අපි
මිනිස්සු සමහරක් වෙලාවට තමන්ගේ ජිවිතේ දැඩි තිරණ අරගන්නවා.. අන්න එහෙම එක තීරණයක් අපේ තාත්තත් මීට අවුරුදු ගානකට කලින් අර ගත්තා.. ඒ අපේ අම්මව කොහොම හරි බදිනවා කියන එක.. අපේ තාත්තා ඒක කෝම හරි කලා.. ඊට පස්සේ ඒ කතාව කොහොම ගලාගෙන යන්න ඇද්ද.. මේ ඒ ඉතිරිය..
තාත්තා අම්මව බදිනකොටම වගේ තාත්තට ගාල්ලට මාරුව හදාගන්නත් පුළුවන් වෙලා.. ගෙදර හිටපු කාලේ වින්ද දුක දැන් ඉවරයි නේද කියලා පුංච් බලාපොරොත්තුවක් දෙන්නගෙම හිතේ තිබුනත් කවුරුත් දන්න නැණ්දම්මගේ වෙනස් කම් වලින් අම්මට අඩුවක් තිබිලා නෑ.. මටනම් ඇත්තටම අපේ තාත්තගේ අම්මා තාත්තා දැකලවත් තියෙනවද කියලා මතකයක් ඇත්තෙම නෑ.. අඩු ගානේ මුහුණු වරවත් මතක නෑ..
මේ දේවල් කොහොම උනත් ඒ ගැන තාත්තටවත් අගවන්නේ නැතුව අම්මා කාලයක් ඉදලා තියෙනවා.. අපේ අයියයි අක්කයි ඉපදුනාට පස්සේ හැම දෙයක්ම හරි යාවි කියලා හිතන් හිටියත් ඒ දේවල් කිසිම වෙනසක් වෙලා නෑ.. අපේ අක්කා පුන්චි කාලේ දණ ගාගෙන එයාගේ ආච්චි ලගට යන්න යද්දි කාමරේ හිටපු තාත්තගේ අම්මා අක්කා එනවා දැකලා දොර වහපු වතාවක දොර වැදිලා අපේ අක්කගේ ඔළුව පැළිලා තියෙනවා.. ඒ තරමට වෙනස් කම් අපේ අම්මට ලැබිලා තියෙනවා.. හේතුව? ඒ ගැන නම් කියන්න ඇත්තටම දන්නේ නෑ..
තාත්තගේ මහ ගෙදර හිටියේ තාත්තයි, එයාගේ මල්ලියි.. මල්ලි බැදලා ආවට පස්සේ මහ ගෙදර අයිතිය යන්නේ මල්ලිට නිසා මහ ගෙදරත් එක්ක තිබුන ලොකු ඉඩමේ පැත්තක ගෙයක් හදා ගන්න අපේ තාත්තට අවසර දුන්න නිසා අපේ තාත්තා ඒ වෙනකන් එකතු කරලා තිබ්බ හැම දෙයක්ම ගන්න පුළුවන් හැම තැනකින්ම අරන් අපි වෙනුවෙන් ඒ ගේ පොඩ්ඩ ලහි ලහි හැදුවා.. ඒත්,
මොකක් හරි හේතුවක් නිසා අයියයි මල්ලියි අතරේ පොඩි ආරවුලක් ඇති උනා.. ඒකට ලැබුන එකම උත්තරේ මල්ලි අයියට ගෙදරින් එලියට බහින්න කියපු එක.. හරි කමක් නෑ කියලා හිතපු තාත්තා භාගෙට හදාගත්ත ගෙට යන්න හදද්දි උනේ කොහෙත්ම හිතුවේ නැති දෙයක්..
ඉඩමේ තාත්තට ගේ හදා ගන්න දුන්නට ඒ වෙද්දිත් ඉඩමේ ඒ කොටස අපේ තාත්තගේ නමට ලියලා නෙමෙයි තිබිලා තියෙන්නේ.. තාත්තා උනත් ඕක ලියලා දෙනකම් කියලා නොයිද තමයි ගේ හදන්න පටන් අරන් තියෙන්නේ.. අවසානේ හරියට වැඩ ඉවරත් නැති අපේ ගේත් අයිති තාත්තගේ මල්ලිට.. ඒ උනත් අමාරුවෙන් හදාගෙන ආපු ගේ අත ඇරලා යන්නනම් තාත්තා කමති උනේ නෑ.. ගෙදර දොරවත් හරියට නැති ගේක අපේ තාත්තා අයියයි අක්කයි අම්මයි එක්ක ගිහින් පදිංචි උනා..
විශ්වාස කරන්න.. විදුලිබල මණ්ඩලේ ෆෝමන් කෙනෙක් විදිහට වැඩ කරපු අපේ තාත්තට ගෙදරට ලයිට් ගන්න බැරි උනා.. ඒ තාත්තා හදපු ගෙදට්ට ලයිට් ගන්න මහ ගෙදරින් කැමැත්ත නොදුන්න නිසා.. දවස තිස්සේ විදුලි බල මණ්ඩලේ ලොරියේ නැගලා ගාල්ල පුරාම ඇවිද්ද තාත්තා රෑ ගෙදර ඇවිත් හිටියේ කුප්පි ලාම්පු එළියෙන්..
ඒ වෙද්දි ගෙවල් දෙක අතර කාණුවක් කපලා කාවටත් ඒ මායිම නොපනින්න නියෝග මහ ගෙදරින් ලැබිලයි තිබුනේ.. කිසිම දේකට කවුරුවත් ඔය මායිම නොපැන්නත් දවසක් තාත්තගේ මල්ලි අපේ අම්මට බැන ගෙනම ඔය මායිම පැනලා අපේ ගේ හරියට එද්දි ගෙදර පඩිය උඩ වාඩි වෙලා හිටිය අපේ අයියා අතට අරන් තිබ්බේ ලගම තිබුන උදැල්ල.. එතකොට අයියට අවුරුදු 12 විතර.. මේ වෙන දේවල් හොදට හිතට කා වදින කාලය.. කොහොම උනත් එවෙලේ තාත්තගේ මල්ලි ආයෙම හැරිලා..
හවස තාත්තා ගෙදර ආවම උන හැම දෙයක් ගැනම අම්මා කියද්දි තාත්තා අමාරුවෙන් උනත් එකම එක තීරණයක් අර ගත්තා.. ඒ මේ හැම දෙයක්ම අත ඇරලා යන එක.. ඒකට එකම එක හේතුව උනේ මොනා හරි දෙයක් වෙලා අන්තිමේ තමන්ගේ ලොකු පුතා ගිරේ විලංගුවේ වැටෙයි කියන එකම එක බය හිතට ආපු නිසා..
ඊට පස්සේ අපිට ඉන්න උනේ විදුලිබල මණ්ඩලෙන් ලැබුන ක්වාටස් වල.. ඒත් ටික කාලෙකින් තාත්තට රස්සාව නැති උනා.. ඒ හොදම විශ්වාසවන්තයි කියලා හිතපු යාළුවෙක්ට කරපු උදවුවක් ඒ යාළුවම පාවලා දුන්න නිසා.. ජීවිතේ කියා ගන්න බැරි තරමේ අඩියකට වැටිලා.. හරි හමන් රස්සාවක් නැතුව නොවිදිනා දුක් විදපු කාලයක් තිබුනා.. අතට අහුවෙන ඕනම වැඩක් කරන තත්වේ තාත්තා හිටියා.. අයියයි අක්කයි අම්මයි හිටපු පවුල තාත්තා කෝම හරි නඩත්තු කරන්න ඕන..
ටික කාලෙකින් යාළුවෙක්ගේ උදවුවෙන් තාත්තා පුංචි කඩයක් පටන් ගත්තා.. කාලයත් එක්ක වැටිලා හිටිය අඩියෙන් ටිකක් උඩට එන්න තාත්තට පුළුවන් උනා.. ඒ කාලේ වෙද්දි මමත් මේ ආදරණිය පවුලට එකතු වෙලා..
ඒ 88 89 කාලය.. මේ කාලය ගැන හොදින්ම දන්න අයගේ මතකයන් වල අදුරුම මතකයක්.. හවස් වීගෙන එද්දි මිනිස්සුන්ගේ ජිවිත වලට දැනුන බය කොච්චරද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ.. හවස් වෙද්දි අරන් ඉන්න කඩේ වහන්න කියලා ආපු තර්ජනත්, වහපු කඩේ අරින්න කියලා මරුවෙන් මාරුවට ආපු තර්ජන වලිනුත් අඩුවක් ඒ දවස් වල තිබිලා නෑ.. මං ගැන බයක් නැතත් අපේ අක්කයි අයියයි ගැන තාත්තා ගොඩක් බයෙන් හිටියා.. ලාම්පුවක්වත් පත්තු කරන්න ඉඩක් නැති රෑ වල අහල පහල ගෙවල් වලට කල්ලි කඩා පනිද්දි තාත්තා අපිවත් අරන් ගේ පිටිපස්සේ තිබ්බ බාගෙට කපපු ලිං වලකට ඉණිමගක් තියලා බැහැලා උඩ පොල් අත්තකින් වහලා රෑ එළි වෙනකන් ඉදලා තියෙනවා..
ඒ අදුරු කාලෙත් අවසන් වෙද්දි කරගෙන ආපු කඩෙත් කලින් වගේ කර ගන්න බැරි වෙලා ඒ හැම් දෙයක්ම අත ඇරලා අපේ අම්මගේ මල්ලිගේ උදව්වෙන් තාත්තා ඉතාලි එන්න තීරණේ කලේ 93 අවුරුද්දේ.. තාත්තා ඉතාලි ඇවිත් අවුරුද්දක් යන්න කලින් ආයෙම ජීවිත හැම දෙයක්ම වගේ අනිත් පැත්ත පෙරළුනේ අම්මා හදිස්සියේ අසනීප උනත් එක්ක.. බෙල්ලේ අමාරුවකට සෑහෙන කාලයක් අම්මට බෙහෙත් ගන්න උනා..
ඒ වෙද්දි ගාල්ලේ තාත්තගේ නමින් අපිට බැදිලා අපිට හිතවත් උන හැමෝම අපිව තනි කරලා තිබ්බේ.. පවුලේ ලොකු පුතා උන අපේ තාත්තව පවුලේ මතකයන්ගෙන් ඈත් කරලම දාලා.. අම්මගේ අසනීපෙට අම්මා ගැන හොයලා බලන්නවත් කවුරුත් හිටියේ නෑ.. ඉතාලි ගිහින් අවුරුද්දකින් ආයෙම ලංකාවට ආපු තාත්තා එක තීරණයක් ගත්තා.. ඒ ගාල්ලට සමු දෙන්න.. අම්මගේ නෑයෝ ඔක්කොම වගේ හිටියේ කොළඹ නිසා ගාල්ලේ ඉන්නවට වඩා ආරක්ෂාවක් කොළඹ තියෙයි කියලා තාත්තා හිතුවා..
අවුරුදු ගානක් හැදුන වැඩුන පරිසරයටයි, බිදුනා උනත් හිතේ තිබුන නෑදෑ කම් වලටයි හැමදාටම සමුදීලා අපි 94දී කොළඹ ආවා.. එදයින් පස්සේ අද වෙනකම් අපි කවුරුවත් ගාළු ගිහින් නෑ..

හ්ම්ම් නෑයෝ කියන ජාතියට වඩා වේයෝ හොදයි කියලා හිතෙන්නේ ඔය වගේ වෙලාවට තමා. ඔන්න ඔය පරණ තරහ මරහ අමතක කරලා මේ පාරවත් ලංකාවට ආවාම ගාලු වරෙන් මල්ලි :))
ReplyDeleteමං 1 වෙලා
Deleteජීවිතේටම මේකේ 1 උනාමද කොහෙද :) :P
සහතික ඇත්ත අයියේ.. ගාලු නම් එන්නම්.. ඒකේ අවුලක් නෑ.. ඒත් තරහා නම් අමතක වෙන්නේ නෑ...
Deleteඇයි රෙප් අයියා කලින් වතාවකත් එක උනා මේකේ.. :)
ජීවිතය හරි අමාරුවෙන් ගෙවිල තියෙන්නෙ නේද...?
ReplyDeleteහ්ම්ම්ම්.. ගොඩක් කාලෙකට කලින්..
Deleteහ්ම්... සමහර නෑයො ඔහොම තමා මල්ලි. ආච්චි අක්කා එනකොට දොර වහපු එකනම් හිතන්නත් අමාරු එකක්.එච්චර නපුරු වෙන්නෙ කොහොමද මන්දා. අපේ අම්මලගෙ කතාව ටිකක් ඔය වගේ තමා.ඒත් මාව ලැබුනට පස්සෙ ටිකක් වෙනස් වුනා.මාව හදා ගන්න දෙන්න කියලත් ඉල්ලලා.පස්සෙ පස්සෙ ආච්චිගෙ හොදම ලේලි අම්ම වුනා. තාත්තගෙ මල්ලියෙක්නම් ඉන්න ටිකක් ඔය වගේ.ඒත් ඔච්චර දරුණු වුනේ නෑ.
ReplyDeleteප්‍රශ්ණ තිබ්බත් කාලයත් එක්ක ඒවා වෙනස් වේවි කියලා කවුරුත් හිතනවනේ අක්කේ.. ඒ අතින් අක්කල වාසනාවන්තයි.. අපට ඉතින් ඒ දේ එහෙම උනේ නෑ..
Deleteඅනේ මන්දා බං මිනිස්සු නම්!
ReplyDeleteමිනිස්සුන්ව තේරුම් ගන්න හරි අමාරුයි නේ සබියෝ..
Deleteඅපෝ සමහර නෑයෝ ඉන්නවට වඩා හොදයි නැතිවෙන එක !!!
ReplyDeleteඒ වගේ නෑයෝ පොල් පොත්තකින් කපා ගත්තෑකි...
ඒකනේ මධු අයියේ අපි දැන් කිසිම නෑයෙක් නැතුව ඉන්නේ.. :)
Deleteඅයියේ,
ReplyDelete"The best future is based on a forgotten past"
මේ කියමනට හොඳම උදාහරණයක් ඔබ අපිට පෙන්නුවා. ස්තූතියි.
ඔබට ජය!
ඇත්ත මලයා අතීත අදුරු මතකයන් අනාගතේට මග කියනවා..
Deleteදිනේශ් අයියේ ඔය මලයෙක් නෙවෙයි.. නංගියෙක්.. මමත් කලින් මල්ලි කියලා කිව්වට පස්සේ තමා දැනගත්තේ..
Deleteඑහෙමත් එකක්ද.. මම ප්‍රොෆයිල් එක හරියට බැලුවේ නෑ.. :)
Deleteජීවිතේ කියන්නේ පට්ට ආතල් එකක් නෙමේ කියලා තේරුම් ගන්න මේ කතාව හොදටෝම ඇති :)
ReplyDeleteකරදර බාධක මැද්දේ ජිවිතේ ජයගත්ත වර්ණගේ තාත්තට ජය වේවා....!
ජිවිතේ අපේ උත්සාහයෙන් පට්ට ආතල් එකක් කර ගන්න බැරි නෑ මඩයෝ.. තාත්තගේ ශක්තිය නිසා තමයි හැමදේම..
Deleteඑක ඇත්ත උත්සහ කලොත් කොයි දේත් ආතල් එකේ කරන්න පුළුවන් තමා :)
Deleteඋත්සාහයයි වැදගත් යාළුවා..
Deleteජිවිතේදි වෙන්නේ අපි කවදාවත් හිතන්නේ නැති දේවල් අයියේ..සමහර නෑයොත් කොහොමත් නමටම තමයි ඉන්නේ..මොනවා වුනත් අයියට අඩම්බර වෙන්න පුළුවන් අම්මියෙකුයි තාත්තියෙකුයි ඉන්නවා..ඒ ගැන නම් ඔයාට ගොඩක් සතුටු වෙන්න පුළුවන් අයියේ....
ReplyDeleteගොඩක් නෑයෝ ඔහොම තමයි.. ටිකක් විතර ඉරිසියාව තියෙනවා.. ඒක ඉතින් නවත්තන්න බෑ..
Deleteනෑයෝ කියන උදවිය වැඩිදෙනෙක් ඔයවිදිය තමයි. අතේ දුරින් තියාගත්තම හරි.
ReplyDeleteඇත්ත රාජ් අයියේ.. එතකොට ප්‍රශ්ණ අඩුයි..
Deleteජීවිතේ තවත් එක් පරිච්ඡේදයක්. බාධකවලින් වැටෙන අය වැඩියි. එහෙම තියෙද්දි ඒ ඒ කාලෙට ගත් දැඩි නමුත් නිවැරදි තීරණ හින්දා දැන් කොච්චර දුර ගිහින්ද?
ReplyDeleteඔව් අක්කේ.. ඉස්සර ගොඩක් අමාරු වින්දා.. මටත් වැඩිය අපේ අක්කයි අයියයි පොඩි කාලේ.. දැන් ඉතින් ඒ හැම දෙයක්ම ඉවරයි..
Deleteඅනේ මන්දා නෑයින්ගේත් හැටි. කරදරෙකදී ළඟ නැති නෑයින්ගෙන් වැඩක් නෑ. අර දොර වහපු සිද්ධියටනම් හරිම දුක හිතුනා.
ReplyDeleteදොර වැදිලා තුවාල උනා කියලා නිකන්වත් බලලත් නෑලුනේ අක්කේ.. ඒ තරමට නපුරුකම්..
Deleteනෑයෝ නම් වැඩක්ම නැහැ අප්ප :/
ReplyDeleteකවුරුවත් නැතුව අපි දැන් නිදහසේ ඉන්නේ..
Deletenayonam nathi ekama hodai ayya.
ReplyDeleteසම්පූර්ණ ඇත්ත නංගියේ..
Deleteසමහර නෑයෝ ඔහොමම තමා.ඉන්නවට වඩා නැති වෙන ඒක හොඳයි ඔහොම මිනිස්සු.
ReplyDeleteකියලා වැඩක් නෑ.. කවුරුවත් නෑ කියන එක සැපයි කට්ටිය අදුන්නලා දෙනවට වඩා..
Deleteගොඩක් තැන් වල නැන්දම්මා ලේලි ව ප්‍රතික්ෂේප කරන්න පැහැදිලි හේතුවකුත් නෑ. ඒකට ලේලිගෙ වරදක් තියෙන්න ඕන නෑ. නැන්දම්මට වැඩක් නෑ තමන්ගෙ ලේලි මොන මට්ටමේ කෙනෙක් වුණත්. අධ්‍යාපනය, ආගම, කුලය, ඕවා වැඩක් නේ ඒ වගේ අයට. තියන එකම අදහස, "මගෙ පුතාව රවට්ටගෙන කරේ එල්ලුණා"
ReplyDeleteeka aththa..kare ellennama wade ne..
Deleteසිඳු - ++++++++++++++++
Deleteඒ වුනාට නැන්දම්මම කතාකරලා වරෙන් දුවේයන් කියලා එක්කන් ආපු ඒවටත් ඔය ආනිසන්සෙම වෙලා තියනවනෙ ? ඔතන මට හිතෙන්නෙ තියෙන්නෙ ගස්වලින් බහින කාලෙ ඉඳන් තිබුන මොකක් හරි අවුලක්..
Deleteආසාවකට අහන්ඩ නෑනෙ මාමායි, බෑනයි රණ්ඩු වෙච්ච තැනක්..
සිදු : ඒකනම් ඇත්ත.. මුල් කාලේ තමා කවුරුත් හොදට ඉන්නේ.. පස්සේ ඉතින් එන්නේ අර කිවුව කාරනේ තමයි..
Deleteසෙන්නා : ඇත්ත අයියේ.. එයාලා හොයලා දුන්නත් අන්තිමේ වෙන්නේ මේ දේවල්ම තමා.. ඕවාට හේතු ඉතින් නොදනී..
Deleteකිවුවත් වගේ.. එකට බෝතලේ ගහන මාමලා බෑණලවත් රණ්ඩු වෙන්නේ නෑනේ බීලා... :)
Nedeyanta dosma kiyanna epa... Adaraneeya nedeyoth nathiwa neweine.... kohoma unath thamange pawul jevithe wenuwen kepa wela weda kala hati nam harima apurui..
ReplyDeleteමේ නෑයන්ටනම් මම දොස් කියනවා තරූ.. වැරදියට හිතන්න එපා.. මට නම් ඔය කියන ආදරණීය නෑයෝ හම්බුවෙලා නෑ..
Deleteනෑයෝ ගැන අයියා දවසකුත් පෝස්ට් එකක් දැම්ම වගේ මට මතකයි...
ReplyDeleteඔව් ඔව්.. ඒ එක කොටසක් විතරයි අනූ..
Deleteනෑයෝ ගැන නම් කුමන කතාද.....
ReplyDeleteදුක් කරදර මැද ගෙවුන ජීවිතේ මතක් කරන්න දේවල් මොනතරම් නම් තියෙනවද
එකතු වුන අත්දැකීම් ගොන්න....!!!
ඒත් ඒ ජීවිතේ තමයි ආපස්සට හැරිලා බලද්දි ලස්සනම...දිනේෂ‍්ගේ අම්මටයි තාත්තාටයි ත් එහෙම හිතෙනවා ඇති,
කට්ට කාලා දුක් විදලා ලබා ගන්න මොන දේ උනත් ජීවිතේ කවදාම හරි මහා ලොකු වටිනාකමක් එකතු කරනවලු.....
ඇත්ත.. දුක් විදලා ලබා ගන්න දේ අගේ වැඩියි.. ඒක පාරක් නෙමෙයි අපි දෙපාරක්ම ජීවිතෙන් වැටුනා.. ඒ ගැන පස්සේ කියන්නම්..
Deleteඅද තාත්ත ඉන්න නිදහස දැක්කම ඒ ගෙවපු ජීවිතේ දුකක් නෑ කියලා දැනෙනවා..
ආයෙත් ගාලු වරෙන් අය්යේ අපි ඉන්නවා නෙව පිළිගන්න :ඩ්
ReplyDeleteකාලෙකට පස්සේ ආවේ මේ පැත්තේ
ගාළු ඇවිත් යන්න එන්නම් මලයා...
Deleteකතාව තාම ඉවර නැහැ නේද ??
ReplyDeleteනෑ හසිත තව එක කොටසක් තියෙනවා.. කොළඹ කතාව.. ඒක වෙනයි..
Deleteඅපි කාගේ කාගේත් ජීවිත වල ඔය වගේ අත්දැකීම් තියෙනවා මචං.. පුද්ගලිකව මටත් ඔය අත්දැකීමම තියෙනවා.. මුල් හරිය.. වැදගත්ම දේ තීරණය වෙන්නේ අද අපියි එයාලයි ඉන්න තැන අනුව.. අපි අද වෙද්දි එයාලට වඩා අඩියක් හරි ඉස්සරහින් ඉන්නවා නම් මං අදහන විදිහට අපි දිනල.. මං හිතන්නේ උඹලත් මේ වෙද්දි දිනලයි ඉන්නේ.. ඕක තමයි ජීවිතේ කියන්නේ..
ReplyDeleteජය!!!
ඇත්ත මචං.. උන දේවල් කෝම උනත් වැදගත් එතනින් ඉස්සරහට යන එක.. ඒ ගැනම හිතනවට වඩා..
Deleteapema aya thamai apita riddanna hadanne..
ReplyDeleteපිට මිනිස්සු හොදයි තව..
Deleteඇස් වලට කඳුළු ආව මලේ මේක කියවලා..
ReplyDeleteධෛර්යය වන්ත උඹේ දෙමාපියන්ට මාගේ ආචාරය !
මේ කතාව තව ඉවර නෑ අයියේ.. තව ඉස්සරහට තව ප්‍රෂ්ණ ආවා..
Deleteතාත්තා පුදුම ප්‍රශ්න ගොඩාක් මැද්දේ ජීවත් වෙලා තියෙන්නේ නේද? තාත්තාගේ අම්මා, ඔයාගේ අක්කා දණගාගෙන යද්දි කාමරේකට වෙලා දොර වහගත්ත එක නම් හිතාගන්ටත් අමාරුයි. තමන්ගේ නොවුනත් පොඩි ලමයෙකුට එහෙම කරන එක කොච්චර පව්ද?
ReplyDeleteමේ හැමදේම උනේ අන්තිමේදී ආදරේ හින්දාද?
සමහරු එහෙම තමයි පොඩ්ඩි අක්කේ.. ඕවා ගැන හිතන්නේ නෑනේ..
Deleteහැමතැනම නෑයෝ මේ වගේ තමයි :ඩී.... අපේත් මෙහෙමනේ :))))
ReplyDeleteඒකනේ.. ඔයාට ඉතින් මේ දේවල් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. :)
Deleteසහෝදරකම් වලට වඩා දේපල ලොකු වුන කතා කොච්චර අහල තිබ්බත් කොහොමද එහෙම වෙන්නෙ කියල හිතා ගන්න අමාරුයි.
ReplyDeleteකරදර වලට පවුලක් හැටියට මූන දුන්නහම ඒකෙන් නොදැනීම අනාගතේට හොඳ තෑග්ගක් ලැබෙනව ඒ මොනම දේකින්වත් වෙනස් නොවෙන ශක්තිමත් බැඳීමක් පවුලේ අය අතර ඇති වීම. මම හරි නේද දිනේශ්?
ඔය තරහ මරහ අත ඇරල දාන්න මනුස්සකම අදුනන්නෙ නැති ඒ මිනිස්සුන්ට මනුස්සකම පෙන්නල දෙන්න.
දේපල ප්‍රශ්ණ වලදි සහෝදරකම් උනත් පරදිනවා.. ඒක ඉතින් මම අත්දැකීමෙන් දන්න දේ..
Deleteඇත්ත.. අපි පස් දෙනා ගොඩක් ශක්තිමත්.. ජිවිතේ මූණ දුන්න ගොඩක් දේවල් ඒකට ලොකු ශක්තියක් උනා..
ඉතිරි ටික ලියන්කම් ඉන්නේ.....
ReplyDeleteහෙමීට ලියන්නම් සහෝ..
Deleteනෑයෝ නම් පුළුවන් තරම් දුරින් තියාගන්න එක තමයි ඇගට ගුණ.... මටත් මතක ඇති කාලෙක ඉදලා අපිට නෑයෝ නම් වැඩිය හිටියෙ නෑ... පස්සේ කාලෙක කට්ටිය සෙට් උනාම එන්න තිබුන ඔක්කොම ප්‍රශ්න ටිකත් ඒ අය එක්ක ආවා... මමත් දැන් නම් අතෑරලාම දාලා ඉන්නේ වැඩි හරියක්...
ReplyDeleteනැන්දම්මලා ලේලිලා ගැන මටත් අත්දැකීමක් තියෙනවා.... හැබැයි ඒක ටිකක් වෙනස්....
ඔයාගෙ තාත්තට හොද ආත්ම ශක්තියක් තියෙනවා කියලා හිතෙනවා.... එච්චර දුක් වින්දට පස්සෙත් තමන්ගේ වයිෆ් දිහා මෙචචර කාලෙකට පස්සෙ ඒ වගේ ආදරෙන් බලන්න පුළුවන් ඒ වගේ අයට විතරයි.... හි හි....
නෑයෝ ලග නැති තරමට ප්‍රශ්ණ අඩුයි ඇත්තටම.. ලග ඉද්දි තමයි අනං මනං ඔක්කොම වෙන්නේ...
Deleteඑයාලා දැන් වෙනදටත් වැඩිය ආදරෙන් ඉන්නවා.. :)
නෑයෝ වේයෝ වැඩි වෙනසක් නෑ....තාත්තා එළ කොල්ලෙක් නේ...වැරදුනා එළ පොරක් නේ.....
ReplyDeleteඅවුරුදු 63 උනාට තාත්තා තාම එල කොල්ල තමා... :)
Deleteනෑදෑයෝ නම් ඔහොමම තමයි. මේ වගේ අතීතයක් මතක් කරලා දැන් ඉන්න තත්ත්වේ ගැන හිතුවහම කොච්චර නම් සතුටක් දැනෙනවා ඇත්ද ?
ReplyDeleteදැන් නම් ඇත්තටම සතුටුයි ඇපල්. ඒ හිටිය ජීවිතේ ගොඩ ගිය එකම ලොකු දෙයක්...
Deleteකොහොම උනත් අම්මයි තාත්තයි හරිම ආදරෙන් ඉන්න්ද්හල තියනවනේ.... ලෝකෙම නැතත් ජීවත් වෙන්න ඒ ආදරේ හොඳටම ඇති වෙන්න ඇති ..
ReplyDeleteඇත්ත.. ඒ දෙන්න අතර අදටත් ප්‍රශ්ණ නෑ.. ඒ හින්දම මේ දේවල් හොදින් විසදිලා අපි මේ තත්වෙට ආවේ..
Deleteජීවිතේ මොනව හිමි වුනත් අහිමි වුනත් ඒ දෙන්නා තමන්ගෙ ජීවිතේ ඉදිරියට ගෙනාවනේ...අපිට ගන්න තියෙන එකම ආදර්ශයත් ඒකමයි...
ReplyDeleteඇත්ත.. අපි තුන් දෙනාටම ලොකු ශක්තියක් උනේ ඒ දෙන්නා..
Deleteමගේ ජීවිතේ කතාවටත් ගොඩක් සමීප කතාවක් මේ. :) ඒ කතාව නම් මම කියන්න යන්නේ නෑ. මොකද මම මතක් කරන්න අකමැතිම දෙයක් ඒ. අදට වගේම මම මැරෙන තුරාවටම. ඒ වේදනාව මගේ හිතේ තියේවි.
ReplyDeleteහ්ම්ම්ම්.. මේක මේ මම මදාරා එක්ක කතා කරද්දි එයාට ගෙදර විස්තර කියද්දි.. මතක් උන දේ එහෙමම ලියලා දැම්මා..
Deleteඅපෝ... නෑයෝ..වේයෝ.. මීයෝ..ඔක්කොම එක කුලයේ.. කාලා දාන්නම ඉපදුනු අය... හැම නෑයෙක්ම එහෙම නැතුවත් ඇති..ඒත් අන්ත කුහක දුස්ඨ නෑයො අපිටත් ඉන්නවා...:/
ReplyDeleteහැමෝම කොම උනත් ගොඩක් වෙලාවට ඉන්නේ මෙහෙම අය තමා හිතු..
Deleteමේ පන්නරය තමයි අපිව ශක්තිමත් කරන්නෙ වර්ණ. අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න අපි කොච්චර ශක්තිමත් වෙනවාද? අපේ ජීවිත වලත් මේ වගේ සිද්ධි තියෙනවා. මටත් මේවා හරිම සමීපයි.
ReplyDeleteමේ තරම් ලොකුවට නැතත් මේ දේවල් අපි හැමෝගෙම ජීවිත වලට ලගයි..
Deleteහ්ම්ම්ම්... අතීතය අපිව ශක්තිමත් කරනවා අයියේ.. ඒ අතීතය මතින් පන්නරය ලබාගෙන නැගිටින එක තමා කරන්න ඕනේ.. හැබැයි කවදාවත් අතීතය අමතක කරන්න හොඳ නැ..හරියට ඔයා වගේ.. අද කොතන කොහොම හිටියත් අතීතය හැමදාම මතකයි.. ජය වේවා.. අනාගතය සුභම සුභ වේවා..
ReplyDeleteමේ අතීතයේ ගොඩක් තැන් වල මම ඇත්තටම හිටියේ නැතත් ඒ කතාව මම තාත්තගෙන් අම්මගෙන් අහලා තියෙනවා.. මේ දේවල් මට අමතක වෙන්නේ නෑ..
Deleteතාත්තා අඩියෙන් අඩිය ආපු එක ගැන මගේ ප්‍රණාමය. එහෙම අය ආයේ වැටෙන්නේ නැහැ.
ReplyDeleteමට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කලින් අම්මලාගේ පැත්තේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා නේද ගාල්ලේ ගියේ. එතකොට අම්මගේ මල්ලි කොහොමර ඉතාලි යන්න උදවු කර. පස්සේ අම්මලාගේ පැත්තේ කට්ටිය යාළු වුනාද?
නෑ අසාර් අයියේ.. අම්මා බැදලා ගාළු යද්ද්දි අම්මගේ පැත්තෙන් අවුලක් තිබ්බේ නෑ.. ඉස්සර අපේ තාත්තගේ ජොබ් එකත් එක්ක ඔය හැමෝම තාත්තට පිටින් ගියේ නෑ.. අම්මගේ පැත්තේ අය තරහා උනේ ගොඩක් කාලෙකට පස්සේ..
Deleteඋමරිමයි එමමයි , හැගිම්බරයි ...... නෑයෝ කියන ඈයේ ඔහෙම තමයි ඇතිදා පමණි !!
ReplyDeleteඇතිදා ඇති.. නැතිදා නැති..
Deleteවර්ණ අපි හරිම කණගාටු වුනා මේ කතාව අහලා.
ReplyDeleteඅපි ලපටි වයසෙදිම තේරුම් ගත්ත එක දෙයක් තිබ්බා. ඒ තමයි කසාද බැන්දා නම් වහාම වෙන ගෙදරක පදිංචියට යා යුතුබව. මේකට විරුද්ධව කොයි තරම් කමෙන්ට් දැම්මත් මම තර්ක කරන්න යන්නෙ නෑ. නමුත් ඒක තමයි තිත්ත ඇත්ත. ඒ නිසාම අපිට නම් ඔය වගේ ප්‍රශ්න ආවෙම නැති තරම්.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ඇත්ත.. අපේ තාත්ත උනත් දැන් ඉන්නේ ඔය මතේ.. බැන්දම තමන්ගේ ජිවිතේ වෙනමම පටන් ගන්න ඕන.. ඒකට ඇත්තටම හේතු වෙන්න ඇත්තේ තාත්තගෙම අත්දැකීම් වෙන්න ඇති.. මම හිතනව ඒක හරි කියලා..
Deleteනැති කලට නැති ඇත්තෝ ඇති කලට කුමකටද . ඇත්තටම ජීවිතේ අත්දැකීම් කියන්නේ මේවා
ReplyDeleteඇත්ත අයියේ.. දැන් නම් ඔය සමහරු හොයන් එනවා.. ඒත් තාත්තා ගනන් ගන්නේ නෑ..
Deleteඅතීතය එය මතකය් විතරයිනේ. ඒක එහෙම වුනත් ඒ අතීතය ඇතුලේ කොච්චර නම් දේවල් තියෙනවද ආපහු ගිහින් බලල එන්න. බ්ලොග් එකක් නිසා අපි අපේම අතීතයට යන හැටි. අනේ සහෝදරයා මමත් මේ පොස්ට් එක කියවද්දි හුඟක් අතීතයට ගියා. ස්තුතියි මාව ඒ අතීතයට අරන් ගියාට.
ReplyDeleteමේ කතාවේ කියන කතාව ඔයාගේ අම්මටයි තාත්තාටයි විතරක් සිදු වුන එකක් නොවේ කියන එකට උදාහරණ සපයන්න ඕනේ නෑනේ හැබැයි ඔයාගේ අම්මයි තාත්තායි දෙන්න කොයි තරම් බාධක ආවත් ජිවිතේ ජය අරන්.
මියැදුණ සිත සතුට සිතෙන දේවල් වලින් හුඟක් සතුටු වෙන දුක හිතෙන දේවල් වලින් හුඟක් දුක් වෙන සිතක් මේ කතාවේ දුකයි සතුටයි දෙකම තිබුන සිත සිතන විදිහට නම්.
ඇත්ත කොයි තරම් වැටුන උනත් අපේ තාත්තා අයෙම නැගිට්ටා.. මේ පොස්ඩ්ට් එකේ දුක අතරේ රැදුන සතුට ඒක..
Deleteහිත අතීතෙට ගිය එකෙන් වේදනාවක් මතු නොවෙන්න ඇති කියලා හිතනවා මම..
වේයයි නෑයයි එක්යිලුනෙ.... මේව මැද්දෙ ගලා යෑම ජීවත්වීම තමා මල්ලි...
ReplyDeleteඇත්ත අක්කේ.. ජිවත් වෙනව කියලා දැනෙන්ත් ඕනනෙ..
Deleteපරෙන්ති සර්පෙන්ති කියන්නෙ..
ReplyDeleteහිතේ ධෛර්යයෙන් තැබූ පියවරක් කවදාවත් වරදින්නෙ නෑ..
සුබ පැතුම් හදවතින්ම.. :)
සර්පෙන්ති තව හොදයි නන්දුවෝ... :)
ReplyDeleteඒ ඔක්කෝටම හරියන්න, අයියා දැන් හොද තැනක ඉන්නවනේ :) :) :) :) :)
ReplyDelete