සමර් එක ඇවිදින්
උණුසුම් සිතයි ගතයි දෙක හොදටෝම
ගිණිදැල් වාගෙයි හමලා එන මද සුළග
අඩියෙන් අඩිය දෑස් ලග රැදි මිරිගුව
දැක් දුවයි මගේ හිත පිපාසිතව..
පාළුයි මාවත් දහවල උදා වෙන විට
හිරු රජයයි තෙමා මුළු ගතම
දිය පොදක් හොයා දිව යන මුවැත්තියෝ හැම
ඇදෙයි වෙරළට සොයා ඒ පහස..
නැගිලා යතුරු පැදිවල වේගෙන් ඉගිලෙන
යට ඇදුම විතරකි ඔවුනගේ ගත දැවටුන
අවුවට දිලිසෙද්දි උන්ගේ සුදු ළමැද
හිත වාවාගෙන පාරක යනු කෝම..
මහ මග නැවතුන් උන් හැම තැනක
සීතල වතුර ළමැදට මුසු කරන විට
තව තව හොදට පේනා ඒවා දැක්කම
මැවුනා වාගෙයි සුර ලොව දෑස් අද්දර..
සොදුරුයි වාගෙයි වෙරළද්දර ජීවිත
දුරදක්න ඇතිව උන් සදළු තල වල
වයසට ගියත් ඒ තරුණ හිත් වල
රැදි සතුට කවුරුන් හොරා ගන්නද..
පාදයේ තාලයට නැළවෙන නිතඹ
බලා යන උන් බෝමයි පසු පසම
දැන් දැනම උන් තව පද්දනකොට
කොමුපිළිත් මදි ඒවා රැදවෙන්නට..
සමර් කාලේ ඇවිදින් නිවාඩුවත් අරගෙන
නිදහස් ජීවිත නිදැල්ලේ ගැවසෙන
මාවත් වල එක්වී උණුසුම් දහඩිය මැද
කාලය ගෙවනවා අපූරු දසුන් මැද..
බලා හිටියේ මාස හයක්ම ඉවසගෙන
බලාගන්න සිත් සේ සුර ලොවම
කාලය මැවු වෙනසක ඇරුම හින්දම
ඒවා රසවිදින්න තහනම්දෝ මට..
විශේෂයි : මේ පින්තූරේ මම 2010 රෝම් ගිය වෙලේ මගේ කැමරාවෙන්ම ගත්ත පැපරාසි චායාරූපයකි.. :)
අති විශේෂයි : නඩුකාරි දැන් ලෝ ක්ලාස් ගිහින් ආව ගමන් මේක දැකලා මාව විත්ති කූඩුවට නග්ගනවා මැවිලා පේන්නේ මොකද මන්දා...



HIIHI හෆොයි අසරණයා :පි
ReplyDeleteකවි ටික නම් පට්ට අයියේ
මම 1 වෙලා හැක්
Deleteඅසරණ වෙලාද මන්දා.... :P
Deleteතැන්කූ තැන්කූ.. කිවුවත් වගේ. මෙයා සෑහෙන කාලෙකින් එක වෙලානේ.... :)
ලොල් ය.. දිනේෂ්ට වුනු දෙයක්!! ( හැබැයි මෙහෙම කවි වලට එයා කැමතියි කියලා තිබ්බා වගේ මතකයි)
ReplyDeleteඑකනේ කියන්නේ මාල්...
Delete(ඔව් ඔව්.. වැඩියෙන්ම කැමති මේ කවි වලට තමයි.. )
:D
ReplyDeleteහිනාව විතරක් මොකද මන්දා.... :)
Deleteඕකනෙ කරන්න බැරි 1 ෆෝටෝ එකක් ඇතිද මං අහන්නෙ අපි වගේ උන්ට...
ReplyDeleteමේව පොටෝද බං ?
Deleteතරුවා : ගත්ත ඔක්කොම දාලා උඹ මාව ඉහල උසාවි ගෙනියන්නද කල්පනාව..
Deleteසෑමා : මාත් මේ කල්පනා කලේ ඒකම තමයි.. මේවා පොටොද? :P
Deleteකොහොමත් ඉහල උසාවිය දැන් ගෙදරම තියන ඒකෙ ඕක දැම්මයි කියලා මක් වෙනවද?
Deleteඇත්ත ඇත්ත වැඩි වෙනසක් නම් නෑ තමා... අයියා නමත් වෙනස් කරලා..
Deleteතනිකඩං ජීවිතං යාව නිබ්බානං..
ReplyDeleteනේද බං ?
අනේ මන්ද බං.. මම නිහඩයි... :)
Deletebolaata owa thaama therenne nehe newa.
Deletebandalama balapalla... heh..heh...
පීනලම බලන්න ඕන කියනවනේ...
Deleteපාරේ යනවිට බිම මලාගෙන යාම ගුණදායකයි වගේ.
ReplyDeleteපොඩි කාලේ කියල දුන්න ඔවදන් වල අගේ තේරෙන්නේ දැන්ද මන්දා.. :)
Deleteහික්ස්... දැන් ඉතින් පරණ සෙල්ලම් ඉවරයි ලොකු අයියේ.. ගෙදරට වෙලා පොතක් බලාගෙන ඉන්න තමා වෙන්නේ... ජය වේවා..
ReplyDeleteදැන් ඉතින් එහෙම බෑනේ.....
Deleteමොන පොත්ද නංගියේ.. ගෙදට්ට වෙලා ස්කයිප් එක දිහා බලන් ඉන්නවා.. :)
හෆ්ෆා.. අපි මෙහෙ ජොලියෙ හිටියාට ඔය හුඟාක් රටවල අය මම දන්න තරමින් වැඩ කරලා කරලා සමර් එක එනකම් බලන් ඉන්නෙ ඇවිදින්න...:D
ReplyDeleteහොද වැඩේ රස්තියාදුකාරයට.... !!! ;)
නඩුකාරිට කිව්වානම් හරි..නීති රීති,හරස් ප්‍රශ්න වැඩිකරන්න කියලා..;) හූ.....
ඔව් හිතු.. අපිට හරියට නිවාඩුවක් එන්නේ සමර් එකට තමා.. අනිත් දවස් ගැන කතා කරලා වැඩක් නෑ...
Deleteමෙයාලා එක්ක බෑනේ.. තව නිති දන්නලු.. එයා එහෙම දන්නේ නෑ හලිද... :)
ane sadu........ :D :D
ReplyDeleteඑහෙම කියන්න එපා නඟෝ ඉතින්...
Deleteමදාරා අක්කට අලුගෝසුවෙක් එහෙම ඕනනම් මම මෙහේ ඉන්නවා.
ReplyDeleteහෑ... මුං මාව එල්ලනකන්නේ බලාගෙන ඉන්නේ... :)
Deleteදෙය්යනේ අපි ඔටු දේසේ සමර් එකට බැන්නට ... ඉතාලි දේසේ සමර් එක පට්ට පට පට වගේ..
ReplyDeleteඇයි යකෝ මෙව්වා කලින් නොකිව්වේ.. එහෙනම් මමත් ඉතාලි එනවනේ
හෙහ්.. ඔව් ඔව් මෙහේ පට්ට.. ඔහේ හැමදාම සම්ර් උනත් මේවා දකින්න බෑනේ අයියේ.. පනිමුකෝ මේ පැත්තට..
Deleteමෙහෙත් සීත කාලයක් තියනව මලේ.....
Deleteඔව් නේන්නම්.. ඉදලා හිටලා හිමත් වැටෙනවා නේද?
Deleteඑහෙනන් ඕක තමයි නේද කරන්නෙ ඉතාලියට වෙලා ?
ReplyDeleteනෑ නෑ දැන් මේවා කරන්නේ නෑ.. ටියුලිප් අදයි මේ පැත්තට ගොඩ වෙලා තියෙන්නේ.. සාදරයෙන් පිළිගන්නවා වර්ණයට..
Deleteදිනේෂ් අයිය යහතින් ඉන්නවදෝ..?? :D
ReplyDeleteමේ යහතින් ඉන්නෝ.... :)
Deleteදැන් නඩුවෙ අලුත්ම තත්වෙ කොහොමද???
ReplyDeleteඒ නඩුව විසිකරලා..
Delete2010 කතා කියල බේරෙන්න නං බැරිවෙයි මලේ.
ReplyDeleteබලමු ට්‍රයි එකක් දීලා මොනා හරි කර ගන්න.. :)
Deleteහි හී මටත් මුල් ටික කියවනකොටම හිතුනා විත්ති කූඩුවේ නගින්න වෙයි කියලා ඔයාට
ReplyDeleteබෑනේ ඉතින් කරන්න.. ඔහොම හිතන එක හරිද මම අහන්නේ??
Deleteඑල...එල...
ReplyDeleteහෙහ් තැන්කූ..
Deleteමාර වැඩේ තමා මලයට වෙන්න යන්නේ.. දැන් ඉතින් බ්ලොගේ ලියන්න වෙන්නේ හිර කූඩුවෙ ඉඳගෙන තමා... :P
ReplyDeleteනෑ නෑ... එච්චරම අවුලක් වෙන එකක් නෑ.. :)
DeleteMalliye,
ReplyDeleteAanna Madara nangi kotuwakuth kadagena me paththata enawa.
Hamadama oyawa balanna awama , comentuwata labena reply eka mata bohoma watinawa.
මදාර එච්චරම සැර නෑ අක්කේ.. ඒ හිනදනේ ඉතින් මම මේ ගානක් නැතුව ලියන්නේ.. :)
Deleteවර්ණ ඇරුනම කුමාරි අක්කා තව බ්ලොග් කීපෙක කමෙන්ට් දානව මම දැකල තියෙනවා.. අක්කත් නරකද බ්ලොග් එකක් පටන් ගත්තනම්..
This comment has been removed by the author.
Deleteමේ දෙන්නව (දිනේශ් මල්ලිවයි මදාරා නංගිවයි) රෝමයේ කොලෝසියමට දාලා අපි කට්ටිය වාඩි වෙලා බලන් ඉමු.. දිනේශ් මල්ලි ගුටි කයි නෙහ්.. :)
ReplyDeleteඔන්න බලන්න ඉතින් මධු අයියා හිතන හැටි.. හිතේ ඇති අපි එහෙම ගහ ගනී කියලා.. කියන්නකො මදාරා.. :)
Deleteඔයා දන්නවනේ මම ඔයාට ගුටි දෙන්නෙ නැ මම කරන්නෙ වෙන දෙයක් කියලා හික් හික්..... මතකයි නේ :ඩී
Deleteමධු අයියා හරි හොදයි අනේ විහිළුවට කියන්න ඇත්තෙ ;)
මොකද අනේ අමතක.. ඒවා එපා කියනවද.. ;)
Deleteha..haaa.... lamaine..mehe rattu balaagena innawa. karana deyak horen karapalla... onna paparaasiyo nam oya paththe evanne ne api...honede...
Deleteශා මරු නේ අපිටත් ඔය පැපරාසි පින්තූර ටිකක් ඊ ගත කරලා එව්වනම් එල :ඩ්
ReplyDeleteශ්ශ්, කාටවත් මේ ගනුදෙනුව දැනගන්න තියන්න එපා සිරෙ නම් දාන එකක් නෑ මාව පරිවාසේ දාවි :ඩ්
සිරේ හොදයි බං පරිවාසෙට වඩා.. ඒ හින්දා සීක්‍රට් එකේ වැඩේ කරමු... :)
Deleteඅක්ක ගහයි බැට් එකෙන් කිවුවලු....
ReplyDeleteආයුධ ගැන මතක් කරන්න එපා.. :)
Deleteඕහෝ....... o.O මම ඉද්දි කවුද අනේ ඔයාව විත්ති කූඩුවල නග්ගන්නෙ? ;) හික් හික්...
ReplyDeleteමේ අප්සට් කවියත් ලස්සනයි පණ. :ඩී
එකනේ ඩාලින්ග්.. ඔයා නැති වෙලේ මේ ගොල්ල කියන ඒවා ගනන් ගන්න එපා.. :)
Deleteඅප්සට් කවිය ලස්සනයි කිවුව නේ.. එහෙනම් කමක් නෑ... :)
හික් හික් .... :පී
Deleteහිනාව... :)
Deleteදිනේශ් මම නම් මේ දවස් වල කරන්නෙම පොටෝ ගන්න එක..අප්පා..ඒවා නම් කාටවත් පෙන්වන්නත් බැහැ වගේ..බ්ලොග් පෝස්ට් එකකුත් එක්කම ටිකක් දාන්න හිතන් ඉන්නව....
ReplyDeleteKirillie monawath liyanne nadda?
DeleteTharaha wenna epa malli, meya gana balanna wena magak na,,, ekai..
කිරිල්ලී : හෙහ්.. ආයෙත් අහලා.. කොහේ ෆොටො එකක් ගත්තත් අසභ්‍ය දර්ශණයක් වැදිලා.. ඒවා ප්‍රසිද්දියේ දාන්න බෑ.. දාන්න දාන්න.. අපි එනෝ බලන්න..
Deleteකුමාරි අක්කේ : අහ් නෑ නෑ අක්කේ.. මොකට තරහා වෙන්නද? කිරිල්ලි මේක දකිවි කියලා හිතනවා..
Deleteමොකෝ උනේ ඈ .. හික්ස් .. නඩුකාරි ආවම :D
ReplyDeleteගොඩින් බේරුනා.. :)
Deleteහී හී :) :)
ReplyDeleteඔහොම හිනා වෙන එක හරිද මම අහන්නේ.. :)
Delete:D සමර් එක ඔය පැත්තෙ ට්‍රිප් එකක් කියාපු කාලෙ වගේ නේද දිනේශ්!
ReplyDeleteනැතුව නැතුව.. ඇස් සතුටු කරන්නනම් සමර් එකට මෙහේ එන්නම ඕන.. :)
Deleteඅයියෝ ඕවත් ප්‍රශ්නද මල්ලි..
ReplyDeleteදෙන්නකෝ නඩුකාරිටත් මේ සමර් එකට හොලිඩේ පැකේජ් එකක්. එතකොට ප්‍රශ්නෙ ඉවරයි..:)
තව අවුරුදු 2කින් එයාටත් මේවා හොද හැටි බලන්න පුළුවන් වෙයි... :)
Deleteදිනේෂ් මල්ලිට නම් සමර් එක ජයයි වගේ.... කොහෙද.... හොඳ පින්තූර ටික හංගගෙනනෙ....
ReplyDeleteමට මේක කියෙව්වම මෙහේ සමර් එකේ බිකිනි කාර් වොෂ් සීන් එක මතක් උනා.... අනෙ අප්පේ.. ඒවයෙ වැඩිපුරම පෝලිමේ ඉන්නෙ අපේ ලංකාවෙ ඉන්දියාවෙ කොල්ලො..... අරුන් ඉතින් ළඟටම ඇවිත් වීදුරු සෝදනවා ඒවට හේත්තු වෙලා හෙම.... එතකොට බලන්න ඕන අර කට්ටියගෙ මූණු ටික..... :D
ජයයි ජයයි මියුරු අක්කේ.. අනික්වා දන්න බෑ හලේ ඉතින්... :)
Deleteමේ දවස් වල ඉතින් ඔය කාර් වොශ් වැඩියි නේ අක්කේ.. මෙහෙත් ඔහොම තමා... :)
හහහා........පට්ට............
ReplyDeleteඋඹත් පැපරාසිද දැන් :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දැන් නෙමෙයි බං ඉස්සර.. මේ 2010 එකක්..
Deleteනඩුකාරී ආවට මුකුත් වෙලා නෑ නෙ. :D
ReplyDeleteනෑ නෑ අක්කේ.. මම හොදින්... :)
Deleteයකෝ බඳින්න ඉන්න එකාට තියන විසයක් අම්මපා ..... ඔන්න අපි වගේ අය නම් තව කමකුත් නෑ . :P
ReplyDeleteආ.. බඳින්න තව කල් තියෙනවා බං.. උඹල ගැන ඉතින් මම කියන්නේ නෑ.. :)
Deleteඔන්න ඉතින්... නියමයි..
ReplyDeleteක්සැන්ඩර් අයියා මොකක් හරි කියන්න ගිහින් නොකියා ඉදලා තිනවා වගේ හිතෙනවා..
Deleteකොහොම හරි බෙරුනා නේද ඇති ඔයින් ගියා ..හික්ස්
ReplyDeleteඅදට බේරුණා. :)
Deleteමේ කාලෙට එහෙ කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. අනේ අපේ අයියලා පව් !
ReplyDeleteමම කිවුවේ ඉතින් වැඩිහිටියන්ට පමණයි ඒවා කපලා.. :)
Deleteහාහ් හාහ් හාහ් හා (අති විශේෂ කෑල්ල දැකලා මට හිතුනෙත් ඔය ටිකම තමයි දිෂ් අයියේ.) විත්ති කුඩුවක කතාවක් නොදන්නවා වුනාට මට නිකන් මැවිලා මැවිලා පෙනුන
ReplyDeleteහා හා... ඕන නැති ඒවා මවා ගන්න එපා..
Deleteමරු කවි ටික ....පැපරාසි පිංතූරෙනං එළ ඈ...
ReplyDeleteතැන්කූ තැන්කූ අයියේ..
Deleteහි හි....:ඩී
ReplyDeleteමොකටද මන්දා හිනා උනේ.. :)
DeleteNice poem. It is natural to feel so because we all are made of flesh and bone!
ReplyDeletetrue..
Deleteඅප්පා...මදැයි ඔයින් ගියා...
ReplyDeleteයන්තම් බේරුනා.. :)
Deleteවිත්ති කූඩුවට නග්ගන්ට වටිනා පින්තූරයක්:)
ReplyDeleteසමර් එක ඔච්චරම සැරද? යුරෝපේ සමහර රටවලට නම් පහුගිය කාලයේ සමර් එකක් තිබුනේ නැති තරම්ලු.
මේ අවුරුද්දේ සැර වැඩී අක්කේ.. ගිය පාර මීට හොදයි..
Deleteඕකනේ කියන්නේ මාව කුඩුවට දාන්නමනේ කල්පනාව.. :)
හිහි... සමර් එක දෙපිටින් යාවි ඕක දැක්කම! :P
ReplyDelete෴සිද්ධිය෴
දැකලා තියෙන්නේ මලයා.. වෙලාවට එච්චර අවුලක් නෑ..
Deletemeheth summer ekata lankawe kollo paarawal walamai kiyala kathaawak thiyenawa. :)))
ReplyDeleteමෙහෙත් කිවුවේ කොහේද?
Deletesouth pole ekata kittu ratak nowa male....
Deleteයකෝ.... මම ඉන්න රටට හැමදාම සමර් එක. කවදාවත් ඒ විදියට මිනිස්සු අඳින්නේ නැහැ නේ. ෂික්..
ReplyDeleteඅසාර් අයියේ.. ඔහේ ඉදලා හරි යන්නේ නෑ... පනිමු මේ පැත්තට.. :)
Deleteඅපේ මහත්තයාත් ඔයවගේ ඒවා ගේනවා මාත් එක්ක නොගිය වෙලාවට. ඔන්න කාලයක් චීන කෙල්ලෙක් එක්කම ලගින් ඉදලා පොටෝ ගහගෙන ඇවිත් හිටියෙ. මදාරා නිසාම හොඳයි ඉතින්.......
ReplyDeleteලගින්ම ඉදලා ගත්තුවනම් මගෙත් තියෙනවා.. ඒව පස්සේ හෙමීට පෙන්නන්න ඕන... :)
Deleteතාමත් කූඩුවේ ද? ඇප දෙන්න එන්න වෙයිද... ඇප දෙන්න බැරි එකක් වුණොත් තමයි වැඩේ....
ReplyDeleteනෑ නෑ.. පොදු සමාවකින් එළියට ආවා.. :)
Deleteදිනේෂ් අයියා තාම විත්ති කුඩුවේද...? හයියෝ යෝ යෝ...
ReplyDeleteමොනවා උනත් ලස්සන කවි ටික අයියේ...:)
නඩුව අහවරයි.. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...
Deleteඅපොයි එච්චරම දරුණුද තත්වේ
ReplyDeleteබින්දි අක්කා සෑහෙන කාලෙකින්.. නෑ නෑ දැන් සාමකාමී... :)
Deleteනඩුකාරිගෙන් බැනුම් අහල ඉන්න වෙලාවේ අපි මුකුත් කියන්න හොඳ නෑනේ....
ReplyDeleteමලයට තමයි වැඩේ තේරුනේ.. තැන්කූ වේවා... :)
Delete