ලයින් අක්කගෙ හොර ලවු එක
ලයින් අක්කා කිවුවම කට්ටිය බලනව ඇති කවුද මේ කියලා.. ලයින් අක්කා කියන්නේ අපේ දොත්තොරෙස්සා අක්කටම තමා.. එයාට ඔය අළුත් නම දැම්මේ මදාරනේ.. ඒක ඉතින් වෙනමම කතාවක්.. මම කියන්න ආපු කතාව කියලා ඉන්නම්කෝ..
ලයින් අක්කට දැන් වයස අවුරුදු 30ක්.. දැක්කනම නම් ඉතින් එහෙම පේන්නේ නෑ තමා.. 1982 නොවැම්බර් 02 තමා උපන්දිනේ.. සිසිලියේ හිටියට එයාට තියෙන්නේ රෝම සම්භවයක්.. මතක ඇතිනේ මම කලින් වතාවක් “එහෙම වෙන්නේ ඇයි?” පෝස්ට් එකකින් ඔය මුහුවීම් ගැන සවිස්තරව කිවුවා.. ඉතින් මෙයත් එහම තමා.. අම්මා රෝම් වල.. තාත්තා සිසිලියේ පැලර්මෝ වල.. පැලර්මෝ වල ඉපදිලා සිසිලියේ ඉස්කෝලේ ගිහින් රෝමේ උසස් අධ්යාපනය හදාරලා දොස්තර විභාගෙ ලියලා ආයෙම මෙහෙම රස්සාවට ඇවිත්.. ආ.. තව මෙයාට ලස්සන සහෝදරියක් ඉන්නවා නාපෝලි වල පදිංචි වෙලා.. විස්තර ඔය ඇති.. තව එවුවා කියන්න පුළුවන් උනාට ඒවා ඕන නෑ.. :)
තැන් කීපෙකම වැඩ කරලා අක්කා මේ ෆාමසියේ වැඩට එන්නේ මීට අවුරුදු 5කට කලින්.. දැන් නම් ෆාමසියේ ලොක්කා නැති දාට ලොක්කා එයා තමා.. ඒකෙනුත් වාසි මට.. එවුවා වැඩක් නෑ..
අක්කගෙ කතා බහත් ප්‍රියමනාප පෙනුමත් හින්දම ෆාමසියට එන ගොඩ දෙනෙක්ගේ හිත දිනාගෙන තමයි ඉන්නේ.. ඕන කෙනෙක් ආව ගමන් අහන්නේ කෝ මෙයා නැද්ද කියලා.. කෝම හරි ඉතින් ෆාමසියට එන අක්කගෙම වයසේ කොල්ලෙක්ගේ හිත මෙයාට ඇදිලා ගිහින් තියෙන බව මමත් දැන ගත්තේ ගොඩක් කාලෙකට පස්සේ..
ඒ මෑන්ස් ෆාමසියට එද්දි අනිත් කවුන්ටර් හිස් වෙලා තිබ්බ උනත් අනිත් උනුත් කතා කරනවා මෙයාටම..අක්කා ඉතින් ගොඩක් වෙලාවට ඉන්නේ මාත් එක්ක ලැබ් එකේම තමා.. ඉතින් මුලින් මුලින් මම හිතුවේ මේ මෙයා යාළු වෙලා ඉන්න මෑන්ස් වෙන්න ඇති කියලා.. අහන්න උවමනාවක් නොතිබුන හින්දම මාත් ඕක අහන් ගියේ නෑ.. කොහොමත් මෑන්ස් සතියට දෙපාරක්වත් එනවා ෆාමසියට.. ඒ එද්දි මොනා හරි කන්න දෙයක් අරන් එන්නනම් අමතක කරන්නේ නෑ.. ලවු සීන් නොවුනත් ඒක මුන්ගේ හැටියක්.. අපරාදේ කියන්න බෑ.. ෆාමසියේ හවසට කන්න දෙයක් නැති වෙන්නේ නම් නෑ කවදාවත්ම..
කොහොම හරි මට ඔක ගැන අක්කගෙන් අහන්න උවමනාවක් ආවේ ගිය අවුරුද්දේ වැලන්ටයින් එකේදී.. එදා ෆාමසියට එද්දි කවදාවත් නැතුව ලස්සන ඔරිජිනල් මල් පොකුරක් තියෙනවා වාස් එකක දාලා ලස්සනට.. ( අනිත් හැමදාම තියෙන්නේ කෘතිම එවුවා.. )
මෙහේ ඉතින් උත්සවේ හැටියටනේ මල්.. ඉතින් රතු රෝස දැක්ක ගමන් හිතා ගන්න පුළුවන් කාරනේ.. ඒත් ඉතින් ඕකක් ෆාමසියේ? මම නිකමට වගේ ඇහුවා..
“ ඔක මේ මාර්තාට කොල්ල දුන්න එක..”
ආ ඇත්තද කියලා මාත් හිනාවක් දාගෙන පෙම්වතුන්ගේ දිනේට සුභ පතලානිකන් ලැබෙන හාදුවත් අරගත්තට පස්සේ මෙයා කතා කලා..
“ බොරු දිනේෂ් දොත්තොරෙගේ..”
“ මොකක්ද?”
“ ඒ මගේ කොල්ල නෙමෙයි..”
“ නෙමෙයි.. මාත් හිතුවේ කොල්ලා කියලනේ..”
“ පිස්සුද දිනේෂ්.. මගේ එහෙම එකක් නෑ..”
“ අපි නොදන්නවයි ඒක..” අනිත් උන් මැදින් පැනලා කිවුවා.
ඊට වඩා දෙයක් මටත් කියන්න නොතිබුන නිසා මාත් වැඩිය මුකුත් අහන්න ගියේ නෑ.. උන්ගේ ලවු උන්ට.. මට මොකෝ කියලා..
“ ආ දිනේෂ්.. චොකලට් එකක්..”
අෆ්ෆා.. ඒ අවුරුද්දේ වැලන්ටයින් එකට ගහපු හොදම චොකලට් එක.. මට දැන් නම නම් මතක නෑ.. මොකද ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙන හින්දා.. මම සල්ලි දීලා ගත්තොත් ඇරෙන්න මට ඕවා හම්බුවෙන්නේ නැති නිසා මාත් කෑලි දෙකකටම වග කිවුවා.. බොරු කියන්නේ මොකටද ඉතින්..
“ ආ දොත්තොරෙස්සා.. යාළු නැති උනට උඹට ඉස්තරම්ම චොකලට් එක ගෙනත් දීලා නේ..”
“ අනේ මේ.. උබට ඕනනම් තව කෑල්ලක් කාපං.. විකාර කියවන්නේ නැතුව..”
ඊට පස්සේ කාලය හෙමීට ගෙවිලා ගියා.. ගන්න බෙහෙතක් නැතත් නිකමට හරි ෆාමසියට එන්න අර මෑන්ස් පුරුදු උනා.. අපිත් ඉතින් අපිට මොකො කියලා බලාගෙන හිටියා.. ඒ අතරේ කෑම බීම වලින් නම් අඩුවක් උනේ නෑ.. ගිය අවුරුද්දේ අක්කගේ උපන්දිනේට අපි කේක් කෑවෙත් මෑන්ස්ගේ ධන පරිත්යාගයෙන් තමයි.. මෙයත් ටිකක් මෑන්ස් වල වටේ අරන් යන බව අපිටත් තේරුනා.. ඒත් ඉතින් අපිට ඔවුවයින් වැඩක් නෑනේ කියලා අපි නිකන් හිටියා.. හැබැයි කවදාවත්ම ඒක ෆාමසිය ඇතුලේ ප්රශ්නයක් උනෙත් නෑ..
මේ අවුරුද්දෙත් වැලන්ටයින් ආවා.. අක්කා වගේම අපිත් හොදම චොකලට් එකක් කන්න මග බලාගෙන හිටියා.. වැලන්ටයින් දවසේ මම යද්දි මෙයා ඉන්නවා මුන දෙක කරන්..
“ කෝ දොත්තොරෙස්සා අද අපිට චොකලට් නැද්ද?”
“ අද තාම ආවේ නෑනේ දිනේෂ්..”
“ තව වෙලා තියෙනවනේ.. පරක්කු වෙලා ඒවි..”
එහෙම කිවුවට මොකද එදා දවසම මෙයාගේ හිත තිබ්බේ ෆෝන් එකෙයි බුකියෙයි.. දවසම ගෙවිලා ගියත් මෑන්ස් නම් ආවේ නෑ.. දවසම මූන දෙක කරන් හිටිය නිසා අපි කවුරුවත් ඒක අහන්න ගියෙත් නෑ.. අද වෙනකන් ඇහුවෙත් නෑ.. ඊට පස්සෙම අපි මෑන්ස්ව දැක්කෙත් නෑ.. මොකද උනේ කියලා ඉතින් කවුරුවත් දන්නේ නෑ.. අක්කා සමහර විට දන්නව ඇති.. ඒත් මම නම් අහන්න ගියේ නෑ.. දැන් නම් එහෙම මෑන්ස් කෙනෙක් ෆාමසියට ආවද කියලත් හැමෝටම අමතකයි..
ආ ඔය මෑන්සස්ව අක්කා වටේ යැවුවට අක්කට කොල්ලෙක් ඉන්නවා.. අවුරුදු 4 තිස්සේ දෙන්නා ලිවින් ටුගෙදර්.. තාම ට්‍රයි කරනවා වෙන්න ඇති.. බදින්න අදහසක් නෑ..
විශේෂයි : සතියකට විතර පස්සේ මේ පොස්ට් එකක් දාන්නේ.. වර්ණය මෙහෙම පාළුවට ගියාමද කොහේද.. පහු කර කර ඉන්න හිත ඉවසුව නැති ලොකුම ලොකු වැඩකට දුර ගමනක් ගිය නිසායි මේකට විරාමයක් තිබ්බේ..
බ්ලොග් ගොඩක් මිස් වෙලා.. අතරින් පතර කීපයක් නම් බැළුවා.. ආයෙම පරණ ඒව කියවනවා කියලානම් පොරොන්දු වෙන්න බෑ.. මේ වෙලාවේ ඉදන් ඉස්සරහට ආයෙම වෙනද වගේ කියවනවා..
අති විශේෂයි : විරාමෙට යන්න කලින් ඉදන්ම පහුගිය ටිකේ කීප දෙනෙක් වගේම මම නැති ටිකේ බුකියට මැසේජ් කරල වර්ණය ගැන හිතේ ඇති උන සැකයක් ගැන කීප දෙනෙක්ම අහලා තිබ්බා.. ඒකට උත්තර ඊළග පෝස්ට් එකෙන් දෙන්නම්..
ලයින් අක්කට දැන් වයස අවුරුදු 30ක්.. දැක්කනම නම් ඉතින් එහෙම පේන්නේ නෑ තමා.. 1982 නොවැම්බර් 02 තමා උපන්දිනේ.. සිසිලියේ හිටියට එයාට තියෙන්නේ රෝම සම්භවයක්.. මතක ඇතිනේ මම කලින් වතාවක් “එහෙම වෙන්නේ ඇයි?” පෝස්ට් එකකින් ඔය මුහුවීම් ගැන සවිස්තරව කිවුවා.. ඉතින් මෙයත් එහම තමා.. අම්මා රෝම් වල.. තාත්තා සිසිලියේ පැලර්මෝ වල.. පැලර්මෝ වල ඉපදිලා සිසිලියේ ඉස්කෝලේ ගිහින් රෝමේ උසස් අධ්යාපනය හදාරලා දොස්තර විභාගෙ ලියලා ආයෙම මෙහෙම රස්සාවට ඇවිත්.. ආ.. තව මෙයාට ලස්සන සහෝදරියක් ඉන්නවා නාපෝලි වල පදිංචි වෙලා.. විස්තර ඔය ඇති.. තව එවුවා කියන්න පුළුවන් උනාට ඒවා ඕන නෑ.. :)
තැන් කීපෙකම වැඩ කරලා අක්කා මේ ෆාමසියේ වැඩට එන්නේ මීට අවුරුදු 5කට කලින්.. දැන් නම් ෆාමසියේ ලොක්කා නැති දාට ලොක්කා එයා තමා.. ඒකෙනුත් වාසි මට.. එවුවා වැඩක් නෑ..
අක්කගෙ කතා බහත් ප්‍රියමනාප පෙනුමත් හින්දම ෆාමසියට එන ගොඩ දෙනෙක්ගේ හිත දිනාගෙන තමයි ඉන්නේ.. ඕන කෙනෙක් ආව ගමන් අහන්නේ කෝ මෙයා නැද්ද කියලා.. කෝම හරි ඉතින් ෆාමසියට එන අක්කගෙම වයසේ කොල්ලෙක්ගේ හිත මෙයාට ඇදිලා ගිහින් තියෙන බව මමත් දැන ගත්තේ ගොඩක් කාලෙකට පස්සේ..
ඒ මෑන්ස් ෆාමසියට එද්දි අනිත් කවුන්ටර් හිස් වෙලා තිබ්බ උනත් අනිත් උනුත් කතා කරනවා මෙයාටම..
කොහොම හරි මට ඔක ගැන අක්කගෙන් අහන්න උවමනාවක් ආවේ ගිය අවුරුද්දේ වැලන්ටයින් එකේදී.. එදා ෆාමසියට එද්දි කවදාවත් නැතුව ලස්සන ඔරිජිනල් මල් පොකුරක් තියෙනවා වාස් එකක දාලා ලස්සනට.. ( අනිත් හැමදාම තියෙන්නේ කෘතිම එවුවා.. )
මෙහේ ඉතින් උත්සවේ හැටියටනේ මල්.. ඉතින් රතු රෝස දැක්ක ගමන් හිතා ගන්න පුළුවන් කාරනේ.. ඒත් ඉතින් ඕකක් ෆාමසියේ? මම නිකමට වගේ ඇහුවා..
“ ඔක මේ මාර්තාට කොල්ල දුන්න එක..”
ආ ඇත්තද කියලා මාත් හිනාවක් දාගෙන පෙම්වතුන්ගේ දිනේට සුභ පතලා
“ බොරු දිනේෂ් දොත්තොරෙගේ..”
“ මොකක්ද?”
“ ඒ මගේ කොල්ල නෙමෙයි..”
“ නෙමෙයි.. මාත් හිතුවේ කොල්ලා කියලනේ..”
“ පිස්සුද දිනේෂ්.. මගේ එහෙම එකක් නෑ..”
“ අපි නොදන්නවයි ඒක..” අනිත් උන් මැදින් පැනලා කිවුවා.
ඊට වඩා දෙයක් මටත් කියන්න නොතිබුන නිසා මාත් වැඩිය මුකුත් අහන්න ගියේ නෑ.. උන්ගේ ලවු උන්ට.. මට මොකෝ කියලා..
“ ආ දිනේෂ්.. චොකලට් එකක්..”
අෆ්ෆා.. ඒ අවුරුද්දේ වැලන්ටයින් එකට ගහපු හොදම චොකලට් එක.. මට දැන් නම නම් මතක නෑ.. මොකද ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙන හින්දා.. මම සල්ලි දීලා ගත්තොත් ඇරෙන්න මට ඕවා හම්බුවෙන්නේ නැති නිසා මාත් කෑලි දෙකකටම වග කිවුවා.. බොරු කියන්නේ මොකටද ඉතින්..
“ ආ දොත්තොරෙස්සා.. යාළු නැති උනට උඹට ඉස්තරම්ම චොකලට් එක ගෙනත් දීලා නේ..”
“ අනේ මේ.. උබට ඕනනම් තව කෑල්ලක් කාපං.. විකාර කියවන්නේ නැතුව..”
ඊට පස්සේ කාලය හෙමීට ගෙවිලා ගියා.. ගන්න බෙහෙතක් නැතත් නිකමට හරි ෆාමසියට එන්න අර මෑන්ස් පුරුදු උනා.. අපිත් ඉතින් අපිට මොකො කියලා බලාගෙන හිටියා.. ඒ අතරේ කෑම බීම වලින් නම් අඩුවක් උනේ නෑ.. ගිය අවුරුද්දේ අක්කගේ උපන්දිනේට අපි කේක් කෑවෙත් මෑන්ස්ගේ ධන පරිත්යාගයෙන් තමයි.. මෙයත් ටිකක් මෑන්ස් වල වටේ අරන් යන බව අපිටත් තේරුනා.. ඒත් ඉතින් අපිට ඔවුවයින් වැඩක් නෑනේ කියලා අපි නිකන් හිටියා.. හැබැයි කවදාවත්ම ඒක ෆාමසිය ඇතුලේ ප්රශ්නයක් උනෙත් නෑ..
මේ අවුරුද්දෙත් වැලන්ටයින් ආවා.. අක්කා වගේම අපිත් හොදම චොකලට් එකක් කන්න මග බලාගෙන හිටියා.. වැලන්ටයින් දවසේ මම යද්දි මෙයා ඉන්නවා මුන දෙක කරන්..
“ කෝ දොත්තොරෙස්සා අද අපිට චොකලට් නැද්ද?”
“ අද තාම ආවේ නෑනේ දිනේෂ්..”
“ තව වෙලා තියෙනවනේ.. පරක්කු වෙලා ඒවි..”
එහෙම කිවුවට මොකද එදා දවසම මෙයාගේ හිත තිබ්බේ ෆෝන් එකෙයි බුකියෙයි.. දවසම ගෙවිලා ගියත් මෑන්ස් නම් ආවේ නෑ.. දවසම මූන දෙක කරන් හිටිය නිසා අපි කවුරුවත් ඒක අහන්න ගියෙත් නෑ.. අද වෙනකන් ඇහුවෙත් නෑ.. ඊට පස්සෙම අපි මෑන්ස්ව දැක්කෙත් නෑ.. මොකද උනේ කියලා ඉතින් කවුරුවත් දන්නේ නෑ.. අක්කා සමහර විට දන්නව ඇති.. ඒත් මම නම් අහන්න ගියේ නෑ.. දැන් නම් එහෙම මෑන්ස් කෙනෙක් ෆාමසියට ආවද කියලත් හැමෝටම අමතකයි..
ආ ඔය මෑන්සස්ව අක්කා වටේ යැවුවට අක්කට කොල්ලෙක් ඉන්නවා.. අවුරුදු 4 තිස්සේ දෙන්නා ලිවින් ටුගෙදර්.. තාම ට්‍රයි කරනවා වෙන්න ඇති.. බදින්න අදහසක් නෑ..
විශේෂයි : සතියකට විතර පස්සේ මේ පොස්ට් එකක් දාන්නේ.. වර්ණය මෙහෙම පාළුවට ගියාමද කොහේද.. පහු කර කර ඉන්න හිත ඉවසුව නැති ලොකුම ලොකු වැඩකට දුර ගමනක් ගිය නිසායි මේකට විරාමයක් තිබ්බේ..
බ්ලොග් ගොඩක් මිස් වෙලා.. අතරින් පතර කීපයක් නම් බැළුවා.. ආයෙම පරණ ඒව කියවනවා කියලානම් පොරොන්දු වෙන්න බෑ.. මේ වෙලාවේ ඉදන් ඉස්සරහට ආයෙම වෙනද වගේ කියවනවා..
අති විශේෂයි : විරාමෙට යන්න කලින් ඉදන්ම පහුගිය ටිකේ කීප දෙනෙක් වගේම මම නැති ටිකේ බුකියට මැසේජ් කරල වර්ණය ගැන හිතේ ඇති උන සැකයක් ගැන කීප දෙනෙක්ම අහලා තිබ්බා.. ඒකට උත්තර ඊළග පෝස්ට් එකෙන් දෙන්නම්..

එක ද මම?
ReplyDeleteඔව්නේ.... :)
Deleteවක දෙකවෙලා මට එක දෙනවද?
Deleteසාකච්චා කරලා විසදගන්න.. ඔන්න මොඩරේශන් අයින් කලා... මීට පස්සේ රණ්ඩු වෙන්න ඕන නෑ.. :)
Deleteහා එහෙනම්...ජ්‍යෙෂ්ඨත්වයට ගරුකරලා මම ඔබතුමීට දෙනවා.
Deleteඑක ඉල්ලගන්න දිනේෂ් අයියාගෙන්.
බට්ටි දුවගේ කමෙන්ට් එක නම් පට්ට !!
Deleteවකා : එහෙම කියන්න එපා.. එතකොට මම තෑගි වැඩ්යෙන් ගේන්න ඕනනේ.. :)
Deleteකියලා වැඩක් නෑ මධු අයියේ.. මම තේරුම් ගත්තේ පස්සේ... :)
Deleteවකාට තෑගි ඕනෙ නැතෝ....ඕනෙ හිතවත්, මනුස්සකම් විතරයි
Deleteඒවානම් දෙන්න පුළුවනි වකා ඕනම වෙලාවක.. :)
Deleteඑහෙනම් ඉතිං තව මොනවද?? :)
Deleteවැදගත්ම ඒකනේ යාළුවා.. :)
Deleteමමයි එක....
ReplyDelete(සිතමින් ..දැන් තෑගි තුනක් මෙයාට එද්දි ගේන්න වෙනවා..)
නෑ නෑ අද දෙක.. තෑගි නෑ..... :)
Deleteවෙනදා වගේම අදත්...බ්ලොග් එක නම් superb :)
ReplyDeleteතැන්කූ වේවා...
Delete:) :) මාර කතාවක් තමා..ඔන්න අපිත් කියෙව්වෝ ....
ReplyDeleteමාර කතා කියන්නේ ඉතින්.. එක්කෝ ඕන නෑ... :)
Deleteඔය හරහට කපලා තියෙන කෑලි දැක්කම සමහරුන්ට නම් ටිකක් කේන්ති යයි. ලංකාවේ හිටියනම් අනිවා කොනිති පාර හම්බ වෙනවමයි. හික්ස් :)
ReplyDeleteඅත්දැකීමෙන්මයි කියන්නේ...
අඩේ ඒ අක්කත් ලිවින් ටුගෙදර් ද... එල නේ !! :)
ඕවා කියන්න එපා මධුරංග අයියේ.. මේක බලලා ඕවා කරන්න හිතුනොත් එහෙම...
Deleteඅමතක උනා.. තව අවුරුදු 2කටවත් බදින්නෙත් නෑ... :) එලනේ...
Deleteමම නම් අහලා තිබුනේ ඔය යුරෝපිය ජාතිකයො හරි ස්ට්‍රේට් ෆොර්වර්ඩ් කියලා.. බලපුවම උනුත් හැංගි හොරා ලවු..
ReplyDeleteඑයා දොස්තර විභාගෙට ලියලා ෆාමසියක මොකද මලේ කරන්නෙ.. එච්චරටම ඔය රට බල්ලට ගිහිල්ලද ?
කමෙන්ට් මොඩරේශන් අයින් කරපු එක ගැන මාගේ ප්‍රණාමය !.. මල වදයක් ඒක.
Deleteසමහර වෙලාවට නම් එහෙම තමා.. ඒත් ඉතින් මේ වගේ කට්ටියගේ හැටි දන්නවනේ.. වටේ යවන්නම නේ බලන්නේ..
Deleteනෑ නෑ අයියේ.. ෆාමසි වල බෙහෙත් දෙන්නත් කරන්න ඕන දොස්තර විභාගයක්මයි.. ඒක අනික්වට වඩා වෙනස්... :)
ඔව් මොඩරේශන් අයින් කලා.. කේතු ගොඩක් නිසා...
ඕන නෑ.. :)එවුවා වැඩක් නෑ..
ReplyDeleteඅන්න ඒව තමයි සැක!
ඉස්සර වගේ දැන් ඔවුවා විස්තර කිරීම සරීර සෞඛ්‍යට එච්චර හොද නෑනේ රාජ් අයියේ... :)
Deleteමදැයි මේගොල්ලොත් නිකං චොක්ලට් කන්න බලන් හිටියා.
ReplyDeleteමෑන්ස් ගේන්නේ ඉස්තරම්ම එවුවනේ නලිනි අක්කේ.. ඒකනේ ඉතින් අපිත් මග බලාගෙන හිටියේ..
Deleteකිස් එකක් දෙන්න ගිය අක්කා ගැන නේද මේ කියන්නේ :D
ReplyDeleteඔව් ඔව්.. මේ අක්කම තමා.. :) හසිතට හොද මතකයක් තියෙනවනේ.. බ්ලොග් එකේ ලියන ඒවා වගේම..
Deleteහූ... මේකෙ දාල තියෙන කාටුන් පොටෝව ගැන මම නම් මොකුත් අහන්නෙ නෑ...
ReplyDeleteඅක්කටයි, කොල්ලටයි හැමදාම ලිවින් ටුගෙදර් කරන්න ලැබේවා කියල තමයි කියන්න තියෙන්නෙ.... දන්න උන් දෙන්නෙක් ඉන්නව අවුරුදු බර ගානක් ෆන් එකේ ලිවින් ටුගෙදර්... බැන්දා විතරයි කොකු...
ලොකු අයියා මොනා හිතුවද මන්දා.. එක්කෝ අහන්නේ නෑ කිවුව එකේ ඒවා ඕන නෑ..
Deleteඒකනම් මාත් පිළිගන්නවා.. මෙහේ ගොඩක් වෙලවට වෙන්නේ ඕක තමා.. අපේ ලොක්කත් පේන්නේ නැද්ද.. හැමදාම ලිවින් ටුගෙදර්..
අවුරුදු 4 තිස්සේ දෙන්නා ලිවින් ටුගෙදර්. :P
ReplyDeleteපට්ට නේද ???
Deleteඅපට අහු වෙන්නේ නෑනේ ඔහොම කේස් !!!
මධුරංග අයියා..දැන් තේරෙනවද මේ රටවල වැඩ? අවුරුදු 4 නෙවේ 6..8 පවා ලිවිංටුගෙදර් අය ඉන්නවා..මෙයාල මැරි කරන්නෙ ලිවිංටුගෙදර් කාලයක් ඉඳල ඔක්කොම හොඳද කියල බලල තමා..හොඳ නැත් නම් හරිම සමාදානෙන් වෙන් වෙනව යාලුවො වගේ ඉමු කියල..බුදු අම්මෝ අපි නම් අහුවෙයි ඕවට..!
DeleteThis comment has been removed by the author.
Deleteචම්මා.. අවුරුදු හතරක් කියන්නේ පොඩි කාලයක්ද ඉතින්... :)
Deleteමධුරංග අයියේ.. මධු අයියත් ඔය යුරෝපෙකට පැනලා සුද්දියෙක් සෙට් කර ගන්න.. වැඩේ ලේසියි..
කිරිල්ලි හරි.. ලිවින් ටුගෙදර් ඉදලා පළවෙනි ළමයා ලැබුනම තමා බදින්නේ.. එතකන් ඕවා ගැන හිතන්නේ නෑ.. මම දන්න ගොඩක් අයගේ වෙඩින් ෆොටො වල පළවෙනි දරුවා ඉන්නවා.. :)
Deleteඇත්ත කොච්චර කාලයක් ඉදලා ගොඩක් දේවල් කලත් වෙන් වෙනවා ශේප් එකේ..
මමනං මොකුත් කියන්න යන්නේ නෑ... කිව්වොත් මම නරක මිනිහා වෙනවා :-))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මම දැක්කා පහුගිය ටිකේ රජා නරක් වෙලා තියෙනවා... ඒ හින්දා කියන්න එපා.. :)
Deleteලයින් අක්කාට කියනවා මෙහෙම එයා ගැන ලිවුවා කියලා :ඩී
ReplyDeleteහා හා කියන්නකෝ.. තාම මෙයා හරියට එයා එක්ක කතා කලෙත් නෑ.. :)
Deleteකොහොම හරි උඹලට චොකලට් නැති වුනානේ...
ReplyDeleteවැදගත්ම දේ අන්න ඒක.. ඇයි ඉතින් අනිත් දවස් වලට හම්බුවෙන කෑම..
Deleteසුද්දොන්ගෙත් හොර හොර ලව් තියේ නේ.. :)
ReplyDeleteකොහෙත් කොටු පැනීම් තියෙනවනේ රත්තෝ... :)
Deleteකොයි රටේ හිටියත් කෙල්ලො නම් එක වගේ. කොල්ලෙක් ඉන්නව නම් තව එවුන්ට වද දෙන්නෙ මොකටද!
ReplyDeleteඔය කිව්වෙ..ඔය කිව්වෙ.....
Deleteගිමන් නිවන්නා.. ඒ ඉතින් හැටි වෙන්න ඇති.. :)
Deleteඅහ් කිරිල්ලි.. :)
Deleteඉතිං ඇත්තනේ කිව්වෙ නේද දිනේශ්! :)
Deleteඇත්ත නේන්නම්... ( ඉස්සර වගේ නෙමෙයි.. දැන් පරිස්සමින් මම මේවා කියන්න ඕන..)
Deleteමාත් ඔය පැත්තේ එනවා ලිවින් ටුගෙදර් වෙන්න :පී
ReplyDeleteපොඩිකමට කියන කතාද මේ? :D:D:D
Deleteඑන්න එන්න චුටි පුතා.. 18 අඩුනම් වීසත් ගන්න පුලුවන්..
Deleteදැන් ඉන්න පොඩි උන අපි පොඩි කාලේ වගේ හොද නෑ පොඩ්ඩි අක්කේ... :)
Deleteබැඳලා එකට ඉන්නවද? එකට ඉඳලා බඳිනවද? මාර ප්‍රශ්නයක්නේ...
ReplyDeleteඅන්තිමට බලනකොට දෙකම එකයි.:)
ඕකට හොද උත්තරයක් තියෙනවා.. මට කියන්න බෑ පොඩ්ඩි අක්කේ.. ඒත් දන්නවා ඇතයි සිතමි. :)
Deleteහපොයි අනේ මන්දා....
ReplyDeleteඅයියව දැක්කකල්..අදනම් ආයෙත් මේ පැත්තම වර්ණ ගැන්විලා....
ඕවා ගැන හිතන්න එපා නගෝ..
Deleteමම නිවාඩුවකට ගියානේ නඟෝ.. ඒ පැත්තේ එන්න බරි උනා පහුගිය ඒවා බලන්න.. අද එක ඔන්න බැළුවා.. :)
වෙලාවට එයා එන එක නැවැත්තුවෙ.නැත්නම් දිනේශ් මල්ලි හෙන සයිස් වෙයි මෙහෙට එනකොට.
ReplyDeleteඒකනේ අක්කේ.. ඒකෙනුත් බඩේ පාර වැදුනේ මේ අහිංසක මටමනේ.. :)
Deleteහා මේ ඉන්නේ මෙයා මම බැලුවා කොහේ ගිහින්ද කියලා, ලයින් අක්කා හිකීස් එකත් මරු නම නේද?
ReplyDeleteගියානේ අක්කේ පොඩි රස්තියාදුවක්..
Deleteමරු නමදත් අහනවා.. අපේ වයිෆ් නම් දාන වැඩේට හරි සෝයි.. ( මටම කීයක් දාලද දැනට.. )
පව් අෆ්ෆ ...
ReplyDeleteකවුද? අක්කද? කොල්ලද? චොකලට් අහිමි උන අපිද?
Deleteහිකිස්!!! ඔන්න ඕක තමයි වැදගත්ම දේ? කව්ද පව් දැං..
Deleteමේ කියව්වාම වැඩියෙන්ම පව් කියල හිතුනේ "චොකලට් අහිමි උන ඔයාල"
අහ් එහෙනම් හරියටම හිතලා තියෙනව.. ලව් එක කාගේ කොහොම උනාම මොකො අපිට චොකලට් ලැබෙනවනම්..
Deleteයාළු වෙන්නැතිව වටේ යව යව ඉද්දි කාටද අනේ එපා වෙන්නැත්තෙ..ඒක නිසා වෙන්නැති මෑන්ස් අතුරුදහන් වෙන්නැත්තෙ..
ReplyDeleteඒකනම් ඇත්ත තමා.. කෙලින්ම බෑ කියනවා ඊට වඩා සැපයි නේ.. :)
Deleteඉස්කෝලෙ යන කාලෙ නම් එකෙක්ට වැලන්ටයින් නම් පන්තියටම වැලන්ටයින් තමා
ReplyDeleteනැතුව නැතුව.. කීයක් කියලා චොකලට්ද ඉතින්... :)
Deletemadai chocolat kanna hitiya neda dinesh ayya. :) ah....eka nemei dinesh ayya.dan oya rata idala enakota onna apita genna one chocolat hode...... :)
ReplyDeleteහෙහ්.. හා හා ගෙනත් දෙන්නම් ගෙනත් දෙන්නම්... ඕක මොකක්ද නඟෝ... :)
Deleteතාම ලව් නෑ..
ReplyDeleteහැබැයි ලිවිංටුගෙදර්..
එල නේ..
එලදත් අහනවා.. :)
Deleteහදිසියෙ බැඳලා ප්‍රශ්න ඇති කරගෙන ඉන්න සමහර අය දැක්කම හිතෙනවා ලිවින් ටුගෙදර් හොඳයි කියලත්. (සිඳුගෙන් සංස්කෘතික විරෝධී ප්‍රකාශයක්)
ReplyDeleteසිඳු නම් එහෙම කරන්න අදහසක් නෑ ඒත්
අනේ මන්දා ඉතින් ඕවානම්.. අක්කට නම් බදින්න ටිකක් ඕනකම දැන් තියෙනවා වගේ පේන්නේ.. ඒත් කොල්ලා තාම නෑ වගේ.. :)
Deleteසමහරවිට ඒ අයියට තේරෙන්න ඇති තහනම් ගහේ ගෙඩි කෑම හොද නැති වග ;)
ReplyDeleteමේවයේ අයට ඕවා තේරෙන්නේ නෑ මලයා... :)
Deleteලංකාවට ලගදි එනවා කිව්වා නේ. ඔය වැලන්ටයින් කතා එහෙම දානකොට ටිකක් පරිස්සමින් දාපං කොල්ලෝ :P
ReplyDeleteහෙහ්.. ඒකත් ඇත්ත තමා.. ඒ වෙද්දි මේවා අමතක වේවි.. :)
Deleteලිවින් ටුගෙදර් එකත් පස්ට සංස්කෘතියක්නේ අප්පා බලන් ගියාම. ඕනේ වෙලාවට ලංකර ගත්ත. එපා වෙලාවට අයින් කරා. ඒක නේද මේකේ තියරිය දිනේෂ් අයියේ.? සිරි ලංකාවේ අපිට ඕව ගැලපෙන්නේ නෑනේ ඉතින්.
ReplyDeleteඔව් ඔව් මලයා තියරි එකනම් ඒක තමයි.. වෙන් වෙද්දි උනත් කිසි අවුලකුත් නෑ හැබැයි..
Delete"සිරි ලංකාවේ අපිට ඕව ගැලපෙන්නේ නෑනේ ඉතින්."
මේවාට උත්තර දිලා ගුටි කන්න බෑ... :)
අම්මෝ ශෝයි ෆාමසියක්නි....කෑම අඩුනැති...
ReplyDeleteහිහි.... මූන දෙක කරන් කිව්වෙ මල්ලි ඒ ප්‍රේමවන්තයා ගියාට එයා දුකින්ද???...
කෑමෙන් නම් කිසි අඩුවක් නෑ.. දවල්ට කන්න බැරි උනත් අවුලක් නෑ.. බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ කියල ශුවර් ෆාමසියට ගියාම..
Deleteඔව්නේ.. දවස් දෙකක් විතර යනකම් එහෙම තමයි.. පස්සේ මතකත් නෑ.. :)
මේ පාර හරීයට වැරදිලා මේක කොටනකොට. ටිපෙක්ස් ගෑව නං හරි.
ReplyDeletehenryblogwalker the Dude
හෙහ්.. එහෙමයි ගුරුතුමනි..
Deleteහෆ්ෆා... ලිවින් ටු ගෙදර්!!! ඒකත් මාර දෙයක් තමා...
ReplyDeleteහා හා.. ඔයා ඒ ගැන හිතන්න එපා.. :)
Deleteයුරෝපා සංස්කෘතිය තුළ ලිවින් ටුගෙදර් එක තවත් සංස්කෘතියක් ලංකාවෙ හොරාට හොරාට එහෙමයි. එළියෙදි නම් ලපටි බෝපැල.
ReplyDeleteඒ මොනව වුනත් යුරේපයෙත් එහෙන් හොරෙන් හොරෙන් ඉඟි බිගි කම් පානවා එහෙනම්
ඇත්ත.. එකම වෙනස ඔනම දෙයක් එලිපිට කිරිම.. ඒකත් හැබැයි හොදයි වගේ බලන් යද්දි..
Deleteඒවනම් එහෙම තමයි රත්නායක අයියේ.. කොහෙත් ඉන්නේ එක වගේ කට්ටියනේ ඉතින්.. :)
හපෝ මාර අක්කා කෙනෙක් නේ...බලාගෙන යනකොට සෑහෙන වයසයිනේ ලයින් අක්කට
ReplyDeleteආ... වයසයි.. මේ මේ එහෙම කියන්න එපා හලී.... ;)
Deleteමරු කතාව. අන්තිමට උනේ හිතපු නැති දෙයක්නේ...?
ReplyDeleteමටත් තාම හිතා ගන්න බෑනේ මොකො උනේ කියලා..
Deleteමරු සුපිරි අන්න අක්කලා..! අයියා ඒ වගේ එකක්ද හොයන්නේ
ReplyDeleteමල්ලී.. උඹ මම හොදින් ඉන්නවට කැමති නැද්ද.... ;)
Deleteහිනාවෙලා අඩන්නද? අඩලා හිනාවෙන්නද? අපිට කොයින්ද බුල් බල්ලෝ.. :)
ReplyDeleteඔය දෙකම නොකර බලාගෙන ඉමු අයියේ වෙන දෙයක් දිහා.. :)
Deleteඅනේ මන්ද අක්කලටමයි කියල තියෙන්නෙ මල්ලිත්...
ReplyDeleteහැම අක්කලාටම නෙමෙයි..
Deleteබ්ලොගේ ලියනකොට හරි හරියට වැරදීම් වෙලානෙ. අපරාදෙ කියන්න බෑ ඒවත් ඔක්කොම කටු නොගා තනි ඉරකින් කපලත් එක්ක. ඔය පැත්තේ ඉරේසර්,ටිපෙක්ස් එහෙම නැද්ද?
ReplyDeleteමටත් හම්බ වෙලා තියනව අවු 10ක් Living Together දොස්තර ජෝඩුවක්. ඒගොල්ලන්ගෙ පදි0චිය එ0ගලන්තතේ.. නිවාඩු ලැබුණම ෆන් එකට ලෝකෙ පුරා යනවා.. ඔන්න ජීවිතේ.. සිම්පල් ප්ලෑන් ආ...
ඉස්සරහටත් මේ වගේ කපලා දන්න වෙන ඒවා තියෙයිද මන්දා අයියේ... :)
Deleteඇත්ත සිම්පල් ප්ලෑන් නම් තමයි.. ඒත් ළමයෙක් ලැබුනොත් නීති ටිකක් වෙනස් වෙනවා මම හිතන්නේ..
කපටි කෙල්ලෙක්. හිතේ අමාරුව ඇති වෙන්න ඇත්තේ ඒ කෙල්ල කියන්න ඇති දැනටමත් ලිවින් ටුගෙදර් කියලා පස්සේ කොල්ල දාල යන්න ඇති. අන්න එකේ දුක තමා ලයින් අක්කට තියෙන්නේ.
ReplyDeleteලංකාවේ කොල්ලෙක් ඉන්නවා කිවුවම අනිත් ට්‍රයි කරන එකා පසු බැස්සට මේවයේ එහම නෑ අසාර් අයියේ.. කොහොම හරි බලන්නේ ඒ අතරට රිංගන්න..
Deleteමම හිතන්නේ වෙන්න ඇත්තේ වෙන සීන් එකක්..
කොහොම හරි තනියෙම්ම චොකලට් කෑවනෙ..මොකද නිකමට හරි කතා කලානම් එපා කියනවද...
ReplyDeleteහෙහ්.. ඒකනේ කතා නොකරම හොරෙන් කෑවේ... :)
Deleteහි...හී..කාලෙකින් ඇවිත් එල කතාවක් ලියලනෙ...
ReplyDeleteඅර ඉරි ගහලා කපලා තියෙන්නේ වැරදිච්ච තැන් ද....කොහොමහරි තනියම චොකෝ කෑවා නේ....
ReplyDeleteමිනිස්සු එහෙම කරන එක වැරදියි. තමන්ට යමක් ලැබෙනවට එහෙම තව කෙනෙකුට බලාපොරොත්තු දීල රවට්ටන එක නම් හරිම කුජීතයි. ඒ අක්කා ගැන නම් කිසිම පැහැදිමක් නෑ මට නම්.
ReplyDeleteපරිස්සමින් අම්මෝහ්.....කෝල්ලා කව්රු වුනත් කොන්දක් තියෙන පොරක් වෙන්න ඕනේ.