බඩ රිද්දපු පුඩිම
කට්ටිය ඉතින් දන්නවනේ මම වැඩ ෆාමසියේ කියලා.. ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි නේ.. කලින් දවසකත් මම පෝස්ට් එකක් දාපු වෙලේ කිවුවා මතක ඇති ෆාමසියේ බෙහෙත් ගන්න තියෙන ලැබ් එකේ කෑම බීමනම් අපිට කවදාවත් වරදින්නේ නෑ කියලා..
බලාගෙන යද්දි ඉතාලියේ මිනිස්සු හරි හොදයි.. ගෙදර මොනා හරි කෑමක් හැදුවම බෙහෙත් ගන්න දවසක් නොවුනත් දුවගෙන ඇවිත් ඒකෙන් ටිකක් අපිට දීලා තමයි යන්නේ.. අඩුම ගානේ බිස්කට් එකක්වත් නැති වෙන දවසක් නම් නෑ.. ඒකනේ මම හවස මුකුත් නොකාම වැඩට යන්නේ..
ඉස්සර ලයින් අක්කගේ හොර ලවු එක තියෙන කාලේ උනත් වාසි අපිටම තමයි.. අපරාදේ ඌ දැන් එන්නේ නැත්තේ.. ඒ දවස් වල ගනන් වැඩිම, රසම චොක්ලට් කන්න පුළුවන් උනේ ඒකට පිං සිද්ද වෙන්න.. ලයින් අක්කත් හැබැයි ලෝබ නෑ පොඩ්ඩක්වත්.. තඩි චොකෝ බාර් එකෙන් භාගෙකට වැඩිය දෙන්නෙ අපිට. අපිට කිවුවට ඉතින් මට.. ලයින් අක්කා ආයෙම හොර ලවු එකක් පටන් ගන්නවනම් ශෝක් අප්පා එක අතකට..
අනික අපේ ලොක්කා.. ලෝකේ වටේ කොහේ කොනක රිංගුවත් එද්දි අපිට කන්නන් මොනා හරි අරන් එනවම තමයි.. කන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කතාවක්.. මේ ලගදි කොහේද ගියේ.. ආ.. ජර්මනියේ.. ජර්මනි ගිහින් ආපු වෙලේ මොකද්දෝ කේක් එකක් උස්සන් ආවා.. ලස්සනට තිබ්බා ඒක.. අර සූර පප්පලා ඊජිප්තු ගිය වෙලාවේ මකබාස් රැජිනට දෙන්න හදපු කේක් එක වගේ.. ලස්සනේ බෑ.. හැබැයි කන්න ගත්තම තමා එපා උනේ.. ඒක හදලා තිබ්බේ මම ජීවිතේට කාපු නැති පළතුරු ජාතියකින්.. ඒකේ මහ අප්සට් රහක් තිබ්බේ.. පොඩි කෑල්ලයි කෑවේ මුළු කේක් එකම එපා උනා.. අපරාදේ.. ලස්සන විතරක් කන්නය ඉතින්..
හරි අතුරු කතා ඇති.. දැන් එමුකෝ කියන්න හදපු කතාවට.. ලොක්කගේ අම්මා, දැන් සෑහෙන වයසයි.. මගේ හිතේ අවුරුදු 80 පැනලා.. හැමදාම අසනීපෙන්.. දැන් ටිකත් මෙමෙරි එකත් අවුල්.. හිටි ගමන් මගේ නමත් අමතක වෙලා අහනවා උඹ කවුද කියලා.. හෙහ්.. ඉතාලි කාරයෝ අස්සේ කල්ලෙක් මොකො කියලා දැකලා එක පාර බය වෙනවද මන්දා.. හෙහ්.. ඒවා කොහොම උනත් ලොක්කගේ අම්ම ගොඩක් හොදයි.. මේ ටිකේ මගේ අසනීපේ ගැන උනත් නිතර අහලා බලලා මාව බලාගන්න අමතක කරන්නේ නෑ.. ඒත් ඉතින් ඒවා එහෙම උනා කියලා මේ කතාව නොලියා කෝමද?
ලොක්කගේ අම්මට හොදට කෑම ජාති හදන්න පුළුවන්.. මොනා හැදුවත් රසයි.. වත්තේ තියෙන දොඩං ගස් වල දොඩං හැදෙන කාලෙට ඒවා අරන් දන්න සෙල්ලං ඔක්කොම දාලා එක එක කෑම හදනවා.. ආ.. මේ පාර දොඩං දාලා කෑම නෑ.. මේ පාර ගහට කුරුල්ලෝ වැහුවනේ...
මීට ටික කාලෙකට කලින් හවසක ෆාමසියට යද්දි ලැබ් එකේ තියෙනවා අම්මා හදලා ගෙනාව පුඩිමක්.. කිරියි තව මොනාදෝ මන්දයි දාලා හදන පුඩිම කලිනුත් ඕන තරම් කාලා තියෙන හන්දා ලැබ් එකේ පුඩිම සුදු පාටට බැබලි බැබලි තියෙද්දි ඔක කන්න ආපු ගමන්ම කාලා ඉන්නයි හිත.. ඒත් ඉතින් තනියම කන එක හරි නැති හන්දා කට්ටිය ඇවිත් වැඩ පටන් අරන් ටික වෙලාවක් යනකන් හිටියා..
" දිනේශ් කන්න එන්නැද්ද?"
ලයින් අක්කගේ සුපුරුදු කට හඩ ඇහෙද්දි මාත් ගියා ලැබ් එක පැත්තට.. ඒ යන ඩිංගටත් පුඩිමේ භාගයක් ඉවරයි..
" මෙච්චර ඉක්මනට මේක ඉවරත් කාලාද?"
" උඹමනේ කියලා දුන්නේ අපිට යන තැනක ඉස්සෙල යන්න කියලා.."
මුංට ලංකාවේ කියමන් කියලා දුන්න එකේ අපරාදේ කියලා හිතුනා.. දැන් උං ඒවා මටම කියනවා.. මාත් මට ඇති වෙන ගාන බෙදාගෙන ලයින් අක්කත් එක්ක චැට් එක්ක දාගෙනම පුඩිමත් කලා දැම්මා.. කාලා ඉවර වෙලා පැයක් විතර යද්දි අරුන් ඔක්කොම ටොයිලට් එකට පොර කනවා.. කට්ටිට පෝලිමට යනවා එනවා..මාත් බැලූවා මොකො කියල..
" ඇයි මොකො අවුල?"
" දිනේශ්, උඹේ බඩ අප්සට් නැද්ද?"
" හ්ම්ම්.. නෑ.. ඇයි?"
" අනේ මන්දා බං.. අපිට නම් අප්සට්.. අර පුඩිමද මන්දා.."
" එහෙනම් ඉතින් මගෙත් අප්සට් වෙන්න එපැයි.. මේ මම ඉන්නේ හොදට.."
" උඹ ගැන අපි දන්නේ නෑ.. අපිට අප්සට්.. කො ඔතනින් අයින් වෙයන්.. මට යන්න ඕන.."
එදා කට්ටිය වැඩ වලට වඩා හිටියේ ටොයිලට් එකේ.. එකෙක් එළියට එනකන් ඉවසන් ඉන්න බැරුව අනිත් එකා ලොක්කගේ ගෙට දිවුවා හදිස්සිය වැඩි කමට. හැබැයි ඉතින් උන්ට එහෙම උනාට මට නම් කිසි අවුලක් තිබ්බේ නෑ.. වෙනදා සුපුරුදු ක්‍රියාවලිය ඇරෙන්න වෙන කිසිම අවුලක් ආවේ නෑ..
ඔය සිද්දිය වෙලා දැන් මාස තුන හතරක් වෙනවා.. ඊට පස්සෙත් එක එක කෑම ජාති ලොක්කගේ අම්ම හදලා ගෙනාවා.. ඒවා කොහොම කෑවත් ඊට පස්සේ අපේ සෙට් එක අර පුඩිම ගේද්දි ඒක කන එක මග ඇරියා.. මට ඉතින් අවුලක් උනේ නෑනේ.. මම කෑවා.. :)
මේ ගෙවුන සිකුරාදා ලොක්කගේ අම්මා ආයෙම මේ පුඩිම හදලා ගෙනත් තිබ්බා.. දැක්ක ගමන් මට පුඩිමේ අතිත කතාව මතක් උනා.. සිකුරාදා මම යද්දි ටිකක් පරක්කු උනා.. යද්දි අර පැනලා ගිහින් ආව එක්කෙනා එන්නවා ලැබ් එකේ..
" දිනේශ් පුඩිං කනවනේ?"
" ආ ඔව්.. ඕක කන්නේ මම විතරනේ.. ඔහොම තියන්න මමම බෙදා ගන්නම්.."
" ඇයි අනිත් අය කන්නේ නැද්ද?"
මම ඉතින් වෙච්ච ස්ටොරි එක කෙටියෙන් කියලා දැම්මා.. කියලා ඉවර වෙලා නොකන අයගේ නම් ටික කිවුවා ගිහින් අහන්න කන්න බෑ කියන්නේ නැද්ද කියලා.. ෆාමසියට අළුතින් ආව ඩොකා කලින් කේස් එක වෙද්දි හිටියේ නෑ.. ඒ හන්දා ඒකා කන බව ශුවර්.. අහ්, ලයින් අක්කත් මං වගේ තමයි.. එයාට කොකත් එකයි.. කිවුව වගේම අනිත් උන් පුඩිං කියන නම ඇහෙද්දිම ඒකට කොච්චර කැමතිද කියලා කිවුවා.. මුකුත් නොදන්න අළුත් ඩොකා ඇවිත් කාලා දැම්මා.. ලයින් අක්ක එක්ක ඇවිත් මාත් කෑවා..
" මේ මේක මොනා දාලාද හදන්නේ?"
මම අන්තිම ටික කකා ඉද්දි අර කෙල්ලගෙන් ඇහුවා..
" කිරි විතරයි.. ඔයා දන්නේ නෑ.. සමහර දාට මෙයා කල් පැන්න කිරි එක අහු උනාම ඒක දාලා හදන්නේ.."
අන්තිමට කන්න ගත්ත එක මට කාගන්න බැරි උනා වගේ දැනුනා ඒ අහපු කතාවට.. කලින් වතාවේ මම හිතුවේ අරුන්ට වෙන අවුලක් නිසා එහෙම උනා කියලා.. බලද්දි පුඩිමේ අවුල තමයි..
" අපි කිවුවට අහන්නේ නෑ දිනේශ්.. දන්නවනේ එයාගේ මීටරේ.."
" ඔව් ඔව් ඇත්ත.."
ඒ කතාව ඇහුනේ හොද වෙලාවට කියලා හිතුනා.. සිකුරාදත් හැබැයි කෑවට මට නම් අවුලක් උනේ නෑ.. යහතින් ඉන්නවා.. හැබැයි ආයෙනම් එකක් හිතා ගත්තා.. මෙයා මේ පුඩිම හදලා ගෙනත් කන්න කිවුවොත් දෙන්නේ එක උත්තරයයි..





ඔක්කොම හරි, අර අන්තිමට බැනලාද?? :/
ReplyDeleteහින්ස් නෑ නෑ.. No Thanks කියලා තියෙන්නේ..
Deleteකොච්චර අප්සට් උනත් පුඩිමෙ ලස්සන දැක්කහම නොකා ඉන්න බෑ..... කාල මලත් කමක් නෑ කියල කන්න හිතෙනවා
ReplyDeleteආ ලංකාවේ අපිට එක්ස්ෆයර් වෙච්ච දිරවනවද කොහෙද.. අපෙත් දන්න කියන බ්ලොග් අයියා කෙනෙක් ඉන්නවා මාසයක් පරන රොටියක් උනත් බුවාට අවුලක් නෑ
( මේක එයා නොදකිත්වා... )
අනේද කියන්නේ මේ පින්තූරේ වගේනම් නෑ හැබැයි.. ඒ උනාට දැක්ක ගමන් කන්න හිතෙනවා..
Deleteආ.. කවුද අෆ්ෆේ ඒ.. බැරිද නිකන් පොඩි හින්ට් එකක් වගේ දෙන්න.. :)
:D ලංකාවෙ බඩවල් ඔහොම තමා. මෙහේ අවුරුද්දක් දෙකක් කැම්පස් හෝ කඩකෑම කාල පුරුදු වුනහම ලෝකෙ ඕනම කෑමක් අවුලක් නැතිව දිරවීමේ හැකියාව ලැබෙනව.
ReplyDeleteඅම්මපා බං.... සිරා!
Deletee kathawa sahathika aththa.kaaleka patan wena rataka hitiyath thaama e gune nam thiyenawa. dineshta wage..:)
Deleteගිමන්, නියම කතාව අන්න ඒක.. ඇත්ත අපේ සම්හර තැන් වල කෑම වලට බඩ ඔරොත්තු දෙනවා කියන්නේ ආයෙ ඕනම දේකට ඔට්ටුයි කියන එක තමයි..
Deleteරජා, උඹේ බඩ නම් ඕන ජරාවකට ඔට්ටුයි කියලා දන්නවා.. :)
Deleteඇනෝ, හෙහ්.. මට කවදාවත්ම කෑමක් අප්සට් වෙලා බඩ අවුල් උනේ නෑනේ.. :)
Deleteඒක නම් ඇත්ත.. කඩ කෑමට හුරු උනා කියන්නේ ඕන දෙයක් ඔට්ටුයි කියන එක..
Deleteඒකනේ.. බඩ ඕන දේකට ඔට්ටුයි ඒ වෙලාවට..
Deleteඕකට තමයි කියන්නේ ඌරු බොක්ක කියලා
ReplyDeleteමොනා උනත් අපේ බොක්කනේ ඉතින්.. :)
Deleteඌරංට මොන සෞඛ්‍යද කියන්නේ නිකන් යැ???
ReplyDelete~මා
මාල් ඉතින් ඔහොම මට ඌරා කියන එක හරි නෑනේ.. :(
Deleteහික්ස්.... බය වෙන්න එපා මල්ලි.අච්චර කට්ටියකට බඩේ අමාරු හැදිලත් ඔයා යහතින් හිටියනම් ආයෙ මොකකටවත් බය වෙන්න ඕනෙ නෑ... :)))
ReplyDeleteඒකනම් ඇත්ත.. දොස්තරලා භාගයක් ලෙඩ උනා පුඩිම කාලා.. මම යහතින්.. :)
DeleteNo Grazie කිව්වේ?
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
No Thanks කියන එකනේ..
Deleteඅනේ ඇත්තට.. දවසක් කුණුහරපයක් දාපු වෙලේ උඹලා දුවල ගිහින් ඒක දන්න වැඩ දාලා තේරුම බලා ගත්තා.. මෙහෙම එකක් දැම්මම මගෙන්ම අහනවා.. අනේ උඹලනම්..
meyala " fun culo" kiyana eka ne kalable hewwe..
Deleteහෙහ්.. ඔව් ඔව්.. ඇනෝ වර්ණයට නිතටා එන යන කෙනෙක් වගේ.. හොද මතකයක් තියෙන්නේ..
Deleteහැමදාම බලන්න එන කෙනෙක් තමයි මමත්...
Deleteහැමදාම එන්න කියලා ආරාධනා කරනවා..
Deleteකියවල ඉවර වෙලා කොමෙන්ට් කරන එක පැත්තක තියල ගියේ ඩික්ෂනේරිය හොයාගෙන
ReplyDelete;) (ඉෆ් යු නෝ වට් අයි මීන් )
යා යා.. අයි නෝ වට්ස් දැට් මීන්... :)
Deleteඒකනේ බං ලංකාවේ උන් බඩ ගැනම හිතලද කොහෙද ඕනේ එකක් දිරවනවා අවුලක් නැතුව.... හි හි
ReplyDeleteහෙහ්.. ආයෙත් අහලා.. එක නම් සිරා කතාව...
Deleteලස්සන පුඩිම නොකා කොහොමද
ReplyDeleteආයෙත් අහලා..
Deleteඅපේ එවුන්ට මොනව කෑවත් ජීර්ණය වෙනව බං.
ReplyDeleteඑක ඇත්ත ඒක ඇත්ත..
Deleteසමහරුන්ට කිරි අගුණලු. ඒකද දන්නේ නෑ. :D
ReplyDeleteඒක කියන්න බෑ.. මාත් ඒ කතාවනම් අහලා තියෙනවා.. දොස්තරලම ලෙඩ උනා අන්තිමේ.. :)
Deleteහික්ස්... මටත් අපරාදේ කියන්න බෑ ඕන කෑමක් දිරවනවා!
ReplyDeleteඅන්න එහෙම තමයි ඉන්න ඕන ලහිරු අයියේ..
Deleteඔව්ව නම් මොනාද මල්ලි..ලංකාවේ කඩවල් වල තියන කෑම හැටියට..!
ReplyDeleteමේ මොනා අහනවද අක්කේ.. ඒ කෑමට බඩ අවනත වෙලා.. ඒකනේ.. :)
Deleteඅයියෝ ඕව නම් මොනාද...අපේ ගෙවල් ළඟ තියනව නයිට් කඩයක්. ඒකෙන් කොත්තුවක් කෑවොත් පහුවදාට බඩුම තමා. අනිවා බඩ ක්ලීන් වෙනව නිකං ගින්දර වගේ.
ReplyDeleteඑහෙනම් මඩ සුද්ද කර ගන්න ඕන උන දවසට කොත්තුවක් කෑවනම් හරි.. :)
Deleteමටත් තියෙනවා ඔහොම කඩයක්.... කොත්තුවක් කෑවොත් ඊළඟ දවසේ පැයක් දෙකක් වත් වෙන් කරන්න ඕනේ ශරීර කෘත්‍යට.... හි හි.... හැබැයි එහෙමයි කියලා නොකා ඉන්නෙත් නෑ....
Deleteකොත්තුවත් එක්කම නොමිලේ ඒකත්.. නරකම නෑනේ ඉතින්..
Deleteමාත් දන්න කඩයක් තියෙනවා ඔහොම.. කෑවොත් බඩ සුද්දයි..
Deleteබලද්දි හැම තැනම කඩ එක වගේද?
Deleteලංකාවේ බඩවල් ඉතින් රජ බඩවල්නේ.. හික්ස්...
ReplyDeleteනැතුව නැතුව..
Deleteහික් හික් මගේ පණගේ හැටි මම දන්නවනේ. බත් කන්න විතරයි හොර අනිත් කෑම නම් නොකාම ඉඳි හික් හික්.....
ReplyDeleteඔන්න බලන්න ඉතින් මෙයා මඩ ගහනවනේ මට.. මම කන්න හොර නෑ හරි... :) ටිකක් කන එක වෙනම කතාවක්..
Delete//" මේ මේක මොනා දාලාද හදන්නේ?"
ReplyDeleteමම අන්තිම ටික කකා ඉද්දි අර කෙල්ලගෙන් ඇහුවා..
" කිරි විතරයි.. ඔයා දන්නේ නෑ.. සමහර දාට මෙයා කල් පැන්න කිරි එක අහු උනාම ඒක දාලා හදන්නේ.."//
එතකොට ඒ ගෑනු ළමයා ඒක දැන දැනත් පුඩින් කෑවද?
නෑ නෑ.. හොද කිරි දාන දවසර කනවා අනිත් දවසට නෑලු.. :)
Deleteඑහෙනම් දිනේශ් ඊළග දවසේ පුඩිං ගේද්දි අහන්න කිරි අලුත් ඒවද කියලා..
Deleteමට ඉතින් කෝකත් එකන් මම අහන්නේ නෑ.. :)
Deleteඅනේ අපේ බඩවල්නම් .....ඕනදෙකට දාමුද ඔට්ටුවක් ?
ReplyDeleteසුද්දෝ එක්ක බය නැතුව ඕන දේකට ඔට්ටු වෙන්න පුළුවන් කෑමෙන්නම්... :)
Deleteමාර කෑමක් නෙ....
ReplyDeleteහී හී.. පුඩිං කෑමක්.. :)
Deleteහදිස්සියේ ආවේ... ඒ නිසා පෝස්ට් එකේ ඔක්කොම නම් කියෙව්වේ නෑතෝ...
ReplyDelete//ලස්සන විතරක් කන්නය ඉතින්..// දවසේ කතාව...
නිවාඩුපාඩුවේ ඇවිත් කියවන්නම්කෝ... ජය වේවා...
අළුත් මලයා කම්මැලියා වෙලා.. කලින් දවසකත් ආයෙම එන්නම් කියලා ගියා ආවේ නෑ.. :)
Delete:D
ReplyDelete:D :D
Deleteඒ උනාට ඉතින් දිනේෂ්ට අවුලක් නෑනෙ. ඇත්තට ඒ මොකද....?
ReplyDeleteනෑ නෑ මට අවුලක් නෑ.. දන්නේ නෑ ඉතින්.. ලංකාවේ ඉද්දි කාපුවා තමයි මම හිතන්න්නේ... :)
Deleteමුගේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ හොදකමනේ ඉතින්... :)
Deleteහා හා... ඔහොම කියන්න එපා ඉතින්..
Deleteමේකට කියනනේ බඩජාරි කමට කනවා කියලා. එහෙම කැවාම විදින්ත් එපායැ.
ReplyDeleteහෙහ් හෙහ්.. මට විදින්න උනේ නෑ.. ඒ කියන්නේ මම බඩජාරි කමට කාලා නෑ.. :)
Deleteඅඩෝ උඹේ බඩ තමා බඩ!!
ReplyDeleteහෙහ්.. ඒකනේ කියන්නේ.. :)
Deleteඅනේ වාසනාවන්.අඩෝ "චන්ඩි බන්ඩි" කියන්නේ ඕකට තමයි.හොකෑස්...
ReplyDeleteමම ඇන්කර් නේ බොන්නේ.. :)
Deleteදිනේශ් ඇන්කර්ද බොන්නේ??
Deleteහෙහ්.. නෑ ඇන්කර් නෙමෙයි.. :)
Deleteචන්ඩි බන්ඩි එන්නේ ඇන්කර් බිවුවම..
Deleteඇන්කර් නොබීම මගේ එහෙමයි.. :)
Deleteඕනැම දෙයක් දිරවන බඩක් තියන එක හරි වාසනවක්. ඉක්මනට ඉස්කෝලෙ කතාව දාන්න.
ReplyDeleteඒක ඇත්ත.. එතකොට කිසිම අවුලක් නෑ.. ඔන තැනක ඕන කෑමක් ශුවර් නේ.. ඉස්කෝලේ කතාව ඉක්මනට දාන්නම්..
Deleteඔව් ඔව්.. අපිට ඉස්කෝලේ කතාව ඕන..
Deleteහරි ඉක්මනට ලියන්නම්..
Deleteඔයාගේ බඩට ඕවා ගානක් නැතුව ඇති මල්ලි :)
ReplyDeleteලොකු අක්කා නිකන් අප්සට් විදිහටනේ ඒක කියලා තියෙන්නේ..
Deleteනියම කතාව මචං.. උඹ වැඩ කරන තැන මරු..
ReplyDeleteවැඩ කරන තැන මරු නේන්නම්.. නැත්නම් කො මෙච්චර ලියන්න කතා..
Deleteවැඩියෙන් මේවා ලිය වෙනවනම් අපි කැමතියි..
Deleteකට්ටියගේ ප්‍රතිචාර දැක්කම එහෙම හිතෙනවා.. :)
Deletelankaawe indiddi nam ona dekata ottui. eth dan dan allergy wenna aragena. me sare lankawata giya wele rambutan kanna bari unane appa... chuti kellak kewa vitharai vamane yanna gaththane. anith un kana diha kela gila gila balan hitiya. e hinda kana hariyak danmama kaapan male..... ratin pita kaalayak inna kota oroththu deeme gathiya adu wenawada koheda.
ReplyDeleteහෆ්ෆෙ.. බය කරන්න එපා ඉතින් ඉහොම දේවල් කියලා.. හ්ම්ම්.. කිවුවත් වගේ එගෙම දේයක් වෙන්න බැරරිත් නෑ ඉතින්..
Deleteඇත්තටම එහෙම වෙනවද? ඊලග පාර ලංකාවට ගියාම බලන්න ඕන..
Deleteඑහෙම නොවී තියේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
Deleteමට නම් කොහොම උනත් අව්ලක් වෙන්නේ නෑ. මමත් ඔහොම ඒවා කාල ටතියනවා ඒත් කිසිම අව්ලක් වෙලා නැහැ මේ වෙනකම් නම්. :D
ReplyDeleteදාන්න ඇපල් පහක්.. ඔහොම තමයි ඉන්න ඕන.. ඕන දෙයක් ඔට්ටුයි කියලා... :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඒ පුඩිම කෑවොත් හැදෙනවා මාල් දී ස්තොමකෝ? (හරිද මන්ද) :P
ReplyDeleteciao.. Buona fortuna..
හරි.. ඒත් මල්දි පාන්ච කිවුවම තමයි හරියටම ගැලපෙන්නේ.. අදහස දෙකෙම එක තමයි.. ඒත් කියන්නේ මේ විදිහට.. ice ඉතාලි ඉගෙන ගන්නව වගේ..
Deletegrazie!
හී හී..බෝඩින්,හොස්ටල් හිටියමනම් නිකම්ම බඩ ඔරොත්තු දෙනවා ඕන එකකට :)
ReplyDeleteඒකනේ කියන්නේ... මෙයත් ඒවගේ තැඹීලි එක්ක මොනාදෝ කෑවා ලිවුවා වගේ මතකයි මට... :)
Deleteඅනිත් උන් පුඩින් කන එක නවත්තපු දවසේ ඉදන් ඔක්කොටම වග කිව්වේ ඔයා නම් මීට කලින් ඕක නොහැදුණු එකනේ පුදුමේ...!))
ReplyDelete..මේ අය්යලා මොකද මෙච්චරටම පෙරේත..?
මට කොහේ හැදෙන්නද නංගියේ... :)
Deleteආ එතකොට දැන් අපි පෙරේතයි නේ?? හා හා..
niyama kathawa ayiye..
ReplyDeleteතැන්කූ...
Deleteකාටද මොන සෞඛ්‍ය කිව්වලුනෙ.. හේ හේ.. ගොඩක් දෙනෙක්ට ඔය දේ තියෙනවා.. සමහර අයට කිරිත් කිරිවලින් හදන කෑමත් ඇලජික්..
ReplyDeleteලංකාවෙ අයනෙ.. තියෙන කෑමත් එක්ක ලංකාවෙ ඕවද කාල තියෙන්නෙ නෙහ්.. :P කොත්තු එහෙම ඇහෙන්නවත් කියන්න එපා.. :D :D
හා හා.. කෙලින්ම කියන්න තිබ්බනේ ඌරට මොන සෞඛ්‍යද කියලා.. නිකන් අනන් මනන් කියන්නේ නැතුව..
Deleteකෑදරකමට තිත තියන්න දියවැඩියාව අත ළඟ වෙයි ඔහොම පැණි රහ කාලා
ReplyDeleteෂුවර් එකට දිනේෂ් අයියා පිටකොටුවෙන් හොඳට කාලා බඩ පුරුදු කරගෙන ඇති..හික්ස්....
ReplyDeleteකෙටි කතාව කියවන්න් ලැබුණේ නෑ. වෙලාව ලැබුණු ගමන් කියවනවා ඔන්න.තරහ වෙන්න එපා හොඳේ..
මල්ලි මදාරගේ කෑම කන්න බඩ හුරු කරගන්නවද????? :P :P(මදාර නන්ගි අප්සෙට් වෙන එකක් නෑනේ විහිලුවට කිව්වෙ...)
ReplyDeleteඑල බන් එල...
ReplyDelete