මල්ලියේ උඹට
පුබුදු මනෝජ් ජයවර්ධන.. ගාල්ලේ ඉපදිලා මීට සෑහෙන කාලෙකට කලින් කොළඹ ඇවිත් අපේ ජීවිත වලට හිටි හැටියේ ලං වුන උඹ හිටි හැටියෙම දාල ගිය බව පිළිගන්න අකමැති ඇත්තක් වෙලා ඉවරයි.. මේ ජීවිතේ හරිම කෙටියි.. මේ සෙනසුරාදට 22 උපන්දිනේ සමරන්න උඹ බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇති.. ඒත්,
උඹ ගෙනාපු ආයුෂ ඉවර වෙලා උඹ අපිව දාලා ගියද, එහෙමත් නැත්නම් උඹට අපිව දාලා යන තැනට කවුරු හරි පාර කැපුවද? ඒ සැකය අපේ හිත් වලින් මැකෙන එකක් නෙමෙයි.. ගොඩක් විශ්වාසයි කවුරු හරි උඹව අපිට අහිමි කලා..
කලින් රස්සාව කරපු තැනින් උසස්වීමක් අරන් අනිත් ශාඛාවට මාරු වෙද්දි එතන හිටිය අය උඹට ඉරිසියා කරා වෙන්න පුළුවන්.. ඒත් උඹේ ජිවිතේ අරන් යන තරමටම.. එහෙම හිතෙන්නේ උන් උඹ ගැන කියන දේවල් නිසා..
අළුත් තැන සගයෝ එක්ක විනෝද වෙන්න දවස් තුනක් මාතර ගිය උඹ කවුරුවත් නොදැනම පිහිණුම් තටාකෙදි අන්තිම හුස්ම හෙළුවේ කොහොමද කියන එක අපේ හිත් වලට ඇත්තටම ප්‍රශ්ණයක්.. මුල්ම දවසේ ආරංචි වුනේ උඹ බීපු නිසා මේ දේ වුනා කියලා.. මම උඹට සහෝදරයෙක් විදිහට නවත්තන්න කිවුව එකම දේ උඹ ඇහුවනම් කියලා එදා මගේ හිතට නොහිතුනාම නෙමෙයි.. ඇත්ත උඹ බොනවා.. ඒත් කවදාවත් උඹ උඹව පාලනය කර ගන්න බැරි තරමටම බොන්නේ නෑ කියල අපි කවුරුත් හොදටම දන්නවා..
මරණ පරික්ෂණ වාර්ථාවේ හැටියට උඹ බීලා නෑ.. එහෙනම් උඹට මොකද උනේ.. ලංකාවේ තියෙන ඕනම ඇළක -දොළක, වැවක පීනපු උඹට මේ තටාකේ පීනන්න බැරි උනා කියලා අපිට හිතන්න අමාරුයි.. ඕනම දක්ශයෙක්ට වරදින වෙලාවල් එනවා.. අපි ඒක මොහොතකට පිළිගමු.. ඒත් දවල් වෙන්නෙ කිට්ටුව උඹේ යාළුවෝ කවුරුවත්ම නොදැක උඹ තනියමම තටාකේ ජීවිතෙන් සමු අරන් තිබුනා කියලා උන් කියන කතාව අපේ හිත් වලට පිළිගන්න අමාරු දෙයක්..
ඇත්තටම උඹට වුන දේ උඹ දන්නවා.. ඒත් උඹට අපි අතරට ඇවිත් ඒ දේ කියලා යන්න බෑ.. සැකේ යොමු වෙන විදිහෙට එහෙම දෙයක් වුනානම් උඹට ඒ වරද කරපු උන් ඒක දන්නවා.. දවසක ඇත්ත එළියට ඒවි කියලා හිත කියනවා..
කොයි දේ කොහොම උනත් අපිට ආයෙම උඹව ලැබෙන්නේ නෑ.. කොයි වෙලාවෙත් හිනා වෙලා හැමෝම එක්ක සතුටින් හිටිය උඹව අපිට ආයෙම ලැබෙන්නේ නෑ.. උඹ ලග තිබුන මනුස්සකම් ගැන මට කියන්න වචන නෑ.. උඹ සැබෑ මිතුරෙක්.. මට මිතු දමට එහා ගිය සහෝදරයෙක්..
නිතරම හිනාවෙලා හිටිය උඹත් එක්ක අපේ මතක කොච්චරනම් ගොඩ ගැහෙන්න ඇත්ද.. උඹ ඉස්සර මගෙන් පාඩම් අහගන්න එන දවස් වල මගෙන් කොච්චර බැනුම් අහන්න ඇත්ද? උඹට මම කේන්ති ගිහින් ගහපු දවස් වලත් උඹ හිනාවෙලා තව මාව කේන්ති කරවන්න කිවුව දේවල් කොහොම අමතක කරන්නද?
මේ අවුරුදු 21 උඹ ජීවිතේ උඹට පුළුවන් උපරිමෙන් වින්දා.. ආදරේ කලා.. හැම දේම කලා.. උඹ, උඹ සතුටින් හිටියා.. උඹේ තිබ්බේ පොඩි බලාපොරොත්තු ටිකක් විතරයි.. ඒ ගොඩක් දේවල් මම දැනන් හිටියා.. ඒත් ඒ හැම දේකටම කලින් උඹ යන්න ගිහින්.. නොකියම යන්න ගිහින්..
උඹ හොද තැනක ඉපදිලා ඇති.. මේ සංසාර ගමනේ අපි ආයෙම කොහේ හරි හමුවේවි.. එතකන් උඹට සුභ ගමන් මගෙ මල්ලියේ..




මතු භවයකදි දිනේෂ් අයියා ගේ මල්ලියෙක්ම වෙලා උපදීවා..
ReplyDelete:( :(
අය්යෝ මගේ ඇඟ හිරි වැටිලා ගියා. පුබුදු හිනාවෙවී අපේ කමෙන්ට්ස් වලට උත්තර දුන්නු හැටි මතකයි.:(
ReplyDeleteමේ වගේ වැඩක් කරන්ට තරම් මිනිස්සුන්ට පහත්වෙන්ට පුලුවන්ද දිනේෂ්. මොනවා උනත් එයා ගෙනාපු ආයුෂ තමයි එයා ඉවර කලේ. එන උපතේදීවත්, මෙවන් අකල් මරණයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නිවී සැනහෙන්ට කියලාත් ප්‍රර්ථනා කරමු දිනේෂ්....:((
ඇත්තටම මට කදුළු ආවා දිනේශ්.. මේ විදියම හැඩ රුව තිබ්බ මගේ අයියා කෙනෙක් මීට අවුරුදු 4කට කලින් ඩෙංගු හා සමාන ලෙඩක් හැදිලා එකපාරටම නැති උනා.... පුදුමාකාර හොඳ කෙනෙක්... කිසි කෙනෙක් වැරද්දක් නොකියපු කෙනෙක්.... අම්මටයි තාත්තටයි පුදුම විදියට ආදරේ කළා.. ගර්ල් ෆෙන්ඩ්ට ඩෙංගු හැදිලා දවස් ගානක් එයා ළඟ නිදි මරලා හිටපු වෙලාව මේ දේ උෙන්... කාර් එකක් අරං අම්මවත් දාගෙන යනවා කිය කිය හිටියේ... පළවෙනි පාරට එයා කරපු කුඹරේ වී ටිකෙන් ගත්ත හාල් වලින් කලේ එයාගේ තුන් මාසේ දානේ දුන්න එක....
ReplyDeleteමගෙ ළඟම නෑයෙක් උනාට අපි අඳුරගත්‌ෙත් අවුරුදු 20 ගානකට පස්සේ..... අපි මුලින්ම දැක්කෙත් එයා මැරෙන්න අවුරුද්දකට කලින්.... දවස් ගානක් එයාලෑ ගෙදර ගිහින් හිටපු දවස් ටිකේ මතක තාමත් මැවිලා පේන තරම්.. අනේ ආයිත් එහෙ එන්න නංගි කියලා හැම දාම කෝල් කරලා කියන නිසා නිවාඩුවක් දාලා එහෙ යනවා කියලා හිතලා අම්මගෙන් ලොකු මාමගේ නම්බර් එක ඉල්ලන්න කෝල් කරන කොටයි අපේ අම්මා කිව්වා අයියා නැති වෙලා කියලා.... මේ මල්ලිව දැක්ක ගමන් ඔයා මේ කියලා තියෙන දේවල් කියෙව්වම මට එදා ඒ අයියගේ මළ ගෙදරට ආපු කෙනෙක් කියපු දෙයක් කියන්න හිතුනේ...
“ මේ වගේ පිංවත් අය මේ ලෝකෙට එන්නේ ටික කාලෙකට විතරයි.... ආපහු යනවා ඉක්මණට.... ඒ යන්නේ දිව්‍යලෝකෙට... .. එයාල ඕනෙ කරන පින් රැස් කරගෙන ඉවර උනාම ආපහු යනවා..... “
ඔයාගේ යාලුවටත් කිසිම ජීවිතයකදී මේ වෙග් අකල් මරණයක් නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා... ඒ වෙග්ම මේ දේ කාගේ හරි සැලැස්මක උනා නම් ඒ අයට දඬුවම් ලැබේවි කියලත් හිතනවා.....
හිතාගන්න්වත් බෑ මොනා වෙලාද කියලා...
ReplyDeleteනුදුටු මිතුරාට නිවන් සැප ලැබේවා!!!
මතු උපදින ආත්මයකවත් මේ වගේ අඩු ආයු කාලයකින් ජිවිතේ අතහැර යන්න නොලැබේවා කියලා ඔබේ සහෝදරයා වෙනුවෙන් මං පතනවා!
ReplyDeleteමිනිසත්කම නොදන්න මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න නුඹට හිතෙන්න ඇති පුබුදු මල්ලියේ..මේ කුරිරු මිනිස්සුන්ට නුඹේ ගුණ නොදැනෙන්න ඇති..නුඹව ඇහින් නොදැක්කට සත්තයි නුඹ වෙනුවෙන් ඇස් දෙකට කඳුළු නැගුන කෙනෙක් නැතිව ඇති මේ බ්ලොග් අවකාශේ..
ReplyDeleteනුඹට නිවන් දකින්න බැරි වුනොත් දිනේෂ්ගෙම මල්ලියෙක් වෙලා අපේම යාළුවෙක් වෙලා ඉපදියන් මල්ලියේ...
ඇත්තටම මාව ශොක් වුණා අයියෙ....කියන්න ඕන මොනවද කියල හිතා ගන්නත් බෑ.....හොඳ මිනිස්සු ඉක්මනට දෙවියන් ගාවට යනව කියන්නේ ඇත්ත එහෙනම්.......
ReplyDeleteමචන් මෙහෙම කොල්ලෙක්ට මේ විදිහ දෙයක් වෙලා කියලා දකිනකොට හිතට මහ අමුතු හැගීමක් දැනෙනවා. පුබුෆ්හු ඊයෙත් හොදට අපි වාගේ හිනාවෙලා කට්ටියත් එක්ක ඉන්න ඇති. අම්මලා, යාළුවෝ කවුරුත් මෙහෙම දෙයක් හිතන්න නැතිව ඇති.
ReplyDeleteඅද පුබුදු නම් හෙට අපි වෙන්න පුළුවන්, ඒක නිසා කියන්න තියෙන්නේ,
"අද අද එයි මරු පින් කර ගන්නේ " කියල තමයි.
මචන්, පුබුදු කොට්ටාවේද? අද උදේ වැඩ්ට එද්දී බෙල්ල කපපු හන්දියේ මේ වගේ පොටෝ එකක් තියන මරන දැන්වීමක් ගහල තිබ්බා, ඒක දැක්ක ගමන් මට මතක් උනේ උඹේ කලින් පෝස්ට් එක.
මිනිස්සුන්ට මෙච්චර නපුරු වෙන්න පුළුවන්ද? හොඳ මිනිස්සු ඉක්මනට ඈත් කරන්නේ ඇයි?
ReplyDeleteහිතාගන්නවත් බෑ.
නුදුටු මිතුර ඔබට නිවන් සුව!
පුබුදු සොයුර... ඔබට නිවන් සුව...
ReplyDeleteමගේ ශෝකය පිලිගන්න... අපි කවුරුත් යා යුතුමයි.. දිනයේ ප්‍රශ්ණයක් පමණයි තිබෙනුයේ..
ReplyDeleteනොදුටු මිතුරා කියන්න බෑ...මට මේ රූපෙ හොදට හුරුයි දිනේෂ්....හෝමාගම මහරගම කොට්ටාව පන්නිපිටිය හරියෙ හිටපු කෙනෙක්ද? ඒ කියපු ටවුන් වල ඉස්කෝලෙ ගියපු කෙනෙක්ද? හිත කියන්නෙම මම මෙයාව දන්නවා කියලයි...ඇයි කියල මට තේරෙන්නෙ නෑ...
ReplyDeleteදිනේෂ් ඔයා ගොඩක් දුකින් ඒක මේ පෝස්ට් එක දැක්කම දැනෙනවා.කමෙන්ට්ස් වලට රිප්ලයි නොදැම්මත් අනේ මෙයා කොහේ හිටපු කෙනෙක්ද කියනවද?
පුබුදු ජීවිතේ කුමන හෝ කාගෙ හෝ වැරැද්දකින් වෙන්වුණ සහෝ නිවන් දකින තුරු කිසිම ආත්මයක මේ වගේ අකල් මරණයක් ඔබට සිදු නොවේවා සොයුර...
පුබුදු අපේ ගෙවල් ලග ඉන්නේ සිත්තමි.. කොට්ටාවේ මාකුඹුරේ.. ඔයාත් මේ කිට්ටුවනම් දැකලා ඇති..
Deleteහ්ම් මමත් ඉස්කෝලෙ යන කාලෙ හිටියෙ ඔය පැත්තෙ...අනේ මට එයාව කොහේදි හරි මීට් වෙලා තියෙනවා...මූණ මට හොදට හුරුයි..දැකල පුරුදු ගතියක් නෙමෙයි.වචනයක් දෙකක් හෝ කථා කරල ඇති.නැත්නම් මට මෙහෙම දැනෙන්නෙ නෑ...
Deleteඅනේ දෙයියනේ..
ReplyDelete:( :(
පුබුදු සොයුර, ඔබට නිවන් සුව!
ReplyDeleteනිවන් සුව!! ඇත්ත කවදා හරි එලි වේවි..
ReplyDeleteපිහිනුම් තටාකයක මෙහෙම දෙයක් වෙනවා කියක එක නම් ටිකක් සැක සහිතයි.. පුබුදු මල්ලිට නිවන් සුව පතනවා..
ReplyDeleteදුක හිතෙන ආරංචියක්...මේ ලොකේ නරකයි..හොද අය ඉක්මනට අපිව දාලා යනවා...
ReplyDeleteපුබුදු සොහොයුරානෙණි; නිවි සැනහෙන තැනක් වෙතොත් ඔබ යන මඟ, එය ඔබේ නවාතැනම වේවා...
ඔහුට නිවන් සුව පතනවා..... උබේ වේදනාව දැනෙනවා මචන්...
ReplyDeleteමොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. මොනවා උනත් ගෙනාව ආයුෂ ඉවර වුනා ම අපි කාටත් යන්න වෙනවා මලේ. හෙට දවසේ මේ අපි වෙන්නත් පුළුවනි. ඒ නිසා හොඳ ම දේ හිත හදාගන්න එකයි!
ReplyDeleteඔහුට නිවන් සුව පතනවා.....
ReplyDeleteමම පුබුදු අයියා ව අදුරගත්තෙ සර් කෙනෙක් විදියට අයා කලින් වැඩ කරපු තැනදි . ඒත් පස්සෙ කාලේක සහෝදරයෙක් තරමට එකතු උනා. මටත් තාම හිතා ගන්න බෑ වෙච්ච දේ. මුලින්ම මේ ආරංචිය දැනගත්ත වෙලේ මං හිතුවෙම බොරු කියලා
ReplyDeleteමුල් කාලේ සර් කිවුවට අපි එකම වයස. පන්තියෙ උනත් ඔක්කොමල්ල එක්ක හිටියෙ යාලුවෙක් වගේ. හැමෝම කතා කලේ පුබ්බා කියලා.පුබුදු අයියා කියලා කියන්න කියල මාත් එක්ක රන්ඩු දානවා ඉස්සර "දවස් 3ක් හරි මං වැඩිමල් හරිද ඔයාට වඩා කියලා.
තාම හිතාගන්න බෑ අයියා මේ වුන දේ. අයියා කිඋවා වගේ හුග දෙනෙක් ගෙ හිතේ ප්‍රෂ්න ගොඩක් ඉතිරි කරලා පුබුදු අයිආ යන්න ගිහින්. පුබුදු අයියාට නිවන් සුව!
ගොඩක් කල් ජීවත් වෙලා ඉන්න ඕනේ අය, වැරදි කරන මිනිස්සුන්ට කලින් මේ ලෝකේ දාල යනවා. කොතනත් ඒක එහෙමයි. සොබාධර්මයා විසින් මවපු මැවිල්ලක්ද නැත්තම් කාගේ වුවමනාවට වෙනවද කියන ප්‍රශ්නෙට උත්තර නෑ දිනේෂ් අයියේ. අර කොලුවට නිවන් සැප ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ආයේ උපදින ආත්මෙකවත් මේ වගේ අකල් මරණ අත්වෙන්න එපා කියලත් ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteසොයුර නුඹට නිවන් සුව!
ReplyDeleteහරිම කනගාටුයි ඔයාගේ යාලුවා ගැන . ඔහුට නිවන් සුව !
ReplyDeleteහිත හොඳ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ.අඩුම තරමෙන් මරනෙදි උනත්.ඌ ගෙනාපු ටික ඉවරයි.ඒකයි ගියේ.දිනේෂ්, උඹ දුක් නොවී හිටපන්.ඌ හොඳ තැනක ඇති.
ReplyDeleteනිවන් සුව පතනවා පුබුදුට ...!
ReplyDeleteමල්ලිගේ හිතේ තියන දුක මට හොඳට දැනෙනවා. මොකද මමත් ඔය වේදනාව විඳලා තියනවා.
හරිම දුක්බරයි. ජීවිතේ හොඳම කාලේදී මේ වගේ වෙන් උනාම ඒක දරා ගන්න බැරි ජීවත් වෙන අයටයි. දිනේශ්ගෙ දුක අපට තේරෙනවා.
ReplyDeleteපුබුදු මල්ලිට නිවන් සුව අත්වේවා !
හිතාගන්න බෑ.. මිනිස්සුන්ට මෙහෙම ඉරිසියා කරන්න පුළුවන් කියන එක නම් මම දන්නවා. ඒත් ජීවිතයක් නැති කරලා උන් බලාපොරොත්තු වෙන දේ / වෙන තැනට යන්න පුළුවන් වෙයිද? ඒ ගියත් කාගෙන් නැතත් ස්වභාවධර්මයා එක්ක හෘද සාක්ෂිය මේ ගැන කටයුතු කරාවි..
ReplyDeleteඋඹට නිවන් සැප ලැබේවා මල්ලි.. ඉපදෙන ඉපදෙන ආත්මයක මෙවන් අකල් මරණ නොවේවා..
ප්‍රියයන්ගෙන් වෙන් වීම තරම් දුකක් නෑ තමයි අයියේ..
ReplyDeleteඑත්... අපිට ඒ දුක කොහොමත් දරන්න වෙනවා...
අපි මේ සහෝදරයට මුළු හිතෙන්ම පින් දෙමු...
ආයෙමත් කවමදාවත් අකල් මරණයකට මූණ නොදෙන්න වෙන්න කියල...
මල්ලි... ඔයාට හොඳ ආත්මයක් ලැබෙන්න කියල අපි සේරමලා ප්‍රර්ථනා කරනවා...
පුබුදු මල්ලිට නිවන් සුව.....:(((((((
ReplyDeleteඅපරාධකාරයාට දඬුවම් ලැබේවා.
Godak dukai malliye,, ape jeevithey inna honda aya ikmanata apiwa thani karala anawa...
ReplyDeleteMage mallith oya wayasedima apiwa dala giya,,, e duka ayemath Mage hitha awul kala. Mata hitha gana puluwan mallige hithey thiyena duka. Apey watey inna hamoma awanka na malli. Kakulen adala pahalata dannamai balanne.
Oyage mallita 'Niwan suwa pathami'
Mageé shookaya piliganna.
අපි ආදරේ කරන හොඳ මිනිස්සු ඉක්මනටම මේ ලෝකෙන් යනවලු දිනේෂ් කලින් කමෙන්ට් එකකත් මේ කතාව දැක්කා ඒ කතාව ඇත්ත.....මේ අත්දැකීමම මටත් තියෙනවා ඒ අත්දැකීම අද තාමත් හීනයක් වගේ....
ReplyDeleteඉතින් ඔබට දැනෙන හැඟීම මමත් අඳුනනවා බොහොම හොඳින්...ඒත් අපි සතුටින් ඉන්නවට කැමති අපිව දාලා ගිහිපු ඔවුන් වෙනුවෙන් අපි ඒ දුක දරා ගත යුතුමයිනෙ...
පුබුදු මල්ලිට නිවන් සුව......
මචං දින්නා මේ කොට්ටාවේ කොල්ලෙක් නේද. මගෙ යාලුවෙක් ඔය පොටෝ එක මට පෙන්නුවා. ඌගෙ ගෙවල් ලග කිව්වා. උබේ යාලුවෙක්ද? බ්ලොග් ලියපු කොල්ලෙක්ද?
ReplyDeleteසුභ ගමන් සහෝ.. උබට නිවන් සුව !
මේ දේවල් කොහොමද විශ්වාස කරන්නේ? :(...පිහිනුම් තටාකයකදී මරණයක් වෙන්න පුලුවන්ද? බීලා හිටියෙත් නැත්නම්...
ReplyDeleteකවුරුහරි මේක කළානම් කවදාහරි ඇත්ත එලි වෙනවා. නැතත්, තමන්ගේ හිතෙන් ගැලවීමක් ලැබෙන්නේ නෑ කොහොමටවත්..
oyaa hari sayuri. me mama danna kathaawak.
Deleteapachaara walata prakata gamaka 1 wasare duwek rape karala maruwa. niyama aparaada kaaraya wenuwata wena minihek hire yawwa uwa rawattala.
karapu miniha rata panna. eeta ayurudu 3,4 kata passe e siddiya una gal thalaawata hena gahuwa hamoma puduma karamin.
eetath awurudu 12 kata withara passe adaala kenaage akkai lamai 2 kui seka katayuthu widiyata maruna ge gini aragena. e akkala thamai malliwa rata yawala thibune. akkage minihath e wadeta hawul kiyala aaranchi thibuna.
e marana walata akkage miniha seka karanna gaththe pawulai daruwoi marila awuruddak yanna kalin miniha wena geniyek gedarata genaawama.
kohoma hari eeta awurudu 2 kata withara passe minihath wasa beela malaa.
karana karma pala denne eka paarata nowei. un pana pitin vindawala thamai marenne.
dan me siddiyatath seka aya diha baluwoth thawa awurudu 5,6 kin dana ganna puluwan wei ibema.
neethiyen daduwam nolabunath karma pala denawa aththatama.
/neethiyen daduwam nolabunath karma pala denawa aththatama//
Deleteඇත්තම ඇත්ත. නීතියට වඩා කර්මය සාධාරණයි.
beela hitiya nam hithanna puluwan gilila maruna kiyala. eyata fits wage ena kenek nam eth hithanna puluwan. ehema nethuwa peenanna puluwan kenekta mehema wenna bahane. waga kiwa yuthu ayata kiwwa nam hondai neda danm marane gena sakai kiyala. pahu nokara..
ReplyDeletekohoma wunath karapu ayata nopamaawa mewa pala denawa.
andunanne nethath me hinawa dakkama bada papuwa daala yanawa malliye...
oyaata kohoma athida kiyala hithaa ganna puluwan.
dan karanna thiyenne buddhist nam thun maase daane wenakal balaa noinda puluwan hema witama pin karala eyaata anumodan karana eka.
eka eyaatai oyaalatai degollantama hondai.
මොක් සුවය ඔබට සහෝ
ReplyDeleteආපහු එන්න
තාම
ReplyDeleteහිතාගන්න
බෑ
ඇයිද ?
කියලා
මේතරම්
සුවඳක්
අකලට
පරවෙන
මල්වලට
:'(
හුඟාක් කණගාටුදායකය සිද්ධියක්!! මම දන්න කීපදෙනෙක්ගෙම යාලුවෙක් පුබුදු! ඇත්තටම ඒ මරණය වෙලා තියෙන විදියනම් පුදුමයි තමා.. ;( ඒත් මොනා කරන්නද, මරණය ලියැවිලා තියෙන්නෙ එහෙමනම්...., අපිට දරාගන්න වෙනවා!!
ReplyDeleteජාති ජාතිත් උපදින කිසිම මතු ආත්මයක, මෙවන් අකල් මරණයක් සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා!! ඔහුට නිවන් සුව!!!
හරිම සංවේදී සටහනක් දිනේශ්. මතු අත් භවයේ මෙවන් විපතක් නොවේවා!
ReplyDeleteපුබුදු අයියාට නිවන් සුව...
ReplyDeleteනොදැනුවත්වම
ReplyDeleteකඳුළක් වැටුණ
නෙත් කෙනෙක්
මගෙත් හීතලට...
පුබුදු ඔබට නිවන් සුව...මතු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා...
සුභ සැන්දෑවක් සහෝදරයා!
ReplyDeleteනොසිතුව වෙලාවක නොසිතුව විදිහටකට මෙහෙම දෙයක් වුනහම දැනෙන දුක ගොඩක් වැඩියි.
ReplyDeleteනොදුටු සහෝදරයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!
ඔහුට නිවන් සුව!
ReplyDeleteමේ කතාව ආරංචි වුනා.එත් හිතාගන්න බැරි වුනා මේක ඇත්තක්ද කියන එක.
ReplyDeleteපුබුදුවට අපි නිවන්සුව පතමු..
සසර ගමන් මගේ මෙවන් අකල් මරණ නොවෙන්නට ප්‍රාර්ථනා කරමි සොයුරු නුඹට..
ReplyDeletepubudu aiye.. oya hamadaamath sathutin inna ona... oya lassana hinawath aran ikmanatama api gaawata enna hode.. api balagena innawa..
ReplyDelete