ආදරේ සුවද මට
අහස හැර යන සරා සඳ ලග
දේදුන්නක්ව පායන්න
සිහින ගෙන නිම්තෙරට
නුඹත් ඇවිත් ඉන්න..
රෑ අහසේ තරු පිපුන සඳපානේ
බොරළු ගල් අඩි පාරේ
සේපාලිකා මල් වැටුන සීතලේ
ඇවිදින්න එනවාද මාත් එක්ක..
සිත නිවන බෝ මළුවේ
සැලෙන බෝපත් අතර
සුදු නෙළුම් පොකුරකට පැන් වගේ
ගිලන් වූ හදට පිරිත් පැන් නුඹ වන්න..
සිනිදු පිනි බිංදු මත නුඹ ඉන්න
නිල්ල පත් දිගේ විත් සිඹගන්න
ආදරේ වැලිතලා මත විසිරෙන්න
සෙනෙහසේ හද කවුළු හැර දෙන්න..
විහඟ ගී ඇහෙන හිමිදිරියේ
හිරු කුමරු රහසින්ම වඩින විට
බුදු පහන ලග නැගෙන සුවද වගේමයි
නුඹ දුන්න ආදරේ සුවද මට..
______ මදාරා උමගිලිය _____
ආදරේ කියන අකුරු හතර අතරේ කොච්චර තේරුමක් හංගිලා තියෙනවද? අවුරුදු ගානක් පාළුවට ගිහින් තිබ්බ හිතට ඇත්තටම තනිකම හුරු වෙලා තිබුනේ.. ඒත්, අහම්බෙන් වගේ ඔයා ඇවිත් කොච්චර නම් දේවල් වෙනස් කරල ගියාද? ඔයා ඔය ගොඩක් ලස්සනයි කියන, ඔයා ඇරෙන්න වෙන කවුරුවත්ම දැකල නැති හිනාව මට ඇත්තටම අරන් ආවේ ඔයා..
ජීවිතේ ලස්සනයි ඇත්තටම.. දවස තිස්සේ කොච්චර කතා බහ කලත් හැමදම රෑට දිගම දිග මැසේජ් එක්ක ලිවුවත් මේ කියන්න තියෙන දේවල් තාමත් අසම්පුර්ණයි කියලා හිත්ට දැනෙනවා.. ඒ දේවල් මෙහෙම හරි ලියලා තියන්න ඕන කියලා හිතුවත් මේ අකීකරු සිතුවිළි හරි හැටි තාමත් මට ලියා ගන්න බැරි හැටි..
ජීවිතේ එක ලස්සන හීනයක් මම බොහොම කාලෙකට පස්සේ දකිනවා.. ඒ ඔයා එක්ක...
සඳ කුමරිට අත වනාගෙන
දේදුන්නක පාට අරගෙන
ලස්සන හීනෙක කතාවක්
අරන් එන්නම් නුඹ ලගටම..
පින්න මතින් මල් වැටුන
සේපාලිකා මල් සුවදක
හෙමීට නුඹත් එක්ක ඇවිදින්න
මම ඉන්නම් මග බලාගෙන..
රිදුන, දුක් උන හිතකට
තවරා ආදරය හෙමිහිට
සතපන්නම් මගේ හිත මතම
ආදරෙන් ආයෙම හිනැහෙන්න..
නවතින්න ආදරෙන් හැමදාම
විවර කල ආදරේ හිතක
නුඹ නවතින්න හැමදාටම
දොරගුළු වසාගෙන හෙමිහිට..
නුඹට ආදරේ හිමිදිරියක
පායා විත් නුඹ ලගටම
හිරු කුමරුව ඔය ආදරේට
සුවද වෙන්නම් ඔය හිතට..
රැදෙන්නම් ඔය හිත ලගම
තවරා හිරු කිරන ආදරෙන් හිතට
සැගවෙන්නම් මොහොතකට ඈත
මම ආදරේ සඳවතිය දැක ගන්න..
පායා විත් නුඹ මගේ රෑ අහසට
හිනැහෙන්න සඳවතිය හෙමිහිට
තරු අතර රැදී එළියක්ව
ආදරේ අරන් එන්න හීතල සුළගක..
_____ දිනේෂ් උමගිලිය ____




බැන්දට පස්සේ කියන්න තියෙන දේවල් අතුරුදහන් වෙනවා මලයා ටික කාලෙකින් ... අත්දැකීමනේ කියන්නේ.. හි හි...
ReplyDeleteනෑ නෑ.. ඔයාලට එහෙම වෙන එකක් නෑ... දෙන්නම ආස එකම දේවල් වලටනේ... එතකොට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා... ඒක හරි හොදයි... හි හි..
මේ ආදර කතාවේ මට තාම අහුවුනේ නැති අහුමුළු ටිකක් තියෙනවා.. ( මං අනුන් ගේ දේවල් හොයනවා අඩුයි...ඒත් මේ දැකපු අහපු දේවල් වලින් ඇතිවුන කුතුහලය නිසා.. ) පස්සේ දවසක අහලා දැනගන්න පුළුවන් වෙයි නේ.. නේද.....
කවි ගැන නම් සුදෝ... නෝ අයිඩියා... සොරි.....
අනිවා අක්කේ.. බැන්දේ නැතැත් අවු 6ක් 7ක් ලව් කරන කොටත් අන්තිමට කියන්න දේවල් නැති වෙනවා..
Deleteමේ ඇත්තද අනේ. මට හිතෙන්නේ... ඊටත් කලින් ඕක වෙනවා ඇති. බයත් හිතෙනවා අප්පා...:D
Deleteහිරැ අක්කි - මොනාද අෆ්ෆෙ දැන ගන්න තියෙන්නෙ?
Deleteපොඩ්ඩි අක්කි - බය වෙන්න එපා අනේ එහෙම වෙන්නෙ නෑ ;)
හිරු අක්කේ, අෆ්ෆේ එහෙම නොවි ඉන්න වග බලා ගන්න ඕන.. හැබැයි ඉතින් අපි දෙන්නා දවසට පැය 6-7 කියවන හැටියට ඉස්සරහට මොනා හරි හොයාගෙන කතා කරන්න පුළුවන්.. මෙයාගේ කියවිල්ල මම දන්නවනේ... ;)
Deleteමල්සරා, එහෙම කියන්න එපා මචං.. කතා කරන්න දේවල් ඕන තරම් තියෙයි..
Deleteපොඩ්ඩි අක්කා, ඔයා බයයි කියල කොහේ හරි ලිවුවා දැක්කමද මන්දා..
Deleteහිරු අක්කේ, අමතක උනා.. මොනාද හලේ අහන්න තියෙන්නේ.. ඔයා මගේ බුකියේ ඉන්නවද?
Delete//බැන්දේ නැතැත් අවු 6ක් 7ක් ලව් කරන කොටත් අන්තිමට කියන්න දේවල් නැති වෙනවා..//
Deleteඅපෝ බොරු.........
//බැන්දේ නැතැත් අවු 6ක් 7ක් ලව් කරන කොටත් අන්තිමට කියන්න දේවල් නැති වෙනවා.
Deleteමේක නම් ලොකු ම බොරුවක් මගේ අත්දැකීමේ හැටියට. අවුරුදු 6-7ක් නෙවෙයි ඊටත් වැඩි, අත් දුටු ප්‍රත්්යක්ෂ තියරියකි. කවි නම් ලස්සනයි හැමදාමත් වගේ!
හි හි... ලහිරුට නම් තාම මේ වැඩේ වෙලා නෑ ද කොහෙද... ඒහෙනම් හොදයි...
Deleteඅනේ මන්දා පොඩිඩි.. මට නම් එහෙමයි... හි හි..
දිනේශ් මම ඔය බුකිය නම් පාවිච්චියක් ඇත්තෙම නෑ....
මට මේ සර්නේම් එක මතක තිබ්බ නිසා අහන්නේ... උමගිලිය කියලා කොල්ලෙක්ගේ ෂර්ලොක් හෝමස් පරිවර්තන වගයක් දැක්කා එක්සිබිෂන් එකේ... නෑයොද කියලා අහන්න හිතුවා....
නිසූපා අක්කත් එහෙනම් දන්නවා වගේ.. :)
Deleteලහිරු අයියේ, නැතුව නැතුව.. කතා කරන්න දේවල් නම් ඕන තරම් තියේවි..
Deleteහිරූ අක්කේ, බුකිය තිබ්බනම් කතා කරන්න තිබ්බා.. හෙහ්.. අක්කා අපේ නෑයන්ගේ පොස්ට් දෙකම කියෙවුවා නේද? ඒ හන්දා මම දන්නේ උමගිලියලා 6 දෙනයි.. ඒ කෙනෙක් නම් නෙමෙයි ඔන්න පොත ලිවුවේ.. :)
Deleteඅපිනම් දන්නෙ නෑ ඔව්වා
ReplyDeleteඅපිත් දන්නේ නෑ.. :)
Deleteකවි දෙකම ලස්සානයි.. තරහ වෙන්න එපා දිනේෂ් මලයො මධාරගෙ කවියට වැඩිපුර කැමැතියි...
ReplyDeleteබොලා දෙන්නගෙ ජීවිතෙත් මේ කවි වගේම ලස්සන වෙන්න ඔනේ..
ජය ජය !!!
හික් හික් .....
Deleteතැන්කු තැන්කු මී ගොඩයො.... :)
බෑ බෑ.. තරහා වෙන්නම වෙනවා.. කවිය ලස්සනයි කිවුවට නෙමෙයි නම වරද්දලා ලිවුවට... :)
Deleteතැන්කූ තැන්කූ අයියේ... :)
නෑ නෑ එහෙම තමයි නම මධාරා :පි
Deleteමේ කපුනෝනෝ අනන්මනං කියන්න එපා හලි.. :)
Deleteදෙන්නාගේ ආදරේ නම් දෝරේ ගලනවා පේනවා...:D
ReplyDeleteලබන අවුරුද්දේ මුණ ගැහිලා ඒ ආදරේ විදිනකම් ඉවසුමක් නෑ පොඩ්ඩි අක්කේ... :)
Deleteලස්සන කවි ටික..
ReplyDeleteමේ වගේ මී පැණි වෑහෙන ආදරයක් බ්ලොග් අවකාශෙ තියන එක කොච්චර හොඳද අප්පා..
තැන්කූ තැන්කූ රෑ අක්කේ..
Deleteඅපි දෙන්න විතරක් නෙමෙයි අක්කේ.. තව අයගේ ආදර කතා තියෙනවා.. ඉස්සරහට ආරංචි වෙයි හොදේ.. :)
:) :) :)
ReplyDelete:)
Deleteඅනේ අපි නං දන්නෑ! :) :) anyway! සුභපැතුම්!
ReplyDeleteදැන් දන්නවනෙ නේ... :)
Deleteතැන්කූ..
ෂෝයි අනේ.
ReplyDeleteකවි පෙම් පත් :) :)
තැන්කූ ප්‍රමුදි.. :)
Deleteආදරේ කරන දෙදෙනෙක් මේ වගේ ලියනකොට හරිම සුන්දරයි . ඒ දෙන්නගේ හිත් අපිත් කියවනව වගේ කියල හිතෙනව . හැමදාමත් මේ ආදරේ නැවුම්ව තියාගන්න .
ReplyDeleteහැමදාම ලියවෙන ඒවා දැම්මනම් මට වෙන ලියන්න දෙයක් වෙන්නේ නෑ අක්කේ.. හැම්දාම උදේට එයාට බලන්න කවියක් මැසේජ් කරලා උදේ මම නැගිටින්නේ එයා ඒකට ලියලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න ආසාවෙන්... :)
Deleteඅයියගෙයි අක්කිගෙයි දෙන්නගෙම හැකියාව අනර්ඝයි.
ReplyDeleteජය!
තැන්කූ තැන්කූ නංගියෝ..
Deleteලස්සනයි.... ඔයාගේ කවි/සිතුවිලි පණ.
ReplyDeleteමගේ එවුවාට මම ම ලස්සනයි කියන එක හරි නෑ නේ ;)
හා හා.. ඇත්තම කිවුවොත් ඔයාගේ කවිය තමයි ලස්සනම සුදු..
Deleteම්ම්ම් එකකට එක්ක නොදෙවෙනි ආදර සිතුවිලි දෙකක්.... ලස්සනයි ප්‍රේමණීයයි
ReplyDeleteතැන්කූ මගේ කවි අක්කේ... :)
Deleteහරිම ලස්සනයි දෙන්නගෙම කවි දෙක පට්ට
ReplyDeleteජිවිතේ හොඳම දේවල් ලැබෙන්නේ පහුවට :)
අහ් කපු නෝනා.. දැක්ක කල්.. කපුකම කලේ ඔයා නිසා පස්සේ ලැබෙන දේවල් ඔයා හොදට දන්නවා වගේ... :)
Deleteඅනිවාර්යෙන් :ඩි
Deleteහා හා ඒක හොදයි.. මොනා හරි අවුලක් උනොත් මේක සාක්කියට තියා ගන්න පුළුවන්... :)
Deleteකියල වැඩක් නෑ දිනේෂ් අයියේ ආදරේ වැහෙන උතුරලා යන කවි හිත් දෙකක් ඇස් වහක් නෑ කටවහක් නෑ..
ReplyDeleteතැන්කූ තැන්කූ පැතුම් මලයා... :)
Deleteමේන් හොරෙන් හොරෙන් කවි ලියලා එලි පිටම පබිලිස් කරලා..
ReplyDeleteහි හි..
ඇත්තටම කවි දෙකම ලස්සනයි..
යුග දිවියට සුභාසිරි...!!!
හොරෙන් නෙමෙයි මලයා.. මදාරගේ කව්යනම් ඇති එයාගේ බුකියේ..
Deleteතැන්කූ තැන්කූ..
"යුග දිවියට සුභාසිරි.."
මෙන්න මේක සෑහෙන වටිනවලු හොදේ.. :)
කාලෙකින්ද මන්ද කවියක් දකින්න හම්බුනේ! අපි නොදැක්කට දෙන්න හෝ ගාල කවි හුවමාරු කරනව වගේ. කවි දෙකම නියමයි!
ReplyDeleteබ්ලොග් එකේ කවියක් දැම්මෙනම් ගොඩක් කාලෙකින් තමයි ඇත්තටම.. හැබැයි කිවුවත් වගේ හැමදම ලියනවා.. හැමදාම ලියන එවා දානවනම් වෙනම බ්ලොග් එක්ක පටන් ගන්න වෙනවා.. :)
Deleteදෙන්න කවි ලියල බොරු නම් දාල වගේ..
ReplyDeleteකවි ටික නම් පංකාදු පහයි අයියා..
බොරු නම් නෙමෙයි සුදා මල්ලී.. ඇත්තම නම් තමා.. :)
Deleteඅක්කගෙ කවි ටික තමයි වැඩිය ලස්සන.ඔයාගේ ඉතින් රිප්ලයි එක නොවැ.ඒක නිසා වෙන්න ඇති අක්කගෙ කවියට වඩා රස මදි.තරහ වෙන්නෙපා හොදද ඉස්සෙල්ල ආපු කනට වඩා පස්සෙ ආපු අග ලොකු වුණා කියල..D
ReplyDeletewish you two all the best......!
හෙහ් හෙහ්.. එහෙම නේන්නම් වෙලා තියෙන්නේ.. හා හා ඒකට මොකෝ.. මම මොකො මදාරා මොකෝ..
Deleteතැන්කු තැන්කු නංගියේ..
කවි දෙකම එකම වගේ ආදරේ පිරිලා ඉතිරෙනවා.....:)
ReplyDeleteතැන්කූ ලිහිණි අක්කේ..
Deleteජිවිතයම ලස්සන පද වැලක් වෙවා.............. අපුරුයි කවි සිත් 2 ක් එකට හම්බුනාම...............
ReplyDeleteතෑන්ක්ස් සචිත්..
Deleteආදරේට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා මේ ආදරේ දැක්කහම......
ReplyDeleteආදරේට අපි කවුරුත් ගොඩක් ආදරෙයි..
Deleteකවිය නම් නියමයි.
ReplyDeleteෆෝටෝ එකටත් අදාළ පුද්ගලයන් ආදේශ උණානම් නියමම නියමයි :) :) :) :) :)
මගේ උණුසුම් සුබ පැත්ම් අක්කටයි අයියටයි දෙන්නටම !!!!! :) :) :) :) :)
* පැතුම්
Deleteඑහෙම ෆොටො එක්ක ගන්න අපිත් සෑහෙන ආසාවෙන් ඉන්නේ.. තව ටික දවසක් ඉන්න ඕනනේ ඉතින්... :)
Deleteතැන්කූ අමා...
අඩේ බැන්දය?? අපි දන්නේ නෑ නේ :ඔ
ReplyDeleteමයි දෙය්යෝ කාලය මැව් වෙනසක අරුමේ
සුබපැතුම් එහෙනම්...
බැන්දා බැන්දා.. ඇයි මතක නැද්ද මම සතියකට අතුරුදහන් උනා.. කවුරුවත් වෙලාවට ඒක මීටර් කරලා නෑ.. :)
Deleteඅදයි බං උබේ පෝස්ටුවක් නිදහසේ බැලුවේ..
ReplyDeleteආදරය අනේ මන්දා දෝරෙගලා..
සෑමා මේ දවස් වල සෑහෙන බිසි වගේ.. පවුල් පන්සල් වෙන්න ලගද මන්දා.. :)
Deleteවෙනද වගේම ලස්සනයි..
ReplyDeleteජයම වේවා ඔයාලට :)
තැන්කූ හිරු..
Deletegodak kalekin awe...hamadama wage lassanayi kawi tika.issara idalama mama dineshge kawiwalata hari asayi.namuth kiyanna oni ada oyage kawiya paradayi wage haguna..oyage pilithuru kawiya lassanayi eke wenasak na namuth hariyata kiyeuwoth madarage kawiyata madiwage....
ReplyDeletekalekin awith panditha kathawak kiuwanam samawa duna manawa...
subapathanawa hamadama oya adareta....
ඔයාලට වගේ මට ලේසියෙන් මදාරට පිළිතුරු කවි ලේසියෙන් ලියන්න බෑ.. ඒ හන්දා එහෙම වෙන්න ඇති.. කෝමත් මදාරගේ කවිය ලස්සනයි.. මදාරා මගේ නිසා කිවුවා නෙමෙයි.. :)
Deleteසෑහෙන කාලෙකින් නේන්නම්.. කෝ නංගී.. එයාව දැක්කෙත් නෑ කාලෙකින්..
එක ලෙස හිතන හදවත් තව ලං වේවා..
ReplyDeleteහත් නිවුන්නු හත් පාරක් ඉපදේවා... :D
හෆ්ෆා.. හත් නිවුන්නු හත් පාරක්.. උඹත් එක්ක බෑ ඇපල්... බැරිද මේ සුභ පැතුම සංශෝදනය කරන්න.. :)
Deleteදෙන්නගෙම කවි ලස්සනයි අයියේ...
ReplyDeleteහැමදාම මේ විදියට උතුරන ආදරය පවතීවා කියලා හදවතින්ම සුභ පතනවා ඔයාල දෙන්නටම....:)
අපිට ටෙඩීගේ ලෝකෙනුත් මෙහෙම කවි බලන්න පුලුවන් වෙයි නේද?
Deleteසුවඳ විහිදෙන මේ ආදරේ දෙදෙනා ලඟ සදාකල්ම රැඳේවා!
ReplyDeleteගොඩක් ස්තූතියි අක්කේ..
Deleteමේ සතුට හැමදාටම රැඳේවා!
ReplyDeleteඉක්මනටම සියරට පළ දිනේෂ් මචෝ.....
අනිවා කස්සා.. කොහෙද මේ නිවාඩු හරහට හිටියනේ.. නැත්නම් මෙලහටම ලංකාවේ..
Deleteජිවිතයේ අදුර මැද
ReplyDeleteතනිවි සිටි මා ලගට
අහමිබෙන් වුවද නුබ පැමිනි දින
මා කිසි දිනක නොසිතුවෙමි..........
මාගේ ජිවිතේ ආලෝකය නුබ පමණක්ම බව
අසරණ වුණ මගේ හිතට.........
දරා ගන්න බැරි තරමි ආදරයක් මට දෙද්දි
කෙලෙසක නුබ හැර යමිද.........?
කාලෙකට කලින් කොහෙදිදෝ දැකපු එකක් !
-_ ඩී -_
කොහෙදි හරි දැක්ක එකක් උනත් හොදට මතයේ තිබිලා.. :)
Deleteදෙන්නගෙම කවි ටික ගින්දර ඈ... මරු ඈ..
ReplyDeleteඑළ එළ....
ReplyDeleteලස්සනයි ගොඩක් මේ කවිකම් දෙකම.. :)
ReplyDeleteආදරේ කරන්නම ඕනේ ආදරේ දැනෙන්න. විරහව විදින්නම ඕනේ ඒ ගැන දැනෙන්න. ඒත් විරහව මොනතරම් දරුණුද දන්නේ ඒ විඳපු කෙනෙක් විතරක් හින්දා ආදරේ සැරටම දැනුනට කමක් නෑ.
ReplyDelete