මැහැල්ල ( කෙටි කතාව )
හවස් යාමෙ අදුරත් එක්ක හමාගෙන ආපු සුළඟේ දැනුනේ වෙනදාට වඩා සීතලක් නිසා ඇදුමට උඩින් ඇදන් හිටි කබාය තව ටිකක් ඇගට තද කර ගත් ඈ වීදි ලාම්පු එළියක් වත් නොවැටුන මාවත දිගේ හෙමින් ඇව්දන් යන්නට වූවාය.. ඉදහිට මාවතේ අනෙක් පසෙන් මතුවන මුහුණු දෙස ඈ උවමනාවෙන් නොබැළුවත්, ඈ පසු කර යන ඔවුන්ගේ දෑස් නිතැතින්ම ඈ වෙතට යොමු විය..
මාස කීපෙකට පෙරාතුව හදිසියේම මාවත් අතර නෙතු ගැටුන ඈ නගරයේ වෙසුන සීමිත වූ පිරිසගේ අවධානයට මොහොතින් නතු වූයේ ඇගේ පෙනුමෙහි වූ අසාමාන්‍ය බව නිසාය.. මදක් ඉදිරියට නැවුන සිරුරත් සුදුමැළි උන මුහුණත් විටක ඈ නපුරු මන්තරකාරියකේ මුහුණක් මැවුවාය..
" ඔබ මේ පැත්තට අළුත් නේද?"
" හ්ම්ම්ම්.."
" මීට කලින් කොහෙද හිටියේ?"
" මේ බඩු වලට මම කීයක්ද ගෙවන්න ඕන?"
ඉද හිට කඩ පිලකදි වචනය දෙකක් කතා කල ඈ රාත්‍රිය ගත කල පාළුවට ගිය ගරාවැටුන නිවස ඇගේ ගුප්ත බව තවත් වැඩි කලාය..
ඉද හිට කඩ පිලකදි වචනය දෙකක් කතා කල ඈ රාත්‍රිය ගත කල පාළුවට ගිය ගරාවැටුන නිවස ඇගේ ගුප්ත බව තවත් වැඩි කලාය..
ඉරිදා දිනයන් වල පල්ලියේ වතාවත් වලට සහභාගි වන ගම්මුන්ගේ ප්‍රධානම මාතෘකාව බවට නිතැතින්ම ඈ නතු විය..
" නපුරු මන්තරකාරියක් වගේ පෙනුම නම්.."
" මොකක් හරි අපරාදයක් කරලා හැංගෙන්න ආවද දන්නේ නෑ.."
" මොකක් හරි ලොකු අසනීපයක් නිසා ගෙදරින් පිටමං කරපු කෙනෙක් වගේ.."
එකිනෙකා අතර උන කතා වන් වල ඈ මනින්නට උත්සාහ කල අය බොහෝ විය.. නමුත් ඒ හැමෝම ඇගේ නිහඩ බවත් ගුප්ත බවත් ඉදිරියේ නිරුත්තර වීය..
කාලයත් එක්කම ඈ ගමේ සාමාන්‍ය මිනිසුන්ගෙන් එක්කෙනෙක් වන්නට වූවත් ඈ ගමේ කා එක්කවත් ඇසුරකට නොගියාය.. ඇගේ හුදෙකලා ජීවිතයට ඉදහිට බාදාවක් උනි නම් ඒ යාබද නිවසෙහි උන් කුඩා දරුවාගෙනි.. ඉදහිට ගෙමිදුලට විත් ජනෙල් අතරින් එබි කම් කරන ඔහු ජනෙල අතරින් ඈ දුටු සැනින් කෑ ගසාගෙන දුවන්නේ වරෙකම ඈගෙන් දකින ගුප්ත නපුරු පෙනුම නිසාවෙනි..
ඈ එදත් කඩ පිළට ගොස් ආපසු පැමිනෙද්දි ජනේල අතරින් එබිකම් කරන පුංචි දරුවා දැක මදක් ඈත සිට ඒ දෙස බලා හිදියාය.. හෙමින් ඔහු වෙතට ලං උන ඇගේ හුස්ම පොද හෙමින් දැනෙද්දි ඈ වෙතින් ඈතට පලායන්නට තැත් කලත් ඇගේ රළු අත් වලින් ගැලවෙන්නට ඔහු අපෝසත් වීය..
" කරුණාකරලා මට යන්න දෙන්න.. මම ආයෙම එහෙම කරන්නේ නෑ.."
බිය මුසු උන දෑසින් ඇගෙන් පලායමට උත්සාහ කල ඔහු දෙස මොහොතක් නපුරු පෙනුමින් බලා උන් ඈ තම මුහුණෙහි වූ නපුරු පෙනුම වෙනස් කල කුඩා දරුවා හා හොදින් සිනා සුනාය..
" මම ගෙදරම හදපු විස්කෝතු වගයක් තියෙනවා.. කැමතිද කන්න.."
නපුරු වූ පෙනුමෙන් වෙනස්ව කවදාවත්ම කිසිවකුත් නොදැක්ක සිනහවක් මුහුණට ලං කර ගනිමින් කතා කල ඈ දෙස කුඩා දරුවා මහත් පුදුමයකින් බලා සිටියේය.. තැතින් තැන දිරා ගිය කෙටි ලී පඩි හතරකින් නිවසේ දොරළගට ඇතුළු වූ ඈ ඔහුගේ අතින් අල්ලාගෙනම දොර විවර කලේ හිත මොහොතකට බිය ගැන්වෙන සිහින් හඩක්ද සමගිනි..
" කෑම මේසේ තියෙන්නේ එහා කාමරේ.. වාඩි වෙන්න.. මම ඉක්මනට එන්නම්.."
දුහුවිල්ලෙන් වැසීගිය ලීබඩු අතරේ කෑම මේසයේ එකම එක පුටුවක් හා ඒ ඉදිරියේ මේසයේ කොටසක් දුහුවිල්ලෙන් තොර වූයේ ඈ නිතරම එය පාවිච්චි කල හෙයිනි.. ඔහු ඒ වෙතට ගොස් හිද ගනිද්දි ඈ බන්දේසියක තැබූ විස්කෝතුත් තේ කෝප්පයකුත් රැගෙන විත් ඔහු හිද සිටි පුටුවට ඉදිරියේ මේසයෙන් තැබුවාය..
" කන්න... මම තේ එකකකුත් අරගෙනම ආවා.."
ඈ ඔහුට ඒවා පිළිගන්වමින් පසෙකින් වූ පුටුවේ දුහුවිලි මදක් අතින් පිසදමමින් හිද ගත්තාය..
" මොකද්ද ඔබේ නම?"
" මාර්කෝ.."
" මම මාග්‍රට්.."
" අපේ ගෙදරින් කිවුවේ මට ඔබත් එක්ක කතා කරන්න එපා කියලා.."
" ඒ ඇයි?"
" ඔබ නපුරු මන්තරකාරියක්ලු.."
" ඉතින් මාර්කෝ ඒ දේ විශ්වාස කරනවද?"
" හ්ම්ම්ම්.. නැහැ.."
" මම දැන් යන්න ඕන.."
ඉක්මනින් තේ කෝප්පය නිමා කල ඔහු නිවසේ දොර අසලට ඇවිදන් ආවේය.. ඇවිදිද්දි හඬ නැගෙන ලී පොළව ඔහු නිවසට ඇතුල් වන විට ගෙනා තරමේ බයක් තව දුරතත් නොගෙනාවේය..
" ආයෙමත් එනවා නේද? මීට පස්සේ ජනේලන් එබිලා බලන්න ඕන නෑ.."
" හා.. සුභ සන්ද්‍යාවක්.."
" සුභ සන්ද්‍යාවක් මාර්කෝ.."
ගෙමිදුලේ පුංචි තණකොල පිස්ස මතින් පැන යාඹද නිවසට ඇතුළු වන ඔහු දෙස මොහොතක් බලා හිදි ඈ නිවසට විත් දොරගුළු ලා ගත්තාය..
කාලය වේගයෙන් ගෙවෙමිනි තිබුනි.. නගරයේ හැමෝටම ඈ තව දුරටත් ආගන්තුක නොවූ මුත් ඈ ගැන තොරතුරු කිසිවෙකුත් දැන නොසිටියේය.. නගරයේ ඈ හා කතා කල එකම එක පුද්ගලයා වූයේ කුඩා මාර්කෝය..
" මාර්කෝ ඇත්තද ඈ නපුරු මන්තර කාරියක් කියන්නේ?"
" මටනම් එහෙම දැනෙන්නේ නෑ.. ඈ කරුණාවන්තයි.."
තමන්ගේ මිතුරන් හා ඈ ගැන ආඩම්බරයෙන් කතා කරන තරමටම ඔහුත් ඈත් අතර හොද බැදීමක් ඇතිවෙමින් තිබුනේය.. පාසලෙන් පසුව හැමදාම ඇගේ නිවසට විත් ඈ හා කතා බස් කරන්නට ඔහු නිතරම වාගේ පුරුදුවිය..
සීත සමය හෙමින් නගරයට ලංවෙමින් තිබුනේය.. කදුකර පෙදෙසට සමීපයේ තිබූ නිසාම පුන්චි හිම බිංදු සීත සමයේ ඇරඹුමත් එක්කම වැටෙන්නට විය.. ඇගේ නිවසේ ගිණි උදුන ලගට වී හිද ගෙන උන් මාර්කෝ ලගට ඈ පැමිණියේ මදක් විශාල අත් බෑගයක්ද සමගිනි..
" ඔබ අද කොහේ හරි යන්නද?"
අත්බෑගයත් සමගින් ඈව දුටු මාර්කෝ ඈ කිසිවක් කියන්නටත් මත්තෙන්ම ඇගෙන් ප්‍රශ්ණ කලේ ඈ වෙනදාට වඩා හැඩති ඇදුමක් ඇගලා සිටි හෙයිනි..
" මාර්කෝ මට උදවුවක් කරනවද?"
" කියන්න.."
" අද මම රාත්‍රී ආහාරයකට එළියට යනවා.. එන්න පමා වෙන්න පුළුවන්.. මේ තියෙන්නේ මගේ ලග තියෙන වටිනාම සම්පත.. ඔබට පුළුවන්ද මම එනකම් මේක ආරක්ශා තැනක තියා ගන්න.."
" හා.."
ඇගේ අතති වූ බෑගය වෙතට දෑත දිගුකරමින් එය තමන් ලගට ගන්නට මාර්කෝ දෙවරක් නොසිතුවේය..
" මේ ගැන මාර්කෝ කාටවත් කියන්නවත් මේක කාටවත් බලන්න දෙන්නවත් එපා.."
" හා.."
ඈයත් එක්කම නිවසින් පිටවූ මාර්කෝ නිවසට ඇතුල් වන තුරුම තම නිවස ඉදිරිපසට වී බලා උන් ඈ දෙපස හිම වැටි තිබූ මාවත දිගේ ඇවිද ගොස් ඈත මිහිදුම් අදුරේ නොපෙනී ගියාය.. තම නිවසේ ජනෙල් තිරය මතින් ඈ නොපෙනි යන අයුරු බලා සිටි මාර්කෝ ඉහල තට්ටුවේ ඔහුගේ කාමරයට දුව ගොස් තම ඇත යටින් ඈ දුන් බෑගය තැබූ ඔහු ඇද ඇතිරිල්ල පහතටම දමා එය ආවරණය කලේය..
" මම ගෙදරම හදපු විස්කෝතු වගයක් තියෙනවා.. කැමතිද කන්න.."
නපුරු වූ පෙනුමෙන් වෙනස්ව කවදාවත්ම කිසිවකුත් නොදැක්ක සිනහවක් මුහුණට ලං කර ගනිමින් කතා කල ඈ දෙස කුඩා දරුවා මහත් පුදුමයකින් බලා සිටියේය.. තැතින් තැන දිරා ගිය කෙටි ලී පඩි හතරකින් නිවසේ දොරළගට ඇතුළු වූ ඈ ඔහුගේ අතින් අල්ලාගෙනම දොර විවර කලේ හිත මොහොතකට බිය ගැන්වෙන සිහින් හඩක්ද සමගිනි..
" කෑම මේසේ තියෙන්නේ එහා කාමරේ.. වාඩි වෙන්න.. මම ඉක්මනට එන්නම්.."
දුහුවිල්ලෙන් වැසීගිය ලීබඩු අතරේ කෑම මේසයේ එකම එක පුටුවක් හා ඒ ඉදිරියේ මේසයේ කොටසක් දුහුවිල්ලෙන් තොර වූයේ ඈ නිතරම එය පාවිච්චි කල හෙයිනි.. ඔහු ඒ වෙතට ගොස් හිද ගනිද්දි ඈ බන්දේසියක තැබූ විස්කෝතුත් තේ කෝප්පයකුත් රැගෙන විත් ඔහු හිද සිටි පුටුවට ඉදිරියේ මේසයෙන් තැබුවාය..
" කන්න... මම තේ එකකකුත් අරගෙනම ආවා.."
ඈ ඔහුට ඒවා පිළිගන්වමින් පසෙකින් වූ පුටුවේ දුහුවිලි මදක් අතින් පිසදමමින් හිද ගත්තාය..
" මොකද්ද ඔබේ නම?"
" මාර්කෝ.."
" මම මාග්‍රට්.."
" අපේ ගෙදරින් කිවුවේ මට ඔබත් එක්ක කතා කරන්න එපා කියලා.."
" ඒ ඇයි?"
" ඔබ නපුරු මන්තරකාරියක්ලු.."
" ඉතින් මාර්කෝ ඒ දේ විශ්වාස කරනවද?"
" හ්ම්ම්ම්.. නැහැ.."
" මම දැන් යන්න ඕන.."
ඉක්මනින් තේ කෝප්පය නිමා කල ඔහු නිවසේ දොර අසලට ඇවිදන් ආවේය.. ඇවිදිද්දි හඬ නැගෙන ලී පොළව ඔහු නිවසට ඇතුල් වන විට ගෙනා තරමේ බයක් තව දුරතත් නොගෙනාවේය..
" ආයෙමත් එනවා නේද? මීට පස්සේ ජනේලන් එබිලා බලන්න ඕන නෑ.."
" හා.. සුභ සන්ද්‍යාවක්.."
" සුභ සන්ද්‍යාවක් මාර්කෝ.."
ගෙමිදුලේ පුංචි තණකොල පිස්ස මතින් පැන යාඹද නිවසට ඇතුළු වන ඔහු දෙස මොහොතක් බලා හිදි ඈ නිවසට විත් දොරගුළු ලා ගත්තාය..
...............................................
කාලය වේගයෙන් ගෙවෙමිනි තිබුනි.. නගරයේ හැමෝටම ඈ තව දුරටත් ආගන්තුක නොවූ මුත් ඈ ගැන තොරතුරු කිසිවෙකුත් දැන නොසිටියේය.. නගරයේ ඈ හා කතා කල එකම එක පුද්ගලයා වූයේ කුඩා මාර්කෝය..
" මාර්කෝ ඇත්තද ඈ නපුරු මන්තර කාරියක් කියන්නේ?"
" මටනම් එහෙම දැනෙන්නේ නෑ.. ඈ කරුණාවන්තයි.."
තමන්ගේ මිතුරන් හා ඈ ගැන ආඩම්බරයෙන් කතා කරන තරමටම ඔහුත් ඈත් අතර හොද බැදීමක් ඇතිවෙමින් තිබුනේය.. පාසලෙන් පසුව හැමදාම ඇගේ නිවසට විත් ඈ හා කතා බස් කරන්නට ඔහු නිතරම වාගේ පුරුදුවිය..
සීත සමය හෙමින් නගරයට ලංවෙමින් තිබුනේය.. කදුකර පෙදෙසට සමීපයේ තිබූ නිසාම පුන්චි හිම බිංදු සීත සමයේ ඇරඹුමත් එක්කම වැටෙන්නට විය.. ඇගේ නිවසේ ගිණි උදුන ලගට වී හිද ගෙන උන් මාර්කෝ ලගට ඈ පැමිණියේ මදක් විශාල අත් බෑගයක්ද සමගිනි..
" ඔබ අද කොහේ හරි යන්නද?"
අත්බෑගයත් සමගින් ඈව දුටු මාර්කෝ ඈ කිසිවක් කියන්නටත් මත්තෙන්ම ඇගෙන් ප්‍රශ්ණ කලේ ඈ වෙනදාට වඩා හැඩති ඇදුමක් ඇගලා සිටි හෙයිනි..
" මාර්කෝ මට උදවුවක් කරනවද?"
" කියන්න.."
" අද මම රාත්‍රී ආහාරයකට එළියට යනවා.. එන්න පමා වෙන්න පුළුවන්.. මේ තියෙන්නේ මගේ ලග තියෙන වටිනාම සම්පත.. ඔබට පුළුවන්ද මම එනකම් මේක ආරක්ශා තැනක තියා ගන්න.."
" හා.."
ඇගේ අතති වූ බෑගය වෙතට දෑත දිගුකරමින් එය තමන් ලගට ගන්නට මාර්කෝ දෙවරක් නොසිතුවේය..
" මේ ගැන මාර්කෝ කාටවත් කියන්නවත් මේක කාටවත් බලන්න දෙන්නවත් එපා.."
" හා.."
ඈයත් එක්කම නිවසින් පිටවූ මාර්කෝ නිවසට ඇතුල් වන තුරුම තම නිවස ඉදිරිපසට වී බලා උන් ඈ දෙපස හිම වැටි තිබූ මාවත දිගේ ඇවිද ගොස් ඈත මිහිදුම් අදුරේ නොපෙනී ගියාය.. තම නිවසේ ජනෙල් තිරය මතින් ඈ නොපෙනි යන අයුරු බලා සිටි මාර්කෝ ඉහල තට්ටුවේ ඔහුගේ කාමරයට දුව ගොස් තම ඇත යටින් ඈ දුන් බෑගය තැබූ ඔහු ඇද ඇතිරිල්ල පහතටම දමා එය ආවරණය කලේය..
...............................................
" මාග්‍රට් ගැන පොලීසියෙන් වත් විස්තර හෙවුවොත් නරකද?"
" ඒ මොකද..?
" මාග්‍රට් අපේ අසල්වැසියෙක්.. ඒ පාළුවෙන් තිබුන ගෙදරට හදිසියේම මේ ආපු කෙනා ගැන අපි හොයහන්න ඕන නේද?"
" මිස්ටර් ජෝර්ජ් ගේ ලගම නෑයෙක් කිවුවා නේද?"
" හ්ම්ම් ඒ උනත් අපි මීට කලින් ඇයව මෙහේ එනවා දැකලා නෑ.. "
" හොදයි.. අපි හෙට හොයලා බලමු.."
රාත්‍රී කෑම මේසයේදි මාර්කෝගේ මෑණියන් ගෙනා කතාබහ දිගේ ඔහුගේ හිත ඇදි ගියේ සවස ඈ පරිස්සම් කරන්නට දුන් අත් බෑගය කෙරේය.. ඒ තරම් ඕනෑකමකින් තොරව රාත්‍රී ආහාරය නිමා කල මාර්කෝ දිව ගියේ ඉහල මාලයේ තමන්ගේ කාමරය වෙතටය..
" මේ ගැන මාර්කෝ කාටවත් කියන්නවත් මේක කාටවත් බලන්න දෙන්නවත් එපා.."
ඈ කී ඒ වදන් පෙල ඔහුට යලි යලි ඇසෙන්නට වීය.. කාලයක් තිස්සේ ඇසුරු කලත් කවදාවත් ඈ ඇගේ තොරතුරක් තමන් හා වත් නොකීවේ ඇයිදැයි අවුරුදු 10ක් වයසැති මාර්කෝගේ හිතට තදින් දැනෙන්නට වීය.. වාඩි වී උන් පුංචි පුටුවව ඉදිරියෙන් ඇද යට වූ ඇගේ බෑගය වෙතට මාර්කෝගේ හිත හිටිහැටියේ දුවන්නට විය..
බොහෝ වේලාවක් ඒ දෙසම බලා උන් ඔහු හිද හිටි පුටුවෙන් නැගිට ඇද මතට ගොස් එහි හිද ගත්තේ දෙපා මුල අත් බෑගය පෙනෙන පරිද්දෙනි..
" නෑ මේ දේ වැරදියි.."
ඔහුගේ හිහ ඔහු හා දොඩමළු විය..
" ඇය මාව විශ්වාස කරලයි මේක මට දීලා ගියේ.. මම එහෙම කරන එක හරි නෑ.."
" ඒත් ඇත්තටම ඇය මන්තරකාරියක් නම්, අපරාධකාරියක්නම්, දවසක මටත් අනතුරක් කලොත්.. ඊට කලින් මම ඈ ගැන දැන ගන්නම ඕන.."
දෙපාලග තිබූ අත් බෑගය තම උකුල මතට ගත් මාර්කෝ එය විවෘත කරන ගාන්චුව දෙසට අත ගෙන යද්දි වරදකාරි සිතුවිල්ල ඔහු නැවතත් වලකාලීය..
" නෑ ඇය එහෙම කෙනෙක් නෙමෙයි.. මේක මම ඇය මට දුන්න විදිහටම ඈයට ආයෙම බාර කරනවා.."
බිමින් තැබූ බෑගය ඇදේ මැදක් වන තෙක්ම යටට තල්ලු කර දැමු ඔහු ආයාසයෙන් නෙත් පියාගෙන නිදන්නට සූදානම් වූයේ හිතේ තෙරපෙන නොයෙක් හැගුම් වලට ඉඩ අහුරමිනි..
...............................................
පරිසරයේ දැනුන හීතලත් නිසා උදෑසන හිරු කිරණ පොළවට වැටෙද්දි උදෑසන අටටත් පසු විය.. නින්දත් නොනින්දත් අතර ගෙවු රාත්‍රියෙන් පසුව අවදි උන මාර්කෝ මුලින්ම දිව ගියේ ඇගේ නිවස වෙතය.. කලින් දා සවස වසා දැමුන දොරගුළු තවමත් වසා දමාය.. ජනේලයෙන් මදක් එබිකම් කල ඔහු ආයෙම නිවසට ආවේ සවස ඈ හමුවන්නට හිතා ගෙනය..
රාත්‍රියේ හිතේ වද දුන් සිතුවිල්ල ඉදහිට හිතේ තැනක ආයෙමත් මතු වෙමින් කාලය පාසල තුල ගෙවා දැමු මාර්කෝ හිමෙන් වැසුන මාවත් අතරේ කෙලින්ම දුව ආවේ ඇගේ නිවසේ ඉදිරිපස වූ කෙටි ලී පඩි පෙල වෙතටය.. තාමත් අගුළු දැමු දොරත් උදෑසන සිටම පඩ් පෙල අසල වූ දිනපතා පුවත්පතත් නිවසේ පාළුව මාර්කෝගේ හිතට තේරුම් කර දුන්නේය..
තම උඩු මහලේ කුඩා ජනේලයෙන් නිතරම ඇගේ නිවස දෙසට නෙත් යොමා හිටි මාර්කෝගේ හිතට බොහෝමයක් සිතුවිලි ගලා එන්නට විය..
" ඇයි ඇය තාම ආවේ නැත්තේ? අනතුරක්වත්ද?"
දවස නොදැනීම ගෙවී ගියේය.. කාලය හෙමින් ඉගිල ගොස් දවස් ගනන් ගෙවුනේ කාටත් නොදැනීමය.. නගරයේ අනෙක් හැම කෙනෙක්ම තමන්ගේ සුපුරුදු ජීවිත වල දවස් ගෙවා දමද්දි මාර්කෝගේ හිතේ බොහොමයක් සිතුවිලි මැවෙන්නට විය.. කල්පනා අතරේම මාර්කෝගේ දෑස යොමු උනේ ඈ තමන් ලග පරෙස්සමට තමා ගිය අත බෑගය වෙතටය..
" මම මේක ඇරලා බලනවා.."
හිතුවක්කාර දැඩි තීරණයකට එලබුන මාර්කෝ ඇද යට වූ ඇගේ අත් බෑගය ගෙන එහි ගාන්චුවෙන් හැර විවර කලේ තව දුරටත් එය වරදකාරි දෙයක්යැයි නොසිතමිනි.. මොහොතකින් දිළිසුන මාර්කෝගේ දෑස් අදහා ගන්නට නොහැකි විය.. බෑගය පිරෙන්නට තිබු පවුම් කාසි මාර්කෝගේ දෑස් ඉදිරියේ දිළිසෙන්නට විය.. ඉන් දෑස් ඉවතට ගත් මාර්කෝ මොහොතක් වට පිට බැළුවේ දෑස් අදහා ගත නොහැකි වූ නිසාවෙනි..
දිගු හුස්මක් පිටකල මාර්කෝ යලිත් බෑගය දෙසට නෙත් යොමු කලේ එය වසා යලිත් පරෙස්සමට තබන්නයි ඔහුගේ හිත ඔහුටම කියන්නට වූ නිසාය.. පවුම් කාසි අතරින් ඉහලට එස උන පුංචි කොල කැබැල්ලට මාර්කෝගේ දෑස් යොමු උනේ අහම්බෙ මෙනි.. දෙවරක් නොහිතාම ඔහු එය අතට ගත්තේ ඈ ගැන පුංචිම හෝ තොරතුරක් එහි අඩංගු වේයයි හිතු නිසාවෙනි.. දෙකට නැමු ඒ කොල කැබැල්ල අට ගත් මාර්කෝ එය දිග හල විට එහි ආමන්ත්‍රණය දැක මදක් තිගැස්සුනි.. එය ඔහුටය..
ආදරණීය මාර්කෝ,
මම නෑවිත් දවස් කීපයක් ගත වෙද්දි ඔබ මේය විවෘත කර බලන බව මම දන්නවා.. මගේ ජීවිතේ මෙතුවක් කාලෙකට මට ගොඩාක් හිතවත් උන කෙනෙක් ඔබ.. මේ වස්තුව ආරාක්ශා කර ගන්න.. අනාගතේ දවසක ඔබට හොද මාවතක් තනාගන්න මේ වස්තුව උදවු කර ගන්න.. මම කවුද කියන එක ඔබ කාලයත් එක්ක තේරුම් ගනීවි..




හුරේ කාලෙකින් ලොග් වුන දවසේ මගේ වලි මල්ලිගේ බ්ලොග් එකේ මම 1 වුනෝ........
ReplyDelete(කතාව කියවා යලි කමෙන්ට්)
හෆ්ෆෙ... එහෙනම් තව චොකෝ එකක් නේ.... :)
Deleteහ්ම්ම්ම්..... ප්‍රශ්නාර්ථයක් එක්ක ඉවරවෙන ගුප්ත කතා වලට මම නම් කැමති. :) මේ කතාවේ කියවෙන වටපිටාවත් මිනිස්සුන්ගේ සිතුවිලිත් කිවන්න කැමතිම පරිවර්තන කතා වල තියෙන්වා වගේමයි.... කතාව ගොඩක් ලස්සනයි.
ReplyDeleteප්‍රශ්නාර්ථයක් ඉතුරු උනා කිවුවට ඉතින් ඔයා අනිත් අයට කලින් උත්තරේ මගෙන් අහ ගත්තනේ.. :) ඔන්න මම මගේ කතාව දැම්මා.. ඔයාගේ කතාව තමයි පරක්කූ... :)
Deleteලස්සනයි කතාව.මාත් ගොඩාක් ආසයි මේ වගේ කතාවලට.නියමයි යාළුවා !
ReplyDeleteගොඩක් ස්තූතියි යාළුවා.. වර්ණයට සාදරයෙන් පිළිගන්නවා..
Deleteපරිවර්තනයක් වගේ හිතුනා..අදත් කතාව ගොඩක් ලස්සනයි
ReplyDeleteගොඩක් ස්තූතියි රූ අක්කේ.. මටත් ඕන උනේ ඒ විදිහේ එකක් ලියන්න.. සාර්ථකයි වගේ..
Deleteshoi kathawak ayya...........me wage katha kiyawanna mama mara asai..... :)
ReplyDeleteලියන්නම් නංගෝ.. මාත් ගොඩක් ආසාවෙන් ලියන්නේ මගේ කෙටි කතාව..
Deleteලස්සනයි....
ReplyDeleteතැන්කූ..
Deleteමල්ලි.. පොතක් ගහන්න එහෙම හිතක් නැද්ද? ඉතාලියේ සිට ලියු කතා වගේ නමක් එහෙම දාලා?
ReplyDeleteපොත නේද? පොතේ වැඩේ භාගෙට කෙරෙමින්ලු තියෙන්නේ.. ඒ ගැන පසුවට.. :)
Deleteඑල.. නියමයි.. මගේ සුභපැතුම්..
Deleteතැන්කූ තැන්කූ අයියේ.. විස්තර කියන්න්ම්..
Deleteරසවත් කෙටි කතාවක්. සුබ පැතුම් මල්ලි. ජය...! (මට නම් හිතෙන්නේ කාත් කවුරුත් නැති ආච්චි කෙනෙකි කියලයි. අපි වයසට යද්දි හැම කෙනෙක්ම වගේ තනි වෙනවා. එහෙම නොවෙන්නෙ කළාතුරකින්. නමුත් වැඩිහිටි වියේදි අපි හොයන්නෙම අපිව අහගෙන ඉන්න, අපිට ආදරේ කරන්න කෙනෙක්. නමුත් එහෙම අය හරි අඩුයි...
ReplyDeleteගොඩක් ස්තූතුයි ප්‍රදිප් අයියේ..
Deleteඇත්තටම කතාව ලියද්දි මට මේ මැහැල්ල ගැන එක එක විදිහට හිතුනා.. ඒත් ඈ ගැන සවිස්තරව කතා කරන්න තැනක් යෙදුනේ නෑ.. කොටස් දෙක තුනක එකක් නම් ඒ ගැන ලියන්න තිබුනා.. ඈ කවුද කියන එක මටත් හිස් තැනක් වගේ තාම.. ඒකට ඕනම විදිගේ කෙනෙක් ආදේශ කරන්න පුළුවන්...
නපුරු මන්තරකාරියන්ගේ හිත් වලත් කරුණාව ආදරය තියෙනවා.
ReplyDeleteලස්සන කතාවක් !
අර ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද
අයියට හිතෙනවද ඈ නපුරු මන්තර කාරියක් කියලා.. ඒකට හරිම උත්තරේ මාත් දෙන්න දන්නේ නෑ ඇත්තටම අයියේ.. :)
Deleteආදරණීය පාර්ශව දෙකක විශ්වසනීයත්වයන් සමඟ පොර බදන මාර්කෝ අයාසයෙන් නිදන්නට යන කොටස හරිම අව්‍යාජයි අපූරුයි !
ReplyDeleteගොඩක් ස්තූතියි යාළුවා.. සමහර වෙලාවට අපි උනත් ඒ දේට මුණ දිලා තියෙනව..
Deleteපරිවර්ථන කතා අභාශය නිසාත්, දිනේශ් කතාව ලියල තියන විදිහත් නිසා මේ කතාව කියෙව්වෙ පුදුම ආසාවකින්!
ReplyDeleteගොඩක් ස්තූතියි යාළුවා.. මේ විදිහේ එකක් ලියන්න ලොකු ඕනා කමකින් හිටියේ.. ඒකට ගැලපෙනම කතාව හම්බුනේ මේක තමයි..
Deleteකතාව එක සැරේටම සුරංගනා කතාවක් වගේ වුණාද මන්දා... ලස්සනයි අදත්!!!
ReplyDeleteමටත් හිතුනා. මන්තරකාරි සීන් එකෙන් :)
Deleteලහිරු : හ්ම්ම්.. සුරංගනා කතාවක අභාශය දෙන්න නම් ඕන උනේ නෑ ඇත්තටම.. ඒත් එහෙම දැනුනදනම් නොදනී.. ස්තූතියි අයියේ..
Deleteසෑම් : ඈ ගැන ම්නිස්සු හිතන හැටි ගැන සංකේත කරන්න හිතන් තමයි හැබැයි ඒක දැම්මෙනම්.. :)
Deleteලස්සනයි ජය!
ReplyDeleteතැන්කූ..
Deleteසිරස ටීවී එකේ යන දඟයා කාටූන් එකේත් දවසක් මේ වගේ කතාවක් ගියා. මේකේ මුල් ටික නම් ඒ කතාවට සමානයි :D
ReplyDeleteහසිත මලයට දගයා කට පාඩම් වගේනේ.. එහෙම කෑල්ලක් තියෙනවද ඒකේ..
Deleteවෙනස්ම විදියේ කතාවක්. අරර්ඝයි...
ReplyDeleteතැන්කූ තැන්කූ මගේ ලොකු අක්කේ.. :)
Deleteකියවාගෙන යද්දී පුරුදු පරිවර්ථන කතාවක් මතක් උනා. හුඟාක් හොඳින් ලියලා තියෙනවා
ReplyDeleteගොඩක් ස්තූතියි ළිහිණි අක්කේ.. අක්කනම් ගොඩක් පොත් කියවලා තියෙනවනේ..
Deleteඇත්තටම කවුද මාග්‍රට්???????
ReplyDeleteඑක ප්‍රශ්ණාර්තයක්... :)
Deleteනියමයි ඈ....
ReplyDeleteතැන්කූ ඈ.. :)
Deleteමුල ටික කියවද්දි මටත් මතක් උනේ කලින් කියවපු පරිවර්තන කතාවක්... ඒත් මැද්දි ඒක වෙනස් වෙනවා.... හරිම අපූරුයි දිනේෂ්....
ReplyDeleteමියුරු අක්කා කාලෙකින් මේ පැත්තේ.. ගොඩක් ස්තූතියි අක්කේ..
Deleteගොඩාක්,,,,,ආසාවෙන් කියෙව්වේ සහෝ මම මේක,,:)
ReplyDeleteකොහොමත් මම මේ වගේ කතාවලට ගොඩක් කැමතියි ..
තව ලියන්න හ්ම්ම්,,:)
ඔබට ජය සහෝ..
තෑන්ක්ස් හිරුවෝ...
Deleteමේ වගේ කතා කියවනකොට කොහොමටත් වත් බ්ලොග් කලාවෙන් ඇත් වෙන්න හිතෙන් නැ ........
ReplyDeleteබ්ලොග් කලාවෙන් ඈත් වෙන්නේ මොකටද? මේක ලස්සන තැනක්නේ..
Deleteඇත්තටම ඈ කවුද ??? ලස්සන කුතුහලයෙන් පිරුනු කතාවක්..මම හිතුවා අන්තිමේදි ඈ කවුරුද කියල හෙලිවෙයි කියල
ReplyDeleteඈ ගැන හරිම අදහසක් මටත් හිතා ගන්න බැරි උනා.. ඒකයි මෙහෙම ඉවර කලේ..
Deleteලස්සන කතාවක්...
ReplyDeleteතෑන්ක්ස් මලයා..
Deleteදැන් ඉතිං මේකෙ දෙවෙනි කොටසකුත් ලියන්න වෙනවා.කවුද මේ කියලා අපි දන්න එකක්යෑ.
ReplyDeleteදෙවෙනි එකක් නම් නෑලු අක්කේ.... :)
Deleteවෙනස්ම කතාවක් කුතුහලය අවසානය තෙක් රඳවාගන්නවා. මේ චරිත යුරෝපීය කෙටිකතාවල වගේ . එක හුස්මට කියෙව්වා. ඒ.අර මොකක්ද ඉතිරි කර ගිය වස්තුව
ReplyDeleteඉතිරි කර ගිය වස්තුව මුදල් රත්නායක අයියේ.. ගොඩක් ස්තූතියි අයියේ..
DeleteNiyamai malli hemadama oyage katha kiyewwath adai mulinma comment karanne
ReplyDeleteපුළුවන් වෙලාවල මේ පැත්තේ ඇවිත් යන්නේ අක්කේ.. සතුටක් මගේ දේවක් කියවන එක..
Deleteපට්ට පට පට..... ඇත්තටම ලස්සනයි...
ReplyDeleteතෑන්ක්ස් මලයා..
Deleteඅමුතු විදිහේ ලස්සන කතාවක්..:)
ReplyDeleteකියෙවුවට තෑන්ක්ස් ප්‍රමුදි..
Deleteරුසියානු පරිවර්තනයක් වගේ . මම මේ වගේ කතා වලට නම් කැමතියි අඬන දොඩන ප්‍රේම කතා වලට වඩා. ;)
ReplyDeleteඅඩන දොඩන ඒවා ඉතින් මම ලියන එක නැවැත්තුවා යාළුවා...
Deleteසමහර මතුපිටින් බලලා ගන්න තීරණ ගැඹුරින් ඇතුලාන්තයෙන් හිතලා බලද්දි සමහර විට අපි වරදින්න පුළුවන්..
ReplyDeleteවෙනස් කතාවක්..! මටත් මතක්වුණේ යුරෝප කතා හුරුවක්..!
ඇත්ත.. ඈ ගැන මිනිස්සු හිතිය විදිහ නම් වැරදි ඇති.. ඒත් ඈ ගැන ඇත්ත අපි දන්නෙත් නෑනේ.. ඒ හින්ද ඒ තීරණේ ගැන තාම හිතන්න අමාරුයි..
Deleteකෙටිකතාවක තියෙන්න ඕන වැදගත්ම දේ මේකේ තියනවා. පාඨකයාට අන්තිමට හිතන්න දෙයක් දීලා තියනවා.ලස්සන කතාවක්.රසවින්ඳා.ආයෙත් මේ වගේ කතා දිගටම ලියන්න.ජය!!!
ReplyDeleteස්තුතියි යාළුවා.. මම කොමත් කැමති හිතන්න දෙයක් ඉතුරු කරලා කතාව අවසාන කරන්න..
Deleteහරියට නිකන් පරිවර්තනයක් කියෙව්වා වගේ දැනුනා නියමයි ලස්සනයි
ReplyDeleteතැන්කූ කවි අක්කේ...
Deleteපහල පිංතුරය කතාව තවත් අලොකමත් කලා....
ReplyDeleteඇත්තටම රාජ් අයියේ, කතාවේ අදහස ආවේ මේ පින්තූරේ අහම්බෙන් දකිද්දි..
Deleteඅයියේ මේ වැඩේ නම් වැරදියි... ආපු ගමන්ම හිතේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරන්නෙ ඇයි? කමක් නෑ. මාස ගාණකට පස්සෙ නෙ. කියන්න ඕන මේක ගැන..
ReplyDeleteසරල සුගම භාශා ශෛලිය, අලංකාර, උපමා යොදාගැනීම ඉතාමත් ඉහලයි. කතාවේ දනවන කුතුහලය දිගින් දිගටම කතාව කියවන්න පොළඹවනවා. ඒ කුතුහලය තැන් තුනක විතර තීව්‍ර උනා. ඒ තැන් තුන කතාවෙ පරිච්ඡේද තුනක වීම කතාව පෙළගැස්මේ තියන මනා පිළිවෙල මොනවට පසක් කරනවා. බොහොම අගනා කතාවක්. ඒත් අකමැති එක තැනක් තියනවා. කතාවෙ තැන් කීපයක කුතුහලය අවුස්සනවාත් සමග පාඨකයාගේ හිතට එන්නෙ අන්තිමට වත් "මේ මොකද්ද උනේ" කියන දේ දැනගන්න තියන දැඩි ආශාව. ඒ වගේ වෙලාවක අන්තිමේ ප්‍රශ්නාර්ථයක් තියන එකෙන් පාඨකයාට සරලවම "මළ පණ්නනෝ".
මේ අයියෙ මොකෝ කියන්නෙ, මේකෙ තියන කතා ටික කෙටි කතා සංග්‍රහයක් කරමුද? මේවා ඒ තරම් හොද තත්වෙක තියනවා. ඇත්ත කාව්‍යා අක්කා කියලා තියෙන්නෙ. පරිවර්ථනයක් වගේ.. බොහොම ඉහලයි!
අඩේ පුංචිපහේ විචාරයක් උනා ද මන්දා....
විචාරයක්දත් අහනවා... එහෙම එකක් තමා..
Deleteකතාවේ ඒ දේ ඕනකමින් අඩු කලේ නෑ මලයා.. මට ඕන උනේ ඒක හිස්ව තියන්න.. කතාවට ඒක ලොකු අඩුවක් නෙමෙයි කියලා දැනුනා.. ඒකයි එහෙම කලේ.. මැහැල්ලගේ පැත්තෙන් මේ කතාව වෙන පැත්තක් දකිය්න්න පුළුවන්.. වෙලා අඩුකම මට ප්‍රශ්ණයක් නොවුනනම් ඒක ගොඩක් වෙලාවට ලිය වෙන්න තිබ්බා.. ඒත් නොලියා මෙහෙම තියෙන එකත් හොදයි කියලා හිතෙනවා වෙලාවකට..
තැන්කූ උඹේ දිග විචාරයට..
මේ කතා එකතු කරලා පොතක් ලියන්නකෝ මල්ලි. ඒ තරමට මේ කතා හොඳයි...
ReplyDeleteතැන්කූ තැන්කූ ප්‍රියන්ත අයියේ.. ඒ ගැන නම් පොඩ් අදහසක් මේ දවස් වල හිතමිනුයි ඉන්නේ..
Deleteපුදුම ලස්සන කතාවක් අයිෙය්.....
ReplyDeleteතෑන්ක්ස් අමා..
Deleteආදරය.. යහපත්කම.. :)
ReplyDeleteආදරය.. යහපත්කම.. කරුණාව..
Deleteනියමයි ලස්සනට ලියල තියනවා
ReplyDeleteතෑන්ක්ස් යසිරු..
Deleteකුතුහලය ඇවිස්සුනු, ලස්සන කතාවක්....කාලය, පරිසරය ගැන විස්තර හන්දා එය වැඩිවෙලා තියනවා...
ReplyDeleteඒ මාර්කෝගේ අම්මා වෙන්ට ඇති කියලා හිතුනා.:)
තෑන්ක්ස් පොඩ්ඩි අක්කේ..
Deleteහ්ම්ම්ම්... මාර්කෝගේ අම්මද ඒ කියන එකනම් මටත් හිතුනේ නැති පැත්තක් හැබැයි.. අක්කට එහෙම හිතෙන්න හේතු තියෙන්න ඇතිනේ.. :)
malli... ithaly parisarayata sambanda wunu kathaa thawa liyannako. oyaata ona tharam athdakeem athine ithaali kaarayo gena. kathaawa nam harima lassanai. oyage keti katha kohomath lassanai...GREAT.....!!!!!
ReplyDeleteතැන්කූ තැන්කූ.. මේ කතාවේ පරිසරයනම් ඉතින් මම දැකපු දේවල් වලින් තමයි ලිය උනේ.. ඉස්සරහට තව බලමුකො...
Delete