මතකය..
සෙනෙහසේ උණුසුම විදින්නට
අවසර නැති මගෙ හිතට
කිමද ලං උනේ නුඹ
උතුරා යන ආදරයක් අරගෙන..
දුකම පමණක් ඉතිරි කර
වෙන්ව යන බව දැන දැනම
කිමද ආදරේ කලේ නුඹ
මෙතරම්ම මා වෙත..
බැහැ නික්ම යන්නට
සිතූ ලෙස මා පෙර දිනක
නුඹේ කඳුළු නෙතග
නවතාවි මා හෙට..
දිනක හුදෙකලා වේවි නුඹ
මගේ මතක ලොව තුලම
කියනු බැහැ නුඹට
නොගිලෙන්න මගේ මතක ලොව..
ඇගිලි තුඩු මානයක මරණය
පෙනි පෙනි මගෙ දෑස් අද්දර
නමුදු සිනාසෙමි නුඹ වෙනුවෙන් මම
හිතේ ආදරේ වැඩි හින්දම..
හඩන්න එපා නුඹ මා නැති දිනයක
වාවනු බැහැ මට නුඹෙ කඳුළු දුටුවම
පොරොන්දුවක් වෙන්න මා මියෙන්න පෙරාතුව
හිනැහෙන බව නුඹ මා හිනැහූ ලෙසම..
/ පූජා නයෝමි සෙනවිරත්න /
/ පූජා නයෝමි සෙනවිරත්න /
" ආදරණීය අසංග,
ඉස්සර මම උදේට පායන හිරු දැක්කම ගොඩක් දුක් උනා.. ඒ
දවසින් දවස මගේ ජීවිතේ අඩු වෙන නිසා.. ලොකු බලාපොරොත්තු ලොකු හීන මුකුත්
තිබුනෙ නැති මගේ ලෝකෙට ඔයා එකම එක බලාපොරොත්තුවක් අරගෙන ආවා.. සතුට.. ඔයාගේ
ආදරේ මගේ එක දවසක් අවුරුදු ගානක මතකයන්ගෙන් පිරෙව්වා.. මට හිනා වෙන්න
කියලා දුන්නා.. ඔයාගේ ආදරේ ලග ගෙවුන ඒ මාස හතර ඔයා මගේ ජීවිතේ ලස්සනම කාලය
බවට පත් කලා.. මට කියන්න බැරි ගොඩක් දේවල් ඔයා මගේ ඇස් වලින් තේරුම්
ගත්තා.. ඔයාගේ ආදරය මට ජිවත් වෙන්න බලාපොරොත්තුවක් උනා.. ඒත් අපේ ඉරණම මේ
වෙනකොට අපිව අපෙන් වෙන් කරලා ඉවරයි..
මට හිනාවෙන්න කියපු ඔයාගේ හිත ගොඩාක් අඩපු බව මම
දන්නවා.. මගේ ජීවිතේට සතුට ගෙනාපු ඔයාට මට දෙන්න ඉතුරු උනේ දුක විතරයි.. මට
ඔයාව මීට කලින් මුන ගැහුනනම් කියල හිතුන දවස් අනන්තයි.. ඒ මට ඔයාගේ ආදරය
ලග වැඩි කාලයක් හිනාවෙලා ඉන්න ලැබෙන නිසා.. ඔයා මං වෙනුවෙන් ගොඩක් දුක්
හිතට අරගත්තා.. ඒ වෙනුවට ඔයා හැමදාම සිනහව මට ගෙනාවා.. ඔයාගේ ආදරේ ලග ඉන්න
මං පිං කරලා නැතුව ඇති..
ඔයාට ගොඩක් පිං මං වෙනුවෙන් කරපු හැම දේකටම.. මට මටත් වඩා ආදරය කරන
කෙනෙක් ලැබුන සතුටම මට ඇති මගේ ඇස් පියා ගන්න.. ඔයාව තනි කරලා යන්නේ
හිතකින් නෙමෙයි.. මං වෙනුවෙන් ඔයා ඇඬුවා දැන් ඇති.. අද මට මේ ලොකේ දාලා
යන්න කිසිම දුකක් නැහැ.. ඒත් ඔයා මම නැති උනාට පස්සේ අඬනවා මට බලන් ඉන්න
බැහැ.. මට හිනාවෙන්න උගන්නපු ඔයාගේ හිනාව හැමදාටම උදුරගෙන යන්න තරම් පවු
කරපු කෙනෙක් කියලයි මට හිතෙන්නේ.. අසංග ඔයා ඉදිරියේ ඔයාගේ ජීවිතේ තව ගොඩක්
කල් ඉතුරු වෙලා තියෙනවා.. මට පොරොන්දු වෙන්න ඔයා මාත් එක්ක කියපූ ඔයාගේ ඒ
හැම බලාපොරොත්තුවක්ම ඉටු කර ගන්නවා කියලා.. මම දෙවියන් ලග ඉදන් ඔයාගේ සතුට
ප්‍රාර්ථනා කරන්නම්..
ඔයාගේ ආදරය මාව හැමදාම ජීවත් කලා.. ඒ හැමදේකටම ඔයාට පිං.. මම ඔයාගේ ආදරයට හැමදාමත් ආදරය කරන
පූජා.."
එක මතක පොරොන්දුවක් හිතේ තියාගෙන ජීවිතේ ඉස්සරහට අරන් ආපු කාලේ හරිම පුදුමයි.. කාලය ඒ අතරේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කලා.. ටිකින් ටික.. අවුරුදු ගානක් තිස්සේ පරෙස්සම් කරපු මේ ලියුම අද ආයෙම හොයාගෙන කියෙවුවේ මතකයන් ඒ තරම්ම ඉක්මනට මැකිලා නොයන නිසා වෙන්න ඇති.. ඔයා දුන්න මේ ලියුම මට ලැබිලා අදට අවුරුදු 4ක්.. කාලය හරි ඉක්මට ගෙවිලා ගිහින් නේද පූජා.. ඔයා අද හොද තැනක ඇති.. මගේ හිත ඒ දේ විශ්වාස කරනවා..
බලාපොරොත්තුවක් නැතුව
ඔහේ පාවුන හිතකට
නවාතැනක් උනි නුඹ
සවියක් නොලද හිතක් උව..
අරමුණක් නැති ගමනක
ඔහේ පාවුනා දෙන් හිත
ආදරේ කලා මම
සත්තකින්ම නුඹ හට..
වෙන්වීම අභියසක හිත
නොරදවා කිසිදිනෙක
පුදකල සෙනෙහසක්
මියැදේවිද මතක අද්දර..
ගලාගිය කඳුළු බිංදු
සිනාකැන් වී හැංගෙද්දි
ලස්සනට හිනා උන සිතක
හසරැල් මතකයි නෙත් ලග..
අරන් ගිය නුඹ බොහෝ දුර
වෙන්කර මගෙන් හැමදාක
මිහිදන්ව යද්දි ගැළුව කඳුළු කැට
සිපගත්තේ පොළව වී නුඹ..
වියලවා කදුළු බිංදු දෑසක
දරාගෙන මතක පොරොන්දුව
හිනැහුනා සත්තයි මම
නුඹේ මතක නෙතු ලග..
/ දිනේෂ් උමගිලිය /




හ්ම්ම්ම්ම් ....
ReplyDeleteපුරුදු විදිහමයි!!! ඒ දේ හදවතටම දැනෙනෝ...
ReplyDeleteහොද මතකයක්....
ReplyDeleteමතකය අමතක නොකරන එකනම් ලොකු දෙයක් මල්ලී.
ReplyDeleteජිවිතේ හැටි ඔහොමයි ජිවිතේට බොහේ අය හමුවෙනවා සමුදෙනවා....අපි ඉදිරියටම යනවා අන්න වැදගත් දේ නොනැවති ඉදිරියටම යන එක...හෙම්
ReplyDeleteම්ම්ම්ම්ම්ම් හිතට දුකක් දැනුනා මේක කියවගෙන යනකොට.අනේ මංදා මොනා කියන්නද කියලා
ReplyDeleteදුක හිතෙන පෝස්ටුවක් !
ReplyDeleteමලයත් මතක ඇහිදින්න පටන් අරන් වගේ
ReplyDeleteහ්ම්........... සංවේදියි.
ReplyDeleteකොහෙම සතුටින් ඉන්නද....... ලියුම දකින වාරයක් ගානේ මටනම් ඇඩෙයි...........
හැමෝටම පේන්න ලියුම් දාන්න එපා බොල !
ReplyDeleteහ්ම්ම්ම්ම්
ReplyDeleteනොදන්නවට නොකීවට හුඟ දෙනෙකුට නොමැකෙන මතක තියනවා. ඒ ඇරුනම වෙන කිසි දෙයක් කියන්න හිතට එන්නේ නෑ බං මගේ.
ReplyDeleteජය..!
ගලන ගඟකි ජීවිතේ! ඒ නිසා ගල්පර දැකලා බයවෙන්නෙ නැතුව ඉස්සරහට යන එකතමයි වටින්නෙ!
ReplyDeleteම්ම්ම්... ගොඩක් ලොකු කතාවක්.
ReplyDeleteහ්ම්.........................................
ReplyDeleteමම කල්පනා කලේ මේක ඇත්ත කතාවක්ද කියල. එහෙම නෙමෙයිද දිනේෂ් අයියේ?. හිතට දැනුන මාර විදිහට කතාව..
ReplyDeleteමතක... හ්ම්ම්...
ReplyDeleteකාලය මිනිස්සුන්ගෙ ගොඩක් ප්‍රශ්ණවලට උත්තර හොයාල දෙනව වගේම, උත්තර නැති ප්‍රශ්ණත් ඇති කරනව.මතක කොහොම අමතක කරන්නද මචන්
ReplyDeleteගොඩාක් වෙලා කල්පනා කලා මොකද කියන්නේ කියලා....
ReplyDelete(..............)
මෙවුවා දකිනකොට ලව්නං ඕන්නෑ...
ReplyDeleteමේ ඉන්න විදිහ හොදා...
අනිවා.....
Deleteමතක ...මතක...මිනිස්සුන්ගේ ජීවිත බැඳිලා තියෙන්නෙ මතක එක්ක. ඉතින් මතක අමතක කරන්නෙ කොහොමද...ඔය කාලය එක්ක අමතක වෙනවා කියන්නෙ බොරු...
ReplyDeleteපලවෙනි වතාවට වර්ණ දකින්න ආවේ..
ReplyDeleteහිත පාරන මතකයක් වගෙයි.......!!!!
මතකයන් අමතක කරන්න පුළුවන් නම් හිතින් විඳවන්න වෙන්නේ නෑ කාටවත්...
ReplyDeleteහ්ම්ම් ඒ පොරොන්දුව දැන් ඉටු වෙලා නේද? සතුටු වෙන්න මල්ලි
ReplyDeleteඅතීතය සිහිනයාක් පමණයි..
ReplyDeleteකියල හිත හදාගමු!:)
'බලාපොරොත්තුවක් නැතුව
ReplyDeleteඔහේ පාවුන හිතකට
නවාතැනක් උනි නුඹ
සවියක් නොලද හිතක් උව..'
මේ ටිකට තමා මම ආසම....
පූජා හොඳ තැනක හොඳ ආත්මයක ඉපදිලා අනිවර්යයෙන්ම සතුටෙන් ඉන්නවා දිනේෂ්.. හේතුව ඔයා එදා එයාව සතුටින් තිබ්බා වගේම.. හොඳ තීරණයක් අරගෙන ජීවිතේ සතුටින්
ReplyDeleteඉඳලා අදටත් ඒ සතුටටම හේතුවක් වන නිසා.. :)
මේ වගේ ආදරයක් ලේසියෙන් අමතක කරන්ට බෑ දිනේශ්. අමතක කරන්ට අවශ්‍යත් නෑ. කාලයක් යනකොට ඒක ආදරණීය මතකයක් පමණක් වෙයි.
ReplyDeleteගොඩක් සංවේදී කාරණයක්. කොහොම වුනත් ජීවිතේට ඉඩ දෙන්න එපැයි.
ReplyDeleteදැන් ඔයා සතුටින් නෙ.පූජත් කොහේ හරි සතුටින් ඇති මල්ලි.
ReplyDeleteදිනේෂ් අයියේ...මේක හිතට දැනුණා.ලස්සනට ලියලා තියනවා.
ReplyDeleteආයෙත් දවසක අහම්බෙන් හරි එයාව මුණ ගැහුණොත් ( මං දන්නවා දැන් තියන තත්වේ කොහොමත් වෙනස් නොවේවි ) ඔයා හැසිරෙන විදිහ ප්ලෑන් කරගෙන තියා ගන්න එක හොඳයි.ලංකාව විතරක් නෙමෙයි.ලෝකෙත් පුංචිලුනේ.
දිනේෂ්ගෙ පරණ පෝස්ට් කියවලා බලන්න මල්ලි.
Deleteගොඩක් අයට වගේ මී පැටියටත් කියන්න දෙයක් හිතට එන්නේ නෑ.
ReplyDeleteහරිම සංවේදී..!
මරු කතාව අයියේ...ලස්සනයි....
ReplyDeleteහ්ම්ම් හැම ප්‍රශ්න වලටම උත්තරේ දෙන්නේ කාලය දිනේෂ් ..
ReplyDeleteකවියෙන්ම කියූ දේට කවියෙන්ම පිලිතුර ලැබිලා.. අපූරු කවි පන්ති දෙක
ReplyDeleteමුල අකුරෙ ඉදලා අන්තිම අකුර වෙනකං මම සමවැදිලා උන්නෙ..
ReplyDeleteමට කියන්න දෙයක් හිතාගන්න බෑ..
ඇස් දෙකත් තෙත් වෙලා..
දවස් තුනක් කියෙව්වා
ReplyDeleteආදරණීය මතකයක්ම විතරක් වුන මේ කතාව ගැන තියෙන පරණ පෝස්ට් කීපයක්මත් කියවලා තියෙනවා......ඒ හැම එකක්ම වගේ මේ පෝස්ට් එකත් හරිම සංවේදියි....
ReplyDeleteමචං මේ ඔයා දාලා තියන ඔය ටුක් ගාලා උඩට යන ගැජට් එක ගත්තේ කොහෙන්ද
ReplyDeleteදැනුන මල්ලි හුගාක්ම...ඔයා ලස්සනට ලියල...
ReplyDeleteම්ම්ම්....
ReplyDeleteඅඳුරේ ඉකිබිඳින මතකයන්....
දිනේෂ් අයියේල පුලුවන්නම් මේ කථාව දිගටම ලියන්න පුලුවන්ද...?
ReplyDelete