Thursday, 30 August 2012

අනෙක් හැරවුම

කොළඹ, ඒ තරම්ම නුහුරු නුපුරුදු නගරයක් නෙමෙයි.. ඒත් අවුරුදු ගානකට පස්සේ ආයෙම කොළඹ නතර වෙන්නම එද්දි වෙනදට වඩා නුහුරු නුපුරුදු බවක් නොදැනුනාම නෙමෙයි.. තමන්ගේ කියල හිටිය හැමෝම හැම බැදීමක්ම බිදලා අහක බලාගෙන ගියාට පස්සේ හුරු පුරුදු කොළඹත් නුහුරුවට දැනෙන එක ලොකු පුදුමෙකුත් නෙමෙයි..

අරන් එන්න කියලත් ඒ තරම් දෙයක් තිබුනේ නෑ.. ගේන්න තිබ්බ පොඩි දේවල් ටිකත් අරගෙන පන්නිපිටියේ තාත්තා හොයපු කුලි ගෙට එද්දි මට මම ඉස්කෝලේ 2 වසරේ.. ටික කාලෙකින් තාත්ත අයෙම ඉතාලි ආවා.. ලැබුන පොඩි නිවාඩුවේ ගොඩක් දේවල් පිළිවෙලක් කරන්න බැරි උනත්, ඕනම කරන හැමදේම පිළිවෙලක් කරලා අපිව අළුත් ඉස්කෝල වලට දාලා තාත්ත අයේම ආවේ අපේම කියලා කවුරු හරි අපේ ලග ඉන්නවා කියන සැනසීම හිතේ තියාගෙන..

ඔව්.. අපි සැනසීමෙන් හිටියා තමයි.. ඒත් ඒ අතරේ අපි කවුරුවත් නොදැනම ගොඩක් දුක් කරදර වලට අපේ තාත්තා මූණ දීලා තිබ්බා.. භාශාවවත් හරියට නොදැන තාත්තා ඉතාලි යන්න බය උනේ නැත්තේ අපේ අම්මගේ සහෝදරයෝ හැමෝම වගේ ඉතාලියේ හිටිය නිසා.. ඇත්ත එන්න උදවු කලේ ඔවුන්.. ඒත් අවුරුදු දෙකක් යනකන් ඒ හැමෝම එකතු වෙලා අපේ තාත්තව රැවැට්ටුවා..

අපේ අම්මගේ එක මල්ලි කෙනෙක් තාත්තට පළවෙනි ජොබ් එක හොයලා දීලා තිබුනේ.. එයාලට හොදට ඉතාලි පුලුවන් උන නිසා ජොබ් එකේ හැම දෙයක්ම කතා කරලා දීලා තිබුනේ එයාලමයි.. හැමදෙයක්ම එක්කම තාත්තගේ පඩියත් ඉස්සෙලා එයාලගේ අතට එන විදිහට.. තාත්තා නොදැන හිටියා උනාට අවුරුදු දෙකක් විතර යනක්ම්ම තාත්තගේ පඩියෙන් භාගයක් විතරයි මෙයාල අපේ තාත්තට දීලා තිබුනේ.. ඉතාලි භාෂාව ටිකක් පුරුදු වෙලා එද්දි තමයි තාත්තා මේ හැම දෙයක්ම දැන ගෙන තිබුනේ.. 

හැමෝම එක්ක එකට හිටපු ගෙදරින් එළියට බැහැලා තනියම ගෙයක් හොයාගෙන එන්න හදද්දි තමයි දැනගෙන තියෙන්නේ තාත්තගේ සමහර ඩොකියුමන්ට් පවා හරියට හදලා දෙන්නවත් ඒ කවුරුවත් උනන්දු වෙලාවත් නෑ කියලා.. වාසනාවට එදා අපේ තාත්තට ඕන හැම උදවුවක්ම කලේ අපේ ෆාමසියේ ලොක්කා.. ලොක්කගේ සහෝදරයා මාර්ගෙන් ඒ කරන්න ඕන හැම දෙයක්ම දවසකින් කරලා දිලා තිබුනේ නෑයෝ උන අපේ උන් ලග වත් නැති මනුස්සකමක් අවුරුද්දක් විතර කාලයක් දැනන් හිටිය ඒ මිනිහා ලග තිබ්බ නිසා..

එදා ඉදන් තාත්තා ඒ හැම සහෝදර බැදීමක්ම අයින් කරලා තනියම ජිවත් උනා 2000 දී අයියා ඉතාලි එනකම්ම.. තාත්තා ඒ සම්බන්දකම් හැම එකක්ම අත ඇරලා දාලා හිටියා උනත් ලංකාවේ අපි මහ ගෙදර තියෙන හිතවත් කම නම් නැවතුනේ නෑ.. ඒත් සල්ලි අගහිග කාලේ ටිකක් විතර කෙනෙහිලි කම් නොතිබුනාම නෙමෙයි.. ඒත් ඒවා ගොඩක් දුර දිග ගියේ නැතත් අවුරුදූ කීපෙකට පස්සේ තාත්තා ආයෙම තිබුන පරණ හීනේ හැබෑ කර ගන්න ඉඩම්ක් අර ගනිද්දි සනහරුන්ට නම් ඒක ටිකක් දරා ගන්න බැරි උනා..

ඒත් ප්‍රශ්ණයක් නැතුව හැම දේම ගෙවිලා ගියත් හැම දේකම තීරණාත්මක දවස ආවේ එක අළුත් අවුරුදු දවසක.. මගේ මතකේ හැටියට ඒ 2001 අප්‍රේල් 14 වෙන්න ඕන.. හැම පාරකම වගේම උදේම ගෙදර අවුරුදු චාරිත්‍ර කරලා අපි දිවුවේ අම්මගේ මග හෙදට්ට..කවදාවත් වහන්නේ නැති ඉස්සරහ දොර වහලා තියෙන එක අපිට ඒ තරම්ම ගානක් නැතුවම කුස්සිය පැත්තෙන්ම මහ ගෙදරට එන්න ආවේ මේ අපිට නුහුරු නුපුරුදු තැනක් නොවුන නිසා.. එලියෙම දර ළිපක් බැදගෙන උයන ගමන් හිටිය අපේ අම්මගේ අම්මා දැක්කම අපිත් සතුටින් හිනා වෙලා සුභ පැතුවා.. අපේ අම්ම තමයි ඉස්සර උනේ..

" සුහ අළුත් අවුරුද්දක් අම්මේ.."

" උඹලා අදම මෙහෙ.."    අවුරුදු සුභ පැතුමට ආයෙම සුභ පතන්න තරම් ඕනකමක් වත් එයාගේ නපුරු හිතේ තිබ්බේ නෑ..

" ඇයි අම්මේ.. මමනේ කවදත් ඉස්සෙල්ලම එන්නේ.."

" ඒ උනාට මීට පස්සේ උඹලා මෙහේ නාවට කමක් නෑ.."

" අම්මේ.."

විනාඩියකට අඩු කාලෙක කිය උන පුංචි වචන ටික මට කවමදාවත් අමතක නොවේවි.. කුස්සියේ දොරත් භාගෙර අඩවල් කරගෙන යන අම්ම දිහා බලාගෙන අපේ අම්මා අඩපු හැටි අදටත් හොදටම මතකයි.. කිසිම වරදක් නැතුව එක පාරම වෙන උනේ ඇයි කියන්න අපි කවුරුවත් එවෙලේ දැන්න් හිටියේ නෑ.. දුක හිතේ තියා ගන්න බැරුව අවුරුදු දවසෙම බස් එකේ එන ගමන් අම්මා අඩපු හැටි කොහොමවත් මම අමතක කරන්න්නේ නෑ..

ඒ උනත් අපේ අම්මා දවස් කීපයක් බලාගෙන හිටියා එයාගේ අම්ම අවුරුද්දට අපේ ගෙදර ඒවි කියලා.. ඒත් ආවේ නෑ.. අපි අම්මගේ අනිත් සහෝදරයන්ගේ ගෙවල් වල ගියා අවුරුද්දට.. කතා බහ කලා උනත් ඒ මුණු වලත් අමුත්තක් නොතිබුනාම නෙමෙයි.. ඒත් ඒ කවුරුවත් අපේ ගෙදර නම් ආවේ නෑ.. කාලය ගෙවුනා.. කවුරු හරි කෙනෙක් අපේ ගෙදර ඒවි කියන බලාපොරොත්තුව අම්මගේ හිතේ තිබ්බා.. එන්න එපා කියලා එලියට දාපු ගෙදට්ට යන්න අම්මා කොහෙත්ම කැමති උනේ නෑ.. පවුලේ වැඩිමල් සහෝදරි උනේ අපේ අම්මා.. ඉතින් තමන්මට බල අය තමන්ගේ ගෙදර නොඑද්දි එයාලගේ ගෙවල්  වල පස්සෙන් එල්ලිලා යන්න අපේ අම්මට ඕන උනේ නෑ.. තාත්තවත් අම්මගේ තීරණ වෙනස් කරන්න තියා අඩු ගානේ ඒ ගැන මොහොතක්වත් එදායින් පස්සේ කතා කලේ නෑ.. 

හැම දෙයකම මතකය විතරක් ඉතුරු වෙද්දි කාලය ගොඩක් ගෙවිලා ගියා.. අවුරුදු ගනන්.. ඒ එක්කම ඒ මතකයනුත් ටිකින් ටික ඈත් වෙලා අපි අපිට නෑදෑ පරපුරක් හිටියද කියලා මතකයක්වත් නැති තැනට හෙමිට ආවා.. අපි පස් දෙනාට හැම වෙලාවෙම හිටියේ අපි පස් දෙනා විතරක්මයි.. 

ඒත් දවසක් හිටි හැටියේ අපේ අම්මගේ බාල මල්ලි කෙනෙක්ගේ බිරිදක් ආවා අපේ ගෙදර හොයාගෙන.. එතකොට අපි පන්නිපිටියේ කුලි ගෙට සමු දිලා දැන් අපි ඉන්න මාකුඹුරේ අපේම කියන ලස්සන ගේ හදාගෙන ඇවිත් ගොඩක් කාලයක් ගෙවිලා තිබුනා.. 

එදා ඒ නැන්දා ආපු වෙලේ අපේ අම්මා ගොඩක් බැන්නා මතකයි.. ඒත් පස්සෙයි දැන ගත්තේ ඒ නැන්දව අපේ අම්මගේ මල්ලි මැරුනයින් පස්සේ ගෙදරින් ඈත් කරලා කියන එක.. අම්මගේ සහෝදරයෙක් මැරිලා අපි ඒක ගැන දන්නෙවත් නෑ.. එදා අපිව අම්මගේ අම්මා ගෙදරින් එලව ගද්දි ඒ ගෙදර හිටියේ මේ නැන්දම තමයි..  ඒත් ඇත්තටම ඒ වෙලාවේ එයාට උනත් කරන්න දෙයක් තිබ්බේ නෑ..  එදා නැන්දා කියපු කතාවත් එක්ක තමයි අපි හැමෝම මේ විදිහට ඈත් වෙන්න උන හේතුවවත් දැන ගත්තේ..

අපි පවුල හොදින් ඉන්න දවස් වල අවිස්සාවෙල්ල පැත්තේ තැනකින් අපේ අක්කට මංගලා යෝජනාවක් ආවා.. පින්තූර බලලා අපි උනත් ඒකට කැමති උනා.. හදහනුත් ගැලපුනා.. මඟුලක් කෙරෙද්දි පවුල් පසුබිම වටපිටාවෙන් හොයන එක සාමාන්‍ය දෙයක්.. ඒකට ගියේ අපේ අම්මගේ බාලම මල්ලි.. ඒයා ඒ වෙද්දිත් කසාද බැදලා හිටියේ නෑ.. අපේ අක්කට කතා කරපු ඒ අයියට නංගි කෙනෙක් හිටියා.. ඒ පවුලේ අය අපේ අක්කව බලන්න ඒ වෙද්දිත් ඇවිත් වත් නොහිටපු නිසා අපි නම් ඒ කවුද කියලවත් දැකලවත් තිබුනේ නෑ.. ඒ නංගිව දැක්ක අපේ අම්මගේ මල්ලිට ඒ කෙල්ල ගැන හිතක් පහල වෙලා.. මනමාලයා ගැන හොයන්න ගිය තොරතුරු පැත්ත දලා එයා මේ කෙල්ල ගැන විස්තර හොයලා..

ඒ විස්තර හොයාගෙන ගෙදර ඇවිත් ඒ නංගිව කසාද බදින්න කැමති කියලා අපේ අම්මගේ මල්ලි ගෙදරත් එක්ක කියලා.. ගෙදරට නාකි වෙවි හිටිය එකා නේද කියලා හිතලා අපේ යෝජනාව පැත්තක දාලා එයලා ඒ යෝජනාව ගැන හිතලා.. ඒකේ වරදක් නෑ.. අපි ඒක හරි කියමු.. ඒත් ඒක එයාලා කරපු විදිහයි වැරදි.. 

අපේ අම්ම එක්ක ඒ අයියගේ වැර්දි කියලා ඒ ගෙදර මිනිස්සු එක්ක වෙනමම කතාවක් කියලා තිබුනා.. ඔය යෝජනාව එන්න අවුරුද්දකට විතර කලියෙන් වගේ අපේ අක්කගේ කකුලක පොඩි අසනිපයක් වෙලා සති දෙකක් විතර වගේ ඉස්පිරිතාලේ නැවතිලා බෙහෙත් කලා.. ඉතින් ඔන්න ඔය කාරණාව ඉස්සරහට දාලා මේ අපේ නෑයෝ කියන කට්ටිය කියලා තිබුනේ, අපේ අක්කා අබ්බගාත කෙල්ලෙක්.. ගොඩක් කාලයක් ඒකට බෙහෙත් අරන් දැන් ටිකක් හොදට ඇවිදින්න පුළුවන් කියන බොරුව මවා පාලා එයාලගේ අරමුණ එයාලා එක්ක කතා කරපු එක..

එදා, අපිට මහ ගෙදරින් එලව ගත්ත අවුරුදු දවස.. අම්මගේ මල්ලිගේ ඒ යෝජනාව ඉස්තීර වෙලා ඒ ගෙවල් වලින් ඉස්සෙල්ල කෑමකට එන දවස.. ඒකයි අම්මගේ අම්මට අර තරම් කේන්ති යන්න හේතුව.. ඒ අපේ අක්කව දැක්කම එයාල කියපු හැම බොරුවක්ම අහු වෙන එක.. අනික අක්ක බැන්ද ගෙදරම අක්කගේ නෑනව, අක්කගේ මාමා බැන්දොත් එතන නෑදෑකම මොකද්ද? 

හැම දෙයක්ම වෙනස් වෙන්න තිබ්බ හේතුව ඔන්න ඕක.. අපිට අපේ අක්කව කසාද බන්දලා දෙන්න ලොකු හදිස්සියක් තිබ්බේ නෑ.. එහෙම එකේ ඔක කතා කරලා විසද ගන්න පුළුවන් කමක් තිබ්බ ප්‍රශ්ණයක්.. ඒත් ඒ දේ විසදුනේ වෙන විදිහකට..  

එක අතකට ඒක හොදයි.. අපි අද ගොඩක් නිදහස්.. අවංකවම කියනවනම් අපිට අපේ කියලා අර ගත්ත හදා ගත්ත  හැම දෙයක්ම කරන්න පුළුවන් උනේ මේ හැමෝගෙන්ම අයින් උනාට පස්සේ.. ඒත් හිතේ එක තැනක අපිට පොඩි ප්‍රශ්ණයක් නොතිබුනාම නෙමෙයි.. ඒ අක්කගේ වෙඩින් එක.. එයාව පෝරුවට නග්ගන්න මාමා කෙනෙක් ඕන.. මාමලා 6 ඉන්න අපිට අන්තිමේ එකෙක් වත් නැති උනා..  ඒ උනාට ලේ නෑකම් නැති උනත් නැදෑයෝ වගේ හිතවත් උන සුන්දර මිනිස්සු අපිට හම්බුනා.. ඒ හින්දම ඒ අඩුව දැනෙන්න උනේ නෑ..






ඉතින් ඔන්න ඕකයි කතාව.. කලින් වතාවේ තාත්තගේ නෑයොත්, අද අම්මගේ නෑයොත් අපිට නැති උන හැටි කිවුවා.. මේක  හදිස්සියේ ලියන්න  හිතුන දෙයක් නෙමෙයි.. දවසක් මදාරා අපේ නෑයෝ එක්ක මම මෙච්චරම තරහා ඇයි කියලා අහපු වෙලාවක මේ හැම දෙයක්ම එයා එක්ක කිවුවා.. ඒ මතකය මේ විදිහට පොස්ට් එකටත් එකතු කලේ නෑයෝ ගැන මම කියවපු  බ්ලොග් ලිපි වලට මම දැම්මේ හොද ප්‍රතිචාර නෙමෙයි.. ඒ ප්‍රතිව්චාර වලට හේතුව මේක..

පරණ දේවල් අමතක කරලා ආයෙම එකතු වෙන්න කියන දේ නම් කියන්න එපා.. මොකද ඒක කවදාවත් නොවෙන දෙයක්.. අම්මා තාත්තා කොහොම හිතුවත්, අක්කවත් අයියවත් මමවත් ඒ ඳේ නම් කවදාවත්ම කරන්නේ නෑ.. පුංචිම කාලේ අපේ හිත් වලට කා වැදුන දේවල් ගොඩයි.. ඒවා මග අරින්න බෑ.. අද අපි ගොඩක් සතුටින් ඉන්නවා.. ඉස්සරහටත් එහෙමම ඉදිවි.. නෑයෝ නැතුව ඉදපු අපිට තව නෑයෝ ඉස්සරහට එකතු වෙන්න ඉන්නවා.. ඉතින් ඇයි ආයෙම පරණ සම්බණ්දකම්... :)

118 comments:

  1. මේ කතාවේ ඔක්කොම දන්නේ නැති උනාට , මල්ලි ඔගොල්ලොන්ගේ අම්මා දවසක් මේ කතාවේ ටිකක් මාත් එක්ක කිව්වා, එදා ගොඩක් සංවේදී දවසක් උනා.හැම ඉරිදාම අම්මව හම්බු උනත් දහම් පාසලේදී , ඒ කදුළු අපි අම්මා ගාව අපි දැක්කේ නෑ. නමුත් අම්මා ලග මේච්චර ලොකු කතාවක් තියනවා කියල දැන ගත්තම , මටත් එදා ඉබේම වගේ කදුලක් ඇස් වලට අවා. මොනවා උනත් අද ඒ හැම දේම හොද පන්නරයක් කර ගෙන , ඕගොල්ලෝ සතුටෙන් ඉන්නවනේ . ඒ හොදටම ඇති . ජය වේවා !!!!! හදවතින්ම සුබ පතනවා
    අමල් අය්යා

    ReplyDelete
    Replies
    1. ඔව් අමල් අයියේ.. අම්මා ඒ දේවල් ගොඩක් නොපෙන්නා ඉන්නේ.. ඇත්තම කියනවනම් දැන් ඒ දෙවල් ගොඩක් අමතක කරලා ඉන්නේ.. අම්ම දැන් හිනා වෙලා ඉන්නේ.. ඒ අපි නිසා.. පරණ දේවල් දැන් වැඩක් නෑනේ අමල් අයියේ.. ඒත් ඉතින් තමන්ගේ අම්ම එහෙම කරපු එක ගැන හිත දුක් වෙනවා.. ඒත් දැන් ඒ දේවල් අතීතයක් වෙලා ඉවරයි අමල් අයියේ..

      අමල් අයියත් මේ පැත්තේ ඇවිත් යනවා කියලා දන්නේ අදනේ.. තැන්ක්ස් හොදේ..

      Delete
  2. ohoma thamai malli neyo kiyana aya.
    e athin suddo hondai malli. un kiyana de munatama kiyanawa. ape bohomayak minissu langa thiyena kuhaka irshya gathi un langa adui.anith aya gena soyanawa adu nisa wenna athi. me rate inna lankawe udaviya karana kiyana deval mona tharam yaalu wunath suddekuta kiyanna behe,lajjai..
    oyaage theeranayata mama hari kamathi.dene denama amaaruwe watenna one nehene.
    ohoma dewal wena eke honda kama thamai pawule ayage bandeema wadi wena eka. den oyaala innawa wage. nethnam anunge prashna walatai gedara udawiya wali daaganne.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. සුද්දෝ කියන දේ කෙලින් කියන කරන දේ කෙලින්ම කරන් ජාතියක්.. උන් එක්ක වැඩ කරන එක ලේසියි.. මම ඒක දැන් අවුරුදු ගානක් තිස්සේ දන්න එකක්නේ..

      ආයේ ඒ අයගෙන් වැඩක් නෑ ඇත්තටම.. ඕනම කරපු වෙලාවත් දැන් පහු වෙලා.. ඇත්ත මේ දේවල් උන නිසා ඇත්තටම නෑයෝ උනත් හරියටම කවුද කියන එක අදුන ගන්න ලැබුනා..

      Delete
  3. යකෝ මම ඉන්නේත් පන්නිපිටියෙනේ බං. මචං මල්ලියේ මටත් ඔය නෑයෝ ගැන එච්චරම සතුටු වෙන්ඩ පුලුවන් සම්බන්දතා නෑ බං නෑයො වෙයෝ කියල කතාවක් තියෙන්නේ නිකං නෙමේ නොවැ නමුත් උඹලා කට්ට කාල ගොඩ ආපු එකට සතුටුයි මලයගේ තාත්තට ඉතාලි යන්න උදව්කලාට එයාගේ පඩිපතින් භාගයක් හූරන් කෑව නිසා ඒ උදව්වත් හෙදිලා ගිහිං

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. උදවු කලා තමයි.. නෑ කියන්නේ නෑ.. ඒත් ඒ උදවු වලින් එයාලා වාසි ගන්නයි බැලුවේ.. එතනයි ප්‍රශ්ණේ උනේ.. කසාද බැදලවත් නැති අය දරු පවුල් කාරයෙක් උන අපේ තාත්ත හම්බු කරපු දේ හොරකම් කලා.. අර කරපු උදවුව අඩු ගානේ ඒකෙන් පියවෙන්න ඇති.. අපි එහෙම හිතමු..

      එහෙනම් බං අයියේ.. අපි ලබන අවුරුද්දේ අනිවා හම්බුවෙමු.. ලග පාතනේ ඉන්නේ.. :)

      Delete
  4. නෑයෝ ගැන නම් කතා නොකර ඉන්න තරමට හොඳයි. ඒත් හැමෝමත් එහෙම නෑ(අපේ නම්) .ඒත් මටත් සමහර නෑයෝ ගැන එච්චර පැහැදීමක් නෑ .

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. හැමෝම එහෙම නෑ.. මම ඒක පිළිගන්නවා.. මිනිස්සු එක එක විදිහයිනේ..

      Delete
  5. උඹලට ඉන්නෙත් අපේම නෑයොද බන්.. ?

    අපිටත් එහෙමයි ගෙවල් දෙකෙන්ම කැපිලිමයි ලැබෙන්නෙ.. අපිව මුණුබුරෝ හැටියට සළකන්නෙත් නැද්ද මන්දා? අපි මොකක් හරි ජයග්‍රහණයක් අරන් කිව්වාම "කොහෙද අපේ උන්" කියනවා.. හරියට අපි පිට උන් වාගේ..

    දැන් දැන් නම් අම්මගෙ පැත්ත හොඳටම ශේප්.. මම හිතන්නෙ පහු පහු වෙනකොට තේරෙන්න ඇති කවුද හරි කියලා.. තාත්තගෙ පැත්ත එක්ක වුනත් තරහක් නෑ.. ඒත් ඒ මිනිස්සු උඩින් මිතුරු යටින් කතුරු.. ඒක නිසා දෙපැත්තේම කට්ටියව අතේ දුරින් තියාගන්නවා.. ඒ ඇති..

    මේ කතාවෙදි මට නම් හිතාගන්න බෑ අර කරපු බොරුව අහුවෙනවා කියලා දැන දැන්ත් මොකට ඒ හැටි විකාර වැඩක් කරාද කියලා..

    ReplyDelete
    Replies
    1. "කොහෙද අපේ උන්"

      මම සිස්සත්තේ පාස් උන වෙලේ මටත් කිවුවේ ඕකම තමා.. මොකො මට කලින් කරපු එකෙක්වත් පාස් වෙලා තිබ්බේ නෑ.. කොම උනත් නෑයෝ කියන්නේ ඉතින් සමගියෙන් ඉන්න ඕන අය.. කොච්චර ප්‍රශ්ණ ඇති උනත් ආයෙම දවසක සමගි වෙන්න පුළුවන් අයත් ඉන්නවා.. ඒත් අපේ අය එක්කනම් ඒ දේ කොහෙත්ම කරන්න බෑ.. උවමනාවකුත් නෑ..

      තේරුම් ගන්න බෑ අයියේ.. එයාලගේ වාසිය ගැනනේ එයාලා හිතුවේ.. පස්සේ කල්පනා කලාම තිබ්බ එකම විසදුම අපිව පවුලෙන් අයින් කරන එක.. ඉතින් එයාලා ඒක කලා..

      Delete
  6. උඹලගේ ඉදලා තියෙන්නේ නියම නෑයෝ සෙට් එකක්නෙ. මාර නෑයෝ :(

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ආයෙත් අහලා.. ඒ ගැන කියලා වැඩක් නෑ.. :)

      Delete
  7. නෑයාද වෙයාද අප කෑමට උපන් අය වෙති. ඊළඟ අවුරුද්දේ අපේ අක්කිගෙ වෙඩින් එකටත් ඔය ප්‍රශ්නෙම තියනවා මාමාලා 3 ක් ඉඳලත්. අක්කි නං කැමතිම නැ ඒගොල්ලොන්ට කියන්න.ඕවා ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. බයි ද වේ දිනේෂ් සැහෙන උසයිනේ...

      Delete
    2. හ්ම්ම්ම්.. ඒත් ඉතින් මාමා කෙනෙක් ඔය දෙන්නටම ඕන වෙනවනේ මාල්.. වෙඩින් එක වෙනකන්වත් හොදින් තියා ගන්න එක ඇගට ගුණයි.. මොකද අපි දන්නවනේ අපේ අක්කගේ එකට පෝරුවට නග්ගන්න මාමා කෙනෙක් නැති අඩුව පිරෙවුවේ කොහොමද කියලා..


      හෙහ් හෙහ්... ඔව් ඔව්.. අඩි 6 උසයි මම.. :)

      Delete
  8. අපිටත් ඉන්නවා ඔහොම එවුන්.උන් නෑයෝ නෙමෙයි වේයෝ...

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දි අපි හැමෝටම ඉන්නේ එක වගේ නෑයෝ.. නැත්නම් නෑයෝ ඔක්කොම එක වගේද??

      Delete
  9. වෙලාවකට හිතෙනවා ඔක්කොටම කලින් ඊර්ශ්‍යා කරන්නෙ, කරදර ගේන්නෙ නෑයො නේද කියලා. මම කලින් කතාවට වගේම කියන්න තියෙන්නෙ කවුරු හිටියත් නැතත් පවුලේ අය එකට ඉන්නව නම් ඒක ඇති ඕන දේකට මුහුණ දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්.. ගෙදර වැදගත් දෙයක් සතුටු වෙන දෙයක් ඉස්සෙලම දැන ගන්නේ නෑයෝ.. ඉතින් අනිත් අය ඊර්ශ්‍යා කරන්න කලින් ඊර්ශ්‍යා කරන්නේ නෑයොම තමා..

      Delete
  10. මම ඔයාට කමෙන්ට් එකක් දැම්මා. ඒක කොහෙදෝ ගිහින්. උදේම දැම්මෙත්.:(

    කියන්ට ඕනි උනේ ඔයාලගේ පවුලට දෙපැත්තේම නෑයන්ගෙන් කරදර ගොඩක් වෙලා තියන්වා කියලා. ඒ මොනවා තිබුනත් ඔයාලා ආපහු ලස්සන ජීවිත ගොඩ නගාගෙන. පහල පින්තූරෙන්ම ඒක ඔප්පු වෙනවා.

    ඔයාලා හැමෝටම සුබ පතනවා දිනේශ්.

    මුල් කමෙන්ටුව හම්බ උනොත් මකලා දාන්ට.:)

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි අක්කේ.. කලින් එකෙනෙත් මම ඒ ගැන කිවුවා.. මේ ඒකේ ඉතුරු ටික.. ජීවිතේ ගොඩ නගා ගන්න ගමන දෙපාරක්ම ආපහු හැරුනා.. කාලය වැඩියෙන් ගියා.. එච්චරයි උන එකම පාඩුව..

      තැන්කූ පොඩ්ඩි අක්කේ..

      මුක් කමෙන්ටුව හම්බුනා ස්පෑම් වෙලා තිබිලා.. ඒක අයින් කලා මකන්න කිවුව නිසා.. :)

      Delete
  11. ඔහොම තමා මල්ලි .වෙලාවකට මටත් හිතෙනවා තනියම ජීවත් වෙන එක කොඉතරම් හොඳද කියල.ඔයාලට තරම් දරුණු දේවල් අත් විඳල නැතත් සමහර වෙලාවට ඒ අයගෙ වචන වලින් අම්මල හිත රිද්දගෙන ඉන්නකොට.එයාල ඉවසන තරම මන්දා මම නම් කවමදාකවත් ඉවසන එකක් නෑ....එක අම්මගෙ දරුවො උණත් එකම විදිහට ආදරෙන් සමගියෙන් ඉන්නේ කලාතුරකින්

    ReplyDelete
    Replies
    1. නෑයෝ නැති ජීවිතේ සැපයි.. ඇත්තටම.. ප්‍රශ්ණ අඩුයි.. කේලම් කාරයෝ අඩුයි.. ඇත්ත රණ්ඩු නැතත් ඔය ගහන හින්ට් තමයි ඉවසන්න අමාරු..

      Delete
  12. මේ කතාව අහුවමනම් ගොඩක් දුක හිතුනා. අම්මා කෙනෙක් අර වගේ දෙයක් කරා කිව්වම හිතා ගන්නත් බැහැ. තමන්ගේ දරුවෙක්ට නේද එහෙම කලේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඒ තරම්ම දරුණු අයත් ඉන්නවා ලොකු අක්කේ.. එක දරුවෙක් වෙනුවෙන් තව දරුවෙක් අත ඇරියා.. ඒත් ඒ එදා තොරගත්ත දරුවා අද ඒ අම්මවත් අත ඇරලා.. ඒ කතා ගැනනම් ඉතින් වැඩියම දන්නේ නෑ..

      Delete
  13. මම කලින් දැම්ම කමෙන්ට් එක නැනේ :O ඒකට කමක් නෑ.
    මට නම් කියන්න තියෙන්නේ නෑයෝ ඕන. ඒත් අතේ දුරින් ඉන්න එක ඊට වඩා හොඳයි.මටත් නෑයෝ ගැන එච්චර පැහැදීමක් නෑ.ඒත් මට නම් ගොඩාක් හොඳ නෑයොත් ඉන්නවා.මම අකමැතිම දේ තමයි අනුන්ගේ ඕපදූප හොයන එකයි,කේලම් කියන එකයි.ඒත් ඔයාලගේ නම් අත්තම්මත් එහෙම හැසිරෙන එක මට හිතා ගන්න බෑ.අනික ලොකු අය කොච්චර නරක උනත් ළමයි නම් එකට ඉන්න එක වටිනවා :)

    ReplyDelete
    Replies
    1. කලින් කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබ්බේ යාළුවා..

      ඇත්ත නෑයෝ තමයි වැඩියෙන්ම කේලම් කියන්නේ.. ඒක ඉතින් එයාලගේ හැටියක්.. එයාගේ ඒ හැසිරිම ගැන නම් ඉතින් කියන්න තේරෙන්නේ නෑ..

      Delete
    2. ඒකට කමක් නෑ අයියා.:)
      ඔයාගේ බ්ලොග් එක කියෙව්වට මුලින්ම කමෙන්ට් කරේ අද.මට අමතක උනානේ.ඔයාගෙයි අක්කිගෙය් අලුත් ජීවිතයට මම සුභ පතනවා....!!!!!!

      Delete
    3. පුළුවන් හැම වෙලාවකම ඇවිත් යන්න මලයා..

      තැන්කූ තැන්කූ..

      Delete
    4. වෙල්කම් වෙල්කම් .හැබැයි මම මලයෙක් නොවේමි.නගෙක් වෙමි :D

      Delete
  14. අයියට නම් මාර නෑයො නෙ ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මලයා ඒ හරියනම්..

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. ඔය ලිස්ට් එක ලොකු වැඩි නිසානේ අනේ හැමදාම මට ඔයගේ මාමලව පැටලෙන්නේ.. මගේ ෆිට් එක විතරනේ මට මතක.. :)

      ඔක්කොම 15 කිවුව නේ.. හප්පේ... :)

      Delete
    2. අමතක උනා.. මටනම් ඉතින් එහෙම අලුත් නෑයෝ කියලා ඔයට අදුන්නලා දෙන්න කවුරුවත් නෑ සුදු.. එහෙම පුළුවන් අය ගැන ඉතින් මම ඔයාට කිවුවනේ.. :)

      Delete
  16. කෝ මගේ කමෙන්ට්ස් දෙක???

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වෙලා තිබ්බේ මාල්.. මේ දැන් දැම්මා..

      Delete
  17. ම්ම්ම්... අයියා අන්තිමට කියපු එකනම් ඇත්ත... පුංචි කාලෙදිම එහෙම හිතට වැදුනාම ඒක අමතක කරලා ඉන්න හරි අමාරුයි!!! හැම නෑයෙක්ම එක ව්අගේ නොවුනත් අපිටත් ඉන්නවා ඔය ව්අගේ කුහක නෑයෝ....

    මම්නම් හැමදාම වගේ කියන්නෙ, නෑයෝ.. වේයෝ.. මීයෝ... ඔක්කොම ඉන්නෙ කාලා දාන්න..

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ ඉදන්ම ගෙවල් දෙකෙන්ම දැක්කේ ඔය දේවල් අපි.. ඉතින් ගොඩක් වෙලාවට ඔය දේවල් හිතට කා වැදුනා.. ඒක ඉතින් නවත්තන්න අමාරුයි..

      ඇත්ත ඇත්ත... අපෙන් ගන්න පුළුවන් දේ ගන්න බලාගෙනයි හැම් කෙනාම ඉන්නේ..

      Delete
  18. මීට වඩා කරදර වෙන්න කලින් ඔය මිනිස්සුන්ගෙන් ඈත් වුණ එක නම් ලොකු දෙයක්. දැන් ඉතින් කරදරයක් නැතුව ඉන්නවනේ. ඒ ටික ම මදෑ... ඒක තමයි එයාලට දෙන්න පුළුවන් හොඳම උත්තරේ!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. හොදට හිටිය උනානම් ඉතින් අක්කගේ වෙඩින් එක වෙලාවේ ඕන එකයි එපා එකයි හැම එකම හොයලා විකාර කරනවා අනිවා.. එහෙම එකේ ඔහොම ඒ කාලෙම අයින් උන එක තමයි හොදම...

      Delete
  19. මේ කතාව කියවද්දී මට ගොඩක් දේ මතක්වුනා. ලියන්න නම් මට වෙන එකක් නෑ ඒ කතාව. ඒත්.. වේයෝ වනාහි නෑයෝ ම වෙති කියලා කියන්නම්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. ලියන්න කියලනක් කියන්නේ නෑ.. මොකො ඒකේ අමාරුව මම දන්නවා.. නෑයෝ නම් එපා ඉතින්...

      Delete
  20. අම්බෝ එහෙම නෑයෝ අපිටත් ඉන්නවා..කොහොමත් ඉපදුන දා ඉදලා ඉන්න පොල් පිති නෑයන්ට වඩා අපේ ජිවිතයෙ නොහිතන වෙලාවල් වල අපිට ලංවන අය වටිනවා...

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දි හැමෝටම එක වගේ තමයි.. ඇත්ත.. පොල් පිති නෑයෝ නම් ඉතින් ඕන තරම් හොයා ගන්න බැරිය.. අන්තිමේ අපිට උනත් ලං උනේ උනේ නෑයන්ට වඩා යාළුවෝ හිතවතුන්...

      Delete
  21. ඇත්තටම නෑදෑයෝ කියන්නෙ කොයි වගේ අයද කියලා මමත් අත්දැකීමෙන්ම දන්නවා. ඔයාගේ තාත්තාට අම්මාගෙ මල්ලී එහෙම දෙයක් කරපු එක එක අතකට පුදුමකුත් නෙමේ දිනේශ්..මොකද මගේ එක කුස උපන් අයියත් මට කෙනෙහිලි කම් කරනකොට. මගේ කතාවත් කියවද්දී ඔයා ඒවා දැනගනීවී.

    ඇත්තටම නෑදෑයින්ට වඩා අපේ ජීවිතයදී අපිට වෙන හොඳ අය හම්බ වෙනවා..හිතන්නවත් බැරි තරම් හොඳ අය

    ReplyDelete
    Replies
    1. අක්කගේ කතාවත් මම බලනවා.. ඒකත් අපේ වගේ කතාවවක් කියලා මට මුල ඉදන්ම තේරුණා අක්කේ.. අපිට කිසිම සම්බන්දයක් නැති අය කොමත් අපිට නෑයන්ට කලින් උදවුවට එනවා.. ඒක තමයි ඇත්ත..

      Delete
  22. බලාගෙන ගිහාම හැම වේයම එකයි බං :/

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බං ඒ ගැනනම්..

      Delete
  23. අපේ කථාවත් මීට දෙවනි නෑ ..... හැබැයි ඒ හැම වෙනස් කමක්ම තිබුනේ අපේ අම්මට මාව හම්බ වෙනකම් විතරයි .... දැන්නම් ආච්චි අම්මටයි සීයටයි මාවම තමයි .. හැබැයි ඒගොල්ලෝ වෙනස් නොවුන නම් මමත් අද ඉන්නේ උඹ අද ඉන්න මතයෙම තමයි . අපිව එක පාරක් එපා නම් අපිට මේ අත්මේ විතරක් නෙවෙයි ඊළග ආත්ම වලටත් එපා ....

    ReplyDelete
    Replies
    1. අපේ නම් අපි හමුබුවෙලා කාලයක් ගියාට පස්සෙයි ප්‍රශ්ණ පටන් ගත්තේ ගෙවල් දෙකේම... උඹලගේ නෑයෝ පස්සේ හරි වෙනස් උන එක වටිනවා.. මොකො කවදම හරි ඒ පාළුව දැනෙන නිසා.. එහෙම නොවුවනනම් උඹත් මම වගේම තරහින් ඉන්න තිබ්බා..

      Delete
  24. ohoma neyonam onema ne..........

    ReplyDelete
    Replies
    1. වැඩක්ම නෑ නංගෝ...

      Delete
  25. Replies
    1. මිනිස්සු හැටිනේ රෙඩ්..

      Delete
  26. නෑයෝ කියන්නේ වේයෝ වගේ ජාතියක් අප්පා....බඩ බැදගෙන ඉන්න නෑයෝ වගේම අතේ දුරුරින් තියන් ඉන්නා නෑයොත් අපිටත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අපිටනම් වෙලාවට වගේ කොහොමවත් තියන් ඉන්න නෑයෝ නෑ.. අලුතින් එකතු උන අයයි එකතු වෙන්න ඉන්න අයයි නම් හොදයි කියලා දන්නවා..

      Delete
  27. තමන්ගෙ දෙමවුපියොයි,සහෝදරයොයි එක්ක හිනා වෙලා ඉන්න පුලුවන්නම් ඒ ඇති,එකම දුක අම්ම කෙනෙක් එහෙම කරපු එක,අනිත් මිනිස්සු බල්ලට ගියාවෙ.විශේෂයෙන් ඔය නෑයො කියන ජාතිය.ගොඩක් මිනිස්සුට තිරිසන් ගති පුරුදුවෙලා ගොඩක් කල්...
    සතුටින් හිටපන් හැමදාම

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං.. තමන්ගේ එක ගෙදර අයයි ගොඩක් වටින්නේ.. ඒ බැදීමයි වටින්නේ.. ගොඩක් වෙලාවට නෑයෝ බලන්නේ මොනා හරි කරලා ඒ බැඳිමත් නැති කරන්න.. අන්න එහෙම උන් තමයි ඉතින් ඉන්නේ..

      තෑන්ක්ස් මචං.. දැන් ඉතින් අපිට ඉන්නේ අපි විතරයි.. ඉතින් සතුටින්..

      Delete
  28. නෑයෝ වේයෝ මීයෝ එක්ක දොයියා ගත්තොත් කෑවො කෑවෝ කියලා නැගිටින්න වෙනවයි කියන්නේ...ඇත්තද මන්දා....
    ඔවා නැතත් අර මාධාරා කියලා තියෙන්නේ තව 15ක්ම අරං එනවයි කියලා..නේද අයියේ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඇත්ත අත්ත..

      ඒකනේ.. එතනම 15ක්.. ඔය ඉන්නේ ඇති වෙන්න... තව වෙන මොනවද?

      Delete
  29. නයන් ඉතා අඩු සංඛ්‍යාවක්ද අදුරන ඇයො ඉතා විශාල පිරිසක්ද ඇත....
    මම කතා කරන්න අකමැතිම දෙයකි "නෑයෝ"

    ReplyDelete
    Replies
    1. හදිස්සියකදි ඔය නෑයන්ගෙනුයි අදුරන ඈයොන්ගෙනුයි ඉස්සෙල්ල එන්නේ කවුද බැලූවොත් අනිවා ඉස්සෙල්ල එන්නේ අදුරන ඈයෝ.. නෑයන්ට මොනා හරි වෙන වැඩක් වැටෙනවා..

      Delete
  30. මම නම් කියන්නේ ඔහොම නෑදෑයෝ ඕනෙම නෑ කියල දිනේෂ් අයියේ

    ReplyDelete
    Replies
    1. ඔව් මලයා.. ඔහොම නෑයෝ මොකටද? ඒකනේ අපි අයින් වෙලා ඉන්නේ..

      Delete
  31. හොඳ නෑයොන්ට වඩා ඉන්න තරමක් ඉන්නේ එපාම කරපු නෑයො නෙව

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දි හැම පවුලකම එකම කතාව වගේ..

      Delete
  32. නෑයා, වේයා, මීයා තුන් ගොල්ලෝම එකයි කියන්නේ ඕක නිසා තමා...

    මේ අන්තිමට තියෙන ෆොටෝ එකේ කවුරු හරි අඩුයි නේද ???

    ReplyDelete
    Replies
    1. ඔය කවුරුත් එකයි.. ඉන්නේ කන්නමනේ.. :)

      ඔව් හසිත මලයා.. ඒ ෆොටො එකේ පොඩි අඩුවක් තියෙනවා..

      Delete
  33. එක එක්කෙනාට එක එක්කෙනා පේන්නෙ දාගෙන ඉන්න කණ්නාඩියට අනුව එක එක පාටින්නෙ.....ඒත් අර ප්‍රශ්නෙ වෙලාවෙ ආච්චිල ගත්තු ක්‍රමේ නම් අවුල්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඇත්ත.. මටනම් අපේ නෑයෝ පෙන්නන්න බෑ.. ඒකයි ඇත්තම කතාව..

      Delete
  34. මෙච්චර කෙනෙහිලි කම් දරාගෙන මේ වගේ දුරක් ආව එක ගැන ගොඩක් සතුටුයි දිනේශ්.
    ඒත් හැමෝම එහෙම නෑ කියලා නම් කියන්නම ඕන..

    මේක කියවද්දි මට මතක් වුනේ මම ඕ ලෙවෙල් හොඳය පාස් වුනා කියලා දැනගත්ත ලොකු අම්මා තකහනියක්ම කැවුම් බැදගෙන ඇවිත් මගේ අත පය කැවුම් වලින් තැවුවා ඇස්වහ කට වහ යන්න කියලා..ඒක ගම් වල තියන සිරිතක්..

    ඒක මතක් වෙන වාරයක් ගානෙ මගේ ඇහැට තාමත් කඳුළු පිරෙනවා ඒ ආදරය මතක් වෙලා..

    ආ..කියන්න බැරි වුනා..අක්කා නම් ගොඩක් ලස්සනයි..පළවෙනි වතාවට නේද අපි අක්කගේ මඟුල් පින්තූරයක් දකින්නේ..?

    ReplyDelete
    Replies
    1. ගොඩක් හොද අය ඉන්නවා රූ අක්කේ.. මම නෑ කියන්නේ නෑ.. එහෙම බලද්දි අක්කා වාසනාවන්තයි ඇත්තටම.. එහෙම නෑයෝ ලබන්න.. ඒත් ඉතින් අපේ වෙනස්..

      නෑ රූ අක්කේ.. මම ලංකාවට ගිහින් ආපු ගමන් දැම්මනේ අක්කගේ වෙඩින් ෆොටො ටිකක්.. :)

      Delete
  35. මෙහෙමත් නෑදෑයො. අර ආච්චිගෙ හැසිරීම නම් හිතන්න බැරි තරම් පුදුමයි

    ReplyDelete
    Replies
    1. එයාගේ හැටි එහෙම තමයි අක්කේ.. ඔය එක සිද්දියක් විතරයි.. ඔයිට වඩා පුංචි දේවලුත් තියෙනවා අනන්තවත්..

      Delete
  36. අවසාන වාක්‍ය ටික ලිව්වේ ඔබද මමද කියල මම කල්පනා කරන්නේ සහෝ..ඒ පේලියක් පේලියක් ගානෙ මම හිතන විදිහට සමානයි!

    ReplyDelete
    Replies
    1. ඒ ටික නම් ලිවුවේ ආයේ එකතු වෙන්න කියලා කියන එකට මම ඇත්තටම අකමැති නිසා.. එහෙනම් හිරුවත් මම වගේම තමා.. :)

      Delete
  37. නෑයෝ ගැන මට තියෙන්නේ ඔයාට තියෙන අත්දැකීමම නොවුනත් නෑයෝ ගැන මගේ හැගීමත් මේකම තමයි.... නෑයෝ කියන්නේ වේයෝ වගේ ජාතියක්.... ළඟට කිට්ටු වුනොත් එතන විනාසයි.... හොද අය නෑ කියන්නත් බෑ ඉතිං...

    පොඩි කාලේ අපිට නෑයෝ හිටියේ නෑ දන්න තරමට..... ලොකු වෙනකොට හොද නෑයෝ සහ නරක නෑයෝ කියලා දෙගොල්ලක් අපිට සමීප උනා.... ඒත් කා ගැනවත් හිතේ තරහක් නොතිබිච්ච මං හැමෝවම සතුටු කරන්න මගේ වෙඩින් එක වෙලාවෙදි හමෝවම ළං කර ගත්තා.. එකෙන් උනේ තව ජීවත් වෙන්න තියෙන අවුරුදු 20 ද 30 මට මඟුල් දවස මතක් කරනකොට ඇඩෙන විදියේ මතකයක් ඉතුරු උන එක විතරයි...

    මට තියෙන්නේ නෑයෝ අයින් කරන්නත් බෑ ළඟින් තියාගන්නත් බෑ ප්‍රශ්නයක්.... ඒක නිසා මම නෑයෝ ඈතින් තියාගෙන ඉන්නවා.......

    ReplyDelete
    Replies
    1. නෑයෝ හවුල් කරන් වෙඩින් එකක් ගන්නවා කියන එකනම් ඉතින් අවුල් ජාලයක්ම තමයි.. අපෙත් ඉතින් වෙඩින් එකක් ලෑස්ති කරන්න ගිහින් නේ හැම දෙයක්ම වෙනස් උනේ.. ඊට අවුරුදු කීපයකට පස්සේ අක්කගේ වෙඩින් එක කිසිම අවුලක් නැතුව ගත්තා ඔය නෑයෝ නොහිටිය නිසා..

      "මට තියෙන්නේ නෑයෝ අයින් කරන්නත් බෑ ළඟින් තියාගන්නත් බෑ ප්‍රශ්නයක්.... ඒක නිසා මම නෑයෝ ඈතින් තියාගෙන ඉන්නවා......."

      ඒකනම් සහතිකම ඇත්ත.. පුළුවන් තරම් ඈත් කරන එක තමයි හොදම දේ..

      Delete
  38. නෑයෝ සහ මීයෝ හදුනාගන්න පෝස්ටුවේ උබ දාපු කමෙන්ට් එක මෙන්න..

    Dinesh May 10, 2012 1:04 AM

    සිද්දි තුන එකට ගලපගන්න දෙපාරක් කියෙවුවා බං අද අසනීප නිසාද කොහේද.. :)

    නෑයෝ ගැන නම් මට කියන්නට දෙයක් නෑ.. අපිට කවුරුවත් නෑ කියලා මම පෝස්ට් එකක් දැම්මා මතක ඇති කියලා හිතනවා..

    නෑයොත් ලග නැති වෙලාවට මිතුරෝ උදවුවට එති..

    මේක උබ කලින් දාපු පෝස්ට් එකක්..

    අතාරින්නෝනි උන් අතැරපං. උබ කැමති දෙයක් කරපං. මොකද උබයි ඒ අතිතය දන්නේ.

    ජය !

    ReplyDelete
    Replies
    1. අනිවා සෑමා.. දැන් ඒ හැමෝම අත ඇරලා දාලා ඉන්නේ.. මොකෝ දැන් ඉතින් හිටියා කියලා ඇති වැඩකුත් නෑ.. දැන් ආයෙම එනවා කියන්නේ ආයෙම ප්‍රශ්ණ දා ගන්නවා කියන එකම තමයි..

      Delete
  39. අපෝ නෑයෝ ? කතා කරන්න එපා ඒ යක්ෂයෝ ගැන. තාත්තා නැති වුනාට පස්සේ නෑයෝ ගැන හොඳට දැනගත්තා අපි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. හිතා ගන්න පුළුවන් වර්ණෝ.. එහෙම දේවල් වලින් පස්සේ ගොඩක් අය වෙනස් වෙනවා.. හැබෑ ස්වරූපේ එලියට එනවා.. නෑයෝ නැතත් ජීවත් වෙන්න පුළුවන් වර්ණෝ..

      Delete
  40. නෑයෝ ඕනේ නෑ මිනිස්සුන්ට ඔලුව උස්සලා ඉන්න,අනික මේ කතාවේ කියලා තියෙන වගේ අය නම් කවදාවත් ඕනේ නෑ නෑයෝ විදිහට :/

    ReplyDelete
    Replies
    1. එකගයි.. නෑයෝ නිසා ඔළුව් උස්සලා ඉන්න මිනිස්සු ඉන්නවනම් ඒ හරිම අඩුවෙන්.. නෑයෝ හිටියම ( මේ වගේ නෑයෝ ) ගමන පහු වෙනවා මිසක් දියුණුවක් නම් නෑ..

      Delete
  41. නැදැයෝ ගැන නම් කියලා වැඩක් නැ අයියේ....සමහර අමිහහිරි මතකයන් මතක් වෙද්දි හරිම කලකිරීමක් දැනෙනවා....

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගියේ.. අපේම අය නේද අපිට මෙහෙම කලේ කියලා හිතෙනවා..

      Delete
  42. මිල මුදලට වංචා කරන කෙනෙහිලිකම් කරන සමහර නෑයින් ඉන්වට වඩා නැති එක සතුටුයි. මේවගේ අය නෑයින්ට වඩා ව්‍යාජ නෑදෑ සබඳතාවයක් මවාගත් පිරිසක්. ඒහෙම කියලා හිත හදාගත්තනම් ඒ ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් රත්නායක අයියේ.. මේ අය නම් තියෙනකම් විතරයි.. වැඩියෙන් තිබුන අයට තමයි ඒ දවස් වල වැඩියෙන් සැලකුවේ.. අපිට හම්බුනේ හැමදාම අඩු සැළකිලි..

      Delete
  43. අපි හැමෝගෙම කතා හරියට නවකතාවක් වගේ ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලොකු අයියේ ඒ කතාවනම්..

      Delete
  44. පවුලෙ සමාජිකයන් අතර අගයත් ශක්තිමත් බවත් වැඩිවෙන්න ඒ බැඳීම් තේරුම් ගන්න මේ දේවල් පිටිවහලක්.. මේ අත්දැකීම් අඩු වැඩියෙන් අපි හැමෝගෙම ජීවිත වලට සමීපයි.. :)

    ReplyDelete
    Replies
    1. නන්දු මට කිවුව කතාව මතකයි.. හැමොම එක වගේ නන්දුවෝ බලාගෙන යද්දි..

      Delete
  45. අයියත් පරණ දේවල් අවුස්සනවා වගේ...:P

    ReplyDelete
    Replies
    1. හෙහ්.. නෑ මලයා.. මදාරට මේවා කියන්නම ඕනනේ.. ඉතින් ඒ කිවුව වෙලේ හැමෝටම කියලා දැම්මා... :)

      Delete
  46. හෆොයි දෙයියනේ මෙහෙමත් මිනිස්සු! තමන්ගේ පවුලේ කෙනෙක් ගැන වැරදි කතා කොහොම ප්‍රචාරය කලාද මන්දා! හොඳම වැඩේ තමා ඒවගේ මිනිස්සුන්ගෙ හැටි දැනගෙන ජීවත් වෙන එක.. කවදා හරි ඒගොල්ලන්ටම තේරේවි ඒගොල්ලන් කළ වැරැද්දේ බරපතලකම..

    ReplyDelete
    Replies
    1. දැනටමත් ඒ ගොල්ලනට ඒ දේවල් තේරිලා අයියේ.. විශේෂයෙන් මහ ගෙදර නීතියට යට වෙලා අපිව අමතක කරපු අයට.. ඒත් දැන් ඒ අය අපේ මතක වෙලින් අයින් වෙලා ඉවරයි.. ආයෙම ඉඩ නෑ..

      Delete
  47. පරන දේවල් වැලලිච්චදෙන් මොකද අපි මැරෙනකොට ඕව අරන් යනවද

    ReplyDelete
    Replies
    1. එකගයි.. ඒ හැමදෙයක්ම වළලලා දාලා තියෙන්නේ..

      Delete
  48. දිනේශ්, මේ හැම දෙයක්ම අපිටත් පොදුයි. මාව නම් අම්මා තාත්තා නැති කාලෙ බොහොම ආදරෙන් හදා ගත්තෙ මගෙ පුංචි අම්මලා. ඒ වගේම ඒ කාලෙ සමහර අයගෙ කෙනෙහිලිකම් නොතිබුනාම නෙවෙයි. ඒ අයටත් පස්සෙ කාලෙක අපේ ඇදුම් අදින්නත් උනා කියලත් කියන්න ඕනෙ. එහෙම තමයි අටලෝ දහම කැරකෙන කොට.
    දැන් ඔයාල සතුටින් ඉන්න නිසා අපිටත් හරිම සතුටුයි. අර කිව්වත් වගේ අළුත් නෑයො එකතු වෙන්න ළඟයි නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. තමන් කරන දේ තමන් අරන් යන්නේ.. මම මේ කිවුව අයගෙනුත් ගොඩක් අයට ඒ දේම වෙලා තියෙනවා.. ඒත් කාටවත්ම ආයෙම නම් කිසිම ඉඩක් නෑ..

      ඔව් අක්කේ.. අපි ගොඩක් සතුටින්.. ඔව් ඔව් අළුතින් ලොකු ලිස්ට් එකක් තියෙනවා එකතු වෙන්න... :)

      Delete
  49. මම මේ මුළු පෝස්ට් එකටම කියන්නෙ එකම එක දෙයයි දිනේෂ් අයියේ...


    "නෑයෝ..............!!! උං ගැන කතා කරන්නෙපා. ත්ඃ "

    ReplyDelete
    Replies
    1. ඔව් මලයා.. ඔය මාතෘකාව ඇදිලා එන තැන් වල මම ඉන්නත් අකමැතියි..

      Delete
  50. මට මෝල්ද මන්දා මලේ හැම වෙලාවේම අමතක වෙනවා වර්ණ ලියන්නේ උඹ කියලා. කතාව දුක් බරයි. ඒත් සතු‍ටුයි අද උඹලා දිනලා නිසා. මමත් හැමෝගෙන්ම වෙන්වෙලා අලුත් ලෝකයක් ගොඩ නගලා සතුටෙන් ඉන්න මිනිහෙක්.මිනිස්සුන්ට හොඳ හිතකුයි නොපසු බස්නා උත්සාහයකුයි තියනවානම් දිනන්න බැරි දෙයක් නෑ. ජය..........!

    ReplyDelete
    Replies
    1. " මිනිස්සුන්ට හොඳ හිතකුයි නොපසු බස්නා උත්සාහයකුයි තියනවානම් දිනන්න බැරි දෙයක් නෑ."

      වාසනාවකට වගේ ඒ ඳේ අපේ තාත්ත ලහයි අම්ම ලගයි තිබ්බා.. නැත්නම් අපේ ජීවිත මීට වඩා වෙනස් වෙලා..

      අර මොකො අයියේ.. මාව අමතක වෙන්නේ??

      Delete
  51. අම්මෝ නෑයො කියන්නෙ අමුතු සත්තු..මම නම් උන්ට පන භයයි..

    ReplyDelete
    Replies
    1. භය වෙන එක හොදයි කිරිල්ලි..

      Delete
  52. අප්පොච්චියේ ලොවෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැති තරමට ඉන්න මිනිස්සුන හොදයි..

      Delete
  53. නෑදෑයෝ ගොඩක් වෙලාවට ඔහොම තමයි. තමන්ගේ කෙනෙක් උඩට යනවට කැමති වෙන්නේ නැහැ. හැම තැනම ඔහොම තමයි. මට මතකයි අපෙ අයත් අපිට පොඩි කලේ වෙනස් කම් කළා. එත් දැන් අපි ඉගෙනගෙන උඩට ගිහින් ඉන්න හින්ද හොඳට හිනා වෙලා කතා කරනවා. කපන්න බැරි ඇත ඉඹිනවා කියන්නේ මේක තමයි.

    ReplyDelete
  54. pissu hadenawa ban, math inne makumbure....

    ReplyDelete
  55. මගේ කතාවෙත් නෑයෝ නැත.මගේ නෑයෝ ද මෙසේමය.එම නිසා එකඟ වෙමි.

    ReplyDelete
  56. වෙච්ච දේවල් එක්ක ඔයාල ඔයාලගෙම ජීවිත ගොඩනගාගෙන තියනවනෙ කාගෙවත් උදවුවක් නැතුව. ඒකම කොච්චර ලොකු දෙයක්ද ??

    ReplyDelete
  57. Man godak parakkui.
    Puduma nayo tikak indal thiyenne. Ekata mata innawa punchi ammala dennek. Harima joli. Adatath ehemai.
    Avissawelle kiwwe aperh nayoda manda? Oyata dan aluth nayo hamba wennane inne :)
    Akka harima lassanai malli.

    ReplyDelete
  58. ඊයේ මේක කියවල කමෙන්ට් කරන්න යද්දී නෙට් එක අවුල්. ඒ වුනාට අද ආයි ආවේ මුකුත් නොකියම බැරි නිසා . නෑයන්ගේ හොඳ වගේම තමයි අනෙක් පැත්ත ගැහුවම අගුණ . අපි දෙපැත්තේම නෑයන්ගෙන් ටිකක් ඈත් වෙලා පිටගමක කුලියට හිටියේ ජිවිතේ පුරාම වගේ . අපි ඉස්කෝලෙත් ගිහින් ඉවර වෙන්න කිට්ටුව තමයි පොඩි ඉඩමක් අරන් ගෙයක් හැදුවේ . අපේ දෙපැත්තේම ගොඩක් ඉඩ කඩම් තිබිල . අම්මගේ පැත්තේ සියා ඒ කාලේ සැහෙන ඉඩම් අතැරලා එයාගේ තාත්ත එක්ක තිබ්බ නොහොඳ නෝක්කාඩු නිසා. ඉතුරු ටිකත් මාමල බෙදා ගත්ත . ගැහැණු අයට මුකුත් නැහැ . තාත්තගේ ගම දුර නිසා පදිංචි වෙන්න අම්ම කැමති වුනේම නැහැ . ඈතින් හිටිය නිසා කවුරුත් තරහ වුනෙත් නැහැ . එකට හිටිය අයගේ නම් නෑන මස්සිනා ආදර කතා හෙම ඇති වෙලා ලොකු රණ්ඩු.

    දිනේෂ්ගේ ආච්චි තමයි විශ්වාස කරන්න අමාරු . එක එක අය ප්‍රශ්න විසඳ ගන්න හැටිනේ . දැන් ඔයාල හොඳින් ඉන්න නිසා ඕව අමතක කරලා දාන්න . තරහ හිතේ තිබුනොත් ඔයාලගේ හිතයි අපිරිසිඳු වෙන්නේ . ගානට ඈතින් ඉන්න බලන්න . රළු පොලවේ හැදෙන ගස් වල ඖශධිය ගතිය වැඩිලු .

    ReplyDelete
  59. හාපෝ නෑයො?කතා කරල වැඩක් නෑ ඒ ගැන.මට නම් අරහංම ජාතියක්.දෙයියනේ කියල අපිටත් ඉන්නෙ ඔය වගේම නෑයො පරපුරක් තමා.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්