකො නෙට් තහනම් කලාපයක් උනේ? හරි මලයා.. හෙමිට ඇවිත් කියවමු.. :)

      Delete
  9. බ්ලොගේට මොකද වෙලා තියෙන්නේ. ෂර්ලොක් හා වොට්සන් දෙන්නම එක්කෙනෙක් වගේනේ.

    ලස්සන රහස් පරීක්ෂක කතාවක්!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොගෙ ටිකක් වෙනස් කලානේ.. අවුල්ද මන්දා.. බලමුකෝ...

      තැන්කූ තැන්කූ.. හෙමීට කියවමුකො එහෙනම් පොඩ්ඩි අක්කේ.. :)

      Delete
  10. අඩේ මෙන්න දෙපැත්තෙන් නිඹුල්ලු දෙන්නෙක්!

    ReplyDelete
    Replies
    1. හෙහ්, එකෙක්ගෙන් වදේ වෙලා තියෙද්දි දැන් දෙන්නෙක් නේ රාජ් අයියේ.. :)

      Delete
  11. අළුත් කතාවක පටන් ගැන්මක්...
    ඒක නෙමේ. මොකෝ දෙපැත්තකට වෙලා බලන් ඉන්නේ හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මතක නැද්ද මධු අයියේ ටික කාලෙකට කලින් බුකියේ මේ කතාව ඕන කියලා කෑ ගහුවා.. හෆ්ෆේ.. මෙයාලට මතකත් නෑ වගේ.. :)

      බලන් හිටියා ටිකක් එන යන කස්ටිය දිහා.. :)

      Delete
  12. "අපරාධයක සුලමුල එක වරෙම තම දෑසට අසු නොවන බව ඩේවිඩ් හොදින්ම දැන සිටියේය.. උවමනා වන්නේ කාලය පමණක් බව ඔහු අත්දැකිමෙන්ම දැන සිටියේය.."

    ඒක නිසා අපිත් ඊලග කොටස එනකන් බලන් ඉමු..

    ReplyDelete
    Replies
    1. කාලයෙන් නියම උත්තර ලැබෙයි හැම දේකටම.. :)

      Delete
  13. බොහොම ලස්සනට ලියැවිලා තියෙනවා අපි ඉන්නවා ඉදිරියටම ඔබත් එක්ක.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.. දිගටම කියවමුකෝ එහෙනම්... :)

      Delete
  14. ම්...කියවන්න හිතෙන කතාවක් හෙම් යමු ඉස්සරහට....
    මෙන්න මගේ අලුත් වැඩේ
    kachasiththara.blogspot.com

    ReplyDelete
    Replies
    1. අනිත් කොටස් ටිකත් බලමුකෝ එහෙනම් අයියේ..

      කෝ කෝ අපිත් එනවා අළුත් වැඩේ වැඩේ පැත්තේ..

      Delete
  15. බ්ලොග් එකත් තවත් වර්ණ කරලා.නියමයි.
    http://manasindiviyata.blogspot.com

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  16. නියමයි දිනේෂ් අයියේ නියමයි..... ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතාවක් වගෙයි.මේ කතාවේ පසුබිම ඉතාලිය නේද?...ෂර්ලොක් හෝම්ස්ගේ වගේ හිතා ගන්නවත් බැරි හෝඩුවාවන් පස්සේ ගිහින් සාරගේ මිනීමරුවැව අල්ල ගනී කියල හිතනවා...නියම වැඩක් !!!.ලෙසටම තියනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. වොක්ටෝටියා නම් තියෙන්නේ ඉතාලියේ නෙමෙයි මලයා.. ඇමරිකාවේ.. කතාව බලමුකො හෙමිට.. අන්තිමේ දෙයක් කියන්නම්... :)

      Delete
  17. අඩේ මේ ටයිප් එකේ කතා වලං මං තරුවා පොඩි එකත් පට්ට ආසයිලු ඈ.....

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි දැන් කවුද කියන්නේ මේ තරුවා පොඩි එකා කියලා.. :)

      Delete
  18. නියමයි! ෂර්ලොක් හෝම්ස්ගෙ කතාවක් කියවනව වගෙයි දැනුනෙ. ඒ ශෛලියමයි! බලමු ඊළගට මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අයියේ.. හෙමීට බලමුකෝ මොකද වෙන්නේ කියලා.. :)

      Delete
  19. ම්..අළුත් කතාවක්..ඉක්මනට ලියන්න පුළුවන් වෙන්න කියලා සුභ පැතුම් පතනවා..
    ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයා මේ පැත්තක ඉඳන් අපි කියවනවද කියලා බලං ඉන්න එක තමා..

    දැන් ඉතින් වැරදිලාවත් බැනලා කමෙන්ටුවක් දාන්න බෑ..හපොයි..!!

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ලියන්නම් රූ අක්කේ..

      දැන් මුණ බලන් බනින්න බෑ වගේද අක්කේ... ;)

      Delete
  20. කියන 1 හරිද මන්ද. එත් මට මේ theme 1 තියනකොට කියවන්න බෑ. exam 1ක් ලියනකොට invigilator කෙනෙක් ලියන දිහා බලාගෙන ඉද්දි ලියන්න බැරි වෙනවා වගේ ගතියක් දැනෙනවා. ඒක නිසා කතාව මොකක් උනත් නොකියවාම මම යනවා.

    හිත රිදුන නම් සමාවෙන්න.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ blog 1 ලියන කෙනාට කීවේ ඔයාට නෙමෙයි. :ඩී

      Delete
    3. කෙලින්ම කියපු දේ අගය කරනවා.. දෙයක් දාපු ගමන් හොද නරක දෙකම තියෙනවනේ.. වෙනස් කරන්න ඕන දේවල් වෙනස් කරනවා..

      අහ්.. ඔය මැද කමෙන්ට් එක මගේ වයිෆ්ගේ.. ඉතින් අපි දෙන්නගෙන් කාට කිවුවත් එකයි.. :)

      Delete
  21. ලස්සනට ලියලා . කාලෙකින් ෂර්ලොක් හෝම්ස් ජාතියේ එකක් .

    ආනේ දෙන්නෙක්ම ඇවිත් බ්ලොග් එකේ දෙපැත්තේ

    ReplyDelete
    Replies
    1. අනිත් ටිකත් හෙමීට කියවමු බින්දි අක්කේ.. ඔයා අගය කරනවනම් ඉතින් මේක ලස්සන වෙන්නම ඕන.. :)

      Delete
  22. හොඳ පිවිසුමක් මිත්‍රයා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මිත්‍රයා..

      Delete
  23. දිනේෂ් මිත්‍රයා හොඳ නිර්මාණයක් බිහිකිරීමක් වෙන්නට පතනවා...ඒ වගේම වෙනස් දෙයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජනා.. ජනාගේ අදිසි වෙඩ්ඩික්කරු නිසා ටිකක් පස්සට දැම්ම කතාව දැන්ලු ඉතින් ලියන්නේ මම.. :)

      Delete
  24. නියමයි අයියෙ!! ෂර්ලොක් හෝම්ස් කතා ටික කියවද්දි දැනුන හැඟීමම ආවා... :)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. එහෙනම් මගේ උත්සාහේ සාර්ථකයි.. :)

      Delete
  25. sherlock holmes කතා මාලාවක් වගේ... පටන් ගැන්ම මිනිමැරුමක්...කතාව ගලාගෙන යෑම නම් අපූරුයි..බලමු ඊ ලඟට වෙන්නෙ මොනාද කියලා..

    ReplyDelete
    Replies
    1. ඊලගට මිණිමැරුම පස්සේ හඹායමු අපි.. :)

      තැන්කූ අක්කේ..

      Delete
  26. රහස් පරීක්ෂක කතාවක්....ඒල..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  27. මෙන්න බොලේ මිස්ටර් වර්ණ බොන්ඩ්........
    යන විදියට නම් කතාව කොටස් පහකටත් වඩා යයි වගේ..අවුලක් නෑ අයියේ , රහස් පරීක්ෂක කතාවක් නම් ඕන තරම් ලියන්න............

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. පළවෙනි කොටසින්ම මට නමකුත් දාලා..

      ඔව් ඔව්.. කොටස් පහකට වැඩි නම් තමයි.. එක දිගට දානවා.. ඒ හන්දා අවුලක් වෙන එකක් නෑ.. හැබැයි මඟ ඇර ගන්න එපා.. :)

      Delete
  28. kaතාව නියමයි.... දිනේෂ්ගේ මම ආසම ෆොටෝ වලින් එකක් පිටිපස්සේ තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.. ෆොටො ගැන මුකුත් නොකියමි.. :)

      Delete
  29. මේ වගේ ඒවා නම් කියවන්න පුළුවන් කම්මැලි නැතුව. නියමයි.

    ReplyDelete
    Replies
    1. මම උනත් එහෙම තමයි.. මේ වගේ ඒවට තමයි කැමති..

      Delete
  30. ඔක්කොම එකපාරින් කියවන්නම් හොඳේ :)

    ReplyDelete
    Replies
    1. හොදමයි කපු නෝනේ... :)

      Delete
  31. අදයි කියවන්න පටන්ගත්තෙ.. අපුරු කතාවක් වෙයි වගේ. හොද ආරම්භයක්..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්.. ඉතිරියත් කියවන්න එන්න..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්