ඩිකියේ ඉඩ නෑ බං
අපේ ලොක්කා එක්ක ගමන් බිමන් යන්න මම එක පයින්ම කැමති වෙන්න හේතු කීපයක්ම තියෙනවා.. එකක් තමයි ඉතින් මගේ වැඩ කරන වෙලාවේ හොද රස්තියාදුවක් දාන්න පුළුවන් වෙන එක.. මම නොයන තරු හෝටලේකින් කන්න ලැබීම.. ඒ ඔක්කොටම වඩා දැන් ලොක්කා එක්ක යනවා කියන්නේ මට බ්ලොගේ දාන්න පෝස්ට් එකක් ශුවර්.. අනික් කියපුවයි තව අමතර ඒවයි ඕනෙම නෑ කියමු.. පෝස්ට් එකනේ වටින්නේ.. නැද්ද මම අහන්නේ..
දවසක් අපි ගියා ලොක්කගේ වයින් ෆැක්ටරියට.. ගිය වැඩේ කෝම උනත් මිදි වත්තට රිංගලා හොදට ඉදුන මිදි පොකුරකුත් කඩාගෙන, ඒක කන ගමන් කාර් එකේ එද්දි ලොක්කා කිවුවේ කකා හිටිය මිදි ගෙඩියත් හිර වෙන කතාවක්..
" ආ බං දිනේශ්.. මට හිතයි එක්කො බදින්න.."
උගේ වයින් ඌටම වැදිලා වගේ ලුක් එකක් තිබ්බේ ලොක්කගේ මුණේ.. මම ටිකක් වෙල බලන් හිටියා..
" මොකද්ද දොත්තෝරේ කිවුවේ?"
" නෑ බං.. දැන් මට 54ක්.. අම්ම නැති උනාම මට කවුරුත් ඇත්තෙත් නෑ..ලොකු අයියත් බැන්දා ළමයි ඉන්නවා.. පොඩි එකත් බැන්දා ළමයි ඉන්නවා.. දැන් මටත් ටික ටික අසනීප.. ඉස්සරහට මොනා වෙයිද කියන්න බෑ.. මේ දේවල් බලා ගන්න මගේ කවුරු හරි ඉන්නත් ඕනනේ.."
" උඹට තියෙන්නේ මේවා සහෝදරයන්ගේ ළමයින්ට යන ප්‍රශ්ණේ?"
මට ඔහොම හිතුනට අහන්න ගියේ නෑ.. ලොක්ක ගැන මම නොදන්නවයි.. ඌට දැන් මේ දුක මේවාට වෙන අයිතිකාරයෝ එනවට.. බලන් යද්දි සමහර වෙලාවට මුනුත් ලංකාවේ අර සමහර පරණ වළව්කාරයෝ වගේම තමයි..
" දැන් ඉතින් දොත්තෝරේ මොකද කරන්න හිතන්නේ?"
" හ්ම්ම්ම්.."
මු ඉතින් මේ ළමයි නෑ කියලා දුක් වෙන්නේ මොකටද? අර ප්‍රංශේ මුට ඉන්නේ ළමයෙක්.. ඒ ගැන අහන්න හිතුනත් අහන්න බෑ.. මොකද ඒක අපි හැමෝම දන්නවා උනත් කෙලින් ලොක්කා එක්ක කතා නොකරන කාරණයක්.. අනිත් උන් එහෙම කරන්නේ නෑ.. ඉතින් මමත් කරන්නේ නෑ.. එතකොට ඒ පොඩි එකා මුගේ නෙමෙයිද? ඔවා ගැනත් හිත හිතම අතේ තිබුන මිදි පොකුර අමත නොකර බඩට දා ගන්න ගමන් ටික දුරක් එද්දි ලොක්කා හදිස්සියේම වගේ වාහනේ නතර කලා හයිවේ පාරවල් වල හදිස්සියේ වාහන නවත්තන්න තියෙන තැනක..
" මොකද දොත්තෝරේ?"
" රෝදෙක හුලං නෑ වගේ තේරෙනවා බං.."
කකා හිටිය මිදි පොකුර පැත්තක තියන්න ලොභ කමේම ඒකත් අරගෙනම බැහැලා ඇවිත් බලද්දි ඉසරහා රෝදෙක හුලං බැහැලා..ලොක්කා හිටු කියලා දන්න කුණුහරප ඔක්කොම කියනවා.. එවුවා මේකේ ලියන්න බෑ.. මේකේ දාපු ගමන් අපේ අය ගූගල් ට්‍රාන්ස්ලේට් ගිහින් ඉංග්‍රීසියට හරවන් පස්සේ මළලසේකර එකෙන් බලලා වචනේ ඉගෙන ගන්නවා.. කලින් වතාවකුත් එකක් එහෙම උනේ.. :)
" ගනින් දොත්තෝරේ ටයර් එක.. මාරු කරන් යං.."
" ස්පෙයාර් වීල් එකක් නෑ බං.."
" ආ.. මොකක් කිවුවා.."
ලොක්කා මේ දවස් වල පාවිච්චි කරන්නේ ස්මාට් වර්ගයේ කාර් එකක්.. ඒක නිකන් හරියට ලංකාවේ මරූටිය වගේ.. හැබැයි යන්න පුළුවන් දෙන්නටයි.. බොහොම පොඩි කාර් එකක්.. ඉතින් ඕකේ වෙන වාහන වල වගේ ලොකු ඩිකියක් කියලා දෙයක් නෑ.. ඉතින් ඕකට ස්පෙයාර් වීල් එකක් එන්නේ නෑ.. තියෙන්නේ පොඩි ඉඩක් නිසා.. ඒ උනාට ඕකට එනවා ටයර් එකට හුලං ගගන්න පුළුවන් පොම්පයක්.. ස්පෙයාර් වීල් එකක් නැත්නම් ඉතින් ඒකට විකල්පෙකුත් තියෙන්න ඕනනේ.. මේ තියෙන්න වාහනේ.. මෙන්න මේ වගේ එකක්..
" ඉතින් දොත්තෝරේ කෝ පොම්පේ.. ගනින් අපි හුලං ගහගමු.."
" එක මම ගරාජ් එකේ තිබ්බා වගේ මතකයි.. මේකේ නෑ මං හිතන්නේ.."
ඔය කරලා තියෙන්නේ ඉතින්.. එකක් දෙකක් සිංහල කුණුහරප කිය උනා මට.. දැන් ඉතින් මේ හයිවේ එකේ ඉදන් කට්ට කාහන්කෝ..
" දොත්තෝරේ ඩිකිය ඇරපන්.. උඹ නෑ කිවුවට ඇති සමහර විට.."
" ආ නෑ නෑ.. මම මේ හයිවේ එකේ වාහන හදන එකට කතා කලා.. තව ටිකකින් ඒවි.."
සමර් එක් ගිණි අවුවේ ඉන්න බැරි නිසා මම වාහනේ වාඩි වෙලා මගේ අතේ තිබ්බ මිදි පොකුර ඉවර වෙනකන් කකා හිටියා පැයක් විතර.. වාහනේ හදන්න මොකෙක්වත් එන පාටකුත් නෑ.. බැරිම තැන ආයෙම ගිහින් ලොක්කට ඩිකියේ ඔය අටමගලේ තියෙනවද කියලා බලහං කිවුවේ මුගේ මතකේ ගැන හොද ශුවර් එකක් තියෙන නිසා..
" නෑ බං මට මතක මම ගරාජ් එකෙන් තිබ්බ වගේ.."
" තිබ්බා වගේ.. මොකද්ද දොත්තෝරේ.. උඹට ශුවර් නෑ.. දැන් මෙතන පැයක් විතර.. ඔය පොම්පෙත් තියාගෙන අපි කට ඇරන් ඉන්නවද කවුද දන්නේ.."
" නෑ බං ඕන නෑ.."
දැන් ඉතින් මට මල හොද එකෙන්.. මූට ඩිකිය ඇරලා ඕක පොඩ්ඩක් බලන්න බැරි මොකද? දෙතුන් පාරක්ම මම කියද්දි බැරිම තැන මූ ඩිකිය ඇරියා.. එච්චර වෙලා තිබ කේන්තිය කොහේ ගියාද මන්දා මම හිනා වෙන්න ගත්තා නවත්ත ගන්න බැරුව..
" දොත්තොරේ මේවා කොහෙන්ද මේකට.."
" උඹ දන්නවනේ දිනේශ් ඉතින්.."
" ඔව් ඔව් දන්නවා.. ඒක නෙමෙයි දොත්තෝරේ.."
" මොකද්ද?"
" දැන් මේ ඇදන් එන එක උඹේ ඩිකියේ දාලා ගියාම උන් ආයෙම යන්නේ නිකන්ද?"
ඕකට ලස්සන උත්තරයක් හම්බුනා.. ඒක මේ සභ්‍ය විදිහට ලියන්න විදිහන් නැති නිසා මම ලියන්නේ නෑ.. මූ ඉතින් ඩිකියේ තිබ්බ පොම්පෙත් අයින් කරල මූ මේකට ඉඩ අරන්.. වාහනේ මහරගම පමුණුවට අල්ලලා ඩිකිය ඇරලා ඒ ටික වික්කනම් හොද ගානක් හොයා ගන්න තිබ්බා..
" ආ දොත්තෝරේ.. උඹ මේ මේවා ඩිකියේ තියාගෙන ඉන්න ගමන් තමයි අර කලින් පවුල් පන්සල් වෙන කතාවක් කිවුවේ නේ??"
විශේෂයි : ලොක්කා ඉන්නකන් මට මේ බ්ලොග් එක තව කාලයක් ලියාගෙන යන්න පුළුවන් වගේ... :)
විශේෂයි : ලොක්කා ඉන්නකන් මට මේ බ්ලොග් එක තව කාලයක් ලියාගෙන යන්න පුළුවන් වගේ... :)





ලන්කාවේ පොලීසියට අහු උනොත් එහෙම ග්‍රීස් යකා කියල හිරේ දානවා
ReplyDeleteහෙහ්.. නැතුව නැතුව.. මේකත් ඒ විදිහේ වැඩක් නේන්නම්..
Deleteහිකිස්!!! මරු...
ReplyDeleteකාර් පොඩ්ඩට මටත් ආසයි... :)
කාර් එක ප්ලාස්ටික් හැබැයි.. :)
Deleteහපොයි දිනේෂ් අයියේ... ප්ලාස්ටික් කාර් එකකද ගමන බිමන ??? :O
Deleteලංකාවට නම් ගෙන්න එපා. ආසාවේ බෑ.. :D
ReplyDeleteලංකාවට ගේන්න එපා කිවුවේ මොනාද මලයා..
Deleteඅයියෝ ඉවරයි..
ReplyDeleteමට ඔහොම එකෙක් නෑ නෙ බ්ලොග් එකේ ලියන්න..
හොයා ගත්තනම් බ්ලොග් එකට හොද පෝස්ට් ටිකක් ලියන්න තිබ්බා මලයා..
Deleteඅනේ අම්මේ.... ඒක තමා පොම්පෙ නෑ පොම්පෙ නෑ කිය කිය මල්ලි ඒක බලන එක වැලැක්වුනේ නේද?
ReplyDeleteප.ලි. - ඇති යන්තම් අද මුල හරියෙන් කමෙන්ට් එකක් දාන්න පුලුවන් වුනා.:)
ආයෙත් අහලා.. පොම්පේ දාන්න ඉඩ කොහෙන්ද? අරවා තියෙද්දි..
Deleteප.ලි - අද මේ උදේ පාන්දරමනේ දැම්මේ අක්කේ පෝස්ට් එක..
// දැන් මට 54ක්.. අම්ම නැති උනාම මට කවුරුත් ඇත්තෙත් නෑ..ලොකු අයියත් බැන්දා ළමයි ඉන්නවා.. පොඩි එකත් බැන්දා ළමයි ඉන්නවා.. දැන් මටත් ටික ටික අසනීප.. ඉස්සරහට මොනා වෙයිද කියන්න බෑ.. මේ දේවල් බලා ගන්න මගේ කවුරු හරි ඉන්නත් ඕනනේ.."//
ReplyDeleteමේ තියෙන්නේ හොඳ රීසන් එකක් කසාද බඳින්ට.:D
ලස්සනට ලියලා දිනේශ්...
තැන්කූ තැන්කු අක්කේ...
Deleteහොද රිසන් එකක් නම් තියෙනවා.. ඒත් බඳිවිද? අන්න ඒක තමයි ප්‍රශ්ණේ?
මාර බොස් කෙනෙක් නෙහ්... හික්ස් :)
ReplyDeleteනැතුව නැතුව..
Deleteහපොයි... මූ නම් නියම වලව්කාරයෙක් තමා... ඔක්කෝම චරිත ලක්ෂණ ටික තියෙනවා........ වෙන කියන්න දේකුත් නෑ..... හි හි.....
ReplyDeleteහෙහ්.. ඊටත් වැඩිය චරිත ලක්ෂණ තියෙනවද මන්දා... :)
Deleteela ela bos kenek unama ohoma thama inna one.
ReplyDeletehikz
ඒකනේ.. වැඩ කරන අයට ආදර්ශයක් වෙන්න ඕනනේ.. :)
Delete@හිරු,
ReplyDeleteහපොයි හිරු. වලව්කාරයෝ ගැන වැරදි වැටහීමක් තියනබවක් පේනවා හී හී....වලව්කාරයෝ කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු අනේ. :D:D:D
අප්පේ.. වළවුකාරයන්ට මුකුත් කියන්න එපා හිරු අක්කේ.. මේ පෙනවනේ.. කුමාරිහාමි කෙනෙක් ඇවිත්... :)
Deleteඅන්න එල කොල්ලෙක්.... එහෙමනේ හැදෙන ලමයි.
ReplyDelete54 කොළු ගැටයෙක් :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආයෙත් අහලා.. තාම වැඩි වයසක් නෑ.. :)
Deleteහැට පැන්නත් බැඳලා නැත්නම් කොල්ලෙක්..
Deleteනැතුව නැතුව..
Deleteඇති යාන්තම් දැන්වත් බදින්න හිතුනා..මේ වගෙ රටක ලේසියෙන් තරුන කාලේ බදින්නෙ නෑනේ...එක්කෝ තව ටික කාලයක් උන්නා නම් අයියව දරු කමට ගන්නත් ඉඩ තියෙනවා...:D
ReplyDeleteමටත් ඔය ටික හිතුනා. ඒත් වයින් ෆැක්ටරිය වහලා දාවි. ඇයි ඉතින් දෙන්නෙක් එක්ක තරගෙට මිදී කද්දී වයින් හදන්න කෝ මිදී?
Deleteනිශ් : මේ මාව හදා ගන්නද? අන්න ඒක නියම අදහස.. ඉන්න ඕන ලොකක්කත් එක්ක ශේප් එකේ.. ඕකා බඳිද්දි බැරිය ඉතින්.. :)
DeleteAlexander Cage : ඒකනම් ඉතින් එහෙම තමා.. වයින් හදන්න මිදි ඉතුරු වෙන්න එපැයි.. එක නෙමෙයි අයියේ? දැන් කවුද මේ දෙන්නෙක් ගැන කිවුවේ?
Deleteදිනේෂුයි නෝනා මහත්තයයි තමා.. :P
Deleteදිගටම ලියන්න දිනේශ්..
ReplyDeleteඉතාලියේ ලොක්කෝ හා සොක්කෝ ගැන කියවන්න අපි දිගටම එනවා..හික්ස්..
දන්නවා දන්නවා අක්කේ.. ඒකනේ ඉතින් දැන් ඔතන වෙන දේවල් ගැන වෙනදට වඩා ඇහැ ගහන් ඉන්නේ.. :)
Deleteබොසාටම කියාපු ගොලයා. මෙයා මෙවුවා ලියන බව ඒ අසරණ 54 ළමයා දන්නවනම්.
ReplyDelete54 ළමයා.. ඒ ගැන ඉතින් හොදම ටික දන්නේ ඔයානේ... :)
Deleteහපොයි.. මු නම් සිරා ලොක්කෙක් වගේ..
ReplyDeleteඑලම ලොක්කෙක්..
Deleteහරිම රසවත් කතා මාලාව . අපිත් ආසයි ඔයා බොස් එක්ක ගමන් බිමන් යනවනම් ,අපිටත් බොසාගෙ ඕප දූප ටික දැනගන්න පුලුවන්නෙ .
ReplyDeleteනැතුව නැතුව.. අනුන්ගේ දේවල් ඕන නෑ කියලා හිටියට මොකෝ මෙහෙම ලියන්න පුළුවන් කතා අහුවෙද්දි හොයන්නේ නැතුව බෑ.. :)
Deleteඌ බෑ කියනකොට ඩිකිය අරින්න, මලයා තේරුම් ගන්නෝන, හැබැයි... එක්කෝ ඕන නැ..!
ReplyDeleteමොනා තේරුම් ගන්නද අයියේ.. කවුද හිතුවේ මෙහෙම සංතෑසියක්.. එක්කෝ ඕන නෑ කිවුවේ මොකො අයිය?
Deleteලොක්ක දිගින් දිගට බෑ කියද්දී මටත් හිතුන අවුලක් ඇති කියලා බැලින්නම් මේක නෙ සීන් එක ග්‍රීස් යක්කු සුද්දා වර්ශන් එක ;)
ReplyDeleteහීනෙන් වත් හිතුව සින් එකක්ද මේක ඉතින්.. :)
Deleteහික්ස්... වැරදිලාවත් ඔහේ වාහන වල පිටිපස්ස පොලිසියෙන් බලන්නේ නැද්ද බං.
ReplyDeleteමෙහේ චෙක් කරනවා අඩුයි අයියේ.. චෙක් නොකරනම තරම්..
Deleteහික්ස් පවු බන් වයක උන්දැනේ අනික ටිකක් සනිපත් මදි නේව...මිනිහට හුස්ම වැටෙන්නේ ඔව්ව දැක්කම වෙන්ටැ
ReplyDeleteඇත්ත ඇත්ත.. තව ටිඅක කාලෙකින් ඉතුරු වෙන්නේ ඔය මතකය විතරනේ.. :)
Delete54 උනත් බැදලා නැත්තම් ඌ කොල්ලෙක්නේ... හික්ස්..
ReplyDeleteඅනිවා අනිවා..
Deleteඑතකොට ග්‍රීස් යකා එන්නේ ඔහේ ඉඳලද?
ReplyDeleteමේ ඇවිත් සුදු ග්‍රීස් යකෙක්.. :)
Deleteඅනේ දෙයියනේ..... මෙහෙමත් වැඩ.... එක අතකට ඉතින් අරුමයක්යෑ... මේ ඒරොප්පේ වෙච්චි කොට
ReplyDeleteඑහෙම වෙන්නේ ඇයි? ඉ ඩෝන්ට් නෝ වයි... :)
Deleteලොක්කතමයි ලොක්කා දවසකටත් මිනිහා.. ලොක්කගේ සිහිවටන ටික අපූරුයි. මතක තියාගන්වෙන්න ඇති ඩිකියට දාගත්තේ.
ReplyDeleteපස්සේ කාලෙක හොද එකතුවක් වෙයිනේ මේක ලොක්කට.. :)
Deleteහයියූ...ඩිකිය...
ReplyDeleteමොන ඩිකියද?
Deleteදිනේශ් ඔය යට ඇඳුං කෙල්ලොන්ගේ මයි කියල සුවර් නේද ?
ReplyDeleteසදරුවා උඹ අහන්නෙත් මරු ප්‍රශ්ණ.. ඔව් ඔව්.. ඒ ඔක්කොම කෙල්ලන්ගේ තමා.. ඒකන්ම් ශුවර්..
Deleteඑල කොල්ලෙක් ජංගි හොරෙක් කිව්වලු. අන්න එහෙමනේ මිනිස්සු ඉන්න ඕන. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ලංකාවේ එහෙම ඔහොම සීන් එකක් මාට්ටු උනා නම් එහෙම කොහොමද ?? හක්ක හක හක
ReplyDeleteඅඩේ ජංගි හොරා කියන්න එපා බං.. කැමැත්තෙන් තියලා ගිය එවුවනේ ඉතින්.. :)
Deleteමාර ලොක්කෙක්...
ReplyDeleteමාරයිදත් අහනවා..
Deleteඅන්න බොසාලා....
ReplyDeleteඒකනේ ඒකනේ...
Deleteඑතකොට එයා හැම කෙල්ලගෙන්ම එක ගානේ ඕවා එකතු කරනවද? ඊට පස්සේ ඒවාට මොකද දන්නේ නෑ කරන්නේ...
ReplyDeleteඉතින් හුලන් ගහන වැඩේට මොකද උනේ අනේ? :)
කාලයක් යද්දී කෞතුක භාණ්ඩ විකුණන තැනක් නිකම්ම දා ගන්න ලේසියිනෙ එතකොට සයුරි...ඒක එක සයිස් වලින් එක එක පාටින් එක එක ජාතියේ ඒවා නිකම්ම එකතු වෙනවනෙ...හි හී
Deleteමෙහෙමනේ ලොකු අක්කේ.. මම හිතන්නේ අවුරුදු ගානක ඒවා තමයි ඩිකියේ තිබ්බේ.. කවුද දන්නේ කාලයක් යද්දි කැබිනට් එකක දාලා තියා ගනිද කියලා.. එහෙම උනොත් ශෝක්.. මට ෆොටෝ එක්කම තව පෝස්ට් එකක් දාන්න පුළුවන්..
Deleteඅන්න වැදගත් ප්‍රශ්ණේ.. මම බැළුවේ කාට ඕක මතක් වෙයිද කියලා.. ලොකු අක්කටම මතක් වෙලා.. අර කෝල් කරපු අය ආවට පස්සේ හුලං ගහන් ගියා.. :)
ලිහිණි අක්කේ : අන්න නියම අයිඩියා එක.. එතකොට මිනිස්සු එයි ටිකට් අරන් ඔක බලන්න.. මට කෞතුකාගාරේ ජොබ් එකක් සෙට් කර ගනන් පුළුවන්..
Deleteහොඳ වෙලාවට බොසාට සිංගල බැරි....
ReplyDeleteඅයෙත් අහලා.. එහෙම උනානම් මම ඉවරයි.. :)
Deleteමූ හුලං ගහලා ටයර් ඒකත් ඩිකියට දායිද දන්නෑ.
ReplyDeleteඅද තමයි මේ පැත්තේ ආවේ. පට්ට ඈ. වෙලා තියෙන විදියට ඔක්කොම කියවන්න ඕනි.
වෙල්කම් කිවුවා වර්ණයට.. හෙමීට කියවලා බලන්න එහෙනම්... :)
Deleteජංගිත් collectors item එකක් වුන හැටි පුදුමයි නේ!
ReplyDeleteඋඹලා ඔහොම හිනා වුනාට ඔය මොකක් හරි පුණ්‍ය කටයුත්තකටද දන්නෙත් නෑනෙ තියාගෙන ඉන්නෙ.:)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හෙහ්.. මොකද්ද අෆ්ෆේ පුණ්‍ය කටයුත්ත.. නැති බැරි අයට බෙදලා දෙන්නද?
Deleteහෆොයි දෙය්යනේ. මට හුස්ම හිර වෙන්නත් ආවා.
ReplyDeleteපමුණුව මතක් වුණාම තවත් හිනා ගියා. මට මැවිලා පෙනුණා දිනේශ් මල්ලි පමුණුවෙ රේල් පාර උඩ තියන් මේවා ටික විකුණනව. අපි ඉතින් අඳුනන්නෙ නෑ වගේ යනව අහක බලාගෙන.
අන්න අන්න.. අදුනන්නේ නෑ වගේ යන්න ඔට්ටු නෑ හොදේ.. රෙල් පාර උඩ තියාගෙන කෝච්චිය එද්දි ලෑල්ල උස්සන් දුවනවා එහෙම නෙමෙයි නේ මැවිලා පෙනුනේ... :)
Deleteමාතලන් අයියගේ කොමු පිලි බැලුවනම් දිකියේ තිබුන එව්වා ටික වර්ගීකරණය කරන්නත් තිබුන! :D
ReplyDeleteදිනේෂ් අයියගේ ලොක්ක ඉන්නකම් අපිට ෆන් එකක් ගන්න පුළුවන් වගේ!
ඒකේ තිබ්බ ගොඩක් ජාති නම් තිබුනා තමා...
Deleteමලයට කලින් ඉතින් ෆන් අපිටනේ.. ඒකනේ ෆන් අරන් මේකෙත් දාන්නේ.. .)
මරු ලොක්කෙක් නේ ඔයාටත් ඉන්නේ..
ReplyDeleteවාසනාවට හම්බුනේ..
Deleteඒ කියන්නෙ ඔතනින් ටිකකට කාර් එකෙම වෙන සිද්ධිත වලින් එකතු වෙච්චත් ඇති නේද ? ඔය මගුල් ස්මාට් කාර් එකක් අස්සෙ කොමැයි කකුලක් වත් දිග ඇරගන්නෙ බන්
ReplyDeleteකොළඹ ත් සමහර වෙලාවට ඔය හොද හොද එපාර්ට්මන්ට් වල කම්පැනි වල ලොකු අන්ඩර්ග්‍රවුන්ඩ් පාක් වල එහෙම ස්ටාට් නොකරපු වාහන නිකන් හෙල්ලෙනව අපි දැකල තියෙනව නෙ...
මෙහේ නම් ඔය නිකන් හෙල්ලෙන කාර් නම් ඕන තරම්.. ඕක මතක් කරායින් ඉතින් මට තව පෝස්ට් එකක් මතක් උනා ඒකත් ලියන්න ඕන..
Delete:D ලොක්කටත් මාර ආසාවල්නෙ තියෙන්නෙ. ඔය විදිහට නම් මනුස්සයට පවුල් වෙන්න බැරි වේවි.
ReplyDeleteආයෙත් අහලා.. ඔහොම කොහේ පවුල් වෙන්නද? වැඩි කාල් ඉන්නවා ශුවර් නෑ..
Deleteකාර් පොඩ්ඩටනම් හිත ගියා.... :D ලොක්කා ඉන්න කල්, දිනේශ් අයියාට මල් වගේ!!! :D ලොක්කා එක්ක ගමන් ගිහින් ලැබෙන දීමනා ටිකනම් පංකාදුයි නෙ!! චැහ්!! අපිට නෑනෙ ඔහොම ලොක්කො!!!
ReplyDelete-හිතූවක්කාරී(හිතූ)-
(ලොග් වෙන්න කම්මැලියි!! සමාව භාජනයකට දාන්න!!)
බෑ බෑ කම්මැලි කමට භාජනේට දාලා සමාව දෙන්න බෑ..
Deleteඒකනේ කියන්නේ.. කන බොන හැම දේ වගේම ලියන්න පෝස්ට් එකකුත් දෙන බොස්ලා නෑනේ ඉතින්.. :)
ලොක්කා සිරා වැඩ්ඩේක් වගේ?
ReplyDeleteනැතුව.. දැන් කී පාරක් වැඩ අරන් තියෙනවා ඇත්ද?
Deleteලොක්කට ලේසීනේ, ලිස්ට් එකක් හදාගන්න ඕන නෑ. කවද හරි බැරි කාලෙක ඕවා ටික ගනන් කර ගත්තනම් හරි..
ReplyDeleteහෙහ්.. ආයෙත් අහලා.. මොන ලිස්ට්ද.. ඕවා හදන්න හැමෝවම මතක තියෙන එකක් කකියලයි..
Deleteඅනිවා අනිවා..
Deleteoyaata nikamata wage hithune nadda lokka dikiya arinna be kiyanne mokada kiyala...
ReplyDeletemalli phamaciya gini thibbe ehema nehene....
nee...da.......?
ඩිකිය අරින්න අකමැති වෙන්න හේතුනම් ඕන තරම් හිතුනා.. ඒත් මේ නොහිතපු දෙයක්නේ..
Deleteහෙහ් හෙහ්.. නෑ නෑ මම කාටවත් කිවුවේ නෑ.. බ්ලොග් එකේ දැම්මා ඇරෙන්න..
හෆොයි නාකි විසේ :O :O :O :O :O
ReplyDeleteහෙහ් හෙහ්.. එහෙම තමා..
Deleteලොක්ක පට්ට පොරක්නේ අප්පා..මම ලොක්කට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා. මේවගේ පොස්ට් තව තවත් කියවන්න ලැබෙන්න දිනේෂ් අයියට ලොක්කාගෙන් මාතෘකා හම්බෙන්න කියලා. හෙහ් හෙහ් හෙහ්. මම හිතුව ඩිකියේ තියෙන්නේ පොම්පේ කියලා.
ReplyDeleteLokkaa wedakaarayekne..goolayoth ehemmama athi neadha ?
ReplyDeleteමම කලින් පෝස්ට් එක දැක්කා.කමෙන්ට් කරන්න බැරි වුණා. මම අහලා තියන විදිහට ඔය වගේ දේවල් එකතු කරන අයට මානසික ලෙදක් තියනවා.
ReplyDeleteපුළුවන්නම් ෆාමසියේ විකුණන බෙහෙත්( උපකරණ ) ගැනත් පෝස්ට් එකක් ලියන්නකෝ....උපකරණ ඉල්ලන්න එන අය face කරන දේවල් වුණත් කමක් නැහැ
විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා..................
ReplyDeleteබොට කෙලින්ම අහන්න තිබ්බෙ.. " උඹට ජංගි දාන්න ඉඩ තියෙනවා පොම්පෙයි, ස්පෙයාවීල් එකයි දාන්න තමයි බැරි" කියලා
ReplyDeleteමචං අරු කියපු කතාව මට මැසේජ් එකක් දාපං කෝ..
ReplyDeleteසිරා !
ඒක මරු විනෝදංශෙ.. ජංගි එකතු කිරීම...පස්සෙ කාලෙක ලක්ශ ගනන් වලට ප්‍රසිද්ධ වෙන්දේසියෙ විකුනන්ඩ ඉන්නවද දන්නෑ..
ReplyDeleteඅෆ්ෆා..... ඔන්න ඉතින් ඔහොම ලොක්කෝ ආශ්‍රය කලාට කමක් නැ අය්යා එහෙම නරක වෙනවා එහෙම නෙමේ.....
ReplyDeleteඅපේ කෙනෙක් කෑගැහුවලු රෑක පාරෙ යද්දි අන්න දොරක් යනවා කියලා..
ReplyDeleteවෙලා තියෙන්නෙ කළුපාට කාර්එකේ දොරවල් විතරක් ක්‍රීම් පාටින් තිබලා තියෙන ස්මාර්ට් කාර් එකක් දැකලා රෑක.. :D
ඊ ළඟට ලොක්කත් එක්ක ගමන් යන්න කලින් අවශ්‍ය උපකරණ හරිද බලන්න.. දිනේෂ්ටත් දැන් වැඩ තියේවි.. :D
සමරු සටහන් එකතු කරන පොරක් වගේ :D
ReplyDeleteAllora, um cazzo
ReplyDeleteහිහ්.......දිනේෂ්ට ලොක්කා සමඟ තව තවත් ගමන් යන්න ලැබේවා....!!!
ReplyDeleteහප්පට සිරි... ලොක්කා ඩිකියත් කෞතුකාගාරයක් කරලානේ... අර දිනේශ් මලයා අහපු දවසේ වැදගත්ම ප්‍රශ්නය මටත් ආවානේ.. අපරාදේ ඒකට උත්තරේ නැතිඑක... බාහවෙලාවට ඒ එන අය ලොක්කගේ ඒවා ඇඳගෙන යනවද දන්නෙත් නෑ.. :P
ReplyDelete