තීරණාත්මක ඔට්ටුව
යුරෝපා පාපන්දු කුසලානයත් එක්ක මේ ටිකේම යුරෝපෙම තිබ්බේ ටිකක් උණුසුම්ව.. ඉතින් ඔය උණුසුම අපේ ෆාමසියටත් ආවේ නැතුවම නෙමෙයි.. මුලින් ටිකක් ටිකක් අඩුවෙන් තිබ්බේ.. මොකද ඉතින් ඉතාලි ටීම් එක ගැන ශුවර් තියන්න බැරි නිසා.. කලින් වතාවේ ලෝක සූරයෝ උනාට අන්තිමේ තිබ්බ ලෝක කුසාලනෙන් මුල්ම වටෙන් එලියට විසි උනානේ..
පාපන්දු ගැන ඉතින් මගේ වැඩි දැනීමක් නැති උනාට ඕවා ගැන කෙරෙන කතා නම් මග අරින්නෙම නෑ.. මොකද වැඩ කරන වෙලාවේ කතා කිරිම අපේ පුරුද්ද නේ.. අමාරුවෙන් අමාරුවෙන් ඉතාලි ටීම් එක අවසන් පූර්ව, අර්ධ අවසන් වට වලට එද්දි තරගේ ටිකක් උණුසුම් උනා.. ෆාමසියේ කම්පූටර් වලින් මැච් බලන තැනටම තරග උණුසුම ගියා.. ලොක්කා.. නෑ නෑ ඒකා නෑ.. කොහේ ගියාද දන්නේ නෑ.. මේ පාර මූ මටත් නොකියා ගියේ..
කෝම හරි ඉතින් සෙමි ෆයිනල් එකෙන් ජර්මානු නිජ බිමටම පැනලා ජර්මානුවන් හඩවලා අවසන් වටේට තේරෙන්න ඉතාලියට පුළුවන් උනා.. අනිත් පැත්තෙන් ආවේ ස්පාඤ්ඤය.. මැච් එක තිබ්බේ ඊයේ.. පාපන්දු වලට උනන්දු අය උනේ මොකක්ද කියල ඉතින් දන්නවා ඇති..
සිකුරාදා හවස ෆාමසියේ ලොකුම කතාව කවුද දිනන්නේ කියන එක.. ඕක ඉතින් ලොකු කතාවකුත් නෙමෙයි.. ඉතාලි කාරයෝ ඉතාලිය දිනන්නේ නැතුව ස්පාඤ්ඤය දිනයි කියාවිය.. පහුගිය කාලේ පාපන්දුවත් නැති අප්‍රිකා රටක කල්ලෙක්ව ඉතාලි පුරවැසි බාවෙත් දීලා මිලියන ගානක කොන්ත්‍රාත්තුවකුත් අස්සන් කරලා ගත්තා ඉතාලි ටීම් එකට.. අවංකවම කියනවනම් මිනිහා දක්ශයා.. සෙමි ෆයිනල් එකත් තනියම ගොඩ දැම්මේ මිනිහා තමයි..
ඉතාලි කාරයෝ ඉතාලියට කඩේ යද්දි මම නිකමට වගේ කිවුවා දිනන්නේ ස්පාඤ්ඤය කියලා.. හෆ්ෆා කූඹි ගුලක් ඇවිස්සුනා වගේ මුන් තර්ක කරන්න ගත්තේ.. තනි මට ඇඩ්‍රස් නෑ.. වෙනදටනම් මගේ පැත්තට කවුරු නැතත් දොත්තොරෙස්සා අක්කා ඉන්නවා.. මේ පාර එයත් නෑ.. :)
" උඹ මොනාද මේවා ගැන දන්නේ.. උඹ ලගදිනේ බලන්න ගත්තෙත්.."
" ඔව් ඉතින්.. ඒත් මම බලපු හැම මැච් එකක්ම උඹලා පැරදිනේ.."
එහෙන් මෙහෙන් තර්ක විතර්ක.. සමහර එවුවා මට තේරෙන්නෙත් නෑ.. කෝම කෝම හරි කාතාව ටිකක් ඇදිලා ගියා..
" හරි එහෙනම් අපි ඔට්ටුවක් දාමු කවුද දිනන්නේ කියලා.."
" හරි.. මම කියන්නේ ස්පාඤ්ඤේ දිනන්නේ.. මම පැරදුනොත් මගේ ගානේ උඹලා ඔක්කොටම බීර අරන් එනවා සදුදට.."
දැන් රස්නේ කාලේ හන්දා ෆාමසිය වහන්න කිට්ටුව අපේ උන් බීර බෝතල් දෙකක් හිස් කරනවාම තමයි.. දෙකක් ඉතින් ලංකාවේ අයට ගානක් නොවුනට ඒක ගහලත් මුන් ඉන්නේ ඇස් රතු කරන්.. බෙහෙත් දීම ගැනනම් නොදනී.. මට ගන්න තියෙන දෙයක් මම ගන්නේ වේලස්සන මේ කාලෙට..
" හරි උඹ දින්නොත් දොත්තොරෙගේ වයින් ජාති හතරෙන් එක එක දෙන්නම් අපි උඹට.."
" දොත්තෝරෙගේ වයින් උඹලගේ වගේ දුන්නම උඹලට පාඩුවක් තිනවයි.."
ලොක්කගේ වයින් මුංගේ වගේ දුන්නම පැරදුනත් මුන්ට පාඩුවක් නෑ.. උගේ වයින් කෝමත් මට නිකන් හම්බුවෙන එක..
" හරි උඹ දින්නොත් මම උඹට හාදුවක් එකක් දෙනවා.. "
" හරි ඔට්ටුයි.."
දොත්තොරෙස්සා අක්කා ඇගට පතට නොදැනී කියද්දි මමත් පැන්න ගමන් ඔට්ටුව ඉස්තීර කලා.. ආයෙම වෙනස් වෙන්න කලියෙන්.. දැන් ඉතින් කොහේ වෙනස් කරන්නද?
සිකුරාදා හවස ගෙදර ආවේ වෙනදට වැඩිය සංතෝසෙන්.. ඇයි ඉතින් දින්නොත් ලැබෙන්නේ හාදුවක්නේ.. මේ අර වෙනදා නිතරම ලැබෙන ජාතියේ එවුවා නොවේය.. රෑ කෑම කන ගමන් අංකල් ජොන්සන් එක්කත් දාපු ඔට්ටුව ගැන කිවුවා.. මිනිහත් සද්ද නැතුව අහගෙන හිටියා..
" තමුසේ දැන් ඕක මල් කඩද්දි අර යාළු වෙලා ඉන්න කෙල්ල එක්ක එහෙම කියන්න එපා පිස්සා වගේ.."
කටට දාගත්ත බත් කට අමාශගත නොවී වෙන කොහේ කොහේ හරි කැරකුනා කියලා දැනුනා.. අංකල් වතුර එකකුත් පොවලා පිටට හොදවයි පාරවල් දෙකකුත් ගැහුවට පස්සේ තමයි පියවි සිහිය ආවේ..
" මොකෝ උනේ ඔහේට.. ඔට්ටු ඇල්ලුවේ කෙල්ලෙක් ඉන්න බව අමතක වෙලාද?"
වස ලැජ්ජාවයි.. දෙන්න උත්තරත් නෑ.. ඔට්ටුවේ තෑග්ග අහපු ගමන් හා කියද්දි මේ ගැන හාං කවිසියක් මතක් නොවුන හැටි.. කන්න හිතෙන්නෙත් නෑ.. ඔට්ටුව අස් කර ගන්න කියලද ඉතින්.. ඒක වස ලැජ්ජාවක්.. අනේ ඉතාලියම දිනපං කියලා මටම හිතුනේ ඉබේටම මගේ..
සෙනසුරාදත් ගෙවිලා ගිහින් හෙමිට ඉරිදාව ආවා.. තාම හිතේ වැඩ කරන්නේ අර අවුල.. මේක කියනවද නැද්ද? හොරෙන්ම හාදුව අරන් නිකන් ඉන්නවද? කල්පනා කරලා කල්පනා කරලා ඔන එකක් කියලා ඉරිදා හැන්දෑවේ මල් කඩද්දි සිද්දිය කියලා දැම්මා..
" කාගෙන්ද දැන් ඕක ලැබෙන්නේ ලයින් අක්කගෙන්ද?"
දොත්තොරෙස්සා අක්කා ගැන මේකේ ලියපු දේවක් අකුරක් නෑර කියවපු කෙනෙක් නිසා එයා නැති අතරේ මම අක්කට ලයින් දානවා කියලා තමා ඉතින් මට මඩ ගහන්නේ.. මම ඉතින් එහෙම නෑ කියලා හැමෝම දන්නවනේ.. :)
" දැන් ඉතින් දාපු ඔට්ටුවනේ.. ඕන එකක් කර ගන්න.."
පළවෙනි අමතක වීමට සමාව දීලා දණ්ඩ නීති සංග්‍රහයේ තීයෙන ඔක්කොම නීති ටික දැම්මා ආයෙම අමතක නොවෙන්නම.. එවුවයින් මෙවුවයින් ඉස්සරහට මේ වගේ කතන්දර වර්ණයේ නැති වෙලාම යවිද මන්දා..
කොහොමින් කොහොම හරි ඔට්ටුව නම් ශේප්.. දිනුම පැරදුම වත් බලන මැච් එක බැළුවේ නෑ හැබැයි.. එතකොටත් මල් කඩපු නිසා.. ඔය අතරට හිටි හැටියේම අංකල් කඩා පාත් උනා..
" අන්න මැච් එක ස්පාඤ්ඤේ දිනුම් 4 ට 0 යි.. දැන් හෙට මොකද වෙන්නේ?"
විශේෂයි : ඔට්ටුවේ තෑගි සදුදා ලැබෙන්නට ගියත් මම නොගත්තෙමි..
අති විශේෂයි : ආයේ ජීවිතේට ඔට්ටු නොදමමි..
අති අති විශේෂයි : බලදාරියාගේ අවසර ඇතුව පල කරන ලදී..




අපරාදේ....ඔට්ටුව.
ReplyDeleteදැන් බලධාරියා හැමදේම කපා හරිනවද?:)
මම නම් ජර්මනියට සපෝර්ට් කලේ. අනේ පැරදුනා.:(
අපරාදෙදත් අහනවා අක්කේ.. ඉස්සර වගේ උනානම් අරගෙනනේ.. :)
Deleteනෑ නෑ එහෙම අවුලක් නෑ.. කෝකටත් කියලා මම මේක අහලා දැම්මේ.. වැඩි හොදට..
ජර්මන් ටීම් එකේ ලස්සන කොල්ලෝ ඉන්න නිසා වෙන්න ඇති.. :)
ha...ha......
ReplyDeletepawu ara ahinsakee deyyane...
kella honda nisa hondaa...
පවු කියලා හිතුන නිසා තමා ඉතින් තෑගි නොගත්තේ.. අමතක වීම ඉතින්.. :)
Deleteade ubata italy wala idalath kiss ekakata ochchara cse da??man nam hitanne meka kiss ekak newe ita wada loku seen ekak :P
ReplyDeleteහෙහ්.. නෑ නෑ ඊට වඩා ලොකු සීන් එකෙක් නෙමෙයි.. :)
Deleteහික් හික් අනේ පවු මෙයාගේ g.f හරි හොදයිනේ බලන් යද්දි....
ReplyDeleteඅෆරාදේ කිස් එක...
___සිහින මදාරා___
කිස් එකනම් මොනා කරන්න බැරිද.. ඒකත් එක්ක එයාගෙන් ඉල්ල ගන්නවා... :)
Deleteහොඳවැඩේ ඔට්ටු දානවට.මට හිතාගන්න පුළුවන් අක්කා බැන්න විදිහ.ඔච්චරම කිස් එකක් ඕනෙනම් ඔය කඩන මලෙන් ඉල්ලගන්නකො.එකට දෙකක් දෙයි අයියට.
ReplyDeleteබැන්නා කියන්නේ මලේ.. ඒ හරිය ඕන නෑ.. ඔව් ඔව්.. දැන්මේ නොගත්ත එකත් ඒ එකවුන්ට් එකටම දාන්න ඕන.. :)
DeleteMaath baluwa. Apitath one une Italy team eka dinanawa balanna. Eth eyala paraduna.
ReplyDeleteOyath ottuwa nam dinum malli,,,,,,,,,,,,/////////
ඉතාලී ටීම් එක මේ පාර හරි නෑ අක්කේ.. පුදුමයි ෆයිනල් හරි ආවා.. ඒකයි මම ඔට්ටුව ඇල්ලුවෙත්.. දින්නට වැඩක් නෑ ඉතින්.. :)
DeleteMe man adawath 1weida?////////
ReplyDeleteනෑනේ අක්කා 6..
Deleteදිනේෂ් ගැනු ළමයා ගැන නොකියා ඉඳලද නැත්තන් මට පොස්ටුවක් මගහැරිලද?? :ඔ අපරාදේ...ෆ්‍රෙන්ච් කිස් එකක්නේ මිස් කරගෙන තියෙන්නේ?? කොහොම උනත් මිස් කරපු ඒක හොඳයි.. :)
ReplyDeleteනෑ නෑ මාල්.. ඒ ගැන මම තාම ලිවුවේ නෑ.. අපරාදෙනෙම තමා ඉතින්.. ඒත් අවුලක් නෑ.. :)
Deleteහෙහ් හෙහ් .... අපරාදෙ! කිට්ටුවක හිටියනං මම ඉල්ලගන්නවනෙ උඹේ ඔට්ටුව.
ReplyDeleteඅයියගේ බිරින්දෑගෙන් අවුලක් නැත්නම් මම ලිඛිතව පවරා දෙන්නම්.. :)
Deleteඅඩ්ඩඩ්ඩා.... උම්මා එකක් ගන්ඩ තිබ්බ චෑන්ස් එක මිස් වෙලා ය ! හික්ස් :)
ReplyDeleteඋම්මා නම් කමක් නෑ කියමුකෝ. අර බීර ටික !! අයියෝ හිත වාවන්නේ ම නෑ...
මල්ලි ඔය දොත්තරේ ගාව නැද්ද හොද වොඩ්කා ජාති එහෙම. මයේ මේ දතක් පණුවෝ කාලා. ඒකයි හික්ස් :)
උම්මා එකක් නම් පස්සේ හරි ගන්න බැරියැ.. අනික ඉස්සරත් ඇති වෙන්න ලැබුනනේ.. ;)
Deleteබීර ටික මොන පාඩුවක්ද අයියේ.. ඒක දෙන්නේ මමනේ පැරදුනානම්.. මම දිනුම්නේ..
නෑ නෑ ලොක්කා ගාව තියෙන්නේ වයින් විතරයි.. ඌම පෙරන එවුවා.. :)
මදැයි ඔට්ටුව ගන්න හැටි බලනන්න හිටියා! ඕං බලන්ටකො ඔට්ටුව බලෙන්ම හරි හම්බෙන්නැද්ද කියල. :)
ReplyDeleteහැබැයි කොල්ල මොළේ ඇති විදිහය කටයුතු කරල තියෙනව, මේ පොඩි ඔට්ටුවකට ගෑණු ලමයට අසාධාරණකමක් කරන එකත් හරි නෑනෙ නේද! ගනන් ගන්න එපා ඕකට හරියන්න අයිතිකාරිගෙන 1ට 10ක් හම්බවෙයි! :)
හෙහ් බලන් ලැබුනට අවුලක් නෑ එතකොට මම ශේප්.. මම එපා කිවුවා ඒත් එයා දුන්නා.. එහෙම කියන්න පුළුවන්..
Deleteනැතුව නැතුව අයියේ.. වෙනද වගේනම් අරගන්නවාමයි.. දැන් ඉතින් එහෙම බෑනේ..
ඔට්ටුව මාර දිනිල්ලක් දිනලනෙ...
ReplyDeleteනැතුව නැතුව..
Deleteඔය කිව්වට අපි බලාගෙන හිටියැයි ඔට්ටුව ගත්තද නැද්ද කියලා. දැන් දැන් බලධාරියා ඉන්න හින්දා ලියන එව්වා වාරණය වෙයිද මන්දා... පරිස්සමින් ලියහං. හිතට අල්ලා ගියොත් බලධාරියෙන් එච්චර අවුලක් නෑ ඔය මොනවා ලිව්වත්....
ReplyDeleteනෑ නෑ බුද්ධි අයියේ.. එහෙමම වාරණ නෑ.. ඔය මගේ අප්සට් කවි වලට සෑහෙන ලයික්නේ එයා.. :)
Deleteමම කිවුවේ මේ වගේ වැඩ ඉස්සරහට කරන්න වෙන්නේ නැති නිසා ඒවා ලියන්න නැති වෙයි කියලා.. :)
පවුල් පන්සල් වුනාම වෙන දේවල්
ReplyDeleteඋඹත් ඉතින් ඒවා හොදට දන්නවනේ... :)
Deleteඅයියෝ... අපරාදේ.. ඔට්ටුව දිනලත් එක්කෝ ඔන්නොහෙ ගන්නයි තිබ්බේ.
ReplyDeleteහෙහ් හෙහ්.. අවුලක් නෑ අයියේ.. :)
Deleteඋඹ ඔය කිව්වට තෑග්ග ගත්තේ නෑ කියලා... මට නම් සැකයි බං අක්කා දෙන්න බෑ කිව්වත්ද කියලා... :D
ReplyDeleteඅර වයින් ටිකට මොකද වුනේ?
එයා නොදී ඉදියි.. ලිප්ස්ටික් ගාගෙන ඇවිත් හිටියේ.. ශික් අපරාදේ..
Deleteවයින් ටික හම්බුනා... :)
කවුද අප්පේ ඒ අති අති විශේෂ බලධාරියා.....අපි දන්න කියන කෙනෙක්ද අයියේ?
ReplyDeleteඔව් ඔව්.. දන්න කියන කෙනෙක් තමා..
Deleteඅනේ වාසනාවන් දිනේෂ්, මොනවා උනත් කසාද බදින්න කලින් දණ්ඩ නිතී සංග්‍රහයට අහුවෙලානේ ඉන්නේ. අර හාදුවට වඩා වයින් බෝතල් ටික ඉල්ල ගන්න. අන්කල්ට හරි බොන්න පුලුවන්නේ....
ReplyDeleteමේ මොනා අහනවද නුවන්.. දැන් ඉතින් බීලා සද්ද නැතිව ඉන්න තමා වෙන්නේ.. ඒක නම් ඉල්ල ගත්තා.. මොනා නැතත්... :)
Deleteහිකිස්!
ReplyDeleteඇයි ඉතින් තෑග්ග ගත්තේ නැත්තේ? අපරාදේ :පී
මේ පැත්තේ ආවේ අදමයි.දිගටම එනවා ඔන්න.
තෑගි අරන් ඉහල උසාවි තමා යන්න වෙන්නේ..
Deleteසාදරයෙන් පිළිගන්නව වර්ණයට..
පොට්ට චෑන්ස් එක :D
ReplyDeleteමිස් උනා නේ.. :)
Deleteසැහ් ඔය ඔට්ටුවෙ දිනුම වෙන කාට හරි පවරන්න බැරිද ?
ReplyDeleteබොලේ ඔක්කොටම ඕන දැන් ඒ තෑග්ග... බෑනේ ඉතින් මේක කරන්න.. :)
Deleteඒ මටත් අහන්න අමතක වුනා. ඇත්තට මලේ බැරිද? ටිකට් අරන් එන්නම්.. :)
Deleteඅපෝ එයාට කියලනම් ඉල්ලලා දෙන්න පුළුවන්.. ඔය අදත් මට එකක් දුන්නේ.. :)
Deleteහික්ස්... අනේ අනේ අයියේ.. ඔහොමත් කරනවද මම අහන්නේ... දොන්තරොස්සා අක්කත් නරකම නෑනේ.. හික්ස්... හොඳ වැඩේ අයියටත් ඕනේ නැති ඔට්‍ටු දාන්න යනවට. අපරාදේ තෑග්ග, මොලේ කල්පනා කරලා වෙන හොඳ තෑග්ගක් ඉල්ලගත්තා නම් හරිනේ ඔට්‍ටුවෙන් දින්නට... :P
ReplyDeleteදොත්තොරෙස්සා අක්කා මොකද නරක.. එයා සෝයි..
Deleteතෑග්ග කියපු ගමන් ඕවා මතක් වෙනවද නඟේ ඉතින්.. හොද වෙලාවට ගොඩින් බේර ගත්තා.. නැත්නම් දන්නවනේ ඉතින්.. :)
එහෙම දාපු ඔට්ටු ගන්නේ නැතුව ඉන්න එපා.. දෙන්නටම හොඳ නෑ.. මගේ යාලුවෝ ගොඩකට එහෙම කරලා පස්සේ හරියට කරදර වුනා... බලඬාරියාට ඒක තේරුම් කරලා ඒක ගන්න... මම කිව්වා කියන්ඩකෝ... :)
ReplyDeleteඒකත් එහෙමද බීටල් අයියේ.. එහෙනම් මේ කමෙන්ට් එක මෙහෙමම පෙන්නලා සාම සාඛච්ඡාවක් දාන්න ඕන.. තැන්කූ වේවා!!
Deleteපිස්සු හැදෙනන කතාවක් තමයි.. දිනේෂ් අයියා
ReplyDeleteහම්මේ.. නෙරංජි නංඟා මේ පැත්තට ගොඩ වෙල තියෙන්නේ.. වෙල්කම් කිවුවා.. :)
Deleteඅපරාදේ ඕයි.... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොනා කරන්නද බං ඉතින්.. :(
Deleteසුභ වී රාජ සම්පත් ලැබේවි.. :)
බලධාරියා හිටියේ නැත්තම් දිනේෂ් අයිය සඳුදා වැඩට ගිහින් තෑග්ග නොගෙනම ඉඳියි. නියම ඔට්ටු සල්ලි වියදම් වෙන්නෙත් නෑනේ. හයියෝ චාන්ස් එකක් මිස් වුනානේ.
ReplyDeleteඑහෙම උනානම් අනිවා තෑග්ග ගන්නවා මලයා.. කාගෙන් තහනමක්ද?
Deleteබලධාරියා එපා කිවුවේ නෑ හැබැයි.. මමම තමා ගත්තේ නැත්තේ.. :)
බලධාරි නගා හොදයිනේ...හිහි...
ReplyDeleteමීට පස්සෙ ඔයා දිනන ඔට්ටු භාර ගන්න වෙන කෙනෙක් පත් කරන්න....
හොදදත් අහනවා.. මේකේ කමෙන්ට් ටික කියවලා අද දවසම හිනා උනා කිවුවේ.. :)
Deleteඔට්ටුව හොරන් අරගනිං. ඉඨ පස්සෙ කියපං ඒක ලැබුනෙ නෑ එහෙමත් නැත්නම් එපා කිව්ව කියලා.
ReplyDeleteහොඳ වැඩේ නොදන්න ඔට්ටු අල්ලනවට.
එහෙම හොදද මන්දා ඉතින්.. බලන්න ඕන මොකක් හරි උප්පර වැට්ටියක් දාලා.. :)
Deleteආදරවන්තයෙක්ගේ තවත් එක් කැපකිරීමක්
ReplyDeleteආදරවන්තයෙක් නොවුනනම් කැප කරයිද ඉතින් මම.. :)
Deleteහ්ම්ම් හැබැවටම දාන්න ඕන මේ වගේ ඔට්ටු තමා. ෆට්ට ....
ReplyDeleteඅනේද කියන්නේ.. කොච්චර වාසිද ඒක.. :)
Deleteඔන්න ඕක නේ අපි වගේ තනිකඩ ව ඉන්න කියන්නේ!! හෙක් හෙක්..
ReplyDeleteඅපරාදේ.. ඔට්ටුව මෙහාට transfer කරව ගන්න තිබුනා!!
තනිකඩව ඉද්දි ඔහොම චෑන්ස් කැරකෙන්නේ නෑනේ මලයා.. ඒකනේ අවුල.. මුං එක්ක අවුරුදු 4ක්ම හිටියා මේ චෑන්ස් ආවේ නෑනේ.. :)
Deleteයකෝ ඉතාලියට ගිහින් ඉතාලි කාරයන්ට ගේම ඉල්ලන උබ ගැන බොහොම ආඩම්බරයි..
ReplyDeleteහැම දෙයක්ම කරන්ඩ කලින් දෙපාරක් හිතපන්.. විශේශයෙන් වටේ පිටේ ඉන්න ඔය වගේ ගෑණු පරාන එක්ක ගිවිසුම් වලට එඬ කලින්..
අතින් පයින් ඇරෙන්න වෙන ඕන ගේමක්.. වචන වලින්.. :)
Deleteඒක නම් ඇත්ත.. දැන් දෙපාරක් හිතන්න ඕන.. හදිස්සියට ඒක අමතක උනානේ..
අනේ මේ අයියත් අල්ලන ඔට්ටු..බලදාරියා හොඳ නිසාම ඉතින් බේරුණා..නැත්නම් බෙත් බොන්න ෆාමසියක් ගෙදරම දාගෙන තමයි ඉන්න වෙන්නේ...(හේ..හේ..)
ReplyDeleteහෙහ් හෙහ්.. ඒකනම් ඇත්ත.. කැඩුම් බිදුම් බෙහෙත් තමා වැඩියෙන්ම.. :)
Deleteදැන්වත් මට්ටුවෙයන් කොල්ලා !
ReplyDeleteමොනා කරන්නද සෑමෝ.. පුරුද්දක් නෑනේ... :)
Deleteබොරුද මම කියන්නෙ දිනේශ් මල්ලි හොඳ ළමයෙක් කියල
ReplyDeleteඅමූලික ඇත්ත.. මම හොද ළමයා.. :)
Deleteඅයියෝ සල්ලි...
ReplyDeleteඅපරාදේ ඔට්ටුව...
හාදුවට වඩා හොදයි සල්ලි ඔට්ටු ඇල්ලුවනම්.. කීයක් හරි හොයා ගන්න තිබ්බා.. :)
Deleteබොරු නොකියා ඉන්ට අයියා තෑග්ග අරන් මෙතන නෑ වගේ දානවා :පී මේක බලධාරියා කපාහරීද මන්දා ;)
ReplyDeleteනෑ නෑ.. බලධාරියා එච්චරම නපුරු නෑ.. :)
Deleteඔය ඔට්ටුවෙ තෑග්ග වෙන කාටහරි transfer කරන්න බැරිද? මේ මේ... මට එහෙම නෙවෙයි ඉතින්!
ReplyDeleteබොලේ දැන් කී දෙනෙක්ට ට්‍රාන්ස්ෆර් කරන්නද? මෙයාලා රණ්ඩු වනවා ඊ ළගට.. එක්කෝ මමම ගන්නවා.. :)
Deleteකවුද මේ බලධාරිය ඈ..........????.
ReplyDeleteඅක්කත් දන්න කියන කෙනෙක් මම හිතන්නේ.. :)
Deleteසිරාවට ඔය ඔට්‍ටුවේ තෑග්ග වෙන කාටවත් ගන්න බැරිද දන්නේ නෑ නේහ්..
ReplyDeleteමෙ බලධාරියගේ අවසරේ ඇතුව දැම්මයි කිව්වේ ගෑනු ලමයටත් කිව්වද සීන් එක..හපොයි..!!!
එයාට කිවුවා නේන්නම්.. උඩින් මම කිවුවේ යාළුවා විස්තරේ..
Delete" දැන් ඉතින් දාපු ඔට්ටුවනේ.. ඕන එකක් කර ගන්න.."
එයා දන්නවා.. මේක බලලත් ගිහින්.. :)
හා හා ඔය ඔට්ටු කතා වලින් අපිට වැඩක් නැහැ. දැන් කවදද අපිට බලධාරියා ගැන කියන්නේ? :)
ReplyDeleteහලේ ලොකු අක්කේ.. කියන්න නේද? මගේ දෙවෙනි ඇනිවර්සරියෙන් කියන්නම්.. :)
Deleteහි හි........ :)
ReplyDelete:)
Deleteමෙහෙම ඔට්ටුවක් ගැන නම් ඇහුවමයි..
ReplyDeleteකොහොම වුනත් ඒකෙන් මේකෙන් වර්ණයේ වර්ණයක් නැතිවෙලා යයිද මන්දා..
මෙහෙම එකක් දැම්මොත් ඉතින් මමම තම.. :)
Deleteවර්ණය දැන් ටික කාලෙක ඉදන් ගොඩක් වර්ණවත්.. ලියපු දේවල් වලින් ඒක තේරෙන්නත් ඇති.. :)
හයියෝ සල්ලි කිවලු
ReplyDeleteහයියෝ කිස් කිවුවලු.. :)
Deleteඒ ඔට්ටුව වෙනත් කෙනෙක්ට දෙන්න කියන්න බැරිද?..
ReplyDeleteබලධාරියට මේක පෙන්නන්නම ඕන... :)
Deleteසික් අප්ප// ඔට්ටුව ශේප් එකේ ගන්න තිබ්බේ,.,.,., මේ බලදාරියා කැපුවයි කිවුවෙ මොකක්ද දන්නෙ නෑ
ReplyDeleteබලදාරියා මුකුත් කැපුවේ නෑ කියලනේ දැම්මේ..
Deleteඅපරාදෙ කිස් එක..... උබලට ඔට්ටු වලටත් කිස්... අපි මෙහෙ වේලෙනවා.... :(
ReplyDeleteලබා උපන් හැටි වෙන්න ඇති.
එහෙම හිතන් ඉදලා හරි යන්නේ නෑ.. ඉරණම වෙනස් වෙන්නත් එක්ක දාන්න ඔට්ටුවක්.. :)
Deletedinesh ayyage girl hoda nisa hodai nathtam ayya iwarai.
ReplyDeleteඅයෙම කලොත් නම් ඉදලා හමාරයි.. හොද දෙපිටින් යාවි.. :)
Deleteඈහ්.... කවුද දැන් බලධාරියා.... :O
ReplyDeleteදන්නවා ඇති සමහර විට.. හෙමීට කියන්නම්.. :)
Deleteexcellent story....:D
ReplyDeleteතැන්ක්ස්.. :)
Deleteඅපේ මව්නි ටලම් ඩලුනු නෑ ඒකියන්නෙ අක්කිය........ඇටි යාන්ටන්......^_^
ReplyDeleteනම දැනගත්තමත් ඔයා ඕක ඔහොමම කියයිද මන්දා... ;)
Deleteමේ අයියේ බැරිද ඔය ඔට්ටුව තෑගි ඔප්පුවකින්වත් අපි වගේ අහිංසකයෙක්ට අරං දෙන්න...
ReplyDelete