නිවාඩුවට එනකල්
උදේ දවල් රෑ වෙනකම් දුරකථනය
ලඟම අමතනකම් ඉන්නෙ බලන්
සුදු මහත්තයෝ කියන්න මට
එන නිවාඩුවත් අත ලඟයි නේද
මේ නිවාඩුවට ලංකාවට ඇවිත් යන්න
මගේ මහත්තයත් එනවා නේද...
සුදු හාලේ බතට සම්බෝලය
හදාගෙනම බලන් ඉන්න
තම්බපු දෙල් ගෙඩියේ රසට
ලඟම අමතනකම් ඉන්නෙ බලන්
සුදු මහත්තයෝ කියන්න මට
එන නිවාඩුවත් අත ලඟයි නේද
මේ නිවාඩුවට ලංකාවට ඇවිත් යන්න
මගේ මහත්තයත් එනවා නේද...
සුදු හාලේ බතට සම්බෝලය
හදාගෙනම බලන් ඉන්න
තම්බපු දෙල් ගෙඩියේ රසට
ලුණු මිරිසක් කොටලා ගන්න
මගේ රංකඳ එන දවසක්
කල් ඇතුවම මට කියන්න...
අවුරුද්දට අම්මා දුන්නු ගවුම
මම තව නෑ ඇඟට දැම්මේ
නුපුරුදු සුවඳක් අරගෙන
එනවිට සුපුරුදු ගම්මානෙට
මේ මැණිකෙගේ හැඩ මුලින්ම
සුදු මහත්තයාම බලා ගන්න...
ඔට්ටුයි රට මහත්තයෝ
වැඩියම සුදු මේ මැණිකේ
පණ හිටියට සුද්දන්ගේ රටේ
පරද්දන්න බැ මේ මැණිකේ
ආදරේට ඔච්චම් කලේ
තරහද සුදු මහත්තයෝ...
ඔය පපුවට තුරුල් වෙන්න
ආසයි උණුසුම විඳින්න
මගේ උකුලේ හිස තියාන
පොඩි දරුවෙක් වගේ නිදාගන්න
ඉක්මනටම සුදු මහත්තයෝ
නිවාඩුවට ගමරටට එන්න...
මගේ රංකඳ එන දවසක්
කල් ඇතුවම මට කියන්න...
අවුරුද්දට අම්මා දුන්නු ගවුම
මම තව නෑ ඇඟට දැම්මේ
නුපුරුදු සුවඳක් අරගෙන
එනවිට සුපුරුදු ගම්මානෙට
මේ මැණිකෙගේ හැඩ මුලින්ම
සුදු මහත්තයාම බලා ගන්න...
ඔට්ටුයි රට මහත්තයෝ
වැඩියම සුදු මේ මැණිකේ
පණ හිටියට සුද්දන්ගේ රටේ
පරද්දන්න බැ මේ මැණිකේ
ආදරේට ඔච්චම් කලේ
තරහද සුදු මහත්තයෝ...
ඔය පපුවට තුරුල් වෙන්න
ආසයි උණුසුම විඳින්න
මගේ උකුලේ හිස තියාන
පොඩි දරුවෙක් වගේ නිදාගන්න
ඉක්මනටම සුදු මහත්තයෝ
නිවාඩුවට ගමරටට එන්න...
___ මදාරා උමගිලිය ___
දවසක් ගෙවිලා ගිහින් ආයෙම දවස උදා වෙලා ඔයා එක්ක කතා කරන වෙලාව වෙනකන් මේ
හිතට දැන් ඉවසුමක් නෑ සුදූ.. මටම තේරෙන්නේ නෑ මට දැන් මොකද වෙලා තියෙන්නේ
කියලා.. ඔය හිත ලග මගේ ජීවිතේ දැන් බැඳිලා ඉවරයි සුදු..
ඔයා එක්ක කතා කරන හැම මොහොතක්ම මගේ ජිවිතේට ගේන්නේ සතුටක්.. මට නොතේරෙන හැඟුම් පෙලක මේ ජිවිතේ ගලාගෙන යනවා වගේ මට දැනෙනවා..
අවුරුදු ගානක් තනියම ඔහේ ගෙවුන ජීවිතේ අහම්බෙන් වගේ ඔයා ලඟ නතර වෙයි කියලා ඔයා එක්ක මුලින් කතා කරපු දවසෙ මට හිතුනේ නෑ.. ඒත් අපේ ජීවිත වල මොකක් හරි බැදීමක් තියෙන්න ඇති.. අහම්බෙන් හම්බවෙලා අකුරු අතරේ එතිලා කතා කරලා මේ තරම් ආදරයක් මම ඔයාට කරයි කියලා මම කවමදාවත් හිතුවේ නෑ...
තාම මම උත්තරයක් දන්නේ නෑ මම ඔයාට මෙච්චරම ආදරේ ඇයි කියලා.. මේ මුලු ලෝකෙටම කෑ ගහල කියන්න හිතෙන තරමටම මම ඔයාට ආදරෙයි සුදු.. ඒ හින්දම වෙන්න ඇති ඔයා නැති ජීවිතයක් ගැන මට හිතා ගන්නවත් බැරි..
පුළුවන් තරම් ඉක්මනට ඔයා ලගට දුවන් ඇවිත් ඔයාට තුරුල් වෙලා ඔය ආදරේ විදින්න මගේ හිත කෑ ගහනවා සුදු.. එහෙම බෑ කියලා දැනෙද්දි මට මාත් එක්ක ඇති වෙන්නේ ලොකු තරහක්.. මේ කාලය ඉක්මනට ගෙවිලා යනවනම්..
ජිවිතේ එක ලස්සනම හීනයක් මම බොහොම කාලෙකට පස්සේ දකිනවා.. ඒ ඔයා එක්ක.. ආදරෙයි සුදූ මම ගොඩාක්....
ඔයා එක්ක කතා කරන හැම මොහොතක්ම මගේ ජිවිතේට ගේන්නේ සතුටක්.. මට නොතේරෙන හැඟුම් පෙලක මේ ජිවිතේ ගලාගෙන යනවා වගේ මට දැනෙනවා..
අවුරුදු ගානක් තනියම ඔහේ ගෙවුන ජීවිතේ අහම්බෙන් වගේ ඔයා ලඟ නතර වෙයි කියලා ඔයා එක්ක මුලින් කතා කරපු දවසෙ මට හිතුනේ නෑ.. ඒත් අපේ ජීවිත වල මොකක් හරි බැදීමක් තියෙන්න ඇති.. අහම්බෙන් හම්බවෙලා අකුරු අතරේ එතිලා කතා කරලා මේ තරම් ආදරයක් මම ඔයාට කරයි කියලා මම කවමදාවත් හිතුවේ නෑ...
තාම මම උත්තරයක් දන්නේ නෑ මම ඔයාට මෙච්චරම ආදරේ ඇයි කියලා.. මේ මුලු ලෝකෙටම කෑ ගහල කියන්න හිතෙන තරමටම මම ඔයාට ආදරෙයි සුදු.. ඒ හින්දම වෙන්න ඇති ඔයා නැති ජීවිතයක් ගැන මට හිතා ගන්නවත් බැරි..
පුළුවන් තරම් ඉක්මනට ඔයා ලගට දුවන් ඇවිත් ඔයාට තුරුල් වෙලා ඔය ආදරේ විදින්න මගේ හිත කෑ ගහනවා සුදු.. එහෙම බෑ කියලා දැනෙද්දි මට මාත් එක්ක ඇති වෙන්නේ ලොකු තරහක්.. මේ කාලය ඉක්මනට ගෙවිලා යනවනම්..
ජිවිතේ එක ලස්සනම හීනයක් මම බොහොම කාලෙකට පස්සේ දකිනවා.. ඒ ඔයා එක්ක.. ආදරෙයි සුදූ මම ගොඩාක්....
ගොඩක් කාලයක් ආදරේ පස්සෙන් හොයන් ගිහින් මහන්සි වෙලා ඒ හැම දෙයක්ම අත ඇරලා
දාපු කෙනෙක් මම.. ඒත් මාව තාම හරියට දැකලවත් නැති ඔයා මට ආදරේ කලා.. අළුත්
ජීවිතයක් අරන් අවා..
මගේ මේ සරළ ජීවිතේට ගැලපෙන එකම එක්කෙනා ඔයා.. ගොඩාක් හැගුම්බරව අරන් ආපු ඔය ආදරේට මම ගොඩක් ආදරෙයි.. ඔයාගේ ඔය හිනාව තරම් වෙන කිසිම දේකට මගේ හිත ආස කරන්නේ නෑ.. ඔය හිත ලගට එන ඕනම දුකක් ආදරෙන් මම බාර අරන් මට වාසනාවක් වුණ හිනාව ඔය හිත ලග තියන්න විතරයි මට ඕන..
මම ගොඩක් ආදරෙයි සුදූ.. මගේ ජීවිතේට පමා වෙලා ආපු කවියක් ඔයා. මේ කවිය මම ජීවිතේ පුරාවටම ආදරෙන් ලියනවා.. කවදාවත්ම නැති සෙනෙහසකින්..
මගේ මේ සරළ ජීවිතේට ගැලපෙන එකම එක්කෙනා ඔයා.. ගොඩාක් හැගුම්බරව අරන් ආපු ඔය ආදරේට මම ගොඩක් ආදරෙයි.. ඔයාගේ ඔය හිනාව තරම් වෙන කිසිම දේකට මගේ හිත ආස කරන්නේ නෑ.. ඔය හිත ලගට එන ඕනම දුකක් ආදරෙන් මම බාර අරන් මට වාසනාවක් වුණ හිනාව ඔය හිත ලග තියන්න විතරයි මට ඕන..
මම ගොඩක් ආදරෙයි සුදූ.. මගේ ජීවිතේට පමා වෙලා ආපු කවියක් ඔයා. මේ කවිය මම ජීවිතේ පුරාවටම ආදරෙන් ලියනවා.. කවදාවත්ම නැති සෙනෙහසකින්..
මම මේකට පිළිතුරු කවියක් ලියන්නේ නෑ.. මේකේ ලස්සන මම මෙහෙමම තියෙන්න අරිනවා.. කවියත් එක්ක මාව ටැග් කරලා ඔයා දාපු මෙන්න මේ වචන ටිකටත් මම ගොඩක් ආසයි..
"කොහොම හරි වැඩිම වෙලාවක් අරන් ලිවුව එකම දේ මේ සිතුවිලි ටික වෙන්න ඇති ජිවිතේටම. එත් හිත පිරිලා ගොඩක්.."
කියන්න තියෙන දේවල් ටිකකට නතර කරන්නම්.. හැමදේම ඉක්මනින්ම කියලා දාන්නත් හොඳ නෑනේ.. :)




කමක් නෑ ඉතිං එනවානං අවුලක් නෑ......
ReplyDeleteතව ටික දවසයි අමිල අයියේ..
Delete:):):):):):):):):)
ReplyDeleteකියන්න දෙයක් හිතාගන්න බැරි උනා අදත්... ඔයා ලඟදි මම ගොළු වෙන්නෙ ඇයි දන්නෙ නෑ. ඔයා නිතරම කියන්නෙ සුදු මොනා හරි කියන්නකෝ කියලා. කියන්න ගොඩක් දෙවල් මගේ හිතේ තිබුනාට කියගන්න බෑ ඒ හැඟිම් වචන වලට පෙරලෙන්නෙ නෑ. ඇයි දන්නෙ නෑ රත්තරන්.
එත් දවසක ඒ හැමදෙම කියන්නම් හිතේ තියෙන හැමදෙම කියන්නම් හැබැයි ඔයා මගේ ලඟට අවාම. ඔයාට තුරැල් වෙලා ඔයාගේ පපුවේ ඔළුව තියාගෙන මගේ හිතේ තියෙන ආදරේ මම ඔයාට කියන්නන් ඉවරයක් නැතුවම... :)
ගනන් ගන්න එපා මදාරා, බැන්දට පස්සෙ ඇරියස් කවර් කරගෙන බොනසුත් දෙන්න පුළුවන් වෙයි.. දිනේෂ් මලයගේ කන් දෙක පිරෙන්නම
Deleteමදාරා, දන්නවා.. ඔයා හැම වෙලේම ගොළු වෙලා හිටියත් ඔයාගේ හිත කොච්චර දේවල් කියනවද සුදු.. ලග ඉදන් ඒ දේවල් අහන් ඉන්න මාත් ගොඩක් ආසයි.. නිවාඩුවට තව දුර නෑනේ.. ඉක්මනටම මේ දේ විදගන්න පුළුවන් අපි දෙන්නටම.. තව ටිකක් කාලයයිනේ...
Deleteමී ගොඩයා, ආයෙත් අහලා ඊට පස්සේ කනේ ඇඹ ගහන් ඉන්න වෙයිද මන්දා..
Deleteඑදාට ඇබ මගේ ගානේ. ඉස්තරම් කිරල ඇබ ජෝඩුවක් දෙනවා. ෆුල් සවුන්ඩ් පෘෆ්
Deleteඅන්න ඒකනම් සෑහෙන වටිනවා අයියේ.. වෙඩින් එකට එද්දි අරගෙන එන්න හොදේ.. මොකො කවද ඉදන් ඕන වෙයිද දන්නේ නෑනේ... :)
Deleteනුහුරු නුපුරුදු හීන අරන් .........
Deleteනුඹ ඇවිත් හිත ලගට හොරෙන්....
Deleteමේ වගේ ආදරයක් විදින්න ලැබෙන එක වාසනාවක් මල්ලී..
Deleteඇත්තටම හැමවෙලේම මම වාසනාවන්තයි කියලා හිතෙනෙත් ඒ හන්දම තමයි..
Deleteඇනෝ ගේ කටේ දාන්න හිතයි ගෝල්ඩන් නගට් එකක්.. සහතික ඇත්ත..
Deleteඔහොම තමයි අප්පා.. චණ්ඩියා වගේ ෆෝන් එකෙන් කියෙවුවට ලඟට ආවම ගොළු වෙලා යනවාලු... දැක්කම බලන් ඉන්නම විතරයි ලු හිතෙන්නේ.. මේ මං පනුච්චිගේ අත්දැකීම් නම් නෙමෙයි ඕන් .. අහපු දැකපු එවුවයින් කිවුවේ..
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
හෙහ්.. එයානම් කියන්නේ ලංකාවට ආවම කියන්නම් කියලා.. කිවුවත් වගේ ඒ වෙලාවට ගොළු වෙන්නේ මම තමයි..
Deleteදිනේෂ් මල්ලි....
ReplyDeleteමම ඔයාට ලියන්නේ අදයි.... මදාරා නංගිටනම් දවස් දෙකක් විතර ලීවා... මුලින්ම බ්ලොග් එකක් කියලා බැලුවේ ඔයාගේ එකයි... ඒකත් අහම්බෙන් වගේ..... මෙලෝ දෙයක් දැනන් උන්නේ නෑ බ්ලොග් ගැන...
මදාරා නංගිව දන්නේ ඔයාගේ Affair එක පටන් ගත්තට පස්සෙයි.
මල්ලී මම එක සතියක් office ඇවිත් ඔයාගේ post ඔක්කොම කියෙව්වා... ඒ තරම්ම ආසයි... මම උදේ office ආව ගමන් දැන් කරන්නේ ඔයාගෙයි මදාරා නංගිගෙය් blogs බලන එක... ලියන එක වැඩි උනාද මන්දා...
මල්ලී ඔයාගෙයි මදාරා නංගිගෙයි ආදරේ දැක්කම ගොඩක් ආස හිතෙනවා.. මමත් marry කරපු පුංචි බබෙකුගේ අම්මා කෙනෙක්...
ඔය දෙන්නගේ ලස්සන ආදර කතාවට පුංචි ඇස්වහක්වත් එන්න එපා.... ඔය ආදරය විවාහයකින් අවසන් වෙලා... ලස්සන දරු පැටින් මේ ලෝකෙට එක් කරන්න වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...
ජය වේවා...
නදී අක්කා..
ඇත්තටම ගොඩක් සතුටුයි නදී අක්කගේ මේ කමෙන්ට් එක දැකලා.. වර්ණ කියවන්න මේ තරම් ආසයි කියල දැන ගත්ත එක්ක මට ඇත්තටම සතුටක්..
Deleteමම නදි අක්ක මදාරගේ අන්තිම පෝස්ට් එකට දැම්ම කමෙන්ට් එක දැක්කා.. එයා ගියේ මාත් එක්ක තරහ වෙලා නෙමෙයි.. මාත් ඒ කමෙන්ට් එක දැකලා කල්පනා කලා නදි අක්කව මං හොදට දන්න කෙනෙක්ද කියලත්..
ගොඩක් ස්තුතියි නදි අක්කේ සුභ පැතුමට.. හැමදාම එන්න අපි දෙන්නව බලල යන්න.. ඉස්සරහට මම නම් ලියන ප්‍රමාණෙ වැඩි කරනවා.. එතකොට බලන්න දේවල් තියේවි අක්කට... :)
අහම්බෙන් වගේ දිනේශ්ගේ බ්ලොග් එක මුහුණුපොතේ දැකලා කියවන්න පුරුදු උන කෙනෙක් තමයි මමත්..
Deleteඑහෙනම් මේ මගේ බුකියේ ඉන්න කෙනෙක් කවුරු උනත්.. :)
Deleteහ්ම්ම්ම්.. ඔව් ඔව්.. මම වෙලාවක මැසේජ් එකක් දාන්නම්..
Deleteහා.. හා දාන්නකෝ.. :)
Deleteදිනේෂ්,මේක මම ආසම කවියක්.ගොඩක් දවස ඉඳං මගේ හිතේ තිබුණු,ලියාගන්න බැරි වුනු කවියක්.ලංකාවට එනකම්ම දින ගනිමින් උන්නු, මගේම හිතේ තිබුන ඒවාද කියලා හිතෙන්නේ අර දෙල් කතාවත් තියන නිසයි.ඒත් ඒ ආදරේ අකුරු කරන්න මට කවදාවත් බැරි වුනා. ඇස් වහක් කට වහක් වදින්න ඒපආ..
ReplyDeleteonna dan hari giya man hithanne
දිනෙෂ් අයියා කන්න ආසම කැම ටික තමයි අක්කියෝ ඔය තියෙන්නෙ... :))
Deleteදෙල් බැදලා කන්න ආස කෙනෙකුත් හිටියා එකයි...
Deleteඑහෙනම් මාල් මදාරා වගේම බලාගෙන ඉන්නවා කෙනෙක් එනකම්.. බලාපොරොත්තුවක ඉදන් බලාගෙන ඉන්න එකත් සතුටක් මාල්.. මාත් බලන් ඉන්නෙ ඉක්මනටම මදාරා ලගට යන දවස එනකන්..
Deleteතව කන්න ආසා ඒව ටිකක් තිනවා සුදු.. මම හෙමිට ලිස්ට් එක දෙන්නම්... :)
Deleteඅනේ නැ දිනේෂ්.මදාරාට වගේ මට එක අකුරු කරගන්න බැරි වුනා.එයා අය සදහටම නොඑන කෙනෙක් දැන්....
Deleteහ්ම්ම්... ජීවිතේ එක තැනකින් නතර වෙන්නේ නැහැනේ මාල්.. තැන වෙනස් වෙලා ඉස්සරහට ගලාගෙන යනවා..
Delete" ජීවිතේ එක තැනකින් නතර වෙන්නේ නැහැනේ මාල්.. තැන වෙනස් වෙලා ඉස්සරහට ගලාගෙන යනවා.. "
Deleteමේ කතාවට මමත් එකගයි.. ජීවිතේ කියන්නේ නතර වෙලා තියෙන දෙයක් නෙමෙයි නේ..
"ජීවිතේ නදියක්.. අපි එහි පැදයන තොටියෝ වෙමු.."
Deleteහරියටම හරිද මන්දා.. ඒත් ඔන්න මේ වගේ කතාවක් අහලා තිබ්බා මට මතකයි..
මම නම් කියන්නේ මෙහෙම.. Life is a roller-coaster.
Deleteම්..ලස්සන කවියක්..
ReplyDeleteඅපිටත් ආදරේ හිතෙනවා..!!
:D
ඇත්ත රූ අක්කේ.. කවිය දැක්ක වෙලේ මාත් ගොළු උනා..
Deleteමේක නං ඉතිං අපිට නෙමේ වගේ නේ.. හි හි..
ReplyDeleteඅනේ මටත් ආසයි ලවු කොරන්න :(
අදාල කෙනා කලින් දැක්කා.. ඒහන්දා කමක් නෑ..
Deleteඅසන් ඉතින් ඇයි බං නොකර ඉන්නේ??
ඉතින් ලවු කරන්න පටන් ගන්න මල්ලී... :)
Deleteමාත් කියන්නේ ඒකමයි.. විභාගෙත් ඉවර එකේ පටන් ගත්තනම් හරී..
Deleteකවිය නම් මාරයි! සරලයි ඒත පුදුම විදිහට රසවත්! ආදරේ වෙනුවෙන් ඇත්තටම ලියවෙන කවි හින්ද වෙන්නැති නේද!
ReplyDeleteමදාරා මේ විදිහේ සරල දෙයක් ලිවුවමයි මම දන්න තරමට.. :)
Deleteහෙහ් හෙහ් හෙහ් හේ........ මුං දෙන්නට සැරටම ලෙඩේ තියනව. අම්මල තාත්තල දැනගෙන හිටියනං ටක්ගාල පිලිවෙලක් තරන්න කියලවත් කියන්න තිබුන.
ReplyDeleteඅත්දැකීමෙන්ද මන්දා රාජ් අයියා කියන්නෙ :P . ඒ කියන්නෙ මල්ලි ළඟදි ලංකාවට එනවද ?
Deleteඒ රාජ් අයියේ පුළුවන්නම් ඒ උදවුව කරලා දෙන්න අෆ්ෆෙ කියලාවත් කරගන්න බැරි වැඩක් නේ....
Deleteකිවුවත් වගේ රාජ් අයියේ.. දැන් අන්න ඒ උදවුවනම් මොනා නැතත් වටිනවා.. :)
Deleteලහිරු අයියේ, රාජ් අයියලා ඉතින් අත්දැකීම් තියෙන අයනේ.. ඔව් ඔව් ලගදි එනවලු ඉතින්.. :)
Deleteමටත් හිතුනේ ඒ ටිකම තමයි.. කොහොමත් දුර ඈතක ඉන්න අයට ඒක දැනෙනවා වැඩි කියනවනේ..
Deleteහිත ඉල්ලන වෙලාවට ලගට දුවන් එන්න බැරි උනාම ඒක දැනෙනවා වැඩී..
Deleteසම්පූර්ණ ඇත්ත මල්ලි ඒ වෙලාවට හිතට දැනෙන දේ කියා ගන්න බෑ..
Deleteඅපි හැමෝටම ඒ දේ දැනෙනවා බලාගෙන යද්දි.. :)
Delete:) සතුටින් ඉන්න හැමදාම
ReplyDeleteතෑන්ක්ස් මචං..
Deleteමේ ආදරේ දැක්කම ආදරේ කරන්ටම හිතෙනවා මදාරා...:D
ReplyDelete:))))
Deleteඉතින් පොඩ්ඩි අක්කේ, තව මොකටද අනේ බලන් ඉන්නේ.. ආදරේ කරන්න පටන් ගත්තනම් හරිනේ.. :)
Deletemata nam irisiyai appaaa.....:((
Deleteඇනෝ.. මොකට ඉරිසියා කරනවද ඉතින්.. :)
Deleteජීවිතේ වෙලාවකට මහා පුදුමයි කියලා මට හිතුනා මේ පෝස්ට් එක කියවලා. :) දෙන්නටම මේ ටික කියන්නම්කො..
ReplyDeleteමේ ආදරේ වාසනාවන්.. දුක්වේදනාවන් නොවේවා..
තැන්කූ තැන්කු ඇලෙක්ස් අයියේ.. ඇත්ත ජීවිතේනම් හරි පුදුම දෙයක් තමයි.. :)
Deleteකෙල්ලෙක්ගෙ හිතක ඇඳෙන ලස්සන ,ප්‍රේමණිය වගේම අවංක සිතුවිලි ටිකක් එහෙම්ම අකුරු කරලා.. හරිම ලස්සනයි!!! සින්දුවකුත් මතක් වුනා..
ReplyDeleteචිරාත් කාලයක් ආදරේන් වැජඹෙන්න මගෙන් සුභ පැතුම්!!!!!!
තව හිත් නම් එපා.. මේ ඇදුන හිත හොදටම ඇති.. හෙහ්.. මොකක්ද දන්නේ නෑ මතක් උන කිවුව සින්දුව..
Deleteහරි ප්‍රේමණීයයි නේ?????
ReplyDeleteකවියනම් එහෙමයි.. :)
Deleteදිනේෂ් අදනම් හොද වැඩක් කරලා....පිලිතුරු කවියක් නොලියපු එක හොදයි....
ReplyDeleteමදාරගෙ හැම වචනයක්ම ආදරේ පිරිල තියෙනවා...ඒක මට මෙහෙම දැනුනනම් ඔයාට කොහොම දැනෙන්න ඇතිද?
ආදරේ මිනිස්සු බලාපොරොත්තු එක්ක ජීවත් කරවන හැටි අපූරුයි කියලයි මට හිතුනෙ...
හැමදාම වගේ ඔය ආදරේට සුභපතන ගමන් දිනේෂ් ඔය අහිංසකී බලන්න ඉක්මණට ඇවිත් යන්න එන්න කියල මටත් කියන්න හිතුණා...
සිත්තමීත් මදාර වගේද මන්ද මේ සිත්තමී ලියපු එකක්
දකින්නට සිපගන්න නැහැ මට
අනෙක් අයට සේ මගෙ ලග ඔයා
නමුත් සිතින් සිය දහස්වරක් සිප
සිත සනසනවා නොදැක ඔයා
පිළිතුරු කවියක් ඇත්තටම ලිය උනා.. ඒක මේකට දැම්මේ නෑ.. ඒක බුකියේ විතරක් දැම්මා..
Deleteආදරේ කියන්නේ බලාපොරොත්තුවක් සිත්තමි.. මදාරගේ ආදරේත් මගේ ජිවිතේට ලොකු බලාපොරොත්තුවක්..
ඉක්මනටම යනවා සිත්තමි.. ඒ දවස එනකන් මේ ඇගිලි ගනින්නේ..
පිළිතුරු කවිය නැති එකනම් පාඩුවක්ද මන්දා.. ලිවුවා කිවුව එක ඇයි මල්ලි දැම්මේ නැත්තේ?
Deleteමම ලියපු එකට වඩා මදාරගේ කවිය ගොඩක් ලස්සනයි.. ඒ කවි කමට පරදින එක ප්‍රශ්ණයක් නෙමෙයි.. ඒත් ඒ කවිකමේ ලස්සන නැති කරන්න අකමැති.. ඒකයි දැම්මේ නැත්තේ.. :) බුකියේ නම් තීනවා..
Delete" ඒ කවි කමට පරදින එක ප්‍රශ්ණයක් නෙමෙයි.. ඒත් ඒ කවිකමේ ලස්සන නැති කරන්න අකමැති.."
Deleteආදරණිය කතාවක් මල්ලී.. හ්ම්.. බුකියේ නම් මම නෑනේ.. :(
රාජ් අයිය කිව්ව වගේ මුන් දෙන්නට දැන්නම් ලෙඩේ සැර වෙලා... ඉක්මනට එන්ට... ඉක්මනට එන්ට... ජය වේවා...
ReplyDeleteහෙහ්.. ඉක්මනටම එනවා... :)
Deleteසුභ පැතුම් දිනේෂ් අයියේ. මේ කාලේ ඉක්මනටම ගෙවිලා යන්න කියලා මම ප්‍රර්ථනා කරනවා විජහට ලංකාවට එන්න
ReplyDeleteඅනිවා මලයා.. මේ කාලේ ඉක්මනට ගෙවිලා යාවි..
Deleteහරිම සරළව ලියවුන ආදරේ පිරුන කවියක්...ගොඩක් ලස්සනයි.හැමදාමත් ඔයාල දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
ReplyDeleteතෑන්ක්ස් චාම්ස්..
Deleteඒල අයියෙ....
ReplyDeleteඉන්ද්‍රජිත්
තෑන්ක්ස් මලයා..
Deleteමොකෝ අද ඇනෝ ඇවිත්..
මෙන්න මෙහෙමලු ආදරේ කරන්න ඕනෙ....
ReplyDeleteඒකනේ ඒකනේ අක්කේ... :)
Deleteඉක්මනට වරෙන් ඉක්මනටම ...හෙක්..හෙක්....උඹත් කොයි වෙලේ හරි බැඳපංකෝ අපේ සංගමේට සාදරයෙන් පිලිගන්නව ජය
ReplyDeleteහප්පේ... සංගමේට පිළිගන්න සැදි පැහැදි ඉන්නේ අපේ අයියලා.. සංතෝසේ බෑ.. :)
Deleteසංගමේ සාමාජිකයෝ වැඩි වෙනවට අපිත් කැමතිනේ.. අපි බලන් ඉන්නවා එනකම්..
Deleteසංගමේට ඇද ගන්න සෑහෙන පොරේනේ බලාගෙන යද්දී...:)
Deleteනැතුව නැතුව.. :)
Deleteහා හා.. ලබන අවුරුද්ද දිහාට එන්නම් සංගමේට.. :)
Deleteකවදා හරි වසන්ත්ය උදා වෙනවා සත්තයි
ReplyDeleteඒ වසන්තේ එනකම් බලන් ඉන්නවා..
Deleteඅපූරුයි හැර කිසිත් නොකියමි :)
ReplyDeleteතෑන්ක්ස් හිරු..
Deleteහයියූ.. ලැජ්ජා හිතෙනවා අප්පා මෙහෙම ආදරේ ගැන කියවනකොට.. හිහි..
ReplyDeleteජය වේවා දෙන්නාටම.. ඉක්මනට මුණ ගැහෙන්න පුළුවන් වේවා..!!!
මොකටද රෙඩ් ලැජ්ජ වෙන්නේ.. :)
Deleteතව මාස කීපයයි.. :)
ආදරේට ආදරේ කියා නොකියා වෙන මෙනව කියන්නද? ආදරය කරන තරමට ආදරය විදින්නත් ලැබෙනවා..
ReplyDeleteආදරේ කරන තරමටම ආදරේ විදින්නත් ලැබෙනවනම් ඒ හිත් සතුටින් රත්නායක අයියේ..
Deleteළඟ ට ආවමත්, කවදා හරි විවාහ වුණ දවසටත් මේ ආදරේ මේ විදියටම තියෙන්න ප්‍රාර්තනා කරනව මම.
ReplyDeleteලංකාවෙ ඉඳගෙනත් මගෙන් ඈත් වෙලා පැය 3ක 4ක දුරක ඉන්න මගෙ අහිංසක කොල්ලව මතක් වුණා. ලබන සතියෙ එයා එනකම් මමත් මේ බලන් ඉන්නෙ ඇඟිලි ගැන ගැන. ඒ නිසා මදාරගෙ කවිය ගොඩක් හිතට දැනුන
අපි හැමොම මග බලාගෙන ඉන්නවා.. ආදරේ ලගට එනකම්.. ඒකත් හරි සුන්දරයි නේද අක්කේ..
Deleteඅඩේ මරු ඈ....සුබ පැතුම් මගෙනුත්...
ReplyDeleteතෑන්ක්ස් තරුවෝ..
Deleteලස්සන කවි පෙලකට ලිය උන ලස්සන අදහසක්.. කතා කරන හිත් දෙකක අපුරු හමු වීමක්.. ඇත්තටම ලස්සනයි.. සුභ පැතුම්..
ReplyDeleteතෑන්ක්ස් යාළුවා.. කතා කරන හිත් වල කියන්න ගොඩක් දේවල් තියෙනවා..
Deleteකතා කරන හිත් වල ආදරේ හරිම ලස්සනයි.. ඒක උපරිමෙන් විදින් ඕන.. එතකොටයි ආදරේ ලස්සන..
Deleteහිත කියවලා නොකියන දේවල් දැනගන්න එක තවත් සුන්දරයි.. නොකියන බලාපොරොත්තු සද්ද නැතුවම ඉටු කරන එක හරිම සුන්දරයි..
Deleteඅපේ උණුසුම් සුබ පැතුම්...!!!
ReplyDeleteතෑන්ක්ස් රොබින්..
DeleteGolu wela inna aya katha karanna patan gaththama iwarayak na :::)))
ReplyDeleteMada ra oyata lassanata aadarey karanawa:::))
Ikmanata yanna lankawata,,,
කතාකරන්න ගත්තම ගොළු වෙලාම හිටියනම් කියලා හිතෙයිද දන්නේ නෑ.. :)
Deleteඉක්මනටම යනවා අක්කේ..
විඳින්න...විඳින්න එපාවෙන්නැති එකම හැගීම ජිවිතයට ආදරය විතරයි...
ReplyDeleteදෙන්නටම..ඒ වගේම ඔය ආදරේට...ඇස් වහක් කටවහක් වදින්න එපා කියල පතන්නම්..
ආදරේ හදවතින්ම විදින්න ලැබෙනවනම් ඒක කාටවත්ම එපා වෙන්නේ නෑ දිනිති අක්කේ..
Deleteoya kaale hamadaama ne malliye...
ReplyDeletee hinda e aadare me mohothe hondinma vinda ganna.
danatath apita thiyenne e sundara mathaka sihi karala sathutu wena eka thamai. bandala ekata inna kota, lamai enakota oya hangeem ibema adu wela yanawa. apith wayasata yanawane..:(
ethakota ithin nithara dakina kukulata wage thamai ane dan monawa kiwwath....:)
oyaalata suba pathanawa malliye....
හ්ම්ම්ම්ම්.. ඒ කාලේ හැමදාම හිතේ තියාගන්න ඉන්න පුළුවන්නම් හොදයි.. ඇත්ත එන්න එන්න වගකීම් එද්දී ජීවිතේ වෙනස් වෙනවා.. නිදහස අඩු වෙනවා..
Deleteතැන්කූ තැන්කු.. අදහසට.. :)