Friday, 26 October 2012

මගේ සඳට


    අද උදේම අහසේ මටත් නොදැනිම මගේ සඳ හංගිලා ගිහිල්ලා.. උදේම ජනෙල අතරින් හිරු එළිය වැටෙන්නත් කලින් මගේ සඳ දිහා බැළුවේ වෙනදා වගේම ඒ ලස්සන ආදරේ මිහිර හොයාගෙන යන්න.. 

  අද සඳ හැංගිලා ගිහින්.. මටත් නොකියම.. හිතට කියා ගන්න බැරි අමුතුම හැගීමක් තාමත් වද දෙනවා.. උදේම මගේ සඳ නොදැක්කත් මම මගේ සඳත් එක්ක කතා කලා.. ගොඩක් වෙලා හිනා උනා.. වෙනද වගේම.. ඒත් මේ උදෑසනේ මොකක් හරි අමුත්තක් තියෙනවා කියල මට දැනෙනවා.. තේරුම් ගන්න අමාරු..

  ඔයා ඇවිත් මගේ හිතේ නතර උන මේ ටික දවසට ජීවිතේ කොච්චරනම් වෙනස් වෙලාද? කවදාවත් නොදැනුන පාළුවක් හිතට අද ගොඩක් වද දෙනවා.. විශ්වාසයි හවස් වෙද්දි මේ පාළුව මග ඇරේවි.. මගේ සඳ දැක්කම, වෙනද වගේම හුරතල් උනාම මේ පාළුව මොහොතින් මග ඇරේවි.. 

ඒ ලස්සන හැන්දෑවැනකන් මම මග බලන් ඉන්නවා.. ඒත් එතකන්..

බලා සිටියා සඳ හිනැහෙන තුරා මගෙ හිත ලග
උදෑසනම ලස්සන බලාපොරොත්තුවක් අරගෙන
ඒත් නෑ අද මගේ සඳ හිත් අහස ලග
නොදන්නාම හැංගිලා අදුරු වළාවක..

හිතට මහ බරයි සඳ නොදැක්කම 
සිතුවිළි අකීකරුයි සඳ මඟෙන් දුර උනාම
ගැහෙන හදවත තාලයක් නොමැතිව
සොයයි මගේ සඳ හිත් අහස පුරාවට..

නැග එන්නේ කොයි මොහොතෙද 
ආයෙම නුඹ මගෙ අහසට
ගෙවෙන තත්පර දිගු වැඩියි දෑසට
බලාගෙන මම තවම කවුළුවෙන් එපිට..

හිත ඇත්තටම ගොඩක් අකීකරුයි.. ගොඩක්.. මගේ සඳ අද හැංගුනේ සඳට ඕනවට නෙමෙයි කියලා දන්නවා.. ඒ හන්දම සඳ ඉක්මනටම මගේ අහසට පායලා ඒවි.. එතකන්..

_11 / 09 / 2012 - 09:17 A:M _

වෙලාව ගියා දැනුනේ නෑ..සැරින් සැරේ උන කතා බහ එක්ක වෙලාවනම් ගෙවිලා ගියා.. ඒත් වෙනද වගේ නෙමෙයි..  තාම හිතට මොකක් හරි අඩුවක් දැනෙනවා වගේ.. උදේම මගේ සඳ නොදැක්ක පාළුව දවසේ කොහෙත්ම මැකෙන්නෙ නෑති ගානයි.. 

මේ හිතට ඔයා ගොඩක් ලං වෙලා.. හිතා ගන්නත් බැරි තරමටම.. මාරුවෙන් මාරුවට ඔරලෝසුව දිහා බලලා තවත් හිත රිද්ද ගත්තද කියලා නොදන්නවා උනත් යන්තම වෙලාව ගෙවිලා ගිහින් ඔයා එක්ක කතා කරන්න දුවන් එන්න වෙලාවත් ලං වෙලා.. 

ඔයා ගෙදර ඇවිත්.. මං එනකන් මාත් එක්ක ආදරෙන් තුරුළු වෙන්න බලාගෙන ඉන්නවා.. උදේ ඉදන් හිතේ තිබ්බ පාළුව එක පාරම නැති වෙලා ගිහින්.. තව පුංචි වෙලාවයි.. මගේ සඳ ලගට දුවගෙන එන්න..


බලාගෙන කවුළුවෙන් ඈතක
ගෙවෙන තත්පර අතර තනිවම
සිරකර පාළුව හිතේ එක මුල්ලක
මතකය අවදි කර නුඹ ගැනම මම..

නුඹ නැතිව ඇරඹුන උදෑසන
ගෙවි ගිහින් නුඹ ගැන හිතාගෙන
නුඹ ලංවෙන්න ඉතිරි තව මොහොතයි
හිත නුඹ ලගටම ඉගිලෙන්න බලාගෙන..

_ 12:48 A:M_



104 comments:

  1. ලස්සනයි...සඳ ඉක්මනට පායාවි.නොසැලී ඉන්න.

    ReplyDelete
    Replies
    1. කැරලිකාරි ඉක්මනටම ඇවිත්.. ඔව් ඔව් හඳ පැයුවා.. දන්නේ නැද්ද ඉතින් මගේ හදිස්සිය.. :)

      Delete
  2. පිස්සු හැදෙන සඳ . සඳ පොඩ්ඩක් වලාකුලු වලින් වැහුනම නොපෙනී යනවා . ඒවටත් පුරුදු වෙන්න ඕනෙ හොදේ .

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දර එක පාරම නැති උනාම ඉතින් දන්නැද්ද අක්කෝ.... :)

      Delete
  3. සදට සැහැසි කම් කළ අය සද එලියෙන් සැනසුනාට සද සාවිට දුක හිතෙන්නෙ නෑ
    නුඹට ආදරෙන් හිටි අය නුඹ හා දොඩමළු වෙනකොට මට නම් එය දරාගන්න බෑ

    මේක සද ගැන ෂිංදුවක් !

    ReplyDelete
    Replies
    1. උඹටත් මතක් වෙන්නේ හරි සිංදු තමයි බං..

      Delete
  4. පෝය ලගයිනෙ දිනේෂ් අයියේ....සද උනත් එක එක කාලවට එක එක චාන්ද්‍රකලා පායන්වලුනේ අයියේ එහෙම නැත්නම් ජිවිතේ කිසි කික් එකක් නෑලුනේ...බත ඉදෙනකන් වෙන පොඩි පොඩි අවුල් ගණන් ගන්න එපා...හැමදෙයටම නොසැලී මුනදෙන්න...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ප්‍රදී, මෙච්චර දවසක් එක සඳ තිබිලා එක පාරම හැංගුනානේ නංගෝ.. ඒකනේ මේ අවුල.. වෙනද කියලනේ හැංගෙන්නේ..

      Delete
    3. සුදු, දුක නැද්ද ඉතින් මල් කඩලා කඩලා මට නොකියම පන්සල් ගියාම.. :)

      Delete
    4. ඇත්ත.. හිටපු ගමන් ඔය පොඩි ප්‍රශ්ණ එනවනේ.. ගනන් ගන්න එපා..

      Delete
    5. අහ්.. මේක ප්‍රශ්ණයක් නිසා ලිවුව එකක් නෙමෙයි.. තනියම ඉන්න බැරි උන නිසා ලිවුව එකක්... :)

      Delete
    6. තනිකමත් දරාගන්න පුරුදු වෙන්න ඕන මලයා..

      Delete
    7. මට නම් බෑ වගේ දැන්.. :)

      Delete
  5. මං මේ හැමදාමමේ දෙන්නගේ පෝස්ට් බලලා අහන්න හදලා ආයිත් ඕනේ නෑ කියලා හිතුව එකක් අහන්නේ...

    බැන්දට පස්සෙත් දෙන්න එක්ක කවි ලියයි නේ... ‌නේද.... එහෙම නැති උනොත් දෙන්නටම ලොකු අඩුවක් දැනෙයි... අත්දැකීමෙන් කිව්වේ....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හිරු අක්කේ, අයියෝ මේ ඕනි දෙයක් අහන්න අනේ.. හිත හිත ඉන්න එපා..

      මම නම් ලියනවා.. මෙයා තමා ශුවර් නැත්තේ.. ඔය පේනවනේ දාලා තියෙන රිප්ලයි එක.. :)

      Delete
    3. සුදු, හෆ්ෆේ ඔයාට එච්චර දේවල් වෙනවද? මෙන්න මේ ඕවා නොහිතා ලියන්න.. :)

      Delete
    4. ඔය දෙන්නා ඊට පස්සේ නොලිවුවොත් ඒක අපිටත් ලොකු පාඩුවක් වෙනවනේ..

      Delete
    5. නෑ නෑ අපි ලියනවා වෙනද වගේම.. හැබැයි බ්ලොග් නවත්තන දවස ගැන හිතලා තියෙන්නේ.. :)

      Delete
    6. බ්ලොග් එක නවත්තනවා.. හ්ම්ම්.. ඉක්මනටම නෙමෙයි කියලා හිතනවා..

      Delete
    7. නෑ නෑ.. ඉක්මනට නෙමෙයි.. තව කල් තියෙනවා..

      Delete
  6. පියුම හිරුට මිස සඳුට අයිති නැත තරු සුදිලේ ඝන අඳුරු රැයේ....
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ලස්සන අදහස...

      එන්නම් සමකය වටේ යන්න..

      Delete
  7. බුදු අම්මෝ හදවල් නම් ඕනෑම නෑ :/

    ReplyDelete
    Replies
    1. හික්ස්....නොදන්නෝ නොදනිති...හැබැයි දන්නෝ දනිති

      Delete
    2. රෙප් අයියා, තව සදක් පායාවි.. :)

      Delete
    3. සිත්තමි, දන්නෝ අතර මාද සිටිමි.. :)

      Delete
  8. ආදරණීයයි ගොඩක්.... පස්ට..

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අයෙත් අහලා.. මම උදේ 3.30 කෝල් කලා නැගිටලා.. මෙයා නෑ.. ඉතින් දුක නැද්ද මම අහන්නේ??

      Delete
  10. time difference eka kohomada malli.math oya awulenma den widawanna gaththa witharai....

    ReplyDelete
    Replies
    1. පැය 3.30 අක්කේ..

      අහ් ඒ කියන්නේ අක්කත් පවුල් පන්සල් වෙන්න යන්නේ.. අපිට කේක්.. :)

      Delete
    2. හිටපු ගමන් ඔය වෙලාව වෙනස පැටලෙනවා ඇතිනේ මලයෝ.. ඕවා ගනන් ගන්න එපා..

      Delete
    3. බොහොම අමාරුවෙන් වෙලාව ගැන කියලා දුන්නේ.. දැන් මේ ටිකේ ආයෙම ඔන්න වෙලාව අවුල්..

      Delete
    4. ආයෙම මොකෝ අවුල් මල්ලී..

      Delete
    5. අහ්.. මේ වින්ටර් එකට වෙලාව වෙනස් වෙනවනේ.. ඒකයි.. :)

      Delete
  11. කවි ටිකනම් නියමයි....ආදරණීය බව උපරිමයි...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ සිත්තමි..

      Delete
  12. තනිකමෙන් තොරවෙච්චි සොදුරු හීනයේ
    මගේ සද වඩිනා තුරු බලා සිටි ජීවිතේ
    අමාවක ආ දාට හැඩුව හැටි සිත මගේ
    කෙසේ කියම්ද ඒ අතීතේ...

    ගොඩාක් දේවල් මතක් උනා දිනේෂ්! පද වැල් ටික නම් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. බලාසිටි දෑස සඳ නගින තුරු අහසේ
      විඩාබර වෙලා පාළුව නිසා දසතේ
      ලං වෙන්න නොහැකිව දුර නිසා දෙසිතේ
      හිතක් හැඩුවා හෙමිහිට සැගව රහසේ..

      තෑන්ක්ස් යාළුවා.. අපි කවුරුත් ජීවිතේ බලාගෙන ඉන්න මිනිස්සු..

      Delete
  13. මෙහෙම තමයි ආදරේ කරනකොට ඉතින්...:)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ පොඩ්ඩි අක්කේ.. :)

      Delete
  14. Replies
    1. තෑන්ක්ස් නංඟා..

      Delete
  15. හ්ම්.............හැම දේම උඩින් කියලා තියනවනේ.දැන් හඳ පායලා ඇති.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. හඳ ඉක්මනටම පායාලා ආවා..

      Delete
  16. ඉඳල හිටලා ඔහොම දෙයක්වත් වුනේ නැත්නම් කිසි ගතියක් නෑ නේ :D

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඒක ඇත්ත.. ඒ වෙලාවේ අප්සට් එකට මේක ලිවුවට මොකද බලාගෙන හිදීමත් හරි සුන්දරයි කියනවනේ..

      Delete
  17. Replies
    1. ඔව් ඔව්.. දැන් හඳ පායලා..

      Delete
  18. පිනිවැස්ස, පොද වැස්ස, මහා වැස්ස, දබ වැස්ස, අසනීවැස්ස, පට්ට අව්ව මේ කොයි දේටත් මුණ දෙන්න වෙනවා. ඒත් ටික කාලයකට විතරයිනේ හැමදාම නෙමෙයිනේ. ඒවගේම තමයි, හඳ පායනවා, බැහැලා යනවා, පෝය දවස් එනවා, අමාවක එනවා

    ReplyDelete
    Replies
    1. සිතුමා දන්න දෙයක්.. පොඩි එකා උනත් කිවුව දේ ඇත්ත.. :)

      Delete
  19. ආදරේ හින්ද මල්ලි කොච්චර වෙනස් වෙලාද....හැමදාම ඔහොම ඉන්න සතුටින්ම..

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර වෙනස් වෙලානම් තමයි.. :)

      Delete
  20. උඹ කෙට්ටු වෙලා බං..

    ReplyDelete
    Replies
    1. ටිකක් අසනීපෙන් හිටියනේ අසාර් අයියේ.. ඒකයි..

      Delete
  21. ඔය ආදරේ වෙනස් නොවී තියා ගන්න එක තමා දෙන්නගෙම වගකීම....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. මේක අපි දෙන්නටම ගොඩක් වටිනවා..

      Delete
  22. සද හොරෙන් ‍හොරෙන් හොරෙන් බලා.. වලා රොදක සැගවිලා..
    ---- සොදුරු පෙම් කතා.. අසා සිටිනවා‍‍‍... ;)

    ReplyDelete
    Replies
    1. මොකො මලය " අපේ " කියන තැන හිස් තැන තිබ්බේ? :)

      Delete
  23. කවි ටික නම් ගොඩක් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. තෑන්ස් සචිත්..

      Delete
  24. පෝය නම ලගයි ඒත් මේ දවස් වල මෙහෙට සෑහෙන්න වහිනව රෑට

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. එහෙනම් හඳ බලන්න වෙන්නේ නෑ.. මම මෙහෙ ඉදන් බලන්නම්.. අපිට වැස්ස නෑ..

      Delete
  25. අහ්හ්හ් හා... ;) ලස්සන කවි ටික.. හද පායනක්ම් තියෙන නොඉවසිල්ල අමු අමුවේම පේන ශෝයි කවි ට්ක... :D (Y)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඉතින්.. ඒවා එහෙම තමයි.. :)

      Delete
  26. පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්....

    ReplyDelete
    Replies
    1. අයිය මට අමතක වෙලා තිබ්බ ලස්සන සිංදුවක් මතක් කරලා දුන්නේ..

      Delete
    2. මට මේක කියවන එද්දී එකපාර මතකෙට ආවේ මේ සින්දුව මල්ලි.

      Delete
    3. තැන්ක්කූ තැන්කූ.. අපිටත් මතක් කරලා දුන්නට..

      Delete
  27. කවි ලියන්න පුලුවන් වීමත් ගොඩක් වටිනවා නේද. එතකොට හිතට එන පුංචි පුංචි දුක හිතෙන දේවල් කවියක් ලියල අඩු ගත්ත හැකි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. කියා ගන්න බැරි දේවල් කොච්චර නම් තියෙනවද?

      Delete
  28. අනේ අනේ මෙයාට පුදුම හදිස්සියක්නේ තියන්නේ..මදාරා ආපු ගමන් දෙන්න මෙයාට හොදවයින් ටොක්කක්....

    ReplyDelete
    Replies
    1. අහ්.. මෙයා වැරදි උපදෙස්මයි දෙන්නේ.. උයා කිවුවට මදාරා එහෙම කරන්නේ නෑ.. :)

      Delete
  29. Replies
    1. තෑන්ක්ස් තාරා..

      Delete
  30. ආදරේ කරන කෙනා මොහොතකට නැති උනාම දැනෙන වේදනාව වැඩී තමයි.. බලා ඉන්න එක හිතන තරම් ලේසිත් නෑනේ..

    ලස්සනයි කවි ටික..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒකනේ.. කතාවට කිවුවට බලාගෙන ඉන්නම් කියලා.. ඒක කරන්න ලේසි දෙයක් නෙමෙයි..

      Delete
    2. aththa machan.. oka kiyana tharam lesi ekak nemei..

      Delete
    3. හ්ම්ම්.. හ්ම්ම්..

      Delete
  31. හරිමම හරිම ලස්සනයි...
    හ්ම්ම්ම්ම්ම්ම්ම්
    සඳ...
    මට පායන සඳ නෙමේ බලාගෙන යනකොට වර්ණයට පායන්නේ...
    අපි දෙන්නටම පායන සඳ නෙමේ තව එක්කෙනෙක්ට පායන්නේ...
    සඳ කියන එක පොදුයි කියන්නේ බොරුද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් ඇත්ත.. සඳ පොදු නෑ.. අපි හැමෝගෙම ලෝක වලට පායන සද එක වගේ නෙමෙයි.. එක එක්කෙනාගේ සිත් අහසට පායන්නේ වෙනස් විදිහට..

      Delete
  32. apith ohoma hiti hati mathakai......
    mata honda hati mathakai.......

    ReplyDelete
    Replies
    1. හැමෝම එකම බෝට්ටුවේ එහෙනම්.. :)

      Delete
    2. nathuwa nathuwa..

      Delete
    3. එහෙම අත්දැකීමක් තියෙන්නත් ඕනනේ.. :)

      Delete
  33. ලස්සන කතාවක් !
    මම අදමයි මේ පැත්තේ ආවේ.

    පුලුවන් වෙලාවක මගේ ටැංකිය පැත්තෙත් ඇවිදින් යන්න එන්න

    මෙන්න පාර
    http://malutankiya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා වර්ණයට..

      එන්නම් ටැංකිය පැත්තෙත් ඉක්මනටම..

      Delete
  34. ලස්සනයි මලේ හැමදාමත් වගේ ම..

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ලහිරු අයියේ..

      Delete
  35. මගේ සද ඔබ මගේ..
    එදා සඳ නොව මෙදා මා දුටු

    නන්දාගේ මේ ගීය මතකයට එනවා..

    ReplyDelete
    Replies
    1. අපූරු ගීතයක් මාත් ගොඩක් ආස.. ගොඩක් ස්තුතියි රත්නායක අයියට මතක් කරලා දුන්නට ආයෙම..

      Delete
  36. තියෙන හදිස්සියක තරම. ඔය කිව්වට අපිත් ඔහොම තමා. හහ් හා....

    ReplyDelete
    Replies
    1. හදිස්සී නේන්නම්.. ඒකනේ ඒකනේ.. ඒක දැනෙන්නම ඕන.. :)

      Delete
  37. අපූරුයි වචන ටික හැමදාමත් වගේ..:) ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් හිරූ..

      Delete
  38. සිරා මචං.. මේ දවස් වල අපේ ජීවිතෙත් මේ ව්ගේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. බලං ඉන්න එක හැමදාමත් කරන්නත් බෑනේ.. එහෙම නේද?

      Delete
    2. හ්ම්ම්.. ජීවිතේම බලාගෙන ඉන්න වෙයිද කියලත් හිතෙනවා..

      Delete
    3. එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..

      Delete
  39. oyala dennata adareta kiyanne.mita vada parissam venna.oyala mava nodannava unata man oyala 2vama dannava.namuth dakala nam na.visheshayenma madara nangi.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්