හිරු කිරණක් වැටෙන තුරු
" මල්ලී.. මල්ලී.."
" අයියේ මම මෙහේ.."
" කෝ.. මොකද කරන්නේ ඔයා.."
" සෙල්ලම් කරනවා.."
" සෙල්ලම් කරනවා?"
මල්ලිගෙන් අන්තිමට ඇහුන වචන ටික ආයෙම මගේ මුවින්ම පිට උනේ මල්ලිගේ වචන වල තිබුන වෙනවදට වඩා නුහුරු බව හින්දා.. ලෑලි බිත්ති වලට අත තියාගෙනම ගේ පිලිකන්නට මල්ලිගේ කටහඬ දිගේ ආවේ වෙනදට ගේ ඉස්සරහ බිම වාඩි වෙලා මම එනකල් බලන් ඉන්න, අද කවදාවත් නැතුව පිලිකන්නට වෙලා කරන සෙල්ලම මොකද්ද කියලා දැන ගන්න..
උදේ වැටුන පොද වැස්සට තෙත් වුන පොළවේ හොදයි කියලා කියන්න පුළුවන් තරමින් ඉතුරු වෙලා තිබුන එකම එක කලිසමත් ඇදන් බිම වාඩි වෙලා හිටපු මල්ලි දැක්කම හිතට එක පාරම ආවේ කේන්තිය.. ඒත් බනින්න කෑගහන්න කලින් හිතට ඕන වුනේ මෙච්චර ආසාවෙන් කරන සෙල්ලම මොකද්ද කියලා බලාගන්න..
මල්ලිගේ ලගම අළුත්ම පුංචි කාර් එකක්.. මෙච්චර දවසක් සෙල්ලම් කරන්න පාරේ ඇවිදන් යද්දි දැක්ක එක එක ජාතියේ සෙල්ලම් බඩු අරගෙන ආවත් ඒ එකක් වත් හෝදාලා ගත්තත් මෙච්චරම අළුත් පෙනුමක් තිබුනේ නෑ..
" මල්ලිට කොහෙන්ද මේක?"
හිතට ආව එකම දේ ඒක.. මං ආවා කියලවත් මතකයක් නැතුව සෙල්ලම් කරන මල්ලි දිහා ටිකක් බලාගෙන කල්පනා කරද්දි හදිස්සියෙම මතක් උන දේත් එක්ක හිත පිච්චෙනවා වගේ හැගීමක් දැනුනා..
" අදත් අර මිනිහා ආවද?"
මල්ලි පේන මානයේ ඉදන් එයා දිහා බලාගෙන ඉද්දි හිතට ආවේ දවස් කීපෙකට උඩදි ලොකු රැවුලකුත් වවාගෙන කරේ මාල දෙක තුනක් දාගෙන ආව මහත ඒ මිනිහව..බිලා පාරේ එන්නවත් බැරි තරමට වැටුන තාත්තව ගෙදර ගෙනාවා වුනත්, මල්ලී එක්ක ඕනවට වාඩා හිතවත් වෙන්න ගත්ත උනන්දුවම හිතට මහා සැකයක්.. කිසිම දේක ලොකු බරක් නොදැන එදත් ඒ මිනිහා දුන්න චොකලට් එක ගන්න මගේ අතත් අත ඇරලා දිවුවා වගේ අදත් මේ දේවල් ගෙනත් දෙද්දි එදා වගේම අරගත්තා වෙන්න පුළුවන්..
" මල්ලි.. නැගිටිනවා.. මොකද්ද ඔය ජරාවේ වාඩි වෙලා කරන්නේ?"
හිතට ආපු කේන්තියත් එක්ක මල්ලිට කෑ ගැහුව වුනත් පොඩි එකා අතේ කිසිම වරදක් නෑ කියන්න මම දන්නවා.. පුංචි හිත ඒ පැත්තට ඇදිලා යන එක වලක්වන්න මම කොච්චර කිව්වා වුනත් බෑ.. ඒත් ඒ ලංවීම මල්ලිට අනතුරක් නම්..
" අනේ අයියේ පොඩ්ඩක් සෙල්ලම් කරන්න දෙන්න දෙන්නකෝ"
" වෙනදා ඔයාට ඕව නැතිවුනාට මාත් එක්ක හවසට ඇති වෙන්න සෙල්ලම් කරන්නේ.. කෝ එන්න යමු මාත් එක්ක.."
" අනේ අයියේ අද බෑ.."
" බෑ නෙමෙයි.. කෝ නැගිටිනවා.."
ඒ පුංචි අත් වලින් තදේට ඇල්ලුව නිසාම මල්ලි අඬන්න පටන් ගත්තත් ඒක ගානකටවත් නොගෙනම මල්ලිව ඇද ගෙන ගියේ තාමත් ගොඩක් දේවල් මුල ඉදලා වෙනස් කරන්න පුළුවන් තරම් කාලයක් ඉතුරු වෙලා තියෙන නිසා..
කොච්චර වෙලා අරන් මල්ලි ආසම සෙල්ලම් කරත් මල්ලිගේ හිත තිබුනේ වෙන දිහාවක කියන එක තේරුම් ගන්න අමාරු දෙයක් වුනේ නෑ.. ඒ හිත කොච්චර හදන්න හැදුවත් පළවෙනි වතාවට මල්ලිගේ හිත මගේ ලගට ගන්න බැරි වුනා.. වෙනද තරම්ම අදුර වැටෙනකම්ම නොඉද ගෙදර එන්න ආවෙත් පුංචි වුනත් ඒ හිතුවක්කාර හිත අද මාත් එක්ක නොතිබුන නිසා..
........................................
වේලස්සනම පුච්චපු රොටියෙන් භාගයක්වත් නොකා එහෙම්මම බිම කාඩ්බෝඩ් එක උඩම නින්දට ගිය මල්ලි දිහා බලද්දි ඇස් වලට කඳුළු ආවේ ආදරේ හන්දම.. ඒත් ඔයාට නොතේරෙන කොච්චරනම් දේවල් තියෙනවද?
" ලොකූ... කෝ උඹ?"
හැමදාම පුරුදු ඒ බේබදු කටහඬ හිතේ තරහව තවත් වැඩි කලා.. ඇහුනත් නෑහුනා වගේ එහෙමම ඉදගෙන හිටියේ ටිකකින් කෑ ගැහිල්ල නතර වේවි කියලා හිතුන නිසා..
" කෝ.. තොගේ කන් ඇහෙන්නේ නැද්ද?"
වාඩි වෙලා හිටිය උළුවස්ස ලගටම ඇවිත් කෑ ගහද්දි තවත් ඇහෙන්නේ නැතුව වගේ ඉන්න බැරි උනා..
" මොනාද කන්න තියෙන්නේ?"
" රොටියක් පුච්චලා ඇති.."
" කෝ ගනින් බලන්න.. මට බඩගිණි.."
" ඔය ඔතන තියෙන්නේ.."
" තොට ඕක මට අරන් දෙන්න බැරිද?"
පිළිකන්නේ බිම සිමෙන්තියේ වාඩි වෙලා ඕනාවට එපාවට උත්තර දෙද්දි හිතුවෙ නැති වෙලාවක පිටට වැදුන පාරත් එක්ක හිතේ කේන්තිය තවත් වැඩි උනා..
" අදත් දවල් අර මිනිහා ආවද මම නැති වෙලේ?"
" මොන මිනිහද?"
" එදා ඇවිද ගන්නවත් බැරුව ඉද්දි ගෙදට්ට ගෙනත් දාලා ගිය මිනිහා.."
" ඔව් අවා.. ඉතින්.."
" ඒ මිනිහා මොකටද මල්ලිට එක එක ඒවා අරන් එන්නේ?"
" අහ්.. ටික දවසකින් මල්ලිව ඒ මහත්තයා එක්කන් යනවා.. මගෙන් කොල්ලව දරු කමට හදා ගන්න ඉල්ලුවා.."
හිතේ තිබුන බය ඒ විදිහටම සිද්ද වෙද්දි කරන කියන දෙයක් ගැන හිතාගන්නවත් පුළුවන් වුනේ නෑ.. කවදාවත් නොදැනුන තරම් කේන්තියක් විතරක් හිතට දැනෙන්න ගත්තා..
" එහෙම ගෙනියන්නේ කොහොමද?"
" ඇයි උඹද උගේ තාත්තා.. මමයි උගේ තාත්තා.. තීරණ ගන්නේ මම.. මට ඕන නම් පුළුවන් උඹවත් කාට හරි දීලා දාල නිදහස් වෙන්න.."
" මල්ලිව ඒ මිනිහට එක්කන් යන්න මම දෙන්නේ නෑ.."
" ඇයි උඹ මොනාව කරන්නද?"
බලාපොරොත්තු වුනා වගේම එකින් එක පහර වදිද්දි ගුටි කාලා ඉවසන් ඉන්නවා ඇරෙන්න වෙනදා වගේම තිබුනේ නෑ.. අමාරුවෙන් හොයා ගත්ත එකෙන් පුච්චපු රොටියත් බිම දාලා යන්න යද්දි කොච්චර තද කරන් හිටිය වුනත් මේ හිත නවත්ත ගන්න බැරුව අඬන්න ගන්නවා..
නින්දක් නැතුවම රෑ එළියට වෙලා කල්පනා කරේ මල්ලිව ඒ නරුමයගෙන් බේර ගන්නේ කොහොමද කියන එක.. ගෑණු දෙතුන් දෙනෙක් ඉන්න වත්තේ කසිප්පු විකුණන මිනිහා ඇයි මල්ලි පස්සේ මෙච්චරම එන්නේ.. උත්තරයක් නැති ප්‍රශ්ණ වල හිත මහ රෑ වෙනකම්ම දිවුවා..
හවස ආයෙම ගිහින් බීලා ඇවිත්, ගෙදර තිබුන එකම බූරු ඇදේ හොදටම නිදා ගෙන ඉන්න තාත්තා දිහා කළකිරීමෙන් බැලුවේ ගත්ත තීරණේ විදිහටම වැඩ කරනවද නැද්ද කියලා තව එකම එක පාරකට හිතන ගමන්.. වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ..
එළියේ උළුවස්ස ලග වාඩි වෙලා ඉඳන් නැගිටලා ඇවිත් නින්දේ ඉන්න මල්ලිව ඇහෙරෙන්න නොදි වඩා ගත්තේ නින්දෙන් ඇහැරිලා ඇඬුවොත් හැමදේම වෙනස් වෙන නිසා.. හොදටම නින්දේ හිටිය මල්ලිව තුරුල් කරගෙන හෙමිට දොර ලගට ඇවිත් එකම එක පාරක් බූරු ඇද දිහා බලලා එළියට බැස්සේ මල්ලිව පරිස්සම් කරන්න තිබ්බ එකම විදිහ ඒක විතරක්ම නිසා..
හෙට උදේ ඇහැරුනාම ඔයාට අහන්න ප්‍රශ්ණ ගොඩක් තියේවි.. දැන් නොතේරුනත් තව ටික කාලෙකින් ඒ හැම දෙයක්ම ඔයාටත් තේරේවි..
විදි කොනක ඉපදි පෙර කල පවකට
දුක් විදිනවා අප දෙදෙන එක හුස්මකට
විසි කරන කාසි පනම් එකතු කර අහුරකට
නුඹ රැකුමට වෙහෙසෙනවා මං කදුළු දි උගසට.
මල්ලියේ හඩන්න එපා කෑගසා කිරට
අම්මා ලග නැහැ ගිහින් දෙවියන් ලගට
නුඹේ කදුළු දැනුනත් මගෙ හදවතට
කුමක් කරන්නද මම අපේම අවාසනාවට.
ඇස ගැටුනොතින් මල්ලියෙ නුඹ පාපතරයන්ට
උන් හදයි අරගෙන යන්න උන්ගේ අපචාරයට
නුඹ වෙනුවෙන් කදුළු හෙලු මගේ හිතට
වීරිය තියෙනවා අනතුරකදි නුඹ රකින්නට.
දෙවියන් වන් මිනිසුනුත් හිදිනා මේ ලෝකයට
ඉපදුනත් වීදි කොනක අසරණ කමට
හිරු කිරණක් පායාවී දිනක අපේ වාසනාවට
ඇවිදින් දෙවිකෙනෙක් අපි දෙන්නගෙ සරණට..
විශේෂයි : අද ඔක්තෝබර් පළවෙනිදා.. ලෝක ළමා දිනය.. ළමයි වෙනුවෙන් කතා කරන ළමයි ගැන හොයලා බලන දවස.. ලොකු ලොකු තැන් වල ලොකු ලොකු දේවල් කලත් අද දවසේ වුනත් පාරේ ට්‍රැෆික් එකට වාහනේ නතර වෙද්දි මේ වගේම දරුවෙක් වාහනේ ලගට හරි බස් එකට හරි ගොඩ වෙන්න පුළුවන්.. එක තැනකට ඔක්කොම ගෙන්නලා හොදට කන්න බොන්න දිලා තෑගි බොග දෙන එකට වඩා මේ පාරක් පාරක් ගානේ අපිට දකින්න ලැබෙන ළමයි ගැන හොයලා බලලා දෙයක් කරන්න ලොකු තැන් වලට හිතෙනවනම් ළමා දිනේ කියන එකේ අගය මීට වඩා වැඩි වේවි..




මම 1
ReplyDeleteබුහ හා හා මම හොරට 1 උනා :ඩි
Deleteහොරාට නේන්නම් ඒක වෙලා තියෙන්නේ...
Deleteහරිම දුක හිතෙන කතාවක් අයියේ... :(((
Deleteහොරට වුනානම් මමයි 1
Deleteෂිකේ අපසාදෙ මගේ චොකෝ එක...මම කියවලා එන්න ගියා.....ඉහි ඉහි
වර්ණා, පාරේ අපිට හම්බුවෙන මේ වගේ අයගේ කතා වල ඇතුලාන්තය ඔහොම තමයි..
Deleteබට්ටි අක්කේ, හැම වෙලේම සාදාරණ වෙලා හරියන්නෙත් නෑලු..එක අතකට හොද වෙලාවට එක නොවුනේ.. නැත්නම් තව චොකෝ එකක්..
Deleteහරියටම හරි දිනේෂ් අයියේ... මේ අන්තිමට කියපු ටිකට මං පනුච්චිත් දෙපයින්ම එකඟ වෙනවා...
ReplyDeleteලංකාවේ වෙන්නේ ඔය ටික නේද කියලා පහුගිය අවුරුදු වල ඉදන් බැලුවම තේරෙන ඳේ නංගී..
Deleteදුකයි මල්ලි.. ඒත් මල්ලි එහේ ගිහින් සැපට ඉදී කියලා අයියාට සතුටු වෙන්නත් පුළුවන් නේද?
ReplyDeleteසියලුම ළමයින්ට සුභම සුභ ලෝක ළමා දිනයක් වේවා!
හ්ම්ම්ම්... වත්තේ කසිප්පු විකුණන මිනිහා එක්ක ගිහින් කොච්චර කාලයක් එහෙම ඉන්න පුළුවන් වේවිද?
Deleteඒත් කසිප්පු කාරාය උනත් පොඩි එකාව හොදට හදා ගත්තොත්??
Deleteහ්ම්ම්ම්.. වෙන්න පුළුවන්.. හැම දේකම දෙපැත්තක් තියෙනවනේ..
Deleteඇත්තමයි අයියෙ හිතට හොදටම වැදුනා.. අද වගේ දවසක මේක ගොඩක් වටින පෝස්ට් එකක්..
ReplyDeleteදාන්න හිටියේ වෙන එකක්.. ඒත් මේක හදිසියේම වගේ මතක් උන නිසා රෑ මේක ලිවුවා..
Deleteඉතාමත් සරළ විදියට හිතට දැනෙන ලොකු කතාවක් කියල තියෙනවා .ඇත්තටම වැඩිහිටියන් විදියට සිතිය යුතු කැරුණු අඩංගු ලිපියක් .
ReplyDeleteහොඳ ලිපියක් .
ජය !
ගොඩක් ස්තූතියි ගිම් අක්කේ.. ඇත්තෙන්ම ඔව්.. අම්ම කෙනෙක් නැතුව බේබදු තාත්ත කෙනෙක් එක්ක තනිවෙන ළමයි ගැන ගොඩක් හිතන්න ඕන..
Deleteමුල ඉදන්ම හිතන්න දේවල් ගොඩක් තියෙනවා..
Deleteහ්ම්ම්.. තැන්කූ..
Deleteසුපිරියි මචන් !
ReplyDeleteතෑන්ක්ස් මචන්..
Deleteඅද වගේ දවසක වත් මේ දේවල් ගැන අවධානය යොමු කරන්න ඕනේ. හිතට දැනෙන කතාවක්.
ReplyDeleteඑක දවසකට විතරක් හිතලා ඇත්ද සිතූ??
Deleteසංවේදී කතාවක් කියලා අන්තිමට දීල තියන පණිවිඩය නම් ගොඩක් හිතන්න සලස්සනවා..
ReplyDeleteඅද බොරුවට සල්ලි වියදන් කරලා කරන්නේ තේරුම් නැති වැඩනේ අයියේ.. ඉතින් ඒ දේවල් ගැන මොනා නම් කියන්නද?
Deleteපට්ට බං පට්ට...
ReplyDeleteමට මේක කියෝගෙන යනකොට මිල්ටන් මල්ලවආරච්චි මහත්තයගේ මම ආසම සින්දුවක් මතක් උනා..
වීදි කොනේ...මාවත අද්දර හඩනා කිරි දරුවෝ...
කවදා හෝ නුඹ... වියපත් වූ දා...
පියා කොහේ දැයි මවගෙන් අසනු එපා...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව්... මටත් මතක් වුනේ ඒ දුක හිතෙන සිංදුව..
Deleteමමත් පියෙකි පුත
නුඹ වැනි දරුවකුගේ....
මටත් දැනේ ඔය පොඩි සිත මඅවෙන රඟේ....
රජා, කාලෙකින් අහන්න බැරි උන සිංදුවක් උඹ මතක් කලා.. උඹ මේවත් අහනව එහෙනම්..
Deleteනිමල්, සිංදුව ලස්සනයි.. මමත් මේ අහන ගමන්..
Deleteඇත්තටම ලස්සන සිංදුවක්..
DeleteThe Thief Lord කියන ෆිල්ම් එක මතක් උනා... අම්මා නැති උන ළමයි දෙන්නෙක්ගෙන් මල්ලිව විතරක් හදාගන්න ගන්නවා ආච්චියි සීයයි.. අයියා මල්ලිවත් අරං පැරිස් වලට පැනලා යනවා... හරිම ලස්සන සුරංගනා කතාවක්... අයියට ඕනේ ඉක්මණට ලොකු වෙන්න.. එතකොට මල්ලිව එයා ගාව තියාගන්න පුළුවන් වෙන නිසා.... එයාලා හොයාගන්නවා ඉක්මණට ලොකු වෙන්න ක්‍රමයක්...
ReplyDeleteමම වෙන මුකුත් කියන්න ඕනේ නෑ වගේ ....
මටත් මතක් උනේ the thief lord ෆිල්ම් එක.මේකත් ඒ කතාවට ටිකක් සමානයි. කොහොම උනත් හැමදාම වගේ දිනේශ් කතාව උපරිම විදියට ලියලා තියෙනවා :)
Deleteහිරූ අක්කේ, බලලා නැති ෆිල්ම් එකක්.. අක්ක ලියපු විස්තරේ දැක්කම දැන් ඉතින් මේක නොබලා නෑ.. ඇයි ඉතින් අරුන් දෙන්න ඉක්ම්නට ලොකු උන විදිහ බකන්න ඕන.. තැන්කූ අක්කේ... :)
Deleteලිහිණි අක්කේ, මේ කමෙන්ට් දාල ඉවර වෙල ෆිල්ම් එක හොයන්න ඕන.. මම බලලා නෑනේ..
Deleteලස්සන ෆිල්ම් එකක් මාත් බලල තියෙනාවා..
Deleteහොයා ගත්තා.. සෙනසුරාදා රෑ බලන්න ඕන...
Deleteදුක හිතෙන කතාවක් !
ReplyDeleteඒ උනාට ලියවිල්ල නම් සුපිරි !
තැන්කූ මධු අයියේ..
Deleteඔයා කතාව ලියන්න ගත්ත තේමාව නම් හරි ම වටිනවා මල්ලි!
ReplyDeleteලහිරු අයියා නම වෙනස් කරලා අදුන ගන්නත් බැරි උනා එක පාරම.. තැන්කූ තැන්කු..
Deleteඅයියේ වචන දෙකක් නෑ, මේ කතාව නම් නියමයි. හිතට වදින්නම ලියලා තියනවා. ඔයා අන්තිමට කිව්වදේ හරියවම හරි. ඇත්තටම ඇයි මිනිස්සු මේ වගේ පුලුල්ව හිතන් නැත්තේ? නිකන් එක දවසකට තේරුමක් නැතුව විනෝද වෙන එකේ ඇයි ලොකු තැන්වලට බැරි මේ වගේ අසරණ ළමයින්ට උදව් කරන්න... අපි කවදද ඇත්ත දකින්නේ... හ්ම්ම්ම්
ReplyDeleteමේක තමයි නියම ~~~~~ සහෝදර ප්‍රේමය ~~~~~
ගොඩක් දේවල් අපිට ඕන උනාට වෙනස් කරන්න බෑ අමා.. ලොකු තැන් ගැන කියලා වැඩක් නෑ.. එයාලා ජනප්‍රිය වෙන්න ඕන උනාම මතක් වේන්නේ ටික කාලෙකට විතරයි..
Deleteහද පතුලට දැනෙනවා...
ReplyDeleteඅපූරු ලියවිල්ල....
තෑන්ක්ස් නිමල්..
Deleteඇඩෙනවා..... සිරා කතාව...
ReplyDeleteතෑන්ක්ස් මලයා..
Deleteහ්ම්ම්... මම ජීවත් වෙන වටපිටාවේ නම් ඔය වගේ ළමයි හැමදාම වගේ දකිනවා... එයාලගේ අනාගතය ගැන හිතද්දිත් බයයි...
ReplyDeleteහ්ම්ම්.. අපි හැමෝටම දකින්න ලැබිලා තියෙනවා.. ඔවුන් හැමදාම එකම තැන.. පස්සේ කාලෙක ඔවුන් සමාජයට කැළලක් උන වෙලාවලුත් නොතිබුනාම නෙමෙයි..
Deleteහ්ම්.. අනේ මන්දා මේ හැම එකක්ම කටින් විතරයි
ReplyDeleteඇත්ත.. අපි කිවුවට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ..
Deleteලස්සන දුක හිතෙන කතාවක් මල්ලි.
ReplyDeleteතෑන්ක්ස් නිසූ අක්කේ..
Deletelassanayi...
ReplyDelete(kalabala nisa sinhalen type kare naa)
මොකො මේ කලබලේ?
Deleteවටිනා අදහසක් අයියෙ...
ReplyDeleteතැන්කූ මලයා..
Deleteදවසට ගැලපෙන කථාවක්... ඇත්තත හිතට අමුත්තක් දැනුනා..... මෙහෙම දේවල් අනන්තවත් වෙනව ඇති...
ReplyDeleteඕන තරම් තියෙනවා.. කතාව විතරක් මීට වඩා වෙනස් වේවි අයියේ..
Deleteතවත් අද්දර ජීවිතයක්
ReplyDeleteඔව් හසිත මලයා.. අද්දර ජීවිත..
Deleteඔය වගේ දරුවො මට ඕන තරම් හම්බ වෙනවා. මොනවා කරන්නද? අඩුම ගානේ ඔය වගේ දරුවෙක් ආරක්ෂිතව තියන්න පුළුවන් තැනක්වත් අපේ රටේ නෑ. ඒ ගැන රටේ ඇස් ඇරෙන්න තවත් ලමයි කී දෙනෙක්ගේ ජීවිත අදුරු වෙන්න ඕනද කියල දන්නෙ දෙවියෝ තමයි.
ReplyDeleteහ්ම්ම්ම්.. ඇත්ත ප්‍රදීප් අයියේ.. ආරක්ශාව අඩු කම තමයි හැමදේටම.. ගෙදරත් ආරක්ශාව නෑ.. තනි උනාට පස්සේ ඉන්න වෙන තැන් වලත් ආරන්ශාව නෑ..
Deleteහ්ම්ම්ම් පොස්ට් එක ගැන කියන්න වචන නැ එ තරම්ම ලස්සනයි..
ReplyDeleteතෑන්ක්ස් සචිත්..
Deleteබොක්කටම වැදුනා දිනේෂ් අයියේ.
ReplyDeleteතෑන්ක්ස් මලයා..
Deleteඅපූරු පෝස්ටුවක්..
ReplyDeleteකියල වැඩක් නෑ..
තෑන්ක්ස් හිරූ..
Deleteඅද වගේ දවසක දාන්න පුළුවන් වටිනාම ලිපියක්. මුළු කතාව පුරාම මටනම් දැනුනේ "සහෝදර ප්‍රේමය"
ReplyDeleteඔව් ලොකු අක්කේ.. ඒ වගේ සහෝදර ප්‍රේමයක් ලැබුන එකම ඒ පොඩි එකාගේ ජීවිතේට සහනයක්..
Deleteඅනේ මල්ලි පව්.... මම ඔහොමම නෙමේ ඔයිට සමාන කතාවක් කියෙව්වා දවසක් පත්තරේක තිබිලා...
ReplyDeleteඅම්ම නෑ... කෙල්ලෝ දෙන්නයි පවුලේ... ලොකු කෙල්ල කොළඹ වැඩට යනවා බෝඩිමක ඉඳං... තාත්තා බීලා සැරින් සැරේ පොඩි කෙල්ලව දූෂණය කරනවා... අක්කට නංගිගේ වෙනසක් තේරිලා, නංගිගෙන් විස්තර අහලා එයාව එක්කගෙන යනවා... අම්ම කෙනෙක් උන්නනම් ඔහොම වෙන්නේ නෑ...:(
හ්ම්ම්... ඒකනම් අහන්න අකමැතිම කතාවක්.. ඔය වගේ තිරිසන් මිනිස්සුත් ඉන්නවානේ අපි අතර.. ඇත්ත ඕනම ගෙදරකට අම්ම කෙනෙක් නැති අඩුව හොදටම දැනෙනවා...
Deleteමේක කියෙව්වම මට මතක් වුනේ හීයකින් ආපු පින්තූරයක්.. අය්යෙක් මල්ලි කෙනෙක්ව තුරුලු කරන් පඩි පෙලක අද්දර වාඩිවෙලා ඉන්න දර්ශනයක් තමා ඒකෙ තිබුනෙ. ඒ පින්තුරෙ දකින දකින වාරයක් පාසා කියන්ඩ බැරි දුකක් දැනෙනවා.. ඒ හැඟීමම දැනුනා දිනේශ්ගෙ මේ කතාව කියවලා.. බොක්කටම වැදුනා..
ReplyDeleteඒ පින්තුරේ මටත් මතකයි අයියේ.. මම දැක්ක ගොඩක් තැන් වල ඒකට කවි එහෙමත් ලියවිලා තියෙනවා..
Deleteනියමයි දිනේශ්! ලමා දිනය වෙනුවෙන් මේ පාර මම දැකපු හොඳම සත්කාරයක්. මේක මම මූණු පොතේ යාලුවො එක්ක බෙදා ගන්නවා.
ReplyDeleteහරි අයියේ.. එකට කමක් නෑ.. අපිට හිමි උන ළමා කාලය අහිමි උන ළමයි අපි අතරම ඉන්නවනේ..
Deleteසුපිරි කතාව දිනේෂ් ...!!!
ReplyDeleteතෑන්ක්ස් රොබින්..
DeleteLassana kathawak malli. Mey wage katha goni ganan liwwath ape ratey maha ewun ganan ganne na. E duka therenne apitama thamai.
ReplyDeleteLokaye siyaluma daruwanta suba lama dinayak wewa!!!!!
එක ඇත්ත කුමාරි අක්කේ.. මිට වඩා වැදගත් දේවල් ලිය උනත් ඒවයින් වැඩක් වෙන්නේ නෑ..
Deleteදුක හිතෙන සංවේදී කතාවක්.. ඇත්තටම මේ වගේ අයියයලා මල්ලිලා කොයිතරම් සමාජයේ ඇතිද?
ReplyDeleteඕන තරම් ඇති අයියේ.. ඒත් හැම මල්ලි කෙනෙක්ටම මෙහෙම අයියා කෙනෙක් හම්බුවෙන්නේ නෑ..
Deleteහැමදාමත් වගේ අදත් ලස්සන කතාවක්..
ReplyDeleteකවිය නම් ගොඩක් සංවේදියි මල්ලි..
තැන්කූ රූ අක්කේ..
Deleteලෝක ලමා දිනය ගැන අලුතින් හිතන්න පුළුවන් වෙන විදියේ පෝස්ට් එකක්. හැමදාමත් ඔබ ලියන දේවල් සිත්ගන්නා බසකින් සහ හිතට දැනෙන ආකාරයේ වදන් පෙළ ගැස්විමක් රැදෙනවා.
ReplyDeleteගොඩක් ස්තූතියි රත්නායක අයියේ මේ අගය කිරිමට.. හැමදාම වෙනස් විදිහක් ලියන්නයි ඕන..
Deleteයථාර්ථය මේ විදිහට විද්‍යමාන කරන එක සෑහෙන්න වටිනවා - විහාර මහා දේවි park එකේ සෝබන වැඩ වෙනුවට.ජය!!
ReplyDeleteපාර්ක් එකේ හැමදාම කරන්නේ ඔය දේනේ.. කිසිම වෙනසක් නෑ.. කාටවත් දැනෙන්නෙත් නෑ..
Deleteඇත්තටම ලෝක ළමා දිනය මේ පුංචි හිත්වලටත් සැනසීමක් ලබාදුන්නොතින්.. දැනේවි හැමදවසක්ම සුවඳවත් බව..
ReplyDeleteසංවේදී නිර්මාණයක් දිනේෂ්.. :(
එක අතකට අපිට මේ දේවල් අහනන් දකින්න ලැබෙන්නේ ආසියාවේ විතරයි නේද නන්දු..
Deleteතිතක් වුනොත් ලොකු දෙයක්
ReplyDeleteහ්ම්ම්ම්... ඔව්...
Deleteඉඳ හිටලා මෙහෙ ආව දවසට උඹේ පස්ට පෝස්‍ටුවක් හම්බ වෙනවා කියවන්න. ලෙසටම තියනවා මලේ ජය...!
ReplyDeleteතැන්කූ තැන්කූ අයියේ..
Deleteඅපොයි පව්...
ReplyDeleteමමත් නිතර හිතන දෙයක් තමයි අපිට හම්බ වෙන අයගේ ජීවිත මොන වගේ ඇද්ද කියන එක. කතාවක් ඔලුවේ මවාගන්ට හදනවා...
දිනේශ් හරිම දක්ෂයි මේ වගේ සංවේදී කතා ලියන්ට. (ලියන ආදර කතාත් ඒ වගේමයි හොඳේ):D
හ්ම්ම්.. එයාලගේ කතා එකකට එකක් වෙනස් වේවි පොඩ්ඩි අක්කේ.. හැමෝම අන්තිමේ වැටිලා ඉන්නේ එකම තැනට උනත් ඒ කතා පටන් ගැන්ම එකකට එකක් වේදනා කාරී ඒවා වේවි..
Deleteතැන්කූ පොඩ්ඩි අක්කේ.. ආදර කතාවක් සෑහෙන කාලෙකින් ලියන්න බැරි උනා..
ලෝක ළමා දිනය වෙනුවෙන්ම කල පෝසට් එකක් එක අතකට වටිනා මාතෘකාවක් වටිනා අදහසක්......
ReplyDeleteසංවේදීයි ගොඩක්ම.....
ජයම වේවා....
තෑන්ක්ස් සිත්තමී.. ගොඩක් කාලෙකින් මේ පැත්තේ..
Deleteනියමයි...ලස්සනට ලියලා....
ReplyDeleteතෑන්ක්ස් අයියේ.. මොකද දැන් වැඩිය පේන්න නැත්තේ?
Deleteහිතට වදින්න ලියලා අයියේ...
ReplyDeleteමේ වගේ තව කොයි තරම් අය ඉන්නව ඇත්ද අසරණ වෙලා ?
පරක්කු වෙලා කියෙවුවා උනාට මේකට කමෙන්ට් එකක් දන්නෙ නැතිව යන්න හිත දුන්නෙ නෑ.
ඒ තරමට මේ ලියලා තියෙන හැම වචනයක්ම හිතට දැනුනා අයියා..
පරක්කු උනාට මොකෝ වෙන්නේ.. හෙමීට ඇවිත් කියවලා ගිය එකම සතුටක්..
Delete