Monday, 9 July 2012

අයියගේ ලවු ලෙටර් එක

අපේ අයියගෙයි මගෙයි වයස පරතරය අවුරුදු 12ක්.. මම ඉස්කෝලේ එක වසරෙදි ඉද්දි තාත්තා රට ගිය නිසාම එතකොට එස්කෝලේ O/L පන්ති වල හිටපු අයියට පොඩි එකා වෙච්ච මගේ තිබ්බේ ලොකු බයක්.. කතා කලෙත් හරි අඩුවෙන්.. දැන් නම් ඉතින් මම ලොක්කා වගේ කියෙවුවට බය නම් තාම තියෙනවා.

ඒ දවස් වල ගෙදර වගකීම් වලදි ලොකු බරක් කරට ගත්තට මොකද ගෑල්ලමයි සම්බන්ද ප්‍රශ්ණ වලදිනම් අයියා අනිත් හැමෝම වගේම තමා.. ඊටත් වඩා ඉස්සරහද මන්දා.. කෝම උනත් වැඩිය පරණ කේස් අදින්න හොද නෑ.. මොකද අපේ නෑනා මේක කියවන්න ඉඩ තියෙන නිසා.. :)

මම දෙක වසරෙදි අපි ගාල්ලෙන් කොළඹට සංක්‍රමණය වෙද්දි ගාල්ලේ තිබ්බ පෙම් පලහිලවු ඔක්කොමටම සමූ දීලා කොළඹ ආවේ මුකුත් නොදන්න ගානට.. ඇවිත් ඉතින් කලෙත් ඒ ටිකම තමා..

කෝම හරි අයිය A/L කරන කාලේ වෙද්දි ඉස්කෝලේ හැමෝම අතරේ හරි ජනප්‍රියයි.. වැඩියෙන්ම දන්නේ ඉතින් හොද කවි කාරයෙක් කියලා තමා.. මම වගේ නෙමෙයි අයියා කලෙත් ආට් සබ්ජෙට්ස්නේ.. ඔය අතරේ ඉතින් කාගේ හරි දතක් ගැලවෙන්න ගහලා ඒ අතිනුත් හරි ජනප්‍රියයි.. මාසයක්ද කොහේද ඉස්කෝලෙන් අනිවාර්‍ය නිවාඩු දිලා ගෙදරත් හිටියා.. 

ඒ දවස් වල ඉස්කොලෙ ලොකු පන්තිවල හිටිය අක්කලා මට හරි ආදරෙයි.. මට ගෙදරට ආදරේට කියන නමින්ම අයියා ඉස්කෝලෙදිත් කතා කරන නිසා ඒ දවස් වල හැමෝම මට කතා කලේ ඒ නමින්ම තමා.. ( දැන් ඒක අහන්න එපා කියන්නේ නෑ.. )

ඉස්සර ඉස්කෝලේ කැන්ටිමේ පොර කන්න ඕන නෑ.. අක්කා කෙනෙක් දැක්කොත් " ආ ...... මල්ලී එන්න.." කියලා ඒ අක්කලම මට ඕන දේ අහලා අර්න් දෙනවා.. ඔතන තිබ්බ ලොකුම වාසිය තමා මගේ අතේ සල්ලි ඉතුරු වෙන එක.. එයාලගේ සල්ලි වලින්මනේ මට අරන් දෙන්නේ.. 

අක්කලා එහෙම උනාට අයියලාගෙන් තමා අවුල හිටියේ.. යාළුවෝ සහ තරහා කාරයෝ අඩුන ගන්න සෑහෙන මහන්සි වෙන්න උනා..

" මහේෂ් කියන්නේ මල්ලිගේ අයියා නේද?" 

එහෙම ඇහුවොතින් ඒ අයියගේ යාළුවෙක්..  ඉතින් මාත් පැනපු ගමන් ඔවු කියනවා..

" මහේෂ් කියන්නේ උඹේ අයියද?"

ඒ නම් තරහා කාරයෙක්ම තමා.. ඒ වෙලාවට ඉතින් උත්තරේ නෑම තමා.. 

කෝම උනත් අයියා ඉස්කෝලෙන් අවුට් වෙලත් ටික කාලයක් යනකම්ම ඔය තැන ඔහොමම තිබ්බා..

" මල්ලි අයියා සනීපෙන්ද?"

" අයියා කොහේද වැඩ මල්ලී?"

ඔය වගේ ප්‍රශ්ණ වලට ඉස්සර හැමදාම වගේ උත්තර දෙන්න උනා.. ඔය ඔක්කොම අස්සේ අයියා ඉතාලි ආවා.. ඊට පස්සේ ඉතින් හැමදේම වෙනස් උනා..

මට මතක හැටියට මම එතකොට ඉස්කොලේ 4 වසරේ.. දවසක් පිට්ටනියට වෙලා සෙල්ලම් කර කර ඉද්දි අක්කා කෙනෙක් ඇවිත් මට කතා කලා..

" මල්ලි ඔයා මහේෂ් අයියගේ මල්ලි නේද?"

" ඔව්.."

" අයියා මොකද දැන් කරන්නේ?"

" අයියා රට ගියා.."

" අයියා ඔයාලට කතා කරනවද?"

" ඔව් ලියුම් එවනවා.."

" ඔයත් ලියුම් දානවද?"

" ඔව්.."

" ඊළග පාර මල්ලි ලියුම දාද්දි මේකත් එක්කම දානවද?"

එහෙම කියපු අක්කා ලියුමකුත් එක්ක චොකලට් එකක් මට දික් කලා..

" මේ චොකලට් එක?"

" මල්ලිට.. මල්ලි මේක දානවා නේද?"

" හා.."

එවෙලේ සෙල්ලම් කරන්න ඕන සිහියෙන් හිටිය නිසා ලියුම ගත්තා මිසක් චොකලට් එක නිසා ලියුම ගත්තේ නෑ ඔන්න.. :)

මම ඉතින් ලියුමත් සාක්කුවේ දාගෙන ඇති වෙන්න සෙල්ලම් කරලා ගෙදරත් ගියාට මොකද ලියුම ගැන කල්පනාවක් නෑ.. ගෙදර ගිහිල්ලත් ආයෙම සෙල්ලම් කර කර ඉද්දි අම්මා එනවා තෙත කලිසමත් අරගෙන..

" කවුද පුතේ මේ ලියුම දුන්නේ?"

" ඉස්කෝලේ අක්ක කෙනෙක් අයියට දෙන්න කිවුවේ.. ඔක යවන්න අපි ලියුම දාද්දි.."

අම්මා මුකුත් කිවුවා වගේ නම් මට ඇහුනේ නෑ.. වතුර අතරින් හෙමීට දිග ඇරලා ඒක බලනාව විතරයි දැක්කේ..  පවු වැඩේ ඒ අක්කා තාම ඒකට පිළිතුරක් එනකම් බලන් ඉන්නවද දන්නේ නෑ.. :)







105 comments:

  1. තමන්ගේ අයියා වෙනුවෙන් සෙනෙහේ කොල මාරු කරන්න පින ලබපු මල්ලි කෙනෙක්. අනේ වාසනාවයි... දැන් මෙි කතාව නෑනා දැක්කොත් අයියට නෙමෙයි දිනේෂ්ට තමයි ලෙඩෙි වැටෙන්නේ. ඔන්න කිවිවයි කියලා මතක තියා ගන්න...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. හැබැයි ඉතින් ඔය පින හරහට ගිය වෙලාවල් තියෙනවා..

      නෑ නෑ අවුලක් නෑ.. මීට වඩා අප්සට් එවුවා නෑනා දන්නවා මං හිතන්නේ.. :)

      Delete
  2. 'මම දෙක වසරෙදි අපි ගාල්ලෙන් කොළඹට සංක්‍රමණය වෙද්දි ගාල්ලේ තිබ්බ පෙම් පලහිලවු ඔක්කොමටම සමූ දීලා කොළඹ ආවේ මුකුත් නොදන්න ගානට.. ඇවිත් ඉතින් කලෙත් ඒ ටිකම තමා..' -හිනා..


    " මහේෂ් කියන්නේ උඹේ අයියද?"

    ඒ නම් තරහා කාරයෙක්ම තමා.. ඒ වෙලාවට ඉතින් උත්තරේ නෑම තමා.. -මේකටත් හිනා..

    ඒත් පව් සහෝ අර අක්කනම්..ඔයා හොඳ නැහැ..:)පොඩ්ඩක් එයා ගැන හිතන්න තිබුන..:)

    ReplyDelete
    Replies
    1. හිරූට හිනා.. අරහෙම අහද්දි ඉතින් ඔව් කියලා ගුටි කන්නද?

      ඒ කාලේ කොහේද හිරූ ඔවා මතක තියෙන්නේ.. මෙයා බලන්නකෝ.. :)

      Delete
  3. "මහේෂ් කියන්නේ මල්ලිගේ අයියා නේද?" :D

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණේ අහපු විදිහට අයියගේ යාළුවෙන් වගේ.. ඒ නිස උත්තරේ ඔව්... :)

      Delete
  4. අපරාදේ චොක්ලට් එක අක්කගේ....

    ReplyDelete
    Replies
    1. මොන අපරාදයක්ද.. ඒක මම කෑවා.. :)

      Delete
  5. ‍හිහිහී.. මහේෂ්ලට බාල සහෝදර සහෝදරියන්ගෙන් අපලද මන්දා.. අපේ අයියට අක්කියා දෙන්න කිව්ව පළවෙනි පෙම් හසුනට වුණෙත් ඔය දේම තමයි.. :D :D
    හැබැයි ඒ ආදරේනම් මල්ඵල ගැන්වුණා.. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. නන්දු ඕක මාත් එක්ක කලින් කිවුවා වගේ මතකයි.. :)

      ලියුම් කාරයා අවුල් උනාට ඒ මගුල කෙරිලා.. :)

      Delete
  6. ithin....
    eeta passe....?

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ මොනා උනාද කියලා දන්නේ අයියයි අම්මයි තමා.. :)

      Delete
  7. අපිට ලියුම් දෙන්න කවුරුවත් නෑනේ..

    ReplyDelete
    Replies
    1. තව ටික කාලෙකින් දේවි.. ආ.. ඒත් දැන් ඉස්සර වගේ ලියුම් දෙන්නෙත් නෑනේ..

      Delete
  8. ලියුම සුනාමියට අහුවුනා කියල හිතනව ඇති... ඒක වෙන්නත් බෑ සුනාමි එනකොට මමත් 4 වසරෙ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. මේක උනේ 1990 දශකයේ දවසක.. හරියට මතක නෑ.. :)

      Delete
  9. අපෝ,.,මේ වගේ අති ජාත සහෝ ,.,කෙන්ක් ඒකට අපේ එකා,., මම 4න් එකෙන් කෝල් කරනකොට ඔත්තු බලන්නෙ මූ :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. එහෙනම් කොච්චර හොදද.. අපි ඉතින් ඕවට නෑනේ.. :)

      Delete
  10. හිකිස් පව් වැඩේ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඉතින් ඕවා දන්නවයි.. නැත්නම් තැපල් කරලම දානවා.. නැත්නම් මම රිප්ලයි එකක් ලියනවා..

      Delete
  11. උඹ කරපු වැඩේ නම් කැතයි.... බලපං...
    දිනේෂ් මගේ යාළුවෙක් ඉන්නවා උගේ මල්ලි ඌට වැඩිය අවුරුදු 20ක් බාලයි. දැන් පොඩ්ඩා එකේ මගේ යාළුවා වැඩ.

    ReplyDelete
    Replies
    1. කැතයිදත් අහනවා.. දැන් තමා තේරෙන්නේ.. :)

      කොච්චර ශෝක්ද? ඔය පරක්කුවට අපේ අයියනම් කියන්නේ මරු කතාවක්.. ඒක මේකේ කියන්න බෑ.. :)

      Delete
  12. උඹ කරපු වැඩේ නම් කැතයි.... බලපං...
    දිනේෂ් මගේ යාළුවෙක් ඉන්නවා උගේ මල්ලි ඌට වැඩිය අවුරුදු 20ක් බාලයි. දැන් පොඩ්ඩා එකේ මගේ යාළුවා වැඩ.

    ReplyDelete
  13. //'මම දෙක වසරෙදි අපි ගාල්ලෙන් කොළඹට සංක්‍රමණය වෙද්දි ගාල්ලේ තිබ්බ පෙම් පලහිලවු ඔක්කොමටම සමූ දීලා කොළඹ ආවේ මුකුත් නොදන්න ගානට.. ඇවිත් ඉතින් කලෙත් ඒ ටිකම තමා.
    …මලයට දෙක වසරෙ ඉඳන් ම පළහිළවු තිබිලා තියෙන පාටයි, ඔය කියලා තියෙන්නෙ එහෙමනෙ!!! මරු ඈ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඕක කියන්න ගියේ අයියා ගැන.. අන්තිමේ ලියවිලා තියෙන්නේ මං ගැන වගේ.. හෙහ්.. අවුලකුත් නෑ හැබැයි ඒකේ..

      හොද වෙලාවට මදාරා ඒක දැකලත් නෑ වගේ.. :)

      Delete
  14. උඹ කරපු වැඩේ නම් කැතයි.... බලපං...
    දිනේෂ් මගේ යාළුවෙක් ඉන්නවා උගේ මල්ලි ඌට වැඩිය අවුරුදු 20ක් බාලයි. දැන් පොඩ්ඩා එකේ මගේ යාළුවා වැඩ.

    ReplyDelete
    Replies
    1. අයියා තුන් පාරක්ම කමෙන්ට් දාලා..

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒ නම තමයි ඉතින්.. :)

      Delete
  16. හය්යෝ සල්ලි...

    ReplyDelete
    Replies
    1. චොකලට් එකේද? :)

      Delete
  17. අයියා නිසා මල්ලිට ගිය කලක් :D

    ReplyDelete
    Replies
    1. මේ මොනා අහනවද ඉතින්..

      Delete
  18. Replies
    1. පාට පාට නංගිගේ හිනාව බලන්නකෝ ඉතින්..

      Delete
  19. මහේෂ් කියන්නේ උබගේ අය්යද? :P

    ReplyDelete
  20. මහේෂ් කියන්නේ උබගේ අය්යද? :P

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණේ හොද නෑ.. ඒ නිසා උත්තරේ නෑ.. :)

      Delete
  21. එතකොට චොකලට් එකත් වතුරට දිය වුනාද?
    අවුලක් නෑ අක්ක ලියුම යන්න ඇති කියල හිතාගෙන ඉන්න ඇතිනෙ. හැබැයි reply එකක් නාවට අයිය එක්ක නම් තරහෙන් ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒක බඩට ගියා.. ඉස්කෝලෙදිම.. :)

      හැබැයි ඊට පස්සේ ඒ අක්කා ආවේ නෑ මාව හොයාගෙන.. සිරාවටම හිතන්න ඇත්තේ එහෙම තමා.. පවු අෆ්ෆා.. :)

      Delete
  22. හයියෝ ඒකනම් හරිම පව් වැඩක්.....

    ReplyDelete
    Replies
    1. මේ බලන්නකෝ ඉතින්.. ඕවා තේරෙනවද ඒ කාලේ..

      Delete
  23. පව් අනේ අර අක්ක..අපරාදේ චොක්ලට් එක :P

    ReplyDelete
    Replies
    1. චොකලට් එක මොන අපාරාදයක්ද? මට මතක හැටියට කැන්ඩොස් එකක් ගෙනත් දුන්නේ.. :)

      Delete
  24. අක්කා මහ ගොන් ගහක්නෙ බං.. උඹෙන් අයියගෙ ඇඩ්‍රස් එක ඉල්ලගත්තනම් ඔය මොකුත් හුටපට නෑනෙ..

    ReplyDelete
    Replies
    1. අයියට කියන්න ඒ කාලේ මට ගෙදර ඇඩ්‍රස් එකත් මතක නැතුව කෝමද ඉතාලියේ එකක් දෙන්නේ.. :)

      Delete
  25. අනේ පවු අර අක්ක පොඩිත්ත..... ;)

    ReplyDelete
    Replies
    1. වැරදිලා ගියානම් මගේ නෑනා වෙනවනේ ඉතින්.. :)

      Delete
  26. සැහ් මට ඔහොම තිබ්බනම් මම අය්යව විකුණනන්වා හොඳ ගානකට....

    කොහෙද අපේ හිපාටුවට කෙල්ලෙක් තියා වැඳිරියෙක්වත් ලියුමක් දෙන එකක්යෑ.... හැබැයි ඉතින් මට කවුරු හරි සද්දයක් දැම්මොත් පහුවදා ඌ ඉස්කෝලෙ ආවෙ ප්ලාස්ටරයක් දාහෙනම තමා.. උනේ කොහොමද කියල දැනගන්නේ දවස් ගානකට පස්සෙ... අය්ය ඒක දැනගත්තේ කොහොමද කියලනම් තාමත් මම දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. එහෙමනේ අයියලා ඉන්න ඕන.. ලියුම් වැඩේ කෝම උනත් ඔය වගේ වෙලාවටනේ වටින්නේ.. :)

      Delete
    2. A.Wickz සිරාවටම කිවුවේ මොකටද මලයා..

      Delete
  27. ම්..යොමුව වැරදුනු තවත් අවාසනාවන්ත පෙම්පතක කතාව..!!
    අක්කත් ඉඳලා ඉඳලා වැරදි ලියුම් කාරයටනේ දීලා තියෙන්නෙ ලියුම..

    මේ පෝස්ටුව අයියා කියෙව්වද?

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.. ලියුමේ ඇමුණුම හරි උනාට යොමුව අප්සට් ගියා.. මොනා කරන්නද ඉතින්..

      තාම කියවලා නෑ වගේ.. නැත්නම් ලියුමට කල දේට මෙලහට බැනලා.. :)

      Delete
  28. මෙහෙම මල්ලියෙක් මට ඉදියොත් කසාද බැදලත් ඉවරයි...චොකලට් එකත් කාලා ලියුමත් මාට්ටු කරලා නේ..

    ReplyDelete
    Replies
    1. උඹට ඉන්න ඩබලත් ඊට දෙවෙනි නෑ රත්තෝ.. බලාගෙන.. :)

      Delete
  29. Replies
    1. හිනා උනාට පව් අප්පා අර අක්කා.. :)

      Delete
  30. මට නම් ඔය අත්දැකීම්ම් නෑ. මමනේ පවුලෙන්ම වැඩිමලා. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. මල්ලිගෙන් අහල බැලුවේ නැද්ද අයියේ.. :)

      Delete
  31. 2 wasare idalama palahilaw thibunaya kiyanne mu maheshgema malli thama :-)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඉතින්.. ඒ අඩි පාරේ යන්න ඕනනේ.. :)

      Delete
  32. උඔ ඒ ලියුම දුන්න හැටිද මලේ..... අම්මා තෙත කලිසමත් එක්කලා ඒක නොගෙන එන්ඩ මලේට තාම මතක නෑ අක්කා ලියුමක් දුන්නු විත්තිය.

    ReplyDelete
    Replies
    1. මොන මතකයක්ද බුද්ධි අයියේ.. හොද වෙලාවට නම් එක්ක ලියුම තියෙන්න ඇති.. නැත්නම් ගස් යන්නේ මම නේ.. :)

      Delete
  33. මල්ලි දිනෙශ් අයියා මහේශ් අපෙ පවුලෙත් ඔහොමයි ජෝන් බ්‍රදර්ස්ලා තුන් දෙනයි තුන් දෙනාම ශ්

    ReplyDelete
    Replies
    1. එක ලග යන නම් නේ දාලා තියෙන්නේ.. ඒකනේ ඉතාලි කාරයොත් කියන්නේ උඹලගේ නම් එක වගේ කියලා.. :)

      Delete
  34. බොහොම නරකයි. චොකලට් එකත් අරන් ලිවුම අමතක කරපු එක. අනේ අර ලමයා තාම බලන් ඇති ලිවුමට උත්තරේ නැත්තෙ ඇයි කියලා.

    හැබැවටම අම්මගෙන් අහන්න එපායැ මොනවද ඒකෙ ලියල තියෙන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ගත්ත ගමන් අනිත් උන්ට නොදි චොකලට් එක කෑවා මිස ඕවා මතක තිබ්බේ නෑනේ අයියේ.. අපේ අයියට බැනලා බැනලා හිත හදා ගන්න ඇති මම හිතන්නේ.. :)

      ඒ කාලේ හැටියට ඇහුවත් ඕවා කියන්නේ නෑ ශුවර් එකටම.. වැඩිය අහන්න ගියානම් මමයි ගුටි කන්නේ ලියුම් බෙදන්න ගිහින්.. :)

      Delete
  35. නියම තැපැල් මහත්තයටනෙ අක්ක ලියුම බාර දීල තියෙන්නේ...හි හි හී...චොක්ලට් එක අපරාදෙ...

    ReplyDelete
    Replies
    1. චොකලට් එක අපරාදේ උනේ නෑ ඉතින්.. :) පියුම් අප්‍සට් උනා.. ඒකයි අවුල..

      Delete
  36. දිනේෂ් අයියේ....ඒ අක්කියා ඇහුවේ නැද්ද ලියුම දැම්මද කියලා.සුවර් එකටම බොරු කෝටියක් කියන්න ඇති...

    ReplyDelete
    Replies
    1. මම ඔය ප්‍රශ්ණේම මේක ලියන ගමනුත් කල්පනා කලා.. මතක හැටියට ඊට පස්සේ ආවේ නෑ.. ඒ අක්කා ලියුම දෙද්දි ඉස්කෝලෙන් අවුට් වෙලා හිටියේ.. ඉස්කෝලේ හිටියනම් මගේ බෙල්ලෙන් අල්ල ගන්නවා..

      Delete
  37. දිනේෂ් අය්යියාගේ අම්මට අර අක්ක කෙල්ල ගැන මොනවා හිතෙන්න ඇත්ද අප්පා. ශික් ලියුමත් දෙන්න තිබුනේ. ඕවගේ ඒවාට උදව් කරන එක මාහානිසංස පුණ්‍යකර්මයක්.

    ReplyDelete
    Replies
    1. මම පොඩි එකා වෙච්චි.. ඉතින් පියුම් විදිහට මම ලියුම තැපැල් ස්ථානාධිපතිට බාර දුන්නා යවන්න කියලා.. හරිනේ.. :)

      Delete
    2. පට්ට කමෙන්ට් එක.

      Delete
  38. යකෝ හැම එකාටම දුක චොකලට් එක ගැන නේ :ඩී

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. එක කාලා කොච්චර කල්ද දැන්.. :)

      Delete
  39. ane paw ara akki....dinesh ayyath mara wada tama karanne......

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒ කාලෙත් කලේ ඔය වගේ අන්ඩපාල වැඩ තමා.. :)

      Delete
  40. හික්ස්ස්.. මටත් දුක චොක්ලට් එක ගැන!!!

    ReplyDelete
    Replies
    1. අක්කා ගැන දුක නෑනේ.. එහෙනම් කමක් නෑ.. :)

      Delete
  41. චොක්ලට් එක කෑව නම් එච්චරයි ;)

    ReplyDelete
    Replies
    1. අන්න මම වගේම හිතන කෙනෙක්.. :)

      Delete
  42. මම 6 වසරෙදි මගෙ යාළුවා ලියුමක් අරන් ආවා එහා ගෙදර අයියා අපේ ඉස්කෝලෙ 11 වසරෙ අක්ක කෙනෙක් ට දෙන්න කිවුව කියලා. අපි දෙන්නත් වැඩ්ඩියො දෙන්න වගේ ගියා ඒ අක්ක හොයාගෙන. අනේ ඉතින් පොඩි උන් දෙන්නට ඕවා තේරෙනවයැ, අපි ගිහින් ඒ අක්කට පන්තිය ඉස්සරහම ඒක දුන්න ඒ අයිය දුන්න කියල. මලා !! ඉතින් මොනව කරන්නද, ඒ අක්කගෙ යාළුවො ටික අපි දෙන්නව බය කළා අයේ ලියුම් අරන් ආවොත් සිස්ට ප්‍රින්සිපල් ට අල්ලලා දෙනවා කියල.
    ආයෙ නම් ඒ වගේ වැඩ කරන්න ගියෙ නෑ එදා ඉඳලා.

    ටික කාලෙකට පස්සෙ දවසක් අප්පච්චිගෙ යාළුවෙක් ආවා අපේ ගෙදර. මම ඉතින් ලැජ්ජ බයට හැදුන ළමයනෙ, කවුරු හරි ආවාම මලාට එලියට එන්නෙ නෑ අම්මලා බලෙන් ඇදන් යනකම්ම. එදාත් වුණේ ඒකමයි. විනාසයි !! මෙන්න අර අක්කා ඉන්නව සාලෙ පු‍ටුවක වාඩි වෙලා එයාගෙ තාත්තා එක්ක.
    මට හීන් දාඩිය දැම්මා.
    එ අස්සෙ අප්පච්චි කියනව "මේ අක්කව දන්නවද, ඔයාලගෙ ඉස්කෝලෙ නෙ"
    මම මොකුත් නොකියා හොල්මන් වෙලා වගේ හිටියා බලාගෙන.
    "අපි දෙන්න අඳුනනව නේද නංගි?" ඒක විතරයි ඒ අක්කා කිවුවෙ. එතනින් හඳුනා ගැනීමේ පෙරට්‍ටුව ඉවර වුණා. මොනව වුණත් හොඳ අක්ක කෙනෙක්

    ReplyDelete
    Replies
    1. මම තව හොදයි වගේ බලන් යද්දි.. ලියුම් බෙදනවට ඉතින් ගාස්තු හම්බුනේ නෑ.. :)

      අර අක්කා ඉතින් ඊට පස්සේ ඔයාලගේ ගෙදර ආවේ මොකෝ? වෙඩින් එකවත් කියන්නද?

      Delete
  43. අයියයියෝ කිව්වලු....මෙහෙමත් පියුම් මහත්තුරු :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ මම ඒ රස්සාව තෝරා නොගත්තේ.. :)

      Delete
  44. අපරාදේ ඈ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොනාද බං අපරාදේ.. :)

      Delete
  45. ගාස්තුව අයකලානම් සේවය සපයන්න ඕන හරියට ,කැතයි වැඩේ ....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තැපැල් සේවයේ හැටි තමයි ඉතින්.. මුද්දර ගැහුවට ලියුම යන්නේ නෑ වගේ තමා..:)

      Delete
  46. අපිත් ඒ දවස්වල (ඉස්කෝලෙ යන දවස්වල) මල්ලිලට හොඳට සැලකුවා :D

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒ කාලේ ඉතින් හැමෝම එහෙම තමා.. :)

      Delete
  47. හික්ස් :ඩ්
    පව් නේ බං ඒ අක්ක (දැන් ඇන්ටි කෙනෙක් මං හිතන්නේ) :/ :ඩ්

    ReplyDelete
    Replies
    1. ඒ අක්කා පිළිතුරක් එනකන් ගොඩක් කල් බලන් නොහිටියනම් දැන් එයාගේ ළමයි සිස්සත්තෙත් ලියනවා ඇති.. :)

      Delete
  48. අනේ බං පොඩ්ඩක්වත් මතක නැද්ද මොකක්ද ඒ ලිවුමේ තිබුනේ කියලා.

    දෙනෙෂ්ට ගෙදරට කිවුවේ හිච්චි කොලුවා කියල නේද?

    ReplyDelete
    Replies
    1. ලියුම කියෙවුවේ නෑණේ බං අයියේ.. ඒක සාක්කුවේ දාගෙන චොකලට් එක අනිත් උන්ට පේන්නේ නැති වෙන්න කෑවා මිසක්..

      හෙහ්.. නෑ නෑ ඊට වඩා හොද ලස්සන සුන්දර නමක් කියන්නේ.. :)

      Delete
  49. දිනේෂ් අය්යා, මහෙෂ් අයියාගෙන් කන වගේ හදන්නේ බෙදාගෙනම. සිරවටම ඔය දුන්නු එක කියවන්න හිතුනෙම නෑද්ද?
    අනුන්ගේ ලව් ලෙටර් එකක් මුලින්ම කියෙව්වේ මම නම් දහම් පාසලේ එක වසරෙදි.. උගන්වන ටිචර් ගේ...

    ReplyDelete
    Replies
    1. පස්සේ මතක් උනානම් අනිවා කියවන්න තිබ්බා.. කොහේද මගේ මීටරේ හොද නෑනේ.. :)

      දේවා මරු වැඩනේ කරන්නේ.. ටීචර්ගේ ලියුමුත් කියවලා.. මාට්ටු උනේ නැද්ද ඉතින්.. :)

      Delete
  50. හපොයි..අපසාදේ අයිය‍ට දීපු චොක්ලට් එකත්....(හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. මොන අපරාදයක්ද අනේ.. ඒක මම කෑවේ ශෝක් එකට.. :)

      Delete
  51. හෙන ගහන අපරාදයක් නේ කරලා තියෙන්නේ ලියුම දෙන්නේ නැතුව. :D

    ReplyDelete
  52. රුවන්14 July 2012 at 17:23

    පවු බන්

    ReplyDelete
  53. ගත්තු පියවර නම් ප්‍රශංසනීයයි.. ලියුම අරගෙන ඇවිත් ප්‍රධාන තැපෑලට භාර දුන්න නේ. වගකීම ඉවරයි. අක්ක දැනගන්න ඕනේ තැපෑල රෙජිස්ටර් පෝස්ට් එකේ දාන්න..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්