Friday, 10 August 2012

අවුරුදු 2 කතාව

ඉස්සර ඉස්කෝලේ යද්දි පොඩි කාලේ රචනාවක් ලියන්න දුන්නම හරි O/L වලදි සිංහල සාහිත්‍යට විචාරයක් ලියන්න දුන්නම හරි මට එන්නේ පුදුම තරහවක්.. මොකද මම ලියන්න ඒ තරමටම අකමැති නිසා.. ඔය පොඩි කාලේ රචනාව හරි O/L සාහිත්‍ය විචාරය හරි නොලියා ගිහින් බැනුම් අහපු, පන්තියෙන් එළියේ හිටපු අවස්ථාත් ඉතින් නැතුවම නෙමෙයි.. කොමර්ස් වල එකවුන්ට් එකක් බැලන්ස් කරන්න තිබ්බ ආසාව ඇත්තටම ලියන දේවල් වලට තිබ්බෙම නෑ.. විශ්වාස කරන්න මට O/L සිංහල වලට තියෙන්නේ " C "  සාමාර්ථයක්..

ඉස්සරම මම අයියගේ කවි කොපි කලා කියන එක ඉතින් මම ලිපි දෙක තුනකම කියල ඇතිනේ.. කාලයත් එක්ක එහෙම කොපි කිරිල්ලත් එපා වෙලා මගේම කියලා දෙයක් ලියන්න හිතිලා ඉස්සෙලාම ලියපු කවිය මම දවසක් දැම්මා වර්ණයෙත්.. මේ තියෙන්නේ ඒක.. දැන් ඉතින් ඕකේ නිධාන කතා අහන්න එපා මට ඇත්තටම මතක නෑ.. :)

කාලය ඔහොම හෙමින් ගෙවිලා යද්දි ටික ටික ලියන දේවල් වලට මම ආස කලා.. වැඩියෙන්ම කවියට.. ඒත් හැබැයි A/L ඉවර උනත් එක්කම වගේ ඒ දේවල් වලට ලොකු නැවතීමේ තිතක් වැටුනේ ඉබේටම වගේ..  අමතක වෙලාම තිබ්බ කවිකම ආයෙම මතක් වෙලා ආවේ 2008 ඉතාලි ආවයින් පස්සේ.. ඒ කතාව මම මගේ අවුරුද්දේ උපන්දිනේ දවසේ කිවුවා..

නොහිතපු විදිහකින් පටන් ගත්ත ගමනක අද මම දෙවෙනි උපන්දිනේ සමරනවා.. අද මගේ බ්ලොග් එකට අවුරුදු 2ක්.. හ්ම්ම්ම්.. හිතට දැනෙන සතුට කොච්චරද කියලා කියා ගන්න බෑ.. ජීවිතේ ගෙවපු මම වැඩියෙන්ම ආස කරන මතකයන් කීපයට මේ අවුරුදු දෙකේ බ්ලොග් මතකයත් අනිවාර්‍යෙන්ම එකතු වෙනවා..



මේ ගෙවුන අවුරුදු දෙක දිහා හැරිලා බලලා අවංකවම හිතින් සතුටු වෙන්න පුළුවන් පසුබිමක් හැදිලා තියෙන එක ගැන ඇත්තටම මට ආඩම්බරයි.. අද මම මේ ලියන්නේ මගේ 379 පෝස්ට් එක.. මේ වෙද්දි වර්ණය 385 දෙනෙක් ෆලෝ කරනවා.. අනිත් දේවලුත් මට ගොඩාක් සතුටු වෙන්න පුළුවන් තැනක තියෙනවා..

ඊයේ RAJ අයියා දාපූ අවුලක් නෑ පෝස්ට් එක කියවද්දි මට ඇත්තටම මතක් උනේ මම මගේ බ්ලොග් එක පටන් ගත්ත කාලේ.. විශ්වාස කරන්න එකම එක කමෙන්ට් එකක්වත් නැති පෝස්ට් 13ක් මගේ බ්ලොග් එකේ තියෙනවා... :)

මේ බ්ලොග් ගමන ඇත්තටම සුන්දරයි.. මේ ගමනෙදි බොහොම සුන්දර මිනිස්සු මට මුණගැහුනා.. ඒ හිතවත්කම් ඒ සොදුරු මිතුදම් මේ බ්ලොග් එකේ අකුරු අතරට එහායින් වටිනවා කියලා මට හිතෙනවා..

ඉස්සර රචනාවක් ලියන්න අකමැති උන මම දැන් හැමදාම මොනා හරි ලියන්න පුරුදු වෙලා.. ඒ තරමටම දැන් මේ බ්ලොග් එක ජීවිතේ මම වැඩියම ආදරේ කරන දේවල් තුනෙන් එකක් වෙලා.. ලියන්න ඕන කියලා හිතේ ඇදුන කතා නම් ගොඩයි.. දැන් වෙනදට වඩා ටිකක් අවිවේකි හින්දම අඩුවෙන් ලිය උනත් අවසානයක් නම් තව පේන මානෙක නෑ..


ජීවිතේ වෙනසක් ඕන කියලා හිතාගෙන පටන් ගත්ත බ්ලොග් එක නිසා ජීවිතේ මම බලාපොරොත්තු උන ඒ වෙනස මට ලැබුනා.. ඒ මදාරා.. මේ බ්ලොග් අවකාශෙම අකුරු අතරේ හමු උන ඔයා මගේ ජිවිතේට මම බලාපොරොත්තු උන ඒ වෙනසත් මම බලාපොරොත්තු උනාටත් වැඩි ආදරයක් අරන් ඇවිත්.. මේ ආදරේට ආදරෙයි මම ගොඩාක්...

තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. මම මගේ අවුරුදු 2 උපන්දිනේ ගැන මදාරා එකක් කියද්දි අවුරුදු දෙකක් ලියලත් ඔයා තාම ෆෑන් පේජ් එකක් වත් හදාගෙන නෑ නේද කියලා ඔන්න ඊයේ තකහනියක් මෙන්න මේ ෆෑන් පේජ් එක මට මදාරාම හදලා උපන්දිනේට තෑගි කලා.. ඔය උඩ තියෙන ඉමේජ් එක හැදුවෙත් මදාරාම තමයි..

මීට වඩා ඉතින් මොනවා නම් කියන්නද? හැම දේටම ගොඩාක් ස්තුතියි.. මේ අවුරුදු දෙක පුරාවට මාත් එක්ක ඉදලා මම ලියන හැම දෙයක්ම වගේ කියවලා මට ශක්තියක් උනාට.. මේ හැම කෙනෙක්ගෙම මේ සහයෝගය නොතිබෙන්න මේ ගමන මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.. ඉතින් ආයෙම ගොඩාක් ගොඩාක් ස්තූතියි.. 

ඔන්න ඉතින් කට්ටියට  කේක් තියෙනවා.. බෙදාගෙන කන්න හොදේ.. :)


හරි හරි මේක අපේ අයියලා මල්ලිලාට... :)


මට හොරෙන් කතා කරන්න එපා බං.. මදාරා බලන් ඉන්නවා..     :)



123 comments:

  1. සුබ පැතුම් අයියේ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ මලයා..

      Delete
  2. congratulationzz machooo.....ඔහොම යමු.....

    ReplyDelete
    Replies
    1. උඹත් ගොඩ වෙලා මේ පැත්තේ.. තැන්කූ මචං..

      Delete
  3. සතුටුයි අයියේ, පනුච්චීගෙනුත් ඔන්න සුභපැතුම් ගොඩාරියක් .. :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් පණුවිවි.... :)

      Delete
  4. සුභ පැතුම් මල්ලි.කේක් එක මාර රස පාටයි.

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ රහ ඇති ඒක..

      තැන්කූ අක්කේ..

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ වර්ණය ඇත්තටම වර්ණවත් කලේ ඔයානේ.. නොහිතපු විදිහේ ආදර්ණිය බැදීමක් මේ අකුරු අතරින් මුණ ගැහෙයි කියලා මම හිතුවෙ නෑ..

      ඔව් ඔව්.. අද අපිටත් මාස 2 පිරුනනේ.. :)

      Delete
  6. සිතෙහි සිත්තම්
    එක බිංදු බවට හැරී
    වර්ණ පත් ඉරු
    නෙක පාට ගල්වන්න
    තව තවත් නෙක නෙක
    දේදුනු පාටින් හැඩවෙන්න
    සුභ පතමි
    දිනේවා බොහොකල්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ ඒ දවස් වල ඉදන්ම වැර්දි අඩු පාඩු පෙන්නලා මාත් එක්ක හිටියට..

      Delete
  7. ජය වේවා දිනේශ් අයියේ.. තව තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා.. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රෙඩ් නංගියේ..

      Delete
  8. සුභ පැතුම් අයියණ්ඩි. posts 500 ඉක්මණින් බැට් කිරීමට ලැබේවා :)

    ReplyDelete
    Replies
    1. 500 වැඩි දුරක් නම් නෑ තමයි.. බලමු මේ අවුරුද්ද ඉවර වෙද්දි පුළුවන්ද කියලා...

      තැන්කූ මලයා..

      Delete
  9. අඩේ පට්ට පට්ට..ජය වේවා දිගටම ලියන්න ශක්තිය ලැබේවා..අර පල්ලෙහා තිබ්බ බෝතල් ඔක්කෝම් මටනේද ?

    ReplyDelete
    Replies
    1. උඹ ඔක්කොම බිවුවම අනිත් අය බොන්නේ මොනාද? උබේ ඇගට ඕකත් මදි තමා කෝමත්... :)

      Delete
    2. @පුබුදු :
      මල්ලි තනියෙන් බුදු වෙන්ඩ එපෝ.... වැඩ ඇරිලා මාත් ආවෝ..

      Delete
    3. අයියා යද්දී මු ඔක්කොම ඉවර කරලා තිබ්බොත් පුදුම වෙන්න එපා.. :)

      Delete
  10. Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  11. සුභ පැතුම් දිනේෂ්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාලු අයියේ..

      Delete
  12. Replies
    1. තැන්කූ වේවා!!

      Delete
  13. ඔන්න මම චොකලට් කේක් පෙරේති , මට ඕනෙ ලොකුම කෑල්ල හරිද... අවුරුදු දෙකට වගේම මාස දෙකටත් ජයෙන් ජයම වේවා... ඔයාලගේ ආදරේ වගේම මේ බ්ලොග් එකත් දිනෙන් දිනම දියුණු වේවා....

    ReplyDelete
    Replies
    1. ඕන තරම් කන්න අක්කේ.. ඔයා කෝමත් ලොකු කෑල්ලක් කන බව දන්නවා... :) තැන්කූ වේවා..

      Delete
  14. දුක සතුට ආදරය විරහව මේ හැම දෙම අතරින් ගලන අපේ ජිවිතය දිහා ආපහු හැරිලා බැලුවම හරිම සුන්දරයි නේද මොකද හැල හැප්පිම් නැති ජිවිතයක් ජිවිතාවබොදයෙන් අවසන්වෙන්නෑ කියලයි මගේ හැඟීම මම හිතන්නේ ලිවිමේ හැඩය වෙනස් උනත් උඹයි මමයි බ්ලොග් ලොකේ සමකාලීනයො. මලේ අපි මලත් නිර්මාණ මැරෙන්නේ නෑ බ්ලොග් ලොකේ වර්ණ ගන්වපු තවත් නිර්මණශීලි මනුස්සයෙක් විදිහට මම උඹව දකිනව බොලොග් එක වගේම උඹේ ජිවිතේ ඉදිරි බලාපොරොත්තු සුන්දර විදිහට ඉෂ්ඨකරගන්න ජයගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා...ජය

    ReplyDelete
    Replies
    1. ඇත්ත රාජ් අයියේ.. අයියයි මමයි වගේම තව කීප දෙනෙක්ම ඉන්නවා මේක සමකාලීන අය.. දවසක මේ ලිවීම නැවතුනත් මේ දේවල් කොහේ හරි ඉතුරු වෙලා තියේවි.. අපි හැමෝගෙම ලිවීමේ හැඩය වෙනස්.. ඒකනේ මේ අවකාශේ මෙච්චරම ලස්සන තැනක් උනේ..

      ගොඩක් ස්තූතියි රාජ් අයියේ...

      Delete
  15. magenuth suba pathum ayya.......... :))

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අරලියා..

      Delete
  16. සුබ පැතුම් අයියේ!
    බොන්න දුන්නට තැන්ක්ස් ඈ

    ReplyDelete
    Replies
    1. ප්‍රමුදිත් අපේ පිණිබිදු අක්කා වගේද?

      තැන්කූ තැන්කූ..

      Delete
  17. Replies
    1. තෑන්ක්ස් මචං..

      Delete
  18. සුභ පැතුම් මචෝ

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සබියා..

      Delete
  19. සුබපැතුම් අය්යේ..... තව තවත් වර්ණ තවරන්නට සුබ පැතුම්.... මමත් අර පල්ලෙහා ටිකට සෙට් වෙන්නම්කො.. :)

    ReplyDelete
    Replies
    1. හා හා පල්ලෙහා ටික ඉතින් උඹලට තමා.. ගානට සෙට් උනානම්...

      Delete
  20. ඔන්න අපෙනුත් සුභ පැතුම්!!!!!!!!
    සැර ජාතිත් එක්කම සැන්ඩි ටිකකුත් දැම්මොත් නරකද???

    ReplyDelete
    Replies
    1. සැන්ඩි අරන් එන්න වෙනවා.... :)

      Delete
  21. වර්ණවත් ආදරයක් හා වර්ණවත් බ්ලොග් එකක්....
    ඒ ආදරයටයි මේ ආදරයටයි දෙකටම සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ප්‍රියන්ත අයියේ..

      Delete
  22. ටිකක් පමා උනා මේ පැත්තට එන්න .
    …මගෙනුත් දිනේශ් මල්ලිට සුභ පැතුම් , බ්ලොග් අවකාශයේ බොහෝ දුර යන්නට .
    …ඒවගේම ඔයාල දෙන්නගේ ආදරය , සෙනෙහස හැමදාමත් එකවගේම රැදේවා කියල පතනවා .

    ReplyDelete
    Replies
    1. පමා උනාට මොකද ගිම් අක්කේ.. අක්කා කොමත් මේ පැත්තේ ඇවිත් යනවනේ..
      තැන්කු අක්කේ... :)

      Delete
  23. තව ගොඩාක් දුරක් මේ බ්ලොග් අවකාශයේ රැඳෙන්න මගෙනුත් සුභ පැතුම් අයියේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තරුවෝ..

      Delete
  24. සුභ පැතුම් දිනේෂ් අයියේ. ආ මග කෙටියි යායුතු මග දුරයි. ඔයාට තව ගොඩක් දුර යන්න තියනවා. මගෙන් සුභ පැතුම් හොට් හොට් පිට.


    ආ මේ මං කෑවේ අර කේක් එකේ ඉස්සරහයින්ම තියන කාර් එක හොඳේ. තවම මුකුත් බීවේ නෑ දිනේෂ් අයියට නොදී බොන එකත් හරි නෑනේ.

    ReplyDelete
    Replies
    1. හොට් හොට් සුභ පැතුමට තැන්කූ.. මේ ගමනේ අවසානයක් ගැන තාම හිතලා නෑ..

      කාර් එකක්ම කෑවද? මාරයිනේ... හා හා එකට අවුලක් නෑ මට නොදුන්න කියලා.. මුන්ටත් මේ වෙලාවට තමයි මැනස් මතක් වෙන්නේ.. :)

      Delete
  25. ඔබට සුභ පැතුම් යාලු :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් හිරූ..

      Delete
  26. සුබ පැතුම් අවුරුදු දෙකක් කියන්නෙ ලොකු කාලයක්.. තවත් දිගු කාලයකට ..

    ReplyDelete
    Replies
    1. ඔව් වෙනී අයියේ.. අවුරුදු දෙකක් කියන්නේ සෑහෙන ලොකු කාලයක්.. ස්තූතියි අයියේ..

      Delete
  27. මගෙත් සුබ පැතුම්!!!
    මදාරත් එක්ක බෙදා ගන්ට:)

    ReplyDelete
    Replies
    1. තැන්කූ පොඩ්ඩි අක්කේ.. හරි ඔන්න බෙදා ගත්තා.. :)

      Delete
  28. සුබපැතුම් මලේ !!!! අවුරුදු දෙකක් බ්ලොගක් කරනවා කියන්නෙ සෑහෙන අගේ කළැයුතු කර්තව්‍යයක්.. . මට නම් දැනටම එපා වෙලා.. අර පටන් ගන්න හැම වැඩක්ම මගදි නවත්වන ලෙඩේ හැදීගන එන්නේ.. :-)

    ReplyDelete
    Replies
    1. ඒ මොකො අයියේ ඒ? කුරුන්ද අපි ආසාවෙන් කියවන බ්ලොග් එකෙක්නේ... නවත්තන්න එපෝ...

      Delete
  29. මම නම් සිංහල සාහිත්‍යට විචාරයක් ලියන්න ඉගෙන ගත්තේ ඉන්ග්‍රීසි සාහිත්‍ය සර් ගෙන්

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒකත් නියමයි හැබැයි.. මම ඒක කලෙත් නෑනේ ඉතින්... :)

      Delete
  30. මගෙ සුබ පැතුම් මල්ලි.

    ඔයාගෙ සිංහල ගැන කියද්දි මට මතක් වුණේ මාව. මගෙ ප්‍රියතම විෂයන් දෙක සිංහල සාහිත්‍යය සහ ඉංග්‍රීසි සාහිත්‍ය

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන්නම් අක්කේ.. සිංහල වල ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.. මොකද ලියද්දි වරදින තැන් තියෙන නිසා... :)

      තැන්කූ අක්කේ..

      Delete
  31. සුභ පැතුම් අයියේ.......කාලෙකින් මේ පැත්තේ ආවේ සුභ දවසකනේ..........ඔන්න කේක් කෑල්ලකුත් කැවා.....දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා පතනවා.......

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. සෑහෙන කාලෙකින් මේ පැත්ත මතක් වෙලා... හා හා කන්නකෝ කේක් කෑල්ලක්..

      Delete
  32. කේක් එක්කම අර පල්ලෙහායින් තිබ්බ එව්වත් සුට්ටක් ගත්තා ඔන්න.. සුභපැතුම් මල්ලි.. දිගටම හැකි කාලයක් ලියන්න. එක දිගට නැතත් පුළුවන් වෙලාවට ලියන දේවල් කියවන්න අපි එනවා.. ජයවේවා..

    ReplyDelete
    Replies
    1. පුළුවන් හැම වෙලාවකම ඉතින් අයියලා කෝමත් ඇවිත් යන්න එනවනේ.. පහලින් තිබ්බ ඒවා අපේ මලයා ඔක්කොම බොනවා කිවුවා ඉතුරුද මන්දා.. :)

      Delete
  33. සුභ පැතුම් අයියේ!! තව හුඟාක් කාලයක් වර්ණට අකුරුකරන්න ලැබෙන්න කියලා සුභ පතනවා!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ හිතූ.. කාලෙකින් රණ්ඩු උනෙත් නෑ.. :)

      Delete
  34. අවුරුදු දෙකක ගමනට සුබ පැතුම් මල්ලි !!
    දිගටම ලියන්ඩ වාසනා ශක්තිය ලැබේවා. ඒ වගේම මල්ලි ලියන හැම පෝස්ට් එකක් බලලා කමෙන්ට් කරන්ඩ මට ශක්තිය ලැබේව :)

    අමුවෙන් තමා බොන්ඩ වෙන්නේ.. බයිටුත් නෑ.. ෂැන්ඩිත් නෑ..

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ.. අයියට ඒ ශක්තිය ලැබෙයි.. මේ මොනා කියනවද? තැන්කූ වේවා

      අහ්.. ඒවා නෑ.. ඒවා එන අය අරන් එන්න ඕන.. :)

      Delete
  35. මේ පැමිණි දුරටත් තව බොහෝ දුර යන්නටත් වගේම වර්ණවත් ආදරයේ සුබ උපන්දිනටත් හදවතින්ම සුබ පැතුම්..!!!

    මේ කේක් කාලා බෑ.. "වෙ" යන්නෙන් පටන් ගන්න කේක් ඕනලු.. :D :D

    ReplyDelete
    Replies
    1. වර්ණ හැඩ ගන්වන්න ඉතින් නන්දුත් මට උදවු කලානේ.. ඒවට ඉතින් තැන්කූ හොදේ..

      හා හා.. වෙඩින් කේක් දෙඤ්ඤං තව කාලෙකින්.. දැම්ම හදිස්සිය.. බෑනේ ඉතින් කරන්න..

      Delete
  36. සුභ පැතුම් දිනේශ්...හැමදාමත් ලස්සන නිර්මාණ කරන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.ඒ වගේම ලස්සනම ලස්සන අනාගතයකටත් සුභ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චාම්ස්... :)

      Delete
  37. මගෙනුත් සුභපැතුම් මල්ලි... ඉදිරියටත් අපි නොදන්නා නොදන්නා වර්ණයන්ගෙන් මේ බ්ලොග් අවකාශය හැඩකරන්න ශක්තිය හා ධෛර්ය්‍ය ලැබේවායි පතනවා.. මමත් ඔන්න පොඩි කේක් කෑල්ලක් ගත්තා. ෂික්,බොන්න තියෙන්නේ ඔක්කෝම සැර බීමනෙ :D

    ReplyDelete
    Replies
    1. තව වර්ණයන් නම් ගොඩාක් හිතේ තියෙනවා... හෙමීට පාට කරන්න තමයි තියෙන්නේ..

      සැර වැඩිඩ අයියේ.. අඩු එකක් ගෙනත් දෙන්නම්... :)

      Delete
  38. මගෙනුත් සුබ පැතුම් මල්ලියෝ ! ජය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ...

      Delete
  39. තවත් ලියන්න සුභ පැතුං අයියේ..
    ජයවේවා!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා මලයෝ..

      Delete
  40. මගෙනුත් සුබ පැතුම් මල්ලි..තවත් දිගු ගමනක් යන්න ලැබේවා

    මේ අර අයියලා මල්ලිලට විතරක් බොන්න පුළුවන් දෙයක් දීපු එක කැත වැඩේ. අපිටත් දෙන්න තිබුනා තැඹිලි ගෙඩියක්වත් :පි

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්.. ඒක අමතක උනානේ හැබෑටම මට. අක්කලා නංගිලාට බොන්න මොනා හරි දෙන්න.. :)

      හැමදාම වගේ මාත් එක්ක ඉන්නවට කොහොම ස්තුති කරන්නද ඉතින් මගේ ලොකු අක්කට.. :)

      Delete
  41. අවුරුදු දෙකටයි, මාස දෙකටයි දෙකටම සුභ පැතුම්.....

    විචාර ලියන්න ඔච්චර අමාරුද අප්පා,
    මං නං ගත්තා සිංහල පොතේ පාඩම් වලටම විචාර ලියපු පොතක්.හැමදාම එන්නේ එකම ටික නේ.දෙපාරක් පොත කියෙව්වම සදහටම ගොඩ.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒකත් සිම්පල් ප්ලෑන් එකක් තමයි.. කොහෙද මේ අදහස් ඒ දවස් වල හම්බුනේ නෑනේ..

      තැන්කූ සුභ පැතුමට..

      Delete
  42. සුබ පැතුම් මලයෝ... මටත් තියෙනවා කමෙන්ට් නැති පෝස්ට් බර ගාණක්! ඒවා එහෙම තමයි!

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් සාම්න්‍යයි නේ අයියේ.. එහෙම ඒවත් තියෙන්න ඕනනේ.. :)

      Delete
  43. මගෙනුත් සුභ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ බණ්ඩාර අයියේ..

      ඒක නෙමේ මොකො මේ දවස් වල වැඩිය දකින්න නැත්තේ?

      Delete
  44. අවුරුදු දෙකට සුභපැතුම් මලේ. උඹේ බ්ලොග් කියවිල්ලත් ලියන එවුන්ට ශක්තියක්.

    ReplyDelete
    Replies
    1. ලියනවා වගේම කියවන්නත් මම කැමති අයියේ.. දැන් අඩුවෙන් ලියන්නෙත් කියවන්න වැඩි වෙලාවක් යන නිසා..

      ස්තූතියි රාජ් අයියේ..

      Delete
  45. සුභ පැතුම් දිගටම ලියන්න. අනික් අය දෙන්නේ කේක් විතරයි. ඒත් ඔයා එහෙම නෑ. හරි හොඳයි....

    ReplyDelete
    Replies
    1. කේක් විතරක් මදි බව ඉතින් මම දන්නවනේ මාතලන් අයියේ.. :)

      Delete
  46. අවුරුදු දෙකක් බ්ලොග් ලිවිල්ල සෙල්ලංද? ජය වේවා ඈ.මදාරා අක්කා බලන් කොක්ක දැම්මට අවුලක් නෑ අද විතරනේ හික්ස්

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඈ...

      මාර කතානේ ඉතින් කියන්නේ.. අද විතරයි කියලා ගත්තා වගේ නෙමෙයි නේ හෙට ඉදන්.. :)

      Delete
  47. සුබපැතුම් හොඳේ
    මෙච්චර ගොඩක් මොකකින් පටන් ගන්නද මන්දා ;ඩ්

    ReplyDelete
    Replies
    1. ඔය අතට අහු වෙන එකකින් පටන් ගන්න මලයා.. :)

      Delete
  48. Dayaabara mallita,
    Awurudu deke livillatath,
    Maasa deke adara palahilawwuatath,
    Mage aadaraneeya suba pathum,,,,,,

    ReplyDelete
    Replies
    1. මං නිසාම මේ පැත්තේ එනවනේ හැමදාම කුමාරි අක්කා.. ඒකට ඉතින් කෝම ස්තූති කරන්නද මන්දා..

      Delete
  49. අවුරුදු දෙකටත් මාස දෙකටත් මෙන්න කිරිල්ලිගෙනුත් සුභ පැතුම්.!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිරිල්ලියේ...

      Delete
  50. Replies
    1. තෑන්ක්ස් විසිතුරු..

      Delete
  51. ඔයාගෙ ගමනට හදවතින්ම සුභ පතනවා දිනේශ්!
    තව තවත් ලියන්නට අවශ්‍ය ශක්තිය ධෛර්‍යය නිරතුරුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාළුවා.. යාළුවගේ කතා කියවද්දි හිතෙනවා හොද ගමනක් යාළුවටත් මේ අවකාශේ හිමි කියලා.. ජය වේවා!!

      Delete
  52. මං නම් මේක සැමරුවා ඉහලින්ම හරිම රස චොකලට් ක්‍රීම් අයිසින් දාල ලෙයර් තුනකට හදපු කෙක් එකකින් බාගයක්ම ඊයෙයි අදයි ඉවර කරා ඒක ඉවර වෙන කම් කොමන්ට් කරේ නෑ ඉතිං හරි නෑනේ

    සුබ බ්ලොග් අනාගතයක් සහෝදරයා.

    ReplyDelete
    Replies
    1. කේක් එක ගැන කියප්පු විස්තරෙන්ම හිතෙනව මේක ඉහලින්ම සමරපු බව.. කේක් විතරෙයි අනික්වා ගත්තේ නෑ.. :)

      Delete
  53. වර්ණ බ්ලොග් එක සැරින් සැරේ බලලා තිබුනත් දිනේෂ් උමගිලිය ගැන ඇහුවෙ බස් රේඩියෝ එකේ මගේ සාකච්ඡාවත් එක්ක දිනේෂ්ගේ සාකච්ඡාවත් විකාශය වුන නිසා. අවුරුදු දෙකක උපන්දිනය සමරන බ්ලොග් එකටත්, දිනේෂ්ටත් සුබ අනාගත්යක් වේවා...! ජය...!

    ReplyDelete
    Replies
    1. ඔව් එදා මාත් එක්ක සාකච්ඡාව ගියේ අයියා එක්කනේ.. මම එදා සෑහෙන්න බ්ලොග් එක බැලූවා.. අමතක වීමකින් මම ෆලෝ කරලා නෑනේ.. ඔන්න අද තමයි ඒක කලේ.. සමාවෙන්න ඕන ඒ පැත්තේ එන්න පමා උන එක ගැන..

      ගොඩක් ස්තුතියි...

      Delete
  54. සුභ පැතුම් අවුරුදු දෙකට.

    කාලෙක ඉඳං කියවන බ්ලොග් එකක උපන්දිනය ඉතින් අපි හැමෝටම විශේෂයි නේ.

    ReplyDelete
    Replies
    1. අසාර් අයියේ.. අපි ඉතින් සෑහෙන කාලෙක ඉදන් දන්න අයනේ..

      තැන්කූ හොදේ..

      Delete
  55. වසර දෙකේ බ්ලොගොවර්සරියටත්, උඹලා දෙන්නගෙ මාස දෙකක් වයසැති ආදරයටත් හදපිරි සුබ පැතුම්!
    මේ ඔක්කොම අද බොන්නද බං.
    කෝ ඔය වීදුරුවක් ගනිං මෙහාට!!!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හා හා.. කෝ කෝ.. ලොකු වීදුරුවක් අපේ ගුරුතුමාට.. :)

      Delete
  56. අවුරුදු දෙකට සුභ පැතුම් මඩයගෙන්....,.....!
    දිගටම ලියන් ‍යන්න ශක්තිය ධෛර්ය ලැබෙවා....!

    ReplyDelete
    Replies
    1. තැන්කූ මඩයා..

      Delete
  57. මම වර්ණ බලන්න ආවෙ ලඟකදී, ඒ උනාට දැන් හරිම ආසාවෙන් එන්නෙ. තව දිගුකාලයක් වර්ණ වර්ණවත් කරන්නට ඔබට ලැබේවා! කියල සෙනෙහසින් පතනවා. ඔය දෙන්නාටම මේ ජීවිත ගමන වාසනාව සතුට සම්පත ඉතිරේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.. හැමදාම වර්ණයන් දකින්න ඇවිත් යන්න එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..

      Delete
  58. සුභ පැතුම් දිනේෂ්...තව තවත් දේ ලියන්න ශක්තිය ලැබෙන්නැයි ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බිනරි..

      Delete
  59. සුපුරුදු පරිදි මම අදත් අන්තිමද කොහෙද. :( ජයවේවා කියල ප්‍රර්ථනා කරනවා. :)

    ReplyDelete
  60. මේක මට මගහැරිලා. ගිය සතිය පුරාම තරමක් කාර්ය බහුල අවිවේකී තත්වයක් තිබුනේ. ඊයේ රෑ "නිශාන්තය" බස් රේඩියෝවෙන් කිව්ව නිසා අද බැලුවේ.

    කොහොමටත් පහුවෙලා හරි සුබ පතනවා දෙවර්ෂ පූර්ණයට...

    මමත් ඔය පහළම තියන එකට සෙට්වෙන්නම් කෝ..

    ReplyDelete
  61. මරු අප්පා.. මගේ උණුසුම් සුභපැතුම්‍‍‍‍.... අපි නං අමද්‍යප..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්