Thursday, 23 August 2012

ලොක්කගේ කෙල්ල

අපේ ලොක්කගේ කෙල්ලො ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. මම කලින් වතාවලත් ලියලා තියෙනවනේ ඕන තරම් මිනිහගේ වැඩ ගැන.. කෝමත් මාසෙට දෙපාරක්වත් ලෝක සිතියමේ තියෙන කොහේ හරි රටකට යන ලොක්කා එන්නේ කෙල්ලෙක් එක්ක ගෙනම.. වාසනාවට මූ ලංකාවට යන්නේ නෑ.. :)

ඉතින් ඔය ගොඩක් වෙලාවට එක්කන් එන අය අර තන්ගෝ කියන නැටුම් සම්ප්‍රදාය හොදට නටන අය තමයි.. අපේ එකාට කොන්දේ අමාරු තිබ්බට ඔය නටන තැන් වලදි ඒ අමාරු මුකුත් නෑ කෙල්ලෙක් බදා ගත්තම.. ඔය කොහෙන් හරි උස්සන් එන කෙල්ලො නවතින්නේ ලොක්කගේ ගෙදරම තමා.. ඒ කියන්නේ ඉතින් ෆාමසියේ උඩ තට්ටුවේ.. ඒ හින්දම වගේ ලොක්කා පනින කොටු ගැන අපි හොදටම දන්නවා..

ගොඩක් වෙලාවට ඔය එන කට්ටිය ෆාමසියේ අපි එක්ක හිතවත් වෙනවා වැඩියි.. මොකොද ඔය හදිස්සියට ඕන වෙන දේවල් ගන්න ටක් ගලා ෆාමසියට දුවන් එන්න ඕනනේ..  ඉතින් අපි එක්ක ගොඩක් ෆිට්.. එතනිනුත් ඉතින් මාත් එක්ක තමා ටිකක් වැඩියෙන් ෆිට්.. දැන් ඉතින් ඒ ඇයි ඇයි කියලා කට්ටිය අහන නිසා ගැලවීමට වගේ එක හේතුවක් කියන්නම්කෝ.. ගොඩක් එන්නේ ඉතාලි බැරි උන් නිසා ෆාමසියේ ඉන්න භාශා පරිවර්ථක මම නිසා තමයි එහෙම වෙන්නේ.. :)

ඉතින් ඔය ඇවිත් යන ඔක්කොම වගේ මාත් එක්ක හොද යාළු ෆිට් එකකින් තමයි යන්නේ.. ඒ හැමෝම වගේ ඉතින් මගේ බුකියේ ඉන්නවා.. අහ් නෑ නෑ.. මේ කට්ටිය ඉන්න එකේ නෙමෙයි.. වෙන එකක් තියෙනවා ඒකට..     ඔය ඇවිත් යන ගොඩක් අය එක්ක ටිකක් වැඩිපුර වෙලා කතා කරන චාන්ස් එක ඉතින් මට අනිවාර්‍යෙන් ලැබෙනවාම තමයි..

පහුගිය දවසකත් ලොක්කා මේ වගේ පොඩි සවාරියක් ගියා.. ගියේ චෙක් ජනරජයට..  ඔය ජර්මනියට පොඩ්ඩක් පහලින් වගේ  CZECH REPUBLIC  කියලා තියෙනේ අන්න ඒ රටට තමා.. ගිහින් සති දෙකකට වගේ පස්සේ තමයි ලොක්කා ආවේ.. එද්දි ආවේ හිස් අතින්ම නෙමෙයි.. මම දන්න තරමට ලොක්කා එක්කන් ආව ලස්සන කෙල්ල තමයි ඒ.. හොද පිරිපුන් සිරුරක් එක්ක මාර ලස්සනම ලුක් එකක් තමයි තිබ්බේ... වැඩිය ලස්සන විස්තර කරන්න බෑ.. ඒ හින්දා ඔය ඇති.. 


ආපු ගමන් ඉතින් සුපුරුදු හදුන්වාදීම් තියෙන නිසාම එයා කවුද කින්ද මන්දා කියන එක ඉතින් දැන ගත්තා.. නම MARIKA.. :) එදා ඉතින් තිබ්බ වැඩ එක්ක වැඩි වෙලාවක් කතා කරන්න උනේ නෑ.. ආයෙම කතා කරන්න චාන්ස් එකක් කැරකෙන්න දවස් දෙකක් විතර ගියා.. ලොක්ක එක්ක ඉතින් එහෙ මෙහෙ ඇවිදින නිසා තමයි එච්චර හරි පරක්කු උනේ.. 

සුපුරුදු විදිහට ඉතින් එයාගේ රටේ විස්තරත් අහගෙනම මම කතාවට එන්ටර් උනා..

" උඹ අපේ ලොක්කව අදුන ගත්ත පළවෙනි පාර වෙන්න ඕන මේක?"

" ඔව්.. ෆ්‍රැන්චෙස්කෝගේ නැටුම් හොදයි.. එච්චර වයසයි කියලා තේරෙන්නෙත් නෑ.."  

" උඹට අවුරුදු 28ට වැඩි නෑ නේද?"

" නෑ 26යි.. කොහොමද හිතුවේ?"

අපේ ලොක්කා එක්කන් ආපු හැම කෙල්ලෙක්ම 24ත් 28 අතර.. ඒක ඉතින් දන්නේ අපි නේ.. ඕව කියන්න ඕනද? ඔය අස්සේ කතා බහ ටිකක් දුර ඇදිලා ගියා.. වැඩත් අඩු වෙලාවට මම කැමති එකම දේ කතා කරන එක කියලා ඉතින් මේ කට්ටියට කියන්න ඕන නෑනේ.. ඒකනේ මේ ෆාමසි කතා මෙච්චර තියෙන්නේ ලියන්න.. :)

" උඹේ අපේ ලොක්ක බදින්න එහෙම අදහසක් තියෙනවද?"

" අපෝ නෑ.."

එන හැමෝගෙන්ම වගේ මම නිකමට වගේ අහන ප්‍රශ්ණේ ඕකම උනත්, ඒ හැමෝගෙන්ම වගේ ලැබෙන උත්තරෙත් ඕකම උනත්, එක කියපු විදිහේ හරි අප්සට් ගතියක් මට දැනුන හින්දම මම කතව ටිකක් අල්ලන් ගියා..

" දොත්තෝරේ හොදයිනේ.. හොදට සල්ලිත් තියෙන්නේ.."

" ඔව් ඒක ඇත්ත.. ඒත් මම කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නේ මාස  3 විතරයි.."

එවෙලේ මගේ මූඩ් එක කට්ටියට හිතා ගන්න පුළුවන් ඇතැයි හිතනවා..

" එන හැමොම ඉන්නේ මාස 3ද?"

" ඔව්.. මගේ පළවෙනි කොල්ල විතරයි අවුරුද්දක් හිටියේ.. මුලදි වගේ නෙමෙයි අන්තිම වෙද්දි බෝරිං උනා.. ඒකයි මම දැන් මාස 3ක් විතරක් එක්කෙනෙක් එක්ක ඉන්නේ.."

එක්කෙනෙක් මාස 3යි.. ඒ කියන්නේ අවුරුද්දට 4යි.. ඒකත් නරකම නෑ.. මම එහෙම කිවුවේ නෑ.. හිතුවා..

" එතකොට අපේ දොත්තොරේ?"

" ෆ්‍රැන්චෙස්කෝ බදින්න නම් වයස වැඩියි.. මෙහෙම නම් කමක් නෑ.."

මට එක පාර අපු හිනාව ටිකක් නතර කර ගන්න බැරි උනේ දෙයක් මතක් උන නිසා.. එක අන්තිමේ කියන්නම්..

ඔහොම ටිකක් වෙලා මෙයාගේ මාස 3 තියරිය ගැන ටිකක් කතා කර කර හිටියා.. කොච්චර වැඩ අඩු උනත් අන්තිමේ කරන්න ඕන දෛණික රාජකාරි වලට වෙලාව තියා ගන්න ඕන නිසා මමත් කතාව නවත්තලා යන්න ලෑස්ති උනා.. 

" මම හෙට ආයෙම ෆ්‍රැන්චෙස්කෝ එක්ක පැරිස් යනවා.. ආයෙම ඉතින් උබලව හම්බුවෙන්නේ නිවාඩුවෙන් පස්සෙම තමයි.."

" සමහර විට අද අන්තිම දවස වේවි.."

වෙනදට එන අය ඔහොම කිවුවම ආයෙ හමු වෙනකන් කියලා පැනලා දෙන හාදුව මට මෙයාට දෙන්න නොහිතුනේ ඇයිද මන්දා.. අතට අත දීලා විශ් කරලා ඇවිත් මගේ වැඩ කරන ගමනුත් මම කල්පනා කලේ මේ තියරිය ගැන..

අපි එක පැත්තකින් තියමුකො.. ලොක්කා ගැන හිතමු.. ඌ කෙල්ලෙක් එක්ක ඉන්නේ මාසයි නැත්නම් එකහා මාරයි නේ.. ඊට වඩා කවුරුවත් මූ එක්ක ඉන්නේ නැද්ද, මූ තියාගන්නේ නැද්ද කියන්න නම් මම හරියට දන්නේ නෑ.. කොම උනත් ඊට වඩා කාලයක් කවුරුවත් ඉන්නේ නෑ.. එහෙම බලද්දි අරයගේ තියරිය ඉවර වෙන්න කලින් ලොක්කා ඉස්සර වෙනවා.. ඔන්න ඕක මතක් වෙලයි ඉස්සෙල්ල මට හිනා ගියෙත්..

දැන් අපිට මේ මාසෙම නිවාඩු.. සමර් වැකේශන්.. ආයෙ වැඩ සැප්තැම්බර් 3 ඉදන්.. ඒ වෙද්දි ලොක්කගේ තියරියේ කාලේ ඉවරයි.. ආයෙ කෝමත් මෙයා දකින්න වෙන්නේ නෑ.. ඒකයි මම කිවුවේ අද අන්තිම දවස වේවි කියලත්..




විශේෂයි : මේක වෙලා ගොඩක් දවස් උනත් ලියන්න වෙලාවක් ආවේ දැන් තමයි ඉතින්.. වෙනදටනම් පහුවදාම ලියලා දාලා.. දැන් ඉතින් ටිකක් ගමන හෙමින් තමයි.. :)

105 comments:

  1. ado machan umbatath mewa set set wenawada aathal ekak ganna.. :D

    ReplyDelete
    Replies
    1. ithin lokka awurudden baagayak pita nam pharmacy eka handle karanne kawuda?? umbalatath maru pallama...

      Delete
    2. ෆාමසි එක හැන්ඩ්ල් කරන්නේ දෙවෙනියා.. නැත්නම් ඉන්නවා එකවුන්ටන් ලොක්ක.. මේ දෙන්න තමයි ඕක රන් කරන්නේ.. ලොක්ක නැති උනම ඉතින් කොමත් පිස්සු තමයි.. :)

      Delete
  2. අනේ දෙයියනේ... හොද වෙලාවට කෙල්ලෙක් නොවුනේ... ජය...!

    ReplyDelete
    Replies
    1. හෙහ්... ප්‍රදීප් අයියටත් හිතුන දේ..

      Delete
  3. ලොක්කා හෙන ලක් කාරයා වගේ ​නේද බං...

    ReplyDelete
    Replies
    1. වගේදත් අහනවා අයියේ.. එක්කන් එන් උන් දැක්කම අපිට ඇඩෙනවා..

      Delete
  4. ගොඩාක් නියමයි

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..

      Delete
  5. අන්න කෙල්ලෝ...කරනවා නං වැඩ.කොහෙද ඉති අපිට යාලු වෙන්නම මාස තුනක්වත් යනවනේ...:)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මාල් ඔහොම හරි යන්නේ නෑ.. පොඩි ට්‍රයි එකක් දෙමු.. මාත් මදාරගෙන් යාළු වෙන්න ඇහුවේ සති දෙකෙන්.. බොරුනම් එයාගෙන්ම අහන්නකෝ..

      Delete
  6. කොල්ලන්ට කරදරයක් නැති කෙල්ලෝ අප්පා !

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඕකට මගෙන් උත්තරයක් ඕනමද බං... :)

      Delete
  7. ලොක්කට කෙල්ලො සෙට් වෙන ගානෙ ඒ කියන්නේ දිනේශ්ටත් වාසි .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ලොකේ වටේම අය එක්ක කතා කරන්න ලැබෙනවා.. හාදුත් ඔය අතරේ ලැබෙනවා.. මගේ අනිත් බුකියත් පිරෙනවා.. :)

      Delete
  8. kathaawa kiyawagena yaddi ekapaarata newathuna wage danunane. liwwa madi wage. ane oya phamacy katha thawa liyannako. harima rasawath.
    sihina kumari dannawa athine me ratawala kissing and hugging bohoma normal deyak kiyala.. neda..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මෙහෙමයි.. ඒ කතාවේ මම අහපු කරපු ගොඩක් දේ ඇත්තටම එකින් එක ලියන්න බෑ.. ඒ ඇයි කියලා හිතා ගන්න පුලුවන් ඇති කියලා හිතනවා.. ඒ නිසා ඒවා අඩු කලා.. ඒ හින්දා එහෙම හිතෙන්න ඇති කියලා හිතනව..

      ඔව් ඔව් එයා ඒවා හොදට දන්නව.. ඔය එයාම කියලා තියෙන්නෙ..

      Delete
  9. අනේ..... ඒ කෙල්ලට "උඹ" කියලද කතා කළේ? අනේ පව් නේ :(

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අමා.. අපි කතා කරන භාශාවේ වචන එක්ක එන්නේ ඔය තේරුම තමයි.. ඒක ඉතින් මුන්ට අවුලක් නෙමෙයි.. :)

      Delete
  10. අපිට ඕව තේරෙන්නෙ නෑ....පොඩි එවුං නෙ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. හොද වෙලාවට.. :)

      Delete
  11. බොසා මරු නෙහ්.... !

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..:)

      Delete
  12. මරු තියරි දෙක තමයි..:)

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ ලොකු අක්කේ..

      Delete
  13. හයියෝ ලොක්කා..:ඩී

    ReplyDelete
    Replies
    1. ලොක්කා ගැන දුක හිතිලද මන්දා..

      Delete
  14. මාර තියරියක්නෙ අප්පා ඒක.

    ReplyDelete
    Replies
    1. යුරෝපේ අක්කේ යුරෝපේ...

      Delete
  15. අයියෝ සැලරි.. මම නොදනී මුළු ලොවම දනී...

    ReplyDelete
    Replies
    1. මුළු ලොවම දනි අපි නොදනි වගේ බං මල්ලියේ..

      Delete
  16. ෂා මරු බොසෙක්නෙ මල්ලි....

    ReplyDelete
    Replies
    1. හම්බුනයින් හම්බුනේ නෑ මෙහෙම බොසෙක්..

      Delete
  17. හප්පේ මරු තියරියනේ..හ්ම්ම්ම්..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තියරියටද ජය වේවා කිවුවේ.. :)

      Delete
  18. පිලිපින් තියරිය.. :)

    ReplyDelete
    Replies
    1. හෑ.. එහෙත් තියෙන්නේ මෙහෙම තියරියක්ද.. පොඩ්ඩක් කිවුවනම් අයියේ අපිටත් ඒ ගැන..

      Delete
    2. එහෙ කොහොමද මන්දා. ඒත් පිල්ලියෝ රට ගියාම නම් එහෙමයි කියලා දන්නවා.. ගිය දාට පහුවදා ඉඳලා නාකියෙක් හරි මොකෙක්හරි සල්ලි තියන එකෙක් අල්ලගන මාස දෙකතුනක් පදිනවා. සේරම ටික කොරගෙන උගේ සල්ලිත් අරගෙන ඊටපස්සේ වෙන එකෙක් එක්ක යනවා.. ඔන්න..

      Delete
  19. අවුරුද්දට කොල්ලො 4ක් ??? මේවා පුදුම ජීවිත තමා අප්පා

    ReplyDelete
    Replies
    1. මේ උන්ට ඕවා ගනක් නෑ අක්කේ.. බදින්න කලින් අත්දැකිම් වැඩියෙන් ගන්නනේ දගලන්නේ..

      Delete
  20. මාර ලොක්කෙක්නේ අප්පා..ඒ වගේම තමා එයාට සෙට් වෙන කෙල්ලෝ...හයියෝ හයියෝ...

    ReplyDelete
    Replies
    1. ඕවා ගැන එච්චර හිතන්න එපා නංගෝ.. යුරෝපෙනේ..

      Delete
  21. බොසා දස්සයා ;)

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..

      Delete
  22. Replies
    1. පිළිපදින්න එහෙම එපා... :)

      Delete
  23. එක එකාට වදයක් වෙවී එකතැන පල් වෙනවට වඩා උන්ට එහෙම හොද ඇති..... මරු තියරිය.... නෝ හාට්ඒක්....

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අකමැත්තෙනුත් එල්ලිලා ඉන්නවට වඩා එහෙම හොදයි කියලා හිතෙනවා ඇති..

      Delete
  24. පෙරදිග අපරදිග වෙද්දි ඔක්කොම කණපිට හැරෙනවද මන්දා! ඔය රටවල කසාද බදින අය ගොඩක් අඩු ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත යාළුවා.. ලොකුම වෙනස අන්න ඒක තමයි.. ඕන වෙලාවල අත ඇරලා යන්න පුළුවන් මානසිකත්වයක ඉන්නේ.. කසාද බදින්නේ ඉතින් සෑහෙන පරක්කු වෙලා...

      Delete
  25. Replies
    1. ඇයි කුමාරි අක්කේ එහෙම ඇහුවේ??

      Delete
  26. Replies
    1. මේ මොනා කියනවද? මරු

      Delete
  27. අයි බන් උඹ ඒ කෙල්ලට "උඹ උඹ " කියලා කතා කලේ.. ඒක හරි නෑනෙ ?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. අවුලක් නෑ අයියේ.. ඕක ඉතාලි වලන් ඇහෙද්දි හරි ගෞරවාන්විතව ඇහෙන්නේ.. ඒ හින්දා අවුලක් නෑ..

      Delete
  28. නියම තියරීස් නෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ..

      Delete
  29. අන්න තියරි ෆලෝ කරනවානම්......අන්න මිනිස්සු අදහනවානම්.

    ReplyDelete
    Replies
    1. හා හා.. හැබැයි පරිස්සමින්..

      Delete
  30. බැඳිම් කරදරයක් කියලා හිතන මිනිස්සුන්ට/ ගෑණුන්ට ගැලපෙන තියරිය.... :)

    ReplyDelete
    Replies
    1. බැදිම් වලින් ඇතිවෙන කරදරයක් තියෙනවද ඇත්තටම.. අපිම ඒක කරදරයක් කර ගත්තොත් ඇරෙන්න..

      Delete
  31. අයියෝ මරිකා.......!!!

    ReplyDelete
    Replies
    1. මරිකට ඕවා ගානක් නැතුවත් ඇති..

      Delete
  32. හෆොයි මෙහෙමත් කෙල්ලෝ...! අර තියරියත් මරු තමා.. ඕනනම් මලයට මෙහෙම් ඉන්න අතරේ මානව සබඳතා ගැන ප්‍රොජෙක්ට් එකක් වුනත් කරන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. බැරි කමකුත් නෑ තමා.. සම්ප්‍රදායන්ගේ වෙනස ගැන ලියන්න තිබ්බා..

      Delete
  33. ඔන්න සල්ලි තියෙනවනං යන්න රටවල්..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. එන්න එන්න..

      Delete
  34. ලොක්ක දන්නව නම් මේක ලියනව කියල...

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට මාට්ටු වෙන්නේ නෑ...

      Delete
  35. මම ආයේ මේ පැත්තෙ එන්නෑ... ආවොත් මට ඉතාලියටම එන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා... ඉවසන්න මී අයියේ ඉවසන්න... :)

      Delete
  36. ෂැහ්.... මාරයිනේ!

    ReplyDelete
    Replies
    1. මාරම මාරයි අයියේ..

      Delete
  37. අත්හදා බලන්න වටිනවද මන්දා... ;)

    ReplyDelete
    Replies
    1. පරිස්සමින්.. ගුටි නොකා...

      Delete
  38. බොසාගේ මේ කීවෙනි එකද ?

    ReplyDelete
    Replies
    1. අන්න හසිත මලයා අමාරුවේ වැටෙන ප්‍රශ්ණ අහනවා.. ඒක ලොක්කවත් දන්නවද මන්දා.. :)

      Delete
  39. ලොක්කා සිංහල ඉගෙන ගත්ත දවසට විනාසයි

    ReplyDelete
    Replies
    1. තව වැඩි කල් බුවා ජීවත් වෙන එකත් ශුවර් නැති එකේ මේවා ඉගෙන ගන්නේ නෑ.. :)

      Delete
  40. දැන් නම් ගමන හිමින්ද? ලියන්නෙත් කපලා කොටලා නේද? හී හී...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි අක්කේ.. ටිකක් විතර හෙමින්.. කපලා කොටන්න දාන්න වෙන වෙලාවලුත් එනවා දැන්නම්..

      Delete
    2. ඩූඩ් අයියා පොඩ්ඩි අක්කට ප්ලස් දීලා තියෙන්නේ කපලා ලොටලා දාන කතාවට වෙන්න ඕන ශුවර් එකටම.

      Delete
  41. දොත්තොරේ නම් මරු තමා. අන්න එහම තමයි ඉන්න ඕන මිනිස්සු. ඕව දිහා බල බල දිනේෂ් දැන් හුල්ලනවා ඇති . හැක හැක

    ReplyDelete
    Replies
    1. නෑ නෑ යාළුවා.. හූල්ලන්න දෙයක් නම් නෑ.. මොකො ඉතින් වාසි අවාසි හැම දෙයක්ම වහේ මම දන්නවනේ.. :)

      Delete
  42. ලොක්කා හෙන ලක් කාරයෙක්. අනික ලොක්කා හරිම නිදහස් මෑන් කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ලොක්කා ලක් නොවි තියේවිද රත්නායක අයියේ.. ඕන හැටි සල්ලි ලැබෙනවා.. ඒවා වියදම් කරනවා.. බැදීම් නැති එක තමයි ඉතින් ලොකුම හේතුව..

      Delete
  43. වෙලාවට දොත්තෝරෙගෙ අඩිපාරෙ ගියෙ නැත්තෙ දිනේෂ්... :D

    ReplyDelete
    Replies
    1. මම ඉතින් කියන්නේ නෑ නන්දුවෝ.. :)

      Delete
  44. ඉදහංකෝ !!!!! මෙහෙත් ඔය වගේ බොස් කෙනෙක් හොයන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මෙහෙත් කිවුවේ ලංකාවෙද?

      Delete
  45. සලකලා බලන්න වටින තියරියක්..
    ඒත් දැන් පරක්කු වැඩිනේ...:)

    ReplyDelete
    Replies
    1. එපා එපා රූ අක්කේ.. හිතලව්ත් බලන්න එපා..

      Delete
  46. හිමීටම තමා... නැත්නම් දවස් 5ක් යනකල් එකම පෝස්ට් එක තියෙයිද?

    ReplyDelete
  47. ඔන්න මම ආවෝ... අයියගේ බ්ලොග් එකට ආවේ හෙන කාලෙකින්... ලොක්කා නම් නරක නෑ වගේනේ... කොහොම වුනත් ඒ කෙල්ලට අවුරුද්දට කොල්ලෝ 4යි, ලොක්කාට අයියා කියන විදියට නම් කෙල්ලෝ 8ක්වත් ඉන්නවනේ අවුරුද්දට. හික්ස්.. නරක නෑ වැඩේ...

    ReplyDelete
  48. වෙලාවකට අයියගෙ ලොක්කට මේල් එකක් දාන්න හිතෙනව සිංහල ඉගෙනගන්න කියලා

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්