කලිසම - පූස්පාර්ට් යාළුවෝ 2
අළුත් කියලා දැක්ක රේඩියෝව ගන්න ගිහින් කුණු බක්කියේ කකුල් උඩ දාන් වැටිලා හිටියට පස්සේ සිල්වා කතා බහ කර කර හිටපු අය අතරේ තවත් විහිළුවට ලක් වෙන කෙනෙක් උනා.. සිල්වා ඉන්න තැනදි නෙමෙයි නැති වෙලාවට.. ආරංචි පතුරන අය ඒවට මගදි තව තව ඒවා එකතු කරන හන්දා මේ සීන් එක දවසින් දවස පැතිරුනේ තව තව ඒවා එකතු වෙලා.. අන්තිමේ කතාව නතර උනේ සිල්වා බීලා කුණු බක්කියේ හිටියා කියලා එහෙම නෙමෙයිලු හොදේ..
කොහොම හරි මේ සිද්දියත් එක්ක සිල්වයි කමලුයි තවත් හිත් අමනාපකම් ඇති කර ගත්තා.. එකම තට්ටු නිවාසේ උඩ ගෙදරයි යට ගෙදරයි හිටියා උනාට මඟදි කතා කලොත් ඇරෙන්න කිසි කතාවක් තිබුනේ නෑ.. සිල්වගේ හිතේ වැඩි තරක් තිබ්බේ කමල්ගේ වයිෆ් එක්ක.. ඒ වෙන මොකක් වත් නිසා නෙමෙයි මෙහේ මොනා උනත් හැරෙන තැපෑලේ ලංකාවට කතා කරලා ආරංචිය දෙන නිසා..
" ඒ xxx ගැණි එක්ක බෑ.. ඒකයි මම ගෙදර නම්බර් එකත් මාරු කලේ.."
ගෙදරට ආරංචි යන එක නවත්තන්න බැරුව අන්තිමට සිල්වා කලේ ගෙදර නම්බර් එක මාරු කල එක.. අදටත් කවුරුවත් ගෙදර නම්බර් එක දන්නේ නෑ.. සිල්වා ලංකාවට ගිය වෙලාවට අපිට හදිස්සියෙන් හරි කතා කලොත් කතා කරන්නේ නම්බර් එක බ්ලොක් කරලා.. No Number වැටෙන්න.. ඒ තරමට බයයි, ඒ හන්දම පරිස්සම්..
සිල්වගෙයි කමල්ගේ වයිෆ්ගෙයි අතර අමනාපකම් ඇති වෙන්නේ මීට අවුරුදු ගානකට කලින් උන එක සිද්දියක් නිසා.. ටික කාලෙකට කලින් සිල්වගේ කොන්දේ අමාරුවක් හැදිලා ලංකාවට ගියා බෙහෙත් කරන්න.. ලංකාවට ගිහින් පහුවදා දවල් වෙද්දි කමල්ගේ වයිෆ් සිල්වගේ ගෙදරට කතා කරලා සුවදුක් අහලා ඕප දුප කතා කලේ ඉතින් ගෑණු දෙන්නගේ තිබ්බ හිතවත් කම නිසා..
" සිල්වට කොන්දේ අමාරු නිසා මේ පාර ආවට මුකුත් වැඩත් නැතුව ඇති නේ?"
" අයියෝ මොන පිස්සුද? ආව දවසෙම රෑ ඇදට ගිය ගමන් එක පාරක් ඉදලා ආයෙම පාන්දර ජාමෙත් මාව ඇහැරවා ගත්තා.. "
ඔය කතාව මුළු කතානියා වලම සිල්වා එන්නත් කලින් කොහොම පැතිරුනාද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ.. අදටත් සිල්වට මොකක් හරි අසනීපයක් කිවුව ගමන් අපි ඕකට එකම බෙහෙත තියෙන්නේ ලංකාවෙනේ අංකල් කියන්න දෙපාරක් හිතන්නේ නෑ.. ඒ වෙලාවට ඉතින් අපිට කුණුහරප අහන්න වෙන්නෙත් නෑ.. :)
කොහොම උනත් කමල්ගේ වයිෆ්ව බයිට් එකට ගන්න හිත හිත හිටිය සිල්වට ඒකට පොයින්ට් එකක් අල්ල ගන්නනම් ටිකක් අමාරු උනා.. මොකද කමල්ගේ වයිෆ් කියන්නේ ලේසි පහසු ගෑණු පරාණයක් නෙමෙයි..
මේ සිද්දිය වෙන්නේ එක්තරා සිත සමයේ දවසක.. සිත කාලෙට අදින්න වෙන ඇදුම් ගාන වැඩියි.. ඒක ඉතින් දන්නෝ දනිති.. මේ එක්තරා සිත සමයේ දවසක උදේ කමල්ගේ වයිෆ් ඇහැරෙන්නෙ එලාම් එක තිබ්බ වෙලාව පහුවෙලා.. මගේ හිතේ රෑ වැඩ තියෙන්න ඇති..
පුළුවන් තරම් ඉක්ම්නට නැගිටලා දත කට මැදන් මූණ හොදන් ඇදගෙන හරි පරක්කු උන නිසා දත කට නොමැද මුණ නොසෝදා හරි කලබලේ ඇදගත්ත කමල්ගේ වයිෆ් ඉක්මනට එලියට බැහැලා ආවෙ වැඩට යන්න තියෙන බස් එක අල්ල ගන්න..
මග දිගට ආව හම්බුන අය තමන් දිහා අමුතු විදිහට බැලුවා කියන එකවත් වෙනදා කපටි මොලෙන් හිතන්නේ නැතුව බස් එකට දිවුවේ පරක්කු උන නිසා.. කට්ටිය ඉන්න තට්ටු නිවාසේ ඉදන් බස් ස්ටෑන්ඩ් එකට වැඩි දුරක් නෑ.. ඒත් මේ කතානියා සෙන්ට්‍රල් එක.. ඒ කියන්නේ ඉතින් සෙනග වැඩි.. කවුරුවත් බල බල ඉන්න එක නොහිතා හැමදාම යන බස් එකට නැග්ගට පරක්කු උන නිසා සිට් නෑ.. හිට ගෙන ඉද්දි බස් එකේ කට්ටිය තමන් දිහත් අමුතු විදිහට බලන බව ටිකක් මීටර් වෙලා.. ඇදුමෙවත් මොකක් හරි අවුලක්ද කියලා බලද්දිම ලග හිටිය ඉතාලි කාරයෙක්,
" signora hai dimenticato i tuoi pantaloni "
කියලා කිවුවේ නෑලු.. ඔක්කොම ඇදලා හැඩ වැඩ වෙලා එලියට බැස්සට කලිසම ඇදලා නෑනේ කියලා මතක් උනාම බස් එකේ යකඩ පලාගෙන යන තරම් ලැජ්ජාවක් මුණෙ තිබ්බා කියලා කිවිවේ ඒ බස් එකේම පිටි පස්සේ සීට් එකක වාඩි වෙලා සීන් එක දැකලා හිනා වෙවි හිටිය අපේ අයියගේ යාළුවෙක්..
ලැජ්ජාව සාක්කුවේ දාගෙන ටක් ගාලා බස් එකෙන් බැහැලා ගෙදර දුවද්දි සිල්වලත් වැඩට යන්න ලෑස්ති වෙලා එලියට එන ගමන්.. උදේ පාන්දර දැකපු ප්‍රිය දසුනින් කවුද ප්‍රබෝදමත් නොවෙන්නේ ඉතින්.. :)
වෙලා තියෙන්නේ මෙන්න මේකයි.. සීත කාලෙනේ.. අනිත් කාලෙට වගේ නිකන් කලිසම ඇදලා උඩට විතරක් ජැකට් සිතල නොවදින්න ජැකට් ඇන්දා කියලා වැඩක් නෑ.. ඒ හන්දා ඩෙනිම් කලිසම අදින්න කලින් හීතල දරා ගන්න පුළුවන් විදිහේ ලානා වලින් මහන කලිසමක් අදිනවා.. මේක නිකන් පිජාමා එකක් වගේ තමයි.. මෙයන් කලබලේට අන්න ඒ ලානා කලිසම ඇදලා උඩට පුරුදු විදිහටම ඇදලා සපත්තු කාරිය දාලා ගෙදරින් එලියට බැහැලා..
අනුන්ගේ කූණු කන්දල් අවුස්සලා ඕප දුප හොය හොය හිටි කෙනාට ඊට පස්සේ මොනා වෙන්න ඇත්ද කියලා ඉතින් කියන්න ඕන නෑනේ.. ඒත් ලංකාවේ අයගේ සති 2 තියරියට අනුව ඉක්මනටම කට්ටියට මේවා අමතකයි.. අපිට එහෙමත් අමතක වෙනවද ඉතින්.. ඒකනේ අවුරුදු ගානකට පස්සේ මේ ලියලා දැම්මේ..




මට හිනාව නවත්තගන්න බැරුව ගියා. පව් නේද?
ReplyDeleteපවු නම් තමයි ඉතින්.. :)
Deleteමල්ලි බනින්නැත්නම් මම 1 වෙලා කියවන්නද ....අනේ නැත්නම් චොකෝ එක මිස්වෙයිනේ...
ReplyDeleteඑක නෙමෙයිනේ අක්කේ... :(
Deleteහේ හේ නියමයි ....මාල වැඩතමයි වෙන්නේ...
Deleteඅපෝයි අද එක වෙච්ච කෙනා නම් යකා කනවා. ඒකයි මම දෙක වුනේ...
මාල වැඩදත් අහනවා..
Deleteහපොයි.. කේන්තියට ඔහොම කියන්න එපා අක්කෝ.. :)
එල ඇ... නියමයි.පලවෙනි කොටස කියෙව්වෙත් අයි.මිස් වෙලා.
ReplyDeleteපළවෙනි එක දාලා සෑහෙන කාලෙකින් මේ දෙක ලිවුවේ.. හැබැයි ඉතින් එකත් එක්ක ලොකුම සම්බන්දයක් නෑ..
Deleteහික්ස්....මාර වැඩේ තමා වෙලා තියෙන්නේ....හික් හික් හික්...මට මැවිලා පෙනුනා...... :)
ReplyDeleteහෙහ්.. අමතක වීමක හැටි තමයි ඉතින්..
Deleteසිල්වා මේ බ්ලොග් එක දැක්කා නම් ඉතින්.. කතනියා ඉවරයි..
ReplyDeleteබලන්නේ නෑ කියලා 100% ශුවර්.. අනික දැක්කත් අවුලකුත් නෑ.. මොකො මේ නම් ඇත්ත ඒවා නෙමෙයි.. මම දාපුවා.. :)
Deleteහිකිස්!!!! හයියෝ වෙච්චි දෙයක්...
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!
"හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්න්ද ?"
Deleteකියන්න තමයි ඉතින් වෙන්නේ.. :)
ම්ම්ම්ම් හරිම අසාවෙන් කියෙව්වෙ තාමත් හිනා.....
ReplyDeleteතැන්කූ තැන්කූ මලයා.. :)
Deleteඒ ඒ හු හු.... මම හිතුවේ ඔයා කතාව කියද්දි පණ ඇන්ටි කලිසමක් ඇදලාම නෑ කියලා හිකිස්. අෆරාදේ නේ ;)
ReplyDeleteඔයා ඉතින් ඕන නැති ඒවමනේ හිතන්නේ සුදු.. හෙහ්.. ඔව් ඔව් ඉතින් මම එහෙම හරියටම කිවුවේ නෑනම් තමයි.. :)
Deleteoya ithin... bageta reply karala gihin mal kadanna..
Deleteraj kiyapu de thama ithin mathak wenne..:(
මල් කඩන්න නෙමෙයි අෆ්ෆේ.. දොයියන්න ගියේ..
Deleteරාජ් අයියා කිවුව මොන කතාවද? එයා ගොඩක් ඒවා කිවුවනේ පහුගිය ටිකේ.. :)
ara kiyala thibune ubala denna piliwelak wena kal apata kisi deyak ahaganna bari wei kiyala...(mata mathaka vidiyata...)
Deleteaan eka mathak une....
අහ්.. ඔව් ඔව්.. එහෙම කතාවක් කිවුවා නේන්නම් අපේ රාජ් අයියා.. :)
Deleteහී හී....පව් වැඩේ වෙලා තියෙන්නෙ....
ReplyDeleteපවු වැඩේ නෙන්නම් ඉතින්.. :)
Deleteඊට පස්සේ කමල්ගේ වයිෆ් ඕපා දූප හොයන එක නැවැත්තුවා ද? :P
ReplyDeleteme wage aya ehema mattu wenne ne ane..
Deletenayaata gahuwa wage thamai ehana indala wade yanne..
අයේෂා නංගි, එයා ටික දවසක් හැංගිලා හිටියා කියලා තමයි ආරංචි නම්.. :)
Deleteඇනෝ, ඇත්ත ඇත්ත.. ටික දවසයි පැත්තකට වෙලා හිටියේ..
Deletemama hithuwe andume nopita andala kiyala.. hapoi..
ReplyDeleteඑහෙම උනානම් මේ වගේ කියන්න කතාවක් නැති වෙනවනේ.. :)
Deleteපට්ට සිද්ධිය. විලිලජජාව තාච්චි දෙකයි අරික්කාලයි. අපේ පැත්තේ ආච්චි කෙනෙක් මගුල් ගෙදරකට ගිහින් තිබුනලු හැට්ටේ කණපිට ඇඳගෙන
ReplyDeleteහැට්ටේ කණපිට තව හොදයි මීට වැඩිය.. :)
Deleteහච්චෝ..හි හි :)
ReplyDeleteහී හී.. :)
Deleteඒහෙත් මාර වැඩනෙ වෙන්නෙ...
ReplyDeleteඅපේ අය ආවම මෙහෙත් මාර වැඩ තමයි වෙන්නේ.. :)
Delete2 කියෙව්වා 1 කියවන්න ඕනෙ. අයියා කියලා තියන විදිහට මැවිලා පේනවා.
ReplyDeleteපුස්පාර්ට් කතා මාලාවක් දාන්න වගේ යන්නෙ.නියමයි නියමයි.
එකත් කියවලා බලන්න..
Deleteඔව් ඔව් මලයා.. හෙන කතා මලාවක් තියෙනවා..
හි හි. .ඔය වගේ වැඩ අපේ මාමට හරියට වෙනවා.. ටී ෂර්ට් එක කණපිට ඇදගෙන ෂොප් එකට ආවාම අපි ඒක කියන්නේ එයා කස්ටමර් එක්ක කතා කරලා බිස්නස් එක එහෙම අරං ඉවර වෙනා අර මනුස්සයා ගියාට පස්සේ...
ReplyDeleteආ.. මේක තමයි අලුත් ස්ටයිල් එක කියලා අපේ මෑන් ෂේප් වෙනවා හැමදාම....
මේ වැඩේනම් මීගොඩයටත් වෙනවා
Deleteහීරු අක්කේ, ඔයාලා හරි නරකයි නේ අනේ.. පවු නේ මාමා.. හැබැයි එකක්.. ඔය මැහුම පේන්න මහපු ස්ටයිල් එකේ ඇදුනුත් තියෙනව දැන් නම්.. :)
Deleteමී අයියේ, අවුලක් නෑ අයියේ.. ඔහේ කවුරු හරි ඇහුවොත් ලංකාවේ අළුත් ස්ටයිල් එක මේක කියන්න.. වැඩේ හරි.. :)
Deleteoya nopita wage pena andum me rateth thiyenawa. puthata shirt thoranna giyama mama hithuwe andala balapu ewa honda pita harawala nehe kiyala.koluwa kiwwama thama therune...D
Deleteඔව් ඔව්.. මාත් දැක්කා ලංකාවට ආව වෙලේ ඇදුම් තෝරද්දි.. මගේ ලගත් එකක් තියෙනවා.. :)
Deleteහය්යෝ පව්... ඉතින් අර අඳිනවයි කිව්ව මොකද්ද එකෙන් ලැජ්ජාව වැහෙන්නේ නැද්ද
ReplyDeleteලැජ්ජාව නම් වැහෙනවා.. ඒකේ හරි ෆොටො එකක් තිබ්බේ නෑනේ දාන්න.. නැත්නම් කට්ටියට හරියට බලාගන්න තිබ්බා ඇදුම මොන වගේද කියලා.. :)
Delete3 ඉඩියට් මතක් වුනා....
ReplyDeleteහෙහ්.. ඔව්නේ ඒකෙත් එහෙම එකක තියෙනවා නේන්නම්..
Deleteඅද තමා කොටස් 2ම කියවන්න පුළුවන් උනේ. මට හිතුනේ උඩට විතරක් ඇදලා යටට නැතුව ගෙදරින් එළියට ගිහින් කියලා. :)
ReplyDeleteඉස්සරහට තව කොටස් එනන් තියෙනවා.. හෙහ් යටට නැතුව ගියත් ඉතින් මේ යුරෝපේ හන්දා ඉතින් එච්චර අවුලක් නෑ.. :)
Deleteපව් අනේ...මම හිතන්නේ මම දැකලා තියනවා ඔය ලානා එක විතරක් ඇඳගෙන යන අය..හැබැයි ඒ නම් කෙල්ලෝ ඉතින් :) ඇන්ටිලා නම් එහෙම නෑ
ReplyDeleteඔව් ඔව්.. එහෙම ෆැශන් එකක් තියෙනවා.. ඒත් ඒ ඒවට මහන විදිහයි මේකයි වෙනස්.. ඒ හන්දා හොදට තේරෙනවා.. :)
Deleteපට්ට සීන් එක මචං.. සිරාවටම ලියලා තියෙනවා..
ReplyDeleteතැන්කූ තැන්කූ..
Deleteමේ ඇත්තද අනේ...හිතාගන්ටත් බෑ. හී හී...
ReplyDeleteඅමූලික ඇත්ත අනේ.. :)
Delete:D ඕක ඉතාලියෙ ඩිසයිනර් කෙනෙක් දැක්කනම් අලුත් පැශන් එකක් හදාවි.
ReplyDeleteහෙහ්.. හොද වෙලාවට දැකලා නෑ.. :)
Delete:D
ReplyDelete:D
Deleteහොද වැඩේ ඕපාදුප හොයන කෙනාට
ReplyDeleteහෙහ්.. ඒ උනත් මට්ටු උනේ නෑනේ.. :)
Deletesira kathawa.. oka oya adan hitiya kiwwa kalisamath nathuwa giyanam thamai lassana.. suddo baya weida danne na..
ReplyDeleteහෙහ් හෙහ්.. සුද්දෝ ඔයිට වඩා ඒවා දැකලා තියෙනවා.. ඒ හන්දා අවුලක් වෙන එකක් නෑ.. :)
Deleteඅවුලක් නෑ මොකක් හරි ඇදන් හිටියනේ..
ReplyDeleteඒකනේ ඒකනේ.. ඕනම එක ඇදන් හිටියනේ..
Deleteලොවෙත් ආතල් කතා ටිකක්. දාන්න දාන්න. ඊළඟ එක කියවන්න බලාගෙන ඉන්නවා.
ReplyDeleteතව ආතල් කතා එන්න තියෙනවා.. හෙමීට දාන්නම්..
Deletelankawen awath ape ayage mehema wada nawathinne na ne.. raidio kathawath maru..
ReplyDeleteලංකාවේ අපි ලංකාවේ..
Deleteමමත් කලිසම ඇඳගෙන කලිසම හොයලා තියෙනවා.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හෆ්ෆේ ඩූඩ් අයියේ.. ඒකත් හරියට ඔළුවේ තියන් කණ්නාඩිය හෙවුව වගේ වැඩක්නේ.. :)
Deleteඅම්මෝ... ගෑණු තමයි ගෑණු නේද!!!!!!! ගිනි බෝම්බනේ!
ReplyDeleteආයෙත් අහලා ගිණි බෝම්බ නේන්නම්..
Deleteපව් යකෝ යාලුවන්ට මඩ ගහන්න එපා.
ReplyDeleteඒකනේ වෙන නම් වලින් ලිවුවේ.. :)
Deleteඔහොමත් අමතක වෙනවද මං අහන්නේ...
ReplyDeleteඅමතක වෙලානේ ඉතින්.. :)
Deleteම්..මේ විදිහට ඒකාංගික කතා ලියන්න ගිහින් දිනේශ්ටත් කරදරයක් වෙයිද දන්නෑ..!!හික්ස්
ReplyDeleteහප්පේ නෑ නෑ.. මේවා ඒ කවුරුත් බලන්නේ නෑ.. :)
Delete