Wednesday, 24 October 2012

එහෙම වෙන්නේ ඇයි? 4

එහෙම වෙන්නේ ඇයි? මේ මාතෘකාවෙන් කලින් ලිපි 3ක්ම ලිවුවා මතක ඇතිනේ.. ටික දවසකට අමතක වෙලා තිබ්බ ලිපි ටික ආයෙම ලියන්නයි මේ කල්පනාව..

සුවඳ විලවුන්.. සුවද  විලවුන් වලට ඉතින් කොයි කවුරුත් කැමතියි නේ.. කොල්ලෝ කෙල්ලො වෙනසක් නෑ.. හැමෝ කැමති සුවඳ විලවුන් වලට.. මේ මමත් කැමතී.. ලංකාවෙදි නම් අපිට ඔය සුවඳ විලවුන් මිලදි ගන්නවත් ගැන ප්‍රචාරණ දැන්වීම් යන්නවත් නියමිත කාලයක් නෑ.. කොටින්ම ඉතින් ලංකාවේ වැඩි ප්‍රචාරණයක් නෑ නොවැ..

මම ඉතාලි ගොඩ බැස්සේ සමර් එකේ මුල් කාලේ කියන්නේ මැයි මාසේ.. මුල්ම කාලේ අන්තර්ජාලය හෙම දැන් වගේ පාවිච්චියක් නැති නිසා ගොඩක් වෙලාවට හිටියේ ටී.වි එක දාගෙන..  කොටින්ම ඉතින් භාෂාව නොදන්න කාලේ ඒක ඉගෙන ගන්නත් එක්ක ටී.වී බැලුවා.. අනික ඉතින් ලංකාවෙදි වගේ කපල කොටලා කොටුදාලා මෙහේ පෙන්නන්නෙත් නෑනේ.. ඉතින්  හරි ආසාවෙන් ටී.වී එක බලනවා..

ටික දවසක් යද්දි යන ප්‍රෝග්රෑම් වගේම වෙළද දැන්වීමුත් හොදට මතකේ තිබ්බා.. ටික කාලයක් ටී.වී එකේ ඔහොම හැම දෙයක්ම බලන් ඉද්දි එක පාරම හිතට ආව දෙයක් තිබුනා.. ඒක තමයි අද මේ කියන්න යන ප්‍රශ්ණය..

" සීත කාලෙට සුවද විලවුන් වර්ග වැඩි ඇයි?"

සෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයක්ද? හ්ම්ම්.. මුලින්ම මටත් හිතුනේ නම් එහෙම තමයි.. ප්‍රෝග්‍රෑම් එකක් අතරතුරේ යන වෙළද දැන්වීම් වලින් වැඩි හරියක්ම මේ සුවද විලවුන් ගැන.. ලෝකේ තියෙන ඉහලම බ්‍රෑන්ඩ් වල සුප්‍රසිද්දම නළු නිළියෝ දාලා යන ඇඩ් වලින් අඩුවක් නම් නෑ..


" මේ අයියේ මොකෝ මේ කාලෙට මේ ඇඩ් වැඩි?"

" මුං මේ කාලෙට නාන්නේ නෑනේ ඒකයි.."

සරළම කෙටිම උත්තරය.. ඒත් ඉතින් ඔහොම කිවුවට මදිනේ.. ටිකක් පැහැදිළි කරන්න ඕනනේ..  :)

ඔය උඩින් කිව්ව උත්තරේ තමයි ඇත්තම උත්තරේ..  ඔව් මුං නාන්නේ නෑ.. දැන් ඉතින් හැමෝම අහාවි ඒ මොකද කියලා.. ඒකට තියෙන එකම උත්තරේ තමයි හීතල..

" ඇයි බං ඔහේ උණු වතුර තියෙන්නේ.."

දැන් ඉතින් කෙනෙක් එහෙම හිතාවි.. ඔව් ඕන තරම් නාන්න උණු වතුර හීටර්ස් හැම ගේකම හයි කරලා තියෙන්නේ.. ඒත් තියෙන ප්‍රශ්ණේ ඒක නෙමෙයි..

සම්පූර්ණ නිරුවත් වෙලා  නාන්න ෂවර් එක ලගට යන්නයි, නාලා ඉවර වෙලා ඇග ඔකොම පිහිදගෙන කරගෙන ආයෙම එලියට එන්නයි තියෙන කම්මැලිකම.. මේ තියෙන තද සීතලත් එක්ක ඔය කොයි වෙලේ වුනත් නිරුවත් ඇගට තද සීතලක් දැනෙනවා.. උණු වතුර නාලා ඉවර වුනාම ඒක තවත් වැඩී.. අත්දැකීමෙන් කියන්නේ..

හැබැයි ඉතින් මෙහෙමයි.. ඕනම ගෙදරක ඔය කාලෙට ගිණි උදුන් දැල්වෙනවා.. ඉලෙක්ට්‍රික් ඒවා.. හැම කාමරේකම තියෙනවා.. ඕක ඔන් එකේ තියෙද්දි නාලා එද්දි හිතල දැනෙන්නේ අඩුවෙන්.. ඒත් නොදැනෙනවාම නෙමෙයි..

ඉතින් ඔන්න ඔය කාරණේ නිසා තමයි මුන් නාන්න පෙළබෙනව අඩු.. බොහො විට සතියකට විතර සැරයක් නානවා.. එහෙමත් නැත්නම් සැලෝන් එකකට ගිහින් කොණ්ඩේ හෝද ගන්නවා.. එහෙම වෙලාවට ඉතින් ගද ගහන එක අහන්නත් දෙයක්ද.. අන්න ඒ වෙලාවට තමයි සුවඳ විලවුන් වල ඕන කම එන්නේ.. නෑවේ නැතත් හැමදාම සෙන්ට් නාලා තමයි ගෙදරින් මුං එලියට බහින්නේ..  කාන්තාවෝ තමයි ඉතින් වැඩියෙන්ම..


මෙන්න මේ කාරණේ නිසා වින්ටර් එක කියන්නේ සුවද විලවුන් අලෙවි කරන්නන්ටනම් හොද කාලයක්.. මොකද නාන්න අකමැති අය අනිවාර්යෙන් ගන්න නිසා.. හැබැයි ඉතින් ඔන්න හැමොම මෙහෙම නෑ.. හිතල වැඩිනම් කපල් එක පිටින්ම එකට නාන අය ඉන්නේ.. අපේ ඔය දොත්තොරෙස්ස අක්කත් අන්න එහෙම තමා.. දැන් ඉතින් අහන්න එපා මම කොහොමද ඒක දන්නේ කියලා..

ඉතින් ඔය ප්‍රශ්ණෙට උත්තරේ ඔන්න ඕකලු.. හැබැයි ඉතින් වින්ටර් එක කෝම වුනත් සමර් එකටනම් ඉතින් මේක මීට වඩා වෙනස්.. මුන් ඉන්නේ මුහුදේ බැහැ ගත්ත ගමන්.. සමර් එකේ වැඩියෙන් සෙන්ට් සුවදක් එක්ක කෙනෙක් පාරේ හම්බුනොත් ඒ නාන්නේ නැති එකෙක් තමයි.. 

විශේයි : ඔන්ත් ලිපි 400 ලිවුලු හොදේ... :)

 


104 comments:

  1. අර උඩින් තියෙන බෝතල් ටික නම් හරි ස්වීට් අප්පා..
    400 වෙනුවෙන් ජයම වේවා!!!
    තව ලියමු ..
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හී.... මං පනුච්චි එක වෙලා බොලේ...

      Delete
    2. 400ට පණුවිවි එක වෙලා. ඔන්න මම ඒකට සුභ පැතුව හොදේ..

      Delete
    3. හී ඔව්මයි... තැන්කු තැන්කු.. :)

      Delete
  2. පස්ස පැත්තටත් සෙන්ට් ගහන්ද දන්නේ නෑ යන්නේ, මුන් සීතල කාලෙට බොක දාල පිහද ගන්නෙත් නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. මුන් කෝමත් කරන්නේ පිහිදාන එකනේ.. ඒ හන්දා වතුර අවුලක් නැතුව ඇති ඒකටනම්..

      Delete
  3. බ්ලොග් අවකාශය සුවඳවත් කල , වර්ණවත් කල "වර්ණ " බ්ලොග් එකට මගේ සුභ පැතුම් . සරළ භෂා විලාසයත් , හාස්ය රසය නොමදව අඩංගු ලිපිත් කියවන්නා තුල රුචියක් ඇති කරනවා .
    …සතුටුයි ලිපි 400 ලියනවා කියන්නේ අමාරු දෙයක් . සුභ
    …පැතුම් මල්ලී . දිගටම ලියන්න ශක්තිය දිරිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ගිම් අක්කේ.. හොඩක් දේවල් කියලා.. හදවතින්ම සතුටුයි වගේම ස්තුතියි.. :)

      Delete
  4. //තද සීතලත් එක්ක ඔය කොයි වෙලේ වුනත් නිරුවත් ඇගට තද සීතලක් දැනෙනවා// එතකොට මේ...... එක්කෝ ඕන්නෑ

    ReplyDelete
    Replies
    1. මට නිකන් හිතෙනවා හිතෙනවා වගේ හයිඩ් අහන්න ගිය එක.. ඒත් ශුවර් නෑ.. ආයෙ ආවොත් මේ පැත්තේ ඔන්න ඔහේ අහලා දාලා යන්න..

      Delete
  5. මුලටික කියවද්දී උත්තරේ මතක් උනා.. උත්තරෙත් මලයම දාලනේ...
    උන් විතරක් නෙවෙයි අපේ උන්දලත් වැහි දවසට නාන්න හොරයිනේ

    400ක් එල ඈ.. බොක්කෙන්ම සුභ පැතුම්!!!
    500 වෙනි එකට ලන්කාවත ගිහින් පාර්ටි එකක් දාමු

    ReplyDelete
    Replies
    1. දැන් වගේ නෙමෙයි ලංකාවේ ඉද්දි උදේම නාන්නත් මම කම්මැලි..

      500 ලං වෙද්දි ලංකාවේ ඉදියි.. ඒ අදහසත් මරු.. බලමුකෝ ලං වෙලා.. :)

      Delete
  6. 400 ට සුභ පැතුම්. ඒ කියන්නෙ අයියත් නාන්නෙ නෑලු.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..

      දාන්න කලින්ම මම දැනන් හිටියා මේක මගේ පැත්තටත් කැරකෙනවා කියලා.. :)

      Delete
  7. පළමුව ඔබට ජය ආ ගමනට.හ්ම් කථාවත් කියෙව්වා.ආයෙමත් එන්නම්.ඔබට ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.. ආයෙම එන්න කියලා ආරාධනා කරනවා.. :)

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ.. කට්ටියට ඔන්න මම කියන්න දෙයක් නෑ.. මිසිස් උමගිලිය ඔක්කොම කියලා ගිහින්.. :)

      හරි හරි ඉතින් ඕක කෝල් එකක් දුන්න කියලා පොඩ්ඩක් මොකො වෙන්නේ ඉතින් සුදු... :)

      Delete
  9. ලිපි හාරසීයක් ලියනවා කියන්නේ මට නම් සිහිනයක්. ඒත් ඔබ ඒ සිහිනය යතාර්ථයක් කරගත්තු කෙනෙක්. මේ බ්ලොග් එක කියවන්න මම දැන් ඇබ්බැහි වෙලා. බොහොම අපුරු සටහන් විලාශය එක්ක ගලාගන යන කතා කවි වලින් මම ගොඩක් කැමතිම දේ මේ වගේ නොදන්නා දේශයක කතා බහ සරලව ලියන එක.

    හදවතින්ම සුබපැතුම් පෝස්ට් 400 එක්ක බ්ලොග් එක කරගන යාම ගැන. ඒ වගේම තවත් ලියන්න. මොකද අපි ලියන්නේ නැතත් කියවන එක නවත්තන්නේ නෑ. :)

    ReplyDelete
    Replies
    1. ඒක සිහිනයක් වෙන එකක් නෑ ඇලෙක්ස් අයියේ.. හෙමීට ලියමු.. අයියා සෑහෙන කාලෙකින් ලිවුවේ නෑනේ දැන්..

      ගොඩක් ස්තූතියි අයියේ.. දිගටම එන්නකො ඉතින්..

      Delete
  10. දැන් ඉතිං මේක ලිව්වා එකාත් එහෙම්මනේ...

    ReplyDelete
    Replies
    1. නොහොම කියන එක හරි නෑනේ ඉතින්.. :)

      Delete
  11. ලිපි 400ට සුබ පැතුම් දිනේශ්....!!!!

    අර සුවඳ විලවුන් කතාව කියලා දුන්නු එක හොඳයි. හැබැයි නාන ගෑනු ලමයිනුත් ඉතින් සුවඳ විලවුන් දානවා හොඳේ. බොරු නම් මදාරගෙන් අහන්ටකෝ.:D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මදාරව අල්ලලා ඉතින් ඒකට.. දැන් ඉතින් කෝමද ඒක එහෙම නෑ කියන්නේ.. පොඩ්ඩි අක්ක එක්ක බෑනේ ඉතින්.. :)

      Delete
  12. Replies
    1. තැන්කූ තැන්කූ..

      Delete
  13. ලිපි 400ට සුභ පැතුම්...!!
    මම අද තමා මේ පැත්තේ ආවේ.... :)
    මම බ්ලොග් ලෝකයට අළුත් කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. වර්ණයට සාදරයෙන් පිළිගන්නවා සමනළීව..

      අළුත් පර්ණ භේදයක් නෑ.. ලියන දේ සාර්ථකව ලියන එකයි වැදගත්..

      Delete
  14. ලිපි හාරසීයට උණුසුම් සුබ පැතුම් අයියේ..

    ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කූ නංගියේ..

      Delete
  15. 400ට 4000ක් ආවඩා ආයුබෝ වේවා..
    සුභ පැතුම් මලේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ රූ අක්කේ..

      බලමු එච්චර පුළුවන්ද කියලා..

      Delete
  16. ඉතාලි පුරුද්දට දිනේෂ් ලංකාවෙත් ඒ කාලෙට සෙන්ට් ගහයිද දන්නෙ නෑ අ‍නේ අසරණ අර කෙල්ල.... හික්ස්...

    400 මගෙන් උණුසුම් සුභ පැතුම් දිනේෂ්....

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.. ඔන බලන්න කියන කතා ඉතින්... නෑ නෑ එහෙම වෙන්නේ නෑ.. :)

      තැන්කූ.. තැන්කූ

      Delete
  17. කොහේ උනත් සෙන්ට් නාගෙන එලියට බැහීමේ හොරේ ඕකද මංදා :D
    400 සම්පූර්ණ කල එකට මගෙනුත් උණුසුම් සුභපැතුම්!
    තව තවත් ලියන්නට ශක්තිය ධෛර‍ය්‍ය ලැබේවායි ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. එවුනම් ඉතින් කියන්න දන්නේ නෑ.. වෙන්න බැරි කමකුත් නෑ ඉතින්..

      තැන්ක්ස් යාළුවා...

      Delete
  18. හප්පේ බැරි වෙලාවත් සමර් එකට රටේ සෙන්ට් නිෂ්පාදනේ කරන එකයි ගෙන්නන එකයි නැවතුනොත් බඩුම තමයි, ලිපි 400 සුභ පැතුම් දිනේෂ් අයියේ......!

    ReplyDelete
    Replies
    1. සමර් එකට කෝමත් නෑනේ සිතුමෝ.. මම මේ කිවුවේ වින්ටර් එක ගැන..

      Delete
  19. 400 ට සුභපැතුම්...මෙයත් නාන්නේ නැතුව ඇති ඔය කිව්වට.සයිබරෙන් සමුගනිමි.අවසාන කමෙන්ටුවයි.

    ReplyDelete
    Replies
    1. මේ මාල් පිස්සු කරන්න එපා.. පැනලා යාම ප්‍රශ්ණ වලට විසදුම් නෙමෙයි නේ.. වෙනද වගේම ලියන්න.. අඩු ගානේ හිත නිදහස් වේවි..

      Delete
  20. සුභ පැතුම් මගේ මල්ලියෝ......දැන් ඉතිං අහනවා එහෙම නෙවෙයි අක්කා 400 කීයක් කියෙව්වද කියලා හරිද?
    ආ ඔයාගේ අල්මාරියේ සුවද බෝතල් පුරවලලු නේද?ඇයි ඉතිං ඔයා නාන්නෙ නැතුව එව්ව ගගානේ ඉන්නේ....;)

    ReplyDelete
    Replies
    1. අක්කා කියෙවුව ගාන මේ මලයා දන්නවනේ.. ඒ හන්දා අහන්නේ නෑලු..

      අන්න අන්න මේ.. මඩ ගහන්න බෑ හලි.. මම හැමදාම නානවා.. බොරුනම් අහන්න මදාරගෙන්... :)

      Delete
  21. නාන්නේ නැතුව පර්ෆියුම් පාවිච්චියත් නරකම නැහැ බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්..:)
    ජයම වේවා ඉතින් ඔබට 400 ට !

    ReplyDelete
    Replies
    1. කට්ටියට වැරදි ආදර්ශයක් දුන්නද මන්දා මමත්.. :)

      තැන්කු තැන්කූ..

      Delete
  22. සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. තැන්කූ හිරු අක්කේ..

      මොකද මන්දා අද වෙනද වගේ නැතුව සුභ පතල විතරක්ම ගිහින් තියෙන්නේ.. :)

      Delete
  23. 400 ට ජයම වේවා දිනේෂ් අයියේ!
    මට ඇති වුණ ප්‍රශ්නේ කට්ටියම අහල තියෙනවනේ.. ඒ නිසා මමත් ඒ ප්‍රශ්නේ අහන්නේ නෑ ඔං.....
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ ඇති යාන්තම් එක්කෙනෙක් හරි ඒක අහන්න ඕන නෑ කියලා හිතුවා.. නැත්නම් මේ කට්ටිය... :)

      Delete
  24. මාරම සුවඳයි. 400ක් නේ. සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කු ලොකු අයියේ..

      Delete
  25. 400ට සුභ පැතුම් අයියෙ!!! නාන්නෙ නැති එක ගැන අහන්නෙ නෑ..;)

    ReplyDelete
    Replies
    1. හික්ස් ඇති යන්තම්.. වෙනද මේවා අල්ලන් එල්ලෙන එක්කෙනා.. අද ඕන නෑ කියලා මාරු වෙලා..

      Delete
  26. හෙට ඉදන් සතියක් යනකන් මාත් සෙන්ට් වලින් ඉදල බලන්න ඔනේ !!! 400‍ට ජය වේවා ........

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. පිස්සුද එහෙම කරන්න එපා.. මුං හොද දෙයක් කිවුවොත් නම් අහන්නේ නෑ.. මෙහෙම ඒවා කිවුව ගමන් කරනවා.. ඒකනේ වැඩේ කියන්නේ.. :)

      Delete
    2. ethakota ganda wadi wenawa ane... athdakeemen kiyanne....

      Delete
    3. අනිවා මාත් ඒකට එකගයි.. :)

      Delete
    4. පිස්සුද මචං.. නාලා ඉන්න එක සැපයි.. ඔය සෙන්ට් වලට වඩා..

      Delete
    5. අනිව අනිවා.. ඒක ඇත්ත..

      Delete
  27. අපෙ ගෙවල් පැත්තෙත් කාලයක් නාන්නෙ නැතුව සෙන්ට් ගහන බුවෙක් හිටිය....400ට ජය!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. එහෙම අය නැතුවම නෙමෙයි.. මම කාලෙට ඉස්සර දැක්කා පත්තරේක එහෙම කෙනෙක් ගැන ලියලා තිබ්බා..

      Delete
  28. මම බ්ලොගේට ආව දවසෙ ඉදන් මට දෙන සප් එක වෙනුවෙන් මම හැමදාම උඹව බලන්න ආවා වගේම එනවා. 400ට 400000ක් ලියපන් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕවනම් මොනාද බං.. උඹ සිරාවට ලියනවා ඒ හන්දා එනවා..

      කෝම උනත් තැන්කූ වේවා!!

      Delete
  29. අපිට නිකිව්වට කියන එක්කෙනත් ඒ කාලෙට හොඳට සෙන්ට් නාගෙන ඉන්නව ඇති.
    හූ...

    තව තව ලියන්න අත්දැකීම් ලැබේවා...!

    ReplyDelete
    Replies
    1. සෙන්ට්‍ නම් ගහනවා.. හැබැයි නාලා.. :)

      Delete
    2. නාන්නේ නැතුවම ගහමු එක්කෝ..

      Delete
  30. දිනේෂ් අයියත් සෙන්ට් නාගෙන වෙන්න ඇති මේක ලියන්න ඇත්ත ;)
    උණුසුම් සුබ පැතුම්..!!
    ඉක්මනටම 500 වෙනි පොස්ටුවත් කියවන්න ලැබෙයි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. මේ රෑ මොන සෙන්ට්ද නංගියේ.. ඒවා උදේට.. :)

      500ට යනවා ඉක්මනට.. පොඩි ප්ලෑනක් ඔළුවේ වැඩ හන්දා ඉක්මනට ඒකට යනවා.. :)

      Delete
  31. 400ට ජයවේවා..
    අර දොත්තරෝසා අක්කා නාන්නේ අර විදිහට කීලා ටක්කෙටම දන්නේ කෝමෙයි?????

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් බැරි.. අහන්නෙම ඕන නැති ඒවා.. එවුවා මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න බෑ..

      Delete

    2. meyala set una gaman one deyak kiyanawa thariyo. ape rate wage thahanam topics nehene me ratawala. oyita wadi dewaluth nikanma kiyala daanawa.
      mama suddange rate mulinma igena ganna giya kaale, eka sudu kollek kiyanawa eyaage yaalu girl kenekuta thiyena problem ekak. mata daadiya demma appa...genu katha, pirimi katha kiyala wenasak nehe. dan nam gaanak nehe. eth eka paarata as uda yanawa...:)
      ape dinesh malayath honda hariya kiyanne neha. ewa madaragen thama aha ganna wenne....;)))
      madara.... kiyannako ane meyalata oya wath....

      Delete
    3. හෙහ්..මේ කවුරු උනත් යුරෝපා සිස්ටම් එක හොදට දන්න කෙනෙක්.. කියපු කතා නම් ඇත්ත.. මෙහෙ ඕනම දෙයක් ඕපන් කතා කරනවා.. අර නාන එක උනත් එහෙම තමා.. ඒ උනාට ඉතින් මේක පොඩි උනුත් බලනව ඇතිනේ.. එවුවා එහෙම ලියන්න බෑනේ..

      අහ් මදාරා ඔක්කොම කතාව දන්නවා.. :)

      Delete
    4. මදාරට විතරක් ඔක්කොම කතාව කියලා අපිට අඩුවෙන් කියන එක හොදද ඉතින්??

      Delete
    5. මෙහෙමනේ ඉතින්.. ඒවා එයා දැනගත්තම මදැයි.. මේකේ ලියන්නේ මොකටද?

      Delete
  32. ලිපි 400ට මගෙනුත් සුභ පැතුම් දිනේශ් ...!!

    සෙන්ට් ගැන කතා බහ හන්දම මන්දා මේ පැත්තම සුවඳයි...

    ReplyDelete
    Replies
    1. සෙන්ට් සුවද අස්සේ මේ සෙට් එක මඩත් ගහනවනේ.. :)

      Delete
  33. 400ට සුබ පැතුම් මල්ලී.. නාන එක ගැන නේ.. එක්කෝ ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆෙ.. ඒවා එපානම් හොදයි.. :)

      Delete
  34. mata nam mathaka hitiya vadagathma de thama dostharessa akkage nema......
    try karala balanna one....
    mama dan balana ekama blog eka meka wela.hari busy me tike. dawasakata sarayak nobaluwoth loku aduwak danenawa.
    daru malloth ekkama digatama liyanna labewa kiyala pathanawa..

    anaagatha blog pawulakata suba pathum......

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඔව් ඔව්.. ඒක නියමයි.. මාත් මේ ට්‍රයි කරන්න බලාගෙන ඉන්නේ..

      හැමදාම බලන්න එන්න කියලා ආරාධනා කරනවා.. දරු මල්ලො නම් ලියයිද කියන්න බෑ.. ඒත් අපි දෙන්නනම් ලියනවා.

      Delete
  35. Replies
    1. නිසුපා අක්ක ඉතින් දැන් සෑහෙන කාලෙක ඉදන් මාත් එක්ක ඉන්නවනේ.. තැන්ක්ස් හොදේ.. :)

      Delete
  36. I came to your blog for the first time.It's an interesting fact to know that they don't bathe in the Winter.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි හැමෝම නෙමෙයි ඉතින්.. සමහරු.. :)

      Delete
  37. සිරා කාතාව.. දෙන්නෙක් එකට නාද්දි මොන හීතලක්ද කිවුවලු.. ඒක ට්‍රයි කරලම බලන්න ඕන එකක් මචං...

    400 සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. අහ් එහෙනම් යාළුවා ට්‍රයි කරලා තියෙනවා..

      තැන්කූ වේවා..

      Delete
    2. මෙච්චර කල් බැදලත් ඕවා ට්‍රයි නොකර කෝමද?

      Delete
    3. හෙහ් හෙහ්.. ඒකනේ ඒකනේ කියන්නේ.. :)

      Delete
  38. Replies
    1. ගොඩක් ස්තූතියි අංකල්..

      Delete
  39. බොක්කෙන්ම සුභ පැතුම් ආ 400ට..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  40. ehenam ekath ehemalu... oya rata wala un kawadath nanne nahane...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඒකනේ..

      Delete
  41. 400ට සුබ පැතුම්.

    නොනාන කතාව වැරදි කියල මට හිතෙන්නෙ. දකුණු ආසියාවෙ අපිට ඕක සීතල කියල හිතුනට ඒ අයට ගානක් නැහැ ඔය අය නාපු ගමං බාත් ඕවරෝල් එක දාගන්නවනෙ, අපේ පුතා උපන්නෙ මහ රෑ. එවෙලෙම නාවල අරං කිව්වෙ ඔයා අම්මෙ ළමයව ඕනැ රෑක නාවන්න බය නැතිව මෙහෙ කවුරුත් සීත කාලෙ කියල නොනා ඉන්නෙ නැහැ කියල. එහෙම කාලෙට වතුර බිල අඩු වෙන්නෙත් නැහැනෙ.

    ජපන්නු නං මොන සීතල තිබුනත් රෑට වතුර එකේ බහිනවා මයි

    ReplyDelete
    Replies
    1. කවිකාරි නැන්දා ගොඩ කාලෙකිම් මේ පැත්තේ..

      එකගයි.. ඒ හීතල ඇත්තටම හීතලක් නෙමෙයි.. ඒ උනත් මේ දේ සාමාන්‍ය කතාවට කියන්න දේ.. හැබැයි ඒක නෑ කියලත් කියන අමාරුයි.. මුන් ලගින් ආස්‍රේ කරද්දි නානවද නැද්ද කියලා දැනෙනවා..

      ජපන්නු නාන කතාවනම් මාත් අහලා තියෙනවා..

      තැන්කූ සුභ පැතුමට..

      Delete
  42. 400ට සුභ පැතුම් යාළුවා..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාළුවා..

      Delete
  43. 400ට සුභ පැතුම් දිනේශ් !! ජය!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් විසිතුරු..

      Delete
  44. 400 සුභ පැතුම් මචං. දිගටම ලියපං..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  45. මම නම් බ්ලොග් අවකාශයට නවකයෙක්..
    මුලින්ම කියවන්න ගත්ත බ්ලොග් අතර " වර්ණ " කියන සුවිශේෂ බ්ලොග් එකත් තිබ්බ..
    තාම මම 100 ක් වත් කියවල ඉවර නෑ..
    ඒත් ඔයා 500 ලියන්න කලින් මම 400 කියවල ඉවර කරන්නම්..
    සුභ පැතුම් සහෝදරයා...

    ReplyDelete
  46. මම නම් බ්ලොග් අවකාශයට නවකයෙක්..
    මුලින්ම කියවන්න ගත්ත බ්ලොග් අතර " වර්ණ " කියන සුවිශේෂ බ්ලොග් එකත් තිබ්බ..
    තාම මම 100 ක් වත් කියවල ඉවර නෑ..
    ඒත් ඔයා 500 ලියන්න කලින් මම 400 කියවල ඉවර කරන්නම්..
    සුභ පැතුම් සහෝදරයා...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්