Friday, 6 July 2012

තොටියා ( කෙටි කතාව - අවසානය )


පළවෙනි කොටස 

යන්තම් අදුර වැටීගෙන එන හැන්දෑවත් එක්ක ඈත මහවැලිය ගෙනාවේ කියා ගන්න බැරි අමුතු සුන්දරත්වයක්.. ඒත් ඒ සුන්දරත්වය හැමදාම වින්ද සුනිල්ට අදත් තවත් එක හැන්දෑවක්ම විතරයි.. ගුරු පාර දිගේ ඇවිදන් ඇවිත් ඟං ඉවුරට යන කෙටි පාරකට යොමු උන සුනිල්ට තොටුපල වෙතට යන අතරේ හැම පියවරක් ගානෙම මතක් උනේ ඈව..

ඈ ගැන ආදරයක් නෑ කියලා හිතට ඒත්තු ගන්නන්න සුනිල් ලොකු උත්සාහයක් ගත්තත් ඈ ගැන මැවුන සිතුවිලි කිවුවේ වෙනමම දෙයක්.. සීමා මායිම් නැති ආදරට වැට කඩුළු බදින්න සුනිල් හිතින් ගොඩක් උත්සාහ කලා..

හෙමින් තොටුපලට ලං වෙද්දි ඟං ඉවුරේ තැනුන පුංචි පඩි පෙලේ වාඩි වෙලා කකුල් දෙක වතුරට දාගෙන වතුර අතරේ ඒ මේ අත පද්දමින් හිටපු ඈ සුනිල් මගදිම තහන්ච් දා ගත්ත හිත හොරා ගත්තේ ඉබේටම වගේ.. හැන්දෑවේ ලස්සනත් එක්ක ඇගේ නෙත් දිහ බලද්දි දැනුන හැගීම සුනිල්ගේ හිතට ආදරයක බලාපොරොත්තු තව තව අරගෙන අවා..

" ඇයි එන්න පරක්කු උනේ? මම හිතුවා එන එකක් නෑ කියලා.."

ඒ කෙලිලොල් කතාවට හිත බැදුන ඒ දවස් වල වගේම අදත් සුනිල්ගේ හිත ඈ වෙතට ඇදුනේ කලින් දමපු සීමා මායිම් ගැන හිතන්නෙවත් නැතුව..

" ඇයි දැන් මට එන්න කිවුවේ?"

" ටිකක් කතා කරන්න.."

වාඩි වෙලා උන්න පඩි පෙලින් නැගිටලා සුනිල් ලගට ආපු ඇය ඔහුගේ අතින් අල්ලන් කතාවට වැටුනේ හරියට පොඩි එකෙක් වගේ..

" පුංචි බේබි..  මේ මොනාද කරන්නේ.. මිනිස්සු දැක්කොතින්..."

" ඇයි බයද?"

" බේබි මේ කරන්නේ වරදක්.. වලවුවෙන් මේවා දැනගත්තොත් විසුමක් වෙන්නේ නෑ.."

ඇගේ කෙලිලොල් සිතට වඩා ජීවිතේ බැරෑරුම් බව හොදින්ම තේරුම් ගත්ත සුනිල් ඈ වෙතින් ඈත් වෙමින් කියන්නට උත්සාහ කල දේට ඇගෙන් ඉඩක් නොලැබුනේ ඒ හිත ඒ තරමටම හිතුවක්කාර නිසා..

" මම ආදරෙයි.. එච්චරයි මම දන්නේ.."

සුනිල්ගේ පපුවට හිස තියා ගනිමින් ඈ වදන් වලට පෙරළුව ආදරය හමුවේ වචනයක්වත් කියා ගන්නට නොහැකි උන සුනිල් ඒ ආදරය විදගත්තේ හිතේ සිමා මායිම් හැමදාටම හිතින් අමතක කරලා දමමින්ම..

................................................

" අයියේ.. ගමේ තැන් තැන් වල මිනිස්සු කියන කතා ඇත්තද?"

" මොකක්ද?"

" ඔයයි පුංචි බේබියි යාළුයි කියලා.."

කවදාම හරි මේ දේවල් නිසා ගමේ හැම තැනකම තමන් ගැන කතා වෙනවයි පුන පුනා ඈට තේරුම් කරන්නට ගිය දේ සුනිල්ට සිහි උනේ බලාපොරොත්තු උනාටත් වැඩි ඉක්මනින් ඒ හැම දෙයක්ම ගමේ පැතිරිලා තිබුන නිසා..

" උඹට පිස්සුද නංගී.."

" පිස්සු.. මට පිස්සු නෑ අයියේ.. ගමේ එකාලා හැමෝම වගේ දන්නවා පිස්සු කාටද කියලා.. එහෙවු එකේ ගම්මුන්ගෙන් නව නිංගිරා විදින්න වෙන වැඩ නොකර ඉන්න.."

" පුංචි බේබිට ඔය මේකේ එකාලා කියන වගේ මොලේ අමාරුවක් නෑ.."

" ආ ඒ කියන්නේ ගමේ උන් කියන කතාව ඇත්ත.."


" මොකක්ද?"

" අයියයි ඒ පිස්සු කෙල්ලයි තොටුපලේ ඉන්නව කියන එක.."

" කටවහගනින් උඹ.. ගමේ එකාලා ඕන දෙයක් කියපු දෙන්.. මම කරන්නේ මට ඕන දේ.."

බූරු ඇදේ දිගා වී උන් සුනිල් නැගණියට  දොස් කියමින් ගෙදරින් පිට උනේ ගම්මුන්ගේ කතා ඇත්තක් බව ඈට තේරුම් කර දෙමිනි..

" වලවුවෙන් මේ දේවල් දැන ගන්න දවස වෙනකන් අයියට ඔහොම ඉන්න පුළුවන් වෙයි.. මේ යන විදිහට ඒ දවස තව ඈතක නෑ අයියේ.."

ඈ කී කිසි දෙයක් මායිම් නොකරමින් කඩුල්ල පැන ගුරු පාර දිගේ ඇවිදන් යන සුනිල් දෙස ඈ මොහොතල් බලා හිද සුසුමක් හෙළුවේ හැම දේම කාටත් වඩා හොදින් තේරුම්  ගත්ත තමන්ගේ සොහොයුරාගේ හදිසි වෙනස් කම් නිසාය..

................................................


පදනමක් ඇතුව හෝ නැතුව ගමේ ඈ ගැන කියවෙන දේවල් ගැන එදත් එතරම්ම නොතැකූ සුනිල් දැන් ඒ ගැන මොහොතකටවත් නොසිතුවේය.. තාමත් ඇගේ දගකාරකම් හින්දමත් වළවුවේ ඈව රැක බලා ගන්නා විදිහ හින්දමත් ගමේ එකාලා අතරේ පැතිරුන කට කතා වලට තව තව ඒවා එකතු වුවා මිස කිසිවකුත් එය නිවැරදි නොකලේය..


ගුරු පාර දිගේ අරමුණක් නැතිව සිතුවිලි අතරේ ඇවිදන් ගිය සුනිල්ට ඈතින් එන වළවුවේ බක්කි කරත්තය දැක හිතට චකිතයක් ආවේ මේ හැම දෙයක්ම ඔවුන් දන්නවාදැයි මොහොතකට සිතුන නිසාය..


" ඒ.. ඔහොම හිටහං.. කොහේද උඹ වහන් වෙලා යන්න හදන්නේ?"


වළවුවේ බක්කි කරත්තය මග ඇර යන්නට සැරසුන සුනිල් හාමුගේ කටහඩින් එතනම නැවතුනේ මග හැර යන්නට කාලයක් නොවූ නිසාය..


" මම තෝව හම්බුවෙන්න ආවේ.. මොකද්ද තෝ මේ නටන නාඩගම?"


දෑත බැදගෙන බිම බලා උන සුනිල් කිසිවකට උත්තර නොදී හාමුගේ ගෝරණාඩුවට අහුම් කන් දුන්නේ වෙන කතා කරන්නට කිසිවක් නොවු නිසාය.. ගමේ චන්ඩි දෙන්නාත් සුනිල්ගේ දෙපසින් වූ විට ඔහු තව තවත් අසරණ විය..


" පාහරයා.. උඹ කවුරු කියලා හිතාගෙනද උඹ ඉන්නේ? උඹලගේ තත්වේ ඉදන් වැඩ කරහං.. ඒ කෙල්ලගේ තත්වේ දැන දැනම උඹ ඒකිගේන් අයුතු ප්‍රයෝජන ගන්නද හදන්නේ.."


" මම නිමලට ආදරෙයි.."


යටහත්ව හෙමින් තමන්ගේ  හඬ අවදි කල සුනිල් එය නිමා කරන්නටත් කලින් කුපිත වූයේ හාමුගේ චන්ඩි දෙන්නාය..


" ගහපං ඔය පාහරයට ඒ කියපු කතාව තේරුම් යනකම්ම..  වයස ගැනවත් හිතන්නේ නැතුව මේ අමන වැඩේ කරාට.."


පහරට පහරක්වත් එල්ල කරගන්නට නොහැකිව අසරණ උන සුනිල්ට එක පිට එක පහර වදිද්දි ඒ දෙස බලා හිද සතුටු වන්නට තරම් ඔවුන්ගේ හිත් දරුණු විය..


" හාමු මහත්තයා.. හාමු මහත්තයා.."


ඈත ඉදන්ම විලාප නගමින් ආ ගම්මුන් කෙරේ ඔවුන්ගේ හිත යොමු උනේ ඉබේටම වගේ..


" මොකෝ බොලවු මේ කෑ ගහන්නේ?"


" හාමු මහත්තයා.. පුංචි බේබි.."


" මොකක්.. ඇයි පුංච් බේබිට මොකද?"


" තොටුපලේ තිබ්බ පාරුව අරන් තනියම ගඟ මැද්දට ගිහින්.."


" මොනවා.. මම එද්දි කාමරේට දාලා වහලනේ ආවේ.. බලන් ඉන්නේ වරෙවු යන්න.."


පය ඉක්මන කල හැමෝම තොටුපලට දිව යද්දි ගමේ බොහෝමයක් වැවු ඉවුරේ බලා ඉද්දි ඈ හබලකුත් නැති පාරුවක ගඟ මැද හුදෙකලාව තොටුපල දෙස බලා උන්නේ සුනිල්ගේ රුව බලාපොරොත්තුවෙන්ය..


" සුනිල්.."


ඟං තෙරින් ඈ බලාපොරොත්තු උන ඔහු දකිද්දි හිදගෙන උන් පාරුවෙන් ඈ නැගිටුනේ ඈ හිටි තැන මොහොතකට අමතක කරමිනි..


" නිමලා.. ඔහොම ඉන්න.."


ඟං දියේ අඩි කීපයක් වතුරට බැස ඈට කතා කරන්නට හදද්දිම කළබල උන ඇය පාරුවෙන් ඟං දියට වැටුනේ කවුරුවත් බලා පොරොත්තු නොවූ වේලාවකය.. ගඟ මැදට පිහිනා යන්නට අපහසු උනද සුනිල් ඒ ගැන නොතකාම ඒ සිටි දෙසට පිහිනුවේ ඈට පීනන්නට නොහැකි බව හොදින්ම දැන උන් නිසාය..


" කෝ මේ සෝමෙගේ පාරුව.. කවුරු හරි මගේ කෙල්ලව බේර ගනිල්ලා.."


තොටුපල දිගේ හැමෝම ඒ මේ අත දුවද්දි ඟං දිය අතරේ පොර බදින සුනිල්ව හාමුගේ නෙතට අසු උනේ අහම්බෙන් වගේය..


" මූ නිසයි ඔක්කොම.."


හිතේ තිබුන ආවේගයට ඔහු වදන් අමුනද්දි නිසොල්මන්ව ගලා  ගිය ඟං දිය ඈව හෙමින් හෙමින් ඟං දිය අතරේ සගව ගත්තේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙසය.. යන්තමින් ඟං දියෙන් මතු පිටට එසවි තිබුන ඇගේ දෑතට සුනිල් ලං වෙන්නට මත්තෙන් ඒ දෑත දියඹ අතරේ සැගව ගියේ යලි කවදාවත් නොලැබෙන ආදරයත් අරගෙනමය..




................................................

" සුනිල් උඹට අපි මෙතන්නට එන්න එපා කියලා තියෙනවා නේද?"


" ඇයි මට මෙතනන්ට එන්න උඹලයින් අවසර ඕනද?"


" හරි හරි දැන් ගෙදර යමං.. මේ ගොම්මන් වෙලාවේ උඹ මෙතන තනියම ඉන්න ඕන නෑ.."


" බෑ බෑ.. මම මගේ නිමලා එනකම් ඉන්නේ... තව ටිකකින් එයා ඒවි.. මම එයා එක්ක කතා කරලා එන්නම් උඹලා පලයල්ලා.."




................................................




නිමි..




විශේෂයි : පොඩි පැහැදිළි කිරිමක් ඔන මම හිතන්නේ.. එදා මම කවියක් නොවුන සිතුවිල්ලෙන් ලිවුව කතාවයි මේ කෙටි කතාවයි ගොඩක් වෙනස්.. කවියක් නොවුන සිතුවිල්ලෙදි තොටුපලේ හමු උන මහත්තයාට මානසික අභාදයෙන් පෙලෙන සුනිල් කිවුවේ මීට වඩා වෙනස් කතාවක්නේ.. ඒ එහෙම අය ඉන්නේ එයාලට ඕන ලෝකය හිතින් මවාගෙන නිසා.. ඇත්ත කතාව මේකලු ඔන්න..


කලින් වතාවේ වගේ අදත් එක්ස්පරිමන්ට් එක අවුල් උනාද මන්දා.. එහෙමනම් කියන්න හොදේ.. :)


අති විශේෂයි : මේ කොටස දාන්න හිතුවට වැඩිය ටිකක් පරක්කු උනා.. දන්නැද්ද ඉතින් දැන් බිසී නේ.. මීට පස්සේ නම් කතාවක් කොටස් වලින් නොලියන්න තරයේ හිතා ගතිමි.. :)

64 comments:

  1. හ්ම්ම් කදුළු කතාවක අවසානයක්..
    දිනේෂ් බිසී නිසා මට බ්ලොග් පෝස්ට් ටික කියවන්න පුළුවන් දාන දාන වෙලාවට. ඔහොම යන් ඔහොම යන් ජය වේවා !!!
    ඔන්න එහෙනං දෙන්නට සුභ පැතුවා. කෝ කේක් :P :P

    ReplyDelete
    Replies
    1. ගොඩක් කතා කදුළු කතා වෙනවා අයියේ..

      බිසි උනාට ලියන විදිහ එහෙමම තාමා අයියේ ඉතින්නේ ඒවා වෙනස් වෙන්නේ නෑ.. කේක් දෙන්නම් ලබන අවුරුද්දේ.. :)

      Delete
  2. හය්යු ඔලුවත් අවුල් උනා හ්ම්... එතකොට අර වෙන කතාවක් කිව්ව සුනිල් තමා මේ ගඟ ළඟ හිටපු මනුස්සයා... මටනම් හිතෙනවා මේ කොටස් තුනම එකතු කරලා මීට වැඩිය පිලිවෙලට මේක ඔයාට ලියන්න තිබුනා කියලා.

    ReplyDelete
    Replies
    1. මම හිතුවා ඔහොම දෙයක් වෙයි කියලා.. මෙහෙමයි පිස්සෙක් කියන්නේ තමන් හිතින් මවා ගත්ත දේවල්.. ඉතින් අර කලින් කියපු කතාව ඒ වගේ හිතින් මවා ගත්ත එකක්.. මම කතාවේ කොටස් දෙකට පස්සේ ඒක දැම්මනම් ඔයාලා තව අවුල් වෙනවනේ කවී අක්කේ.. :)

      Delete
  3. පරීක්ශනය සාර්තකයි අයියෙ...කතාවත් හොද නිර්මානයක්...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මලයා.. දන්නේ නැද්ද ඉතින් හිටපු ගමන් එක්ස්පරිමන්ට් කරන්න හිතෙනවනේ... :)

      Delete
  4. අදනම් කතාව අමුතුයි. මම හැට දෙවනියා නේ?

    ReplyDelete
    Replies
    1. අමුතුයි කිවුවේ? අපැහැදිළි දෝ??

      ඔව් ඔව් අයියා හැට දෙවනියා.. :)

      Delete
  5. duka hitena lassana punchi kathawak......ayet me wage lassana ktha liyanna hode...

    ReplyDelete
    Replies
    1. ඊළගට දුක හිතෙන්නේ නැති එකක් ලියන්න හිතන් ඉන්නේ.. බලමුකෝ...

      Delete
  6. මන් කලින් පොස්ට් එකේදි කිව්වෙ මොකද්දෝ ශෝක ගතියක් සැඟවිලා තියෙනව කියල. ඔය කීවෙ ඒක තමයි.

    //දන්නැද්ද ඉතින් දැන් බිසී නේ.. //
    …ඇයි මල් වත්තෙ වැඩ තියෙනවනෙ නේද ? :) මේ කොටසට කුඩම්මගෙ සැලකිල්ල ලැබිල කියල හිතුන. කලින් එකට තරම් මහන්සි වෙලා නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. ශෝක ගතියක්නම් මගේ ගොඩක් කෙටි කතා වල තියෙනවනේ.. :)

      ඒකනේ කියන්නේ.. මීට පස්සේ තනි පෝස්ට් එකෙන් ඔක්කොම ඉවර කරනවා.. වැඩියෙන් මහන්සි උනේ මේක ලියන්න වෙලාවක් හොයා ගන්න.. ඒ තරමටම මල් නේ.. :)

      Delete
  7. ෙකටිකතාව නම් දැෙන්න සංෙව්දිව ලියල තිෙයනවා. වචනෙදකක් නෑ අති විශිෂ්ඨයි. චරිත , සිද්ධි, පරිසරය, භාෂාව හැසිර වීම , ෙම් ඔක්ෙකාම ඒක මිටට අරන් ඔෙබ් ෙකටිකතාව ලියල තිෙයනවා.

    අති විහිස්ඨ ෙල්ඛන හැකියාවක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ.. මම කලින් කොටස ලියද්දිත් මේ වගේම හොද ඇගයීමක් කලා.. අදත් ඒ වගේම ඇගයීමක් ලැබීම ගැන අවංකවම සතුටු වෙනවා..

      අද අයියගේ ෆොන්ට් එකේ අවුලක්වත් දෝ??

      Delete
  8. නියම කතාව. මම හිතපු විදිය හරි එහෙනම්.... :) කතාව හිතේ ඇඳිලා පේන තරමටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ලොකු අක්කා මගේ හිත කියෙවුවේ කෝමද මන්දා.. :)

      Delete
  9. හ්ම්ම්ම්ම්ම්ම්ම් ආදරේ හරි පුදුමයි අප්ප.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත අග්නියෝ.. ආදරේ හරි පුදුමයි.. :)

      Delete
  10. මම හිතුවෙ දෙන්නම මැරිල කියල. ගඟ අද්දර මතක් වුණා

    ReplyDelete
    Replies
    1. එහෙමත් ලියන්න නම් තිබ්බා ඉතින්.. ඒත් මගේ හිත ගියේ මේ අවසානෙට..

      Delete
  11. කතාව ලස්සනයි අය්යේ එකේ අව්ලක් නෑ,
    සුනිලෙයටවෙච්ච දේ වගේ දෙයක් තමයි මටත් උනේ හැම එකාම මට කැති පොලු උස්සන් එන්නේ මම පටන් ගත්ත එකක් වගේ :/
    අය්යාගේ පරණ පොස්ටු කීපයක්ම මිස් උනා කියවන්නම් අද

    ReplyDelete
    Replies
    1. ඒ මොකො මලයා ඒ සීන් එක.. කොම උනත් ආදරේදි ඔහොම තමා.. ගනන් ගන්න එපා..

      පරණ එවුවා මිස් උනාට අවුලක් නෑ මයලා.. :)

      Delete
  12. //මම ආදරෙයි.. එච්චරයි මම දන්නේ.//
    මටත් හිතුනේ ඔහොමයි...

    ReplyDelete
    Replies
    1. වැදගත්මත් එච්චරනේ මලයා..

      Delete
  13. ඔබ රුව චායා
    සැඟ වේ පායා.....
    ලස්සන කතාවක් අයියේ!

    ReplyDelete
    Replies
    1. ගඟ අද්දර මා...

      තැන්කූ නංගියේ.. :)

      Delete
  14. හ්ම්ම්ම් දුක් බර අවසානයක්... කතාව ලස්සනයි මලේ..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ.. කතාව ටිකක් පරක්කු උනාට සමාවෙන්න ඕන.. මේක මේ අද නිවාඩු දාලා ලිවුවේ.. :)

      Delete
  15. හරිම ලස්සනයි අයියේ කතාව...පව් සුනිල්..පව් නිමලා...

    ReplyDelete
    Replies
    1. සමහර ආදර කතා වලදි එහෙමයි නිම්ශා නගේ..

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වෙනස් කියන්නේ.. හරියට මෙයා වෙන අවසානයක් දැනන් හිටියා වගේ... ;)

      Delete
  17. කිසිම අවුලක් නමි මට පෙනුනේ නැහැ. හොදට ලියලා තියෙන්නේ ආයේ මදි නොකියන්නත් එක්ක. දිනේෂ්, ඔය ෆාමසි ජොබි එක කරන ගමන් කෙටි කතා පොතක් ලිවිවොත් හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. අදහස නම් හොදයි තමයි.. දැනටම ගොඩක් ලියලත් තියෙනවනේ.. බලමුකෝ..

      Delete
    2. ආයේ බලන්න දෙයක් නැහැ යාළුවා. උදවි කරන්න මම ලෑස්තියි.

      Delete
  18. අපි ඉතින් ඔය ලව් සීන් වලට නෑනේ :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ බබා.. මම කියන්නේ නෑ ඉතින්.. :)

      Delete
    2. ඔව් ඉතින් අන්තප්පුරයක්ම ඇතිනේ...

      Delete
  19. ඇඩෙනවනේ,,.. දැන් අයියා කතා ටික ඉක්මණට ඉවර කරනවා වගේ.. වැඩ ඇති හෝ ගාලා

    ReplyDelete
    Replies
    1. ඒ වැඩයි මේ වැඩයි පටල නොගනිමි මලයා.. :)

      Delete
  20. හප්පා ආදර කතා ලියනවනම් දුක හිතෙන ඒවා නොලිය ඉන්නකෝ මම අදත් බාගයක් බලල නිකම් හිටිය. සතුටින් ඉවරවෙන ඒවා ඇත්තෙම නැද්ද? හලේ... ;(

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මචං.. සතුට දුක මේ දෙකම ඉතින් කතා වල තියෙනවනේ.. ගොඩක් වෙලාවට ඉතින් මගේ ඒවායේ දුක තමා වැඩියෙන් තියෙන්නේ.. ඒ අනිත් පොස්ට් වලින් මම හිනාවෙන්න ඉඩ දෙන නිසා.. :)

      Delete
  21. Kathawa dukai,,,,,
    Tiakak therum giya madi.. Aye kotas 3a balanna one,,,
    Sathuten inna,,

    ReplyDelete
    Replies
    1. තුනම නෙමෙයි අක්කේ.. කෙටි කතාවේ කොටස් දෙක කියවන්න.. අනිත් එක මේ කතාව අමතක කරලා කියවන්න..

      Delete
  22. එකදිගට කියෙව්වාම කතාව ලස්සනයි
    ස්තුතියි මල්ලි අපූරු කතාවක් තෑගි දුන්නට..

    බ්ලොග් පොස්ට් ගොඩක් නොදැම්මට ඉඳලා හිටලා දානකොට ලස්සන එකක් දාන්න..

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කේ.. දැන් කෝමත් ඉස්සර වගේ ගොඩක් ලියන්නේ නෑනේ.. ගොඩක් අය ආස උනේ මගේ මේ කෙටි කතාවටද කොහේද.. :)

      Delete
  23. සංවේදී අවසානයක්. මම හිතුවේ මේ එදා දාපු කවි පන්තියට සම්බන්ද කතාවක් කියල.

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර සම්බන්දයි..

      කෝ බං අයියේ.. එදා දන්නම් කිවුව විචාරේ.. ඒකත් අර මම කියපු කෙනාගේ ප්‍රබුද්ද එක වගේ තමා... :)

      Delete
    2. අනේ බං බට බෑ කියල හිතුනා.

      Delete
  24. මුල් කතාවක් එක්ක ඈඳලා එක කතාවක් ලීවා නම් ලස්සන නවකතාවක් වෙයි.
    දිනේශ්ගේ කතා සරලයි. හිතට කාවදිනවා. ආදර කතාවක් ලීවත්, දුකෙන් අවසාන උනත්, ජීවිතයේ සාමාන්‍ය සිදුවීමක් විස්තර කරද්දි උනත් ඒ සරලබව දැකගත්ත හැකි. ඒ වගේම සමහර තැන් තියනවා අපි හැමෝගෙම හිත්වල අපට නොපෙනෙන තැනක තියන අපේ මතකයන් අවදිකරවන....

    මෙන්න උදාහරණ කීපයක්…

    //හැන්දෑවේ ලස්සනත් එක්ක ඇගේ නෙත් දිහ බලද්දි දැනුන හැගීම සුනිල්ගේ හිතට ආදරයක බලාපොරොත්තු තව තව අරගෙන අවා..//

    //ඒ කෙලිලොල් කතාවට හිත බැදුන ඒ දවස් වල වගේම අදත් සුනිල්ගේ හිත ඈ වෙතට ඇදුනේ කලින් දමපු සීමා මායිම් ගැන හිතන්නෙවත් නැතුව..//

    //තොටුපල වෙතට යන අතරේ හැම පියවරක් ගානෙම මතක් උනේ ඈව..//

    මේවායේ විශේෂත්වය තමයි 'ඇගේ ඇස් දිහා බලා තියෙන්නේ හැන්දෑවේ ලස්සනත් එක්ක'
    'හිත ඈ වෙත ඇදුනේ කලින් දාපු සීමා මායිම් ගැන හිතන්නේ නැතුව'
    'ඇයව මතක් වෙලා තියනවා හැම පියවරක් ගානේම'

    තව මේ වගෙ තැන් තියනවා. ඒ ඔක්කොම ලීවොත් , තවත් පෝස්ට් එකක් මෙතන ලියවෙන හන්දා ඒ ගැන කියන්ට යන්නේ නෑ.

    ඔබ හැබෑ රචකයෙක්. තව මේ වගේ ලස්සන කතා (ඔබේ ආදර කතාවත් ඇතුලුව ) ඔබ අතින් ඉක්මණින් ලියවේවා....:D

    ReplyDelete
  25. කාලෙකින් කියවන්න හම්බුන රසවත් කතාවක්, කතාව තාත්වික විදිහට අවසන් වෙලා තියෙනවා. දැන් ඉතිං බිසී කිව්වෙ රාජකාරිය නිසාද මල් නෙලීම නිසාද? :D කොහොම හරි තවත් මේ වගේ කතා ඕනෙ!

    ReplyDelete
  26. මේ ලෝකේ තේරුම් ගන්න බැරිම දේ ආදරේද කියලත් හිතෙනවා අයියේ..ආදරේ ඇතුවත් බෑ නැතුවත් බෑ අනේ මන්දා....

    හැමදාම වගේ අයියගේ කතාව සුපර්..ලස්සනයි..හැබැයි එදා මම කවියෙන් තේරුම් ගත්ත විදිහට නෙමෙයි කතාව ඉවර වුනේ නම්..මම හිතුවේ මොනදේ වුනත් ඒ දෙන්නා එකතු වුනා කියලා එක් කෙනෙක් තනි වෙන්නේ නැතිව..අනේ ඒත් එහෙම වෙලා නෑනේ..ඒ නිසා නම් හිතට දුකයි....

    අති විශේෂයි : මම පහන් තරුව ලියපු පිළිතුරු කවිය දැක්කා..ඒක හරිම ලස්සනයි කියන්න අයියේ....

    ReplyDelete
  27. දිනේෂ් මලේ ඇත්තටම මට පැටැලිලි සහගත තත්වයක් දැනුනා... මම හිතන් හිටියේ දෙන්නම මැරුනා කියලා.. එතකොට තාම සුනිල් මානසික රෝගියෙක් විදියට ජීවත් වෙනවද

    ReplyDelete
  28. කතාව හම්බ අනේ අවසාන කොටසින් ලස්සනයි ඉතුරු ටිකත් බලන්නම්

    ReplyDelete
  29. ඇත්තටම ඔයාගෙ උත්සාහය සාර්ථකයි මලේ.. විශිෂ්ට නිර්මාණයක්...! දුක්බර කතාවක් වුනත් මුලසිටම පාඨකයන්ගෙ හිත ඇඳ බැඳල තියා ගත්තා... තව මේ වගේ ඒවා ලියන්න කියන එක තමා ඉල්ලන්නේ.. අර මම කවියක් නොවුන සිතුවිල්ලෙන් මේකට පෙරවදනක් වගේ දෙයක් ආපු නිසා තමා කියවන්න ගොඩක් හිත දුන්නේ

    ReplyDelete
  30. කණගාටුදායක අවසානයක්....
    නෑ නෑ...
    හැමදාම එහෙම වෙන්නේ නෑ නේද මල්ලී...
    කතාව කිව්වට වෙනද තරම් දුක හිතුනේ නෑ ඕන්...
    මොකද්දෝ සතුටකුත් දැනෙනවා...
    කොල්ලට කොහොම සතුටු ඇද්ද...හාහා

    ReplyDelete
  31. nohithana vidiye awasaanayak dunnama kathawata hari vatinaa kamak enawa. oya eka alla gena. well done malliye...
    kiyawagena yaddi samahara than wala punchi aduwak danenawa wage..
    hadissiye liyanne nethuwa hemeeta liyanna..:)
    tharaha wenna epa honde mehema kiwwata....

    ReplyDelete
  32. සුනිල් ගේ සිහිනය....

    නිදැල්ලේ හමා ගිය සුළං රැළි හුස්ම පොද
    ගං දෑලමත නැඟුණු තරඟවල හැපුණු සඳ
    පුර පෝය තරිඳු යට සිහින ගිරි නැංවු දින
    සිහිවටන මතකයෙන් හැඬුම් ගති මා මනස

    පාරු කවියට යටින් අප ගැයූ පෙම් කවිය
    සෝ කවක් වෙලා අද දියඹ යට මිහිදන් ය
    සසර දිග පෙත් මඟෙහි අතරමඟ මුණ ගැසුණු
    පහන නුඹ මා සුරත මත තිබියදී නිවුණු

    යළිත් මෙලෙසින් දියත ඉපිද අප පතාගෙන
    ගෙවා අපි තුටින් කල් ආදරය දිනාගෙන
    පසක් කරදී ලොවට මිනිස්කම පළමු බව
    මියෙමු එක විට සොඳුර අප'ප ළය හොවා ගෙන

    මට මේ කතාව කියවද්දීම මෙහෙම දෙයක් ලියන්න හිතුණා. ඒත් කීයටවත් මම ලියන ඒවා අයියාගේ ලස්සනම ලස්සන, හදවත ඇතුලටම කතාකරන නිර්මාණවලට කිට්ටු කරන්නවත් බෑ.
    මේ කතාවෙ අවසානය මම ගොඩක් අගය කරනවා.මේ තියෙන්නෙ වෙන්න පුලුවන් එකම අවසානය තමයි..මේ කාලයේ හැටියට. මට මේ කතාව වටින්නේ මේ කතාව තුලින් යථාර්ථය දැක්වෙන නිසා.
    අවංක කමට, මනුස්සකමට, ආදරයට දැං මේ ලෝකයෙ මිනිස්සු අතර තියෙන සියළුම බෙදීම් ඉක්මවා යන්න පුලුවන් වේවිද?
    අයියාගෙ කතාව අපිට හිතන්න නව මානයක් ගෙනාවා. ගොඩාක් ස්තූතියි. ජයවේවා.

    WK

    ReplyDelete
  33. වැඩේ පොඩ්ඩක් විතර අවුල් ගියාද මන්දා කලින් ඒවත් එක්ක බලද්දි... කමක් නැහැ දැන් ඉතින් බිසී නේ. ඒක ම මදෑ... ඵල ඵල!

    ReplyDelete
    Replies
    1. matath hithuna oya vidiyatama..
      dan ithin api owa balaaporoththu wenna one.
      nedda man ahanne..... ;p

      Delete
  34. අපි හිතන් හිටියේ හොල්මනක් කියලනේ . ලස්සනයි කතාව . දිනේෂ්ට හොඳ හැකියාවක් තියෙනව

    ReplyDelete
  35. ලස්සන කතාවක්
    කණගාටුදායක අවසානයක්

    ReplyDelete
  36. මොකක්ද මේ කරේ,.,සික්,.,., උදේ පාන්දර අප්සෙට් ගැහුවා ,., අවුලක් නැහැ එල එල,.,., මාර ගති ඈ

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්