සද සිත්තමක් සේ
සද සිත්තමක් සේ ඇදී මහදේ පුරා
නෙක පැතුමන් සිහින ගංඟා මැවු සිත පුරා
ආදරෙන් මහදේ පුරා වෙලී
ඔබගේ ස්නේහයේ මා නැවතුනා...
උදේම කැම්පස් එකට දුවන් එන්නේ එකම එක දෑසක් හදවතින්ම දැක ගන්න.. හැම උදේකම ඒ කතා කරන දෑසත් එක්ක නිහඬව ටිකක් කතා කරන එක හිතට ගේන සතුට කොයි තරම්ද කියලා දන්නේ ඈත ඉදන් ඒ දෑසත් එක්ක කතා කරන මම විතරමයි.. ලගට ලං වෙන්න ආදරේ කරන්න ඒ දෑස් ලගටම වෙලා බලාගෙන ඉන්න හැමදාටම මට ඉඩ ඇත්නම්..
" මොකො උඹ අදත් දුර ඉදන් බලාගෙන.."
" අහ්, උඹ ආවා මට දැනුනෙවත් නෑ.."
" දන්නවා.."
" එක පාරම ලගට දුවනවට වැඩිය ටික වෙලා මෙහෙම බලන් ඉදලා යන එක හිතට කියා ගන්න බැරි සතුටක් බං.."
" ඔහොම හරි කතා කරන්න බැරුව උඹ ඉස්සර බලන් හිටපු හැටි දන්නේ අපි නේ.."
ඉස්සරත් බලාපොරොත්තුවක් නැතුව ඈත ඉදන් ඒ ඇස් දිහා බලාගෙන හිටිය දවස් මතක් උනේ ඉබේම වගේ.. යාළුවෝ එක්ක කතා කරද්දි හිනාවෙන ඒ මූණ දිහා ඈත ඉදන් බලාගෙන ඉන්න මම කොච්චර ආස කලාද? ඒ මූණ දිහා බලාගෙන ඒ හිනාව ලගම ඉදන් කතා කරන්න අද කොච්චර පුළුවන් උනත් මම තාම එදා පුරුදු අරලිය ගහ යට ඉදන් ඈත බංකුවේ වාඩි වෙලා ඉන්න ඒ මුණ දිහා බලන්නේ ඇයි කියන්න මටත් තේරෙන්නේ නෑ...
ඇස් අතරේ හැංගිලා හද ගැඹුරේ නැවතිලා
ඔබෙ පහසේ රැදි ඉන්නම් මා සදා
තරු එළියක් වී නුරා සිත් අහසේ පායලා
මා ඉන්නම් ඔබේ හද පුරා සැනසිලා
ඒ ලා දුඹුරු පාට ඇස් දිහා බලාගෙන කතා කරද්දි හිත කොයි තරම් නම් නිවෙනවද? ඈත ඉදන් බලාගෙන හිටපු දෑස මාවම අඬගහද්දි නවත්තන්න බැරි උන හිත ඉබේම වගේ ඒ දිහාවට මාවත් ඇදන් ඇවිදන් යන හැටි තේරුම් ගන්න ඔයාවත් මමවත් දන්නවද මන්දා..
" මොකද ඈත ඉදන් හොරාට බලන් හිටියේ?"
" ඔයා යාළුවෝ එක්ක කතාව නිසා ටිකක් වෙලා හිටියේ.."
" අනේ මේ ඇයි ඔයා මගේ යාළුවෙක් නෙමෙයිද?"
යාළුවෙක්? මේ යාළුකම කියන බැම්මෙන් එහාට යන්න හිත කොච්චරනම් කැමතිද? ඔය ඇස් වලට ඔය හිනාවට එකම එක අයිති කාරිය වෙන්න මම කොච්චරනම් කැමතිද.. සම්ප්‍රදායට ඉස්සර වෙන්න ඕන ඔයා නිසා මේ හිත ටිකක් පස්සට යනවා.. දවසින් දවස ඔයා පරක්කු වෙද්දි ඔයාගේ හිත ගාවට දුවන් ඇවිත් නතර වෙන්න මට ඉඩක් ලැබුනනම් කියලා නොහිතෙනවම නෙමෙයි..
" මොනවද ඒ පාර කල්පනා කරන්නේ මැට්ටී.."
" අහ් නෑ නෑ.. මුකුත් නෑ.."
මට විහිළුවක් කරලා හෙමීට හිනාවෙන ඔයා ජීවිතේම මගේ කරන් ඉන්න මම හැමදාම පෙරුම් පුරන් ඉන්න බව ඔයාට තේරෙනවනම්...
සංසාර සිහිනයේ එක් නිමේශෙක තනි වෙලා
ඉකි ගසාවි හද කඳුළැල් දෝත දරා
නෙතු පෙනෙනා මානයේ තනිකම සිතේ සිර කරන්
මා ඉන්නම් සුසුම් හද පුරා සිර කරන්..
" ගුඩ් මෝර්නින්ග් විශ්ව.."
අපි අතරට අපිටත් හොරෙන් ඈ එකතු වෙද්දි හිත මේ තරම්ම වේදනාවෙන් අඬන්නේ මට ඔයාව හිමි නෑ කියලා එකම එක මොහොතකට හිත ඇතුලටම දැනෙන නිසා.. ඔය හිනාවට ඔය ඇස් වලට මං වගේම තව කෙනෙන් උරුම කම් කියන්න මග බලන් ඉන්නකොට සත්තයි මේ හිත මහ හුඟක් අඬනවා..
" ගුඩ් මෝර්නින්ග් රශ්මි.."
මටත් වඩා උන්දුවෙන් ඒ මුණෙට ලං වෙලා හාදුවක් දීලා ලං වෙද්දි හිතට ඇයි මෙච්චරම වේදනාවක් දැනෙන්නේ.. අපි දෙන්නගෙන් කාටවත් ඔය හිනාව තාම අයිති නෑ කියලා දන්නවා උනත් දැනටමත් මට ඔය හිනාව අහිමියි කියලා හිතෙන වාරයක් ගානේ රහසේම අඬන මේ ඇස් ඔයා නොදකීවි..
" උබ අදත් මුණ එල්ල ගෙන.."
" හ්ම්ම්..."
" අදත් රශ්මිද?"
" ඇත්තටම මට විශ්ව අයිති නැද්ද? එයාගේ හිතේ අපි දෙන්නගෙන් කවුරු උන්නවා ඇත්ද?"
සද සිත්තමක් සේ මැකී නෙතු බොද වෙලා
නෙක පැතුමන් සිහින ගංඟා මැවු සිත පුරා
ආදරෙන් මහදේ පුරා වෙලී
ඔබගේ ස්නේහයේ මා නැවතුනා...
ඒ හිත අයිති මටමයි කියලා හිතාගෙන මම තාමත් මග බලනවා.. හිත කොච්චර රිදුනත් මම මග බලනවා.. ඔය ඇස් ඔය හිනාව මටම විතරක් අයිති වෙයි.. ඒත්, මම වගේම ඇයත් මේ වගේම හිතනවනම්..
සද සිත්තමක් සේ ඇදී මහදේ පුරා
නෙක පැතුමන් සිහින ගංඟා මැවු සිත පුරා
ආදරෙන් මහදේ පුරා වෙලී
ඔබගේ ස්නේහයේ මා නැවතුනා... //
ඇස් අතරේ හැංගිලා හද ගැඹුරේ නැවතිලා
ඔබෙ පහසේ රැදි ඉන්නම් මා සදා
තරු එළියක් වී නුරා සිත් අහසේ පායලා
මා ඉන්නම් ඔබේ හද පුරා සැනසිලා //
සංසාර සිහිනයේ එක් නිමේශෙක තනි වෙලා
ඉකි ගසාවි හද කඳුළැල් දෝත දරා
නෙතු පෙනෙනා මානයේ තනිකම සිතේ සිර කරන්
මා ඉන්නම් සුසුම් හද පුරා සිර කරන්.. //
සද සිත්තමක් සේ මැකී නෙතු බොද වෙලා
නෙක පැතුමන් සිහින ගංඟා මැවු සිත පුරා
ආදරෙන් මහදේ පුරා වෙලී
ඔබගේ ස්නේහයේ මා නැවතුනා...//
විශේෂයි : සිංදුවකට කතාවක් ලිවුව පළවෙනි වතාව.. සිංදුව මට ලස්සන උනාට අනිත් අයට කෝමද නොදනී.. :)
අති විශේෂයි : පළවෙනි වතාවට කෙල්ලෙක්ගේ පැත්තෙන් හිතලා පෝස්ට් එකක් ලිවුවේ.. ඉතින් දැන් හිතපු විදිහ වැරදි කියලා මේ අක්කලා නංගිලා විශේෂයෙන් මගේ වයිෆ් මට නඩු දාන්න එපෝ.. :)



ඔය සින්දුවට මම පට්ට ආසයි..
ReplyDeleteදිනේශ් අයියා ඕක කටින් කියලා දාමු..
ඕක එල නෙ..!!!
ඒ මං එක...
Deleteඅච්චෝ..මං අහල නැති සින්දුවක් නෙව.
ReplyDeleteකවුද මේක කියන්නේ?
මරු මරු... මරේ මරු...
ReplyDeleteකතාව ලස්සනයි නේ..
ReplyDeleteසින්දුව අහලා නැනේ..
ReplyDeleteදුක හිතෙන කතාවක්!
ReplyDeleteසිංදුවටනම් මම කැමති නෑ. කතාවට නම් කැමති. ලස්සනයි. :))))) හි.................
ReplyDeleteසිංදුව නම් අහලා නෑ...
ReplyDeleteකතාව පංකාදු පහයි !
කවුද මේ සිංදුව කියන්නේ අහලා පුරුදු මතකයක් නෑ වගේ...
ReplyDeleteමං හිතුවේ මේක දිනේෂ් අයිය ලිව්ව සින්දුවක් කියලා. කතාව මුල ටිකේ මම කියෙව්වේ ස්ලෝ මෝෂන් ෆිල්ම් එකක් හිතේ මවාගෙන, අන්තිම හරිය එද්දී පොඩ්ඩක් පැටලුනාවගේ. (හයියෝ රයිට් ක්ලික් ඩිසේබල් කරලා)
ReplyDeleteදෙකම ලස්සනයි
ReplyDeleteමම මේ සිංදුව අහල නෑ පළමු වතාවට අදයි ඇහුවේ. එහෙම ටෙලියක් තියනවද කියල දන්නෙ නෑ මොකද මම ටිවි නොබලන නිසා.
ReplyDeleteහැබැයි ආදර කතාවනම් පදමාලාවට ගැලපෙන බව නම් කියමි
ගීතයකට කතාවක්...නියමයි නියමයි. පලවෙනි උත්සාහය සාර්ථකයි...
ReplyDeleteමට තව පරක් කියවන්න හිතුනා අපුරුයි
ReplyDeleteසිංදුවනම් ඇහුවෙ දැන්..
ReplyDeleteලැබෙන නොලැබෙන ආදරයක් අතර දෝලනය වන හිතක සිතිවිලි..
කතාව ලස්සනයි
පළවෙනි උත්සහය සාර්ථකයි..! :)
ලස්සනයි ඈ..
ReplyDeleteමෙහෙම ටෙලියක් යනවද කියල දන්නෙ නෑ!දැන් වැඩිය ටීවී බලන්නේ නෑනේ!
ReplyDeleteසින්දුවත් මිටර් නෑ!
අයි ටි එන එකේද යන්නේ??
ම්ම්ම්... අදමයි සින්දුව ඇහුවේ.. කතාව ගැලපෙනවා..
ReplyDeleteසින්දුවත් අදමයි ඇහුවේ....ලස්සනයි ඔයාගෙ උත්සහයත් ඊට නරකම නෑ....කථාව ගැලපෙනවා.
ReplyDeleteනියමයි...
ReplyDeleteමචං මගේ ඊ මේල් එක DILANEXE1@YAHOO.CO.UK. උඹගෙ ඊ මේල් එකහරි ෆෝන් නම්බර් එකහරි ඒකට ඩ්‍රොප් කරපං. මට පොඩි උදව්වක් ඕනවෙලා තියනවා.
ReplyDeleteහ්ම්ම්ම්.....හරි පුරුදු කථාවක්, හිතට ඇස්වලට දැනෙන සබැඳියාවක් තියෙන කථාවක් ලස්සනට ගොඩනඟලා....
ReplyDeleteඒකඒක විදිහට ලියන ඒකෙත් ගතියක් තියෙනව වගෙ...
ReplyDeleteලස්සන ලියමනක්..එක පාරට තේරුම් ගන්න බැරිවුනේ මේ විදිහෙ එකක් ලියපු පළවෙනි වතාව නිසා වෙන්නැති..
ReplyDeleteසින්දුවක් ලස්සනයි..
මේ සින්දුව නම් අහල නැහැ. ඒත් කතාව නම් හොඳයි. එකෙන්ම.
ReplyDeleteලස්සනට ලියල..ජය!
ReplyDeleteනියමයි සිංදුවත් අහල බලන්නම්. අන්තිමට කාටවත් අයිති වෙන්නෙ නැති වෙයි කියල හිතුවෙ.
ReplyDeleteසිංදුව නම් අදමයි ඇහුවේ... එහෙනම් මලයා කෙල්ලෙක්ගේ පැත්තෙන් හිතලාත් පෝස්ට් එකක් ලිව්වානේ.. හික්ස්ස්... මොකද මේ වෙනස?
ReplyDelete