ජැස්මින්, මට උඹව අමතක උනා
ගිය අවුරුද්දේ අගෝස්තු නිවාඩුවට ලංකාවට යන අතර මග හම්බුන සොදුරු රුවැත්තිය වර්ණ මුල් කාලේ ඉදන් බලන අයටනම් මතක ඇති.. කොහොම අමතක වෙන්නද ඉතින් නේද? ඒ පෝස්ට් එකට පහුගිය කාලෙක කවුරු හරි කමෙන්ට් එකක් දාලා අහලත් තිබ්බා එයා බැන්දද කියලත්.. ඔව් ඔව් එයා ගිය අප්‍රේල් වල බැන්දා.. දැන් ඉතින් මම දන්නේ කොමද අනන් මනන් අහන්නේ නැතුව ඒක අමතක කරලා යමු අද කතාවට.. :D
සුන්දරව ලංකාවට ගියාට මොකද එද්දි නම් ඒ කිසිම සුන්දරත්වයක් තිබ්බේ නෑ.. මම එන දවසේ එයා නිවාඩු.. ඉතින් එද්දි ෆ්ලයිට් එකේ දැක්ක අය ගැනනම් කවර කතාද? එද්දි හිතට සතුටක් ආව එකම දේ තමයි ඉතින් මට ජනේලෙන් එලිය බලන් එනන් පුලුවන් තැනක සීට් එකක් හම්බුන එක.. අනික තමයි ඒ සිට් එක ප්ලේන් එකේ තටුවක් ලග නොවුන එක.. ලස්සන මූණු නැතත් ඒ ටිකම මදැයි ඉතින්.. රෑ හොද හැටි දොයියගෙන උදේ නැගිටලා ආතල් එකේ වළාකුළු දිහා බලාගෙන රෝමෙට එනකන් මම එන්න ආවා.. පැය 13ක ගමනනේ ඉතින්..
රෝමෙන් බහිද්දි දවල් වෙලා තිබුනා.. වෙලාව හරියට මතක නෑ.. ශ්‍රී ලංකන් එකේ ඇවිත් බැහැලා රෝම් වල ඉදන් කතානියා එන්න තිබ්බ ඩොමෙස්ටික් ෆ්ලයිට් එක එනකම් පැය එකහා මාරක විතර ට්‍රාන්සිට් එකක් තිබ්බා.. ආපහු ඉතාලි ගොඩ බැස්සා කියලා වීසා එකත් ගහගෙන ඩොමෙස්ටික් ෆ්ලයිට් එක ගහන ටර්මිනල් එක ලගට වෙලා ලග තිබ්බ බාර් එකෙන් පොඩි කෑමකුත් අරගෙන කකා හිටියා..
ඔහේ වට පිට තොරන් බල බල ඉද්දි ඈත ඉදන් ආව ඒ ලස්සන රූපේ දිහා එක පාරම කොහොම නම් නොබලා ඉන්නද? සුදු ලස්සන මගේ වයසේ විතර වගේ පෙනුමක් තිබ්බ එයා දිහා ඉතින් දෙපාරක්ම නෙමෙයි තුන් හතර පස් පාරක්ම විතර මම බැළුවා.. ඈත ඉදන්ම ටර්මිනල් චෙක් කර කර ඇවිත් නතර උනේ මම හිටපු ටර්මිනල් එක ලගම.. ෆ්ලයිට් එකේ වෙලාව චෙක් කරලා ඉස්සරහා තිබ්බ පුටුවක වාඩි වෙලා එයා එක්ක ආව යාළුවෝ එක්ක හොදට කඩ්ඩෙන් කතා කරද්දි දැන ගත්තා මේ ඉතාලි කෙල්ලෙක් නෙමෙයි වෙන දීපංකරේක තමයි කියලා.. හැමතිස්සෙම මූණට කඩන් වැටෙන කොණ්ඩෙත් එක්ක ලස්සන හිනාවක් තිබ්බ නිසා ඉතින් මාත් ඉදලා හිටලා නෙමෙයි නිතරම වගේ ඒ පැත්ත බල බලම හිටියලු..
ෆ්ලයිට් එකේ වෙලාවත් ආවා.. වෙලාව ගිය දැනුනෙවත් නෑ.. කොහේ දැනෙන්නද ඉතින්.. කට්ටිය හෙමීට ටිකට් චෙක් කරන පෝළිම අල්ල ගන්න දුවන්න ගත්තා.. ගේට් එක අරින්නත් කලින් ඉදන්ම කට්ටිය හිට ගෙනම පෝලිමේ.. හැබැටම නොතේරෙන එකම දේ.. පෝලිමේ ඉස්සරහ ඉන්න පොරකන්නේ මොකො පරක්කු උනොත් හිටගෙන යන්න වෙනව කියලය.. පොරකන උන්ට පොර කන්න ඇරලා මම වාඩි වෙලා හිටියා.. ඒ අතරේ ඉතින් මම ලයින් එක දාගෙන හිටිය එක්කෙනත් පොලිමට එකතු උනා.. එයා පෝලිමේ අන්තිම.. හිටපු කට්ටිය හැටියට තව පෝලිමට එකතු වෙන්න කට්ටිය නෑ.. මායි තව දෙතුන් දෙනයි වාඩි වෙලා හිටියේ.. පෝලිමේ අන්තිම ටිකට් කවුන්ටරේට කිට්ටු වෙනකන් ඉදාලා මාත් මගේ අත්බෑග් එක ඇදන් අවා කවුන්ටරේ ලගට.. පෝලිමේ මට ඉස්සරහා තව තුන් දෙනෙක්ට විතර වගේ ඉස්සරහින් එයා හිටියා..
මගේ වාරේ ඇවිත් මමත් ටිකර් එක චෙක් කරවගෙඅ ගේට් එක ඇතුලට ගිහින් බස් එකේ ෆලයිට් එක ගිහින් නැගලා මගේ සීට් එක හොයන් වාඩි වෙනකන් මම එයාව දැක්කේ නෑ.. කොහේදි හරි මිසින්ග් උනා.. මොකද ඉතින් මමත් වැඩි උනන්දුවකින් ෆලෝ කලේ නෑනේ.. ඉතින් මිස් වෙන එක අහන්නත් දෙයක්ද නේද? :D
සීට් තුනේ පේලියේ මට එහා පැත්තේ හිටියා නාකි සුද්දෙක්.. පොඩි එකා වගේ ඌ වීදුරුවෙන් එහා බලපු විදිහයි සිසිලිය ගැන ලිය උන පොතක් අතේ තියන් හිටිය නිසයි තේරුම් ගත්තා මේකා ඉතාලි කාරයෙන් නෙමෙයි කියලා.. එහෙම හිතලා නැවතිමේ තිත තියන්න හම්බුනේ නෑ මේකා මගෙන් වෙලාව අහපි කඩ්ඩෙන්.. හරි ඒකත් වෙන දීපංකරේක.. ඒකත් කන්ෆර්ම්.. ඒ නාකියගේ සිඟිති වැඩ දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා නිකමට වගේ ඉස්සරහා බලද්දි මෙච්චර වෙලා මම ලයින් එක දාගෙන හිටිය කෙනා මෙන්න එනවා ටිකට් එක අතේ තියාගෙන සීට් අංකෙත් හොය හොය..
වාඩි වෙලා ඉන්න ගමන් මම ආයෙම පොඩි ලයින් එකක් දාගෙන බලන් හිටියා එයා දිහා.. ඉස්සරහ පේලී වල සීට් බල බල ඇවිත් එක පාරම නතර උනේ මම හිටිට සීට් එක ලග.. දෙන දෙයියෝ ලගටම ගෙනත් දෙනවා කියන්නේ ඉතින් මේවටනේ.. මගේ සීට් එක ලගම සිට් එක මෙයාගේ.. මගේ හිතේ සතුට ඉතින් මම කොහොම කියන්නද?
ඔහේ වට පිට තොරන් බල බල ඉද්දි ඈත ඉදන් ආව ඒ ලස්සන රූපේ දිහා එක පාරම කොහොම නම් නොබලා ඉන්නද? සුදු ලස්සන මගේ වයසේ විතර වගේ පෙනුමක් තිබ්බ එයා දිහා ඉතින් දෙපාරක්ම නෙමෙයි තුන් හතර පස් පාරක්ම විතර මම බැළුවා.. ඈත ඉදන්ම ටර්මිනල් චෙක් කර කර ඇවිත් නතර උනේ මම හිටපු ටර්මිනල් එක ලගම.. ෆ්ලයිට් එකේ වෙලාව චෙක් කරලා ඉස්සරහා තිබ්බ පුටුවක වාඩි වෙලා එයා එක්ක ආව යාළුවෝ එක්ක හොදට කඩ්ඩෙන් කතා කරද්දි දැන ගත්තා මේ ඉතාලි කෙල්ලෙක් නෙමෙයි වෙන දීපංකරේක තමයි කියලා.. හැමතිස්සෙම මූණට කඩන් වැටෙන කොණ්ඩෙත් එක්ක ලස්සන හිනාවක් තිබ්බ නිසා ඉතින් මාත් ඉදලා හිටලා නෙමෙයි නිතරම වගේ ඒ පැත්ත බල බලම හිටියලු..
ෆ්ලයිට් එකේ වෙලාවත් ආවා.. වෙලාව ගිය දැනුනෙවත් නෑ.. කොහේ දැනෙන්නද ඉතින්.. කට්ටිය හෙමීට ටිකට් චෙක් කරන පෝළිම අල්ල ගන්න දුවන්න ගත්තා.. ගේට් එක අරින්නත් කලින් ඉදන්ම කට්ටිය හිට ගෙනම පෝලිමේ.. හැබැටම නොතේරෙන එකම දේ.. පෝලිමේ ඉස්සරහ ඉන්න පොරකන්නේ මොකො පරක්කු උනොත් හිටගෙන යන්න වෙනව කියලය.. පොරකන උන්ට පොර කන්න ඇරලා මම වාඩි වෙලා හිටියා.. ඒ අතරේ ඉතින් මම ලයින් එක දාගෙන හිටිය එක්කෙනත් පොලිමට එකතු උනා.. එයා පෝලිමේ අන්තිම.. හිටපු කට්ටිය හැටියට තව පෝලිමට එකතු වෙන්න කට්ටිය නෑ.. මායි තව දෙතුන් දෙනයි වාඩි වෙලා හිටියේ.. පෝලිමේ අන්තිම ටිකට් කවුන්ටරේට කිට්ටු වෙනකන් ඉදාලා මාත් මගේ අත්බෑග් එක ඇදන් අවා කවුන්ටරේ ලගට.. පෝලිමේ මට ඉස්සරහා තව තුන් දෙනෙක්ට විතර වගේ ඉස්සරහින් එයා හිටියා..
මගේ වාරේ ඇවිත් මමත් ටිකර් එක චෙක් කරවගෙඅ ගේට් එක ඇතුලට ගිහින් බස් එකේ ෆලයිට් එක ගිහින් නැගලා මගේ සීට් එක හොයන් වාඩි වෙනකන් මම එයාව දැක්කේ නෑ.. කොහේදි හරි මිසින්ග් උනා.. මොකද ඉතින් මමත් වැඩි උනන්දුවකින් ෆලෝ කලේ නෑනේ.. ඉතින් මිස් වෙන එක අහන්නත් දෙයක්ද නේද? :D
සීට් තුනේ පේලියේ මට එහා පැත්තේ හිටියා නාකි සුද්දෙක්.. පොඩි එකා වගේ ඌ වීදුරුවෙන් එහා බලපු විදිහයි සිසිලිය ගැන ලිය උන පොතක් අතේ තියන් හිටිය නිසයි තේරුම් ගත්තා මේකා ඉතාලි කාරයෙන් නෙමෙයි කියලා.. එහෙම හිතලා නැවතිමේ තිත තියන්න හම්බුනේ නෑ මේකා මගෙන් වෙලාව අහපි කඩ්ඩෙන්.. හරි ඒකත් වෙන දීපංකරේක.. ඒකත් කන්ෆර්ම්.. ඒ නාකියගේ සිඟිති වැඩ දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා නිකමට වගේ ඉස්සරහා බලද්දි මෙච්චර වෙලා මම ලයින් එක දාගෙන හිටිය කෙනා මෙන්න එනවා ටිකට් එක අතේ තියාගෙන සීට් අංකෙත් හොය හොය..
වාඩි වෙලා ඉන්න ගමන් මම ආයෙම පොඩි ලයින් එකක් දාගෙන බලන් හිටියා එයා දිහා.. ඉස්සරහ පේලී වල සීට් බල බල ඇවිත් එක පාරම නතර උනේ මම හිටිට සීට් එක ලග.. දෙන දෙයියෝ ලගටම ගෙනත් දෙනවා කියන්නේ ඉතින් මේවටනේ.. මගේ සීට් එක ලගම සිට් එක මෙයාගේ.. මගේ හිතේ සතුට ඉතින් මම කොහොම කියන්නද?
අතේ තිබුන පොඩි බෑග් එක කැබින් එකට දාලා වහලා ලගම හිටිය මාත් එක්ක පොඩි හිනාවක් දැම්මා.. ඈත් ඉදන් හොරෙන් බල බල හිටපු ලගටම දකිද්දි හිතට දැනුන සතුට කොහොම කියන්නද? මාත් හිනා උනා.. එක ලගම වාඩි උනාට පස්සේ දැන් මොනාම හරි කතා කරන්න ඕන කියලා හිත කිවුවට නිකන් ෆිට් එකක් නෑ නෑ වගේ.. කොහෙන් කොහොම පටන් ගන්නද? සිංහලත් හරි, ඉතාලිත් හරි ඒත් මේ කඩ්ඩ.. මැඩම් එලිසබත්ට පිංසිද්ද වෙන්න කඩ්ඩ ගොඩ දාගෙන ෆාමසියේ භාෂා පරිවර්ථක උනාට මොකද බාවිතේ හොද කම නිසා ඉක්මන් වෙන්න මොකද්ද වගේ.. කතාව පටන් ගන්න තැනක් හිතා ගන්නත් බෑ..
උඩ බිම බල බල කල්පනා කර කර හිටියා.. ඒ අස්සේ ෆ්ලයිට් එක නග්ගන්න ටිකක් ලේට් වෙනවා කියලා එනවුන්ස්මන්ට් එකකුත් දුන්නා.. තව හොද හැටි වෙලාව ලැබිලත් කතා කර ගන්න බැරි හැටි.. කල්පනා කර කර ඉද්දි මගේ ඉස්සරහ සීට් එකේ හිටිය නාකි ගෑනි සීට් එක හදන්න ටිකක් පස්සට ගන්න ගිහින් බටන් එක ඔක්කොම ඔබලා සීට් එක කෙලින්ම ඇවිත් නැවතුනේ මගේ කකුලේ.. මගේ කකුලේ කාලෙක ඉදන් පොඩි ආබාදයක් තියෙන නිසා ඔහොම එකක් උනාම මට තද වෙනවා හොද එකෙන්.. මම ඒ නාකි ගෑනිට කතා කරලා මැනස් කියලා දුන්නම් ඒ ගැනී සීට් එක අකුල ගත්තා මන් දිහා රවලා බලලා.. මටත් මොකො.. මාත් කියන්න ඕන එක කියලා ආයෙම හොදට වාඩි උනා විතරයි ලස්සන කටහඩක් කන් දෙක ගාවම ඇහුනා..
“ some people
don't think about others..”
මූණ දිහා බලපු ගමන් ඇස් නැවතුනේ හිනාව ලග.. එක පාරම උත්තර දෙන්න ඕන නේද කියලත් අමතක උනා..
“ yeah, for
someone it's only about himself..”
“ wow, great to have someone speak english well..”
“ah, not very much
good..”
කතාවක් ඇදිලා ආව වෙලේ ඉතින් මාත් දන්න කඩ්ඩෙන් අල්ලන් ගියා..
“ by the way,
where are you from..”
“ Miami.. you?”
“ Sri lanka..”
“sri lanka.. i
heard little things about your country..”
“ hope those are
good things..”
“yeah..
hope so.. i'm Jasmine..”
“ Dinesh,
it's nice to meet you Jasmine..”
බෑ බෑ කිය කිය හිටියට මොකද මේකා ඔය හොදට කත කරලා තියෙන්නේ කියලා දැන් කස්ටිය හිතනවා ඇති.. මෙහෙමනේ කතාව පටන් ගන්න බැරුවනේ ඉතින් හිටියේ.. හරි ඉතින් දැන් ඉතුරු කතා කල දේවල් ඕන නෑනේ.. මට ඔක්කොම මතකත් නෑ ඉතින්.. කෝම හරි මෙයා මේ අවුරුද්දකට කතානියා යුනි එකක මොනාදෝ ඉගෙන ගන්න එන ස්ටුඩන්ට් කෙනෙක්.. තාම ඉතාලි වචනයක්වත් බෑ කියලා තමයි කිවුවේ.. රෝම් ඉදන් කතානියා එන්න විනාඩි 45 යනවා ෆ්ලයිට් එක.. ඔය එන අතරේ ඉතින් එක එක දේවල් කතා කර කර ආවා.. ඒ මල් කැඩිලි ඕන නෑනේ ඉතින්.. කෝ කෝ කට්ටිය රිමෝට් එක අරන් ෆාස්ෆෝවර්ඩ් බටන් එක ඔබලා අන්තිම හරියට ගන්න.. :D
කතානියා වල ෆ්ලයිට් එක ලෑන්ඩ් කලාට පස්සේ එක්සිට් එක හොයන් ඇවිත් බැගේජ් ටිකත් අරන් ඉවර වෙලා දෙන්න සමුගන්න වෙලාව ආවා.. අහ්.. සමුගන්න වෙලාව ආවා කිවුවම කට්ටියගේ මූණු අප්සට් උනාද මන්දා.. ඉන්නකෝ ටිකක් කියනකම් ඉතුරි ටිකත්.. :D
“ well,
it's time to say goodbye..”
“ yeah, anyway it's nice talking with you
dinesh..”
“ yeah.. for me too.. ah, by the way you have
Fb account? we can talk later..”
“sure, it's
Jasmine ----- "
“ okay then..
catch you in Fb..”
“ Bye..”
“ Ciao.. it's not Miami
anymore..”
බැගේජ් අතේ තියන් හිටිය හන්දා නම ලියා ගන් කොලයක් පෑනක් ගන්නවත් වෙලාවක් උනේ නෑ.. හරි ලේසි කෙටි නමනේ කියලා දෙතුන් පාරක් හිතින් කියලා මතකේ තියා ගත්තා.. ගෙදර ගිය ගමන් රික්වෙස්ට් එකක් දානවා කියලා.. මාව ගන්න අයියා එයාර්පෝට් ඇවිත් තිබ්බා.. එන ගමන් විස්තර කියව කියව ආවා.. ගෙදර එද්දි අංකල් ජොන්සන් මග බලන් ඉන්නවා.. ඉතින් අර ආගිය තොරතුරු ටිකම ආයෙම කියන ගමන් බත් ජුන්ඩක් කාලා මහන්සියට ටිකක් දොයිය ගත්තා..
පැය දෙක තුනකින් නැගිටිද්දි අංකල් හොද තේ එකක් එහෙම හදලා කුස්සියේ ඉදන් ආයෙම චැට් එකකට සෙට් උනා..
“ දැන් තමුසේ ලංකාවේ ඉන්න ටිකේ කෙල්ලො කීයකට ලයින් දැම්මද?”
එකට හිටියත් මං ගැන සෑහෙන වැරදි අවබෝදයකනේ අංකල් ඉන්නේ .. ඒක ඉතින් උයාලටත් තේරෙනව ඇති නේ.. කෝම උනත් ඒක අහපු ගමන් මතක් උනේ ජැස්මින්ව.. බොලේ රික්වෙස්ට් එකක් දාන්න ඕන නේද? දුවල ඇවිත් කම්පූටරේ ඔන් කලා.. ඔන් කරන ගමන් නම මතක් කලා.. ඔය ඉතින් කරලා තියෙන්නේ.. මට මතක ජැස්මින් කෑල්ල විතරයි.. අනිත් කෑල්ල දහ අතේ කල්පනා කර කර මතක් කලා..
මගේ ශෝට් ටයිම් මෙමරියට පිං සිද්ද වෙන්න ඒ නම අමතකයි.. දැන් ඉතින් ඔය ජැස්මින් කෑල්ල ගහලා කොහේ කියලා හොයන්නද.. දවස් දෙකක් විතර මතක් කලා මතක් කලා ඒක මතක් වෙන්නෙම නෑ.. තාමත් නෑ.. :D




ජැස්මින්ගේ හොද වෙලාවට මෙයාට නම අමතක වෙලා. හික් හික්....
ReplyDeleteපවුලේ අයට එක දෙන්නෑලු..මමලු 1ක...තෑගිත් මටලු...
Deleteහා හා අක්කි 1 ඔන්න අද. බට්ටි අක්කිට තෑගි
Deleteහෆොයි.. අදත් වලි... ඇත්ත ඇත්ත.. එහෙම කලොත් පවුලේ අයට ඇද්ද කියල මට කතා හදනවා..මම මේ වයිෆ්ට තෑගි දීල එන ගමන්.. අද අක්ක එක ඔන්න.. මේකත් අර ලිස්ට් එකට දා ගන්න... :D
Deleteසුදු, හී හී.. අපරාදේ මට ඇමරිකා යන්න තිබ්බ චෑන්ස් එකනේ ඉතින් නම අමතක උනායින් මිස් උනේ.. :D
Deleteමල්ලී මෙයා නං කැමතිවෙයි නම අමතක වෙච්චඑකට!
Deleteඅයෙත් අහලා.. එයානම් මාර හැපී..
Deleteඅපොයි ජස්මින්..
ReplyDeleteඅපරාදේ ජැස්මින්..
Deleteවිශ්වාස කරපං මටත් ඔහොම්මම සීන් එකක් උනා. මගේ එහා පැත්තෙම ඇවිත් වාඩිවුනා විතරක් නෙවෙයි ඊට පස්සේ හොඳම යාලුවොත් උනා. :) තාමත්!
ReplyDeleteඅන්න චාන්ස් එක.. කොහෙද, කරුමෙට මට නම අමතක උනානේ.. :)
Deleteහොඳම වැඩේ ඔයාට . :D
ReplyDeleteඔහොම කියන එක හරිද ඉතින්.. :)
Deleteබලපන්කො ඉතින් මූ දේන ආතල්.. ගිය විදියට මම හිතුවේ අන්තිම ටික අත්දෙකෙන් මූණ වහගෙන කියවන්න වෙයි කිය්ලා...
ReplyDeleteමදාරගෙ වෙලාව හොඳකමට ( අන්තිම නරකද මන්දා ) මුගෙ මෙමරි ලොස් උනේ
හික්ස්.. ගිය විදිගට ගියනම් මේ වෙද්දි එහෙම වෙලා.. කොහෙද මගේ මෙමෙරි කාඩ් එක අවුල් නේ.. :)
Deleteහෙහ්.. මදාරගේ වෙලාව හොද ඇති..
මාත් හිතුවේ එහෙමනේ.. කොහෙද මේකා වැඩේ කාලනේ..
Deleteහෙහ් හෙහ්.. ශෝර්ට් ටයිම් මෙමරි.. ගනන් ගන්න එපා.. :)
Deleteනටුවෙන් ගිලිහුණු පිච්ච මලක්.... ;)
ReplyDeleteසුළගට පාව ගිහින්.... :)
Deleteaපොයි....මෙයත් හෙන පැනියෙක්නේ මෙහෙම හිටියට....;) (මදාරා ගහයිද දන්නේ නෑ)
ReplyDeleteහෆ්ෆේ මම පැනි හලලා නෑ තාම.. බොලුනම් අහන්න මදාරගෙන්..
Deleteනපුරු කාලෙට ඔහොම වෙනවලු!!!!
ReplyDeleteආයෙත් අහලා.. සෑහෙන අපලයක් තිබිලා තියෙනවා..
Deleteහොඳ වෙලාවට අමතස්ක උනේ..
ReplyDeleteකාගේ හොද වෙලාවටද මගේද? :)
Deleteඅනේ අපොයි Dinesh අයියේ.....මොනව කරනවද මන්ද......නමක කෑල්ලක්වත් මතක තියාගන්න බෑනේ.....අපිට නම් එක පාරක් කිව්වම පරම්පාරවෙම විස්තර මතකයි................
ReplyDeleteනමේ කෑල්ලක් තමයිනේ බං ඉතින් මතක.. අනිත් එක මතක නෑ..
Deleteහෙහ්.. මාත් ඉතින් පරම්පරවම මතක තියා ගන්න එකෙක් තමයි.. මේක මිස් උනාට.. :)
අනේද කියන්නේ.. මෙහෙම දෙයක් අමතක කරලා කෝමද?
Deleteනරක වෙලාව.. නරක වෙලාව.. :)
Deleteහොදම වැඩේ නම අමතක වුණාට..පේනවද මෙයා තාම වොරි වෙනවා නම අමතක වුණා කියලා...අර අහිංසක කෙල්ල නිසාම හොදයි ඉතින්....හික්ස්
ReplyDeleteඅන්න අන්න වැරදි කතාව.. මම කිවුවද මම වොරො වෙනවා කියලා.. මෙයාලා කතා හදනවා.. :)
Deleteසැක්!!! ඕනේ කතාවක අග බාගේ කොස්සක් තීනවා නේ මුකක්ම හරි... ෆිල්ම් වලත් ඔහොමමයි අප්පා... හැබැයි ඉතිං The End එකේදී ඔක්කොම සෙට්ල් වෙනව..
ReplyDeleteනම අමතක උන එක ගැන නම් එක්කෙනෙක්ට ගොඩක් හැපී ඇති .. හික් හික් :) :)
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ඇහ් දැන් මේකෙත් කොස්සක් තිනවද? නම අමතක උන එක ඇරෙන්න.. තාම එන්ඩ් එක නෙමෙයිනේ ඉතින්..
Deleteඅයියෝ ජස්මින්..
ReplyDeleteඅයියෝ නේන්නම්.. :)
Deleteජෙස්මින් තියන ඔක්කොටම රීක්වෙස්ට් දැම්මනම් හරි.
ReplyDeleteහෆ්ෆා.. කීයක් කියලා දාන්නද එහෙනම්.. මාර්ක් ගොයියා මාව එලවනවා.. :)
Deletekohomata thiyeida okkotama riquest dada hoyaddi..
Deleteහෙහ්.. මතක් කරන්නත් එපා ඒ ගැන නම්.. :)
Deleteජැස්මින් යන්තම් බේරුනාලු... නැත්තම් අර සිහින මදාරාට දෙන වදේ ජැස්මින්ටනේ...හි හී...මොනා උනත් දිනේශ් පව්ලු...
ReplyDeleteආ.. හලේ එහෙම කියන්න එපා ඉහින්.. එයා ඉන්නේ ඔය බබා වගේ ලස්සනයට.. අක්කලා කතා හදනවා..
Deleteඔව්.. මම පවු... :)
අපි අන්න අර පැත්තේ කමෙන්ට් දැම්මලු.:)
ReplyDeleteහෙහ් දැක්කා දැක්කා.. මේක පබ්ලිශ් වෙන්න අමතක වෙලානේ.. :D
Deleteහි හී..... වාසනාවන්තියක් ද ජැස්මින්? ආ සහෝ!!
ReplyDeleteහීනියට හින්ට් එකක් ගහලනේ ඉතින්.. :)
Deleteඅපරාදේ.....කොච්චර ලස්සනට ගලාගෙන යන්න තිබුන ස්ටෝරියක් ද? සැහ්...
ReplyDeleteහා හා.. දැන් ඔවුවා කියන්න එපා.. නඩුකාරි ඉන්නවා.. :)
Delete“sure, it's Jasmine ----- " මේකේ හිස් තැන පුරවහන්කෝ බං අයියේ මොකද්ද බං හත්තිලව්වේ හෙන ගහනවනේ.......
ReplyDeleteවහින කාලේ හෙන ගැන කියන්න එපා බං.. ම්ම දවස් දෙකක් ඔය හිස්තැන පුරවන්න බැළුවා බං.. බැරිම තැන තමයි හිත හදා ගත්තේ.. :)
Deleteඑකන්ම එල :P
ReplyDeleteඑල නම් ඕකේ.. :)
Deleteane ban ubanam.. mehema amathaka karala hari yanawada ban..
ReplyDeleteහෙහ්.. ඕනකමින් කලාය ඉතින්.. :)
Deleteඅපරා......දේ නේ?? හැබැයි අනිත් අයගේ කමෙන්ට්ස් වලින් තේරෙන්නේ, අමතක වුන එක එක්කෙනෙක්ට නම් සතුටට කාරනාවක් බවයි. අපි ඉතින් ඕවා දන්නෙ නෑනේ. අළුත් ළමයින්නේ අපි......හී...හී.... :)
ReplyDeleteඇත්ත ඇත්ත.. අළුත් ළමයි ඒවා දන්නේ නෑ නේන්නම්.. ඔය ඉස්සෙලම කමෙන්ට් කරල තියෙන්නේ.. අන්න එයා ගැන තමයි කට්ටිය කියන්නේ.. :)
Deleteමතක් වෙන්නට කියලා මන් ගාන ප්‍රාර්ථනාවක්...
ReplyDeleteඅද තමා පළවෙනියට මේ පැත්තට ආවේ නියමයි.දිගටම ලියන්න සුබ පැතුම්!!!!!!!!!
දැන් ඕවා මතක් උනොත් නඩු.. ඒ හන්දා ඔන්න ඔහේ එපා.. :)
Deleteආයෙම එන්න කියලා ආරාධනා කරනවා..
ඔලුවෙන් හිටගෙන හරි මතක් කරගන්න ට්‍රයි එකක් දාන්න
ReplyDeleteහෙහ්.. බෑ.. මතක ටිකත් අමතක් උනොත් එහෙම ඊට වඩා අවුල..
Deleteමොනාද බං.. ලංකාවට යද්දි එකත් මිස් කර ගත්තා.. දැන් එද්දි එකත් මිස් කර ගෙන..
ReplyDeleteඅපල කාලේනේ බං..
Deleteම්ම්ම්ම් මියාමි නේද? එක්කෝ ඕන නෑ...නිකන් පවුල් කඩා ඉහිරවන්නේ මොකටද? හොඳ වැඩේ මෙමරිය ගැන ඕනවට වඩා විශ්වාස කරනවට..:ඩි
ReplyDeleteලොකු අක්කා නොකිවුවට මොකද මම නිකන් දන්නවා දන්නවා වගේ.. මේ මෙමරිය දැන් හොදයි ඉස්සරට වඩා.. විශේෂ දවස් කට පාඩම් කරන් ඉන්නේ.. :)
Deleteඅනේ ඇත්තට උඹනම්.. ඕක කොලේකවත් ලියා ගන්න බැරි උනාද උඹට..
ReplyDeleteබැගේජ් ඇදන් එයාපෝට් එකෙන් එලියට එද්දි මොන කොල හෙවිල්ලක්ද ඕක ලියා ගන්න.. :)
Deletemalli nam maara luck karayekne.yanakota ekai.. enakota ekai...happe ape dinesh malaya....
ReplyDeletepapuwa dig... dig... gawe nedda langata ena kota... :)
mata una dewaluth mathak una meka baladdi.
monawa unath ara asaranee diha bala bala mona hithakin meka liwwada manda..:(
mama una nam math danawa post ekak mata watuna line ekak gena..wadiyenuth ekka........huh...:<
( pawul kadanna hadanawada manda..)
මොන ලකීද? ලක් එක මිස් උනනේ..
Deleteමම ලියන දේවල් එක්ක මදාරා කිසිම අවුලක් නෑ.. ගොඩක් දේවල් මම මේකේ ලියන්න කලින් එයා දන්නවා.. අනික සමහර මම ලිවුව ලියන්න ඉන්න දේවල් ලිය වෙන්නේ මං කියනවා අහන් ඉදලා " ඒ ඔයා ඕකත් ලියන්නකෝ පණ " කියලා එයාම කිවුවම.. ඒ හන්දා එයාගේ මම ලියන දේවල් එක්ක කිසිම අවුලක් නෑ..
මට ඇත්තටම සතුටුයි මදාරා වගේ කෙනෙක් මට ලැබුන එක ගැන.. :)
කෙල්ලගේ නම "ජැස්මින් පිච්ච සමන්" නෙමෙයිද දිනේෂ් අයියේ. ෂේක් අමතක වුනේ නැත්තම් ඉරණම මීට වඩා වෙනස් වෙන්නත් තිබ්බා. හෙහ් හෙහ් හෙහ්
ReplyDeleteහෙහ් හෙහ්.. නෑ නෑ ඉරණම් මේ විදිහ හොදයි.. වෙනස් වෙන්න ඕන නෑ.. :)
Deleteමටත් ගොඩක් වෙලාවට අමතක වෙනවා ආසන්න මතකයන් . පරන එව්වනා නං ගලක කොටලා වාගේ
ReplyDeleteඅයියෝ දිනේශ්..ඔච්චර ලස්සන ගෑල්ලමයෙක්ගෙ නමත් අමතක වුනා කියන්නේ..හපොයි හපොයි..
ReplyDeleteඅයියෝ..!! නුලෙන් මිස් වෙලා නේ ...!!
ReplyDeleteඅයියෝ . . . . ජැස්මින් . .
ReplyDeleteදුක තමා රංජනී අහ් නෑ දිනේෂයෝ . .
යකෝ ශෝර්ට් ටයිම් මෙමරි ලොස්ට් තියෙන බව දන්නවනම් ඒ වෙලාවෙම ෆොර්න් එකාට් වත් දාගන්න තිබ්බනේ ජැස්මින්ගේ නම . .
වෙලාවට ෂෝට් ටයිම් මෙමරි වුණේ..
ReplyDeleteහෆොයි ජැස්මින්.. :P