සාක්කිකරු ( කෙටි කතාව )
අන්දර වැට දිහාවට හැම වෙලේම එබිකම් කරමින් වේගයෙන් ඉදහිට පාරේ යන වාහන දෙසත්, හිනා පොදක් නැතිව එහා මෙහා යන මුහුණු දෙසත් බොහෝම ඕනෑකමකින් බලා හිටිය සිරිල්ගේ හිතේ තිබුනේ අවිනිශ්චිත හැම මොහොතක්ම ගැන හිතේ ඇති උන බයක්..
“ අද කෙල්ල තාම පරක්කු මොකද?”
අන්දර වැට කිට්ටුව සමන් පිච්ච මල් වැලෙන් හවස බුදුන් වදින පහනට තියන්න මල් කඩන සුමනාගෙන් බිදුන කටහඩකින් සිරිල් ඇහුවේ පාරට යොමු උන නෙතු ඉන් අහකට නොගෙනම..
" තව වෙලා තියෙනවනේ එන්න.."
" හ්ම්ම්.. ඒ උනාට වෙනදා මෙලහට ඇවිත් නේ.."
ගේ උළුවස්ස ලගින් නික්ම අන්දර වැට කිට්ටුවට විත් පිළිවෙලක් නැතුව ඉදි උන ලී කෝටු වලට බර දී පාරට එබුන සිරිල්ගේ හිත මොහොතකට සැනසුනේ ඈතින් එන තම දියණියගේ රුව නෙත ගැටුනායින් පසුවය..
" හ්ම්ම්ම.. ඔය එන්නේ කියනකොටම.. මොකෝ ළමයෝ පරක්කු උනේ?"
" යාළුවොත් එක්ක එද්දි ටිකක් පරක්කු උනා අම්මේ.."
" පාරට එච්චර වෙලාවක් රස්තියාදු වෙන්න හොද කාලයක් නෙමෙයි දුවේ දැන්.."
පාර දෙසටම එබිකම් කරමින් සිරිල්ගේ මුවින් පිට කල වචන වලින් තිදෙනාගෙම හිත් ලස්සනට තිබුන මේ නිවස ප්‍රශ්ණ කන්දාරවකින් පුරවපු දවස් වලට ඉබේටම දිව ගියේය..
" කොච්චර කල් කියලා ඔහොම බයේ ඉන්නද තාත්තේ?"
" හැම පැත්තකින්ම අන්තිමේ තැලෙන්නේ අපි වෙද්දි මේ ගැන නොහිතා ඉන්නේ කොහොමද?"
" දැන් ඔහේට කවද්ද යන්න තියෙන්නේ?"
" සදුදා.. ඒත් ඊට කලින් මොන දේවල් වෙයිද කියන්න දන්නේ නෑ.."
" අපිට කරදරයක් වෙන එකක් නෑ.."
............................................
හවස හත පහුවන්නටත් මත්තෙන්ම නිවසේ දොර ජනෙල් අගුළු දැමූ සිරිල් ලොකු හුස්මක් පිට කලේය.. දෙතුන් වතාවක්ම දොර අඟුල් ගැන ආයෙ ආයෙම බැලු සිරිල් නැවත හැරෙද්දී ඔහු පිටු පසින් බලා හිදි සුමනාගේ දෙනෙත් වලින් ගොඩාක් දේ කියවෙන්නට විය..
" අපි කවද වෙනකන් මේ දේවල් කරන්නද?"
" දන්නේ නෑ..ඒත් මුන් මිනිස්සු නෙමෙයි.. කොකටත් අපි පරිස්සම් වෙන එක තමයි හොද.."
"හ්ම්ම්.. දැන්ම කනවද ඔයා?"
" කන දෙයක්වත් හරියට බඩට යනවද දැනෙන්නෙත් නෑ.. හ්ම්ම් කෝ දුව?"
" ඔය පාඩම් කරන්නේ.."
" එහෙනම් එයාට බඩගිණි උනාම අපි කමු.."
වැසූ ජනෙල් වල තිර රෙදි පවා හොදින් වැසු සිරිල් ඒ අසලම උන ඇදි පුටුවේ වාඩිවී මොහොතක් හරි දෙනෙත් පියා ගන්නට වෑයම් කලේ එක දිගට පහු කරපු නිදි නොලද රාත්‍රීන් නිසාය..
" මේ.. අපි කාල නිදාගමු.. දුවටත් බඩගිණිලු.."
සුමනාගේ හඬින් අවදි උන සිරිල් බිත්තියේ ඔරලෝසුව දෙස බලද්දි රාත්‍රී දහයට ලංව තිබුනි.. පැය කීපයක නින්ද හිතට ගෙනාවේ අස්වැසිල්ලක් උනත් මේ රැය දිගු වැඩි බව සිරිල් හොදින්ම දැන සිටියේය..
වෙනදාට රසවත්ව හැඩ උන කෑම මේසය දැන් දැන් පාළුවට ගියා මෙන්ය..සුමනාගේ මළානික මුහුණත් හැමදාම කුස්සියේ ඉවෙන එකම එක කෑම වේලත් ඒ ලස්සන මතක හොරා ගෙන ගිහින්ය..
" ඔයාට මම බෙදලා දෙන්නද?"
" හ්ම්ම්.. ටිකක් වෙන්න බෙදන්න.."
වෙනදා තරම් ඕනාකමකින් නොවුනත් ආදරයෙන් ඈ කෑම පිගාන පිළියෙල කර සිරිල්ගේ ලගින් තබත්ම මහා හඩින් නාද උන නිවසේ ඉදිරිපස සීණුව තිබුන නිහඬ බව අතරේ මහා හඩක් නඟමින් නාද උනේ ඔවුන්ගේ සුපුරුදු බිය හිත් වලට යලි කැන්දමිනි..
" කවුද?"
බෙදාගත් බත් පිගාන පැත්තකින් තැබු සිරිල් හෙමින් හෙමින් ගේ දොර ලගට ලං වෙමින් වෙවුලන කටහඬකින් විමසුවේය..
" අපි පොලිසියෙන්.. අරිනවා දොර.."
ගේ මිදුලෙන් තර්ජනාත්මකව ලැබුන නිවේදනය ඇත්තටම පොලිසියෙන්ද යන සැකය හිත තුල මතු උනත් දොර විවෘත කරනවා හැර වෙන විකල්පයල් සිරිල්ට නොතිබුනේය..
" මොක්ද දොර අරින්න මෙච්චර පරක්කු උනේ?"
බාගෙට විවෘත උන දොරෙන් බලෙන්ම වගේ නිවසට ඇතුළු උන පොලිස් නිලදාරියා සුමනා දෙසත් දියණිය දෙසත් බලා සිරිල් වෙතට හැරුනේය..
" නෑ.. මහත්තයෝ.. හරියටම දන්නේ නැතුව දොර අරින්න බෑ මේ දවස් වල.."
" හ්ම්ම්.. මට තමුන්ගෙන් කට උත්තරයක් ගන්න තියෙනවා.."
" මම හැම දෙයක්ම කලිනුත් කිවුවනේ මහත්තයෝ.. එක පාරක් නෙමෙයි.. දැන් තුන් හතර පාරක්ම.."
" තමුසෙ අපිට රාජකාරි උගන්නවද?"
ඒ සැර පරුෂ හඩ හමුවේ අසරණ උන සිරිල් ඔහුට වාඩි වෙන්නට අසුනක් පෙන්වා ඒ අසලින්ම වාඩි උනේ ඒ අමිහිරි රාත්‍රිය ගැන මතකය ආයෙම අවුස්සන්නට වන නිසාය..
" දැන් එතකොට ඔය කාන්චනා කියන ළමයව තමුන් කලින් දන්නවද?"
" ඔව් මහත්තයෝ.. මේ පාරේ කෙලවර ඉන්නේ.. නිතරම ලංගමේ මගේ බස් එකේ යනවා එනවා.."
" එදා රෑ ඒ පාළු ගේ ලගින් එද්දි ඉස්සෙල්ලම දැක්කේ කාවද?"
" හ්ම්ම්ම්.."
සුමනා දෙසත් තම දියණිය දෙසත් නෙත් යොමා බැලූ සිරිල් දිගු හුස්මක් ගෙන ඉතිරිය කියන්නට සැරසුනේය..
" මට ඒ හරියෙන් එද්දි යන්තමින් වගේ ගෑණු කෙනෙක් කෑ ගහනවා ඇහිලා මම ඒ ගේ පැත්තට ගියා.. ඒ යද්දි මට ඒ කෑ ගැහිල්ල තව හොදට ඇහුනා.. කැඩිච්ච දොරෙන් ඇතුල් වෙලා මම ඇතුලට යද්දි තුන් දෙනෙක් බලහත්කාරෙන් මේ කෙල්ලව තියන් හිටියා.."
" ඒ එක්කෙනෙක් මංත්‍රීතුමාගේ ලොකු පුතා කියලා තමුන්ට හොදටම විශ්වාසද?"
" ඔව්.. එයා තමයි මගේ ෂර්ට් එකෙන් අල්ලලා එලියට අදලා දාලා පිස්තෝලේ පෙන්නුවේ.."
" ඒ උනාට මංත්‍රීතුමාකියන්නේ පුතා එතකොට ගමේ හිටියේ නෑ කියලා.."
" මම මේ ඇත්තමයි මහත්තයෝ කියන්නේ.."
" හරි අපි මේක සටහන් කර ගන්නම්.. සදුදා උදේ 9 වෙද්දි උසාවි ඉන්න.."
" මහත්තයො.. මේ ටිකේ අපිට හරි කරදර.. නිතරම වගේ මන්ත්‍රීතුමාගේ පුතාගේ මිනිස්සු එනවා යනවා.."
" හරි පොලිසියට ඇවිත් පැමිනිල්ලක් කරන්න.."
අන්තිමේ සිරිල් කියූ දේවල් ගැන එතරම්ම තැකීමක් නොකල ඔවුන් පාර අසල නවතා තිබූ පොලිස් රථය පන නංවාගෙන වේගෙයෙන් යන අයුරු සිරිල් මොහොතක් බලා සිටියේය..
" මේකේ ඉවරක් නැද්ද ඒයි?"
" හ්ම්ම්.. අනේ මන්දා.."
" එන්න කාලා ඉමු.."
" දැන් බඩගිණි නෑ.. ඔයාලා කන්න.."
............................................
හිත තිගැස්සෙන නිතරම ඒ මේ අත යන වාහන සද්ද අතරේ රාත්‍රිය නිදි වරිතව ගෙවා දැමු සිරිල් පසුදා උදෑසනම පොලිස් පොතේ මේ ගැන පැමිණිල්ලක්ද ලිවේ තම්න්ගේ ජිවිත වෙලට එල්ල වෙමින් තිබු අනතුර නිසාමය..
" මොකද පොලිසියෙන් කිවුවේ?"
" පැමිණිල්ල ලියා ගත්තා.. බලන්නම් කිවුවේ.."
" හ්ම්ම්ම්.."
වැඩ නිමවා නිවසට පැමිනි සිරිල් නිවසට ගොඩ වන්නටත් මත්තෙන් ගුරු පාරේ දුවිළි නංවමින් කැබ් රථය නැවතුනේ තවමත් ඒ ප්‍රශ්ණ නිමා වී නැති බැවු හගවමිනි..
" තමුසේ එහෙනම් අද පොලිසිත් ගියා.."
ගෝල බාලයෝ තමන් වටා වට වෙද්දි සිරිල් ලගට ආ බිරිදව තමන් ලගට ලං කර ගත් ඔහු බලා සිටියේ කර ගන්නට කිසිවක්ම නොමැතිවය..
" අන්තිම වතාවට කියන්නේ.. තමුසෙගේ සාක්කිය වෙනස් කරනව.. ඒක තමුසෙට වගේම තමුසෙගේ පවුලේ අයට හොදයි.. තමුසෙටත් දුවෙක් ඉන්නවනේ.."
" මොකක්ද උඹ කිවුවේ?"
හිතේ හිර කරන් හිටි ආවේගය සිරිල්ගෙන් මිදුනේ නොදැනුවත්වය.. ඒත් වටේ උන් අයගේ ශක්තිය හමුවේ සිරිල්ට කල හැක්කක් නොවිය..
" තමුසේ තමුසෙගේ වචනේ වෙනස් කරන එක තමුසෙටම හොදයි.. අපි යන්නම්.."
සිරිල්ව පැත්තකට තල්ලු කර දැමු ඔවුන් කැබ් රථයේ නැගී මාවත දුහුවිල්ලෙන් නංවාගෙන යන දෙස සිරිල් මොහොතක් බලා සිටියේය..
" අනේ දැන්වත් ඔය අදහස වෙනස් කර ගන්න.. දැක්කනේ උන් අපේ දූ ගැන කිවුව දේ.."
" මුං නිදහසේ හිටියොත් හැමෝම දවසක කරදරේ.."
" ඔහේට ඕන අපේ දූගේ ජිවිතෙත් කරදරේ දාන්නද? අනුන් ගැන නෙමෙයි තමන්ගේ දූ ගැන හිතන්න.."
ඈ ආවේගයෙන් කදුළු සළමින් කියු දෑ සිරිල්ගේ හිතේ තදින්ම කා වැදුනි.. අනවශ්‍ය ප්‍රශ්ණේක පැටලී හිතේ කරදරයක් ඕනෑකමින් ඇති කර ගත්තාදැයි සිරිල් තනිවම කල්පනා කරන්නට විය..
............................................
වෙනදා මෙන් කතා බහක් නැති සුමනාගේ අමනාප උන හිත හදන්නට සිරිල් උත්සාහ කරද්දි නොදැනිම සදුදා දවස උදා විය..
" මෙච්චර දෙයක් වෙලත් ඔහේ ඔය යන්නද හදන්නේ?"
උදේම උසාවියට යන්නට සූදානම් වන සිරිල් දැක ඈ තවත් කේන්තියෙන් විමසුවාය..
" හ්ම්ම්.. මේ නඩුවේ ප්‍රධාන සාක්කි කාරයා මම.. ඉතින් නොගිහින් බෑ.."
" අරුන් අච්චර දෙයක් කියලත් ඔහේ අපේ දූ ගැන නොහිතන හැටි.."
" මම තීරණයක් ගත්තා.. කළුවරේ මම ඒ කොල්ලව හරියට දැක්කේ නෑ කියනවා.. මට බෑ මගේ පවුල තව අමාරුවේ දාන්න.."
වෙන කිසිවක් නොකියාම සිරිල් නිවසින් එළියට බැස ගුරු පාර දිගේ ඇවිදන් යන දෙස බල ඈ සැනසුම් සුසුමක් හෙළුවාය..
උදෑසන කාර්‍යබහුල උසාවි භූමියේ නැවතුන සුපිරි වාහන කීපයක ඔවුන් සිරිල් එන දෙස බලාගෙන සිටියේ උකුසු ඇසිනි..
" උඹට කියපුවා මතකනේ.."
කිසිවෙක් දිහා නොබලා සිරිල් ගිය මගට ආ ඔවුන් කෙදිරූ ඒ වදන් සිරිල්ගේ හිතට තවත් තදින් දැනෙන්නට විය..
තම අතැති වූ ඔරලොසුව දිහා බැලූ ඔහු ඉතිරිව ඇති කාලය දෙස නොඉවසිල්ලෙන් බලා හිටියේ මේ හැම ප්‍රශ්ණයක්ම ඉක්මනින් නිමා කර මේ දේවල් වලින් ඈත් වන්නට සිතාගෙනය.. උසාවියේ පිටත තිබූ බංකුවක වාඩි වී කල්පනා කරමින් උන් සිරිල් ලගට කාන්චනාත් ඇගේ පියත් එනු සිරිල් නොදැක්කේය..
" සිරිල් මහත්තයෝ.."
" අහ්.. ගුණපාල.."
කාන්චනා දෙස බැලූ සිරිල්ට ඇගේ දෑස් දෙස කෙලින් බලන්නට නොහැකි බවක් තදින්ම හිතට දැනුනි..
" බුදු මහත්තයෝ.. මහත්තයගේ වචනෙන් මේ කෙල්ලට සාදාරණයක් ලැබෙයි.. ගමේ උන් කියන කතා අහන් ඉන්න අප්පිරියයි මහත්තයෝ.. මහත්තය මේ කරන දේවල් වලට බොහොම පිං මහත්තයෝ.."
සිරිල්ගේ දෙපා ලග වැද වැටුන ඔවුන් සිරිල්ට හදවතින්ම ස්තුති කරද්දි සිරිල්ගේ හිත තව තවත් අසරණ වන්නට විය.. නිවසින් පිට වෙද්දි ගත් තීරණය ගැන සිරිල්ගේ හිත ආයෙම හිතන්නට පෙළඹවීය..
එළියේ වාහන වලට වී හිනැහෙන ඔවුන් දෙසත් කඳුළු සළමින් තමන් ලගට වී ඉන්නා ඈ දෙසත් නිවසේ තනි උන බිරිදත් දියණියත් අතරේ සිතුවිලි දෝළනය වෙද්දි උසාවියේ නඩු අංකය කතා කරනු හැමෝටම ඇසිනි..
නිමි..




ඇත්ත කතාවක්ද මන්දා . . . නැත්තං හැම තැනම සිද්වෙන දේද ???
ReplyDeleteහැම තැනකම සිද්ද වෙන ඇත්ත කතාවක් අයියේ...
Deleteane manda ayya mona kiyannada kiyala hitaganna be.....kohen giyath asarana wenne ahinsaka minissu.....
ReplyDeleteහ්ම්ම්.. ඒ දේවල් නම් එහෙම තමා නංගෝ ඉතින්..
Deleteලංකාවේ ඉතින් ඔව්වා ඔහොම තමා. බූරුවෝ රටක් කරද්දී වටේ ඉන්න උන් තප්පුලන එක අහන්න දෙයක් ද? ඒත් ඒකට වැරදිත් අපිම තමා. :)
ReplyDeleteඇත්ත අයියේ.. අපිමනේ ඉතින් ඔතන්ට යැවුවේ..
Deleteඅද කාලේ සල්ලි බලේ දේශපාලන බලේ තියනම් ඕනෙම අපරාධයක් යට ගහන්න පුළුවන්. නීතියෙන් යටගැහුව නමුත් ඒ අපරාධ කවදාවත් තමන්ගේ හෘද ශාක්ෂියෙන් යටගහන්න නම් බෑ. සල්ලි වලට නඩු පාවල දෙන, බොරු සාක්කි දෙන, දැක දැක අපරාදේ දැකපු අය මරණ බිය හින්ද බොරු සාක්ෂි දෙත්දී රටේ අනාගතය ?
ReplyDeleteමොන දේ කලත් දවසක හෘද සාක්ශිය ඉස්සරහා දවසක පරදිනවා.. ඒත් ඉතින් අද අයට එහෙම එකක් තියෙනවද සැකයි..
Deleteමර බිය නිසා සාක්ෂි වෙනස් වෙන්නෙනම් ඉතින් මගේ මේ කතාවේ සිද්ද උනා වගේ.. ඒකට ඉතින් කෙලින්ම ඒ මිනිස්සුන්ට චෝදනා කරන්නත් බෑ...
හොඳයි. කාලෝචිත මාතෘකාවක්නේ මේ දවස්වල.
ReplyDeleteඔව් රාජ් අයියේ.. ඒකමයි මේක ලියන්න හිතුනෙත්..
Deleteමේ දවස්වල විතරක් නෙමෙයි හැමදාටම
Deleteමේව ඉවරයක් වෙද්දි ඉතින්...
Deleteකාලෙට තාලෙට ගැලපෙන දෙයක් තව ට්ක දවසකින් නඩු අහන්නේ ඇමතිලා
ReplyDeleteදැනටමත් එහෙමද මන්දා..
Deleteබලය තියන එකා ඌට ඔනෙ හැම වැඩක් ම කරල අන්තිමට ශේප් වෙනව..
ReplyDeleteදැන් ගොඩක් දේවල් වෙන්නේ ඒ පිළිවෙලට තමයි ඉතින්.. මේවා වෙනස් වෙයි කියලා හිතන්න බෑ..
Deleteඇත්ත කතාවක් වගේම තමයි.ලස්සනට පෙළගස්වලා.
ReplyDeleteකාලීන මාතෘකාවක් නිසා තවත් වටිනවා
ගොඩක් තැන් වල අහන දකින කතාවක්නේ යාළුවා..
Deleteමචං මැක්සා.. අපි කොච්චර අසරණද කියලා පෙන්නලා තියනවා.
ReplyDeleteඇත්තටම අපි ගොඩක් අසරණයි මේ වගේ වෙලාවලට.. ඒත් ඒක ගොඩක් අයට දැනෙන්නේ නෑ..
Deleteනඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියන්නෙ ඕවට තමා...
ReplyDeleteහ්ම්ම්.. ඒකනම් ඇත්ත..
Deleteඅකමැතිවුණත් මටත් කියන්න වෙන්නේ 'ලංකාවනේ' කියලයි.දිනේෂ් අයියේ කතාවනම් උපරිමයි.දවසක ඔය කතා ඔක්කොම ටික එකතු කරලා කෙටිකතා පොතක් එළිදැක්වුවොත් නරකද?
ReplyDeleteඅකමැත්තෙන් උනත් ඒක පිළිගන්නම වෙනවා මලයා..
Deleteමේ පාරනම් පොතේ වැඩේ කරන්න හිතන් ඉන්නේ..
mamath mallita kiyanne ekama thamai. kalin liyapuwa ayeth balanna. ethakota adu paadu penei. mata hithena vidiyata thotiyaa 1 kotasa godaak saarthakai. sihina kumarith udawwata innawane den..:)))
Deleteතැන්කූ තැන්කූ.. කලින් උවමනාවක් නොතිබ්බට මේ පාර කරන්නම් කිවුවේ ඉතින් සිහින කුමාරිගේ උවමනාව නිසා තමයි...
Deleteනීතිය ලෙසටම ඇත. ඒත් එය ක්‍රියා කරවන පසුබිම නිර්මාණය වී ඇත්තේ උඩු යටිකුරු වීය. අපි නිහඩව සිටිමු. මක් නිසාද අප සුරැකි විය යුතු නිසාවෙනි. එහෙත් නිහඩව සිටින අපට සුරැකිව සිටිය හැක්කේ රකුසන්ගේ ඇස් අප වෙල හෙලන නිමේෂය වන තුරු පමණක් නොවේද...?
ReplyDeleteසිත අසන මේ ගැටළු වලට පිළිතුරක් දෙන්නට කව්රුවත් නැති කාලයක්ද මේ.
කතාව හරිම ලස්සනයි. ඒක ගැන කියන්න දෙයක් නෑ. ඇත්තටම මචං අර කාන්චනාගේ නඩුවට මොකද වුනේ.
"අපි නිහඩව සිටිමු. මක් නිසාද අප සුරැකි විය යුතු නිසාවෙනි. එහෙත් නිහඩව සිටින අපට සුරැකිව සිටිය හැක්කේ රකුසන්ගේ ඇස් අප වෙල හෙලන නිමේෂය වන තුරු පමණක් නොවේද...? "
Delete+++++++++++++
සම්පූර්ණ ඇත්ත යාලුවා ඒ කතාවනම්..
ඒක මම කියවන අයට කැමති විදිහට හිතා ගන්න ඉඩ ඇරියා.. ඒ හැම දෙයක්ම වෙන්නේ සිරිල්ගේ තිරණේ උඩ.
සුපිරියි දිනේශ්! කාලයට ගැලපෙන කතාවක්! අවසන් කරල තියන විදිහත් අපූරුයි. මොකද එතනින් තමා සිරිල් තත්වෙට බැහැල හිතන්න පටන් ගන්නෙ. එතකොටයි සමාජය අද මුහුණ දීල තියන බැරෑරුම් තත්වෙ හොඳටම තේරෙන්නෙ!
ReplyDeleteගොඩක් ස්තුතියි යාළුවා.. ඇත්තටම මගේ ගොඩක් කතා වල අවසානය මම කියවන අයටම හිතන්න ඉඩ අරිනවා.. හැම දේම මමම කියනවට වඩා..
Deleteමෙහෙම උනාම ගොඩක් වෙලාවට අපරාදකාරයෝ බිහිවෙනවා. අපෝ කාටවත් මෙහෙම ඒවා වෙන්න එපා. :(
ReplyDeleteඑකගයි.. අසාධාරණේට නිතියෙන් පිහිටක් සාධාරණයක් ගන්න බැරි උනාම මිනිස්සු තමන්ම ඒ දේට සාධාරණේ ඉටු කර ගන්න හිතනවා..
Deleteගොඩක් වෙලාවට මේ කතාව වර්තමානයේ යථාර්තයක් වෙලා තියෙනවා දකින්න පුලුවං. මන්ත්‍රී වරුන්ගේ ඇමති වරුන්දේ පුතාලා තමන්ට ඕන ඕන හැටියකට බලේ පාවිච්චි කරන එක දකින්න පුලුවං.
ReplyDeleteඔව් අයියේ.. මේ කතාව අළුත්ම දෙයක් නෙමෙයිනේ.. අපි ගොඩක් වෙලාවට අහන දකින එක් සිද්ධියක් විතරක්ම වගේ උන දෙයක්..
Deleteසුපිරි... එච්චරයි කියන්නේ :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තැන්කූ වේවා..
Deleteයථාර්තවත් කතාවක් මලේ. ලංකාවේ අපි පව්!
ReplyDeleteඇත්ත.. ලංකාවේ අපි පව්..
DeletePaththarayak athata gaththama thiyenne mey wage katha.... Api asarana welada? Api apima asarana karagenada manda?....
ReplyDeleteවෝකට හරි උත්තරයක් නෑ අක්කේ.. කවුද වැරදි කියන්න..
Deleteකතාව ඇත්ත නැති උනත්... මේ අද කාලේ වෙන දේ ....
ReplyDeleteමට සම්බන්ද නැතත් මේ ඇත්තටම වෙන කතා..
DeleteIssara nam approval nathuwa comment publish wenne na. Danam dapu gaman published wela... Sathutui ekata. Nathnam hitha degidiyawen inne, ane mage comment eka kiyala.
ReplyDeleteඒවත් ටිකක් හිතපු නිසා තමයි අක්කේ වෙනස් කලේ.. අනික දැන් නිතරම මේ පැත්තේ එවෙනවත් අඩුයි.. තැන්කූ අක්කේ මාව බලන්න හැමදාම එනවට..
Deleteනීතිය බල්ලට ගියාම, නීතිය රකින උන් බල්ලො වුනාම ඕවා සාමාන්‍ය දේවල් වෙනවා.. අවසානය කොහෙද කියලා හිතාගනඩ බෑ..
ReplyDeleteකතාව හොඳයි, කාලෝචිතයි..
සුදු වෑන් රක්ෂණයක් එහෙම අරන්ද තියෙන්නෙ.. ?
තමන්ගේ වාසියට ගොඩක් දේවල් හැඩ ගස්සවන් ඉද්දි මේ දේවල් නවත්තන්න අමාරුයි නේ අයියේ..
Deleteනෑ නෑ සුදු වෑන් අවුලක් නෑ.. මම ලංකාවෙන් දැනටම පැනලා ඉන්නේ.. :)
කාලීනයි..
ReplyDeleteඡන්දෙත් ලගයි නොවැ..
ඡන්දෙකුත් එනවද බං.. ඒ පාර මොකක්ද??
Deleteඅනේ මන්ද..කොහොම උනත් ඔබ අපූරුවට ලියල තියනවා සහෝ..කාලීනයි,,
ReplyDeleteතෑන්ක්ස් හිරූ..
Deleteහැමදාම හැම තැනම වෙන්නේ මේ දේ තමයි :(
ReplyDeleteසිද්දිය වෙනස් උනත් මේ අය බලය පාවිච්චි කරලා හැම තැනදිම දිනනවා..
Deletemata 88, 89 kaale mathak una. e dawas wala reta dore bell eka wadina kota papuwa gahena ekath nawathinawa.
ReplyDeletemallige kathaa wala hadawathe gamburatama kaa wadina avastha thiyenawa. oya hari lassanata liyanawa e wage avasthaawal.
well done malli..
ගොඩක් ස්තූතියි අක්කේ / අයියේ.. 88 89 කාලේ අත්දැකිම් මට නැතත් අපේ ගෙදර අය අත්විදලා තිබ්බා.. ඒ ගැනත් කෙටි සටහනක් ලියන්න ඕන..
Deleteහරිම ලස්සන කතාවක් දිනේශ්...
ReplyDeleteමිනිස්සු මේ වගේ අසරණ තත්වයකට පත්වෙන්නේ සමාජ ක්‍රමයේ තියන මොකක්ම හරි වැරැද්දක් නිසා. ඒවා නිවැරදි නොකලොත් මිනිස්සුන්ට හැමදාම මේ තත්වයට මූන දෙන්ට වේවි.
තෑන්ක්ස් පොඩ්ඩි අක්කේ..
Deleteඇත්ත සමාජ ක්‍රමේ නම් වැරදි තමයි.. හඬක් නොනැගීමම වරදක් වෙලා.. ඒත් ඉතින් මේ දේවල් වෙනස් වෙන්නෙත් නෑනේ..
ඔන්න ඊයෙ ප්‍රින්සිපල් කෙන්කුත් මරලා..යක්කලමුල්ල පැත්තේ,මෙවැනි නිර්මාණ සමාජය දැනුවත් කරන්නට හරවත් අඩිතාලමක් වෙනවා නියමයි මල්ලි
ReplyDeleteහ්ම්ම්.. ලංකාවේ කොහේ හරි තැනකින් අපිට දවසට එකක් වත් මෙහෙම දේවල් අහන්න වෙනවනේ..
Deleteඅනේ මන්දා කියන්න දෙයක් හිතාගන්නත් බෑ අයියේ...කොහොමවුනත් ඔයා කතාව හැමදාම වගේ අපුරුවට ලියලා තියනවා....
ReplyDeleteතෑන්ක්ස් නංගෝ..
Deleteමේක තමා අද ගොඩක් සිද්ධි වල ඇතුලානත්ය,නීතිය අතට ගත්ත පාදඩයො නිසා කොයි පැත්තෙනුත් තැලෙන්නෙ අහිංසක අසරණ මිනිස්සු.
ReplyDeleteසල්ලි වලින් හැම දේම යට කරන් රජ වෙන්න හදන අයත් ඉන්නවනේ අක්කේ..
Deleteදැන් කාලේ සාධාරණය මේ විදියට තමයි සිද්ධ වෙන්නේ.දුකයි අද සමාජෙ අහිංසකයින්ට වෙන අසාධාරනේට..
ReplyDeleteකොහෙමෙ වුනත් නියමෙට ලියලා තියෙනවා යාළු...
ගොඩක් වෙලාවට මිනිස්සු අසාධාරණය විදන් ඉන්නේ මේ හේතු නිසා තමයි.. මොකද එතකොට තව තව ප්‍රශ්ණ ඇති නොවෙන නිසා..
Deleteමේ හිමාගේ පළවෙනි කමෙන්ට් එක වර්ණයේ.. තෑන්ක්ස් මේ පැත්තේ ආවට..
හ්ම්...හැමතැනම මේ වගේ තමා...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්
Deleteහැමදාම වගේ කථාව හරිම ලස්සනයි දිනේෂ්....නමුත් තව චුට්ටක් ලිව්වනම් කියල හිතුණා...
ReplyDeleteඅවසානයද සිත්තමි.. උසාවියේදි වෙන දේවල්.. මෙහෙමයි ඒක උවමනාවෙන්මයි නොලිවුවේ.. අවසානේ මගේ මතයට වැඩිය කියවන අයට කැමති මතයකට යන්න ඉඩ දෙන්න හිතාගෙන..
Deleteනීතිය ගැන නොදැන සිටිම හා නීතියෙන් නිසි ප්‍රයෝජන ගැනිමට නොදත්කම නිසා මෙවැනි පසුබිමක් ලංකාවේ නිර්මාණය වෙලා තියෙන්නෙ. එය නීතිය නොදත්කම නිසා ඇති වුන තත්වයක් මිසක් නීතියේ වරදක් නොවෙයි... ලංකාවේ නීතිය අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි ලෙස ක්‍රියාත්මක වෙනවනම් අකුරටම, එය වඩා යහපත් නීතියක් ලෙස දක්නට පුළුවන් කමක් ලැබෙන්න තිබ්බා.
ReplyDeleteදේශපාලන බලපැම් ගැන කියනවනම් මහජනතාවගේ බියසුළුකම නිසා මිසක් නීතියේ ඇති වරදකින් නෙමෙයි දේශපාලන බලපැම් නීතිමය කාරණා වලිදි දැඩිව දකින්න ලැබෙන්නෙ. දේශපාලනයේදි යම් හෝ අත්තනොමතික බලයක් යෙදෙනවනම් එහි සම්පුර්ණ වගකිම් ගත යුත්තෙ මහජනතාවයි. දේශය පාලනය සදහා නියෝජිතයින් පත් කර ව්‍යවස්ථාදායකට යවන්නෙ මහජනතාව නිසා කොතැන හෝ යම් වරදක් සිදුවෙනවනම් එහි වගකිම් ජනතාව සතුයි :ඩී.
ලංකාවේ 1978 ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අණුඩුක්‍රම ව්‍යවස්ථවට අනුව 1 වන පරිචෙජදයේ අංක 3න් කියන්නෙ "ශ්‍රි ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේ ය. පරම ධිපත්‍යයට පලන බලතල, මුලික අයිතිවසිකම් සහ ජන්ද බලය ද ඇතුලත් වන්නෙය."
මම හිතන්නෙ තවත් පැහැදිලි කළ යුතු නෑ ලංකාවේ ජනතාවට ඇති බලය ගැන. වැදගත්ම දේ ජනතාව ඒ බලයෙන් නිසි ප්‍රයෝජන නොගෙන සමාජ ක්‍රමය වැරදි කිය කියා කෑගහන එකයි... මුලින් නීතිය දැනගන්න... හරි දේශපාලකයන්ව ව්‍යවස්ථාදායකයට යවන්න.. තම තමන් තනි තනිව වෙනස් වෙන්න... අනුන්ට වැරදි පටවන්න කලින් තමන් නිවැරදි වෙන්න... මොකද අපි හැමොම මේ සමාජයට අයත් නිසා අපි තුල තනි තනිව ඇතිවන වෙනස පසුව සමාජයට පැතිර යන නිසා... :පී
බුදු අම්මෝ දිනෙශ් කොලුවො උබට සෑහෙන්න කල්පනාවෙන් වැඩකරන්න වෙයි වගේ
Delete:):):)
:D
Deleteටිකක් බයෙන්.
Deleteමදාරා : ඔය කිවුව දේවල් ඇත්ත.. අපි ගොඩක් වෙලාවට නිතිය ගැන හරි දැනුමක් නෑ.. ඒකනේ ට්‍රෆික් පොලිස් රාලහාමි කෙනෙක් හයියෙන් කතා කලත් බය.. නොදැනුවත් බව නිසා ගොඩක් අයට පුළුවන් ඒ අපි නොදන්න දෙයින් අපිට පාලනය කරන්න..
Deleteමේ ගැන සවිස්තරාත්මක සටහන් දාපු එක නම් හොදයි..
විභාගේ ලග නිසා මේ ටිකේ හොදට පාඩම් කරන පාටයි මෙයා.... ;)
ලොකු ජෝන් / හිතූ / අසරණයා : ඉස්සර සෙල්ලම් දැන් බෑ කිවුවලු.. :)
Deleteඅපූරුවට ලියලා තියනවා දිනේශ්..
ReplyDeleteඅන්තිම ටික අපිට හිතාගන්න තියපු එක හොඳයි..
මේ වගේ දේවල් දැන් රටේ සිද්ධවෙන්නෙ නීතියේ පරමාධිපත්‍ය නැති නිසා..
ගොඩක් ස්තූතියි රූ අක්කේ.. අන්තිමේ අක්කට හිතුන දේත් ලියලා ගියනම් තවත් වටිනවනේ..
Deleteඅවසන් කරපු අයුරු කදිමයි
ReplyDeleteතැන්ක්ස් ලොකු අයියේ..
Deleteඇත්ත කථාවක් වගේ...මේ දවස්වල හැමදාම අහන්න දකින්න ලැබෙන්නේ මේවනේ....
ReplyDeleteමගේ ජිවිතේට සම්බන්ද නැතත්, ඇත්ත කතාවක්..
Deleteඅපේ රටේ ඇත්ත ඕකම තමයි
ReplyDeleteඅකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා..
Deleteඇත්ත නිර්මානාත්මකව ඉද්‍රිපත් කරල තියෙනවා....
ReplyDeleteතෑන්ක්ස් මලයා..
Deleteහ්ම්ම්ම්ම්......ඇස්පනා පිට අපේ රටේ අසරණ මිනිස්සුන්ට අත්දකින්නට අත්විදින්නට වන තිත්ත ඇත්ත.....
ReplyDeleteකාලයල් යනකම් වෙනස් නොවෙන දෙයක් වේවි..
Deleteපමා වූවාට සමාව භාජනයකට දාන්න අයියෙ!!! :D
ReplyDeleteඅමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.. අයියාගෙ කතා හැමදාම සුපිරියි!! මේ කතාව හුගාක්ම කාලෙට ගැලපෙනවා.. සමාජෙ සිද්ධ වෙන ඇත්තට හුඟාක් ලඟම කතාවක්!!! නියමයි!!
කෝ ගන්න භාජනේ සමාව දාන්න.. ආ හිතුවෝ.. පරක්කු උනාට මොකෝ..
Deleteමේ දවස්වල ලංකාවෙ කියවෙන්නෙම මේවගේ පුවත්නේ.මේක නිර්මාණාත්ම අදහසක් වුවත් සැබෑ ලෝකෙ එදිනෙදා වන සත්‍ය සිදුවීම්.
ReplyDeleteසිවිල් බලය අතට ගත්තාම ඕනැම ජඩ වැඩක් කරන්න පුළුවන්.මොකද ජනතාව නිහඬව සිටින නිසා.
ජනතාව නිහඩ නිසා තමයි ගොඩක් වෙලාවට වැරදි වෙන්නේ.. ඒක තේරුම් කරන්න අමාරුයි ගොඩක් දෙනෙක්ට..
Deleteමොන සාක්ෂියෙන් නිදහස් වුනාත් ස්වාභාවදර්මයෙන් නිදහස් වෙන්න බැහැ.
ReplyDeleteටානිවාර්‍යෙන් අයියේ.. නිසි වෙලාවට ඒ දඬුවම් ලැබේවි..
Deleteඋන්ටම ගිය රටනේ.... අහින්සක දුප්පත් මිනිස්සු තැලෙන්නේ
ReplyDelete