නොකියාම ගිය උඹට..
කොතනින් පටන් අරන් කොහොම ලියන්නද කියලා හිතා ගන්න බැරුව කල්පනා කලේ උඹ ගැන මගේ හිතේ තියෙන සහෝදර කැක්කුම අකුරු කරන්න මට නොතේරෙන නිසා.. උඹ මට හොද යළුවෙක්.. යාළුවෙක්ටත් වඩා එහා ගිය සහෝදරකම උඹයි මාවයි කොච්චර ලං කලාද?
අවුරුදු 10කට 12 විතර කලින් උඹ අපේ ගමට ඇවිත් අපේ සෙට් එකත් එක්ක එකතු වෙද්දි මම හිතුවේ නෑ උඹ මම මගේ මල්ලි කියන තැනට එනකන් ඒවි කියලා.. උඹ ගැන ලියලා මඩ පෝස්ට් ලියවෙන තරමටම උඹ මට කොච්චර ලං උනාද..
ඒත් ජීවිතේ හරිම කෙටියි කියන පාඩම උගන්නලා උඹත් යන්නම යන්න ගියා.. උඹ මට කියලා දිලා හුරු කරපු දෙයින් උඹ ගැනම මෙහෙම දෙයක් ලියනන වෙයි කියලා මම කවමදාවත් හිතුවේ නෑ.. ඒත් උඹ යන්න ගිහින්.. ජිවිතේ පාඩමක් උගන්නලා උඹ යන්න ගිහින්.. ලබන සෙනසුරාදට උඹට වයස 22යි.. ඒත්,,,
උඹටයි මටයි මතක් කරලා හැමදාම හිනා වෙන්න පුළුවන් මතක කොච්චරනම් තියෙනවද? උඹයි මමයි විතරක්ම දන්න ඒ හොර වැඩ.. උඹේ හැමදේටම උල්පන්දන් දුන්න මම එකම එක දේකට එපා කිවුවා.. ඒ දේ උඹ ඇහුවනම්,,









මල්ලි මොකද වුනේ?? මේ මල්ලි හිටි ගමන් මේකෙත් ලිව්වා නේද? මොකද උනේ?
ReplyDeleteහ්ම්ම්.. අනේ මන්දා.. හොද මිනිස්සු අපිව දාලා යන්නෙ ඇයි?
ReplyDeleteමටත් මේක තේරුනේ නෑ.
ReplyDeleteමොකද? දිනේශ් උනේ? මේ යස අගේට ඉන්න කොලු පැංචට. විස්තරයක් දාන්ට කෝ. කනගාටුයි මේව අහන කොට.
ReplyDeleteගොඩක් වෙලා කල්පනා කලා මොනවා කියන්නද කියලා.....?
ReplyDeleteමුකුත් නොකියම යන්නම්..
ඇස් වල කදුළු...
මොකෝ උනේ...???
ReplyDeleteඇයි දිනේශ් ? මොකද වුනේ?
ReplyDeleteමොකො බං
ReplyDeleteසමුගත්ත වේදනාවක් තරම් හිත සැලෙන්නෙ නෑ වෙන දේවල් වලට...
ReplyDeleteane me malli gena oya liyala thiyenawa. mama hari nam eya pubudu neda ? mokada une...
ReplyDeleteප්‍රිය විප්පයෝගය දුකකි!
ReplyDeleteපුබුදු අයියට මේ හිටි ගමන් මොකෝ වුණේ අයියේ? මං බුකියේත් බැලුවා,කට්ටියගෙන් උත්තරයක් නෑනේ. :(
ReplyDeleteමේ අර පුබුදු මල්ලිද දිනේෂ් :( ඇයි අප්පා..මොකද උනේ? මේ වගේ දෙයක් විශ්වාස කරන්නත් අමාරුයි
ReplyDeleteඅනේ මොකද මල්ලි වුනේ.???විස්වාස කරන්නත් අමාරුයි නෙ.මේ පුංචි වයසෙදි. රිය අනතුරක්ද???
ReplyDeleteනෑ......මම මේක විශ්වාස කරන්නේ නෑ.මට මතකයි දෙන්නා දෙන්නට මඩ ගහගත්තු හැටි.
ReplyDeleteඉලන්දාරියා ගියා....මහේෂ් අයියා ගියා.......ඔබා මාමත් ගියා.......දැන් මෙක මට විශ්වාස කරන්නද කියන්නේ?
කණගාටුයි මල්ලි, ආදරේ කරන හැමෝම දවසක වෙන්වෙලා යනවා කියන එක ඔයාටත් මටත් කාටත් පොදු සත්‍යයක්, ඒ නිසා හිත් හදාගන්න!
ReplyDeleteලඟින් හිටපු කෙනෙක් එක පාරට වෙන් වුනාම. වුනාම දැනෙන දුක කියල නිම කරන්න බෑ. ඇත්තටම මොකද වුනේ?
ReplyDeleteඇයි මේ ?
ReplyDeleteතාම තේරුම් ගන්න බෑ වගේ...
ReplyDeleteහැම ලං වීමක් එක්කම වෙන් වීමකුත් තියෙනවා. දුකයි තමයි මොනවා කරන්නද බං. ඒත් ඒක තමයි ලෝක ස්වභාවය..........
ReplyDeleteඊයේ මාතර යාළුවෝ එක්ක ගිය ගමනකදි හදිසි අනතුරක් වෙලා නැති උනේ...
ReplyDeleteමේක නම් මට කොහොමත්ම විශ්වාස කරන්න බෑ.මීට ටික දවසකට කලින් මඩ ගහ ගත්තා නේද මේ පුබුදුත් එක්ක.අනේ මොකද මේ අපේ යාළුවන්ට වෙන්නේ.හුගාක් දුකයි..
ReplyDeleteඔයාද ඒ දිනේෂ්? නවකථාවක් ලියනවා කියලා පුබුදු මල්ලි කිව්වේ....... මගෙන් සිංහල අකුරු ඉල්ලා ගත්තා ඔයාගේ කථාවේ පිංතූර හදන්න තියෙනවා කියලා.................... :( හිතා ගන්න කොහොමවත් බැහැ මේ වෙච්චිදේ.......... මං අද ආවේ පුබුදු ගැන යමක් ලියන්න හිතාගෙන....... ඒත් ඒකට තියෙන කරුණු ටික පැටලෙනවා මට...... ;(
ReplyDeleteපුබ්බෝ උඹ අපි අතරෙම ආයෙමත් ඉපදියන්... !!
ReplyDelete:( :(
ReplyDeleteහරි දුකයි
ReplyDeleteඕහ්....කියන්න දෙයක් මතක් වෙන්නෙත් නෑ....
ReplyDeleteආයෙනම් කිසිම ආත්මෙක මේ වගේ විපතක් සිදු නොවේවා සහෝ.....ඔබට
මම මෙයාව රූපෙන් දන්නෙ නෑ දිනේෂ් නමුත් එයා බ්ලොග් බලපු කෙනෙක්ද?කමෙන්ට් කරපු කෙනෙක්ද අනේ මේ කවුද කින්නකෝ...පුබුදු කියල කෙනෙක් කමෙන්ට් කලා අනේ එයාද? එයාගෙ පික් එක තිබුනේ බෝයි කෙනෙක් ගිටාර් එකක් අරන් යන එකක් දුඹුරු පාටට හුරු වගේ පික් එකක් මේ එයා නෙවෙයි නේද?
Deleteකිසිම දිනක මෙවන් විපතක් ඔබට සිදු නොවේවා!
ReplyDeleteහරිම දුකයි... :(
:(
ReplyDeleteමක් උනාද දිනේෂ් අයියේ? මට මතකයි මෙයා මේකෙත් පෝස්ට් ලිවුවා නේ? මේ එයා නේද?
ReplyDeleteදෙවියනේ මොකො දිනෙශ් මල්ලි පුබුදු මල්ලිට උනේ අනේ හරි විස්තරයක් කියන්නකො.
ReplyDeleteමොකද මචන් කේස් එක?
ReplyDeleteහිතා ගන්න බෑ අයියෙ...පට්ට දුකයි....
ReplyDeleteMoko malli une? Oya me lagakadi meya gana lipiyak damma neda? Ane Ithin mokada une. Mata therenne na???????
ReplyDeleteVisthara karala lipiyak danna malli......... Balagena innawa,,,,,,,
මේ කවුද කියලා දන්නෙ නැති උනත් ඒ දිනේශ්ගෙ හිතවතෙක් කියලා නම් තේරුනා...ජීවිතය කියන්නෙ අපිට ලැබුන තාවකාලික නවාතැනක්. කාලෙ ඉවර උනාම කාටත් යන්න වෙනවා.
ReplyDeleteඔහුට නිවන් සුව අත්වේවා !
පුබුදු මල්ලිට මතු උපදින ජාති ජාතිත් දක්නා අකල් මරණයන්ගෙන් වෙන්ව සතුටින් ජීවත් වෙන්නට ලැබේවායි පතනවා..සුභ ගමන් සුමිතුර..
ReplyDeleteමොනවා කියන්නද කියල හිතා ගන්නවත් බෑ... ඒත් කැමති උනත් අකමැති උනත් අපි හැමෝටම කවදා හරි යන්න වෙනවා... සංසාර ගංගාවේ තවත් තොටුපලක මුණගැසෙන තුරු ඔබට සුබ ගමන්......
ReplyDeleteමේ දිනේෂ් අයියගේ පොස්ට් වල ලියල තියෙන පුබුදු ද??
ReplyDeleteමොකද සිද්ධ උනේ??අවරුදු 22ක් කියන්නේ අපේ වයසෙනේ!
අනේ මන්ද මොකක් කියන්නද කියල:-/
මොකෝ බං උනේ විස්වාස කරන්නත් බෑ නේ :(
ReplyDeleteමේ මොනාද මේ වෙන්නේ. ඇයි හැමෝම මෙහෙම යන්නේ . පුබුදු හිතා ගන්නවත් බැහැ. දන්නෙවත් නැහැ කවදද උනේ?,
ReplyDeleteමොකද පුබුදු ට වුනේ??
ReplyDeleteඅයිය එයා ගැන පෝස්ට් එකකුත් දාලා තියෙනවා නේද??
ඇයි මේ..??
:(
ReplyDeleteහරිම දුකයි!! කණගාටුයි!!! හිතන්නෙවත් නැති වෙලාවල් වලදි හොද මිනිස්සුන්ව අපිට නැති කරනවා!!!
ReplyDeleteයලිත් කිසිදු ආත්මයක, මෙවන් අකල් මරණයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!
නිවන් සුව ලැබේව!!!!
ReplyDeleteඔහුගේ මතු ජීවිතය යහපත් වේවා !
ReplyDeletehttp://dineshumagiliya.blogspot.com/2012/07/1990-13.html මේ තියෙන්නේ දිනේෂ් පුබුදු ගැන කළින් දැම්ම මඩ Post 1 මම හිතන්නේ.
ReplyDelete