ස්කයිප් ආදරය
තීර රෙදි දමා වැසු
ජනෙල්
අගුළුලු දොරවල්
සීල් තැබු කලක මෙන්
වැසු කාමරයක
හැරැනු තිරයක
සජීවි රැවක්
එබිකම් කරයි නිතරම.....
සුළඟට වැනෙන නැසෙන
නිතැම අවුල් වුන
සබදතාවක් මගින්
එන යන දකින ඒ රැව
විටක තිත් මතින්
විටක කොටු මතින්
අපහැදිලිව බොඳවු
දසුනක් වුවත්
මට පෙනෙන නොපෙනෙන ඒ
රැව........
දැක නොදැක වුවද
මගේ සිත සනසන නුඹ
කෙටෙන අකුරක් වුවද මට
මහමෙරක සතුට ගෙනෙයි
නිතර.....
______සිහින මදාරා උමගිලිය_____
කෙටිම කෙටි රාමුවක
මහා ආදරේ අහසක් හොයාගෙන
පියඹන්න හිතන
හිත් දෙකක කතාව..
විටෙක අකුරු අතර
විටෙක හඬ අතර
ආදරේ ඒ අළුත්ම මතකය
ජිවිතයට තිළිණ කල..
එන යන සම්බන්දතාව
අපේ සබදකම වැඩි කල
නොපෙනෙන රැහැන් අතර
සජීවි නුඹට හාදු පිදුව..
හදිසියේ නතර වෙන
හිත් රිදුම් අරන් එන
අපේ ආදරේ එකම එක
පෙම් කාව්‍ය..
____ දිනේෂ් උමගිලිය ____
කවියක් නොවු සිතුවිල්ලක් උනත් මේකට සිතුවිල්ලක් අකුරු කරන්න හිත දෙන්නේ නෑ.. ඒ කවියේ හැම දේම ලිය විලා නිසා..
ආ.. ඔන්න ඔයා කැමතිම විදිහට ඔයාගේ නම වෙනස් කලා... :)




කෝලං...
ReplyDeleteහි හි
කෝලා.. ඒ මොකක්ද ඒ???
Deleteමේ කතාව්නෙ පෝස්ට් නම් තව කොච්චර ලියන්න පුලුවන්ද :D
ReplyDelete".. කතාවෙන්"
Deleteගොඩක් ලියලා තියෙන්නේ දැනටම හසිත මලයා.. හැමදාම එකක් වගේ ලියවෙනවමයි.. ඒත් ඒ හැම් එකක්ම නෙමෙයි ඉදලා හිටලා එකක් මේකෙත් දාන්නම්...
Deleteඋඹටත් වෙච්චි දෙයක් නේද? :D
ReplyDeleteඒකනේ කියන්නේ සබියෝ... කොහොම හිටිය මමද? :)
DeleteIf Someone truly loves you, Distance is not a problem. It's just the power of making Love grow each day..!!!
ReplyDeleteඅවංක ආදරයට බාධාවත් බාධාවක් නොවේ..
සුබ පැතුම් දෙන්නටම..!!! :)
මේක ඉතින් මට විතරක් නෙමෙයි.. තව අයටත් අදාලයි.. ඔය ස්කයිප් එකෙක් ආදරේ කරන..
Delete//එන යන සම්බන්දතාව
ReplyDeleteඅපේ සබදකම වැඩි කල// ලංකාවේ කනෙක්ෂන් එකේ වේගය හොඳ නෑ කියන්නේ කවුද? මේ බලන්න දියුණු වුන මිනිස්සු.
අනේ මන්දා අසාර් අයියේ ඒකනම්.. කොමත් දවසට දෙපාරක් වත් කනෙක්ෂන් අවුල් යනවම තමා... :)
Deleteදැන් ඔය ආදරේ ගැන අපිව ආපහු අප්ඩේට් කරොත් නරකද අනේ?
ReplyDeleteහෙහ් හෙහ්.. අළුත් තතු නේද???? :)
Deleteනැන්දම්මා එක්ක ඇරෙන්න අනිත් හැමෝම එක්කම කතා කරලා තීනවා.. ඔක්කොම දැන් මාත් එක්ක ෆිට්.. එනකම් බලන් ඉන්නේ.. එයාගේ මාමලා මට කියන්නේ මල්ලී කියලා.. :) තව............... දැනට එච්චරයි... ;)
ශා සෑහෙන දියුණුවක් නේ....නැන්දම්මත් ඉක්මනට ශේප් වෙයි...ඔහොම යමු :)
Deleteනැන්දම්මගේ අකමැත්තක් නෑ.. මම තාම ඩිරෙක්ට් කතා කලේ නෑ.. :)
Deleteකිරි කවඩි සිනා නොදැක බැදුන ආදරේ .....
ReplyDeleteඒකනම් ඇත්තම ඇත්ත අක්කේ.. ලබන අවුරුද්ද වෙනකන් ඉන්න එපැයි හරියට දකින්න... :|
Deleteආදරේ වැඩි උනාම කවි ලියවෙනවා නේද? කවි දන්නේ නැති අය ගැන හිතට පුදුම දුකක් දැනෙන්නේ...:)
ReplyDeleteකීවත් වගේ දැන් ඔය ආදර කතාවේ ඉතුරු හරිය කියලා දුන්නානම්.
දවස තිස්සෙම කතා කරලා ඉවර වෙලා තනියෙන් ඉද්දි ආයෙ ඒ දේවල් මතක් වෙද්දි කවියක් ලිය වෙනවා අක්කේ..
Deleteමෙහෙමයි ඉතින්.. ආදර කතාව එයා ලියන්නම් කිවුවනේ... ඉතින් මම එයාටම ලියන්න දුන්නා.. :)
danmama ayithi karagena wage.. ;)))
ReplyDeleteනැතුව නැතුව..
Deleteනියමයි...
ReplyDeleteතැන්ක්ස්.......
Deleteඉතුරු හරිය කෝ
ReplyDeleteඉතිරිය පසුවට...
Deleteඅපේ උණුසුම් සුබ පැතුම් ...!!!
ReplyDeleteතැන්කූ රොබින්...
Deleteලස්සනයි
ReplyDeleteඔබට ජය!
තැන්කූ වකා...
Deleteමොකද්ද අප්පේ මේ වෙන්නේ
ReplyDeleteදන්නේ නැද්ද ඉතින් මේ.......... :)
Deleteහි හී.. දිනේස් කොළුවටත් දැං වෙන දේවල්.. ;)
ReplyDeleteජය වේවා.. සුභ පැතුම් දෙන්නටම :)
ඒකනේ කියන්නේ.. දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයි නේ... :)
Deleteඑලකිරිය පස්ටය ජයවේවා තව වැඩි වැඩියෙන් මල කැඩීමට ලෑබේවා.
ReplyDeleteඉයේ ටික වෙලාවක් මල් කැඩුවේ උඹ නිසානේ ඉතින්.. තැන්කූ වේවා ආයෙම... :)
Deleteමාර රොමෑන්ටික් පෝස්‍ට් එකක් නෙ...! ආදරේ උතුරනවා වගේ..
ReplyDeleteදෙන්නත් එක්ක ස්කයිපි හොයාගත් එක්කෙනාට තෑග්ගක් ගොහින් දෙන්න...!
ඒකත් හොද අදසහ.. ඇත්තටම කවුද අයියේ ස්කයිප් හොයා ගත්තේ.... :)
Deleteමමත් දන්නේ නෑ.. හැබැයි ඉතින් මලයාට නම් ඒක හොයා ගන්නට වෙනවා
Deleteහොයා ගත්තා.. Niklas Zennström සහ Janus Friis 2003 අවුරුද්දෙදි හොයාගෙන තියෙන්නේ.. හබැයි 2011 ඉදන් මේක අයිති Microsoft එකටයි කියලා විකිපිඩියා එක කියන්නේ... :)
DeleteThis comment has been removed by the author.
Deleteඅම්මෝ ඇත්තටම මෙයා ඒක හොයාගෙනනේ... ඒකත් අන්තිමට මයික්‍රෝසොෆ්ට්ලට ගිහින්නේ... දැන් ඉතින් දිනේශ් මලයටයි මදාර නඟාටයි වෙන්නේ ගේට්ටු බිල් අයියාව හම්බවෙන්න යන්න තමා... තෑග්ගට මොනාද ගෙනියන්නේ??
Deleteමල් හතයි. දෙන්නටම ජය වේවා :)))
ReplyDelete-වර්ණා-
මල් පැත්තකින් තියමු... මොකෝ මේ අපේ කපු නෝනා දැන් ඇනෝම එන්නේ?? මොකො කේස් එක?
Deleteපොල් මලේ කෙස් එක තමයි හැක හැක හැක.
Deleteඅයියෝ ඔෆිස් එකේ ඉඳං එද්දී කම්මැලිකමට ලොග් නොවී ඇනෝ දානවා :)
උණුසුම් සුබ පැතුම් දිනේෂ් අයියේ! මදාරා අක්කා ඇත්තටම 'උමගිලිය' කෙනෙක් වෙන්නේ කවදද? මට ආයෙත් වෙඩින් කේක් සිහිනයක් පෙනේ....
ReplyDeleteමල්ලි නරක හීන දකින්න එපා.. කෑම බීම හිනෙන් දකින්න හොද නෑලු... :)
Deleteතව අවුරුද්දකින් විතර... කට්ටියටම කියන්නම්...
YES!!!!!
Deleteකියවද්දි මේ සොඳුරු කවි පෙල
ReplyDeleteමතක් වෙනවා මට මගේ අතීතය
අපිටත් තිබුනා නොවැ ඔහොම කාලයක්
සයිබර් යායේ සොඳුරු පෙම් කවක්
එයා එහා කෙළවරේ මම මෙහා කෙලවරේ
සයිබර් අවකාශයේ අපි වයර් කොන් දෙකේ
කඩින් කඩ කැඩුණු ඒ කනෙක්ශන් එක දිගේ
නොකැඩෙන්න බැඳුණු ඒ කුළුදුල්ම ආදරේ
කාව්‍යා එහෙම ලියන කොට මටත් මතක් උනා...සුන්දර අවදියක් ඔය වගේම
Deleteකාව්‍යා අක්කා මාත් එක්ක ඔය විස්තරේ කිවුවනේ.. ඇත්තමයි අක්කේ අවුරුදු දෙකක් ඔය දෙන්න ලංකාවේ ඉදලත් මුණ ගැහෙන්නේ නැතුව කොම හිටියද මන්දා.. මට නම් දැනටම බෑ.. :|
Deleteළිහිණි : එහෙනම් හැමෝටම මේ වගේ මතක තියෙනවා වගේ..
Deleteහ්ම්ම්...ඒ හින්දම කවියේ හැම වචනයක්ම නොකියවා උඩින පල්ලෙන් කියව්වේ..අතීතය මතක උනාම අයම හිත පැරෙන නිසා..
Deleteආව්ස් අම්මා ගුං ඩුංංංංං
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොකො රජෝ උඹට මොනා හරි උනාද?
Deleteහිහිහි... ඔය දැනෙන්නේ..
ReplyDeleteඒකනේ අයියේ...
Deleteඔව් අයියේ ඔයාලගේ ලස්සන ආදරේ ගැන කවියෙන් හොදට කියවෙනවා..ලස්සනම ලස්සනයි..ස්කයිප් ආදරයට සුභ පැතුම්..!!
ReplyDeleteතැන්කු තැන්කූ නංගියෝ.. දැන් අපිට රිප්ලයි කවි නෑ..
Deleteආඅ... ඔය තියෙන්නෙ... නියමයි ආ... ජය වේවා!!!
ReplyDeleteඒකනේ.. මේ තියෙන්නේ ඉතින්... :)
Deleteඔන්න ඔහොමලු උනා කියන්නේ ..... අපෙන් සුප පැතුම්! ඔය ආදරය එළෙසින්ම පවතීවා !
ReplyDeleteඉතින් ඔහොමලු වෙන්නෙත්... :)
Deleteලස්සනයි :)
ReplyDeleteහැමදාම මේ විදිහටම සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම
තෑන්ක්ස් ප්‍රමුදි.. :)
Deleteහරි හරී ලඟින්ම තියාගෙන බල බලා ඉන්න පුලුවන් දවස ළඟ ළඟම එනවනේ! අමාරුවෙන් බලා ගත්තහම තමා අගේ වැඩි!
ReplyDeleteකවි 2ම නියමයි!
ඇත්ත ඇත්ත යාළුවා.. පොඩි හරි කට්ටක් කන්නත් එපැයි ඉතින්.. නැත්නම් වැඩකුත් නෑ... :)
Deleteදිනේශ්ගේ අළුත් වෙනසින් පස්සෙ වර්ණ තවත් හැඩ වෙලා කියලා නොකියා ගියොත් හරි නෑනෙ..
ReplyDeleteකවිපෙල නම් හරිම රොමැන්ටික්..
ඔව් ඔව් අක්කේ.. දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයි නේ... :)
Deleteලස්සනයි කවි.....දෙන්නටම මගෙන් සුභ පැතුම්!!!
ReplyDeleteතැන්කූ තැන්කූ.. :)
Deleteමල්ලිගෙයි නංගිගෙයි පොඩි උනුත් කවදා හරි බ්ලොග් (හෝ ඊට වඩා දියුණු මොකක් හරි) ලියයි නේද, අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව කියල?
ReplyDeleteලස්සනයි මල්ලි
අක්කට කියන්න ඕක මේ දවසක් මදාරත් ඇහුවනේ චැට් එකකදි.. :) ඔව් ඔව් සමහර විට ලියාවි.. බ්ලොග් වලට ආදරේ කලොත් එයාලත්.. :)
Deleteඉතිහාසගත වෙන ආදර අන්දරයක හැඩහුරුකමක් පේනවා.
ReplyDeleteමට මතකයි ඉන්දියාවේද කොහෙද ස්කයිප් ෆේස් බුක් වගේද මන්ද මොකක්ද සමාජ වෙබ් සයිට් එකකින් දැන අඳුනගෙන කිලෝමීටර් අම්බානක දුර ඉන්න දෙන්නෙක් කසාද බැඳලා. අන්තිමට ඒ වෙඩිමට ජාත්‍යන්තර ප්‍රචාරයක් පවා හම්බුනා.
සුභ පැතුම් දිනේෂ් අයියේ.
ඒකත් එහෙමද? දන්නෙත් නෑ.. අපිටනම් ඉතින් එවුවා නැති උනාට කමක් නෑ.. :)
Deleteඇත්තට.....අපේ පරම්පරාව ස්කයිප්,මුහුණුපොතෙන්,බ්ලොග් වලින් ආදරේ හොයා ගනිද්දි අපේ පොඩි එවුන් මොන මොන ක්‍රම වලින් ආදරේ හොයා ගනීද?
ReplyDeleteමේක දැක්කහම මටත් මුහුණුපොතේ මගේ ආදරේ මතක් වුනා හ්ම්ම්ම්....හරිම සුන්දරයි
දැනටමත් ස්පීඩ් ඩේටින් අනං මනං තියෙද්දි ඉස්සරහට මොනා වෙයිද මන්ද.. බලන් ඉමුකො නේ..
Deleteඑහෙනම් බිනරිටත් මේ අත්දැකිමම තියෙනවා.. :)
මමයි කුරුල්ලයි හම්බවුනෙත් මූණු පොතෙන්.දැන් හැමෝටම හරියන කාලේ වගේ.සුබ පැතුම් අය්යේ.
ReplyDeleteහරි ගිය කාට්ටිය තව ඉන්නවා ලිස්ට් එකේ.. තාම එයාලා නම් ප්‍රසිද්ධ කලේ නෑනේ.. මාත් මේ බලන් ඉන්නේ ඒ අය කවද්ද ඒව කියන්නේ කියලා.. මම ඇරුනම තව බ්ලොග් වෙඩින් කීපයක්ම මේ දවස් වල තියේ... ( ඔන්න පොඩි රහසක්. )
Deleteමේ කුරුල්ලා කිවුවේ කවුරු ගැනද? අපිත් දන්න කෙනෙක්ද?
ඇත්තටම මට ගොඩක් සතුටුයි යාළු ඔයාලගේ ආදරේ ගැන..
ReplyDeleteආදරේ ලස්සනට ආදරෙන් පරිස්සම් කරන්න..
ඔබට හොඳ හිතක් තියනවා කියල මට හිතෙනවා ඔබ ලියන දේවලින්..
හැමදාම සතුටින් ඉන්න..:)
තැන්කූ තැන්කූ හිරූ.... :)
Deleteනොදැක ඉන්න බැරුව ඉන්න
ReplyDeleteමගෙ මලයගේ ආදරේ
දැක ගන්නට ඉක්මනින්ම
හැකි වේවා ඈ අනේ.....
අපේ අක්කගේ සුභ පැතුම... තැන්කු තැන්කූ.. :)
Deleteදෙන්නම දැන් කවි ලියනවා හිටු කියලා. මරු!!
ReplyDeleteඔක්කොම කවි වල ආදරේ බේරෙනවා..
එච්චරම ලියන්නේ නෑ මධු අයියේ.. ඉඩ තියෙන වෙලාවට ලියනවා..
Deleteපැණි බේරෙන ආදරයක්! සන්තෝසයි මලේ!
ReplyDeleteතැන්ක්ස් අයියේ.
Deleteඑළ ඈ...ජය වේවා...
ReplyDeleteතැන්කූ.. :)
Deleteසුන්දරයි..........
ReplyDeleteස්කයිප් කීපු ගමන් මතක් වෙන්නෙ අසුන්දර දේ.... ඒත් හැමදේකම හොද පැත්තක් තියෙන බව හොද මිනිසුන් සිටින බව පේනවා.
ඉක්මනින්ම හමුවේවා කියල පතනවා.........
ඇත්ත වත්සලා අක්කේ.. කොයි දේත් නරක දේවල් තමා ඉස්සෙල්ල මතකයට එන්නේ..
Deleteතව මාස 11 බලන් ඉන්න ඕන අක්කේ.... :(
යේ යේ නම වෙනස් වෙලා.... තැගි ස්කයිප් එකෙන්.
ReplyDeleteහා හා... එහෙනම් හෙට උදේම ඕන... :)
Deleteඋඹලා දෙන්නා බැන්දද ?
ReplyDeleteහෙහ්.. නෑ නෑ තාම නෑ.. :)
Deleteආදරය වරුසාවකි.. තෙමෙන්නට කවුරුත් කැමති..
ReplyDeleteසුබ දවස හමුවේවා..එහි අරුත වැඩියෙන් දැනේවා..
ආදරය නම් වරුසාවේ තෙමෙන්න්න කවුද අකමැති.. සුබ දවස ඉක්මනටම එනවනම්...
Deleteස්තුතියි අයියේ..
කවිකාරයො දෙන්නෙක් මෙන්න මගෙන් සුභ පැතුම්.
ReplyDeleteමෙයාට තියෙන කවි පිස්සුවෙ හැටියට හොදයි කවි ලියන්ඩ පුළුවන් කෙනෙක්ම සැට් වෙච්ච එක..D
ReplyDeleteයකඩෝ දැන්මම නමුත් වෙනස් කරල. :D
ReplyDeleteමටත් තව ටික කාලෙකින් ස්කයිප් සරණං ගජ්ජාමි තමා. :(
කරනා විටදි ආදරයෙන් ස්කයිප් කෝල්
ReplyDeleteසිහිවෙයි මටත් මම කරනා වැඩ ආතල් :D
මා සිත්ගත් අපූරු කිවිදාට අහම්බෙන් හමූ වූ කිවිදියටයි මේ....ආදරේ ජීවිතේ ජීවත් කරවන හැටි අපූරුයි මදාරා කෙල්ලේ...ඒ ආදරේට ආදරේ වැඩි වුණාම හිතට දුක ඉරිසියාව වේදනාව නිතරම එනවා....ඒකයි ආදරේ ඒකයි ජීවිතේ...
ReplyDeleteලස්සනයි කවිය මදාරා ඊට නොදෙවෙනි පිළිතුරු කවිය ඇත්තටම ලස්සනයි දිනේෂ්...සුභ පතනවා ඔය ආදරේ ඉක්මණින් එක්වන්න කියලා බලෙන් වෙනස් කරපු නම ඉක්මණින් වෙනස් කර ගන්න...
ස්කයිප් සරණං ගජ්ජාමි!
ReplyDeleteවට්ස්ඇප් සරණං ගජ්ජාමි!
මැසෙන්ජර් සරණං ගජ්ජාමි!
මාත් කියන්නේ ඔහොම තමා:(
හප්පා මාර සීන් එක නේ.....
ReplyDelete