Tuesday, 10 July 2012

මගේ කවිය නුඹ..

මේ ජීවිතේ වෙනස්ම මාවතකට යොමු කලේ කවිය.. මේ ගෙවුන කාලයත් එක්ක ජීවිතේ ඒකාකාරී දවස් කොච්චරනම් තියෙන්න ඇත්ද? කා එක්කවත් කතා නොකරපු එකම එක මොහොතක්වත් හිනා නොවුන දවස් මේ ජිවිතේ අතරින් පතර තිබුනා කිවුවට කවුරුත් පිළිගන්න එකක් නෑ.. ඒත් එහෙම දවස් තිබුනා..

වෙලාවකට ඔරලෝසුව දිහා බලාගෙන තනියම කල්පනා කර කර හිටපු දවස් තිබුනා.. තනිකමයි පාළුවයි මේ ජීවිතේට ටිකින් ටික ලං වෙද්දි, ඒකට ඉඩ දෙනවා හැරෙන්න වෙන විකල්පයක් මේ ජීවිතේට නොතිබුන තරම්.. 

තනිකමත් එක්ක වචනයට පෙරලන්න බැරි උන ගොඩක් දේවල් කවි වලට අමුනද්දි හිතට දැනුනේ කියා ගන්න බැරි සතුටක්.. කවියක පද වල එතිලා මගේ හැගීම් මාත් එක්කම කතා කරද්දි මම තනි නෑ කියන හැගීම මගේ හිතට ආවේ ඉබේම වගේ.. ඉතින් මම කවියට අසා කලා.. 

මගේ හිතත් ජීවිතෙත් කවියෙන් කියවන්න පුළුවන් වෙද්දි ඒ අකුරු අතරට යොමු උන ගොඩක් නෙතු අතරේ එක ලෙංගතු දෙනෙතක් ජීවිතේට මෙච්චරම ලං වෙයි කියලා කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ.. ඒත් ඒ ආදරණිය දෙනෙත මේ හිතේ තමන්ට උරුම ඉඩ හොයාගෙන ගිහින් නතර උනේ ජීවිතේ ගැන එකම එක බලාපොරොත්තුවක් විතරක්ම අරගෙන..

කලින් ජීවිතේ හුරු උන බොහෝමයක් ඳේවල් හෙමින් හෙමින් වෙනස් වෙද්දි එකම එක දෙයක් විතරක් නුඹ වෙනස් කරන්න උත්සාහ කලේ නෑ.. ඒ කවිය.. 

හුදෙකලා රාත්‍රියන්ට ලිය උන කවි ගී වෙනුවට ආදරණිය නිමේෂයන්ට කවි ගී ලියන්න නුඹ මේ හිත හුරු කලා.. ජීවිතේ වේදනාව කවි කල හිතට නුඹ සතුට බොහොම ආදරෙයෙන් හුරු කලා.. ඒ හැම ආදර්ණිය කවි පෙලකම නුඹ මටත් හොරෙන් රැදුනා..

...........................................

හිත හුදෙකලා වෙලාවට
මුළු ලොවෙන්ම වෙන්ව මම
හිතට නැගෙන සිතුවිලි
කවියකට මුසුකරන
හැම මොහොතකම
ඒ හැම කවියකම
හැම පද වැලකම
ඔබේ මතකය සැගවෙලා
මටත් නොදැනිම..

මගේ ආත්මයටම 
ඔබේ මතකය එක් වෙලා අද
නුඹ දන්නේ නැති උනාට.
අපි දෙන්නගෙම හිත් 
එහම හැගුමෙන් වෙලෙන කොට
කෙලෙස ලියම්ද කවක්
නුඹේ සොදුරු මතකය 
මුසු නොකර මම..

ලියඋන හැම පෙලකම
ආදරේ තැවරුවේ මම
දැනුන නිසයි ආදරේ තරම
සෙනෙහසින් නුඹ අරගෙන ආව..

ඉතින් ආදරෙයි මම
නුබ ගෙනා ඒ ජීවිතයට
මගේ කවිය වෙලා නුඹ
හිදිවි හිතේ හැමදාටම..

...........................................


ඔව්.. මගේ කවිය නුඹ.. හැම අකුරකම හැම පේලියකම ලියවෙන මගේ කවිය නුඹ..







61 comments:

  1. තනිකමට ලියවුනු කවි ආදරේ නමයෙන් ලියවෙනකොට තවත් ලස්සනයිනේ.... හෑම පෑතුමක්ම ඉටුවෙනකොට ඔය ජිවිත තවත් ලස්සන වේවි... ජය

    ReplyDelete
    Replies
    1. ඔව් දේවා.. තනිකමෙන් මිදෙද්දි ඒ ජීවිතේ වැඩියෙන් ලස්සන වෙනවනේ..

      Delete
  2. Lassanai,,
    Dan sathuten wage,, hamadama ohoma inna..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අක්කේ.. දැන් ගොඩක් සතුටින්..

      Delete
    2. Neth dekin dutuwe nathi unath, oya sathuten nam hondai,,,,

      Mekata comment karey oya meka dala vinadi 5n... Man 2nd place,,,

      Sathuten inna, maath dan aluth rataka jeewath wenne,, lassanai rata.

      Delete
    3. ඇස් දෙකෙන්ම මදාරව දකින්න තව අවුරුද්දක් බල්න් ඉන්න ඕනනේ අක්කේ.. :(

      අක්කා දැන් කොහේද ඉන්නේ??

      Delete
  3. I'm so happy for you... really...! This is what I always wanted you to be.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා.. මෙන්න මෙකා ඉංගිරිසියෙන් කොටලා.. මොකෝ කසුනෝ මේ එක පාර උඹට උනේ? :)

      Delete
  4. ඔය තියෙන්නේ. ලස්සන කවි තව ඉස්සරහට තියෙයි එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඉස්සරහට තව ලිය වේවි.. :)

      Delete
  5. විතේ හැමදාමත් මෙහෙම ආදරෙන් පිරිල ඉතිරිලා යන්න කියල ප්‍රාර්ථනා කරනව..මේක කියවල මට ඒ කාලෙ මතක් උනා.එයා එකයි මම එකයි.

    ReplyDelete
    Replies
    1. ඒ හිත ලග ආදරේ හැමදාම මේ වගේ වේවි කියලා ගොඩක් ලිකු විශ්වාසයක් තියෙනවා..

      Delete
  6. කවිවර්ෂන්එක,එකපාරටමවෙනස්උනාවගේ...

    ReplyDelete
    Replies
    1. ආදර කවි වල ටිකක් වෙනස් උනා.. අනිත් ඒවා එහෙමම තියේවි.. හෙමීට ඒවත් ලියන්න ඕන.. :)

      Delete
  7. හොඳ වෙලාවට මම නම් කවි ලියන්ට දන්නේ නෑ. ඒත් රස විඳින්ට පුලුවන්.

    ලස්සන කවි ටික. ආදරේ බේරෙනවා.....:)

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවට කවි ලියලා ඇති.. පොඩි ට්‍රයි එකක් දීලා ලියලා බලමුකෝ එකක්. ලියලා දාන්න බ්ලොග් එකේ අපිටත් බලන්න..

      Delete
  8. ආදරේ මුසුවුන කවියක් කියවද්දි කියවන කෙනාටත් එයින් සුවයක් ලැබෙනවා! ලස්සනයි දිනේශ්! තම ආදරණීයන්ට ආදරේ පිරුණු හිතකින් කියවෙන කවි කොහොමත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. කාලෙකට උඩදි මාත් කලේ එහෙම ආදරණිය කවි කියවන එකනේ.. දැන් ලියනවා.. :)

      Delete
  9. මතක කරලා කොපිරයිට් දාන්න අය්යේ...;) ලස්සනයි

    ReplyDelete
    Replies
    1. කොපි රයිට් මොකද මාල්යෝ... :)

      Delete
  10. ලස්සනයි කවිය වගේම කවිය ඇතුලෙ තියන අර්ථයත්.....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ශෂි..

      Delete
  11. නියමයි මල්ලි.... ඇත්ත හැම දේම වෙනස් වෙන්න ඕනෙ නෑ නෙ. :)))

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ.. මේ වගේ දේවක් මොකට වෙනස් කරනවද?

      Delete
  12. තනිකමෙන් මිදුණ
    කඳුළෙන් මිදුණ
    ඔය සොඳුරු කවිය
    ගැයේවා මුළු ජීවිතය

    ReplyDelete
    Replies
    1. ජිවිත කාලෙම ගයන්න
      ලැබුන මේ කවිය
      දහසක් වටිනවා මට
      ලිය උන කවි අතර..

      Delete
  13. ආදරේ නමින් ලියවෙන අයියගේ කවිවල පාට හරි හැඩයි..ඒ ලස්සන ගැන කියන්න වචන නැති තරම්..ලස්සනම ලස්සනයි..හැමදාමත් හැම අකුරකම හැම පේලියකම ඒ ආදරේ ගැනම ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!

    හුදකලාවු ම සිත සිතුවිලි
    පෙලගැසෙන පදවැල
    ලියවෙන්නේ නුඹ නමටම
    පමණය කවි පිටුතුල...

    ගෙවෙන හැම මොහොතකම
    මතකය පමණක්ම සිතතුල
    දැවටෙනවා මටත් හොරෙන්
    සිහිකරමින් ඔය නෙතුසගල...

    ReplyDelete
    Replies
    1. අද කවියක් ලියලා.. පුදුමයි මදාරට ලියන්න කිවුවේ නෑ... :)

      පන්හිද මගේ හිත විය
      අකුරු අතරේ නුඹම විය
      එක් එක කවි පද අතර
      කවි කලා මම නුඹෙ මතකය..

      Delete
  14. තනිකම නැතිකරගන්න මට පිහිට උනෙත් කවිය.....

    ලංකාවෙ ඉදන් ඇවිත් කවුරුත්ම නැතුව ෆ්ලැට් එකක තට්ට තනියම නොහිටියනම් මීගොඩය කියල එකෙක් කවදාවත් කවි ලියන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. මටත් උනෙත් ඒකම තමා අයියේ.. ඒකයි මම කිවුවේ කතා නොකරපු හිනා නොවුන දවස් තිබුන කියලා..

      Delete
  15. ආව්......ආව්......
    තව? තව?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා හා තව දෙන්න.. :)

      Delete
  16. ම්ම්ම්...දැන් ලියන්නෙ කවි එයාගෙ නමට...

    ලස්සනම කවි ටිකක් ඉස්සරහට බලන්න පුළුවන් වෙයි..ආදරෙන් හැඩවෙද්දි හිත කවිය කොයිතරම් සොදුරුයිද?

    දුකෙන් ලියවුණත් පෙරදා කවිය එදාට වැඩියෙන් පාට ගැන්විලා ආදරෙන් අද ඔබේ කවිය...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඉතින් එයා ගැන තමා හැම දෙයක්ම.. ඉස්සරහට තව ලියනවා ඉතින්.. :)

      Delete
  17. දැන් ඉතින් පැල බැඳගෙන ආදර කවි ලියන්න බැරුව යෑ... හික්ස් :)
    පනවගේ ආදරේ කරන්න කෙල්ලෙක් ඉන්නකොට හැමදාටම කවි ලියතෑකි නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ ඉතින්.. ඒ ආදරේ ගැන කොහොම කවි ලියන්න බැරිද?

      Delete
  18. ජිවිතය කවියක්ම තමයි හැබැ ඒ කවිය ආදරෙන් වෑහෙනකොට තවත් සුන්දරයි...හේම්

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. ජීවිතේ කවියක්.. ඒකේ පද වැල ආත්මය වගේ..

      Delete
  19. ලස්සනම ලස්සනයි සහෝ! :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් හිරූ..

      Delete
  20. kavi tika harima lassanai ayya.oya dennata hamadatama adarayen,sathutin inna labewa kiyala prarthana karanawa.:)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අරලියා..

      Delete
  21. ලස්සනයි! හැමදාම වගේ!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් හිතූ..

      Delete
  22. දැන් මහී අක්ක තමයි ඔලුවේ ඉන්නේ නේද හැම වෙලේම :))

    ReplyDelete
    Replies
    1. මහී නෙමෙයි මලයා.. මදාරා.. මහී කියන්නේ දෙන්නෙක් බොල...

      Delete
  23. ආදරෙත් හැමදාමත් නොවෙනස් ව කවිය වගේ ම තියේවි මලයෝ! අදත් ලස්සනයි ඔන්න!

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි අයියේ මගෙත් බලාපොරොත්තුව..

      Delete
  24. මල් ලෝකේ මහා බෘංග රාජයා
    දැන්මල් කඩනවා.....

    ReplyDelete
    Replies
    1. මල් නොකඩා මොනා කරන්නද මල්ලියේ ඉතින්... :)

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒ කිවුවට ඉතින් මදි මදි වගේ.. :)

      Delete
  26. මේ සතුට හැමදාම රැඳවා කියලා විශ් කළා ඔන්න..! :)

    ReplyDelete
  27. ඒ කවිය මුළු ජීවිත කාලෙටම ඔයාගෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අයියේ. තනිකම නිසා ඔයා විඳපු ඒ දුක නැති වෙන්න එයා හැමදාටම ඔයා ගාව ඉඳීවී. :D

    ReplyDelete
  28. ඔයාගෙ කවි දෑකල මටත් ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ලෑබුන මල්ලි.... බොහොම පින්.... ඔයාගෙ පිටුව කියෙව්වට අද තමයි කමෙන්ට් කරන්න හිතුනෙ...
    ඔයාල දෙන්නගෙ ජීවිතේ ගෝඩාක් සතුටින් පිරෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා...

    ReplyDelete
  29. ඔයාගෙ කවි දෑකල මටත් ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ලෑබුන මල්ලි.... බොහොම පින්.... ඔයාගෙ පිටුව කියෙව්වට අද තමයි කමෙන්ට් කරන්න හිතුනෙ...
    ඔයාල දෙන්නගෙ ජීවිතේ ගෝඩාක් සතුටින් පිරෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා...

    ReplyDelete
  30. ඔයාගෙ කවි දෑකල මටත් ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ලෑබුන මල්ලි.... බොහොම පින්.... ඔයාගෙ පිටුව කියෙව්වට අද තමයි කමෙන්ට් කරන්න හිතුනෙ...
    ඔයාල දෙන්නගෙ ජීවිතේ ගෝඩාක් සතුටින් පිරෙන්න කියල මම හදවතින්ම ප්රාර්තනා කරනවා...

    ReplyDelete
  31. ඔයාගෙ කවි දෑකල මටත් ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ලෑබුන මල්ලි.... බොහොම පින්.... ඔයාගෙ පිටුව කියෙව්වට අද තමයි කමෙන්ට් කරන්න හිතුනෙ...
    ඔයාල දෙන්නගෙ ජීවිතේ ගෝඩාක් සතුටින් පිරෙන්න කියල මම හදවතින්ම ප්රාර්තනා කරනවා...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්