Friday, 7 September 2012

සත 50

කොළඹ එන්න කලින් අපි ගාල්ලේ අන්තිමට හිටිය ගේ තිබුනේ පුංචි කන්දක් මුදුනේ.. ඒ තැන ඇත්තටම හරිම ලස්සනයි.. පොඩි කුඹුරු යායක් එක්ක පාර එතනට හරි ලස්සනට පේනවා.. මම ගිය මොන්ටිසෝරියත් තිබුනේ ඔය ලගම වගේ.. ඔය මොන්ටිසෝරියේ මගේ හොදම යාළුවා උනේ හොශාන් කියලා කෙනෙක්.. තාම මගේ ලග මම හොශාන් එක්ක ගත්ත ෆොටො එකක් තියෙනවා.. පොඩි කාලේ ඒකව නම් මට තාම මතකයි.. ඒකට කොහොමද දන්නේ නෑ ඉතින්..

ඉස්කෝලේ එක වසරට යද්දිම වගේ මට මේ යාළුවා මග ඇරුනා.. ඒකට හේතුව තමයි මම ගියේ පොඩි ඉස්කෝලෙකට.. අපේ අයියයි අක්කයි ගියෙත් ඒ ඉස්කෝලෙට.. එක වසරෙදි මගේ ඉස්සෙල්ලම ගුරුවරිය උනේ සුමිත්‍රා මිස්.. ඒ මිස් අපේ ගෙවල් වලට ගොඩක් කිට්ටුව හිටිය නිසා මමත් හොදට දැනන් හිටියා.. ඒ හින්දම වගේ ඉස්කෝලේ මුල්ම දවසේ ඇඬුවෙවත්, ආපහු හෙදර දුවන්න හැදුවෙවත් නෑ..

අයියයි අක්කයි එක්කම ඉස්කෝලේ යවන්න පුළුවන් උන නිසා ඒක අම්මටත් ලේසියි.. එතකොට අපිට ඉස්කෝලේ ඇරුනේ 11.30 මගේ මතකේ හැටියට.. අක්කලට ඊට පස්සේ.. ඉතින් ගොඩක් වෙලාවට කලේ අක්කලට ඉවර වෙනකම් ඔය කොහේ හරි සෙල්ලම් කරපු එක තමයි.. ඊටත් වඩා සුමිත්‍රා මිස් අපිව ඔය දඟලන වෙලාවෙත් අල්ලන් පාඩම් කියලා දුන්න ගොඩක් වෙලවල් වල.. 

රෙජිෆෝම් අයිස් පෙට්ටිය බැදන් බයිසිකලේ පැදන් එන අයිස්ක්‍රීම් අංකල් නම් ඒ දවස් වල පුංචි අපිට අමතක වෙන්නෙම නෑ.. ඉන්ටර්වල් එක එන්නත් කලින්ම වගේ ඉස්කෝලේ පිට්ටනිය කිට්ටුව ඇවිත්  අපිට හුරු පුරුදු නලාව අතින් සද්ද කරද්දි හිත කොයි වෙලෙත් තියෙන්නේ ඒ ගැනම..

ඉන්ටර්වල් එක ආපු ගමන් ගෙදරින් ගෙනාව කෑම එක ඉක්මනට ඉවර කරලා දුවන්නේ අයිස් පලමක් කන්න.. ඒ දවස් වල ගෙදරක ශීතකරණයක් කියන්නේ හරි දුලබ දෙයක්.. ඉතින් මේ වගේ පාරේ යන කෙනෙක්ගෙන් අයිස් පලමක් කන්න තමයි පොඩි කාලේ අපි  ගොඩක් පුරුදු උනේ.. ශිතකරණයක් තියා ලයිට් වත් ඒ දවස් වල නොතිබුන අපි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ..

ඉන්ටර්වල් එකට ගෙනාපු කෑම පෙට්ටියේ තියෙන මොනා හරි ඉක්මනට කලා දාලා අපි කවුරුත් මේ නලාවේ හඬට දුව ගෙන ගියාට හැමදාම මේ අයිස් පලම් බයිසිකලය පේන මානයේ මම නවතිනවා.. ඒකට එකම එක හේතුවයි තිබුනේ.. මගේ ලග සල්ලි නෑ..

ඒ වෙද්දි අපේ තාත්තට රස්සාව නෑ.. කරන්න පුළුවන් හැම දේම ට්‍රයි කරලා බලලා එදා දවස විතරක් යන්තම් ජීවත් වෙන්න ලොකු උත්සාහයක් දරපු කාලේ.. ඉතින් ඔහොම දේකට තියා වෙන කිසිම දෙයක් ඉල්ලන්න අපි නොහිතපු කාලයක් ඒක..ඉතින් මේ අයිස් පලමත් බොහොම දුර දෙයක් උනා.. 

ගොඩක් වෙලාවට පිට්ටනිය ලග තිබ්බ ගහක් ලගට වෙලා පන්තියේ අනිත් යාළුවෝ අයිස් පලම් කන දිහා බලන් හිටියා.. රතු පාට සුදු පාට එක එක ජාතියේ අයිස් පලම් හැමෝගෙම අත් වල.. කවමදවත් ඒ අයගෙන් බාගයක් මම කාලා නෑ..  ගොඩක් දවස් ගෙවුනේ ඔහොම.. 

බොහෝම කලාතුරකින් දවසක තාත්ත අතේ සල්ලි තියෙන වෙලාවට අයිස් පලම් කාරයෙක් පාරේ ගියොත් අපි තුන් දෙනාට අයිස් පලම් වරදින්නේ නෑ.. ඒත් තාත්තා ලග සල්ලි තියෙන වෙලාවට උන් එන්නේ හරිම අඩුවෙන්.. එහෙම නැත්නම් ඉතින් ඩෙන්ටල් එකට යන වෙලාවකට.. ගොඩක් වෙලවට අපේ අම්මනම් මාව එක්කන් යන්නේ " පුතේ  ඔක්කොම ඉවර උනාම අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නම් " කියලා..

එදත් වෙනදා වගේම දවසක්.. අම්මා මාව ඉස්කෝලේ යන්න ලෑස්ති කරලා මගේ සපත්තු දාද්දි මම හේතුවක් නැතුවම අම්මට කිවුවා අම්මේ මටත් කාසියක් දෙන්නකො කියලා.. පන්තියේ අනිත් හැමෝම වගේ කාසියක් දීලා අයිස් පලම් ගන්නවා කියන දේ මම හොදටම දන්නවා උනත් ඒ කීයේ කාසියක්ද කියන්න මම දැනන් හිටියේ නෑ.. 

මගෙන් කිසිම දෙයක් අහපු නැති අම්මා සද්ද නැතුව ගිහින් ලාච්චුවක් අවුස්සලා ඇවිත් මගේ අතේ කාසියක් තිබ්බා.. ඒ සත 50 කාසියක්.. මහා ලොකු දෙයක් ලැබුනා වගේ මට ඒ සත 50 කාසිය අතට ලැබුනම.. ඉස්කෝලේ ගෙනියන බෑග් එකේ පුංචි පොකට් එකකට දාලා වැහුවේ සාක්කුවේ දාන් ගිහින් නැති උනොත් කියල දැනුන බයට..

එදා හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා.. වෙනදා අනිත් අය දිහා බලාගෙන හිටපු දේ අද මමත් ඉටු කර ගන්නවාය කියන බලාපොරොත්තුවක්.. වෙනද වගේම ඉන්ටර්වල් එක වෙනකන් බලාගෙන හිටිය.. හැබැයි එදා වෙනදට වඩා ලොකු ආසාවක්.. කාලා ඉවර වෙලා වෙනදර දුවන් ඇවිත් නතර වෙන මට හිමි නැහැයි කියලා හිතුව සීමාව පැනලා ඉස්සරහටම දුවන් ගියේ වෙනදට වඩා සතුටකින්..

අනිත් යාළුවෝ අතරෙම පොර කන ගමන් මමත් උදේ ඉදන් පරිස්සම් කරන් හිටිය සත 50 දුන්නේ අයිස් පලමක් ගන්න හිතේ තිබුන ආසාව හැබෑවක් කර ගන්න.. 

" සත 50 අයිස් පලම් නෑ.."

මම මට ඕන දේ කියලා ඉල්ලද්දි මට ඇහුන එකම දේ මට නොතේරුනාද මම තේරුම් ගන්න උත්සාහ කලේ නැද්ද කියන්න මම තාම දන්නේ නෑ.. ඒත් එකම දේ මම කීප පාරක්ම ඉල්ලුවා.. උඩු රැවලත් වවාගත්ත නෙකෙන් මට හැම වෙලේම මට රැවුවා ඇරෙන්න අයිස් පලමක් මට හම්බුනේ නෑ..

ඒ ලගම කැරකි කැරකි අයිස් පලම් ඉල්ලපු මම ටිකකට නතර උනේ මගේ අතින් කවුරු හරි අදිනවා දැනුනම.. මම හැරිලා බලද්දි ඒ අපේ අක්කා..

" සුදු.. මොනවද මේ කරන්නේ?"

" මටත් අයිස් පලමක් ඕන.."

" ඔය සල්ලි කොහෙන්ද?"

" උදේ අම්ම දුන්නා.. මට අයිස් පලමක් ඕන.."

අපේ අක්ක ඇවිත් හිටියේ එයාගේ තව යාළුවොත් එක්ක.. අක්කගේ පන්තියේ යාළුවෙක් මම අයිස් පලම් ඉල්ල ඉල්ල ඉන්න බව ගිහින් අක්කට නොකියන්න අක්ක මේ කිසිම දෙයක් දන්නේ නෑ.. 

" අයිස් පලමක් කීයද?"

" රුපියක් දෙකයි.."

" සුදු.. මොන පාටද ඕන?"

" රතු.."

ටික වෙලාවකින් මම බලාපොරොත්තුවෙන් හිටිය අයිස් පලම අරගෙන අපේ අක්කා මගේ ලගට ආවා.. එවලේ හිතට දැනුන සතුට කොච්චරද කියලා කියන්න තේරෙන්නේ නෑ.. ගෙදර යන ගමන් කිසිම දෙයක් අක්ක ඒ ගැන කතා කලේ නෑ.. ඒත් ගෙදර ගිහින් අක්කා අම්ම එක්ක හැම දේම කිවුවා.. අම්මා මාව බදා ගත්තා..

" මගෙ පුතා කාසියක් ඕන කිවුව නිසානේ මම ඒ කාසිය දුන්නේ.. අයිස් පලමක් කන්න ඕන කිවුවනම් මම කොහොම හරි සල්ලි දෙනවනේ.."


විශේෂයි : ඒ වචන වල හැගීම් බර කම මට ඒ කාලේ තේරුනේ නෑ.. ඒත් දැන් ඒ සිද්දිය මතක් වෙද්දි ඒ හැම වචනයක්ම කොච්චර ගැඹුරුද කියලා තේරෙනවා.. එදා අයිස් පලම්  ගන්න සල්ලි අක්ක අතේ තිබිලත් නෑ.. යාළුවන්ගෙන් සල්ලි ඉල්ලන් තමයි අක්කා මට ඒක අරන් දිලා තියෙන්නේ.. ඒ බව මම දැන ගත්තේ ගොඩක් කාලෙකට පස්සේ.. දවසක් මේ කතාව අක්කම කියන කොට.. ඒ වෙලේ හිතට ආව හැගීම මට විස්තර කරන්න තේරෙන්නේ නෑ..

අති විශේෂයි : පරණ කතා ගොඩක් ආයෙම මතකෙට එන්නේ මදාරා ඔයා නිසා.. මේ කතාව ඔයාට කියන්න මට මතක් උන හේතුව ඔයාට මතක ඇති කියලා හිතනවා මම..


102 comments:

  1. ඇස් දෙකට කදුලු ආවා..................

    ReplyDelete
    Replies
    1. ඒ හැමදේටම හරියන්න අද අයියට සතුටු වෙන්න පුලුවන්නේ. ඔයාගේ ළමයින්ට කවදාවත් එහෙම වෙන එකක් නෑ. අයියාගේ අම්මයි තාත්තයි ගොඩක් ධෛර්ය්‍යවන්තයි..............

      Delete
    2. අම්මගේ තාත්තහේ ඒ ශක්තිය නිසයි අමා අද අපි මෙතන ඉන්නේ.. ඒ දවස් ගැන නම් ඇත්තටම අද සතුටුයි.. අනාගතේ කාටවත් මේ දේවල් වලට මුණ දෙන්න වෙන එකක් නම් නෑ...

      Delete
  2. මදාරා අක්කාට පිං සිද්ධ වෙන්න අපිට කතා ටිකක් අහගන්න පුළුවන්..

    ඕක කෙටි කතාවක් විදිහට ලිවුවොත් මොකද අයියෙ?
    අපි ඉතිං තාමත් ඔහොමයි. වෙනසකට තියෙන්නෙ කියන්න කිසි සහෝදරයෙක් සහෝදරියක් නැති එක :)

    ReplyDelete
    Replies
    1. මුලින් හිතුනෙ නම් කෙටි කතාවක් කරන්න තමයි.. ඒත් ලියන්න තව ගොඩක් කෙටි කතා තියෙනවා.. ඒ නිසා මේක මතකයක් විදිහටම ලිවුවා..

      Delete
  3. සිරාවටම පට්ටයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩෝ.

      Delete
  4. දුක හිතෙන කතා ලියන එපා අප්පා..කඳුලුත් ආවා අර පොඩි එකාව මැවිලා..ඔය ඉතාලියේ ඉන්න බාගෙට ඇඳගත්ත කෙල්ලෙක් ගැන ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න ඉතින් මාල් කිවුව කතාව.. ඒවා අතරේ ඉතින් හෙමීට මේවත් ලියන්න ඕනනේ මාල්... :)

      Delete
  5. දවස් දෙකතුනක් අයිස් පලම් විකුනන මනුස්සයා ලග අඩපු හැටි මටත් මතක් වුනා .....අඩනව බලල අයස් ක්‍රීම් අරන් දෙන්න මට කවුරුත් නොහිටියාට ඒ අංකල්ටම දුක හිතිල එකම එක තැබිලි පාට පලමක් දුන්න ..... මං ජීවත් වෙන්නෙත් අමාරුවෙන් පුතේ කියල දුන්න ඒ පලමට මං සල්ලි ගෙව්වේ අවුරුදු 15 කට පස්සෙ ගිය පාර ගමේ ගියපු වෙලාවේ......... පරණ දේවල් මතක් නොවෙනවටයි මං නං කැමති .

    ReplyDelete
    Replies
    1. මට නම් ඒ මනුස්සයා එහෙම එකක් දෙන්න තරම් කරුණාවන්ත උනේ නෑ.. ඇත්ත.. අපිට නොපෙනුනාට ඔවුන් කාටත් වඩා ජීවිත සටන ගෙනියන්න මහන්සි වෙන අය.. කෝම උනත් ඒකේ සල්ලි දෙන්න හිතුන එක නම් අගය කරන්න ඕන දෙයක්.

      Delete
  6. මල්ලි.. උඹේ කතා කියවල හිනාවෙච්ච දවස් තිබ්බා.. ඒත් අද.. අර පොඩි එකා අයිස් පලම ගැන කියද්දී මගේ ඇස්වල කඳුළු පිරුණේ ඇයි කියන්න මට තේරෙන්නේ නෑ. එකම ඒක මොහොතක මම ඒ පොඩි එකා වුනා වගේ දැනුණා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... දන්නවා අයියේ.. මෙහෙම දේවල් වර්ණයේ ලිය උනේ අඩුවෙන්.. ඒත් මේ හැමදාම හිනා වෙලා ඉන්න දිනේෂ් ගේ පොඩි කාලේ තමයි අයියේ මේ.. තව කතා නම් තියෙනවා.. ඒවා හිතුනොත් තමයි..

      Delete
  7. මම කවදාවත් බ්ලොග් පෝස්ට් එකක් කියවලා අඬන ජාතියේ එකෙක්නම් නෙමෙයි.ඒත්...අද ඇස් දෙකට කඳුළු ආවහම මට ටිකක් අවුල් වගේ.පහළින් තියන කමෙන්ට් ටික දැක්කහම ඒක මට විතරක් සීමා වුණු දෙයක් නොවෙන බව දැනුණා.මම කාලෙකින් දැක්ක බොහොම සංවේදී පෝස්ට් එකක්.මගේ අතීතෙත් මට මතක් වුණා.ඉගෙන ගන්න සල්ලි නැති දවස් වල මමත් දුක් විඳලා සල්ලි හොයාගෙන තියනවා.

    තවත් මේ වගේ පෝස්ට් ඕන දිනේෂ් අයියේ.අපි හැමෝටම අද අපි මේ තැන්වල ඉන්නේ එදා ඒ විදිහේ දුක් වින්ද නිසා කියලා මතක් වෙන්න ඕන.ජය!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත යාළුවා.. එදා කටු කාපු නිසා තමයි අද මෙහෙම ඉන්නෙත්.. ඒ මතක අමතක නෑ.. කතානම් ගොඩක් තියෙනවා.. මොකද ඒ කාලේ ජීවිතේ ගොඩක්ම අසරණ උන කාලයක්..

      Delete
  8. ඒ අයිස් පලම තරම් රස නෑ නේද දිනේෂ් අයියේ ඇද තියෙන අයිස්... ඔහොම රසම රස අයිස් පලමක් කාපු දවසක් මගෙත් හිතේ තියෙනවා සුට්ටි කාලේ... ඒ මතකය ඒ රසය අයිත මම අලුත් කරගත්ත ගිය සතියේ පොළොන්නරු ගියපු වෙලේ.. අම්මට කියල පනුච්චි අත් දෙකට දෙකක් අරගෙන කෑවා.. ඒ රසයම නැති උනත් ඒ හැඟීම අයි ආයිත් හිතට ආව...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. ඒක නම් ඇත්ත නංගී.. කාලෙත් එක්ක අද ඒ දේ වලුත් වෙනස් වෙලා.. ඒ රසය නම් ආයෙම හොයාගෙන යන්න බෑ..

      Delete
  9. අපි කනකොට ශත 5 යි.. මම නම් පොඩි එකා ගන්න ගියාම වටේම ඉන්න උන්ට රන් දෙනවා..

    ReplyDelete
    Replies
    1. මම කද්දි කොච්චර වෙනස් වෙලාද? ශත 5 ටම තිබ්බනම් මට එදා අඬන්න ඕන වෙන්නෙත් නෑ..

      Delete
  10. Replies
    1. අපි දැන් හිනා වෙමු යාළුවා.. කඳුළු වලට යන්න කියලා..

      Delete
  11. ඔය බැඳිම් ගැන හිතට නැගෙන දෙවල් අකුරු කරන්නට හරි අමාරුයි බං....

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. ලියනවනම් තව ගොඩක් දේවල් ලියන්න තිබ්බා.. ඒ සහෝදර කම ගැන.. ඒත් වචන ගලපන්න හරි අමාරුයි..

      Delete
  12. මමත් ඒ කාලේ මේ වගේ දේවල් වලට හිතින් දුක් විඳලා ඇති, අලුත් ඇඳුම් අඳින්න, සපත්තු දන්නා, රසවත් කෑම කන්න. ඒ කාලේ ඒ දේවල් නොලැබුනත් අපට දුකක් නෑ. ඒත් සමහර දේවල් ඉල්ලලා මම වරු ගණන් අඬපු කාලේ අම්මයි තාත්තයි ඒ දේවල් නොදුන්නේ අපි ගැන තියෙන අහිතකට නොවෙයි කියන ඒක මට තේරෙන්නේ තනියම දුවක් ලොකු මහත් කරන්න දුක් විඳින තාත්තා කෙනෙක් විදියට ඒවගේ අවස්ථා එමට තියෙන බව තේරෙන නිසා. මගේ දුව මේ වගේ හිටපු ගමන් සල්ලි කීයක් හරි ඉල්ලුවාම මමත් දෙනවා. ඒ කාලේ ඒ වගේ දෙන්න අපේ දෙමව්පියන්ට වත්කමක් තිබුණේ නෑ. ඒ අය මාසෙටම ඒක පාරක(පඩි දවසට) බඩු ගෙන්න පුරුදු වෙලා හිටියේ. මේ කතාවට මගේ දෑස් කඳුලින් තෙත් වුනා. ඒ එතන සත පණහට අයිස්ක්‍රීම් ඉල්ලුවේ ඔයා නෙවේ මම නිසා. කතාව මගේ කරගෙන මම කියෙව්වේ. මමත් මේ වගේම කතාවක් මගේ බ්ලොග් එකේ ලිව්වා. එකටත් මේ වගේම ප්‍රතිචාර ගොඩක් ආව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. තේරෙනවා අයියේ.. පොඩි කාලේ අපි ඒ දේවල් වලට අම්මලට වද කරලා ඇඬුවනම් ඒවා අනිවාර්‍යෙන් ලැබෙන්න තිබ්බා.. ඒ එයාලා බඩගිණ්නේ ඉදලා.. ඒත් අඬලා අඬලා ඉල්ල ගන්න දේට වඩා හිත ඇතුලෙන් ලැබෙයි කියලා බලන් ඉදලා හෙමිට ලැබන දේ අගය වැඩියි ඇත්තටම..

      Delete
  13. Replies
    1. මොනවා කියන්නද දිනේෂ් අයියේ... මට මතක් උනේ මාත් පොඩි කාලේ රු.2ට තිබ්ච්ච පොප්සිකල් රුපියලට කාපු හැටි.. ඒ කැන්ටිමේ අයියට රුපියල, රාජ්‍ය ලාංඡනේ පැත්තට හරවලා රු.2 වගේ දීලා..

      හැමෝටම මේ වගේ අතීතයන් තියනවා අයියේ..

      Delete
    2. මලයා එහෙම හරි කලා.. මට අක්කා නොහිටින්න සමහර විට කාලයක් යනකම් කන්න නොලැබෙන්න තිබ්බා..

      Delete
  14. මගේ ඇස්වලටත් කඳුලු ආවා. ඒ පුංචි දිනේශ්ට අයිස් ක්‍රීම් ගැලුමක් විතර අරන් දෙන්ටත් හිතුනා.

    මදාරටත් ස්තූතියි මේ වගේ මතකයන් දිනේශ්ගෙන් ගන්න හන්දා.

    ReplyDelete
    Replies
    1. ඕට්ටේලියාව පැත්ටේ අයිත්කීම් රසද?

      හෙහ් හෙහ්.. මේ දැන් උනත් මොකො පොඩ්ඩ් අක්කේ.. අරන් දෙන්නකෝ.. :)

      මදාරා නිසා මතක් උන අතීත කතා නම් ගොඩක් තියෙනවා.. හෙමීට ලියන්නම් ඒවත්..

      Delete
  15. Replies
    1. එදා ඒ අයිස්ක්‍රීම් ලොරිය ගේ ගාවම නවත්තලා මහ හයියෙන් සද්දේ දාන් ඉද්දි ඔයාටනම් කේන්ති ගියා.. කතා කරන එක ඇහෙන්නෙත් නෑ කියලා.. ඒ උනාට ඒ එක්කම මතක් උන දේවල් නම් කොච්චරද?

      මොකද මට අමතක.. ඔයාගේ ආසාවල් මට හොදට මතකයි සුදු.. ටික දවසකින් බොම්බයිමොටයි කන්න උනෙත් නෑනේ.. :)

      මේ දේවල් ලියන්න ලැජ්ජාවක් නෑ සුදු මට.. මම මිටත් වඩා දුක හිතෙන ඒවා ඔයා එක්ක කියල තියෙනවනේ..

      හා හා ඔයා මගේ වයිෆ් තමා.. ඉන්නකෝ ලබන අගෝස්තුව වෙනකන්.. :)

      Delete
  16. ඇත්තමයි, පවුලෙ අය අතර ඇති වෙන හැඟුම් බර සිදු වීම් වල බර අපිට ඒ වෙලාවට තේරෙන්නෙ නෑ. පස්සෙ හිතද්දි කඳුලු එන වෙලාවල් අනන්තයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. ඔය වගේ කාලෙක නම් ඉතින් ඒ දේ කොහෙත්තම දැනෙන්නේ නෑ..

      Delete
  17. මේ කතාව ගැන කියන්න ආපු එක මදාරාගේ කමෙන්ට් එකෙන් අමතක උනා....

    මේ ඊයේ පෙරේදා දවසක නැන්දම්මලත් එක්ක එළියේ වැඩක් කර කර ඉන්නකොට පාරේ බොම්බයිමොටයි කාරයෙක්ගේ සද්දයක් ඇහුනා.... එකපාරටම මං නලියන්න ගත්තාම මාමණ්ඩිත් කිව්වා කමු බොම්බයිමොටයි කියලා... ඒපාර රු 20 ට අල්ලක් තරම් දුන්න බොම්බයිමොටයි ටික අත් දෙකටම අරගෙන මහත්තයා ළඟට දිව්වම එයයි මල්ලියි දෙන්නා හිනා වෙනවා.. අයියා කිව්වා විතරයිලු ඔන්න දැන් අරගෙන උඩපැනගෙන එයි කියලා....

    දැං ළමයි ඒවායේ රස දන්නවද කියලා හිතෙනවා... මැක්ඩොනල්ස් එකේයි KFC එකෙයි තියෙන ඒවානේ හොයන්නේ...

    කතාව කියවලා ඇඩුනා කියන එක අමුතු දෙයක් නෙවෙයි නේ... මේ වගේ මතක මට නැත්තේ පොඩිකාලේ මම කිසිම දෙයක් අම්මලගෙන් ඉල්ලපු නැති හින්ද වෙන්න ඇති.. අම්මලා කියන්නේ එහෙමයි... අමාරුවෙන් හරි මට ඕනෙ හැමදේම අරන් දුන්නනේ... ඒත් තේරෙන කාලේ වෙනකොට මේවා දැනෙන්න ගත්තා.... එතකොට තමයි තේරුනේ මට ඕනේ හැමදෙයක්ම අරන් දීලා තියෙන්නේ අම්මයි තාත්තයි බඩගින්‌ෙන ඉදලා කියලා....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ කතාවනම් ඇත්ත හිරූ අක්කේ.. ඉස්සර අපි ඔය දෙන්නම එන සද්දෙට හොදට කන් තියාගෙන හිටියා.. ඒත් දැන් කාලයත් එක්ක ඒ දෙවල් වෙනස් වෙලා.. ඉස්සර නිතරම වගේ ආව ගිය ඒ අය දැන් එන්නෙත් නැත්තේ දැන් ඉන්න පොඩි අය ඒ දේවල් වලට ආස නැති නිස වෙන්න ඇති..

      කොයි අම්ම තාත්තත් එහෙමනේ අක්කේ.. තම්න් ගැන අඩුවෙන් හිතලා ළමයි ගැනයි වැඩියෙන් හිතන්නේ..

      Delete
    3. ඔන්න ඔයාටම හරියන අක්කියෙක් ඉන්නව සුදු.. :)

      Delete
    4. ඇයි අප්පෙ මම....සුපිරි බොම්බයිමොටයි පෙරේතියක්.දැන් ඉස්සර වගේ ඒවා හොයා ගන්න අමාරුනෙ.

      Delete
    5. හා හා.. මේ ඉන්නේ කට්ටිය පෝලිමට බොම්මයිමොටයි කන්න.. :)

      Delete
  18. හ්ම්..හැමෝටම නැතත් හුඟක් අයට අග හිඟ කම් වලින් පිරුනු අතීතයක් තිබිලා තියනවා මලේ. එහෙම අය තමයි හුඟ වෙලාවට ජීවිත ජය ගන්නේ. අතීත පාඩම් වලින් ජීවිත සාර්ථක කරගන්නේ.ජය..!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. ගොඩක් දෙනෙක්ගේ මුල් කාලේ මේ වගේ තමයි.. ජීවිතේට ගොඩක් ලොකු පාඩම් කියලා දෙනව මේ මතක..

      Delete
  19. කතාව කියෙව්වම නම් ගොඩාක් දුක හිතුන අයියා:(...ඒ වගේම පොඩි කාලේ දුක් වින්දේ නැත්තම් තේරෙන වයසට ආවම කිසිම දුකක් දරා ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මුල ඉදන්ම හරි පාරකට වැටුනම ඒක ශක්තියක් කරන් ඉස්සරහට යන්න පුළුවන්..

      Delete
  20. මදාරා ඉන්නකන් අපට කතා හිඟ වෙන එකක් නෑ මහිතේ... :)

    මයි ක්‍රෙඩිට්ස් ගෝස් ටූඌඌඌඌඌ......

    ඩග් ... ඩග්... ඩග්....

    මිස්... ශශිනි මදාර !!!!

    ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන් ගිව් අ රවුන්ඩ් ඔෆ් ඇප්ලවුස් ටු මිස් මදාරා !!!! :)

    ප.ලි. - කඩ්ඩෙන් එනවුන්ස් කරලම නෑ... සිංහලෙනුත් කරලා නෑ.. ඒක වෙනම කතාවක් ! :)

    ප.ප.ලි. - අද යුනිකෝඩ් මට වද දෙනවා වගේ. උඩ කමෙන්ට් ටික ඩිලීට් කරන්ඩ මලේ !

    ReplyDelete
    Replies
    1. ටැන්කු ටැන්කු මධු අයියේ...

      මේ මගෙ නම වැලදි අෆ්ෆා..... සශිනි මදාරා (සිහින මදාරා) ;)

      Delete
    2. සොරි ෆෝ ඉන්කන්වීනියස් !!!

      Delete
    3. හහ් මධු අයියා හොදින් නේද? අද මේ කවදාවත් නැතුව කඩුවෙන් කොටලා..

      වැරදි දෙක අයින් කලා..

      Delete
  21. lassanai aiye.issara dewal awankawama kiyana nisa thawath lassanai.

    ReplyDelete
    Replies
    1. මේවායේ හංගන්න දෙවල් නෑ නඟා..

      Delete
  22. ජීවිතේ තවත් සංවේදී අවස්ථාවක් නේද?
    පොඩි කාලේ නොතෙරුම් කමට කියන කරන පොඩි පොඩි දේවල් අම්මලා තාත්තලාට ගොඩක් දැනෙනවා. යමක් කමක් තේරෙන කාලෙ ඒ ගැන හිතන කොට තමයි ඒක හොඳටම දැනෙන්නෙ.
    තවත් අපූරු කතා ඉස්සරහට වැඩි වැඩියෙන් ලැබෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... එදා එච්චර අමාරුකම් තියෙද්දි කාසියක් ඉල්ලපු එකත් වැරදි කියලා දැනුනේ පස්සේ.. ඒත් නොතේරුම් කමට හිත යන්නේ අර අයිස් පලමටනේ..

      Delete
  23. හ්ම්...........................................................

    ReplyDelete
  24. සෙනෙහස කියන එක හරි අපූරුවට මේ කතාවෙන් පේනවා. ඒවා ඉදිරියටත් ඒ විදිහටම පවතීවා...

    ReplyDelete
    Replies
    1. ඒ සෙනෙහස කවදාවත් වෙනස් නොවේවි හසිත මලයා..

      Delete
  25. දුක දන්නෝ ජය ලැබුවෝ කියනවලුනේ...
    අතීතෙට හරියන්න පොලිත් එක්කම හොද වර්තමානයක් තීන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත යාළුවා..

      Delete
  26. දිනේශ්ගෙයි මගෙයි අතීත තරමක් දුරට සමානයි. එක දෙයක් ඇරෙන්න. දිනේශ්ට අයිස් පලම් එකක් අරන් දෙන්න අක්කා ලඟ උන්නා. මට.... දැන් මට අවුරුදු 25ක්..මගේ අයියා තවම මට සත පහක දෙයක් අරන් දීලා නෑ..
    කතාව හරිම හැඟීම්බරයි දිනේශ්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. සමහර දේවල් නම් එහෙම තමයි අක්කේ.. ඒ වගේ අක්ක කෙනෙක් මට ඉන්න එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා..

      Delete
  27. අනේ මන්දා මට පොඩි කාලේ මතක් උනා,එක එත් ඔය වගේ දුක්බර නෑ.
    මචං උඹ පොඩි කාලේ ඉදන් කට්ට කෑව නිසා දැන් හොද තැනක ඉන්නවා කියලා මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මටත් වැඩිය ජීවිතේ කට්ට කෑවේ අපේ අක්කයි අයියයි තමයි.. අපි කාටවත් ඒ දේවල් අමතක වෙන්නේ නෑ..

      Delete
  28. අම්මගේ ආදරේ වගේම අක්කාගේ ආදරෙත් මහමෙර වැගේ කියා දැන් හිතෙන එක අරුමයක්ද

    ReplyDelete
    Replies
    1. ඇත්ත රත්නායක අයියේ.. අම්මා නැති ගෙදරක අම්මා වෙන්නේ අක්කා කෙනෙක්.. ඒ බැදිම හරි ලොකුයි..

      Delete
  29. බොක්කටම වදින කතාවක් :-/

    ReplyDelete
    Replies
    1. තැන්කූ යාළුවා..

      Delete
  30. මගේ ඇස් දෙකටත් කඳුළු ආවා. ඒ ඔයාගෙ කතාව නිසාම නෙවෙයි. මාත් හෝඩියෙ පංතියෙ ඉඳිද්දි මමත් හැමදාම ඔයා වගේම දුවගෙන ගිහින් නවතිනව ඉස්කෝලෙ කැන්ටිම ලඟ. ගෙදරින් ආච්චි හදල දෙන කෑම එකත් කාලා තමයි එතෙන්ට එන්නෙ. ඒ කාලෙ ඒකෙ තිබුනා පැටිස් කියල ජාතියක්. මම කාල තිබුනෙම නෑ. කන්න ආස උනාට ඔයාට වගේම සල්ලි නෑ. ඒ විතරක් නෙවෙයි මට සල්ලි ඉල්ලගන්න මගෙ අම්ම තාත්තවත් , අඬන කොට ඇවිත් සල්ලි දෙන්න මගෙ අක්කවත් මගෙ ලඟපාතක හිටියෙ නෑ. ඒ අය හිටියෙ කොළඹ මම බන්ඩාරවෙල ආච්චි ගාව. හැබැයි දවසක් මම එකක් කෑවා. දවස් දෙක තුනක් බස් එකේ හොරෙන් ගිහින් සල්ලි එකතු කරලා.

    ReplyDelete
    Replies
    1. ඔබෙත් සොදුරු මතකයක් අවදි වෙලා.. අපි හැමෝගෙම ජීවිත එක වගේ බලාගෙන යද්දි..

      Delete
  31. ලස්සන කතාවක් යාළුවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරණ්‍ය.. ගොඩක් කාලෙකින් මේ පැත්තේ..

      Delete
  32. මම හිතුවේ කෙටි කතාවක් ලියලා කියලා. බලනකොට ඇත්තම කතාවක්. හ්ම්ම්...ඔයාගේ අක්කා හරිම හොඳයි. සංවේදී කතාවක්..ඉස්සර සත 50 ටත් ගන්න පුළුවන් දේවල් තිබුනා නේද හැබැයි. ටොෆි වගේ දේවල්.

    ReplyDelete
    Replies
    1. කෙටි කතාවක් නෙමෙයි අක්කේ..

      ඇත්ත.. ඉස්සර සත 50 සමහර දේවල් කරන්න පුළුවන්..

      Delete
  33. කතාව ඇතුලටම වැදුනා.....

    ReplyDelete
  34. සංවේදී කතාවක්... :(

    ඔය වගේ අතීතයක් තිබුණාට අයියලා උත්සාහයෙන් අද ළඟා වෙලා ඉන්න තැන ගැන අපිට ගොඩාක් ආඩම්බරයි :)

    ReplyDelete
    Replies
    1. තාත්තගෙයි අම්මගෙයි මහන්සිය තමයි මේ හැම දේටම..

      Delete
  35. ඇඩෙනවා.. හැබැයි කොතනක හරි අඩුවක් දැනෙනවා.. අවසානය මෙහෙම වෙන්න බෑ වගේ

    ReplyDelete
    Replies
    1. මොකො මලය වෙන්න බැරි.. කොහේද අඩුව..

      Delete
  36. ශික්.:(
    කඳුළු කඳුළු කඳුළු එනවා හලෝ....................................

    ReplyDelete
    Replies
    1. අඬන්න එපා හිරුවෝ..

      Delete
  37. හරිම සංවේදීයි කතාව.
    මම මගෙ මහත්තයා කියපු කතාවකුත් එකතු කරනවා. ඒ කාලෙ ආනන්දෙ ලඟ සංචව් කියල ජෙලි ජාතියක් විකුණන කෙනෙක් ඉඳල තියෙනවා. එකක් සත විසිපහයි. මුදල් දෙන්නෙ නෑනෙ ගෙදරින්. දවසක් කොහොම හරි සත විසි පහක් ලැබුනම ඒක දීල සංචව් කන්න අත අල්ලාගෙන ඉන්නවලු අර මිනිහා ඒක අතට හලන කල්. එයාගෙ තාත්තා කොහෙද ? ඉඳල ඇවිත් එයාගෙ කොලර් එකෙන් ඇද්දාලු මොනවද ඔය කරන්නෙ කියල. ඒ පාර මෙයා කිව්වලු "සංචව්" කියල. මොන සංචව් ද කියලා තාත්තා ඇදගෙන ගියාලු. මෙයත් බොහොම දුකෙන් අර නැති වෙච්ච සත විසිපහයි සංචව් එක ගැනයි හිත හිතා ගෙදර ගියාලු. තාම ඕක ගැන කියනවා. පොඩිකාලෙ සුන්දර අත් දැකීම් හරිම සංවේදියි. ඒවා අපිත් එක්ක බෙදා ගත්තාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි "සංචව්" කිවුවේ මොනාද කියලනම් දන්නේ නෑ.. ඒත් ලෙසියෙන්ම ලැබෙන දේට වඩා අමාරුවෙන් ලැබෙන දේ වගේම ඒ දේ මොහොතින් අහිමි වීම අපේ මතක වල සෑහෙන කාලෙකට ඉතුරු වෙනවා..

      Delete
  38. ඔක්කොම වෙන්නේ හොඳටයි. ඒක තමයි මගේ තියරිය. ජයවේවා....! හැබැයි ඔයාලගේ දරුවන්ටත් වින්ද දුක් කියල දුන්නොතින් එයාලත් හොඳ මිනිස්සු වගේ හැදෙයි . මනුස්සකම් නැත්නම් වැඩක් නැනේ නේද සහෝ... :)

    ReplyDelete
    Replies
    1. එකගයි.. අපේ උන්ටනම් අපිට වගේ වෙන එකක් නෑ.. ඒත් කියපු කතාව ඇත්ත.. මේ හැම දෙයක්ම කියලා දෙන්න නම් ඕන..

      Delete
  39. මේක හැඟීම් බර වැඩියි මචං... සිරාවට ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මාළු අයියේ..

      Delete
  40. අනේ... පව් යකෝ!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පව් කිවුවේ මටද බං..

      Delete
  41. මට ගොඩක් දැනුනෙ අක්කගෙ හිතේ තිබුන ආදරය..අක්කලා මල්ලිලා අතර තියන බැඳීම ගැන මටත් ගොඩක් අත්දැකීම් තියනවා..

    ReplyDelete
    Replies
    1. අම්ම නැති උනාම එදරට අම්මා වෙන්නෙත් අක්කලා තමයි.. ඒ ආදරේ විදලා තියෙන නිසා හොදින්ම දන්නවා.

      Delete
  42. පව් දෙයියනේ..අම්මට මොනවා හිතෙන්න ඇද්ද නේද අයියේ..?? :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඒක තේරුම ගන්න මම ඒ කාලේ පොඩි වැඩි ප්‍රමුදි..

      Delete
  43. අම්මෝ... මොකද්ද උණා වගේ.
    සමහරක් මිලියන වලට නැති වටිනා කමක් පොඩි සත ගානකට තියෙනවා කියන්නේ නිකම්ම නෙමේ..
    ඔය සුදා මල්ලිගේ අදහසක්.. කොහේ හරි ලියල තියා ගන්න..

    ReplyDelete
    Replies
    1. සුදා මල්ලිගේ අදහස මරු.. අයිස් පලමක් කටේ දාන්න්න වටිනවා..

      Delete
  44. අක්කගෙ සහෝදර බැඳීම ගැන ආඩම්බරයකුත් , කඳුලකුත් ගෙනාව සටහනක්.. :( මටත් මතක් වුණා ඉස්සර අයිස් පලම් කන්න දුවගෙන ගිය හැටි.. :)

    මදාරා නංගටත් ස්තූතියි මේ කතා අපිට කියවන්න මතක්කරලා දෙනවටත්..!

    ReplyDelete
    Replies
    1. අක්කගේ සහෝදර කම නම් කියලා ඉවර කරන්න බෑ නන්දුවෝ.. ඒකනේ අපි දෙන්න අදටත් මෙච්චර ලග..

      Delete
  45. අනේ දුකයි..........මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා පොඩි අක්කේ..

      Delete
  46. ඇත්තම කිව්වොත් මට ඔහොම අතීතයක් නෑ.සාමාන්‍ය මට්ටමකට ඉල්ලන දේවල් දෙන්න අපේ අම්මටයි,තාත්තටයි පුලුවන්කම තිබුනා.මං ඉල්ලපුවා අරන්දෙන්න ගියානම් ඉතිං... :) මොකද මං පුන්චිම කාලෙ ඉල්ලලා අඩලා තියෙන්නෙ කාර් එකක්නෙ.සෙල්ලම් එකක් එහෙම නෙවේ හොදේ.

    ReplyDelete
    Replies
    1. හප්පේ... මම පොඩි එකා තව හොදයින් බලගෙන යද්දි එහෙනම්..

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්