ගැට කපන්නා ( කෙටි කතාව )
කොටුව බෝධිය ලග ගල් බැම්මේ වාඩි වෙලා ඒ මේ අත ඇවිදන් යන මිනිස්සු දිහා බොහෝම උවමනාවෙන් බලාගෙන හිටියේ ටිකක් විතර සල්ලි කාරයෙක් ඇවිදන් යනවා ඇහැට නතු කරගන්න හිතාගෙන..
" මොකද බං ඔච්චර ඕන කමින් බලං ඉන්නේ.. කාගේ හරි එකක් උස්සන්නේ නැතුව.."
" එහෙම බෑ බං.. සීයේ දෙසියේ කෑලි වලින් වැඩක් නෑ.. දුවනවටත් ණයයි.."
" උඹ එහෙනම් ඔහොම බල බල ඉදපං.. මම යනවා සෙනග අස්සට.."
දෑත් පිරිමදිමින් කොටුවේ මංතීරු අතර ඇවිදින මිනිසුන් අතරට ගිය කළුවා දිහා මොහොතක් බලාගෙන ඉදලා ආයෙම මිනිස්සු දිහා බැළුවේ කළුවා වගේම දවසේ අන්තිමේ හොයන්න ඕන ගානක් මටත් නියම වෙලා තිබ්බ නිසා..
සාමාන්‍ය විදිහට ඇද පැලද ගත්ත මිනිස්සු ගොඩක් අතරේ සල්ලි තියෙයි කියලා හිතෙන මිනිහෙක් හොයන එක දැන් දැන් අමාරු වැඩක් වෙලා.. බලන් ඉදලා බලන් ඉදලා කාටත් නොපෙනෙන්න හොරා ගන්න පසුම්බියේ දාහක් වත් නැති වෙද්දි හිතෙන්නේ අපිටත් වඩා පාරේ යන මිනිස්සු දුප්පත්ද කියලා.. වෙලාවකට ඔවුන් ගැන දුකක් හිතුනත් දැන් මේකට අපි පුරුදු වෙලා..
ගොඩක් වෙලා බලන් ඉද්දි ඈතින් ඇවිදන් ආපු එක මහත්තයෙක් පේමන්ට් එකේ වයසක අංකල් කෙනෙක්ගෙන් මොනාදෝ අරන් දාහේ කොලයක් දික් කරලා මගේ ලග මාරු නෑ කියලා හයියෙන් කිවුවේ අද දවසේ මගේ පළවෙනි මහන්සිය ලග ලගම කියන්න වගේ..
වාඩි වෙලා හිටිය ගල් බැම්මෙන් නැගිටලා ඒ මහත්තයා හිටිය තැනට හෙමින් ලං වෙලා ඔහුත් එක්කම අඩි කීපයක් ඔහුටත් නොදැනෙන්නම ඇවිදන් ඇවිත් හෙමිට අත දාලා පසුම්බිය මගේ කරගෙන අනිත් පැත්ත හැරිලා එද්දිත් ඔහුට ඒක දැනුනේ නෑ.. මගේ වාසනාව.. මම තනියම හිතුවා..
..............................................
" ඔයා ගොඩක් වෙලාද ඇවිත්?"
" නෑ දැන් ටිකක් වෙලා.."
" ගාමන්ට් එකෙන් එන්න ටිකක් පරක්කු උනා සුගත්.."
" හරි ළමයෝ.. ඒකට කමක් නෑ.."
" ඔයා මොකක් හරි හිතේ කරදරේකද සුගත්?"
" නෑ කාන්ති.."
" නැති වෙන්න බෑ.. ඔයාගේ මුණෙන් ඒක පේනවා.. කියන්න මට.."
හිතේ කොච්චර දේවල් තිබ්බත් ඒක කවදාවත්තම කාන්තිගෙන් හංගන් ඉන්න මට බැරි ඇයි? එයාට හොදට මගේ හිත කියවන්න පුළුවන්.. ඒත් මේ දේ එයා එක්ක කොහොම කියන්නද කියලා මට හිතා ගන්න බෑ..
" ඇයි සුගත්.."
ඒ ආදරණිය හඬ ලග තවත් නිහඬව ඉන්න බැරි තරම්.. නිරායාසයෙන්ම ඇයත් එක්ක හිතේ තියෙන දේ හැමදෙයක්ම වගේ කියවෙන්නේ ඒ ආදරේ ලොකු බැදීම නිසා..
" අද ලොකු මහත්තයා ඇවිත්.. මාව හොයනවා.."
" ඉතින් ඔයා ගියාද?"
" නෑ.."
" ආයෙම ප්‍රශ්ණයක් ඇතිවෙයිද?"
" මට ඕන මේ ජීවිතෙන් මිදෙන්න.. මේක අපායක්.."
" මේක ආපාහු හැරෙන එක අමාරු පාරක් සුගත්.."
මගෙන් ටිකක් ඈතට වෙලා ඈත බලාගෙන එහෙම කියපු ඈ දිහා මම බැළුවේ පුදුමෙකින් නෙමෙයි.. කාන්ති මේ කතාව කී දවසක් නම් කියන්න ඇත්ද? මම තනියම කල්පනා කලා..
" දන්නවද සුගත්, අපේ ජිවිත අතරින් ගලාගෙන යන මේ කුණු ඇලෙන් ලොකු දුඟදක් එනවා කියලා ඔයා දන්නවද? අපිට ඒක දැනෙන්නේ නෑ.. ඒ අපි ඒකට හුරු වෙලා නිසා.. ඒත් පිට කෙනෙක්ට මේක හොදට දැනෙනවා.. ඒ වගේ තමයි ඔයාගේ ජීවිතෙත්.. මේ කාටත් ඔයා සාමාන්‍ය කෙනෙක්.. ඒත් ඔයා මෙතනින් පිටතට ගියාම මේ ගති ඔයාටත් වඩා අනිත් අයට දැනේවි.. එදාට ඔයාට මට ජීවත් වෙන්න අමාරු වේවි.. තැනකින් පැනලා යනවට වඩා ඕන කරන්නේ ඒ දේ හදා ගන්න එක.. පුළුවන්නම් ඒක කරන්න බලන්න.."
මට වඩා හොදට ඉගෙන ගත්තු ඇගේ අදහස් ලග හැමදාම වගේ අන්තිමේ මම නිරුත්තරයි.. කාන්තිට මට වඩා හොද සම්බණ්දයක් ඇති කර ගෙන ලස්සනට ඉන්න තිබ්බා..
" මම යනවා සුගත්.. පරක්කු උනා.."
බන්ට් එක දිගේ පාරෙන් පැනලා ඈතට යන කන්ති දිහා බලාගෙන කල්පනා කලේ යමින් ගමන් එයා කියලා ගිය දේවල් ගැන..
" පුතා තාත්තව බලන්න ඉස්පිරිතාලේ යන්නේ කවද්ද?"
" යන්න ඕන අම්මේ.. ඒත් තාත්තව බලන්න යන්න තරම් හිතේ හයියක් මට දැන් නෑ.."
" එහෙම කියන්න එපා පුතේ.. උඹ උන්දැව දැන් හය මාසෙකින් විතර ගිහින් බැලුවේ නෑ මයෙ හිතේ.."
" තාත්තට මේ දේ උනේ මම නිසා අම්මේ.. එදාට වඩා ඒ දේ බරපතල කම දැනෙන්නේ අද.. ඒත්,,"
ඉස්කෝලේ හැම පොඩි එකෙක්ටම අකුරු කියලා දීලා උන්ට හොද නරක කියලා දෙන්න ගොඩක් මහන්සි උන තාත්තට ඇත්තටම මාව මග ඇරුනේ කොතනකදිද කියන්න තාත්තවත් මමවත් හරියට දන්නේ නෑ.. ඉස්කෝලෙන් කට්ටි පැනලා සිකරට් එකක් බොන්න සල්ලි නැති වෙන කොට ඉස්කෝලෙම ලොකු සර්ගේ පර්ස් එක හොරෙන් අර ගත්තේ අදුරුම ගමනක මුල් අඩිය විදිහට කියලා එදා නොතේරුන හැටි..
" හැමෝටම හොද නරක කියලා දුන්න මට උඹව හදා ගන්න බැරි උනා.."
පියවි සිහියෙන් තාත්තා ඒ කියපු අන්තිම වචන ටික තාමත් ගෙදර මේ බිත්ති අතරේ ඇහෙනවා වගේ.. වරදකරු මමය කියන සිතුවිල්ලත් එක්ක මදුවිතින් මත් උන රැයන් කීයක් නම් ඒ මතකය අමතක කරන්න දගලන්න ඇත්ද? ඒත්..
" මොනාද පුතේ උඹ කල්පනා කරන්නේ.. මම ලොකු අම්ම එක්ක කතා කලා.. උන්දෑ කිවුවා උඹව එහේ එවන්න කියලා.."
" මම යන තැනක යන්නේ කාන්ති එක්ක.."
" එහෙමනම් උඹට කවදාවත් මේකෙන් යන්න වෙන්නේ නෑ.. ඒ කෙල්ල හොද උනත් මහ උන් උඹට කවදාවත් ඒකිව දෙන්නේ නෑ.. ඒක මම උඹට කියන්න ඕන නෑනේ.."
හැම අතකින්ම බැදුන බැදීම් ජීවිතේ හැම පැත්තකින්ම හිර කරනවා.. එක් පැත්තකටවත් යන්න බැරි විදිහට.. ගන්න තීරණේ තමන් වෙනුවෙත් උනත් ඒක ගන්න කලින් කී දෙනෙක් ගැන හිතන්නද..
" සුගා ලොකු මහත්තයා යක්ශයා වගේ උඹව හොයනවා.."
" කළුවා.. මොකො බං මේ?"
" මම උඹට ඊයේ එන්න කිවුව වෙලේ එන්න ඕන.. එහෙම උනානම් මේ ප්‍රශ්ණ මුකුත් නෑ."
" දැන් මොකද්ද උනේ කියහං.."
" උඹ ලොකු මහත්තයා ආව හැම වෙලේම මග ඇරියා කියලා උන්දැට අපේ එක එක කේලම් කියලා.. දැන් ඉන්නේ යක්ශයා ආවේශ කරන්.. උඹ ආවේ නැතත් හරි.. ඇයි උන්දැගේ සම්තින් එක එවුවේ නැත්තේ.. දන්නවනේ ඒක නැති උනාම.."
" ජීවිතේ අසරණ උන නිසා වැරදි පාරකට වැටුනා.. ඒ වැරදි පාරේ කෙලවරක ඉදන් සුදු ඇද ගත්ත මිනිස්සු උන්ගේ ඕන එපාකම් ඉශ්ඨ කර ගනිද්දි ඒකට කොහොම උනත් කට වහන් ඉන්න බෑ.."
" මට උඹ කියන දේවල් තේරෙන්නේ නෑ බං.. උඹ දැන්ම පුළුවන්නම් කොහාට හරි පලයං.."
" අනේ ඔවු පුතේ.. උඹ දැම්ම ලොකු අම්මලගේ දිහා යන්න ලෑස්ති වෙයන්.."
කාටත් හොරා පැනලා යන එක හැමදාම ජීවිතේ එක දෙයක් උනත් හැමදාම හැම දේකින්ම පැනලා යන්න බැරි දවසක් එනවා.. අදත් එහෙම දවසක් නම්..
" උඹ ඔහොම හිටහං මම කාන්ති හම්බුවෙලා එන්නම් ඉක්මනට.."
ලී ගෙවල් පේලි අතරින් ඇවිදන් යද්දි ඇයව මතක් උනාම තව එකම එක වතාවක් හරි ඇයත් එක්ක කතා නොකර යන්න හිත දුන්නේ මේ අන්තිම මොහොත වෙයිද කියන හිතේ සැකය හින්දම..
" උඹට පිස්සුද බං.."
" පොඩ්ඩක් හිටහන්.."
ලෑලි බිත්ති අතර පටු තිර වලින් මෑත් වෙමින් හදිස්සියේ දුවන් ආපු ගමනට නොහිතපු විදිහට නැවතිමක් ලැබුනේ හැමදාම දුවලා ගිහින් හංගෙන්න හිතපු ජීවිතේ නරකම කොටසක් දෑස් ඉස්සරහම මැවුන නිසා..
ආයෙම ආපහු හැරීමක් නෑ.. දැන් ඒකට කාලයත් නෙමෙයි.. ජීවිතේ එක තැනක් වැරදුනා.. හදා ගන්න බැරි විදිහට.. මේ ඒකට ලැබෙන ලොකුම දඬුවම නම්...
" සුගා.. මොකෝ බං කරන්නේ.. වරෙන් යන්න සෙට් වෙන්න.."
ලෑලි ගෙවල් පේලි අතරින් අඳුරු පාටට ගලාගෙන ගිය පටු ඇල තීරය දිහා බලාගෙන කල්පනා කරමින් ඉද්දි පිටටත් පාරක් ගහගෙනම කළුවා කතාවට වැටුන එක ඒ වෙලාවේ දැනුනේ මහා හිසරදයක් විදිහට..
" අද මට බෑ.. උඹ පලයං.."
" අද ලොකු මහත්තයත් එන දවස.. උඹ බෑ කියලා කොහොමද?"
" ඒ හන්දම තමයි එන්න බෑ කියන්නේ.."
" උඹ ආයෙම ප්‍රශ්ණයක් දා ගන්නද හදන්නේ?"
" ප්‍රශ්ණයක් වෙනවනම් උන දෙන්.."
" උඹට පිස්සු.. මට බෑ උඹත් එක්ක ඉදලා මේවට නිකන් පැටලෙන්න.. මම යනවා.. උඹ එනවනම් වරෙන්.."
ඇල අද්දරින් වැටිලා තිබ්බ පොඩි අඩි පාර දිගේ තමම්ට හුරු රස්තියාදු ගමනින් ඇවිදන් ගිය කළුවා දිහා මොහොතක් බලන් ඉදලා ආයෙම ඈත කෙලවර බලද්දි බන්ට් එක දිගේ ඇවිදන් එන කාන්තිව දැක්කම හිතේ තිබ්බ නොසන් සුන් කම නැති වෙලා ගියේ ඉබේටම වගේ..
" ඔයා ගොඩක් වෙලාද ඇවිත්?"
" නෑ දැන් ටිකක් වෙලා.."
" ගාමන්ට් එකෙන් එන්න ටිකක් පරක්කු උනා සුගත්.."
" හරි ළමයෝ.. ඒකට කමක් නෑ.."
" ඔයා මොකක් හරි හිතේ කරදරේකද සුගත්?"
" නෑ කාන්ති.."
" නැති වෙන්න බෑ.. ඔයාගේ මුණෙන් ඒක පේනවා.. කියන්න මට.."
හිතේ කොච්චර දේවල් තිබ්බත් ඒක කවදාවත්තම කාන්තිගෙන් හංගන් ඉන්න මට බැරි ඇයි? එයාට හොදට මගේ හිත කියවන්න පුළුවන්.. ඒත් මේ දේ එයා එක්ක කොහොම කියන්නද කියලා මට හිතා ගන්න බෑ..
" ඇයි සුගත්.."
ඒ ආදරණිය හඬ ලග තවත් නිහඬව ඉන්න බැරි තරම්.. නිරායාසයෙන්ම ඇයත් එක්ක හිතේ තියෙන දේ හැමදෙයක්ම වගේ කියවෙන්නේ ඒ ආදරේ ලොකු බැදීම නිසා..
" අද ලොකු මහත්තයා ඇවිත්.. මාව හොයනවා.."
" ඉතින් ඔයා ගියාද?"
" නෑ.."
" ආයෙම ප්‍රශ්ණයක් ඇතිවෙයිද?"
" මට ඕන මේ ජීවිතෙන් මිදෙන්න.. මේක අපායක්.."
" මේක ආපාහු හැරෙන එක අමාරු පාරක් සුගත්.."
මගෙන් ටිකක් ඈතට වෙලා ඈත බලාගෙන එහෙම කියපු ඈ දිහා මම බැළුවේ පුදුමෙකින් නෙමෙයි.. කාන්ති මේ කතාව කී දවසක් නම් කියන්න ඇත්ද? මම තනියම කල්පනා කලා..
" දන්නවද සුගත්, අපේ ජිවිත අතරින් ගලාගෙන යන මේ කුණු ඇලෙන් ලොකු දුඟදක් එනවා කියලා ඔයා දන්නවද? අපිට ඒක දැනෙන්නේ නෑ.. ඒ අපි ඒකට හුරු වෙලා නිසා.. ඒත් පිට කෙනෙක්ට මේක හොදට දැනෙනවා.. ඒ වගේ තමයි ඔයාගේ ජීවිතෙත්.. මේ කාටත් ඔයා සාමාන්‍ය කෙනෙක්.. ඒත් ඔයා මෙතනින් පිටතට ගියාම මේ ගති ඔයාටත් වඩා අනිත් අයට දැනේවි.. එදාට ඔයාට මට ජීවත් වෙන්න අමාරු වේවි.. තැනකින් පැනලා යනවට වඩා ඕන කරන්නේ ඒ දේ හදා ගන්න එක.. පුළුවන්නම් ඒක කරන්න බලන්න.."
මට වඩා හොදට ඉගෙන ගත්තු ඇගේ අදහස් ලග හැමදාම වගේ අන්තිමේ මම නිරුත්තරයි.. කාන්තිට මට වඩා හොද සම්බණ්දයක් ඇති කර ගෙන ලස්සනට ඉන්න තිබ්බා..
" මම යනවා සුගත්.. පරක්කු උනා.."
බන්ට් එක දිගේ පාරෙන් පැනලා ඈතට යන කන්ති දිහා බලාගෙන කල්පනා කලේ යමින් ගමන් එයා කියලා ගිය දේවල් ගැන..
..............................................
" පුතා තාත්තව බලන්න ඉස්පිරිතාලේ යන්නේ කවද්ද?"
" යන්න ඕන අම්මේ.. ඒත් තාත්තව බලන්න යන්න තරම් හිතේ හයියක් මට දැන් නෑ.."
" එහෙම කියන්න එපා පුතේ.. උඹ උන්දැව දැන් හය මාසෙකින් විතර ගිහින් බැලුවේ නෑ මයෙ හිතේ.."
" තාත්තට මේ දේ උනේ මම නිසා අම්මේ.. එදාට වඩා ඒ දේ බරපතල කම දැනෙන්නේ අද.. ඒත්,,"
ඉස්කෝලේ හැම පොඩි එකෙක්ටම අකුරු කියලා දීලා උන්ට හොද නරක කියලා දෙන්න ගොඩක් මහන්සි උන තාත්තට ඇත්තටම මාව මග ඇරුනේ කොතනකදිද කියන්න තාත්තවත් මමවත් හරියට දන්නේ නෑ.. ඉස්කෝලෙන් කට්ටි පැනලා සිකරට් එකක් බොන්න සල්ලි නැති වෙන කොට ඉස්කෝලෙම ලොකු සර්ගේ පර්ස් එක හොරෙන් අර ගත්තේ අදුරුම ගමනක මුල් අඩිය විදිහට කියලා එදා නොතේරුන හැටි..
" හැමෝටම හොද නරක කියලා දුන්න මට උඹව හදා ගන්න බැරි උනා.."
පියවි සිහියෙන් තාත්තා ඒ කියපු අන්තිම වචන ටික තාමත් ගෙදර මේ බිත්ති අතරේ ඇහෙනවා වගේ.. වරදකරු මමය කියන සිතුවිල්ලත් එක්ක මදුවිතින් මත් උන රැයන් කීයක් නම් ඒ මතකය අමතක කරන්න දගලන්න ඇත්ද? ඒත්..
" මොනාද පුතේ උඹ කල්පනා කරන්නේ.. මම ලොකු අම්ම එක්ක කතා කලා.. උන්දෑ කිවුවා උඹව එහේ එවන්න කියලා.."
" මම යන තැනක යන්නේ කාන්ති එක්ක.."
" එහෙමනම් උඹට කවදාවත් මේකෙන් යන්න වෙන්නේ නෑ.. ඒ කෙල්ල හොද උනත් මහ උන් උඹට කවදාවත් ඒකිව දෙන්නේ නෑ.. ඒක මම උඹට කියන්න ඕන නෑනේ.."
හැම අතකින්ම බැදුන බැදීම් ජීවිතේ හැම පැත්තකින්ම හිර කරනවා.. එක් පැත්තකටවත් යන්න බැරි විදිහට.. ගන්න තීරණේ තමන් වෙනුවෙත් උනත් ඒක ගන්න කලින් කී දෙනෙක් ගැන හිතන්නද..
" සුගා ලොකු මහත්තයා යක්ශයා වගේ උඹව හොයනවා.."
" කළුවා.. මොකො බං මේ?"
" මම උඹට ඊයේ එන්න කිවුව වෙලේ එන්න ඕන.. එහෙම උනානම් මේ ප්‍රශ්ණ මුකුත් නෑ."
" දැන් මොකද්ද උනේ කියහං.."
" උඹ ලොකු මහත්තයා ආව හැම වෙලේම මග ඇරියා කියලා උන්දැට අපේ එක එක කේලම් කියලා.. දැන් ඉන්නේ යක්ශයා ආවේශ කරන්.. උඹ ආවේ නැතත් හරි.. ඇයි උන්දැගේ සම්තින් එක එවුවේ නැත්තේ.. දන්නවනේ ඒක නැති උනාම.."
" ජීවිතේ අසරණ උන නිසා වැරදි පාරකට වැටුනා.. ඒ වැරදි පාරේ කෙලවරක ඉදන් සුදු ඇද ගත්ත මිනිස්සු උන්ගේ ඕන එපාකම් ඉශ්ඨ කර ගනිද්දි ඒකට කොහොම උනත් කට වහන් ඉන්න බෑ.."
" මට උඹ කියන දේවල් තේරෙන්නේ නෑ බං.. උඹ දැන්ම පුළුවන්නම් කොහාට හරි පලයං.."
" අනේ ඔවු පුතේ.. උඹ දැම්ම ලොකු අම්මලගේ දිහා යන්න ලෑස්ති වෙයන්.."
කාටත් හොරා පැනලා යන එක හැමදාම ජීවිතේ එක දෙයක් උනත් හැමදාම හැම දේකින්ම පැනලා යන්න බැරි දවසක් එනවා.. අදත් එහෙම දවසක් නම්..
" උඹ ඔහොම හිටහං මම කාන්ති හම්බුවෙලා එන්නම් ඉක්මනට.."
ලී ගෙවල් පේලි අතරින් ඇවිදන් යද්දි ඇයව මතක් උනාම තව එකම එක වතාවක් හරි ඇයත් එක්ක කතා නොකර යන්න හිත දුන්නේ මේ අන්තිම මොහොත වෙයිද කියන හිතේ සැකය හින්දම..
" උඹට පිස්සුද බං.."
" පොඩ්ඩක් හිටහන්.."
ලෑලි බිත්ති අතර පටු තිර වලින් මෑත් වෙමින් හදිස්සියේ දුවන් ආපු ගමනට නොහිතපු විදිහට නැවතිමක් ලැබුනේ හැමදාම දුවලා ගිහින් හංගෙන්න හිතපු ජීවිතේ නරකම කොටසක් දෑස් ඉස්සරහම මැවුන නිසා..
ආයෙම ආපහු හැරීමක් නෑ.. දැන් ඒකට කාලයත් නෙමෙයි.. ජීවිතේ එක තැනක් වැරදුනා.. හදා ගන්න බැරි විදිහට.. මේ ඒකට ලැබෙන ලොකුම දඬුවම නම්...
නිමි..

කවුද මේ ලොකු මහත්තයා ??
ReplyDeleteසමාජයේ හොද මූණ පෙන්නන් ඉන්න ඕනම කෙනෙක් වෙන්න පුළුවන් නේද?
Deleteඅනේ අයියෙ පොතක් ගහන්නකෝකෝකෝ... :(
ReplyDeleteඒකනේ..
Deleteporondu welaa inne..:)
Deleteආගන්තුකයා : ඒකට ඕන කරන කතා ලියමින් ඉන්නේ මලයා..
Deleteවකා : ටිකක් ඉවසලා ඉමු නේ...
Deleteඇනෝ : මගේ කලින් කතාවයි කමෙන්ට් ටිකයි හොදට කියවපු කෙබෙක් වගේ... :)
Deleteගැට කපන්නෙක්ම නොවුනත් ඊට ටිකක් සමාන වෘත්තියක් කරන මගේ ඉස්කෝලෙ යාළුවෙක් ඉන්නව. ඒ ජීවිත ගැන, ඒ මිනිස්සුන්ගෙ ඇතුලාන්තය ගැන දැනගන්න නං ඔවුන්ට සමීප වෙලා බලන්නම වෙනව. හොඳට ලියල තියනව මලයෝ. මට යාළුව මතක් උනා.
ReplyDeleteහ්ම්ම්.. ඇත්ත අයියේ.. මේ ලියපු දේත් සාර්ථක නැතුව ඇති.. මොකද මම මගේ හිතේ හිතුන විදිහට මේක ලිවුවේ.. ඒ ජීවිත වල කතාව මීටත් වඩා අදුරු ඇති.. මම හිතන්නේ...
Delete" එහෙමනම් උඹට කවදාවත් මේකෙන් යන්න වෙන්නේ නෑ.. ඒ කෙල්ල හොද උනත් මහ උන් උඹට කවදාවත් ඒකිව දෙන්නේ නෑ.. ඒක මම උඹට කියන්න ඕන නෑනේ.."
ReplyDeleteඅඩු ගානේ වැරදුනේ කොතැනද කියලා තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් හදා ගන්න උත්සාහයක් වත් කරන්න පුළුවන්... ඒත් මේ සමාජෙය් නම් බෑ.... මට මතක් උනේ අර Gridiron Gang කියන film එක
ඇත්ත හිරු අක්කේ.. වෙනස් වෙන ඕන කියලා හිතුනත් ඒකට ඉඩක් නෑ.. තැනින් තැනට පැනලා යන එක තාවකාලික දෙයක් විතරක්ම වේවි..
Deleteඅක්ක කියපු ෆිල්ම් එකනම් මම බලලා නෑලු.. ටිකක් හොයන්න ඕන..
වෙනද වගේම තමයි.. ගොඩක් රස වින්ද.. ලස්සනට ලියලා තියනවා..
ReplyDeleteස්තූතියි මලයා..
Deleteකථාව රසවත්.. මුල ඉදන් අගටම ඉවසීමෙන් කථාව ගලපල තියෙනවා....
ReplyDeleteමට ඉංගම්මාරුව නාට්‍ය මාලාව මතක් උනා...
//මට ඉංගම්මාරුව නාට්‍ය මාලාව මතක් උනා...//
Deleteසිරාවටම...
ජය මචං !
මටත්..
Deleteමී ගොඩයා : ගොඩක් ස්තූතියි අයියේ...
Deleteසෑම්, අලෙක්ස් : අළුත් කතාවක්දෝ.. දැන් ලංකාවේ කතා බලන්න වෙන්නේ නැතිවයින් මොනාද කියලවත් දන්නේ නෑ..
Deleteම්ම් කවුරුත් නොදකින පැත්ත්ක බොහොම අපූරුවට ලියලා තියෙනවා.ඒත් මට වසානය අපැහැදිලි.
ReplyDeleteහැමදාම කතාවේ අවසානය හිතන්න ඉඩ තියලනේ අක්කේ මම ලියන්නේ.. ඔයාලට කැමති විදිහක්.. අපහැදිලි උනේ කොයි හරියද අක්කේ..
Deleteමට හිතාගන්ට බෑ මේ වගේ අදහස් ඔලුවට කොහොම එනවද කියලා හරිම තාත්විකයි.
ReplyDeleteසුබ පැතුම් දිනේශ්!!!
කම්මැලි කමට හිතෙන දේවල් නේ පොඩ්ඩි අක්කේ.. ටිකක් ලස්සන කරලා ලිවුවා.. :)
Deleteතැන්කූ හොදේ..
ඉහළ ගණයේ ආත්ම විවරණයක්.මිනිස්සු වෙනස් මාර්ගවල ගමන් කරන්න ඒවටම අදාළ හේතු තියනවනේ.ලස්සන කතාවක්.ජය!!!
ReplyDeleteප.ලි: මුල පේළි ටික කියවද්දි මට බය හිතුණා.මමත් සමහර දවස්වලට කොටුවෙ බෝගහ ළඟ රස්ති පාරක් දානවනේ...
:P
Deleteඇත්ත.. සමාජයේ එක එක හැප්පිම් එක්ක ඔවුන් වෙනස් මාර්ග වලට වැටෙනවා.. ඒත් හොදයි කියලා හිතන් ඉන්න පැත්තේ අය ඒ දිහා බලන්නේ නෑ.. හොයන්නේ කරන දේ වැරැද්ද විතරමයි..
Deleteප.ලි : හොද වෙලාවට මම ලංකාවේ හිටියේ නැත්තේ.. නැත්නම් මම කොටුව ලගදි යාළුවව දැකලා මේ කතාව ලිවුවා වෙනවා.. :)
මොකො අග්නියෝ.. දිව.... :)
Deleteඅපූරු ලියවිල්ලක්. ගොඩක් අඳුරු ජීවිත වල තත්වය/ඇතුළාන්තය ඔය වගේ තමයි!
ReplyDeleteඔව් අයියේ.. ඒත් ඒ ඇතුලාන්තය මීටත් වඩා අදුරු ඇති..
Deleteමගෙ මැටි කමද කොහෙද, අන්තිම ට වුණේ මොකද කියල අපැහැදිලියි මල්ලි ටිකක්. ඒ කියන්නෙ එයා ඉස්සරහට ලොකු මහත්තයා, හෝ වෙන පාතාලෙ වගේ කෙනෙක් ආවද එයාව මරන්න?
ReplyDeleteඔව් අක්කේ.. මේ ජීවිත වලින් එහෙම ලේසියෙන් පැනලා යන්න අමාරුයි.. මම අහලා තියෙන විදිහට.. මොකද හැම දේකම රහස් කියලා දෙයක් තියෙනවනේ.. ඉතින් ඒවා පිටට යනවට කවුරුත් අකමැති.. ඒ යන්න හදන කෙනා රහස් රකින්න හිතුවා උනත් අනිත් අය ඒක විශ්වාස කරන්නේ නෑ.. ඉතින් ඒ රහස් රැකගන්න ඔවුන්ට තියෙන්නේ එක විසදුමයි..
Deleteහොද නිර්මාණයක් ,අපේ සුබ පැතුම් ...!!!!
ReplyDeleteගොඩක් ස්තූතියි රොබින්..
Deleteනියමයි! ටිකක් හිතල බලන්න දෙයක් අන්තර්ගත කරපු නිර්මාණයක්!
ReplyDeleteගොඩක් ස්තූතියි යාළුවා..
Delete:( :(
ReplyDeleteජීවිතේ වරද්ද ගත්තොත් ගත්තමයි :(
ඇත්ත ප්‍රමුදි.. ආයෙම හැරෙන්න විදිහක් නෑ..
Deleteඔය තියෙන්නේ මලේ ලෙසටම. ජය.!!
ReplyDeleteතැන්කූ තැන්කූ අයියේ...
Deleteඅයියගේ කතා වල අමුතුම ශෛලියක් තියෙයි. හුගක් ඒවා නවත්තන්නේ අපිට යමක් හිතන්න දීලා නේද? ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක් :) :) :) :) :)
ReplyDeleteසුබ පැතුම් !!!!!
ඔවු අමා නංගි.. ඕනම් කතාවකට අවසානයන් කීපයක් තියෙන්න පුළුවන්.. මම ඒකෙන් එකක් ලියලා මගේ සීමාවේ කොටු කරන්න මම කැමති නෑ.. ඒකයි අවසානය මෙහෙම ලියන්නේ.. කියවන කෙනාගේ කැමැත්තට ඉඩ දෙන්න..
Deleteනියමයි
ReplyDeleteතැන්කූ..
Deleteසෑම විටම නොවුනත් ඇතැම් විට යථාර්තය විය හැකිය...
ReplyDeleteඒත් අර සුදු ඇඳන් ඉන්න කතාව නම් ඇත්ත..
ලෝකේ තියෙනේ ලොකුම පිළිල පිටි පස්සේ ඉන්නේ සුදු රෙද්දක්..
ඒත් ඒක අපිට තේරුනාට උන්ගේ පන්තියේ උන්ට තේරෙන්නේ නෑ.. ඒක හරියට අර කුණු ඇලේ කතාව වගේ තමා.
මට නම් කතාව නියමයි.
ඇත්ත.. සමාජයේ හොදයි කියලා හිතන් ඉන්න සමහර මිනිස්සු අන්තිම නරකයි.. ඒත් ඒක සමාජය දකින්නේ නෑ.. ඒක දකින්න ඔවුන් ඉඩ දෙනෙත් නෑ..
DeleteHarima lassana liyala thiyenawa.
ReplyDeleteතෑන්ක්ස් අක්කේ.. ගොඩ කාලෙකින් මේ පැත්තේ..
Deleteකතාව නම් හරිම රසවත් විදියට ලියලා තියෙනවා. චරිතවල ස්වභාවය එක්ක පාවිච්චි කරන වචන එහෙම උපරිමයි.
ReplyDeleteගොඩක් ස්තුතියි අක්කේ.. කතාවේ ස්වරූපය එක්ක භාෂා විලාසයත් වෙන්න වෙන්න ඕනනේ ටිකක්..
Deleteමරු ඈ....
ReplyDeleteතැන්කූ ඈ..
Deleteකතාව නම් මරු අයියේ... :)
ReplyDeleteමෙහෙමත් ජීවිත තියෙනවා නේ...
සීමිත කොටසකගේ ජීවිත මේ වගේ..
Deleteගැට කපන කොල්ලා කතා පොත මතක් උනා. හරිම දුක්බරයි අප්පා. ඕවා කරන මිනිස්සු නෙමෙයි වැරදිකාරයො...කරවන මිනිස්සු.
ReplyDeleteඇත්ත ලොකු අක්කේ.. ඒ මිනිස්සුන්ගේ අසරණකමින් ප්‍රයෝජන ගන්නවා.. ඔවුන්ගේ වාසියට..
Deleteමට ෆුරැට් සැලඩ් එකයි මුරැක්කුයි මතක් වෙනවා. :(((( හික්......... ;)
ReplyDeleteඔයා ලියන ගොඩක් කතා වගේම මේ කතාවත් ලස්සනයි පණ.
හෆ්ෆේ.. අපරාදේ මෙයාට අර කතාව කිවුවේ... :)
Deleteමේකත් අර ලිස්ට් එකට දාමුද සුදු..
ඔයාගෙ ගොඩාක් කතාවලට වගේ මේ කතාවෙත් අවසානයේමොකුත්ම කියාගන්න බැරුව ගොළුවුනා.....
ReplyDeleteඅගිනියා ගොඩ කාලෙකින් මේ පැත්තේ ඇවිත්.. තැන්කූ තැන්කූ..
Deleteහොඳ මිනිස්සු සහ නරක මිනිස්සු කියල දෙකොට්ඨාසයක් නෑ !ඉන්නේ මිනිස්සු,හොඳ සහ නරක දෙකම තියෙන මිනිස්සු!හොඳ පැත්ත මතු කිරීමයි කරන්න ඕන!
ReplyDeleteහිතට දැනෙන කතාවක්!
ඇත්ත.. කරන දේවල් වලිනුයි මිනිස්සු හොදද නැද්ද කියන එක තිරණය වෙන්නේ.. කිවුවත් වගේ වඩා වැදගත් හොද පැත්ත මතු කර ගන්න එක..
Deleteමලේ උඹටත් ගැටකපන අත්දැකීම් තියනවදෝයි කියලා හිතුනා මේක කියවපුවම. එච්චරටම තාත්විකව ලියලා තියනවා..
ReplyDeleteඅවසානයනම් මට පැහැදිලි නෑ...
මට නම් අත්දැකීම් නෑ සෙන්නා අයියේ.. මේ නිකන් හිතේ මැවුන කතාවක් විතරමයි..
Deletekiyanna kisima aduwak nethi lassanatama liyapu kathaawak. oyaa gena harima sathutui. oyaage kathaa wala aithiya aaraksha kara ganna eka genath hithala balanna. me katha e tharam agei.
ReplyDeleteතැන්කූ ඇත්තෙන්ම.. ඒ ගැන නම් තාම මුකුත් හිතලා නම් නෑ.. හෙමීට බලන්න ඕන.. තෑන්ක්ස් ඒ ගැනත් කිවුවට...
Deleteනරක මාර්ගයට වැටෙන්න ලේසි වුනාට ගොඩ එන එක නම් ලේසි නෑ තමා..
ReplyDeleteලස්සනයි කතාව මල්ලි..
ඇත්තෙන්ම ඔව් අක්කේ.. වැරදි පැත්තට යන්න පාරවල් ගොඩයො.. ඒත් ආපහු එන්නේ පාරක් ඇත්තෙම නෑ..
Deleteෂාහ් ! හරිම ලස්සන නිර්මාණයක්. මේවා ගැන අහපු කියපු කතා මේ වගේ තමයි. පොකට් ගැහීම වගේම හිඟන ඒකත් ව්‍යාපාරයක් වෙලා. මේවට ලොකු බොස් කෙනෙක් ඉන්නවා සුදු ඇඳගත්ත. අහිංසකයෝ තමයි හැමදාම කායිකව වගේම මානසිකව පීඩා විඳින්නේ.
ReplyDeleteලස්සනයි..ඒත් මම කැමති නැ දුක හිතෙන කතා කියවන්න.( හිතෙන බනින්න ඉතින් බලෙන් කියවන්න කිව්වයැ කියල )
ReplyDeleteඅයියට තියෙන්නෙ පුදුමාකාර අදහස්...
ReplyDeleteඅපූරු නිර්මාණයක්! ඔබට ජය!
ReplyDeleteලස්සන කතාවක් හරි අපූරුවට ලියලා..
ReplyDeleteගොඩක් ආසාවෙන් කියෙව්වා..
ජයග්‍රාහී අවසානයකින් ඉවර වුණා නම් කැමතියි.ඒත් පුරුදු පරිදි ඔයාගේ හැම කතාවක්ම වගේ මේකත් එක්සලන්ට්.
ReplyDeleteප.ලි,
මට "අවසාන මොහොත මාගේ" සින්දුව මතක් වුණා.
මේ කතාව කියෙව්වම මට මුහුණ දෙන්න උනු සිදුවීමකුත් මතක් උනා.... එදා මගේ පර්ස් එක බේර ගත්තත් පොකට් ගහන්න උත්සාහ කරපු මනුස්සය දැක්කම සල්ලි ටික ඔක්කොම දෙන්න තරම් හිතුනා... ඒත් ටියුෂන් යන්න ආව ගමන් නිසා ඒක කරන්න බැරිව ගියා... ඊට පස්සෙත් සෑහෙන කාලයක් යනකම් මට ඒ මනුස්සයගෙ විලාසය අමතක කරන්න බැරි උනා... සමාජ විරෝධී වැඩ උනාට ඒ ජීවිත පිටිපස්සෙ මොන වගේ ඛේදවාචක තියෙනව ඇත්ද... අපූරු නිර්මාණයක් දිනේෂ්...
ReplyDeleteඇත්තටම පොතක් ලියන්නේ නැද්ද? අපූරුයි...
ReplyDeleteවරදකට දඩුවම් ලැබෙනවම තමයි.. ඒත් ඒ වරදින් මිදෙන්න උත්සහ ගන්න කෙනෙක්ටත් ඒ දේ උරුමයිද.. මන්දා..
ReplyDeleteඅපූරු නිර්මාණයක් දිනේෂ්.. වෙනසක්..! :)