ප්‍රධාන ශිෂ්‍ය නායක ( ඉස්කෝලේ කතා 11 )
හොදම හතුරා ආවට පස්සේ ඉස්කෝලේ ජීවිතේ ටිකක් විතර වෙනස් වුනා.. තරහා කාරයෙක් එක්ක එකට ඉන්නවා කියන එකත් ලේසි නෑනේ.. ඒත් ඒක කරන්න වුනා.. ප්‍රශ්ණ ඇති වෙච්ච මුල්ම දවස් වල කතා බහ දුර දිග ගිහින් අතින් පයින් ප්‍රශ්ණ විසඳන තැනටම ආවා.. දවසක් පිට්ටනියේ රණ්ඩුවක් වෙලා සුදු ඇදුම දුඹුරු පාට කරන් ගෙදර ගියා මතකයි..
ඒ දේවල් කොහොම වුනත් කපුකම කරන්න ගිය නංගිනම් මාත් එක්ක ගොඩක් ෆිට් උනා.. ඉස්සරටත් වැඩිය.. හා හා.. දැන් ඉතින් මෙයාලා හිතනවා මම ලයින් දැම්මා කියලා.. ඇත්තටම එහෙම දෙයක් වුනේ නෑ.. කාගෙවත් ලයින් එකක් හරි කවුරුහරි යාළු වෙලා ඉන්න කෙනෙක්ව හරි ඈත් කරලා ඒ කෙනාව ලබා ගන්න එක මහ පවු වැඩක්.. ඉතින් මගේ හිතේ එහෙම දෙයක් තිබුනේ නෑ.. දන්නවා දැන් කට්ටිය හිතනවා මම බොරු කියනවා කියලා.. කපුටත් හිතුවේ එහෙමම තමයි..
ටිකින් ටික අපේ සීතල යුද්දෙත් නැගලා ගියා.. මට නම් අවුලක් තිබ්බේ නෑ.. ඒත් ඉතින් සීනියර් ප්‍රිෆෙක්ට් හන්දා ටිකක් පරිස්සම් වෙන්න උනා.. දෙතුන් වතාවක් අවවාදත් ලැබුනා... :)
" අසන්ත තමුසෙලාගෙ ප්‍රශ්ණේ විසද ගන්නවා..."
" එහෙම ප්‍රශ්ණයක් නෑ.."
" නැති වෙන්නේ කොහොමද? උඹල කෙල්ලෙක්ට ගහ ගන්නේ ලැජ්ජ නැද්ද.. එක පන්තියේ උන් නේ?"
" කපුටයි වැරදියට හිතන් ඉන්නේ.. මට ඒකට කරන්න දෙයක් නෑ.."
අපිට එකවුන්ට් උගන්නපු සර් අපි රණ්ඩු වුන හැම වෙලාවකම මේ වචන සෙට් එකම කියලා කෑ ගහලා තියෙනවා.. ඒත් කපුටවත් මමවත් ප්‍රශ්ණේ විසදගන්න ඉස්සර වෙන්න කැමති වුනේ නෑ.. මම කොහොමත්ම නෑ.. මොකද මම වරදක් කලේ නැති නිසා..
ඔය කාලේ වෙද්දි මම ඉස්කෝලේ DHP.. භාහිර වැඩ වලට හැම තිස්සෙම පන්තියෙන් එලියේ හිටියේ.. අහ්, මගේ අර ජනේලේ ලඟ තැන කපුටට ගහලා ආයෙම මම අර ගත්තා.. ඒත් ඉතින් ඔතන වාඩි වෙලා ඉන්න පන්තියේ හිටියේ නම් හරි අඩුවෙන්..
2005 අවුරුද්දේ දෙවෙනි වාරේ පටන් ගනිද්දි අපේ ඉස්කෝලේ හිටපු HP අස් වෙලා ගියා.. අවංකවම කියනවනම් මගේ සීනියර් කෙනෙක් විදිහට මම ගොඩක් ගරු කලා ඒ අයියට.. ඒ වගේම HP හිටිය අක්කත්.. දැන් වගේ නෙමෙයි.. ඉස්සර මට ගොඩක් කේන්ති යනවා.. එහෙම කේන්ති යන ගොඩක් වෙලාවට මේ දෙන්න බනිද්දි මම ටිකක් කන්ට්‍රෝල් වෙනවා.. මම දැක්ක හොදම HP ලා මේ දෙන්න කියන්න මම දෙපාරක් හිතන්නේ නෑ..
ඒ දෙන්නා ගියාට පස්සේ ඒ හිස් තැන පුරවන්න තිබුනේ ඊලගට හිටිය සීනියර්ලා වුන අපිට.. අපේ පන්තියෙම කෙල්ලෙක් ගෑල්ලමයින්ට HP වෙද්දි ගුරුවරුන්ගේ ඡන්දෙයෙන් මම ඉස්කෝලේ HP උනා.. ඉස්කෝලේ ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම ගෞරවය එහෙම ලැබෙද්දි හිත ගොඩක් සතුටු උනා.. හැබැයි ඉතින් මාත් එක්ක පොඩි ප්‍රශ්ණ වගයක් තිබුන ගුරුවරු දෙතුන් දෙනෙක් මට අකමැති වුනේ නැත්තෙමත් නෑ.. ඒ කොම වුනත් ඒ අයත් පස්සේ මාත් එක්ක තිබ්බ අමනාපකම් අමතක කලා..
මිශ්‍ර පාසලක HP වුනාම ඉතින් කොච්චර තැනක් එනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඉතින්.. ඔව් ඔව්.. ගෑල්ලමයින්ගෙන් තමයි මම කිවුවේ.. ඉස්සර උදේට කී දෙනෙක්ගේ "ගුඩ් මෝර්නින්ග්" වලට "ගුඩ් මෝර්නින්ග් නංගී" කියලා කියන්න ඇත්ද.. හෆ්ෆේ.. ආයෙම ඒ කාලේ එනවනම්... අහ් කතාව නේ... :)
හැමෝම මාත් එක්ක හිටියත් මේ සිද්දියත් එක්ක කපුටා තවත් මාත් එක්ක වෛර බැද ගන්න ගත්තා.. ඒකා කියන විදිහ HP වෙන්න එකම සුදුස්සා ඒකලු.. සුදුසුකම වයසින් වැඩි වීමලු.. හෙහ්.. අපි කපුටට කිවුවද වෙන ඉස්කෝලෙක අවුරුද්දක් ඉදලා ආයෙම ඒ පන්තියටම කලින් හිටිය ඉස්කෝලෙට එන්න කියලා.. හරියට බලනවනම් කපුටට ශිෂ්‍ය නායක කමත් දෙන්න බෑ.. හරි ඒ දේවල් එහෙම ගියා දෙන්කෝ.. කපුටට ඕන එකක් හිතා ගන්න කියලා මම මගේ පාඩුවේ හිටියා.. ඊට පස්සෙනම් ඇත්තටම රණ්ඩුවට පැටලෙන්න ගියේ නෑ.. මොකද මටත් වගකීමක් තිබුන නිසා.. කෝම උනත් කපුටා මාව විවේචනේ කරන එකනම් නැවැත්තුවේ නෑ.. ඒ හැම එකකටම මාත් උත්තර දුන්නා.. අතින් පයින් නෙමෙයි.. හොදට හිතලා..
ගොඩක් වෙලාවට කරපු වැඩ වලදි මම පවරපු වැඩේම මග ඇරලා ඒකේ වගකීම කපුටා දෙතුන් වතාවක්ම මගේ ඇගට දැම්මා.. ඔච්චරම නයි වෛරයක් හිතේ තියා ගනී කියලා හිතුවේ නෑනේ.. දුර ඉන්න යාළුවට වැඩිය ලග ඉන්න හතුරා හොදයි කියලා කවුරු හරි කියලා තියෙනවා වගේ යාන්තමට මතකයි.. ඒ හන්දා කලින් ඈත් කරලා හිටිය එකාව අකමැත්තෙන් වුනත් මගේ පේනමානෙන් කපුටව තියා ගන්නත් වුනා.. ඒ තරම් එපා කරපු දෙයක් මට මතක ඇති කාලෙක තිබුනේ නෑ.. ඒත් අකමැත්තෙන් වුනත් කරන්න වුනා..
අපේ කලින් හිටිය HP අස් වෙලා යන්න කලින් දවසක් පෞද්ගලිකව මට ඉස්කෝලේ කවුරුත් නොදන්න දෙයක් ගැන පුංචි හෝඩුවාවක් දිලා ගියා.. ඒ හෝඩුවාව පස්සේ ගිහින් ඒ කාරණේ ඇත්තක් කියලා හොයාගත්ත හැටි ඊළග ඉස්කෝලේ කතා එකෙන්... :)




නැවැත්වුව නේ?
ReplyDeleteනවත්තන්න උනානේ.. :)
Deletemavila penawa kaputata kotala place eka alla gaththa hati.ayyo.. ape panthi walath oya wage kaputo karapuwa mathak wela hinaa giyaa appa..
ReplyDeletepanthi dekaka kollo randu unaa kosu idal walin hitan. panthiye dore ellila gihin anith panthiye unta kossen anala enawa. happe... ehema kaalayak...
පන්ති දෙකක් ගහ ගත්ත එකක් මාත් ලියලා තියෙනවා මේ කතා වල මුල් හරියේ.. කපුටා හොදින් හිටියනම් එතන ඌට ඉන්න දෙනවා.. ඒත් ඌ වලි දාදදි මගේ තැන දෙන්නෙ මොකටද නිකන්..
Deleteපන්ති දෙක ගහගත්ත එක කොයි හරියෙද තියෙනේ? මම මේ ඒක හොයන ගමන්..
Deleteඉස්කෝලේ කතා සෙට් එකේම තියෙනවා.. අපේ පළවෙනි වලිය කියලා පෝස්ට් එකක්.. :)
Deleteහම්බුනා.. කියෙවුවා..
Deleteඕකේ...
Deleteමගින් නතර කරපු එක ගැන නම් බලවත් විරෝධය..
ReplyDeleteදිනේෂ්ගේ කතාවෙන් පුළුවන් වුනා ආයෙත් පාසල් මතකයන්ට යන්න..ගෑනු ළමයි නිසා ඇති වෙච්ච දුර දිග ගියපු වලි ගැන නම් කියලා වැඩක් නෑ..
ඇත්ත රෑ අක්කේ.. ඉස්සර රණ්ඩු උනානම් ඒ කෙල්ලෙක් නිසා.. ඒ මතකය හරි සුන්දරයි..
Deleteඒ හොලා......................... හෙඩර් එක වෙනස් කරලා...........
ReplyDeleteමම දැන් දැක්කෙ :)))
ඒ මේ කතාවේ කැලි අඩුයි හු හු....
උඹල දෙන්න පිලිවෙලක් වෙනකල් අපිට කතාවක් අහන්න වෙන එකක් නෑ වගේ හරියට.
Deleteරාජ් මේක මම කැමතිම උබ දාපු හොදම කමෙන්ට් එක වෙනවා සිකුරුයි.
Deleteහෆ්ෆේ ඇති යන්තම්.. කියන්න කලින් ඒක දැකලා.. හා හා හොලා තමයි.. මුනාද අනේ අඩු කෑලි? මේකට එන්න ඕන ඔක්කොම දැම්මා..
Deleteරාජ් අයියේ, ඒ මොකෝ අයියේ ඒ? මේ ලිවුවේ කැපිලි කෙටිලි නැතුව ඔක්කොම හරියට... :)
Deleteසැමා, උඹලත් එක්ක බෑ.. :)
Deleteමටත් හිතුනේ රාජ් කිවුව දේමයි.. දැන් දැන් ලියලා කපලා දාන ඒවත් වැඩියි නේ..
Deleteමේකනේ ඉතින්.. ලියලා හොරාට මකන්න වෙන ඒවා තියෙනවනේ.. :)
Deleteලියලා හොරාව දේවල මකනවනම් අපිට ඉස්සර වගේ කතාව සම්පූර්ණ කියවන්න වෙන්නේ නැතුව ඇති දැන්..
Deleteනෑ නෑ.. එහෙම නෑ.. ඔක්කොම ලියනවා හංගන්නේ නැතුව.. :)
Deleteහා හා.. එහෙනම් කමක් නෑ..
Deleteඉස්කෝලේ කාලේ සොඳුරු ජීවිතේ...
ReplyDeleteආනිවාර්යෙන් අයියේ.. ඒ කාලේ සුන්දරයි..
Deleteහපොයි ඔව් තරහ කාරයො ගැන කල්පනාවෙන් ඉන්න ඕනෙ, මොන ගිනි ගෙඩියක් දෙයිද දන්නෙ නැහැනෙ
ReplyDeleteඇත්ත.. ඒ දවස් වල බලාපොරොත්තු නැති දේවල් උනේ.. හිතුවේ නැති විදිහේ ප්‍රශ්ණ..
Deleteලගතියන් හිටියත් දුර තියන් හිටියත් තරහකාරයෝ කචල් දානවම තමයි.. ඒක නවත්තන්න අමාරුයි මොනා කලත්..
Deleteඇත්ත.. කපුටත් ලග හිටියට කචල් දැම්මා.. හැබැයි හැම වෙලේම නෙමෙයි.. ඒත් දාපු කචල් එක දැම්මා අමාරුම වෙලාව බලලා..
Deleteඑහෙනම් කපුටා දිනේෂ්ගෙන් පලිගන්නම ආව කෙනෙක්..
Deleteමටත් හිතෙන්නේ එහෙම තමයි.. කෝම උනත් දැන් හැම දේම වෙලා ඉවරයි.. :)
Deleteදැන් කපුටා මොකද කරන්නේ?
Deleteහ්ම්ම්ම්.. ඒ ගැන මම නොකියන්නයි හිතන් ඉන්නේ.. මොකද දැන් උගේ පෞද්ගලික දේවල් වලින් වැඩක් නෑනේ..
Deleteඔය ඉතිං... නැවැත්තුවා....... ගර්ර්ර්ර්......
ReplyDeleteහෆ්ෆේ.. අක්කගේ කේන්තිය.. ඊළග එක හොදයි දිගයි.. මේකට කවලං කරලා බෑනේ අක්කේ.. එකනේ නැවැත්තුවේ.. කේන්ති ගන්න එපා හොදේ... :)
Deleteපාසල් කාලය...ජීවිතයේ සුන්දරම කාලයක්.
ReplyDeleteඇත්තෙන්ම.. අමතක කරන්න බැරිම කාලයක්..
Deleteඔන්න ඉතිං .. කුතුහලේ නේ අප්පා දැන් ...
ReplyDeleteහෙහ් හෙහ්.. ටිකක් දවසක් ඔහොම ඉමු.. ඉක්මනට දාන්නම්... :)
Deleteහාකෝ හාකෝ.. :)
Deleteමමත් ඉස්කිලෙ ඉන්න කාලෙ පැහැදිලිවම දැක්ක දෙයක් තමා ඔය ශිෂ්‍ය නාශකකං වලිං තමා ළමයි බලයට තියන කෑදරකම ඉගෙනගන්නෙ! තරහනං වෙන්න එපා!
ReplyDeleteතරහා වෙන්න දෙයක් නෑ අලියෝ.. කතාව ඇත්ත.. කපුටා මාත් එක්ක තව වෛර උනේ ඒ හන්දනේ.. :)
Deletee kathawanam aththa.. dan dan mewath prakanawa iskola wala..
Deleteහ්ම්ම්.. ඒකනම් ඇත්ත..
Deleteහයියෝ...හොඳම තැනින් නවත්තලානේ :/
ReplyDeleteඅප්සට් ගන්න එපා.. ඉක්මනට ලියන්නම්..
Deleteකෝ අප්පේ ඉතුරු ටික? අපේ පන්තියෙත් ඉන්නවා කපුටා වගේ එකෙක්. ඕකාටත් කොටන්න ඕනේ වෙලාවක
ReplyDeleteහෙහ්.. හා හා කොටන්න.. ඌ කොටන්න ඉස්සෙල්ලා.. ඉතුරු ටික ඉක්මනටම..
Deleteඇනගෙන ඇනගෙන යන්න එපැයි ඕකට...ආයි දත් නැතුව බත් කන්න වෙන්න......
ReplyDeleteහෙහ්.. හිතේ තිබුනෙනම් එහෙම කේන්තියක් තමයි.. ඒත් පට්ටම නිසා ඒක කර ගන්න බැරි උනා..
Deleteමම ආසයි දිනේශ්ගේ ඉස්කෝලේ කතාවලට. ඕනිම කෙනෙක්ගේ ඉස්කෝල ජීවිතය රසවත් මට හිතෙන හැටියට.
ReplyDeleteනරක වැඩේ කතාව එක පාර ඉවර නොකරන එක.:)
ඊළගට එන කතා වලින් හැම දෙයක්ම වෙනස් වෙයිද මන්දා.. බලාපොරොත්තු නැති සිද්දි ගොඩක් ගැන ඊළගට කියන්න වෙනවා.. හෙමීට කියවලම බලමුකො නේ... :)
Deleteඅප්පා කෙටි විරාමයක්නේ...ඕකනේ ඉතින් බැරි දිනේෂ් අයියේ.
ReplyDeleteමතුසම්බන්දයි කරන්න වෙනවා ඉතින් මේකනම් මෙතනින්.. :)
Deleteඅපරාදේ කදාව මැද්දෙන් නවත්තලා... හපොයි !
ReplyDeleteහෙහ් හෙහ්.. ඉක්මනට දාන්නම් මධු අයියේ..
Deleteආයෙත් අහලා ඒ කාලේ මතක තමයි පට්ටම මතක ටික....කෝ මේ යෝධයා මගින් නතර කොරලනේ ඉක්මනින් දාන්නෝ දිනේෂ් අයියා!
ReplyDeleteතීරණාත්මක එකක් ඊළගට ලියන්නේ.. ඒකනේ මෙක මෙහෙම නවත්තන්න උනේ.. :)
Deleteඋඹත් පටන් ගත්තද මතු සම්බන්ධයි සෙල්ලම :)
ReplyDeleteහෙහ්.. නෑ සබියා.. කියන්න යන එක භාගෙට ලිවුවනම් මට මීට වඩා බැනුම් අහන්න වෙනවා.. ඒකයි මෙහෙම නැවැත්තුවේ..
Deleteඉස්කෝලේ යන කාලේ වගේ කාලයක් නම් ආයේ කවදාවත් එන්නේ නෑ..ඒ තරම් සුන්දරයි...මේ මතක මාවත් මගේ අතීතෙට අරන් ගියා...ඉතින් ඊට පස්සෙ මොකද උනේ ??
ReplyDeleteඔව් අක්කේ.. කාටවත් අමතක නැති කාලයක් ඉස්කෝලේ කාලේ හැමදාටම.. ඉට පස්සේ හොදම කොටස.. ඉක්මනට දාන්නම්.. :)
Deleteමොකද්ද හොරේ.......???? :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඉක්මනට කියන්නම්.. උඹලටත් ඉතින් හොර වැඩක් කිවුවොත් දැන ගන්නකන් ඉවසුමක් නෑ.. :)
Deleteඅනේ ඉක්මනට කියන්නකෝ..මොකද්ද ඒ හෝඩුවාව ???
ReplyDeleteහා හා ලොකු අක්කේ.. ඉක්මනට කියන්නම්... :)
Deleteඔකනේ කියන්නේ කුතුහලය අවුස්සා පැන යනවා කියලා. ගර්ර්ර් :/ඉක්මනට ඉතිරියත් ඔනී. :D :D :D :D :D
ReplyDeleteහෆ්ෆේ.. මෙයාලගේ සැර.. හා හා.. ඉක්මනට දාන්නම්..
Deleteඅපෝ ශිෂ්‍ය නායකයෝ නම් මට අරහන්.ඒත් ඒත් මේ කතාවේ රසම ටික තියෙන්නේ එලාග කොටසෙනේ.
ReplyDeleteඔව් ඔව්.. හොදම ටික ඊළග එක..
Deleteඉස්කොලෙක ලේසියෙන් HP වෙන්න පුළුවන් කාටද.. ඒ අතින් ඒක මල්ලිට ලැබිලා.. ඔහොම දේවල් ලැබෙද්දි තරහ කාරයොත් ඉබේම ඇති වෙන එක සාමාන්‍ය දෙයක්.. කපුටත් ඒ වගේ තමයි..
ReplyDeleteකෝ කෝ.. ඉතින්.. ඉතුරු එක දාන්නේ කවද්ද?
හ්ම්ම් ඇත්ත.. මුලින් කපුටා විතරක් උනාට පස්සේ තව අය තරහා උනා කියලා දැන ගත්තා.. ඒත් ඉතින් මම මොනා කරන්නද?
Deleteඅප්පට සිරි..අද තමයි අතීතයෙන් හලන වැලි සෙට් එක කියෙව්වේ...මරු මරු දිනේෂ්...හැබැයි බං තිරය පිටු පස කතා ටික අහන්න වෙන්නේ වෙන එකෙක් බ්ලොග් ලිව්වොත් තමයි
ReplyDeleteජනා ගොඩ කාලෙකින් මේ පැත්තේ.. හෙහ්.. තව ගොඩක් හලන්න තියෙනවා අතීතයෙන්.. ඒවා හෙමීට..
Deleteතීරේ පිටිපස්සේ හොර නෑ බං.. හිටින්කෝ ඉතුරු ඒවත් ලියනකන්..
හොඳම හරියට ඇවිත් නැවැත්තුවා නේ? :P
ReplyDeleteහොදම ටික පසුවට...
Deleteදෙන්නයි තිබුනෙ අරූට නිල් වෙන්න. අපරාදෙ.
ReplyDeleteඉවසන්න උනා මධුරංග.. පට්ටම නිසා.. නැත්නම් ඉතින්..
Deleteමූත් එක්ක බෑ අෆ්‍ෆා.. ආයිත් කුට්ටි කරා..
ReplyDeleteහෙහ්.. නොකර බෑ බං.. ඊළග කැල්ල තමයි කෑල්ල.. :)
Deleteමිශ්‍ර පාසලක ශිෂ්‍ය නායක වෙනවා කියන්නේ ආයේ කියන්න දෙයක් නැහැ. ගැහැණු ළමයින්ගෙන් පුදුම ඉල්ලුමක් තියෙන්නේ...
ReplyDeleteඋබේ මේ ලිපි වලින් මට ආයෙමත් පාසල් කාලය මතක් උනා ..
ආයෙත් අහලා.. ඒ ගැන නම් කියලා වැඩක් නෑ.. උපන්දිනේකට මගේ කේක් කෑල්ල මග ඇරුනේ නෑ කවදාවත්ම.. හෆ්ෆා.. ඒ දවස් නම්... :)
Deleteහෙන යුද්දයක් නෙ?
ReplyDelete.... ඉන්ද්‍රජිත්
සිතල යුද්දයක්..
Deleteමොකො මලයා මේ ටිකේ ඇනෝ?
බ්ලොග් එක නැතිවෙලා අයියෙ...
Deleteඅෆ්ෆා.. ඒ මොකො මලයා ඒ? හදාගන්න බැරිද?
Deleteඅර කරෙක්ෂන් පෙන් එකෙන් මකන්න ඕන ටිකට ඉරක් ඇඳලා හරියනවා යෑ.. කපුටට පින් සිදුවෙන්න දිනේෂ් ඉවසීම පුරුදුවෙලා.. :P
ReplyDeleteඉතින් ඉතින් ඊට පස්සෙ..
ඒවා එහෙම තමා.. අපිට උගන්නලා තියෙන්නේ වැරදුනාම තනි ඉරකින් කපන්න කියලා.. කොහෙද ලංකවේ ඉස්කෝලේ යන්න එපැයි ඕව දැන ගන්න..
Deleteහපෝ නෑ.. මගේ ඉවසීම ප්‍රගුන උනේ ඊට පස්සේ... :)
තව කොච්චර කාලෙකින්ද අනිත් ඉස්කෝලේ කතාව එන්නේ..
ReplyDeleteමෙයා අවුරැද්දකින් විතර ඇවිත්....
Deleteතව ටික දොහයි අසාර් අයියේ.. :)
Deleteඅනේද කියන්නේ ඩාර්ලින්ග්.. මෙයාලා දකින්න් තීන අමාරුව දැන්.. :)
Deleteniyama kathawa ayiye.. api thama iskole yana handa thama fun eke mewa dakinawa..
ReplyDeleteඑහෙනම් මේ හොදම කාලේ මලයා.. ෆන් එකේ ඉන්න.. ඉගෙන ගන්න.. :)
Delete"ෆන් එකේ ඉන්න.. ඉගෙන ගන්න.."
Deleteඅන්න ඒක තමයි වටිනම උපදෙස දෙන්න පුළුව..
අපිත් ෆන් ගත්තා.. ඔක්කොම කලා.. ඉගෙන ගන්න එක ටිකක් ඒකෙන් මග ඇරුනා කියලා දැන් හිතෙනවා..
Deleteඒකාලේ ගහගැනීම් බැනගැනිම් කෙළවරක් නෑ මමත් ගියේ මිශ්‍ර පාසලකට ඒක්ත ලස්සන අත්දැකිමක්. සමහර වෙලාවට ඒ අත්දැකිම් වල දැනෙන්නෙ ඉතාම සුන්දර බවක්. මටත් මගේ පාසල් කාලය මකතක් වුනා
ReplyDeleteඒ කාලේ තරම ගහගත්ත බැන ගත්ත කාලයක් ඇත්තටම නෑ අයියේ.. ඊට පස්සේ වලියකට ගියේවත් නෑ.. ඒ කාලේ සුන්දයි ඇත්තටම..
Deleteඈ මෙ පැත්තෙ ආවෙ කාලෙකින් නෙව.. :D කියොපු පළැවැනි ඉස්කොලෙ කතාව ඈ.. මට නම් ටිකක් කොයිල් වගේ.. :D
ReplyDeleteඋඹව දැක්ක කල්.. කලින් කතා වල එහෙමම සම්බන්දයක් නම් නෑ.. හොදම හතුරා ගැන ලිවුව එක ඇරෙන්න..
Deleteඉස්කෝලේ කාලේ නම් කියල වැඩක්.. නැහැ :)
ReplyDeleteඉක්මනට නැවත ලියන්න.
ඔබට ජය සහෝ !
ආයෙත් අහලා.. ඒ කාලේ තමයි නියම.. අනිත් එක ඉක්මනට දාන්නම්..
Deleteඑන්න ටිකක් පරක්කු උනා බං.. මතකයි ඒ දවස්.. උබට හෙඩා කියලනේ අපිත් කතා කලේ..
ReplyDeleteනැතුව නැතුව.. මට මතකයි..
Deleteඔය වගේ තනතුරක් ලැබුණම තරහකාරයෝ ඇතිවෙන එක සාමාන්‍යයයි. ඒ ත් මූණට හිනාවෙලා හතුරුකම් කරන අය තමයි හරිම භයානක!
ReplyDelete