Sunday, 5 August 2012

පාර්ක් ගිය ඈයෝ ( ඉස්කෝලේ කතා 9 )

ලියුම් දිලා මාට්ටු වෙලා A/L පටන් අරන් මාස දෙක තුනක් ගෙවිලා ගියා.. ලියුම දෙන්න ගිහින් වැඩේ අප්සට් උනාට පස්සේ කෙල්ල අපේ මෑන්ස්ට කැමති උනා.. ලවු එකත් හොදට නැගලා ගියා.. කොච්චර නැගලා ගියාද කියනවනම් ටික කාලෙකින් ඉස්කොලෙම (නො)දන්න ආදර කතාවක් උනා..

මුල් වාරේ ගෙවිලා යද්දි අපේ පන්තියේ ගොඩක් කොල්ලන්ට කෙල්ලොත්, කෙල්ලන්ට ඉස්ලෝකෙන් පිට කොල්ලොත් සෙට් වෙලා හිටියේ.. මුල් වාරේ ඉතින් ඉගැන්නුවත් එච්චරම ඇගට නොදැනෙන කාලෙනේ.. ඉතින් පන්තියෙන් පිට ගොඩක් කාලේ ගෙවිලා ගියා..

ආයෙම මටයි තව යාළුවෝ කිප දෙනෙකුයි ශිෂ්‍ය නායක මණ්ඩලේට තේරුණා.. මේ පාර මට හම්බුනේ සීනියර් බැජ් එක.. පරණ රෙකොඩ් තියෙනවනේ.. ඒ පාර මට හම්බුනේ O/L  සෙක්ශන් එකේ පන්ති දෙකක්ම.. ඒකේ කොල්ලො කෝම උනත් කෙල්ලො නම් මාත් එක්ක මාර ෆිට් උනා.. උන්ගේ උපන්දිනේකට මගේ කේක් කෑල්ල අමතක වෙන්නේ නෑ.. ඉන්ටර්වල් එකට ඇවිත් යන්න කියලා උදේ පාන්දරම ආරාධනාව දෙනවා..

කෝම හරි ඉතින් ඔය පන්තියෙන් මඟුල් කපුකම් දෙකක් අපේ උන්ට කරලා දෙන්න මට උනා.. අපරාදේ කියන්න බෑ  ඉස්කෝලෙදි මං මට එකක් කර නොගත්තට අනිත් උන්ට නම් ඕන තරම් සෙට් කරලා දුන්නා..

ඔය අතර තුරේ කාලේ දවසක  අන්තර් පාසල් නෙට්බෝල් තරගාවලියකට අපේ ඉස්කෝලෙටත් ආරාධනා ලැබිලා තිබ්බා.. ඉස්කෝලේ ක්‍රීඩා උත්සවේ හොදට සෙල්ලම් කරපු කෙල්ලො සෙට් කරලා අපේ ටීචර්ලත් ටීම් එක්කක් හැදුවා නිළදාරි මණ්ඩලේකුත් එක්ක.. ( ක්‍රීඩිකාවන්ට වඩා නිළදාරින් අඩුයි හොදේ... )



ඔය ටිම් එකට ඉතින් කෝම හරි අපේ සෙට් එකේ උන්ගේ කෙල්ලො වැඩි හරියකුත් අහු උනා.. අපේ කට්ටියට ඉතින් නොදැක ඉන්න බැරි කේස් අනං මනං තියෙනවනේ.. ඉතින් අපේ උන් කතා උනා හොරෙන් උන්ගේ පස්සෙන් යන්න.. :) පොඩ්ඩක් හරි මුණ බලන්න හිතාගෙන..

" අසා, උඹත් එනවද අපි එක යන්න?"

" මම එන්නේ කවුරු බලන්නද?"

" අවුලක් නෑ වරෙන් යන්න.."

උන් ඉතින් එන්න කිවුවට මම බලන්න කවුරුවත් නැතුව උන්ගේ තනියට යන්නද? ඒ හින්දා මම නොයා ඉන්න තීරණේ කලා.. පස්සේ බලද්දි පහුවදා ඉස්කෝලේ එන්න අපේ පන්තියේ එකෙක් වත් නෑ.. කෙල්ලො ඔක්කොම ටීම් එකේ.. කොල්ලො ටිකක් මුන්ගේ පස්සෙන් යනවා.. තව සමහරකට අමතර ටියුෂන්..කෝම හරි ඔය පස්සෙන් යන සෙට් එකට තව O/L ක්ලාස් වල කොල්ලො ටිකකුත් සෙට් වෙලා උන්ගෙත් කෙල්ලො  යනවයි කියල.. දැන් ක්‍රීඩිකාවන්ගේ ආරක්ශාවට පුද්ගලික අරක්ශක අංශයත් ලෑස්තියි..

දවස ගෙවිලා ගිහින් පහුවදා ඉස්කෝලේ එන්න නැගිටිද්දි මතක් උනා අද එකෙක්වත් නෑනේද කියලා.. අද මම යන්නේ නෑ අම්මේ කියලා අනිත් පැත්ත හැරිලා මාත් හොදට නිදා ගත්තා.. දවල් වෙන්න ඇහැරෙද්දි අම්මයි අක්කයි කතා කරා ශොපින් යන්න එන්න කියලා.. අක්කගේ උපන්දිනේට.. ඔය වගේ සමහර අවස්ථා මග හරින්නත් බෑනේ ඉතින්.. ඉතින් කොළඹ ශොපින් ගිහින්, ගෝල් ෆේස් එක පැත්තෙත් ඇවිදලා, දවල් එලියෙන් කෑම කාලා.. හවස් වෙලා ගෙදර ආවා..

ගෙදර එද්දි මගේ ෆොන් එකේ මිස් කෝල් පිරිලා.. අරන් යන්න අමතකවීමේ ප්‍රතිඵලක්.. බැලින්නම් පන්තියේ ඉන්න ඔක්කොම උන් කෝල් කරලා.. ෆෝන් එකේ සල්ලි බැළුවා.. ඒකත් සීරෝ.. ඕන නම් ආයෙම කතා කරයිනේ කියලා මාත් නිකන් හිටියා.. මොකෙක්වත් කතා නොකරම පහුවදා උදා උනා..

ශිෂ්‍ය නායක වැඩත් තියෙන නිසා උදේම හැමදාම වගේ ඉස්කෝලේ යැවෙනවා.. එදත් ඒ වගේ යද්දි වෙනදට උදේම නොඑන උන් ඔක්කොම ඇවිල්ලා හෙන සාකච්ඡාව..

" මොකෝ බං ඊයෙ ෆෝන් එක ආන්සර් කලේ නැත්තේ?"

මිට වඩා හොද සිංහලෙන් අහපු ප්‍රශ්ණ වලට මම උත්තර විදිහට  උන දේ කිවුවා උන්ට..

" තොපි ඔක්කොම සැරින් සැරේ අරන් මාව හෙවුවේ මොකෝ.."

" මේකයි බං පොඩි අවුලක්.."

" මොකක්ද?"

" ඊයේ අපි කට්ටිය විහාරමහාදේවි එකට ගියා.."

" ඉතින්?"

" කවුරු හරි වැඩේ ලීක් කරලා බං.. ස්ටාෆ් එක දන්නවා.."

" උඹලා කලොත් ඔහොම දෙයක්මයි.. යුනිෆෝම් යන්න බෑනේ?"

" ඔව් ඔව් බං.. කෙල්ලො වෙන ඇදුමක් අරන්මයි ආවේ.. අපි කියලා.."

" හා.. එකත්  එහෙමද?"

දැන් සිද්ධිය මේකයි.. අපේ අති දක්ශ නෙට් බෝල් ටීම් එක පළවෙනි වටෙන්ම හැලිලා..  ( පස්සේ දැන ගන්න ලැබුනේ තේරුම් කමිටුවේ අවුලක් කියලා.. ඒව ඉතින් අපි දන්නේ නෑ..)  පළවෙනි වටෙන් හැලුනා උනත් අපේ අය පැරදිලා එද්දි දවල් දොලහත් පහු වෙලා.. දැන් ආයෙම ඉස්කෝලේ යන්න බෑ මිස්, අපි ගෙදර යන්නම් මෙහෙම කියලා මුං ටික නිලධාරි මණ්ඩලයට නෙට් බොලයක්ම බස්සලා බෑග් වල දාන් ආපු අමතර ඇදුමක් දාන් අපේ උන් එක්ක පාර්ක් ගිහින්..



" දැන් කවුද ඉතින් ඕක ලීක් කරලා තියෙන්නේ?"

" දන්නේ නෑ බං.. අපි ඔක්කොම කපල්නේ බං ගියේ.. මාට්ටු කරන්න කවුරුත් නෑ.."

" ටීම් එකේ ඔක්කොම ආවේ නෑනේ.. ඒ නොගිය කෙනෙක් තමයි.."

" දැන් ඉතින් මොකෝ කරන්නේ?"

" මොනා කරන්නද? වෙන දෙයක් බලන් ඉන්නවා මිස.."

හැමෝම හිතේ දෙගිඩියාවෙන් ඉද්දි ඉස්කෝලෙත් පටන් අරන් පළවෙනි පීරියඩ් එකේම ආවා ලොක්කා අපේ රෙජිස්ටර් එකත් අරන්.. කලින් දවසේ ඉතින් පන්තියේ එකක්වත් නෑනේ..

" ඊයේ මුං එකෙක් වත් ඉස්කෝලේ ආවේ නෑ.. ඔක්කොම මඟුලේ ගියා.. පොත් ටිකත් අරන් බැහැපිය එළියට.. හැම එකාම අම්මල එක්ක බදාද 8.30 වෙද්දි ගේට්ටුව ගාව හිටහන්.."

අපේ ලොක්කා ඔය වහේ ලොකු නඬු විසදන්නේ හැම බදාදාවකම තමා.. ඒ ඇයි කියලා දන්නේ ලොක්කම තමා.. එදා සිකුරාදා.. දැන් ඉතින් බදාදා වෙනකන් අපිට නිවාඩු.. කතා කරන්න දෙයක් නෑනේ.. අපිත් පොත් ටික අරන් එළියට බැහැලා ආවා.. ඒ එද්දි O/L පන්ති වලත් නිවාඩු දුන්න උන් ඉන්නවා මූණ දෙක කරන්.. 

" ඒ බං අසා.. උඹ ආවේ නෑනේ.. උඹ මොකටද යන්නේ.. උඹ ඇත්ත කියලා ඉදහන්.."

" මේ.. මගෙන් කුණුහරප අහන්නේ නැතුව යමං.."

උන්ගේ නිවාඩුව මමත් භුක්ති විදින අතරේ අපේ අම්ම එක්ක කේස් එක කිවුවා.. අම්මට බදාදා එන්න ලෑස්ති වෙන්න කියන්න එපැයි.. :)  අපේ අම්මත් ඉතින් ඕන එකකට ඔට්ටු නිසා කාරණෙ තේරුම් කරලා දුන්නම හිනා වෙලා හරි යමු කිවුවා.. හැබැයි ඉතින් මට එහෙම උනාට අනිත් උන්ට ශබ්ධ පුජා ඇහිලා තැළුම් තෙල් ගාන්න වෙලා තිබ්බා.. 

කෝම හරි බදාදත් ආවා.. නිවාඩුව ඉවර වෙලා 8.30 වෙද්දි ඉස්කෝලේ ගේට් එක ලග හිටියා.. අනිත් අම්මලා එකතු වෙලා අපේ උන්ගේ කුණු හේදුව හැබැයි හොද එකෙන්.. ගානට වෙලාවට පියන් අංකල් ඇවිත් අපිව නඬු අහන තැනට එක්කන් ගියා.. ලොක්කා ආවා රෙජිස්ටර් එකත් අරගෙනම.. ඇවිත් නඩු නිමිත්ත කියවලා රෙජිස්‍ටර් එකේ පිළිවෙලට නම් කතා කලා.. (අ)වාසනාවට මගේ නම තමයි ඉස්සෙල තියෙන්නේ..

" අසන්ත.."

නම කිවුවම මම නැගිට්ටම අම්මත් නැගිට්ටා..

" ඊයේ මෙයා කොහෙ යනවා කියලද ගෙදරින් ගියේ?" 

ලොක්කා අම්මගෙන් ඇහුවා..

" ගෝල්ෆේස් යනවා කියලා.."

මම බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් ඉද්දි ලොක්කා මං දිහා බැළුවේ කන්න වගේ.. 

" ගෝල්ෆේස්.. එතකොට මුන් එහෙත් ගිහින්ද?"

" නෑ සර්.. ගෝල්ෆේස් ගියේ මමයි, අසන්තයි, අසන්තගේ අක්කයි.."

අපේ අම්මා කියන දේවල් ලොක්කට ග්‍රීක් වගේ.. පස්සේ අම්මා අපි කොහේද ගියේ කියන එක ලොක්කට තේරුම් කරලා දුන්නා.. ලොක්කත් නොන්ඩිය කාගෙනම මගේ දිහා බැළුවා..

" ඉතින් පුතා ඇයි කිවුවේ නැත්තේ අම්මා එක්ක ගමනක් ගියා කියල.. එදා කිවුවනම් මෙහෙම අම්මව රස්තියාදු කරන්න ඕන නෑනේ.."

හරියට අපි නිදහසට කියන දේවල් අහන මනුස්සයා වගේ මාත් එක්ක එහෙම කිවුවා.. මමත් සද්ද නැතුව අහන් හිටියා.. අපේ අම්මටයි මටයි එළියට යන්න කිවුවා.. එදා පාර්ක් නොගිහින් ඇත්තටම ක්ලාස් ගිය උනුත් ඒක හරියට  ඔප්පු කරලා අම්මලා එක්ක එලියට ආවා.. ගියපු සෙට් එක කෝමත් අහු උනා.. ඒක ඉතින් නෑ කියා ගන්න බැරි උන නිසා..

පස්සේ අර O/L සෙට් එකත් එක්කන් ඇවිත් අම්මලා එක්ක තියලා ලොකු දේශණයක් දුන්නා.. හැබැයි කාවවත් ඉස්කෝලෙන් අස් කරේ නම් නෑ අපේ ලොක්කා.. ශිෂ්‍ය නායකයෝ 3 දෙනෙක්ගේ පට්ටම් ගැල උනා.. උන් 3 දෙනාම අපේ පන්තියේ උන්..


විශේෂයි : එදයින් පස්සේ මේ සෙට් එකට ප්‍රසිද්ධියේ ආදරේ කරන එක දැඩි දඩුවම් දෙන ජාතියේ වරදක් උනා..

අති විශේෂයි : ඊට පස්සෙත් අපේ කෙල්ලෝ නෙට් බොල් වලට ගියා.. හැබැයි එහෙම යන දාට අපේ කොල්ලො සෙට් එකට ඉස්කෝලේ එන එක අනිවාර්ය උනා..

84 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඔයාගෙත් අම්මනේ... :)

      Delete
  2. අපූරු අතීතයත්..මටත් ඉස්කෝලෙ කාලෙ කරපු පිස්සු වැඩ ආයිත් මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම ඉස්කෝලේ කතා වල මේ වගේ ඒවා තියෙනවා නේද අක්කේ.. :)

      Delete
  3. අම්මෝ..... අය්යා මතක් කරලා දුන්න අතිතය.... ඔය දෙ නිසා හොඳම කෙනෙක්ට ප්‍රධාන ශිෂ්‍ය නායිකා අහිමි වුනා. මතකද...? ඔයාලගේ අම්ම දුන්න උත්තරේ මං අදයි දැන ගත්තේ... මරේ මරු... ඇත්තටම අපේ ටීම්2ම හරිම දක්ෂයි. හොඳ නැති විනිශ්‍ය මණ්ඩලයක් නිසා සිනියර් බැජ්1ට මැච්1 මිස් වුනේ... එයාල එක්ක ගියම කෙනෙක් තමා රිපොට් කරල තිබ්බේ... මිට අවුරුදු 6කට 5කට කලින් නේද..? ඇත්තටම අතිතය මතක් උනාම ගොඩක් සතුටුයි. ඔයාට ගොඩක් ස්තූතියි!!!

    ReplyDelete
    Replies
    1. සදුට මේ දේවල් අමතක වෙන්නේ කෝමද අනේ ඉතින්.. ඇත්ත.. ප්‍රධාන ශිෂ්‍ය නායිකා දරන්න පුලුවන් කම තිබ්බ හොදම කෙනා තමයි ඉතින් මේකෙන් මග ඇරුනේ.. ඒ පාඩුව පස්සේ ටිකක් දැනුනා කියලා සදු හොදටම දන්නවනේ..

      ටීම් දෙකනම් දක්ෂයි තමයි.. ඔයාලගේ මැච් අපි බලලා තියෙනවනේ..

      කිවුව කෙනා කවුද කියන එක මම නම් තාම හරියට දන්නේ නෑ.. මුලින් ඕක හෙවුවට පස්සේ දඬුවම් වින්දටත් පස්සේ ගිඅය් අයටත් ඕක අමතක උනානේ..

      මේක ගොඩක් කල් නේ සදු.. 2004 මම A/L පටන් අරන් දෙවෙනි වාරේ වගේ උනේ.. එතකොට ඔයාලා 10 පන්තියේ..

      Delete
  4. හී හී .. පව් අප්පා... ඇයි අයියේ ඇන්ටිව රස්තියාදු කලේ ;)

    ReplyDelete
    Replies
    1. ඕක මම කලින් කිවුවට ලොක්කා අහන්නේ නෑ කියටවත්ම..

      Delete
  5. ඇන්ටි මරුනේ...මාත් අපේ අම්මව 5,6 පාරක්ම එක්කගෙන ගිහින් තියෙනවා හැබැයි ලව් කේස් වලට නෙමෙයි.ගහගත්ත ඒවට තමයි හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. උඹේ වැඩ වල හැටියට පුදුමයි 5,6 පාරකින් බේරුනා..

      Delete
  6. අපෙ සැට් එකකුත් ඔය විදියටම උඩගම නාන්න ගිහින් මාට්ටු... හැබැයි ගෙදරින් ගෙන්නුවෙ නෑ... කන අතගාල නිකන් හිටියා

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලෙ අපිට බාල සැට් එකකුත් නාන්න ගිහින් එකෙක් නො එන්නම ගියා..

      Delete
    2. අපිත් උඩගමනං ගියා හැබැයි කවදාවත් මාට්ටු උනේ නෑ

      Delete
    3. මී අයියේ : අපේ ලොක්කත් ඉස්සෙල්ලම කරන්නේ ඕක තමා.. ගොඩක් දරුණු කේස් එකක් නම් තමා ගෙදරින් ගෙන්නන්නේ..

      Delete
    4. හරී, ඕනයා අයියේ : කට්ටියම උඩගම ගිහින් තීනවා වගේ.. මම ගිහින් නෑනේ..

      Delete
  7. ඔය වගේ දේශනයක් තියලා හරි ආයේ ඉස්කෝලෙට ගන්නවා නම්. සමහර ගුරුවරුන්ට ආදරේ කරන කොල්ලො කෙල්ලෝ පේන්නේ මිනීමරු අපරාධකාරයෝ වගේ. ඒත් ඔය ඉස්කෝලේ ආදරේ 90% කටත් වඩා ඉස්කෝලේ කාලෙන්ම ඉවර වෙනවා. ආදරේ කියන්නේ අපරාධයක් විදියට සලකලා දඩුවම් දුන්නාම ඒක බලපාන්නේ ඒ ළමයාගේ අනාගතේට, ඉස්කෝලේ ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි යාලු උනොත් තමයි ගුරුවරුන්ට ඒක පේන්නේ. ඉස්කෝලේ යන කෙල්ලෙක් පාරේ ඉන්න මොකෙක් හරි එකෙක් එක්ක රූම් එකකට ගියාට කිසි අවුලක් නෑ. මොකද ඒක ඉස්කෝලෙට අදාළ නෑ නේ.
    මම නම් කියන්නේ ඉස්කෝලේ යන කෙල්ලෙක් පාරේ ත්‍රිවිල් එලවන අයියා කෙනෙක් එක්ක යාලු වෙන්න දීලා නොදැක්කා වගේ ඉන්නවා වෙනුවට ඉස්කෝලෙම ඉන්න කොල්ලෝ කෙල්ලෝ ආදරේ කරන එක නොදැක්කා වගේ ඉන්න එක හොදයි කියලා.
    මේ කියන්නේ ආදරේ ගැන මිසක් කෑදරේ ගැන නෙවෙයි. ඒක තියෙන්නේ ආදරේ කරන අයගේ අතේ.

    ReplyDelete
    Replies
    1. කතාවෙත් ඇත්තක් තීනවා.. ගොඩක් ඉස්කෝල වල හිතන්නේ ඉස්කෝලෙන් පස්සේ කාලේ අපිට අයිති නෑ කියලා.. ඒත් යුනිෆෝම් ගියොත් අවුල.. නැත්නම් ඒවා ගැන බලන්න කවුරුත් නෑ..

      ඇත්ත ඉස්කෝලේ ඇතුලේ ආදරේ කරන උන් දෙපැත්තට කරලා තියන්න සෑහෙන මහන්සියක් ගන්නවා ගුරුවරු..

      Delete
  8. මේවා කියවනකොට ආපහු ඉස්කෝලෙ යන්න හිතෙනවා අප්පා....

    ReplyDelete
    Replies
    1. හෙහ්.. එහෙනම් අක්කත් හොද වැඩ කරලා තියෙන පාටයි.. :)

      Delete
  9. නියම වැඩේ.. මේ ගෙදර හිටිය එකා උඹ කියලා ශුවර්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. අම්මා ඒකනේ බය නැතුව කිවුවේ..

      Delete
  10. :) maru wada ne ayyalatath wenne..... :)

    ReplyDelete
    Replies
    1. මෙක ඉතින් මට කෙලින්ම අදල නෑ.. :)

      Delete
  11. අපූරු මතකයක්..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඉතින්... :)

      Delete
  12. හික්ස් මමත් ඔහොම දවසක් මවුතුමියව ගෙනිච්චා එකෙක්ගේ ඔලුව පලලා

    ReplyDelete
    Replies
    1. ගුටි කේස් වලට අම්මා ඉස්කොලෙට ගියේ අයියා නිසා.. මම ඉතින් හොද ළමයා.. :)

      Delete
  13. හිහ්....ලස්සන ඉස්කෝලෙ කාලේ.....
    ගෙවිලා ඉවර වුනත් මොනතරම් වටින මතකයන්ද......

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්.. ඒකනේ මේ කාලේ අපිට අමතක කරන්න බැරි..

      Delete
  14. ඒකාලෙ පන්ති තහනම් වෙනවා කියන එකයි අම්මා එක්ක එන්න කියන එකයි තරම් රසවත් දෙයක් තවත් නෑ.මොකද අම්මා ගිහින් මොනව හරි ගැටගහල කියනවානේ.ඒකෙන් තමයි ජාමෙ බේරගන්නේ. හැබැයි අම්මත් කිව්වෙ බොරු. මොකද අපි අම්මට ඇත්තම කිව්ව හින්දා

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ අම්මත් එහෙම කියපු වාර ඕන තරම් තිබ්බා.. ඉස්සරහට ඒ එකකුත් ලියන්න තියෙනවා.. හැබැයි ඉතින් ගෙදර ඇවිත් බැනපු වෙලාවල් නොතිබ්බම නෙමෙයි..

      Delete
  15. ඔයාලගේ අම්ම නම් නියමයි අයියේ.

    ReplyDelete
    Replies
    1. මාව බේරගන්න ඉතින් ඕනම දෙයක් කරාවි... :)

      Delete
  16. හැබෑටම දිනේශ් ඒ කාලේ ඔය O/L නංගිල කාටවත් හිත ගෙයෙම නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. නෑනේ යාළුවා.. කපු කම් කලා මිස කර ගත්තේ නෑනේ :)

      Delete
  17. හි හි....නියමා.....යි..හොඳ වෙලාවට ඔයා එදා ඉස්කෝලෙනම් නොගියේ :)

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට එදා අම්ම එක්ක ඇවිදින්න ගියේ... :)

      Delete
  18. Replies
    1. ආතල් තව ටිකෙන් දෙපිටින් යනවා..

      Delete
  19. පට්ට ස්කෝලයක් නේ.... කෙල්ලෝ ටික එකපාරින්ම කැමති වෙලා කපල් කපල් යන්ඩ !!!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒවා ඉතින් එහෙම තමා.. ආදරේ ආදරේ..

      Delete
  20. අඩේ අම්මා තමා අම්මා..
    හික්ස්..

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා එහෙම තමා..

      Delete
  21. Replies
    1. නැතුව නැතුව ඉතින්... :)

      Delete
  22. අනේ බලන්නකෝ ..... එක පාරක් අපේ අම්මටත් එන්න කිවිවනේ ... ඉස්කෝලේ තාප්පෙන් පැනල මාට්ටු වෙලා ..... කවුරැත් පෙන්න නැති නිසා පැන්න ‍. මොන කරුමෙකටද මන්ද ඒවෙලාවේ පිනා ඉදල තිබුනේ තාප්පෙන් එලියේ !!!!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අවාසනාවා කියන්නේ ඉතින් ඕකට තමා.. නැත්නම්පනිද්දිම ලොක්කා ඉදිවිද මම අහන්නේ.. :)

      Delete
  23. අන්න අම්මලා. නමුත් දිනේෂුත් එදා ගියානම්!!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. එහනම් මමත් අර දේශණේ අහනවා.. ගෙදර අව්කිත් තව ඒවා අහනවා... :)

      Delete
  24. අපේ අම්මා වුනානම් මට වැරදි නොකරත් බනිනවා . සිරා..

    ReplyDelete
    Replies
    1. මමත් ඉතින් එදා අම්මා එක්ක නොගිහින් වෙන රස්තියාදුවක් ගියානම් අනිවා බැනුම් අහනවා.. :)

      Delete
  25. කට්ටි පැනලා මාට්ටු වුනාම කන්ඩ වෙන චාටරේ ගැන නම් කතා කරලා වැඩක් නෑ දිනේෂ් අයියේ

    ReplyDelete
    Replies
    1. එදා අහු නොවුනට පොඩි පොඩි කේස් ගොඩකට මාත් අහු උනා ඉතින්.. :)

      Delete
  26. හික් හික් අපරාදේ ගියා නම් ආතල් එක

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ආතල් එක නේ... :)

      Delete
  27. පොට්ට චාන්ස් කියන්නේ ඕවාට තමා :D

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට ඔප්පු කරන්න පුළුවන් උනේ.. :)

      Delete
  28. හි හි... මටත් ලව් කරපු කලේ මතක් උනා අප්පා... හැමදාම හොද ළමයා වෙලා හිටපු මාවත් දවසක් අපේ ප්‍රේම් සර්ට අහුවෙලා උදේ ඉදන් හවස් වෙනකම් බයේ වෙවුල වෙවුල හිටියා දැන් ඔෆිස් එකට කතා කරයි කියලා... අනේ ජෙමා හරි හොදයි.. මට ලෙඩක් දැම්මේ නෑ.... දැම්ම නං අලි මගුලයි...

    ReplyDelete
    Replies
    1. තමනුත් ඉස්කෝලේ යන කාලේ මෙහෙම දේවල් කලා නේද කියලා මතක අය එහෙම අවුල් දාන්නේ නෑ.. පුංචි අවවාදයක් දුන්නොත් ඇරෙන්න.. :)

      Delete
  29. මට ඉස්කෝලේ ලොග් එන්ට්‍රි ම දෙකයි. එකක් 7 වසරේදී කොල්ලෙක්ට සිහි නැතිවෙන්නම ගහලා. අනික සර් කෙනෙක් අත පනින්න කොල්ලෙක්ට ගැහුවට පස්සේ ඒ ගැන උගේ ගෙදරට ටෙලිෆෝන් කරලා කිව්වා කියලා. :) ඒ දෙවැනි කතාවේ කොල්ලා අන්තිමට යස් එෆ්.එම්. සුපර් ස්ටාර් කෙනෙක් උනා..

    ReplyDelete
    Replies
    1. මගේ එකක් වත් නෑ.. අපේ පන්තියෙන් පවු පොතේ නොලිය උනේ මගේ නම විතරයි.. කොහෙන් හරි ජාමේ බේරුනා..

      Delete
  30. අම්මා නම් නියමයි. ඕක කලින් කිව්වට ප්‍රින්සිපල් අහන්නේ නැහැනේ ඉතින්.

    ReplyDelete
    Replies
    1. මේ මොනා අහනවද අක්කේ.. ගානකටවත් ගන්නේ නෑ ශුවර්... :)

      Delete
  31. Ela machan.. Ape amma ammath ube amma.wagemai.. Hebei thaththa amma dennama.wasai ban.. Mama ithin gedara panching bag eka.nisa mona madhaawi wede kalath iskole cut karala nehe.. Panthiyama cut karala ehe mehe yanakota mamath cut karala gedara thamai giye.. Iskolen ammala geenna kiwwahama ammawa baya nethiwa ekkaragena yanawa.. Mokada amma kiyanne mage putha kelinma gedara thama awe kiyala.. Ee dawaswala horaata api iskole sal gaha yata interval ekata gold leaf paarak gahanawa.. Othanata weradila dawasak sir kenek awa macho.. Huta.. Sir apita dunnna punishment eka thamai kaatawath kiyanne nehe.. Hebei hemadaama air ta gold leaf 5k denta una.. Kohoma hari mage muaic pissuwa nawaththaganta beri thena gedarin maawa kandy iskolekakata daanta iskole ta amma aaqa maawa ayin karagena yanta.. Iskole hema sir kenekma miss kenekma mage honda kiyana menna me air langata ekkaragena giya buwa mama ekka shape nisa.. Muu kiyapu de thamai.. Mrs oyage putha bohoma hondai.. Eeth ekama.warada thamai interval ekata cigarette bona eka kiyala.. Ubata hithaganta puluwanne amma kohomada mata gedara gihon selakuwe kiyala... Ha ha haa... :P

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. හැමදාම ඩිගරට් 5 දීලත් වැඩේ කිවුවද? ඉතුරු ටික හිත ගන්න පුළුවන්..

      Delete
  32. Typing mistake ekamai.. Mobile eken type karanakota text box eka.peenne nehw :D

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර එහෙම තමයි.. ඒත් අවුලක් නෑ යළුවා..

      Delete
  33. e kaale mathak una appa...ape A/L class eke hitiya andare wage kollek. u hinda api banum ahuwe hinaa welaamai. eka onema napuru teacher kenek hinaa gassanawa. den nam minihata lankaawama salli walata ganna tharam salli thiyena business kaarayek.

    ReplyDelete
    Replies
    1. අපි කාගෙත් සුන්දරම A/L කාලේ තමයි..

      Delete
  34. හේ..හේ..නියම වැඩේ තමයි...අයියගේ වෙලාවට එදා යන්න හිතිලා නැත්තේ....

    ReplyDelete
    Replies
    1. තනියම යන්න හිතුනේ නෑ.. අන්න ඒකයි කේස් එක... :)

      Delete
  35. ඇත්තම කියනවනම් අපේ අම්මත් මම සා/පෙ කරනකම් ඉස්කෝලෙමයි....විටක මට බැන බැන යන්නේ...කොල්ලෙක්නම් ඉවසුවහැකි කෙල්ලෙක් වෙලත් මෙයා කියකිය නමුත් වැඩි දෝෂාරෝපන නෑ දග වැඩ එමටයි වුණාට ඉස්කෝලෙ වැඩ මගේ අකුරටම නිසා...

    ඔයත් වෙලාවට එදා අම්ම එක්කම හිටියේ....ඒ කාලෙ කෙල්ලෙක් නොහිටපු නිසයි ඔයත් බේරුණේ.....හික්ස්

    ReplyDelete
    Replies
    1. පාඩමයි සෙල්ලමයි අනූ ගානට කරලා වගේ.. හොදයි හොදයි.. :)

      මම එදා ගියානම් ඉහල උසාවී ගොඩක නගින්න වෙනවා... :)

      Delete
  36. හිකිස්......පවු වැඩේ කොච්චර වුනත්...

    ReplyDelete
    Replies
    1. පවු කිවුවේ මොකටෙයි බං..

      Delete
  37. අම්මට තව ටිකක් මඩවන්න තිබුනා අප්පා....:D
    ඒත් ඉතිං හරි නැනෙ නේද මොනවා වුනත්.

    ReplyDelete
    Replies
    1. ඒ මඩවපු ටිකත් හොදටම ඇති.. දවස් ගානක් මට බැන්නෙවත් නෑ ලොක්කා.. :)

      Delete
  38. අපේ අම්මා ගියා නං ඔක්කොටම ඉස්සෙල්ලා නෙලන්නේ මට..

    ReplyDelete
    Replies
    1. මගේ වැරැද්දක් තිබ්බනම් වෙන්නේ ඒක තමා.. :)

      Delete
  39. තව ටිකකින් දිනේෂ්ව අහුවෙනවා.. යාළුවො හිතන්න ඇති එදා ගෙදර හිටිය අයගෙන් කෙනෙක් නිසා.. ඔත්තුව දුන්නෙ මේ අසා කියලා.. :P

    අෆරාදෙ ගුටි කන්න තිබුණ චාන්ස් එක.. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. උන් දන්නවා මම එහෙම වැඩ නොකරන බව.. :)

      Delete
  40. හැමදාම ගැලවුමට අම්ම තමා ඉන්නෙ...
    ඇති පදමට බනින්නෙත් අම්ම තමා...

    ReplyDelete
    Replies
    1. ඒක නම් 100% ඇත්ත අක්කේ...

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්