රස්තියාදුකාරයා (කෙටි කතාව)
වීදි දිගේ ඇවිදන් ගියේ අරමුණක් නැතුව.. හමුවෙන මුණු දිහා ඕනවට එපාවට බලාගෙන සාක්කුවට අත්දෙක ඔබාගෙන රස්තියාදු ගමනින් ඇවිදන් ගියාට, ඒ ගමනට අරමුණක් තිබුනද කියලා හිතා ගන්න අමාරුයි..
ස්ටේශන් එකේ ඔරලෝසුවේ වෙලාව බලද්දි උදේ 10 යි.. උදේටත් නොකා එලියට බහිද්දි උදේ 8ට විතර ඇති.. බඩත්ගිණියි.. ඇවිදන් යද්දි පහුවෙන අවන්හල් දිහා බැලුවට ඒවට යන්න තරම් සල්ලි සාක්කුවේ නෑ කියලා හිත හොදටම දන්නවා.. ස්ටේශන් එකට ආවත් කොච්චියේ යන්න ටිකට් එක ගන්නවත් අතේ සල්ලි නෑ.. ඒ යන්නත් ඕන හොරෙන්ම..
මාස ගානකට කලින් එයත් එක්ක කෝච්චියේ යද්දි අරන් දුන්න ටිකට් එක තාමත් සාක්කුවේ.. සීල් එක වදින තැනට කොලයක් තියලා ටිකට් මැශින් එකට මේ ටිකට් එකම කී පාරක් දාන්න ඇත්ද? අදත් ඒකම කරනවා..
ඇඳලා ඇඳලම පරණ වුන ඩෙනිමේ සාක්කුවට අත දාලා ටිකට් එක අරගෙන බිම තිබුන කොල කෑල්ලක් අරගෙන ටිකට් එකත් එක්කම තියා ගත්තේ කෝච්චියේ වෙලාව බලන ගමන්.. කල්පනාව වෙන දිහාවක තිබුන නිසාද මන්දා ඈත ඉදන් ටික්කෙක් මං දිහා බලන් ඉන්නවා මුලින්ම නොදැක්කේ..
" මම ටිකට් එකට කොලේ ඔතනවා මූ දැක්කවත්ද?"
නිතරම කතා කරන හිතත් එක්ක කතා කලේ අනිත් හැමෝටම වඩා උනන්දුවෙන් ඌ මං දිහාම බලන් හිටපු නිසා..
" මම කොලේ ඔතනවා ඌ දකින්න ඇති.. නැත්නම් ඔහොම බලන් ඉන්නේ නෑ.."
ටිකට් එක එක්ක තියාගෙන හිටිය කොලේ අයින් කරලා ටිකට් එකේ ගාන බැළුවේ කවදාවත්ම ටිකට් එකක් අරන් නැති නිසා ගාන කීයද කියලා බලාගන්න..
" හ්ම්ම්.. යුරෝ එකයි.."
අහුවුනොත් දඩේ යූරෝ දෙසීයක්වත් වෙනවා කියලා දන්නවා.. ටිකට් එකක්වත් ගන්න සල්ලි නැති මම ඒ ගාන කොහේ ගෙවන්නද? වේදිකාවට කෝච්චිය ආවා කියලා වැටෙද්දි, මං ලගම හිටපු හැමෝම වේදිකාවට ලං වෙද්දී, මම එතනම නතර වුනේ විනාඩි ගානක් ඉදන් මං දිහාම බලන් හිටිය උගේ ඇස් වලින් බේරුමක් නැති නිසා.. ඒත් අන්තිමේ මාත් හෙමීට ඉස්සරහට ආවා..
ගොඩක් වෙලා ඈත ඉදන් බලන් හිටපු ඌ ටිකින් ටික ටිකට් මැශිම ලගට ආවේ මාව චෙක් කරන්න තමයි කියලා තේරුම් ගන්න අමාරු වුනේ නෑ.. මාස ගානකට කලින් ගත්ත ටිකට් එක අද ටිකටි මැශින් එකට දැම්මේ වෙන කරන්නම දෙයක් නැති වුන හන්දා..
" ටිකට් එක දෙන්න.."
වෙන කාගෙවත් නැතුව මගේම විතරක් ටිකට් එක බලද්දි මම හිතන් හිටපු දේ හරි කියලා ඉබේටම වගේ හිතට දැනුනා.. යන්තම් වගේ හිනාවක් දාගෙන අතට දුන්න ටිකට් එකත් අරගෙන කෝච්චියට නැග්ගේ හීන් සුසුමක් පිට කරගෙන..
තට්ටු දෙකේ කොච්චියේ කවදාවත් නැතුව උඩ තටුවට නැගලා වාඩි වුනේ වැඩිය මිනිස්සු නැති නිසා නිදහසේ යන්න හිතාගෙන.. කවදත් මේ වෙලාවට කෝච්චියේ වැඩිය සෙනඟ නැති වුනත් ටික්කන්ගෙන් බේරෙන්න ඕන නිසා දෙවෙනි තට්ටුවට නැග්ග දවසක් මතක නැති තරම්.. හිතේ ඒ ප්‍රශ්ණෙත් නැතුව නිදහසේ ඉස්සරහ සීට් එකටම කකුල් දෙක දිග ඇරගෙන නැවතුම එනකන් මහන්සියට ඇස් දෙක ටිකක් පියා ගත්තා..
......................................
මිලානෝ වලට කෝච්චිය එනකන් දැනුනෙවත් නෑ.. ටික වෙලාවක් වුනත් ඒ නින්ද දැනුනේ හිතට සහනයක් විදිහට.. 10.30 වෙලාව.. ස්ටේශන් එකෙන් එළියට එන ගමන් වෙලාව යාන්තමින් වගේ බලා ගත්තේ
අදත් පරක්කුද කියල දැන ගන්න..
“ පවු ඒ කෙල්ල.. මං හින්දා දුක් විදිනවා..”
ස්ටේශමින් එළියට ඇවිත් එයා වැඩ කරන ඉස්පිරිතාලේ පැත්තට දිව්වේ
ඊයේ රෑ වැඩ ඉවර වෙලා දැන් පැයකටත් වැඩි නිසා.. කොච්චර පරක්කු වුනත් මම එනකම්ම බලාගෙන
ඉද්දි හිතට කොයිතරම් දුකක් දැනුනත් මගේ ගති මට වෙනස් කරන්න බැරි හැටි..
අදත් වෙනද වගේම පැයකට වැඩිය පරක්කුයි.. ඒත් ඒක ගානක්වත් නැතුව
ඈත ඉදන්ම මාත් එක්ක හිනා වුන අපූරුව..
“ මම කීපාරක් නම් මගෙන් ඈත් වෙන්න කියන්න ඇත්ද? ඒත් ඔයා ඒක
ගානකටවත් නොගෙන ඉන්නේ ඇයි?”
හිතට ඔය ප්‍රශ්ණේ කොච්චර ආවත් ඒකට උත්තරයක් මම දන්නේ නෑ වගේම
කවදාවත්ම ඒකට උත්තරයක් ඔයාගෙන් ලැබුනෙත් නෑ..
“ සමාවෙන්න සාරා.. මම ටිකක් පරක්කු උනා..”
හැමදාම කියන වචන ටික අදත් කිවුවත් වෙනද වගේම ඒ මුණේ වෙනසක්
තිබ්බේ නෑ.. වෙනදා වගේම ආදරෙන් ලං වෙලා තොල් සිප ගත්ත ඇය මුකුත්ම කිවුවේ නෑ..
“ අදත් උදේට කාලා නෑ නේද? අපි උදේට කාලා ඉමු මාරියෝ..”
වචන වලින් නොකියන ගොඩක් දේවල් මොහොතින් එයා කොහොම තේරුම්
ගන්නවද මන්දා.. අවන්හලට ගියත් කෑමට හිත නොතිබුනේ
හැමදාම මෙහෙම කරන්න වෙන එක හිතට බරක් නිසා..
“ එදා ගිය වැඩේට මොකද වුනේ මාරියෝ?”
කතාකරන්න අකමැතිම දේවල් ගැන ආයෙම අහද්දි හිතට එන්නේ නොරිස්සුම්
ගතියක්.. කතා නොකරම හිටිය නිසාද කොහේද මං දිහා බලාගෙන ඉදලා මොහොතින් ඈත පාර දිහා බලාගෙන
කල්පනා කරන්න පටන් ගත්තේ..
“ අපි වෙන එකක් බලමු..”
නිහැඬියාව බිඳින්න හිතාගෙන අමුණපු වචන වලින් ඒ හිත තවත් බිඳුනා
කියලා දැනුනේ ටික වෙලාවක් ගියාට පස්සේ..
“ මේ කීවෙනි වතාවද මාරියෝ.. මේ උත්තරෙත් මම කී පරක් අහල ඇත්ද?
ජීවිතේ එකම තැන මාරියෝ.. ආපු දුරක් විතරමයි තියෙන්නේ..”
ඒ වචන වලට හිත නොරිදුනානම් මම මනුස්සයෙක් නෙමෙයි.. ඒත් ඒ
බව නොපෙන්නා පිටින් ගල් හිතක් තියෙන මිනිහෙක් වගේ ඉන්න හැදුවත් සාරා දන්නව මම කවුද
කියන්න..
“ අපි යමු නේද මාරියෝ.. තාත්තට දවල්ට බෙහෙත් දෙන්නත් තියෙනවා..”
ස්ටේශන් එකට එනකන් වෙනදා සුපුරුදු විදිහට එල්ලිලා ආව උනත්
වෙනද කතා බහ නම් ලගක තිබුනේ නෑ.. ඒකට සාදාරණ හේතු තිබ්බා..
“ මේක තියා ගන්න මාරියෝ.. සල්ලි නෑ කියලා දන්නවා.. ජීවිතේ
ගැන පොඩ්ඩ්ක් හිතන්න..”
දෙතොල් වලට හාදුවක් දීලා වේදිකාවට ආව දුම්රියේ නැගලා ඈතට
යද්දි හිතට ආව කළකිරීම මම තනියම විදගත්තා.. සාක්කුවට බලෙන්ම දාලා ගිය සල්ලි අතට ගනිද්දි
ඒ කලකිරීම තවත් වැඩි උනා..
“ යුරෝ සීයක්..”
මම මටම කියා ගත්තා..කිසිම බරක් නැති යූරෝ සීයේ කොලේ හිතට
මහ බරක් වුනා.. වේගෙන් පඩි බැහැගෙන ආපහු එන්න කෝච්චිය අල්ලගන්න එද්දී ටිකට් කවුන්ටරේ
පෝලිම ලග නැවතුනේ මාස ගානක් හොරෙන් ගිය ටිකට් එක උදේ පාවිච්චි කරපු නිසා..
පෝලිමේ පිටි පස්සට වෙලා ඉද්දි මතක් වුනේ අද හවස යාළුවොත් එක්ක
එළියට යන්න ඕන කියන එක.. උදේ හිතන් හිටියේ අතේ සල්ලි නැතුව යන්නේ නෑ කියලා.. ඒත් සාරා
අතට දුන්න යුරෝ සීය දැක්කම හිත ආයෙම ඒ පැත්තට දුවන්න ගත්තේ යටපත් කරන් ඉන්න බැරි රස්තියාදු
ගති ඉබේම වගේ හිතට ආව නිසා..
යුරෝ සීය අතට ගුලි කර ගෙනම පෝලිමෙන් පැනලා වේදිකාව පැත්‍තට
ඇවිදන් එනගමන්ම බිම වැටිලා තිබ්බ ටිකට් එකකුයි කොල කෑල්ලකුයි අහුල ගත්තේ පරණ පුරුද්දට..
නිමි..




හ්ම්ම්...... හිතන්න ගොඩක් දේවල් තියනවා... මේ කතාව ප්‍රබන්ධයක්ම නෙවෙයි නේද මල්ලි? කොහෙන් හරි අහපු දැක්ක කතාවක් වගේ පෙනුම??
ReplyDeleteනෑ ඇලෙස්ක් අයියේ.. හිතට ආව නිර්මාණයක් විතරයි..
Deleteප්‍රබන්දයක් උනත් කියවද්දි දැනුනේ අහපු දැකපු කතාවක් ඒ විදිහටම ලියලා වගේ..
Deleteහ්ම්ම්.. නෑ.. හිතේ ඇදුන සිතුවිල්ලක් විතරයි.. :)
Deleteහ්ම්ම්ම්.. (මට හිතිච්ච / කියන්න තියෙන ඔක්කොම මේ වචනේ ඇතුලේ ඇති දිනේෂ් අයියේ )
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ගොඩක් වෙලාවට හිතෙන දේවල් අකුරු කර ගන්න අමාරුයි...
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... ටිකක් අමුතු , වෙනස්ම කතාවක්... හැමදේම නොකියවුනත් හිතන්න පුලුවන් කතවක්.. ලස්සනයි අයියේ!!
ReplyDeleteහැමදේම නොකියඋනත් කිවුවේ හිතූ?? වැදගත් තැනක් මග ඇරිලද?
Deleteහ්ම්ම්ම් ... එහෙම ජීවිත ඕන තරම් තියනවා.. .. ඒත් හෙටක් ගන නොහිතන ජීවිතවලට මම කැමති නෑ
ReplyDeleteඇත්ත අයියේ.. නිදහසේ යන ජීවිත නම් ඕන තරම් තියෙනවා.. අදට වඩා හෙටක් තියෙන්න ඕන කියලා හිතන්න ඕන..
Deleteඇත්ත හෙට අවිනිශ්චිත උනත් ඒ හැන යන්තම් හරි හිතන්න ඕන..
Deleteඑකගයි.. අවිනිශ්චිත හන්දමනේ හෙටක් ගැන අපි වැඩියෙන් හිතන්න ඕන..
Deleteපුදුමේ කියන්නේ කථාවේ නම වගේම වෙච්චි මගේ නමෙත් මේ වගේම අවස්ථා ගොඩාරියක් තියෙන එක.. පුදුමයි දිනේශ් ලොක්ක.!
ReplyDeleteඑල!
නොහිතපු විදිහට එහෙනම් රස්තියාදුකාරයට මේ කතාව ලං වෙලා..
Deleteඅද පමණක් නොවේ අපට හෙටත් තියෙනවා .
ReplyDeleteඒ හෙට ගොඩක් අවිනිශ්චිතයි..
Deleteලස්සනයි.... හැමදාම කියනවා ඔයාගේ කෙටි කතා වලට මම කැමති කියලා පණ. අදත් එකම කියනවා. හික්.... :)
ReplyDeleteදන්නවා සුදු.. ඉස්සරට වැඩිය මට දැන් ලියන්න නිදහස තියෙන්නේ ඔයා නිසා.. ඒ ගැනත් ඉතින් කියන්න ඕනනේ.. :)
Deleteරස්තියාදුකාරයව නියමෙටම ගොඩනගල තියෙනවා....ඕකවනම් ඒ කෙල්ලට කවදාවත් හදන්න බෑ...කාලකන්නිය!
ReplyDeleteඇත්ත.. සාරාගේ හිතේ මාරියෝ ගැන ආදරයක් තිබ්බත් මාරියෝ වෙනස් කරන්න අමාරුයි නම් තමයි..
Deleteසමහර ජීවිත එහෙමයි.. කොච්චර හොද කෙනෙක් ආවත් වෙනස් කරන්න අමාරුයි..
Deleteහ්ම්ම්.. එකගයි..
Deleteඑන කෙනා අනුව ජීවිත වෙනස් වෙන්නේ ටික දෙනෙක්ගේ විතරයි.. හැමෝගෙම එහෙම නෑ..
Deleteඇත්ත.. සමහරු නිසා ඉන්න ජීවිතේ තව අගාදයටම යන අයත් නැතුවම නෙමෙයි නේ..
Deleteකතාව හොඳයි, යාළුවා.
ReplyDeleteතෑන්ක්ස් හිරණ්‍ය.. ගොඩක් දවසකින් මේ පැත්තේ..
Deleteකතාව නම් ගින්දර !
ReplyDeleteතෑන්ක්ස් මධු අයියේ..
Deleteඅද නම් එච්චර තේරුණේ නෑ!
ReplyDeleteඒ ඇයි අයියේ.. කොතනද අපැහැදිළි උනේ?
Deleteගොඩක් ප්‍රශ්න හිතේ නැගුනු කතාවක්!!!
ReplyDeleteවෙනදා වගේම ලස්සනට ලියලා. :)
ප්‍රශ්ණ වලට උත්තර ඇති කියලත් හිතෙනවා පොඩ්ඩි අක්කේ..
Deleteමටත් ඒ හැටි තේරුමක් නං නෑ...
ReplyDeleteඒත් යුරෝ 100ක් කියන්නේ සෑහෙන ගානක් නේ බං :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹත් එහෙනම් යුරෝ එකේ ගාන හොදහැටි දන්නවා.. :)
Deleteහිතන්න දේවල් ගොඩක් තියන කතාවක්!
ReplyDeleteඒ දේවල් තේරුම් ගන්න එකයි වැදගත්..
Deleteවෙනද වගේම හොඳ කතාවක් . ජය !
ReplyDeleteතැන්ක්ස් ලොකු අයියේ..
Deleteඇයි අයෙත් පරණ ජීවිතේටම යන්නේ ...
ReplyDeleteඇත්ත කතාවක් ප්ලීස්...... (බෝස්ගේ කතාවක් ) ඉස්සර හැමදාම උදේට දිනේෂ් පොස්ට් එකක් දාලා තියනවා.ඒත් දැන් මේ මල් කදිල්ලක් හින්දා පොස්ට් අඩුවෙලා...කවුද මේවට වග කියනේ....
Deleteරොබින්, ගොඩක් මිනිස්සුන්ට තමන් ගෙවන ජීවිතෙන් එක පාර මිදෙන්න බෑ වගේම ගොඩක් අය ඒ ජිවිතේම ඉන්න ආස කරනවනේ..
Deleteමාල්, මේ වරහන් ඇතුලේ බොස්ගේ කතාවක් කියලා දැම්මේ ඇයි දන්නේ නෑ..
Deleteහෙහ්.. ලිවිමනම් ටිකක් අඩුයි තමයි.. ආයෙම මේ ටිකක් වැඩි කරන්න කියලා තමයි හිතන් ඉන්නේ.. ඒක තමයි.. කවුද මේවට වග කියන්නේ.. :)
matath oya tikama thama kiyanna thiyenne. bosaage kathaa saha line akkage kathaa walata thamai maath aasama.
Deleteko me madara......
වරහන් ඇතුලේ බෝස්ගේ කතාවක් කියලා ලියලා තියෙන්නේ බොස ගේ කතා ඇත්ත කතා නිසානේ... මැටි පාල...
Deleteහික්.....
Deleteකවුද අෆ්ෆා මේ මාව හොයන ඇනෝ? :)
ඇනෝ, ඒවා ලිය වෙනවා.. ෆාමසියෙත් ඉතින් එහෙම හැමදාම ලියන්න ලොකු කතා වෙන්නෙත් නෑනේ.. දෙයක් උන ගමන් මේකේ ලිය වෙනවා.. :)
Deleteමාල්, අන්න එහෙම පැහැදිළිව කියන්න එපැයි ඉතින්.. හා හා.. ලියන්නම් ලියන්නම්.. :)
Deleteඔයාව හොයනවලු සුදු නඬුවක් දාන්න.. මම අඩුවෙන් ලියන එකට.. :)
Deleteඔව් ඔව්.. ෆාමසියේ කතා ටිකක් වැඩියෙන් ලියන්නකෝ ඔයා.. ඒවයේ අමුතු ගතියක් තියෙනවා..
Deleteහා හා.. ඒවත් හෙමීට ලියන්නම්..
Deleteලස්සන කතාවක් මල්ලි..
ReplyDeleteවෙනදට වැඩිය ගොඩක් ලස්සනට වචන ගලපලා තියනවා..ඒක නිසා සංවේදී බව වැඩි...
තෑන්ක්ස් රූ අක්කේ.. වෙනදට වැඩිය වෙනස් විදිහකින් ලියන්න උත්සාහ කලේ මේක.. සාර්තකයි කියලා හිතනවා..
Deleteඅදයි මෙහෙට ආවෙ.. ආපු ගමන් හිතට වදින, දැනෙන, හිතන්න දෙයක් ඉතුරු කරපු කතාවක්. ජය.
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා වර්ණයට.. දැන් මධුරංගලා දෙන්නෙක්.. හැමදාම ඇවිත් යන්න කියලා අරාධනා කරනවා..
Deleteහැදෙන්න නම් ඔයිට වැඩිය දෙයක් වෙන්න වෙනවා.. නැත්තම් නම් ඉතිං වැඩක් නෑ ඔය වගේ අයගෙන්....
ReplyDeleteඇත්ත හිරූ අක්කේ.. අර වගේ ආදරයක් වෙනුවෙන් වත් වෙනස් වෙන්න උත්සාහ කරන්න ඕන..
Deleteලස්සනයි
ReplyDeleteතෑන්ක්ස්...
Deleteනියමයි අයියා! :) සොරි වේවා, මේ ටිකේම කිසි දෙයක් කියවන්න උනේ නෑ.. වැඩ හිරවෙලා....
ReplyDelete෴සිද්ධිය෴
ඒකට අවුලක් නෑ මලයා.. නිවාඩු පාඩුවේ නිදහසේ ඇවිත් යන්න..
Deleteගොඩාක් දවසකින් ඇවිත් බලද්දිම දිනේෂ් අයියගේ කතාවක්..කියවගෙන යද්දී මොකක්ද අමුත්තක් දැනුනා වගේ..ගොඩාක් සමීප කතාවක්..ලස්සනයි අයියේ..
ReplyDeleteඔය යුරෝ 100 ඔයාගෙනම් මටත් 5හෙ කාඩ් එකක් දාන්න ආ..:)
දන්න කියන පරිසරයක් නිසා සමිප බව දැනෙන්න ඇති..
Deleteමොකද දැන් බ්ලොග් එක ලියන්නේ නැත්තේ වැඩිය.. හෙහ්.. තීනවනම් 5ක් මට දාන්න බෑ.. :)
හිතන්න දේවල් ගොඩාක් ඉතිරි කරපු කතාවක්. සැබෑ ජීවිතයේදී අපේ ගමේ ඉන්නාවූ ( දැනට ඉතාලියේ නාපෝලි ) තරුණයෙක් මතක් උනා. ඔහුගේ ජීවිතයත් මේ වගේයි කියලා දන්න කියන අය කියනවා...
ReplyDeleteහ්ම්ම්... වෙන්න පුළුවන්.. ගොඩක් වෙලාවට වෙන රටවල් වලින් මෙහෙ ආව අයගේ ජිවිත ටිකක් මේ වගේ..
Deleteමම හිතුව අර බ්ලොග් ලියන රස්තියාදුකාරයා ගැන කියලා :)
ReplyDeleteලිවුවෙනම් ඒකා ගැන නෙමෙයි.. ඒත් ඒකට ලගයි වගේ කියල ඔය උඩින් දාලා තියෙන්නේ.. :)
Deleteඅනේ මන්ද..ගොඩක් දේවල් හිතන්න තියනවා ඇත්තටම..ජය!
ReplyDeleteහිතලා ඒ දේවල් වලට උත්තරත් හොයා ගැනිමයි වැදගත්..
Deleteහ්ම්ම්...ගොඩක් රස්තියාදුකාරයෝ බිහි වෙන්නේ මේ විදියට වෙන්න ඇති. ඒකෙන් එලියට නොඑන්නේ එන්න බැරි කමටම නෙමෙයි. අනේ මන්දා
ReplyDeleteපුරුද්ද අත් අරින්නත් බෑනේ ලොකු අක්කේ.. ගොඩක් වෙලාවට වෙන්නේ ඒ දේ මම හිතන්නේ..
Deleteසමහර අයව කොයි තරම් වෙනස් කරන්න හැදුවත් වෙනස් කරන්න බෑ...මොකද එයාලට වෙනස් වෙන්න ඕනි කමක් නැති නිසා.
ReplyDeleteලස්සන කථාවක් දිනේශ් :)
:( (godakma hithata vedunu kathaawa).oyata jeevithe eka paarak hari his bawak denila thiyenawada, samavenna kathawata mokut nokiya oyage vachane gena katha karanawata
Deleteචම්ස්, ඇත්ත හිතයි වැදගත්.. තමන්ට හිතට එකගව වෙනස් වෙන්න පුළුවන්නම් කාගෙන්වත් ඒකට උදවු ඕන වෙන්නේ නෑ..
Deleteඇනෝ, ප්‍රශ්ණේ ඇහුවේ මගෙන් වෙන්න ඇති සමහර විට.. ඇත්තෙන්ම ඔවු.. හිස් බව නම් ජීවිතේට ගොඩක් දැනිලා තියෙනවා.. ගොඩක් කල් තනිකම එක්ක ජීවත් වෙලත් තියෙනවා..
Deleteමුල ඉදන් අවසානය වෙනකන් කතාව ලස්සනට පෙල ගස්සලා තියෙනවා.. නියමයි..
ReplyDeleteතෑන්ක්ස්..
Delete
ReplyDeletealuth themaawak..oyaage uthsaahaya saarthakai malliye.
suba pathum....
තැන්කූ තැන්කු.. කතාවක් ලියවෙන්න පරක්කු වෙන්නේ අළුත් තේමාවක් හොයන්න ඕන නිසා.. නැත්නම් හැමදාම උනත් කතාවක් ලියන්න මම කැමතියි..
Deleteපරක්කු උනත් නොලියවෙන තේමාවන් හිතලා ලියන එකයි වටින්නේ දිනේශ්..
Deleteමාත් එහෙම හිතනවා.. ඒකයි දැන් මාසෙකට එකක් වගේ ලියන්නේ..
Deleteකොලයක් තියල ටිකට් එක මාක් කරන එක තේරුණේ නෑ. ඒ අපි දන්නෙ ලංකාවෙ කෝච්චි ටිකට් විතරක් නිසා.
ReplyDeleteඅමුතුම කතාවක්. ලස්සනයි මල්ලි
ටිකට් මැශින් එකක් තියෙන්නේ.. ඒක ඇතුලට ටිකට් එක දැම්ම ඔටෝමැටිකලි සීල් එක වදිනවා.. හැම ටිකට් එකේම වදින්නේ එකම තැනට සීල් එක.. ඉතින් අර ඒ සීල් එක වදින තැනට හිස් කොලටක් එකක් දැම්ම මැශින් එක කියවන්නේ මේක අළුත් ටිකට් එකක් විදිහට.. ඉතින් හොර කරන්න පුළුවන් හැමදාම..
Deleteදිනේශ් ඔහේ කෝච්චියේ යන්නේ හොරටද මන්දා..
Deleteහෙහ්.. නෑ නෑ.. මම බයික් එකේ යන්නේ.. මිලානෝ ගිය වෙලේ එක වතාවක් මේ වැඩේ කලා.. ඒකයි මෙච්චර හොදට කියන්න දන්නේ.. :)
Deleteටික කාලෙකට ඉස්සර මගේ ජීවිතෙම් පැත්තක් මේ වගේ තමයි.. ඒ දෙයින් මිදුනේ ගොඩක් අමාරුවෙන්.. සමහර වෙලාවට ඒ මතක හිතේ හොල්මන් කරනවා..
ReplyDeleteහ්ම්ම්.. මොනම දේක උනත් කොච්චර ඈත් උනත් ඒ මතකයන් හිතට වද දෙනවා.. ඒක නවත්තන්න බෑ..
Deleteඇත්ත මල්ලී.. ඒ කරපු දේවල් ගැන දැන් හිතෙද්දි දැනෙන්නේ ලොකු පසු තැවිල්ලක්..
Deleteඒ දේවල් තේරුම් අරන් නිවැරදි වෙන්න හිතපු එකම වටිනවනේ..
Deleteහැම කෙනෙක් තුලම රස්තියාදුකාරයෙක් ඉන්නවා නේද? එකාට ඉඩ නොදී ජීවිතේ ජය ගැනීම තමයි හපන්කම. වෙන රටක පරිසරේක ක්තාවක් කියවද්දි දැනෙන රසවත් බව වැඩිද මංදා. කතාව හැමදාම වගේ නියමයි!
ReplyDeleteඇත්තෙන්ම ඔව්.. හොද නරක හැමදේම අපි ලග එක වගේ තියෙනවනේ.. ඉතින් අපි ඇතුලෙන් රස්තියාදුකාරයෙක් ඉන්නවා..
Deleteහිතන් ඉන්නේ මීට පස්සේ කතා වලට ලංකාවේ පරිසරයෙන් එහාට යන්න කියලා.. බලමු..
අපි හැමෝම ලග යටපත් උන ගති තියෙනවා.. නැත්තේ නෑ.. ඒව අවස්ථානුකූලව මතු වෙනවා.. වැදගත් දේ ඒවට හැමදාම මතු වෙලා තියෙන්න ඉඩ නොතියන එක..
Delete"ඒව අවස්ථානුකූලව මතු වෙනවා.. වැදගත් දේ ඒවට හැමදාම මතු වෙලා තියෙන්න ඉඩ නොතියන එක.."
Deleteඇත්ත කතාව..
ඉතාලි කෙටි කතාවකුත් කියෙව්වා එහෙනම්. රස්තියාදුකාරයින්ට කෙල්ලෝ මෙච්චරම ආදරේ ඇයි දිනේෂ් අයියේ ?
ReplyDeleteඕන නැති ප්‍රශ්ණමනේ අහන්නේ.. ඇත්තම කිවුවොත් ඒ අහපු දේ ඇත්තකුත් තියෙනවා.. ඒත් ඉතින් ඕවට උත්තර දන්නේ කෙල්ලොම තමයි..
Deleteමොනා උනත් කොල්ලා අහපු ප්‍රශ්ණේ සාදාරණයි..
Deleteඋත්තරේ දන්නේ නැති එකනේ අවුල..
Deleteමරු කතාව.
ReplyDeleteතෑන්ක්ස් ඇපල්..
Deleteමේ කතාව නම් උපරිමයි.. ගොඩක් හොදට රසවින්දා මම මේක.. මුල ඉදන්ම රස්තියාදුකාරයා විස්තට කරපු විදිහ නියමයි.. රස්තියාදු භාශාවෙන්ම ලියලා තියෙනවා.. අපූරුයි සහෝ..
ReplyDeleteමේ මම දන්න නුවන්මද මන්දා.. වැඩියෙන් කමෙට්න් දාපු නිසා අහන්නේ.. :)
Deleteහිතනවනම් තේරුම් ගන්නවනම් සෑහෙන දේවල් තියනවා.....
ReplyDeleteඅනිවාර්යෙන්ම..
Deleteකතා පසුබිමට මං ආසයි ගොඩක්..! ඒ වගේම යටින් අරුත් ගැන්වෙන අර්ථයත්.. කූඩැල්ලව කොච්චර තිබ්බත් එකතැනක තියන්න බෑ වගේ..
ReplyDeleteඅපූරු නිර්මාණාත්මක නිර්මාණයක් දිනේෂ්..!
"කූඩැල්ලව කොච්චර තිබ්බත් එකතැනක තියන්න බෑ වගේ.."
Deleteඒ කතාව එක්ක සම්පූර්ණෙන්ම එකගයි.. මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ..