කුංකුම
st clair's වතු යායට මුලින්ම ආව දවසේ හිතට හිතේ මැවුනේ එකම එක ලස්සන චිත්‍රයක්.. වතු යායේ ඉහලටම නැගලා st clair's ඇල්ලත් එක්ක වතු යාය දිහා බලන් ඉද්දි හිතට දැනුන සතුට කියා ගන්න බැරි තරම්.. මුල්ම දවස් වල හිතට දැනුන සතුට කාලෙත් එක්ක මේ තරම් ඉක්මනට කොහොම නම් ගෙවිලා ගියාද?
ලා කොළ පාටට ඈතට විහිදුන වතු යායට මැදි උන මේ සුන්දර ඇල්ල වගේම ලස්සන ඈ දැක්ක ඒ දවස් අදටත් ඒ වගේම මතකයන් වල ඇදිලා තියෙන අපූරුව.. හිත ලගට කොහෙන්දෝ ඇවිත් දගකෙරුව මල් සුවදක් ජීවිතේට මේ තරම්ම ලෙංගතු උන හැටි හිතා ගන්නත් බැරි තරම්..
" මේක හීනයක් විතරක් වේවිද මහත්තයෝ?"
මීට ටික කාලෙකට කලින් මෙතනම ඉදන් ඈත දිය ඇල්ල දිහා බලාගෙන නුඹ අහපු ඒ වචන ටික හිත ඇතුලේ හැම තිස්සෙම වගේ රැවු දෙන්නේ ජීවිතේ වටිනාම දෙයක් මට අතහැරුනා කියන වේදනාවෙන්.. කාලයෙන් ආපස්සට යන්න තිබ්බනම්..
" උඹට මෙච්චර මෙහේ කොල්ලො ඉද්දි ඔය වත්තක කෙල්ලෙක්ම ලොකු උනාද?"
" ඒත් තාත්තේ.."
" කතා කරන්න එපා තව වචනයක් උඹ.. උඹේ වැඩ නිසා නංගිගේ කටයුත්තත් ඇදෙනවා කියලා උඹට තේරෙන්නේ නැද්ද? උඹ විනාස වෙනවා මදිවට ඒ කෙල්ලගේ ජීවිතෙත් විනාස කරන්න එපා.."
ආදරේ අයිති ආදරේ කරන හිත් දෙකකට විතරක්ම උනත් ඒ ආදරේ එක්ක නොදැනිම තව කී දෙනෙක් බැදිලද? බොහොමයක් බැදීම් අතරේ මේ හිත් දෙකක ආදරේ මොන තරම්නම් දොලනය වෙනවද?
" උඹ ආයෙම වත්තට යන්න ඕන නෑ.. මම වත්ත විකුණුවා.. "
කාලයත් එක්ක වෙනස් වෙයි කියලා හිතපු හිත් ඒ විදිහට තව තවත් දරුණු වෙද්දි ජීවිතේ එකම එක තීරණයක් විතරක් දෙනෙත් අද්දර හෙමින් දිග ඇරෙද්දි බැදීම් වගකීම් බොහෝමයක් මොහොතින් අමතක කලේ ජීවිතේට හිමි ඒ ආදරේ නිසා.. ඒත්,
කලින් වතාවට වඩා වතු යාය ලස්සන කොහේ හරි හැංගිලා කියලා ඈත තියාම හිතට දැනුනේ ඇයි කියන්න මට තේරුණේ නෑ.. මොහොතකට දැනුනේ දිය ඇල්ලෙත් මළානික බවක්..
" රාමා, කෝ සරෝජනී?"
හිනාවෙන් පිරුණ මුහුණු වල රැදුන අදුරු බව තේරුම් ගන්න ටිකක් අමාරු උනත් බලාපොරොත්තු නොවන දෙයක අමිහිරි පණිවිඩයක් සවනත වැටෙන්න වැඩි කාලයක් ගත උනේ නෑ..
" මහත්තයා ඉක්මනටම එනවා නේද? තව ගොඩක් කල් ලෝකෙන් හැංගිලා මට බලන් ඉන්න බෑ මහත්තයා.."
......................................
ඈත අහසෙ දිළෙන සඳට සිනා සළයි සිත
සඳ ඈතයි ළං වෙනු බෑ කඳු පාමුළ මම
වාං දමන සෙනේ හැඟුම් නුඹට බැඳුණු සිත
වහං කරන්නේ කෝමද මගෙ ජීවිතෙ නුඹ.....
සඳ ඈතයි ළං වෙනු බෑ කඳු පාමුළ මම
වාං දමන සෙනේ හැඟුම් නුඹට බැඳුණු සිත
වහං කරන්නේ කෝමද මගෙ ජීවිතෙ නුඹ.....
ආළවන්ත කම් පෑවත් බොළඳ වෙලා සිත
නුඹ අහසයි මම පොළවයි තරං ඳුරයි අප
නුඹේ සනුහරේ ඈයෝ කැමති වේද මට
ලැයිම් පේළියේ වෙසෙනා සරෝජනී මම.....
නුඹට තරං කාසි පනම් නොතිබුනාට මට
සාගරේට වඩා ලොකුයි මගෙ මේ සෙනෙහස
කොළොම් පුරේ විච්චූරන මං ළඟ නෑ හැඩ
කුංකුම පොට්ටුව විතරයි මං සතු වත්කම....
සංසාරෙන් සංසාරෙට පතා ආපු ලෙස
සිදාදියෙන් ආපු මහත්තයෝ මාව දැක
හරස් උනොත් අපෙ ළෙංගතු කමට වරිගයම
සත්තයි මං පහල දොලේ සැගවෙමි නොකියම..
නුඹ අහසයි මම පොළවයි තරං ඳුරයි අප
නුඹේ සනුහරේ ඈයෝ කැමති වේද මට
ලැයිම් පේළියේ වෙසෙනා සරෝජනී මම.....
නුඹට තරං කාසි පනම් නොතිබුනාට මට
සාගරේට වඩා ලොකුයි මගෙ මේ සෙනෙහස
කොළොම් පුරේ විච්චූරන මං ළඟ නෑ හැඩ
කුංකුම පොට්ටුව විතරයි මං සතු වත්කම....
සංසාරෙන් සංසාරෙට පතා ආපු ලෙස
සිදාදියෙන් ආපු මහත්තයෝ මාව දැක
හරස් උනොත් අපෙ ළෙංගතු කමට වරිගයම
සත්තයි මං පහල දොලේ සැගවෙමි නොකියම..
......................................
ඇල්ලේ ඉහලම මුදුනේ ඉදන් ඈ ලිවුව අන්තිම පැතුම දෑතින් මුදා හැරියේ ජීවිතේ තිබුන අන්තිම පැතුමත් සුළගත් එක්කම මුසු කරගෙනම..
" මේක හීනයක් විතරක් වේවිද මහත්තයෝ?"
සුළගත් එක්ක ආයෙ ආයෙම ඇහුන ඒ වචන පෙල දැනුනේ තවත් එක් ගමනකට ආරාධනා කලා වගේ.. සුළග තව ලස්සන ගමනකට ආරාධනා කරන බව හිතට ඉබේම දැනෙද්දි එක් පියවරක් ඉබේම වගේ ඉදිරියට තිය උනේ ඈ ඈතින් හිනාවෙන ඒ ලස්සන මූණ මතකයේ ඇදෙද්දිම වගේ..
......................................
අහම්බෙන් හමු උන
ආදරණිට හිතකට
ලියා තියා ජීවිතය,
යන්න හිතයි
සැග වෙන්නට
ඒ හිත ලගම..
බලාපොරොත්තුව
මොහොතකට බිදුන
නිමේෂයක රැදි කඳූළ
පිසලන්න නුඹ නැති
අවාසනාවේ
එක් දවසක..
දමා යන්නට
නොහැකිව ලත උන
එකම එක
ආදරණිය හිතක්
සොයා යන්නම්
සසර පුරාවට..
......................................
විශේෂයි : මේ පළවෙනි කවිය මගේ නෙමෙයි.. සොදුරු සදවතී ලියන කාව්‍යා අක්කා එයාගේ බ්ලොග් එකේ ලිවුව එකක්.. මේ ඒකට හිතුන පුංචි කතාවක්..
අවසර ඇතිව උපුටා ගන්නා ලදී..




කාව්‍යා අක්කගෙ කවි සිතිවිල්ලෙන් කවියක්ම නොවූ සිතුවිල්ලෙ මැව්ව වටපිටාව ගොඩක් ලස්සනයි.. එතැනින් පටන් අරන් මේ කතාවෙ අවාසනාවන්ත අවසානය ඒ ඇල්ල අතරෙම සැඟවෙන්න ලියලා..
ReplyDeleteඅසම්මත වුණත් ආදරයේ පොඳු සංවේදීබව..
//දමා යන්නට
නොහැකිව ලත උන
එකම එක
ආදරණිය හිතක්
සොයා යන්නම්
සසර පුරාවට..//
අසම්මතයි කියලා ආදරයන් නෑනේ නන්දුවෝ..
Deleteහ්ම්ම්.. ඒක මනුස්සයන් විසින් හදාගත්ත දෙයක්..
Deleteඒකනෙ කිව්වෙ පොඳු සංවේදීත්වය ආදරයදි කාටත් එකයි බව.. :)
Lassana ta liyala,,,
ReplyDeleteMey paththe awe kalekin...
Sathuten inna malli
අක්ක ගොඩක් කාලෙකින් නේන්නම්.. මේක පබ්ලිශ් නොවී ස්පෑම් වෙලා අක්කේ..
Deleteකාව්‍යාගේ බ්ලොග් එක නම් කියවලා නෑ. කියවන්න ඕන කියලා හිතුනා.
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක්...
තව දෙයක් තමා පෝසට් කොල්ලෙක්ට දුප්පත් කෙල්ලෙක් බඳින්න බැරි ඇයි කියලා හිතාගන්ඩ බෑ...
ධනවාදය නිසා තමයි අයියේ.. ධනපතියෝ ධනයෙන් උදම් වෙලා.. ;)
Deleteඒ පැත්තටත් එබිලා බලන්න මධු අයියේ.. පාඩු නෑ..
Deleteරෙඩ් : ඒ උනත් ඔය හැමදේම අත ඇරලා බැන්ද අයත් ඉන්නවනේ.. හැබැයි ටිකයි..
Deleteකුංකුම චන්දන අංජන තවරා චාන්දනි සිනා සුනා..... නලල පුරා තිලකය තියලා මට ආදර බස් දුන්නා...
ReplyDeleteඅහලා පුරුදු සිංදුවක් උනත් හරියට මතක නෑනේ රාජ් අයියේ සිංදුව මොකක්ද, කවුද කියන්නේ කියලා..
Deleteමම කාව්‍යා අක්කාගේ බ්ලොග් එකත් කියෙව්වා ඊයේ.. මේක ඒකටම ගැලපෙනවා අයියේ.. ලස්සනයි..
ReplyDeleteඒක කියවද්දි තමයි රෙඩ් නංගියේ මේ අදහස ඔළුවට ආවේ.. එහෙමම අවසර අරන් ලිවුවා.. :)
Deleteදෙන්නගේම කවි සිතුවිලි හරිම අපූරුයි . මේ වගේ වැලලී යන ආදර කතා තව කොච්චර ඇතිද නේද ?
ReplyDeleteදුප්පත් පොසත් කම් එක්ක ජීවිත ගමනත් නිමා කරන් අවසානයක් සොයපු ආදර කතා ඇති ඕන තරම්..
Deleteහරිම ලස්සනයි :)
ReplyDeleteඅද නමින්ම ඇවිත්... :)
Deleteආදරයට වැට කඩුළු සීමා මායිම් නැති එක කොච්චර අපූරුද?..
ReplyDeleteඅදත් ලස්සන කවි ටිකක්..:)
මේ ලෝකේ සීමා මායිම් නැති එකම දේ ආදරේ අක්කේ..
Deleteනියමයි මල්ලි මේකනම් හරිම අපූරුයි, කවියක් ලියඩ්දි සිතුවිල්ල හිතේම තියාගෙන කම්මැලි කමට කවිය විතරක් දාන මගේ කවියට ඔයාගේ අතින් අපූරුවට සාදාරණය ඉටු වෙලා තියෙනවා,ඔයාගේ සිතුවිල්ලත් ඔයාගේ නිසදැසත් වා.......ව්......... වෙන මොනා කියන්නද මංද
ReplyDeleteහෆ්ෆා මෙයාගේ කම්මැලි කම.. මොකෝ දත් ගැලෙවුව නිසාද?
Deleteලියන අවසර දුන්නට තැන්කූ හොදේ..
ශෙහ්...!!
ReplyDeleteප
ට්
ට
ඈ...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේකා දැන් කවි වලට අමුතු ආරේ කමෙන්ට් දාන්නේ.. හා හා..
Deleteදිනේශ්ගෙ අපූරු කතාවෙන් කවිය තවත් අරුත් ගැන්විලා.
ReplyDeleteකවිය ලස්සනයි යාළුවා.. ඒකයි ලියන්න හිතුනේ...
Deleteමාර ගතියට ලියල අයියෙ...
ReplyDeleteතැන්කූ මලයා..
Deleteලස්සන කතාවක් මල්ලි. දෙන්නගෙන් කෙනෙක් සල්ලි අතින් අනිත් කෙලවරේ හිටියොත් ඔහොමම තමා.
ReplyDeleteහ්ම්ම්.. ඒකනේ අක්කේ.. ඒ වෙලාවට ඉතින් ප්‍රශ්ණම තමයි..
Deleteලක්ෂණයි සහෝ!! ඔය කියල තියෙන්න් ලිප්ටන් සීට් පැත්ත නේ.. ඒ ගැලපීමත් උපරීමේටම දීල.. අපූරුයි!!!
ReplyDeleteඔව්.. ලියන්න කලින් මම හිතට ආව පරිසරයට ගැල්පෙන පැත්තක් ගැන කල්පනා කලා ඇත්තටම.. පස්සේ තමා මේ පරිසරේ ගැන ලිවුවේ..
Deleteසිරා කතාව දිනේෂ්...
ReplyDeleteතෑන්ක්ස් අයියේ..
Deleteලස්සනයි...
ReplyDeleteතැන්කූ..
Deletekavi tikata galapena lassana kathawak ayya..........
ReplyDeleteතැන්ක් නංගියේ..
Deleteනියමයි දිනේෂ් අයියේ!
ReplyDeleteමේක කියවනකොට මට මතක වුනේ මොනිකා රුවන්පතිරණගේ කවියක්.
ඒකෙ නම නම් මතක නෑ.ඒත් මේ වගේ වත්තක කතාවක් තමයි..
කවිය ගැන පොඩ්ඩක් හරි ලියන්න මතක නැද්ද ප්‍රමුදියේ?
Deleteකලින් පෝස්ට් එකක් මතක් වුනා ඔයාගෙම. මට ආයෙම ඒ කතාව මතක් වුනේ.
ReplyDeleteහ්ම්ම්ම්.. මොන පෝස්ට් එකද අයියේ?
Deleteඅර උතුරේ සොල්දාදුවා ගේ කතාව..
Deleteකතාව ලස්සනයි කවිත් ලස්සනයි පණ. හැබැයි ආදරේ වෙනුවෙන් ජිවිතේ නැති කරගන්න එක මම හිතන්නෙ මොඩ වැඩක් කියලා. :)
ReplyDelete“දමා යන්නට
නොහැකිව ලත උන
එකම එක
ආදරණිය හිතක්
සොයා යන්නම්
සසර පුරාවට..“ මේ ටික ලස්සන වැඩිද මන්දා...
මාත් එකගයි ඒ කතාවටනම්.. ආදරේ වෙනුවෙන් ජීවත් වෙන එකයි වැඩියෙන් වටින්නේ..
Deleteආ.. ලස්සන වැඩිද මන්දා කිවුවා? මෙය එක්ක බෑ.. :)
මං නං කියන්නේ..
ReplyDeleteනෑ කියන්න දෙයක් නෑ එක්කෝ
මොනා හරි කියන්න තිබ්බේ හැබැයි...
Deleteලස්සනයි.... ඇත්තටම මෙහෙම දෙවල් කොච්චර වෙනව ඇතිද?
ReplyDeleteමේ වගේ පැති වල මිනිස්සුන්ට මේ දේවල් අරුමයක් නොවෙනවා ඇති..
Deleteකවිය වගේම කතාවත් හරිම ලස්සනයි අයියේ..ඇත්තටම ආදරයක් ඇතිවුනාම ඒ වෙනුවෙන් මුළු ජිවිතේම කැප කරන්න පුළුවන්..ඒත් ආදරේ වෙනුවෙන් ජිවිතේ ඇති කර ගන්නේ නැතිව නැතිකර ගන්න එක නම් මෝඩ වැඩක් කියලා හිතෙනවා..මොනවා වුනත් ආදරේ දි හිත් බොලඳයි කියන එකනම් දැනුණා....
ReplyDeleteඇත්ත නඟෝ.. ආදරේදී හිත් බොළදයි.. ඒක වෙනස් කරන්න ටිකක අමාරුනේ..
Deleteහොඳටම රස වින්ඳා පද පේලි ටික..
ReplyDeleteගොඩක් ස්තූතියි වෙනී අයියේ..
Deleteමට නම් පුලුවන් සින්දු පැල්කවි කරන්න විතරයි. මේකාට කවි කතන්දර කරන්න පුලුවන්නෙ.
ReplyDeleteනියමයි,ඈ!
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
සිංදු පැල් කවි කරන එකත් කලාවක් ගුරුතුමනි.. :)
Deleteගොඩක් කවි කියෙවුවම අදහස් එනවා.. ලියන්න අවසර නෑනේ ඉතින් ගොඩක් තැන් වල...
කථාවයි කවි ටිකයි හරිම ලස්සනයි දිනේශ්!
ReplyDeleteචාම්ස් ගොඩක් කාලෙකින් මේ පැත්තේ..
Deleteකවි සිතුවිල්ලත්...ඒකටම ගැලපෙන්න ගොතාපු කතාවත් හරිම ලස්සනයි...
ReplyDeleteගොඩක් ස්තූතියි ළිහිණි..
DeleteKo ane mage comment eka? ???????
ReplyDeleteඒක ස්පෑම් බොක්ස් එකට ගිහින්නේ අක්කේ.. සොරි මේ කිවුවම දැනුයි බැළුවේ මම..
Deleteඑල නේ අය්යේ දැන් ඉස්සර වගේ ලියන්නේ නෑ නේ වැඩ රාජකාරි නේ :ප ;)
ReplyDeleteඒකනම් ඉතින් ඇත්ත තමා මලය.. වෙනද වගේ ලිය වෙන්නේ නෑ.. හදිස්සියේ ලියලා දාන්න මගේ කැමැත්තකුත් නෑනේ ඉතින්.. :)
Deleteහරිම ලස්සනයි දිනේශ් පුතා. කවි ටිකත් හරියට රස වින්දා.
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබටත්.. අදමයි අපි අදුන ගත්තේ.. ඒ පැත්තේ ඇව්ත් යන්න එනවා..
Deleteමේ කතාවත් හරියට අර තොටියගේ කතාව වගේ. කවියට ලියූ කතාව ලස්සනයි.
ReplyDeleteලියලා පස්සෙ අදහස් එද්දියි මතක් උනේ මේක තොටියා කතාවට සමානයි කියලා..
Deleteමට මතක වුනේ කව්‍යගේ අසම්මත කවිපෙළ. බැලින්නම් එකෙන්ම නේ අදහස ඇවිල්ල තියෙන්නේ.
ReplyDeleteහෙහ්.. ඒක කියවලා හිතුන දේ එහෙමම අවසර අරන් ලිවුවා.. මුලින් හිතුනේ කෙටි කතාවක් කරන්න.. ඒත් කාලේ නැති නිසා මෙහෙම ලිවුවා.. :)
DeleteHi
ReplyDeleteහලෝ අක්කේ..
Deleteනියමා...............................යි යාලු :)
ReplyDeleteතැන්කූ....... යාලු..
Deleteapuurui male..
ReplyDeleteතෑන්ක්ස්..
Deleteමතක් වුනේ අර ප්‍රෙඩී සිල්වා මහතාගේ ගීතය...
ReplyDeleteතේ කුඩය පිටේ බැදන්... ලෙච්චමී..
සෑමට ගැලපෙනම සිංදුව මතක් වෙලා..
Deleteලස්සනම ලස්සනයි!!! පරණ සිංහල චිත්‍රපටි වලත් මෙහෙම කතවක් තිබ්බා මතකයි.. මට චිත්‍රපටිය මතකනම් නෑ... ලස්සනයි!!
ReplyDeleteමෙයගෙත් මතකේ.... මතක නෑලු නේ... :)
Deleteලස්සනයි.....
ReplyDeleteබන්ඩාර අයියා මේ පැත්තේ දැක්කේ සෑෂෙන කාලෙකින් නේ..
Deleteඔහොම තමා ඉතින් ජීවිතේ. කවි වලට කතා ලියන්න ඔයානම් මාර දක්සයි ඈ
ReplyDeleteලස්සන කවියක් කියවද්දි ඉතින් හිතෙන දේ තමයි අක්කේ මේ... :)
Deleteමොනවා කියන්නද හිතාගන්න බැහැ... දිවුල්ගනේ මහත්තයගෙ ශාන්තිනි සින්දුව මතක් වුණා!
ReplyDeleteහ්ම්ම්.. ඒ සිදුවත් ගැලපෙනවා නේන්නම්.. :)
Deleteදුක හිතෙන ඒවම ලියන්නේ ඇයි?
ReplyDelete