Sunday, 8 July 2012

මෙන්න මේකයි කතාව

බ්ලොග් අවකාශෙට ඇවිත් අවුරුදු දෙක පිරෙන්නත් තව මාසයක් විතර තියෙනවා.. ඉතින් ඔය කාලේ ජීවිතේ කොච්චර දේවල් නම් වෙනස් උනාද? බොහෝමයක් දේවල් වෙනස් උනා.. ලිවිම පැත්තෙන් ගත්තොත් සෑහෙන දේවල් වෙනස් උනා.. ඉතින්... ආ.. හෝවු හෝවු.. මම මේ අවුරුදු දෙක සමරන්න නෙමෙයි නේ ආවේ.. ඒකට තව කල් තියෙනවා.. මේ ආවේ වෙන කතන්දරයක් කියන්නනේ..

බ්ලොග් නිසා මේ ජීවිතේ ඇත්තටම ගොඩක් දේවල් වෙනස් උනා.. ඒ අතරේ මෑතකදි උන වෙනස ගැන ටික දෙනෙක් දන්නවා වගේම ගොඩ දෙනෙක් දන්නේ නෑ.. බොහෝමයක් සොදුරු මිතුදම් මේ බ්ලොග් එක නිසා මුන ගැහෙද්දී ඒ අතරේ එක් ආදරණිය හදවතකුත් මට හමු උනා.. ඒ තමයි මහී බ්ලොග් එක ලියන සිහින මදාරා..

මදාරත් මම යාළුවෝ විදිහට අදුනගෙන ගොඩක් කල් උනත් අපි අතරේ ආදරයක් ඇති උනේ නම් ඊට ගොඩක් කාලෙකට පස්සේ.. ඒක උනේ කොහෙත්ම නොහිතපු වදිහකට.. ගැහැණු ළමයි බ්ලොග් එක ගැන දන්න අය දන්නවනේ.. ඔය බ්ලොග් එක පටන් ගත්ත මුල් දවසේ ඇති උන පුංචි සිද්දියකට නොදැනුවත්වම අහක හිටපු මාත් පැටලිලා තිබ්බා.. ඇත්තටම ඒ බ්ලොග් එකේ ඉන්න හැමෝම මාත් එක්ක හිතවත් නිසා නොදැන මම මේකට පැටළුනේ කෝමද කියලා අහලා ඒ ගෘප් එකටම මැසේජ් එකක් දාලා කතා කරලා ඒ ප්‍රශ්ණෙ විසදගත්තා..

ඊට කලිනුත් ටිකක් විතර මාත් එක්ක චැට් කරලා තිබුන මදාරා එදා තමා මාත් එක්ක ගොඩක්ම හිතවත්ව කතා කලේ.. ඔය කතා බහ අතරේ එදා මුල්ම පෝස්ට් එක දාලා අපේ ප්‍රාර්ථනා නංගී කිවුව " කැමතිනම් එයාලා දකින හීනෙක කුමාරයෙක් වෙන්න " කියපු කතාව අහලා කාගේ හිනෙද තාම ඉඩ තියෙන්නේ අහද්දි අපේ වර්ණා නඟා කිවුවේ මදාරා තමයි තාම තනිකඩ කියලා.. ඉතින් ඔන්න දැන් හෝ නොදැනුවත්ව වර්ණා නඟේ ඔයා තාමා කපුකම කලේ.. :)

ඉතින් කෝම හරි ඒ අදහස එකපාරම හිතේ ඇති නොවුනත් ඊට පස්සේ අපි චැට් වල නිතරම වගේ කතා කරන්න පුරුදු උනා.. පහන් තරුවට කිවුවා වගේ හැමදාම උදේම මුහුණු පොතට එද්දි මදාරා දාලා තිබ්බ මැසේජ් එක දකින්න ඉබේම වගේ මගේ හිත ආසා කලා.. මේ බ්ලොග් ලියන අනිත් කවුරුවත් නොදන්න ගොඩක් මගේ පෞද්ගලික තොරතුරු  පවා මම ඒ ටික කාලෙදි මදාරා එක්ක කියලා තියෙනවා..

සිහින මදාරා ෆේස් බුක් ප්‍රොෆයිල් එකෙන් එයාගේ ඔරිජිනල් ප්‍රොෆයිල් එකට ගිහින්, බොහෝම අමාරුවෙන් කැමති කරන් එයාගේ පවුලේ අයට විතරක් බලන්න තිබ්බ ෆොටෝ බලන්න කැමති කරන්.. ඊට පස්සේ ස්කයිප් ඇවිත්, වීඩියෝ චැට් වලට ගිහින් හරියටම සති දෙකකට පස්සේ මම එයාට ආදරෙයි කියලා කිවුවා..

මම ඉතින් කොයි වෙලේත් විහිළු කරන නිසා, දෙපාරක්ම මගෙන් මේ ඇත්තමද කියන්නේ කියලා අහලා එයා එයාගේ උත්තරේ දුන්නා..  :)

ඊට පස්සේ ගෙවුන  ටික කාලේ ඇත්තටම මේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කලා.. ඇය ඇත්තටම පහන් තරුවක්.. මම එහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා.. ජීවිතේ ගොඩක් කාලෙක ඉදන් හොයපු නවාතැන්පල දැන් හමුවෙලා ඉවරයි.. හැමදාටම ඒ පහන් තරුව මගේ කර ගන්න අපි දෙන්නගෙම තාත්තලගේ කැමැත්ත ගන්න විතරද මන්දා දැන් ඉතුරු.. අනිත් අය නම් ඉතින් කැමතියිලු.. :)


ඉතින් ඔන්න ඕකයි කතාව..  ගොඩක් දෙනෙක් හිතන් හිටියේ මම ආදරේ කරන්නේ ප්‍රාර්ථනා නංගිට කියලා.. ඒ ප්‍රාර්ථනා මගේ සහෝදරියක් බව කවුරුවත් නොදැන හිටි නිසා වෙන්න ඇති.. ඒකෙන් ගොඩක් ප්‍රාර්ථනාට ආදරේ කල අයගේ හිත රිදුන බව ආරංචියි.. ඔන්න ඒ අයට ආයෙම එයා ගැන හිතන්න පුළුවනි..

මේ ගැන නොකියා හිටියට මොකද පහුගිය ටිකේ මගේ බ්ලොග් අක්කලාගෙන් නම් මට බේරුමක් තිබ්බේම නෑ.. සයුරි අක්කා කාව්‍යා අක්කා එහෙම මට තර්ජනේ කරලා තමා හැම දේම දැන ගත්තේ.. අපේ අක්කලා මට හරි ආදරෙයිනේ බලන් යද්දි..

ඊයේ බුකියේ මේ ගැන කිවුවම ගොඩ දෙනෙක් අහපු දේ තමයි දැන් ඉස්සරහට මගේ සමහර ලිපි ලියන ඒවා වෙනස් වෙනවද කියන එක.. නෑ නෑ එහෙම කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ.. මගේ කෙටි කතා ඇරුනම මදාරා වැඩියෙන් කැමති මම ලියන අප්සට් කවි වලට කියන්නේ.. හැබැයි තියෙන එකම අප්සට් එක තමයි ඒවගේ ඩබල් මීනින්ග් ඒවා තේරුම් කරන්න වෙන එක.. :)

අවුරුදු දෙකකට කලින් ජීවිතේ ඒකාකාරි බව නැති කරන්න කියලා පටන් ගත්ත බ්ලොග් එන නිසා අද මට මගේ ජිවිතේට වටිනම තෑග්ගක් ලැබිලා.. මේ වෙනසට මම ආදරෙයි.. ඉතින් තව දුරටත් මම තනිකඩයෙක් නොවෙමි.. හා හා කට්ටිය දැන් ජාතික ගීය කියන්නකෝ..:)



විශේෂයි : මගේ කේලාම් සෙට් එක හෙට වෙද්දි මේක කියන්න ඕන හැමෝටම කියලා තියාවි.. ඒ නිසා තමා ගෙදරට ඉස්සෙලා කියලා පස්සේ මේකේ ලියන්නේ.. :)  



139 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අක්කි‍යො සුබ පැතුම්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සුභ පැතුම් මගෙනුත්..දෙන්නටම :)

      Delete
    4. සුබ පැතුම් මදාරා නංගි !!!
      උබලා දෙන්නට සුබ අනාගතයක් පතනවා !

      Delete
    5. මට මුකුත්ම පේන්නේ නෑ..පේන්නේ වෙඩින් කේක් විතරමයි...ඔය දෙන්නට සුබ පතනවා හදවතින්ම!

      Delete
    6. පට්ටයි ඈ... මාර ම සතුටුයි(තව එකෙක් වළේ වැටුණා කියලා දැනගත්තමා... හී හී... විහිළුවට කිව්වෙ. කියන්න වචන නැහැ මලේ! උණුසුම් සුබ පැතුම් දෙන්නටම!

      Delete
    7. ආ.... මම හිතුවෙ නෑනෙ ඔයා කියල. රැඩිකල් විදියෙ බ්ලොගක්නෙ ලියන්නෙ ඒකයි :)
      කොහොම උනත් උඹල දෙන්නටම සුභ මෙව්ව එකක්.

      Delete
    8. මට චොකලට් නැවක් පේනවා.... සුභපැතුම් පිළිගන්න මගෙනුත්

      Delete
    9. සුභම සුභ මෙව්වා එකක් නංගෝ.. හමුවෙලා කතා කරලා තියන නිසා ඇත්තටම මේ ආරංචියට නම් හිත ගොඩාක් සතු‍ටු හිතුනා ඇයි දන්නේ නැ.. මොනවා උනත් සුභම සුභ ජිවිතයකට අපෙනුත් ආසිරි

      Delete
    10. මදාරා, ආදරේ කියන්නත් කලින් ඔයා මගේ වාසගමට ආසයි කියද්දි ඒක ඔයාගේ කර ගන්න විදිහක් නම් තියෙනවා කියලා කියද්දි ඔයා හිනා උන විදිහ තාමත් මට මතකයි.. ඒ විහිළු නිසාමද කොහේද මම ආදරෙයි කියද්දි ඔයා දෙපාරක්ම ඇහුවේ මම ඇත්තමද කියන්නේ කියලා..

      අවුරුද්දක විතර කාලෙක ඉදන් දැනන් හිටියට පහුගිය මාස දෙකේ උන සිතුවීම් එක්ක බැදුන බැදීම හරි අපූරුයි.. හිත හිතා ඉන්නේ නැතුව එව්ව්ර ඉක්මනටම ආදරේ කිවුවෙත් ඒ නිසාම වෙන්න ඇති..

      ඔයා හැමදාම ඇහුවත් ඇයි මම ඔයාට ආදරේ කරන්න ගත්තේ කියලා ඒකට දෙන්න හරිම උත්තරේ තාම මම දන්නේ නෑ.. ඒත් එකක් දන්නවා.. මම ඔයාට ආදරෙයි..

      Delete
    11. රාජ් අයියේ.. ඒකනම් ඇත්ත.. ඒකේ ලියන සමහර එවුවා මට තේරෙන්නෙත් නෑ... :)

      Delete
  2. එල එල.. එහෙනම් සයිබරේ ඊළඟ ජෝඩුවට මගේ උණුසුම් සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කු ක්සැන්ඩර් අයියේ... :)

      Delete
  3. ෂාහ් තවත් බ්ලොග් මඟුලක් :)

    …සන්තෝෂයි සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඉක්මනටම වෙඩින් එකත් කියන්නම්... :)

      Delete
  4. හ්ම්ම්... අපේ උණුසුම් සුභ පැතුම්...! හැමදාම සතුටින් සමාදානයෙන් ඉන්න ලැබේවා...:)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ කසුනෝ.. පහුගිය ටිකේ සෑහෙන ගෙස් කරානේ නේ... :)

      Delete
    2. :) ආයෙත් ගෙස් කරන්නෙත් නෑ, මුකුත් අහන්නෙත් නෑ....!

      Delete
    3. ආයෙ ඉතින් ගෙස් කරන්නත් දෙයක් නෑනේ.. :)

      Delete
    4. සුභ පැතුම් මල්ලි , මෙ මගේ දෙවන සුභ පැතුමයි . දෙදෙනාටම සුභ අනාගතයක් !

      Delete
  5. හප්පේ ඇති යාංත ඔන්න සේරම දිග ඇරලා... හි හී මම ඉතින් තර්ජනය කරලා අහ ගත්තට මුකුත්ම දන්නේ නෑ වගේ හිටියනේ .... කොහොම උනත් ඔයගේ සොඳුරු ආදර කතාවට මගෙන් හැමදාමත් සුභ පැතුම් මල්ලි... හැමෝගෙම ආසිරි මැද ඔයාලට එකතු වෙන්න ලැබෙන්න කියලා මම පතනවා..

    ReplyDelete
    Replies
    1. මේ අක්කලා එක්ක තමා බැරි.. මට දාපු තර්ජන.. අහිංසකයි වගේ නේ හිටියේ.. :)

      තැන්කූ තැන්කූ අක්කේ..

      Delete
  6. සුබ පැතුම් සොදුරු අනගතයක සුපෙම් මල් පිපේවා................!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සචිත්..

      Delete
  7. එහෙනං දිනේෂ් අයියත් ගොඩගියා ඈ...
    මේ හාංකවිසියක්වත් දන්නේ නෑනේ බොලේ කියනකං.. :-)

    තව අවුරුදු 2,3 කින් මාත් හොයාගන්නවා සූටි නංගියෙක් බ්ලොග් අවකාසෙන්ම. ඉන්ටනෙට් බිල තමා ප්‍රශ්නේ. ඇයි ඉතින් දෙන්නෙක් ලියන්න ගිහාම.. :-)

    ඕං දිනේෂයටයි මදාරා අක්කටයි මගේ උණුසුම් මෙව්වා එක ඈ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාවණා ගේ ගල් කැටයක් ඉල්ලගනින් ජයරත්න උන්නැහේ ගෙන්.

      Delete
    2. @ක්සැන්ඩර් | අන්න ආයෙත් ඇවිල්ලා.

      Delete
    3. සුටටි නංගියෙක්.. බාල අපරාද කරන්න එපා බං.. අන්ලිමිටඩ් එකෙක් ගනින්කෝ.. අපෝ මූ හෙන ලෝබයෙක්නේ.. ශික් විතරක්..

      තැන්කූ තැන්කූ වේවා..

      මට දිනේශය කියලා එයාට අක්ක කියලා.. කිසි කමකට නෑ මුං.. :P

      Delete
    4. ක්සැන්ඩර්, අසරණයා : මොකක්ද අයියලා ඒ කේස් එක?

      Delete
  8. දිනෙශ් අයියා, මගෙ හද පතුලෙන්ම බුර බුරා නැගෙන උණුසුම් සුබ පැතුම් මෙන්න! බ්ලොග් අවකාශයෙන් ටිකක් ඈත් වෙලා උන්න නිසා මේ පුවත් මට අලුත්ම එකක්.. ඒනිසා සතුට තවත් වැඩියි!

    ඉතින් මා නුදුටු මිතුරු දිනෙශ් අයියේ ඔබ දෙපළට ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ඒක තමා ගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ..අද කියනකම් කවුරුත් දන්නේ නෑ මලයා.. ඒ නිසා මේක ගොඩක් දෙනෙක්ට අළුත් පුවතක්..

      තෑන්ක්ස් මලයා.. :)

      Delete
  9. ජය වේවා.... :) හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් රෙඩ්.. ඔයාගේ හොද යාළුවෙක්ලු නේ?

      Delete
  10. සුභ පැතුම් යාළු! :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් හිරූ...

      Delete
  11. අප්පච්චියේ අපි නොදන්න කොයි තරංනං දේවල් දැන් වෙනවද මේ බ්ලොග් අවකාසේ ඈ..?

    ඔය කියන නංගිවනං මම දන්නේ නැහැ.. ඒත් මං බොලාව දන්නවනේ... ආයේ ඉතිං කිසිම ආකාරයක බාධාවක් නැතිව ජීවිත ඔරුව පැදගෙන යන්න දෙන්නටම වාසනාව ලැබේවා..!

    (පැදගෙන යන කොට වේගෙ මදි වගේනං ඕන වෙලාවක කියන්න මං අපේ මීවන පලානේ අයියට කියලා රාවණා මේඩ් මර්කරි වෝටෙක්ස් ඇන්ජිමක් අඩුවට කතා කරලා දෙඤ්ඤං)

    ReplyDelete
    Replies
    1. මාරයා අයියගේ කොමෙන්ටුවක් වර්ණයේ වැටිලා.. අද මට පට්ට සතුටුයි... :)

      නඟානම් ඉතින් මේකට ඉතින් අළුත් නේ අයියේ.. අයියගේ පැත්තේ ඇවිත් නෑ මම හිතන්නේ.. :) තැන්කූ තැන්කූ අයියේ..

      ( හරි හරි අයියේ.. වෙන වැඩකට මට උදවුවක් ඕන වෙන්න පුළුවනි.. මම ලබන අවුරුද්දේ ආවම එනෝ හම්බුවෙන්න.. )

      Delete
    2. හපොයි මං මේක හැමදාම බලනවා... ඒත් රීඩරෙන් බලාගෙන යන හින්දා කමෙන්ට් එකක් දාන්න එවෙන්නේ නැති එකයි අවුල... ඒත් අර දොස්තොරොස්තා අක්කා ගැනයි බොසා ගැනයි එහෙම මං ඇහැ ගහංම තමා ඉන්නේ...

      Delete
    3. තැන්කූ තැන්කූ අයියේ.. හප්පේ.. ඒ කියන්නේ හොදම එවුවා ටික අයියා බලන්න අල්ලන් ඉන්නේ... :)

      Delete
  12. බ්ලොග් ලෝකේ ආදරවන්තයින් ඉන්න අයටත් මේක සුබ ආරංචියක්.:)

    //ඊට පස්සේ ස්කයිප් ඇවිත්, වීඩියෝ චැට් වලට ගිහින් හරියටම සති දෙකකට පස්සේ මම එයාට ආදරෙයි කියලා කිවුවා..//

    දැන් ඉතින් වීඩියෝ චැට් වලට යන්ටත් පොඩි බයක් දැනෙනවා.:)

    ඔය දෙන්නට සුබ පැතුම්!!!
    දිනේශ්ගේ ජීවිතය ඔය පහන් තරුවෙන් එලිය වේවා....

    ReplyDelete
    Replies
    1. //දැන් ඉතින් වීඩියෝ චැට් වලට යන්ටත් පොඩි බයක් දැනෙනවා.:)//

      අපෝ ඔයා බොරු කියලා චැට් මග අරින්න දන්නවා..

      Delete
    2. තැන්කූ තැන්කූ පොඩ්ඩි අක්කේ.. හෑ ඒ මොකෝ අනේ චැට් වලට යන්න බය හිතෙන්නේ.. ගියත් මොකෝ අනේ වෙන්නේ.. :)

      Delete
    3. ඒක නේන්නම් සෑමෝ.. ඔහොම මග ඇරලා හරි යන්නේ නෑනේ ඉතින්.. :)

      Delete
  13. සිහින මදාරා නංගියටත් දිනේශ් මල්ලිටත් හදවතින්ම සුබ පතනවා..ඒ වගේම මේ ආදර කතාව සයිබර් අවකාශයේ මිතුරන් සමග බෙදාගෙන සතුටු වෙන්න තරම් ඔයාල දෙන්නගෙ තිබුනු අවංක කම ගැන ගොඩාක් සතුටු වෙනවා මල්ලි..ඔයාල දෙන්නට ඉක්මනින්ම ඔයාලගෙ තාත්ත්ලගෙන් අවසර ලැබිලා හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම හොඳින් ඉශ්ට කරගන්න හැකි වේවා කියල හදවතින්ම සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. සයිබරේ නිසා ලැබුන ආදරේ ගැන සයිබරේට නොකියා කොහොමද ඉතින්.. බොහොම ඉක්මනට ඒ දවසත් උදා වේවි අක්කේ.. :)

      Delete
  14. //සයුරි අක්කා කාව්‍යා අක්කා එහෙම මට තර්ජනේ කරලා තමා හැම දේම දැන ගත්තේ.//

    මේ ගැන නම් කතා කරලා වැඩක් නෑ... සයුරි අක්කට මම සුනාමි අක්කා කියන්නේ නිකං යැයි....

    දැන් කාව්‍යා අක්කත් ත්‍රස්තවාදිනියක් වෙලාද බොලේ.... ගැහැණු ළමයි වැඩ පටාන් අරගෙන වගේ....
    ---------------------------------------------------------
    දැන් තමා උච්චතම මාතෘකාව...

    මේ දවස් ටිකේම බුකියේ ස්ටේටස් වලට හේතුව මේකයි එහෙනම්.අන්තිම මොහොත වෙනක්ම මම දන්නේ නෑනේ... මගේ හදපිරි උණුසුම් සුභ පැතුම් දෙන්නටම... දැන් මෙහෙමයි අයියේ... ඔහේ චොකලට් එහෙම ඇතිනේ නේදැ?? මුළු සයිබර් අවකාසෙටම චොකලට් වැස්සක් වහි කියලා මම හිතනවා........ අර උමා අයියගේ මුළු නම ගෙස් කලාට මට තඩි චොකලට් එකක් මග එනවලු නේද ඒකත් ඕනේ හොඳේ.....

    ම්ම්ම් තව පොඩි ප්‍රශ්නයක් මට හැමදාමත් සිහින මදාරවයි දඟ මල්ලවයි පැටලෙනවා... මේ දෙන්නම එක්කෙනෙක්ද දෙන්නෙක්ද අයියේ??? එයාලා ඇහුවට කියන්නෑනේ....

    දිනේෂ් අයියගේ ජීවිතේට වර්ණ වැටිලා ඒ වර්ණ එකතු කරපු වර්ණා අක්කටත් ප්‍රණාමයක් පුද කරමුකෝ නේද....

    ජය වේවා.....!!!!!

    ReplyDelete
    Replies
    1. එකනේ කොල්ලෝ. පුදකරන්න ඇෆ්ෆා :පි

      Delete
    2. // සයුරි අක්කට මම සුනාමි අක්කා කියන්නේ නිකං යැයි//

      :ඩි

      Delete
    3. හෙහ් හෙහෙ ඒ උනාට අපේ අක්කලා හරො හොදයි නේ.. :)

      ඔව් ඔව් ඉතින් පහුගිය කාලෙම බුකියේ ගිය දේවල් වලට හේතුව ඉතින් මේක තමයි.. චොකලට්ද ඕන.. බලමු බලමු.. :)

      නෑ නෑ දෙන්නෙක්.. හොද යාළුවෝ දෙන්නෙක්.. මුලින් මමත් පටල ගත්තා.. දැන් ඉතින් හරි.. :)

      වර්ණා නේන්නම් කපු කම කලේ.. :)

      Delete
    4. වර්ණා.. ඒවා ආවම දෙන්නම්... :)

      Delete
    5. අපේ ලොකු අක්කට මෙයාලා එහෙමද කියන්නේ.. බලන් යද්දි මම හොදයි නේ..

      Delete
  15. සුභ පැතුම් මලයන්ඩියේ ..දැන් ඉතිං ඔන්න වෙඩින් කේක් බ්ලොග් අවකාශෙටම බෙදන්න වෙනවා තව ටික කාලෙකින්...

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කේ.. හා හා ඒ කාලේ ආවම දෙන්නම්.. :)

      Delete
  16. ජය වෙවා දිනෙශ් අයියෙ ...සුභ අනාගතයක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මලයෝ..

      Delete
  17. අයියාටයි, අක්කාටයි ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  18. ෂා!!! මගෙන් සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස්... :)

      Delete
  19. සුබ මංගලම් ...

    ReplyDelete
    Replies
    1. බදින්න තව කල් තීනෝ... :) තැන්කූ..

      Delete
  20. සුභම සුභ අනාගතයක්!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මාල්....

      Delete
  21. බලාගන යනකොට බ්ලොග් අවකාශෙත් හරි හරි සෙල්ලම් වෙනවා නේද ? සතුටුයි මලේ බ්ලොග් එකක් නිසා ජීවන සහකාරියක්ව හොය ගන්ඩ ලැබුන එක ගැන. බ්ලොග නිසා හරි ගිය උන්ගෙ ගොඩට ඔන්න මම උඹවත් එකතු කළා..

    උඹ කියන කෙනාවනම් මාත් අඳුනන්නෑ.. එහෙම බ්ලොග් එකක් තියනවද කියලත් දැන ගත්තෙ අද.

    මොනවා උනත් දෙන්නටම වාසනාවන්ත අනාගතයක් පතමි !!

    ReplyDelete
    Replies
    1. රණ්ඩු අස්සේ ලවු.. :) ඔව් ඔව් අයියේ.. ඔය මම එකතු කරපු ලිස්ට් එකේ තව ගොඩ දෙනෙක්ම ඉන්නවනේ.. ගොඩක් අය මාත් දන්නවා..

      එයා ඉතින් හැංගිලා ඉන්න කෙනෙක් නේ.. මම තමා හොයා ගත්තේ..

      තෑන්ක්ස් අයියේ..:)

      Delete
  22. එළ ඈ....සුභ පැතුම් දෙන්නටම.....ඓහෙනම් සයබරයෙන් තවත් වෙඩිමක්..එළ ඈ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. වෙඩිමත් ඉක්මනට කියන්නම්..

      Delete
  23. මංගලම් ජය මංගලම් සෙට් වෙන දෙන්නට මංගලම්,.,., වැඩිය දන්නෙ අදුනන්නේ නැති උනත් මේ පුංචි මල්ලියටත් වෙඩින් එකට කතා කොරන්න ඈ,.,.,කාර්ඩ් අනවශයයි කෑම බීම අවශයයි.... තවද,., පෙම් කරන කාලයේ .. සිටම අනාගතය සැලසුම් කරන්න මතක ඇතුව,., පැටවු ගාන හරියටම තිරනය කරන්න ඈ ,., (කුප්ප කතාවක්ද මන්දා)

    ReplyDelete
    Replies
    1. ඒක තීරණය කලෙමු.. :) වෙඩින් වලට නම් ඉතින් තව කල් යනවනේ..

      Delete
  24. onna mamat akkitai ayyatai hadawathinma suba pathanawa.......hamadama satutin inna hode............

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අරලියා.. :)

      Delete
  25. සුභ මංගලම්...

    මම සැකකලමි...... සැකේ තක්කෙටම හරිනේ

    ReplyDelete
    Replies
    1. බෑ බෑ අයියේ.. දැන් ඔහොම කිවුවට බෑ.. අපි ශුවර් කරන්නේ නෑ.. :)

      Delete
  26. එදා ඔට්ටුවක් අල්ලන පෝස්ට් එකට දාල තිබ්බ ඇනෝ රිප්ලයි එකේ රැ අකුරයි රු අකුරයි පැටලිලා තියෙනවා දැකලා මට නිකමට හිතුනා මේ සිහින මදාරා වත් දෝ කියලා. ඒත් මාව වටේ යවලා තිබ්බ හැටියට ඕක කමෙන්ට් කරන්න ගිහිං ඉල්ලන් කන්නේ මොකටද කියලා නිකං හිටියා. ෂිට් අපරාදේ.. :P

    ඒ මොක උනත් මංගලම් සුභ මංගලම් දෙන්නටම :)))))))

    ReplyDelete
    Replies
    1. නෑ රෙපා අයියේ.. ඒකට එයා ඔරිජිනල් එකෙන්මනේ කමෙට්න් කලේ.. අර අන්තිමේ දාපු පහන් තරුව එකට තමා ඇනෝ ආවේ..

      හෑ දැන් එතකොට අපේ වයිෆ්ට ඔය අකුරු දෙක පැටලෙනවද? හයියෝ සල්ලී..

      තැන්කූ තැන්කූ.. :)

      Delete
  27. හෑහ් ආපහු වෙඩින්ග් කේක් කෑල්ලක් කෑවැහැකි එහෙනම් ඈ....

    ReplyDelete
    Replies
    1. ආපහු කිවුවේ කලින් කාගෙන්ද කෑවේ.. :)

      Delete
  28. කතා දෙක කියෙව්වහම හරිම සතුටක් දැනුනා. හැමදාම මනඃකලපිත ආදර කතා අහල සැබෑ කතාවක් ඇහුවහම ඉතිං සතුටු නැද්ද.
    (දිනේශ්ගෙ කතාව ඉතිං තනිකඩ අපිටත් ගොඩයන්න උපදෙස් සහිත ආශිර්වාදයක් වගෙයි හිතුනෙ :) )
    ඉතිං දෙන්නටම හදවතින්ම සුභපතනවා! හැමදාමත් මේ වගේ දුක සැප එකාවාගේ විඳගෙන, ගොඩක් ආදරෙන් ඉන්න ඕනෙ.
    ඔන්න බලන්නකො, තාත්තලගෙ කැමැත්තත් කියපු පරක්කුවෙන් ලැබේවි.
    දෙන්නටම ජය, සතුට, වාසනාව නොඅඩුව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් යාළුවා. දැනටම එක්කෙන් බුක් කරන් අර පිළිවලට ගියානම් හරි ඉතින්.. :) නොහොතපු විදිහට උන මුණ ගැහීමක්..

      ඒ කැමැත්ත ලැබුන ගමන් ඔක්කොම හරි.. :)

      Delete
  29. මට අඩේන්න වගේ සංතෝසයට. කකුල් දෙක වෙවිලනවා හොරා වගේ හිටියට.

    මම ගෙස්ට් කරා මෙන්න මේ හේතු නිසා.
    නීති සිසුවෙක් කියල තිබුනා බ්ලොග් එකට ඇනෝ කමෙන්ට් එකකින් රෙප්ලයි කවියක් යවල තිබුනා, රෙප් මහත්තයා කියල තියෙන දේ නිසාත් හිතුනා තව තව දේවල් තිබුනා ඒත් දැන් මතක නැහැ.

    දෙන්නටම ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. අසර්, කාලෝ අයන්තේ...

      Delete
    2. " මම ගෙස්ට් කරා මෙන්න මේ හේතු නිසා. "

      අසාර් අයියේ.. මට කියන්න හිතෙන ඒවා ඉතින්.. එක්කෝ ඕන නෑ.. ගෙස් කලා.. :D

      කෝම උනත් තැන්කූ..

      Delete
  30. පෙන්නපු ලින්ක් එක දිගේ ගියාම මෙහෙම පෝස්ට් එකක්නෙ දැක්කෙ..

    http://mahishaymail.blogspot.it/2012/07/blog-post_05.හ්ට්ම්ල්

    හි..හි..

    මගේ සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. බයානක පෝස්ට් එකක් තමා ඉස්සෙල්ලා තියෙන්නේ.. ඊට පස්සේ ලියනවා කිවුව එක ඊට හපන්.. :)

      තැන්කූ ඉතින්.. :)

      Delete
  31. ඇඩෙනවා...
    හව් අයි මෙට් යුවර් මදර් කිව්වලු...
    මේකනං සිරා නිව්ස් එකක්නේ...
    ජය මංගලං දෙන්නටම ඈ...
    ජයම වේවා කීවා..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. හව් අයි මෙට් මයි වයිෆ්.. :)

      තැන්කූ..

      Delete
  32. අඩේ දිනේෂ් මල්ලි පට්ට කොල්ලෙක් නෙව !
    ඔන්න එහෙනම් දෙන්නටම සුබ පැතුවා !
    අපට කේක් කෑල්ලක් එහෙම.. චැහ්.... කේක් එපා !
    අපට අර එකතුකරපු ඒවයින් පොඩි බෝතලයක් එවන්ඩ පුලුවන් නම් ... දිනේෂ් දොත්තොරෙට ස්තුතියි !!!

    ReplyDelete
    Replies
    1. හිතුනා ඇහුවා අයියේ...:)

      ඒවා එකතු කලේ මේවට ගන්න තමා.. මම කිවුව ගමන් වෙඩින් එකන අනිවා මධුරංග අයියා එන බව නම් මම දන්නවා.. ඇති වෙන්න දෙන්නම් එවුවා..:)

      Delete
  33. බලන් ගියාම ලස්සන ආදර කතාවක්නෙ...! ඔන්න දිනේශ් මලයටයි මදාරා නඟාටයි සුභම සුභ මංගලම් කියලා පතනවා... !!

    ReplyDelete
    Replies
    1. නොහිතපු සිදුවීම් එක්ක ඇති උන ආදරයක්.. තැන්කූ අයියේ..

      Delete
  34. අහ්හ් හා... මරු හමුවීමක්නෙ!!! හි හි..:D ජයෙන් ජයම වේවා!! සියලු බලාපොරොත්තු ඉටු වේවා!!! දෙන්නාටම සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. හිතුට නම් ඒ සිද්දිය හොදට මතක ඇති තාම.. ඒක එදා ගොඩක් හිත රිදුන දෙයක් උනාට අද නම් මම ඒ සිද්දිය ගැන සතුටු වෙනවා.. ඊයේ කියනකම් නොදැන හිටියට මදාරා මගේ වෙන්න ඔයාලත් ලොකු උදවුවක් කලා නංඟෝ.. වර්ණා තමයි මූලිකම... :)

      Delete
  35. සුභපැතුම් මචන් ..බොක්කෙන්ම..
    ඉක්මනටම ප්ලේන් එකක නැගල ගිහින් තමන්ගෙ ආදරවන්තියව මුණගැහියං...පරක්කු කරන්න එපා....

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි කස්සා.. ඔන්න ඔය දවස පරක්කු වෙන එක තමා ඉවසන්නම බැරි.. ඒත් මොනා කරන්න්ද ඉතින්..

      තෑන්ක්ස් මචං..

      Delete
  36. ඇති යන්තම්....කාලෙකින් වෙඩින් කේක් මැවිලා පේන්න පටන් ගත්තා.ඔන්න හදවතේ ගැඹුරුම තැනින් දිනේෂ් අයියටයි අක්කටයි මම සුබ පතනවා.ඉක්මනටම අප්පච්චිලාගේ කැමැත්ත අරන් පෝරුවට නගින්න වාසනාව ලැබේවා!

    වර්ණ - තව තවත් වර්ණවත් වේවා -නිකම්ම නෙමෙයි 'මහී' එක්ක

    ReplyDelete
    Replies
    1. මහි එක්ක??? දිනේෂ්ට දෙන්නෙක්ම ජෝඩු කරන්නද උඹ හදන්නේ. සිහින මදාරා එක්ක කියපන්. නැත්තම් අර අහක ඉන්න දග මල්ලවත් දිනේෂ්ටම දෙන්න වෙනවා :P :P :P

      Delete
    2. හප්පටසිරි ඒ කියන්නේ ඒ දෙන්නෙක්.....:O මං හිතුවෙම එකෙක් කියලා

      Delete
    3. මැවිලා පෙනුන දේ ඉක්මනටම දෙන්නම්.. කෝමත් ලබන අවුරුද්ද වෙද්දී ඒ දෙවල් ඒ විදිහට කෙරේවි..:)

      Delete
    4. රෙප් අයියේ.. එනේද කියන්නේ.. වික්ස් මලයා ගුටි කන වැඩනේ සෙට් කරන්න හදන්නේ.. දග මල්ල වෙන කෙනෙක් හොයා ගනීවි.. :)

      ගැමියා.. නෑ නෑ මලයා ඒ දෙන්නෙක්..

      Delete
    5. හෆ්ෆා..........මේකත් කචල් ෆැන්ටා කතාවක් වුණානේ.මට නම ටිකක් පැටලුණා.සොරි හොඳේ...හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.අම්මියෝ........කෝ මගේ කණ්නාඩි කුට්ටම?

      Delete
  37. සුභ පැතුමි දිනේෂ්... සියලු සතුටින් හා යස ඉසුරින් පිරුනු සුභම සුභ අනාගතයක් දෙන්නටම ප්‍රාර්ථනා කරනවා.

    අනිත් දේ තමයි වර්ණා කපුකමි කරණවාය කියන එක, අනේ වාසනාවයි. තනිකඩව ඉන්න අය ඉන්නවානමි ඉක්මනටම වර්ණාව අමතන්න. ( විහිළුවක් කලේ වර්ණා)

    ජයවෙිවා....!!!

    ReplyDelete
  38. දිනේශ් අයියාව ටිකක් කල් ඉදන් මමත් දැනන් උන්නානේ ඇත්තටම ගොඩක් ගොඩක් සතුටුයි..ජිවිතේ අමාවක අයින් කරලා ලස්සන හදක් ඔය හිතට එකතු කරගත්තාට එ හදෙන් අයියගේ මුලු ලොකේම එලි වෙන්න ඕනේ...

    සුබම සුබ පැතුම්.

    ReplyDelete
  39. දෙතුන් පාරක්ම එක එක පෝස්ටුවලින් සුභ පැතුව නිසා ආයෙත් සුභ පතන්නෑ ඔන්න..

    ම්..ජීවිතේ ආදරෙන් බැඳුනා වගේම දෙන්නාගේ ගැලපීම් වගේම නොගැලපීම් සේරම ආදරෙන් පිළිගන්න දිරි ලැබේවා..

    ReplyDelete
  40. පුබුදුවා8 July 2012 at 16:06

    නටන්න හිතුනා මට නටන්න හිතුනා...නෑ නෑ නටන්නේ නැහැ එක්කේ...වෙඩිම දවසට නටනවා කරටි කැඩෙන්න

    ReplyDelete
  41. කියන්න වචන නැහැ....ඒ තරම් සතුටුයි. කොහේ හරි කුරුළු කුඩුවක් හදනවා දැක්කත් පුදුම සතුටක් දැනෙන මට මෙහෙම දෙයක් ඇහුවම දැනෙන සතුට ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ :)

    හිහි ඔව් ඔව්, තර්ජනය කරලා යන්තම් අහගත්තා සිහින මදාරා ගැන. දැන් එහෙනම් ගෙවල් වලටත් කියපු නිසා ඉතුරු වැඩ ගැනත් බැලුවොත් හොඳයි නේද ;)

    දෙන්නටම හදපිරි සුබ පැතුම්. ජයම වේවා !!

    ReplyDelete
  42. අපිත් ලංකාව පැත්තට ගොඩබහින දවසක වෙඩිම සූදානම් කරන්නෝ.. (මියා ඉතාලියෙම වෙඩිම ගනීද දන්නෙ නෑ..) මතක ඇතිව කේක් කෑලි දෙකක් අරන් තියන්න.. :P
    වාසනාවන්ත ජීවිතයේ පහන්තරුවෙ ආලෝකයෙන් වර්ණ‍වලින් හැඩ වෙන්න.. සුබ පැතුම් හදවතින්ම...!!!
    ජය මංගලම් වේවා..!!! =D

    ReplyDelete
  43. සුබ පැතුම් මල්ලි... මේ දවස් වල වැඩ වැඩි නිසා කියවනවා විතරයි.. comment නැ.. මේකට comment නොකර කොහොමද... මටත් කේක් කැල්ලක් එවන්නකො...

    ReplyDelete
  44. එකත් ජයසිරි මංගලම් කිව්වලු. ෂාහ් : ඔන්න දිනේෂ් අයියේ මගේ හද පිරි සුභ පැතුම්. ඔය ආදරේ ඔයාලගේ හිත්වල සදාකල්ම රැඳෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

    ෂාහ් අඩේ මට මෙහෙම අයිඩියාවක් ආවා. බ්ලොග් ලියන තනිකඩ අසරණ අපිවගේ අයට පිහිට වෙන්න "බ්ලොග් මගුල් තුලා" කියල මංගල සේවයක් පටන් ගන්න.

    ReplyDelete
  45. Mama hithuwa naga nam nevi.... kohoma unath mage adaraneeya suba pathum.. hithaka duk gini niwenawanam, kandulu ulpath hindenawanam.. sanasumak labenawanam ehema adarayak denna puluwan kenath ehema adarayak labana kenath harima wasanawanthai...

    ReplyDelete
  46. මෙච්චර දවස් බැලුවට ඔන්න කමෙන්ට් කරන්නේ අද

    සුභ ම සුභ මංගලම්

    ReplyDelete
  47. ජයම ජය මංගලම් මලේ..... මාත් නිකමට හිතුවෙ ප්‍රාර්තනා නංගි ගැන නොවැ.හපොයි බරපතල වැරදීමක්....

    එහෙනම් නගාටයි,මල්ලිටයි සුභම සුභ අනාගතයකට පැතුම්, මගෙනුයි අපේ නංගිගෙනුයි හොදේ.....

    මාකුඹුරෙනෙ ඉන්නවා කිව්වෙ.අපිට වැඩිය දුරක් නෑ.වෙඩිම කියනවානෙ එහෙනම්. :D

    ReplyDelete
  48. හිටපං ආයෙත් මුල ඉදන් කියවල එන්න...

    ReplyDelete
  49. පුබුදුවා8 July 2012 at 18:08

    නිසූපා අක්කේ මමලු දෙවෙනි මනමාලයා...මාවත් බලාගන්න පුලුවන් හෙහ් හෙහ් :P

    ReplyDelete
  50. කෙලෙස හෝ නුඹ ලගට වී අද
    හිත පුරාවටම ඇදුන සිතුවිලි හැම
    කියන්න පෙරුම් පුරන්න උන් හිත
    නැවතිලා දැන් නොදැක නුඹෙ දෑස..

    පොද වැස්ස වී පොළවට ඔබෙ කම්මුල් සිප ගන්න හිතුනා
    සප්ත ස්වරය වී වීණාවට දෑගිලි අතරේ නුඹේ වැයෙන්න හිතුනා
    පහන් සිළුව වී හදවතට සෙනෙහසින් නුඹ ලග ඉන්න හිතුනා
    මගේ ආදර නුඹ සොයාගෙන සිහිනෙන් මට එන්න හිතුනා..


    විශේෂයි :
    1. මෙය සිතුවිල්ලක් පමනි..
    2. මෙය සිතුවිල්ලක් පමනි නොවේ..

    අති විශේෂයි : උඩින් ඔය දෙකම දැම්මේ මම මොනා කිවුවත් ඒකේ අනිත් පැත්ත කට්ටිය හිතන නිසා.. ඒ හින්දා කැමති දෙයක් හිතා ගන්න පුළුවන්..

    මහි 12 June 2012 16:29
    තරැ එළිය වෙන්න එපා
    මගේ ලෝවේ රජ කරන හිරැ නුඹ නිසා
    රළ වි දෙපයට සිසිල ගෙන්නෙපා
    මගේ මුව සිඹින සිසිලස නුඹ නිසා
    හිරැ කිරණේ උණූසුම වෙන්නෙපා
    ඔය හදමඩළේ උණූසුම මහමෙරක් නිසා මට
    තවත් උපමා මොකටද රත්තරං
    ඔය ආදරේ අසමසමයි මට හැමදාම.......

    ___සිහින මදාරා___

    Dinesh 12 June 2012 22:32
    පායා එන්නම් හිරු වෙලා මම
    රැදෙන්නම් මුවග සිසිල වී මම
    ඉන්නම් හදවතේ උණුසුම වී මම
    ඔය ආදරේ හිමි මටමනම්..

    ***********************

    අපි බබාල නෙවේ මචං.. ඒ කාලෙ නොහිතෙන්න තරම්.. :පී

    සතුටුයි බ්ලොග් ලෝකෙන් - ආදර ලෝකෙට දොරගුළු ඇරුණට. මොකද අපිත් පැත්තකට වෙලා ගෙස් කර කර හිටියා මූ කවුරු ගැනද මේ ලියන්නෙ කියලා.

    ජය සිරි මංගලම් කිව්වා...

    මතක විදිහට සිහින මදාරා මාත් එක්ක වචන කිහිපයක් කතා කලා සයිබර් සැනකෙලියෙදී. ගෙදර යද්දි "යන්නම්" කියල ගියා. :ඩී

    ජය !

    ReplyDelete
    Replies
    1. සෑමා උඹ මාර රහස් පරීක්ෂක පොරක්නේ.. පොඩ්ඩක් හිටින් කියල ගිහින් ඔක්කොම හොයලා.. ඔව් ඔව් බං ඉතින් මේ ටිකේම ලිය උන කවි මදාරා වෙනුවෙන් තමයි.. නොදැනෙන්න දැම්ම කමෙන්ට් ඉතින් මේ වෙනකන් අහු උනේ නෑනේ..

      උඹ බබා නෙමේ බව දන්නවනේ ඉතින්.. කට්ටිය ගෙස් කරපුවා ඉතින් මම දන්නවා.. මගෙනුත් අහුවනේ..

      තැන්කූ තැන්කූ සෑමා.. ඔව් ඔව් මේක බලලා කිවුවා උඹ එක්ක කතා කලා කියලා.. :)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මට ගෑල්ලමයි කතා කරන ඒවා ඉක්මටන අමතක වෙනවා අප්පා...

      හරි කරුමයක්..

      දිනේෂ් උබටත් එහෙමයි නේද.. (එහෙම වෙයන්, ඒකෙ මාර වාසියක් තියෙනවා..)

      Delete
  51. ඔන්න මමත් අවසර දුන්නා ඈ! :)

    සුභ පැතුම් පිළිගනිල්ලා දෙන්නම.

    henryblogwalker the Dude

    ReplyDelete
  52. මදාරා නංගිට විශ් කරලා විතරක් මදිනේ අයියාගේ බ්ලොග් එකේ.. එහෙම කියන්නත් බැහැනේ දැන් දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්නේ.....

    සුභම සුභ ආදරය කතාවක්, ඊට පස්සේ පවුල් කතාවකට ආසිරි....

    ප.ලි : දිනේෂ් අයියා... ඇයි ජි-ටොක් රිප්ලයි නැත්තේ..හැමදාම

    ReplyDelete
  53. මෙයා තමයි එතකොට එයා :))
    ජය මංගලම් කියුවා දෙන්නටම
    ඔන්න එහෙනම් අපි වෙඩිමට එනවා හොඳේ :ඩ් :ඩ්

    ReplyDelete
  54. supurudu awanka lengathu kamin me hema dema anith ayath ekka beda hada ganna dinesh mallitath madara nangiyatath subama suba anaagathayak wewa....
    den yanna one e blog eka balanna....;)

    ReplyDelete
  55. Bohoma langadi anduna gaththa Dinesh mallitath e nangi tath Magen suba pathum.

    Man godak parskkui... Matath cake ewannoooo,,,

    Oya dennatama siyalu devipihitai,,,,

    ReplyDelete
  56. මම බැලුවා ඒත් මේ පැත්තට එන පාරේ මේච්චර මල් වැටිලා මොකද කියලා..මේ තියෙන්නේ අයියගේ මල් මල් ආදරේ බ්ලොග් එක පුරාම...ඔන්න අද කතාව නම් වෙනදට වඩා සුපර්..ලස්සනට හැඩවෙලා තියනවා....

    පාට පාට ලෝ තලයක
    ජිවිතයම සරසන්නට
    පතමි ලැබෙන්නයි හැම භවයෙම
    අපේ අයියන්ඩියට සහ අක්කිට....!!

    විශේෂයි: අයියටයි සිහින මදාරා අක්කිටයි දෙන්නටම අලුත් ජීවිතේට සුභ ප්‍රාර්ථනා කරනවා..!!

    අති විශේෂයි :සුභආරංචි කියන්න එද්දි අත්දෙක වනවනා එන්න හොද නෑ කියලා අයියා දන්නේ නැද්දෝ....(හේ..හේ..)

    ReplyDelete
  57. අපි දන්නෙත් නෑ. සතුටුයි සතුටුයි. ලඟදිම පාටියක් වගේ.ජය මංගලම්..

    ReplyDelete
  58. May 10Dinesh Umagiliya
    මේ අරකේ අපිට කුමාරයෙක් වෙන්න ආරධනා කරලා තියෙන්නේ..

    May 10Warnaa Mandaakini
    ලේ බොන යක්ෂයෝ

    May 10සිහින මදාරා
    හිකිස්
    කොකෙයි අයියන්ඩි?

    May 10Warnaa Mandaakini
    කුමාරයා :/

    May 10සිහින මදාරා
    මමත් යක්ෂනියක් තමා හරිය

    May 10Dinesh Umagiliya
    ගැහැණු ළමයි ටික

    May 10Warnaa Mandaakini
    "කැමතිනම් අපි දකින හීනෙක වීරයෙක් වෙන්න,"


    May 10Dinesh Umagiliya

    ඒක තමා ඇහුවේ

    May 10සිහින මදාරා
    අපෙන් කවුද අෆ්ෆා සින්ගල් කෙල්ලෙක්ට ඉන්නෙ? මෙයාව එයාගේ කුමාරයා කරමු

    May 10Dinesh Umagiliya
    ඔක්කොම එතකොට ඩබල්ද
    දන්නෙත් නෑනේ

    May 10Warnaa Mandaakini
    මධාරා සිංගල් ලු :D

    May 10සිහින මදාරා
    එව්වා රහාස් හරිය


    May 10Warnaa Mandaakini
    මමනම් බ්‍රැඩ් පිට් ව මැරී කරලා ඉන්නේ :p

    (ඔන්න ඕකටද බොලා කපුකම කියුවේ. හෑ එව්වාගේ කපුකම් නම් නිතරම වෙනවා. හරිගියොත් උඹලාගේ වාසනාව තමයි :පි)

    ඒ කතාව පත්ටකින් තියමුකෝ. කපුකම කරපු මටවත් බෝලාගෙන් එකෙක්වත් කියුවේ නැහැනේ. එකට මගේ බලවත් මෙව්වා එක :D
    ඒ නිසා වෙඩින් එක දවසේ මට විශේෂ වරප්‍රසාද දෙන්ට ඕනා

    මධාරා කියන්නේ අපේ සූකිරි කෙල්ලනේ. සිහින උලෙලදී මම එයාගෙන් බැනුමුත් ඇහුවා එයාව දන්නේ නැහැ කියුවා කියලා. එල කෙල්ල ඈ.අපේ බොක්ක. දිනේෂ් අයියට නියමෙටම ගැලපෙනවා. දෙන්නටම අලුට් ජීවිතේට සුභ පැතුම්. :)

    ReplyDelete
    Replies
    1. හප්පේ... වර්ණා ඉතිහාසෙම ඇදලනේ.. හෙහ් හෙහ් ඔහොම තමා උනේ.. ඔයිට පස්සෙත් කියපුවා මතකද මන්දා.. :)

      කපුවා කපෝති නොකර අපි ශේප් එකේ වැඩේ කර ගත්තා.. නැත්නම් හොද නෑනේ.. :) බලවත් මෙවුවා එපා වර්ණෝ.. විශේෂ වරප්‍රසාද නේ.. :)

      දැන් දන්නවනේ ඉතින්.. හලේ ඉතින් අපි සෙට් එකම හොදට ෆිට් නේ.. හෙමීට ගෑල්ලමයිනේ අනිත් අයටත් කපු කම් කරමු..

      කෝම උනත් තැන්කූ හොදේ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මධාරා කියන්නේ උඹව අවුස්සන්න :පි

      Delete
  59. මං පරක්කුවෙලාද මන්දා...කමක් නැ මගේ නිවුන් සහොදරයා " රාජ් " කලින්ම සුබ පතලනේව ..ඔන්න ඉතින් මගේත් උනුසුම් සුබ පැතුම් දෙන්නාටම...
    නගේ මලේ දෙන්නටම කියන්නේ ආදරය පරිස්සමට රැක ගනිල්ලා මොකද හොඳ දෙවල් රැක ගන්න එක තමා අමාරුම වැඩේ...මගේ පැතුම උඹල පතන දාක වාසනාවන්ත බ්ලොග් මංගල්ලයක්ම වේවා කියලයි සදා ජය

    ReplyDelete
  60. ඔන්න ඒ ප්‍රාර්ථනා සියල්ලත් එලෙසින්ම ඉටු වෙන්න දෙදෙනාටම සුබ පතනවා.

    ReplyDelete
  61. සහෝටත්, සහෝදරීටත් සුභ අනාගතයක්... බ්ලොග් අවකාශේ පළමු වෙඩින් එක ළඟදීම ගන්න ලැබේවා !!! ජයෙන් ජය දෙන්නටම !!!

    ReplyDelete
  62. ඔන්න එහෙනම් බොක්කෙන්ම සුබ පතනවා සාර්තක ජීවිත ගමනකට 2නත් එක්ක ජොඩු දාගෙනම.....

    කරදර, බාදක කාටත් එනවනේ.. ඒවත් ජය අරගෙන පුංචි කුරුලු කූඩුවක් හදාගෙන සතුටි සමාදානෙන් ජීවිත කාලයම ගතකරන්න....

    ReplyDelete
  63. මේ වාසනාවන්ත යුවලට ජයවේවා ....වාසනා වේවා....
    මගුල් දවසට මම ගානේ ඇපල් කරත්තයක්ම එවන්නම්. ( ඇඩ්රස් එක කිව්වොත් හික් හික් )

    ReplyDelete
  64. බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,


    බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)

    එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.

    තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු...


    ස්තූතියි

    මෙයට සංවිධායක කමිටුව





    අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
    අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.

    --
    අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk

    බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio

    බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk

    ReplyDelete
  65. අනේ කවදාවත් නැතුව ගොඩක්ම පරක්කු වෙලානෙ මම සුභ ආරංචිය දැනගන්න...අපොයි මට වුණ දෙයක්...

    ඔන්න එහෙනම් දිනේෂ්ටයි සිහින මදාරා කෙල්ලටයි සුභම සුභ අනාගතයක් පතනවා...ඉක්මණින් හැම දෙයක්ම සාර්ථක කරගෙන ඉක්මණින්ම එකතැනකට එකතුවෙන්න ලැබේවා කියල එකම සිත්න් ප්‍රාර්ථනා කරනවා...

    මාගේ ප්‍රමාදය ගැන බලවත් මෙව්වා එකත් පිලිගන්න...

    ReplyDelete
  66. මමද මන්දා අන්තිමට සුභපතන්නෙ..
    අනේ සමාවෙන්ඩෝන දිනේශ් අයියේ.. මේ බම්බු ඒ ලෙවලයක් නිසා මේ ඔක්කොම.. :(

    දෙන්නාටම සුභම සුභ අලුත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා බොක්කෙන්ම.. ඊට වඩා දෙයක් කියන්න නෑ..!!!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්