Thursday, 26 July 2012

මග බලන දෑසකට


දහසක් සිත් නිදන රෑයක
මගේ සිත නම් තවම අවදියෙන්
හිමිසඳ එනතුරැ කැදැල්ලට
සැනසිල්ලක් සොයනු කොයි ඉසවුවෙන්

මේ සුළඟ විඩා නිවා ගත දැවටෙවි සිසිලසින්
තරැ එළිය මඟ කියාවි හිමියනි ආදරේන්
සඳවතිය වුවද නුඹේ තනි නොතනියට හිදිවි
හොඳ පරිස්සමට එනතුරැ මම ඉන්නෙ බලන්

නෙත රවටන අඟන්ගෙ බසට
මගතොටදි රැවටෙන්න එපා
සිත කළඹන පැහැසර දසුන් දෙස
හිමියනි හැරි හැරි බලනු එපා

නොගැලපෙන මිනිසුන් ලග
දැවටෙන්නට යන්න එපා
තැන තැන නැවත නැවතිලා
කල් වෙලා ගන්න එපා

උදේ ඉදන් වෙහෙසන හිමිසඳුනි
සනසන්නට මේ සිනහාව නොවිසිල්ලෙ
දොර පියනට පිටදි තවමත් නෙතු විමසිල්ලෙ
දැක ගන්නට දැවටෙන්නට ආදරයේ.............

______
සිහින මදාරා_____




නිවි ගිය විදුළි එළි ලග
එකම එක එළියක් මග බලාගෙන
ඝණදුරට පාර කියන
පහන් තරුවක් විලස..

ගිමන් නිවන සිසිල් සුළග
අරන් ආව ඒ සුවදට
ආදරෙන් පාර හොයාගෙන
සදවතිය දැකගන්න...

එන මග දෙපස රැදුන
ආලවන්ත රටා වලට
බැහැ කවදාවත් අර ගන්න
නුඹෙ නෙතු හොරාගත් හිත..

බැහැ මට නවතින්න
මොහොතකට උව මග
මග බලා ඉන්න මගෙ
හිමිකාරි සිහි උනාම..

ලග ලගම දැවටිලා ආදරෙන්
පාන ඔය හිනාව දැකගන්න
දවසම නෙතු අයාන හිටියා
නුඹ වගෙම නොඉවසිලිව..


______ දිනේෂ් උමගිලිය _______



කියන්න හිතුන ගොඩක් දේවල් ලියලත් ආයෙම මැකුවා.. ඒ ඔයාගේ කවියේ ලස්සන නැති වෙන නිසා.. මගේ කවිය විතරක් මම ලියලා යන්නම්..

100 comments:

  1. ඔහෝ...දැන් කවි සංවාදත් යනවා නේද? නියමයි නියමයි

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඉතින් සුදු අක්කේ.. මෙහෙම ලස්සන කවියක් දැක්කම නොලියා කොමද ඉතින්.... :)

      අද එක වෙලා... :)

      Delete
  2. හ්ම්ම්... හරි හරි.. :)

    ReplyDelete
    Replies
    1. මොකද මන්දා නිකන් අමුතු විදිහට හරි හරි කිවුවේ.. :)

      Delete
  3. හරිම ෂෝයි යාළු.......:) :)මට නම් මේ ආදර කවි කියවද්දී නිකන් පාවෙනවා පාවෙනවා වගේ.....අච්චෝ..... ඒ මම නේ.. කොහොම උනත් ලස්සන පද ටික......

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ හිරූ.. :)

      Delete
  4. lassani adahasa

    ReplyDelete
  5. ඔය දෙන්නාගේ ආදරේ දැක්කාම අපේ හිතවලුත් ආදරෙන් පිරිලා යනවා.:)

    //සිත කළඹන පැහැසර දසුන් දෙස
    හිමියනි හැරි හැරි බලනු එපා//

    පොඩ්ඩි එහෙමනම් ඕක කියන්නේ මෙහෙම.
    'මේ බලාගනයි කෙල්ලෝ දිහා බැලුවොත් එහෙම.' හී හී....

    ReplyDelete
    Replies
    1. mata nam irisiyaath hithenawa.....:)
      poddige blog ekath balanawa. mata comment karanna behene..
      dutu gemunu bisawa gena post eka harima lassanai...
      maath eya gena hewwata loku wistharayak lebune nehe.
      oyage post eken godak dewal hithaa gaththa..
      saliya ashokamala genath hoyala liyannako...
      me siyawase saliya asokamala nam inne ape gedara...:)))
      oyaage liweeme rataawata me ratawala thiyena nidahas chinthanaya balapaala thyena heti apuuruwata penawa..

      Delete
    2. dinesh malli samaa wenna one oyage blog eke wena kenekge post ekakata comment karaata....

      Delete
    3. //mata comment karanna behene..//
      ඇයි ඒ? :)

      //me siyawase saliya asokamala nam inne ape gedara...:)))//

      කතාව කියමුද බලන්ට.:)
      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට. දිනේශ් මුකුත් හිතන්නේ නැතිවෙයි කියලා හිතෙනවා. එයාලගේ ආදරේ හන්දනේ අපි මෙතනට ඇදිලා ආවේ.:D

      Delete
    4. අපි ඉතින් පොඩ්ඩි අක්කා සැරයි කියලා දන්නවනේ.. කවියෙන් ඔහොම කිවුවට මොකො මෙයගේ සැරත් ඔහොම තමයි.. පස්සේ ඔහොම කියයිද දන්නේ නෑ.. :)

      Delete
    5. ඇනෝ : නෑ.. පොඩ්ඩි අක්කා ඉතින් මම නොදන්න කෙනෙක්ය.. ඉතින් වලවුව ගැන දෙයක් එයාගෙන් අහුවා කියලා මගේ නම් අවුලක් නෑ..

      Delete
    6. අමතක උනා.. ආ පොඩ්ඩි අක්කේ.. ඇනෝ කමෙන්ට් බ්ලොක් කලාවත්ද? නැත්නම් කමෙන්ට් දාන්න පුලුවන්නේ.. මමත් අන්තිම එකට දාලනේ ආවේ..

      මම මොනා හිතන්නද පොඩ්ඩි අක්කේ.. අක්කගේ ලිපි කැමැත්තෙන් කියවන කෙනෙක්.. ඉතින් ඒ කමෙන්ට් දාන්න බෑ කිවුව එක ගැනත් බලන්න..

      Delete
    7. ko ano nahane...
      mama danne ano enna witharaine ane...

      Delete
    8. පොඩ්ඩි අක්කේ.. ආයෙම පොඩ්ඩක් මේ ගැන බලන්න..

      Delete
  6. නියමයි නියමයි. කවි සංවාද කරන්නන්ගේ සංගමයක් හදන්නත් පුලුවන් වෙයි වගේ ඉස්සරහට :D

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒකත් ඇත්ත.. අනාගතේ එන්න ඉන්න අයටත් කවි ලියන්න පුළුවන් උනොත් තවත් ශෝක්.. :)

      Delete
  7. malli nohitapu tike anik blog balannath giya.
    happe.. mechchara kal balapu blog tika witharak balanawa kiyala hithaa gaththa..oyaa me liyana widiya harima hondai malli..kaagewath hitha ridenneth nehe. balana kenage oluwata barakuth nehe..
    suba gaman malliye...

    ReplyDelete
    Replies
    1. ඒවානම් ඉතින් එහෙම තමයි අක්කේ.. ලිපියක් දෙකක් එහෙම උනාට ඒ බ්ලොග් නොබලම ඉන්න එපා.. ඒවයේ හොද දේවල් ලියවෙනවා..

      Delete
    2. lipi newei malliye wade...
      wali...

      Delete
    3. ඒවනම් ඉතින්......

      Delete
  8. Aa,,,malli awith sathutui....

    Kavith lassanai malli. Maath Ithin tikak saren mahaththaya ta kiyanawa ara Poddi kiyapu vidiyata. Nathnam Ithin sellamda? Ne....

    Sathuten inna. Dan dennek ne.

    ReplyDelete
    Replies
    1. බදින්න කලින් ඔහොම කිව්වට බැන්දට පස්සේ ඔහොම කියයි.. :)

      අවා අක්කේ.. ඒත් අර ඉස්සර වේගෙන් දැන් ලියන්නේ නම් නෑ හැබැයි..

      Delete
  9. එකපාරටම මම් බැලුවා මහී බ්ලොග් එකට අව්ද කියලා. බැලින් නම් මේ දිනේෂ් මලයෑ අනාගත බිරින්දෑ නෙව. හික්ස් :)

    ලාබ සිනා සිත කලබන
    නුහුරු සෙයිලමේ....
    නුබ පාර සොයා මඟ නොඅසන්
    මගේ ස්වාමිනේ.....


    ඔන්න ඔය ගීය තමයි මට මතක් උනේ. දෙන්නගෙම කවි ලස්සනයි... කවි දෙකේම ආදරේ බේරෙනවා....
    ඕං මම් දෙන්නටම ක්‍රෙඩිට්ස් දුන්නා !!!

    ReplyDelete
    Replies
    1. ඇයි මධුරංග අයියේ,
      "කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ" සින්දුව මතක් වුනේ නැතෙයි?

      Delete
    2. ආහ්.. ඒ සිංදුවත් අදාලයි නේ. මරු මරු !!!

      Delete
    3. යෙස් යෙස්... ෆියුචර් වයිෆ්... :) එයා මොකො මම මොකො ඉතින්..

      අයියත් හොදම සින්දුව මතක් වෙලා.. හා හා.. මගේ ක්‍රෙඩිට්ස් අරන් ඉතුරුවා මදාරට ගන්න කියන්නම්.. :)

      Delete
    4. ප්‍රමුදි මේ තව එකක් මතක් කරලම ගිහින් තියෙන්නේ.. :)

      Delete
  10. ලස්සන සංවාදයක්!!

    ReplyDelete
  11. ආදරේ බේරෙනවා..! :))

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු..

      Delete
  12. කවි මඩුවක් තියලා නොවැ හොරෙන්ම ...

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ තියෙනවා.. මේක මේ හිතට ලං උන නිසා දැම්මා... :)

      Delete
  13. නියමයි නියමයි
    ආදරේ බේරෙනවා :))

    ඉතාලියේ නුඹ ඉන්නා ඉසව්වේ
    කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ....:P

    ReplyDelete
    Replies
    1. ඉතාලියේ කිරිල්ලියෝ නම් ඉගිල්ලෙනවා සෑහෙන නිදැල්ලේ.. ඔවා මතක් කරන්න එපා අයියේ.. :)

      Delete
  14. හොඳ කවියක් මරු...

    ReplyDelete
  15. අඩේ පට්ටනේ....

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු..

      Delete
  16. සුපර් ලස්සනම ලස්සනයි..අයියට දෙවනි නෑ අක්කිත්..අක්කිට දෙවනි නෑ අයියත්..ඒ තරමටම කවි ටික නම් හුගක් ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. මදාරගේ කවිය තමා ලස්සන.. ඒකනේ මටත් එකක් ලියන්න හිතුනේ..

      Delete
  17. නියමයි!!! දෙන්නම එකතු වෙල ලියද්දි කියන්න බැරි තරම් ලස්සනයි! සම්පූර්ණයි!
    කෙනෙක් වෙනුවෙන් මඟ බලා ඉදීමෙත් කෙනෙක් තමන් වෙනුවෙන් මඟ බලා ඉන්නව එකෙත් කොච්චර සතුටක් තියද!

    ReplyDelete
    Replies
    1. ඇත්ත යාළුවා.. එයාගේ කවියට අදහසක් විතරයි මට ලියන්න ඕන උනේ..

      මග බලා ඉදීම් හරිම සුන්දර දෙයක් ඇත්ත්ටම..

      Delete
  18. මරු මචං.. අළුත් අත්දැකීමක්...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මාළුවෝ.. මොකද්ද අළුත් අත්දැකීමක් කිවුවේ?

      Delete
  19. දෙන්නෙක් එකතු වුන තැන කොච්චර ලස්සනද? එක්කෙනෙක්වත් ආදරෙන් පරාද නෑ...වැඩිත් නෑ අඩුත් නෑ නියමයි....

    ReplyDelete
    Replies
    1. අඩුත් නෑ වැඩිත් නෑ...හරියට වටවල කහට වගේ නේහ් !!!

      මම් වැරදි කතාවක් කිව්වද මන්දා :)

      Delete
    2. තෑන්ක්ස් සිත්තමි.. ආදරේ තරගයක් නෙමෙයි නේ ඉතින්... .)

      Delete
    3. මධු අයියේ : වටවල කහට ඒ වගේද? දන්නේ නෑනේ.. :)

      නෑ නෑ කතාවේ අවුලක් නෑ.. :)

      Delete
  20. මරු!!!!!! වර්ණය ආදරයත් එක්ක තවත් වර්ණවත් වෙලා සතුටුයි :-) ජය!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා.. කොයි දේ උනත් ආදරේ නිසා වර්ණවත් වෙනවනේ..

      Delete
  21. කවි දෙකම නියමයි.. එක තැන වාසය කරන කාලෙට කවියෙන්ම සංවාද යයිද දන්නෙ නෑ... :D

    ReplyDelete
    Replies
    1. මේ ඉතින් එයා ඉතාලි ආවම කරන දේවල්ලුනේ.. මම දන්නේ නෑ ඉතින්... :)

      Delete
  22. ඇයි බන් කවියෙන් බැන ගන්නෙ ? එතකොට අපිට තේරෙන්නෑනේ...... ;-)

    ReplyDelete
    Replies
    1. නොතේරෙන්න තමයි අයියේ කවියෙන්ම කතාව ගියේ.. :)

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හා හා ඉතින්.. ඊළග එකේ ඉදන් එහෙම දාන්නම්කො.. :)

      Delete
  24. ආව්........... නියමයි!!! ලස්සනයි!!!

    ReplyDelete
    Replies
    1. ආ..හිතු.. තැන්කූ.. :)

      Delete
  25. ලස්සනයි. කවියෝ එකට එකතු උනාම ඉතින් සුපිරිම තමා.
    කවියෙක් කිවිඳියක් මෙහි එක්වී ඇත්තේ
    පිපී සුවඳ දෙන මල් වැනි එක ඉත්තේ
    දැන් නම් ඉන්න බැහැ බඩගිනි වී ඇත්තේ
    බැඳලා පාටියක් දෙන එක නොවැ ඇත්තේ :D :D :D

    ReplyDelete
    Replies
    1. බැදලා පාටි දෙන්නට අවුරුද්දක් ඉවසන්නේ
      එතකන් බඩට මොනා හරි දා ගන්නේ
      කවි රස නම් අපේ හිත් වල ඇත්තේ
      වෙඩිම දාට තව කවි කියමුනේ.. :)

      Delete
  26. කවිකාර සිත් දෙකක ආදර මල් පීදූමට මගෙනුත් සුභ පැතුම්......

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් බිනරී... :)

      Delete
  27. kavi dekama lassanai.......

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නංගෝ..

      Delete
  28. කවි මඩුව නියමයි..

    ReplyDelete
    Replies
    1. අසාර් අයියගේ පෝස්ට් එකකත් මේ වගේම කවි ටිකක් ලගදිම බලන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මම ප්‍රර්ථනා එක්ක තරහයි.

      Delete
    4. අපේ ප්‍රාර්ථනා නංගී මොනා කලාටෙයි ඒ අසාර් අයියේ.. :)

      Delete
  29. මටත් මතක් වුනේ මධුරංග අයිය මතක් කරපු සින්දුව. මග බලන දෑසක් මා එන තුරු මග බලන දිනක් එනතුරු මාද මග බලමි.

    ReplyDelete
    Replies
    1. ඒවි එවි මලයා එහම දවසක් ඇවිත් එහෙම දෑසක් මග බලාගෙන ඉදිවි.. එතකන් ටිකක් බලාහෙන ඉමු..

      Delete
  30. haa haa oya yanne double daalaa.. jaya wewa. kawi tika nam patta pata pata
    sorry sinhala naa :( ano enna une :(

    -Warnaa-

    ReplyDelete
    Replies
    1. පාට පාට නංගී මොකො මේ ඇනෝ.. කොහේ හරි රස්තියාදුවක ගියයි.. :)

      නැතුව නැතුව ඉතින් දැන් සින්ගල් නෙමෙයි නේ.. :)

      Delete
  31. //...හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ
    කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ....

    නුඹේ කවිය හිත අස්සේ සියුම් තැන් සොයා
    හෙමි හෙමිහිට ආදරයේ ලැන්ගුම් සොයනව

    මගේ හිතත් මට අහිමියි කියා හිතෙනවා
    කවි මට දී මගෙ හිත ඔබ අරගෙන යනව.....//

    ඕම යන් ඕම යන්....

    ReplyDelete
    Replies
    1. පිසාචයාට නියම සින්දුව මතක් වෙලා.. මරු මරු..

      Delete
  32. දෙන්නගෙම කවි ලස්සනයි. මේ වගේ කවි වලින් මවන සිතිවිලි වල අගය තේරුම් ගන්න පුළුවන් කම තියෙනව නම් සතුට එයාට සොයා ගන්න අමාරු නැති වෙයි. හරිම ලස්සනයි.

    සිහින මදාරා මොකද මෙහෙ ඇවිත් කියල බැලුවා. කොමන්ට් ටික කියවද්දී නම් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියල තේරුණා. දෙන්නටම ජය.

    ReplyDelete
    Replies
    1. ම්දාරා ඉතින් දැන් මේ පැත්තේ තමා.. යාළුවා හොද පොස්ට් එකක් දැම්මම මදාරා මට මතක් කරනවා බලන්න කියලා.. :)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මෙයා හොද රසිකාවියක්නේ.. :)

      Delete
    4. එහෙම තමයි හොඳ ළමයි නේද මදාරා :D

      Delete
  33. අනුන්ගෙ ලව් ලෙටර්ස් කියවනවා වගෙ හිතෙයිද කියලා තරමක් වරදකාරී හැඟීමකින් කියවන්න ගත්තෙ. නමුත් එහෙමම නෑ. යහපතක්ම වේවා! දෙන්නෙටම කවි ලියන්න පුලුවන් වෙච්ච එකනෙ වැඩේ!! එහෙමද නැතිනම් මා කවියකු කලේ ඔබයිද? :)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම කලින් හෙන්රි අයියා නම වෙනස් කලාද? හොද වෙලාවට අර යටින් බ්ලොග් වලට යන ලින්ක් එක තියෙන්නේ.. නැත්නම් අදුන ගන්න බෑ..

      නෑ නෑ මදාරත් කලින් හොදට කවි ලියපු කෙනෙක්.. ඉස්සෙල්ම මම ආදරේ කලේ කවි වලට.. ඊට පස්සේ එයාට.. :)

      Delete
  34. ම්ම්ම්ම්ම් දෙන්න වැඩ පටන් අරන් වගේ නේද...? ඔහොම යං ඔහොම යං

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඉතින්.. පටන් ගත්ත කිවුවට මේ පහුගිය දවස් වල ලිය උන ඒවයින් එකක් විතරයි..

      Delete
  35. ගීත සාහිත්‍යයේ යුග ගිත කියලා විශේෂයක් නම් තියෙනවා. ඒත් යුගල කවි නම් හමුවෙලා නැහැ. ඒත් ගජමන් නෝනා සහ ඇලපාත මුදලි ලියපු කවි කාව්‍ය සාහිත්‍යයේ දි හමුවෙනවා. මේකවිත් ඒවගේ. කොහොම වුනත් දෙන්නගේම කවි ලස්සනයි.

    "වාසනාවං - හරි වාසනාවං"

    ReplyDelete
    Replies
    1. යුගල කවි ගැන නම් ඇත්තටම අයියා කිවුවා වගේ මාත් අහලා නෑ.. ඒ උනත් කවි වලට පිළිතුරු කවි ලිය වෙනවා නේද?

      ගොඩක් ස්තූතියි රත්නායක අයියේ..

      Delete
  36. මරු මරු, මරේ මරු!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ලහිරු අයියේ... :)

      Delete
  37. ලස්සන කවි සංකල්පනා.... සිහින මදාර ලියපු කවියක් දැක්කමද කොහෙද...

    ReplyDelete
    Replies
    1. එයා ලිවුව කවි ගොඩක් තියෙනව අයියේ.. අයියා ඒ පැත්තේ යන්නේ නැද්ද?

      Delete
  38. හරිම ආදරණිය සංවාදයක්..
    හැමදා මෙසේ සතුටින් සිටින්නට දිරිය ලැබේවා..

    ReplyDelete
  39. ආව් අප්පා... අපි එන්නැතුව හිටිය දවස් ටිකට මෙයාල ඩබල් වෙලානේ..
    දෙන්නටම සුබ පැතුම් එහෙනම් මගෙන්.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්