A/L පටන් ගත්ත හැටි ( ඉස්කෝලේ කතා 8 )
මැද පෙල වාඩි වෙලා ඉදන් O/L ලියපු කාලේ හරි අපූරුයි.. ඒ මතකයේ සොදුරු කතා හැම එකක්ම වගේ ලියලා ඉවර වෙලා මේ පටන් ගන්න යන්නේ A/L මතකය.. හැමෝගෙම ජීවිත වල සුන්දරම කාලේ A/L අවදිය තමයි.. ලියන්න ඉන්න කතා වලින් සමහරක් අහම්බෙන් වගේ චැට් එකකදි මගෙන් මදාරා අහගෙන මට අන්තිමේ කිවුවේ " හොද වෙලාවට දැන් ඉන්නේ ඉස්සර හිටපු ඔයා නෙමෙයි " කියලා.. :)
2004 අවුරුද්දේ මැයි මාසේ විතර තමයි අපේ A/L පටන් ගැනුනේ.. ඉස්කෝලෙට ඇප්ලිකේශන් දාන්න කලින් ඉදන්නම පොඩි පොඩි සිද්දි කීපයක් උනා.. ඒ එකක් තමයි අපේ සෙට් එකේ කට්ටියට ඕන උනා O/L අපි හැමෝම වගේ වෙන ඉස්කෝල වලට නොගිහින් මේ ඉස්කෝලෙම ඉතුරු අවුරුදු 2ත් ඉන්න.. මගේ කොහොමත් අකලින් තීරණෙ තිබ්බේ අනිත් අවුරුදු 2ත් මේ ඉස්කෝලෙම ඉන්න.. O/L වල ප්‍රතිඵල ලේඛණය අතර දෙද්දි ලොක්කා වෙන ඉස්කෝලෙකට යනවද අහද්දි මමයි තව කීප දෙනෙක් විතරයි කිවුවේ නෑ අපි මේකෙම ඉන්නවා කියලා..
කෝම හරි A/L වලට ඇප්ලිකේශන් දාන්න ලං වෙද්දි හතර වටින් කෝල් එනවා උඹ වෙන ඉස්කෝලෙකට යනවද කින්ද මන්ද අහලා.. වැඩියෙන්ම කතා කලේ අපේ පන්තියේ උන් නෙමෙයි.. අනිත් පන්ති දෙකේ උන්..
" අරූට අච්චර රිසල්ට් එකක් තියාගෙනත් යන්නේ නෑ.. උඹත් හිටපන්.. අපි සෙට් එක එකට කොමස් කරමු.."
දවසකට දෙපාරක්වත් ඔය දෙබස අහුවා ඒ දවස් වල.. ඉන්නේ ගෙදර කියලා අම්තක කරලා දන්න කුණුහරපෙන් තමයි අන්තිම වෙද්දි ඔය ප්‍රශ්ණේ අහන උන්ට උත්තර දුන්නේ.. අපේ අම්මා උනත් හිතුවේ මම ඒ ළගම තියෙන ජනප්‍රිය මිශ්‍ර පාසලට ඉල්ලයි කියලා.. දෙතුන් පාරක්ම මගෙන් ඒ ගැන ඇහුවත් මම වෙන එකකට යන්න ඕන කමක් තිබ්බේ නෑ..
මුලින් මුලින් හැමදාම කෝල් කරලා අහපු උන් අපිටත් හොරෙන් වෙන ඉස්කොල වලටත් ඇප්ලිකේෂන් දාපු බව ආරංචි උනේ අපිට පස්සේ.. ඒ පොල්ල තිබ්බෙනම් අනිත් පන්ති දෙකේ උන්.. ඒකට ඉතින් ගොඩක් කතා ඇදිලා ගිහින් රණ්ඬු වෙන්නත් ගිහින් යන්තම් කතාව ශේප් උනාට අපේ පන්තියේ කලින් ඉදන්ම එකට හිටිය උන් ටික ආට්, කොමස් වලට බෙදුනත් එකට හිටියා.. හැබැයි ඉතින් කට උලා වගේ උන් නැති අඩුවනම් සෑහෙන තිබ්බා..
A/L පටන් අරන් සතියක් යන්න උනේ නෑ අපේ සෙට් එක වැඩ අල්ලන්න පටන් ගත්තා.. වලි නැත්නම් ඉතින් මල් තමයි අපිට තියෙන වැඩ.. මේක මේ කෙල්ලෙක් අල්ල ගැනීමේ මහා මෙහෙයුමක්.. අපේ පන්තියේ එකෙක්ට 10 වසරේ හිටිය කෙල්ලෙක්ට හිත ගියා.. ඒක උනේ ඉතින් කෙල්ලගේ (අ)වාසනාවට අපි ඒ ළගම පන්තියකට වැටුන නිසා..
පස්සෙන් ගිහින් ලයින් දාලා කරන්න පුළුවන් හැම ට්‍රයි එකක්ම දුන්නට පස්සේ අපේ මෑන් ලියුමක් ලියන්න හිතලා ලියුමක් ලිවුවා ලස්සනම අත් අකුරු තියෙන එකාගේ අකුරුයි, හොදටම අදහස් එන එකාගේ අදහසුයි, ඌට කියන්න ඕන ඒවායි, මගේ කවියකුයි එකතු කරලා.. හෙහ්.. සාමුහික වැඩක්.. :)
කෝම හරි ඉතින් ඔය පන්තිය තමා මම O/L වලදි ශිෂ්‍ය නායකයෙක් වෙලා වැඩ බැළුවේ.. ඔව් ඔව්.. අර ගුටි කෑවේ.. ඉතින් අන්තිමේ ඒ පන්තියේ උන් මාව දන්න නිසා ලියුම ගිහින් දෙන වැඩේ බාර උනේ මට.. නෑ නෑ අයියගේ ලියුමට උන දේ මේකට උනේ නෑ.. :)
උදේම ඒ පන්තියේ පන්ති නායකයා අල්ලගෙන ලියුම දීලා අහවලාට දෙන්න කියලා මම ආවා.. ඉස්කෝලේ පටන් ගන්න ටිකකට කලින් මෙන්න ඒ පන්තියේ කෙල්ලො දෙන්නෙක් එනවා මාව හොයාගෙන..
" අයියේ අපේ පන්තිබාර මිස් එන්න කිවුවා.."
එහෙම කියලා හේතු කාරණා මුකුත් අහන්න ඉඩ නොතියා මුන් දෙන්න යන්න ගියා.. වැඩේ ලීක් වෙලාදෝ කියලා හිත හිත මාත් පන්ති පැත්තට ගියේ ඒ පන්තිය බාර මිස් කවුද කියලවත් නොදැන.. යද්දි හිටියේ මට විජ්ජ්‍යාව ගොඩ දාලා දුන්න මිස්..
" ආ අසන්ත එනවා එනවා.."
ඉස්කෝලේ කවුරුත් මට කතා කලේ ඔය නමින්.. අදටත් එහෙමයි.. මම ගුරු මේසේ ලගට ලං වෙද්දි උදේ දුන්න ලියුම තියෙනවා මිස්ගේ පොත් ටික උඩින්ම.. කියවලා බලලා මිස් ඒක ආයෙම නවපු පැත්තට ඉස්සෙල්ලම පේන්නේ මගේ කවියක පේලියක්..
" ආ අසන්ත ඇවිත් සතියෙන් වැඩ පටන් ගත්තද?"
දෙන්න උත්තරත් නෑ.. මාත් ශේප් එකේ හිටියා..
" නෑ මිස් මේ.."
" මේක මේ කොල්ලා ගෙනත් දෙන්න සාක්කුව අදිද්ම මම දැක්කේ.. අරන් බලද්දි නමක් නෑ.. කාගෙන්ද අහද්දි අසන්ත අයියා දුන්නා කිවුවේ.. දැන් කවද ඉදන්ද ............ ගැන හිතක් පහල උනේ?"
" ආ නෑ මිස් මේ.."
මිස් මාත් එක්ක ශේප් උනත් ඉතින් අරූව මාට්ටු කරන්න පුළුවන්ද? ඒ අස්සේ කෙල්ල මං දිහා බලාගෙන ඉන්නවා.. ඒකිටත් අප්සට් ඇති පස්සෙන් ආවේ එකෙක් ලියුම් දෙන්නෙ එකෙක් කියලා..
" හ්ම්ම්.. දැන් මේක අරන් දෙන්න ඕන කෙනාට දීලා යනවා.. හැබැයි ප්‍රශ්ණ ඇති කර ගන්න බෑ.."
මට ඉතින් අපේ මිස්ට බිම පෙරලිලා වදින්න තරම් හිතුනා.. ඒක එහෙම කලා කියමු.. ඔක්කොටම වැඩිය හපං සභාවක් ඉදිරියේ දැන් ලියුම දියන්කෝ.. ඕන එකෙක් කියලා ලියුම අතට අරන් ඒ කෙල්ල හිටපු තැනට ගියා..
" නංගී මේ ලියුම මගේ නෙමෙයි.. අහවලා දුන්නේ.."
මිස්ට ඇහෙන්නේ නැති වෙන්න හෙමීට ඒ ටික කියලා ලියුමත් දීලා මම ආවා.. එද්දි අරූ ඉන්නවා මගේ බලාගෙන මොකො උනේ අහන්නේ..
" ආ %&/)%$£ උඹ ලියුම ලිවුවේ නම නැතුවද &%$( ?"
විශේෂයි : කෝම හරි සතියක් යන්න කලින් ඒ මිස් දැන ගත්ත ලියුම මගේ නොවන බව.. ඒ නිසා වැඩේ ශේප්.. :)





මේ පාරනම් පියුම් වැඩේ හරියට කරලා. ඉතිං ඒ දෙන්නා සෙට් උනාද?
ReplyDeleteහප්පේ අද යන්තම් ආයෙම එක වෙලා.. :)
Deleteඔව් ඔව් උන් දෙන්නා සෙට් උනා.. හැබැයි විභාගේ ඉවර වෙද්දී ඒකත් ඉවරයි..
පළවෙනි පියුම් වැඩේ අප්සට් ගියාට ඊට පස්සේ එවුවා හරියට කලා හොදේ... :)
හඃ හඃ හා......
Delete1ni, piyum wade baluwe na,,, a/l kale kiyanne,, harima lassana kalayak,,
ReplyDeleteMan Dan inne Switzerland. Wala. Massa 6i. Eeta passé aye wena rataka ta...
Sathuten inna,,
හික්ස්..
ReplyDeleteපට්ට සීන් එක...
ලස්සන කතාවක් අනේ. ෆිල්ම් එකක් හදන්ට වටිනවා. ඊට පස්සේ ලියුම දුන්නු කෙනයි, ගත්තු කෙනයි යාලු වෙන හැටි, ලියම දුන්නු කෙනා ටීචට බිම පෙරලිලා වඳින හැටිත, සිංදුවක් කියමින් ඉස්කෝලේ වත්තේ ඔක්කොම ලමයි එක්ක නටන හැටි එහෙම දාලා.:)
ReplyDeleteමාර පියුම් කෙනෙක්නේ ඒ දවස්වල....:D
:D අපූරු ශිෂ්‍ය නායකයා සහ ගුරුතුමිය!
ReplyDeleteහැබැයි පෙම් හසුන් හුවමාරු කිරීම අතින කොල්ල මේ පාර ටිකක් දියුණු වෙලා වගේ. ඒත් අන්තිමට බාල්දියක් පෙරළුනානෙ.
සහෝදරත්වය නියමයි ආහ් :)
ReplyDeleteතව පොඩ්ඩෙන් වදින්න ගිය දේවාලෙ අහවල් තැනටම කඩන් වැටෙනව නේහ්..!!!!
ReplyDeleteඅහහ්..බලාගෙන යද්දි අයියා හොද නමගිය පියුම් මහත්තයෙක් නොවැ.. (හේ..හේ..) ශෝක්ම වැඩේ සභාව ඉදිරියේ ලියුම දෙන්න ලැබුන එක තමයි....
ReplyDeleteහක හක හූයියා මටත් ඔය වගේ කිරි ටොෆියක් හම්බෙලා තියෙනව වෙන අයියා කෙනෙක්ගේ ලියුමක් දෙන්න ගිහින්
ReplyDeleteඒ නංගි ඔයාට සෙට් වුනා නම් තමා වැඩේ.... :D
ReplyDeleteසාමුහික ලිවුමක කොහොමද බං තනි නමක් ලියන්නේ...?
ReplyDeleteඅපිත් al ගිය අළුත අපේ කොමස් ක්ලාස් එකට පිට ඉස්කෝලෙකින් ආපු කෙල්ලෙකුට හත් දෙනාම එකතු වෙලා ලිවුමක් ලියලා දුන්නා.. නම් හතම දාලා...
හි හි නියම කතාව.. :)
ReplyDeleteහික් හික්..... අනුන්ට පියුම් වැඩ කරපු මෙයාට මෙච්චරම කල් ගියානේ වැඩක් කරගන්න... :D
ReplyDeleteඅනුන්ගෙ පිටින් දාල තමයි තමන්ට වෙච්ච ඒව ලියන්නේ ගොයියෝ.. :)
Deleteහරි යන්නෑ හරි යන්නෑ... ඔහොමත් පුළුවන්ද? :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇති යාන්තං ඒ ලියුමවත් හරි කෙනාට දුන්නා. අනේ අපරාදේ අප්පා මම බාලිකාවකට ගියේ මික්ස් ස්කූල් එකකට ගියානම් මරු මරු වැඩ බලා ගන්න තිබුනා.ඔය වගේ ලියුම් සම්බන්ද කතාවක් මටත් තියෙනවා ඒක මෙතන නොකියා බ්ලොග් එකේ පෝස්ට් එකක හැටියටම දාන්නම්කෝ දවසක
ReplyDeleteආපහුසැරයක් ඉස්කෝලෙ ගියා...
ReplyDelete:D
ReplyDeleteඅනේ එහෙම ගුරුවරු වාසනාවන්.....
ReplyDeleteඅන්තිමේදි වෙන්නේ ලියුම ගෙනත් දීපු එකත් එක්ක ගෑල්ලමයා යාළ්ය්වෙන එක !
ReplyDeleteහික්ස් :)
මල්ලිත් මරු වැඩ නේ කරන්නේ.
මේක නම් අපූරු කතාව... මටත් මැවිලා පෙනුනා දිනේශ් මල්ලි ඔළුව කහ කහා හිටපු විදිහ ටීච ඉස්සරහා..
ReplyDeleteඔය කඩේ යන වැඩ නම් චාටර් බං අවසානෙට නෝන්ඩි වෙන්නේ අහක ඉන්න අපි
ReplyDeleteඉස්කෝලේ කාල ආයෙ එනව නම් අපුරැයි .....
ReplyDeleteයාලුව දැනගෙන ඉන්න නැතුව ඇති පොඩි කාලෙ අයියා ට කරපු වැඩේ
ReplyDeleteඅපරාදෙ උඹට නම නොකිය ලියුම දීල එන්න තිබුනෙ
ReplyDeleteඅපි ලගදි a/l පටංගත්තෙ පිරිමි ඉස්කොලයක් හින්ද ඉස්කෝලෙ ඇතුලෙ ඔහොම ඒව වෙන්නෙ නෑ...
ReplyDeletehitapu mis hoda nisa hodai...nattam ayyata kana pirenna ahaganna tibuna...... :)
ReplyDeleteඅනේ අනේ දරුවෝ.....කොයි තරම් නම් කියනව ද විභාගෙ ලියන කොට විභාගෙ අංකෙ හැම කොලේකම ලියන්න කියලා.
ReplyDeleteඉතින් ඒ වගේ ලව් ලෙටර් වල නම ලියන්නත් දැන් මතක් කරන්න වෙලාද....හෙහේ...විභාගෙ අංකෙ හරි ලියන්න තිබ්බ නේ...
//පස්සෙන් ගිහින් ලයින් දාලා කරන්න පුළුවන් හැම ට්‍රයි එකක්ම දුන්නට පස්සේ අපේ මෑන් ලියුමක් ලියන්න හිතලා ලියුමක් ලිවුවා ලස්සනම අත් අකුරු තියෙන එකාගේ අකුරුයි, හොදටම අදහස් එන එකාගේ අදහසුයි, ඌට කියන්න ඕන ඒවායි, මගේ කවියකුයි එකතු කරලා.. හෙහ්.. සාමුහික වැඩක්.. :)//
ReplyDeleteඅපිත් ඔහොම ලියුමක් ලිව්වා හැබැයි 6 වසරෙදි... මාට්ටුත් කරගත්තා.මේ තියෙන්නේ ඒ සිද්ධිය.මගේ බ්ලොග් එකේ මුල්ම කතාව
මේක කියවගෙන යද්දි මම හිතුවේ නම නැතිව ලියුම දීලා වැඩේ කණපිට හැරෙයි කියලා හි හි...
ඔයාගේ මිස්ව හම්බුනාම බිම පෙරලිලා වඳින්න අයියේ... තරුණ මිස් කෙනෙක් වෙන්නැති.අපේ නම් හිටියේ සෑහෙන්න වයසක කට්ටියනේ එයාලට එව්වා මැජික්...........
අන්තිමට ගිහින් අහන්න ඕන ටික එලටම අහලා තියෙනවා...
එලම කිරි මිස් කෙනෙක් :ඩ්
ReplyDeleteඅපරාදේ අපේ කරුමේ මිශ්‍ර පාසලකට යන්න තිබ්බ නම් කොච්චර ෆන් ද :/
හි හි..මේකත් කොරල තියෙන වැඩ! :පි
ReplyDeleteකොහොමද දැනගෙන තියෙන්නේ.දිනේෂ්ගේ කවි එච්චරම ප්‍රසිද්දයි ද?
ReplyDeleteපියුම් වැඩේට භාරගත්තම මටත් හිතුනෙ ඒ වැඩෙත් ඉවරයි කියල හික්ස්
ReplyDeleteෂික් අපිට හිටියේ නෑනෙ ඔහොම මිස්ලා...
ReplyDeleteඑහෙම හිටියනම් අපිත් කොහොම වෙන්න තිබුනද ඈ...
සාධාරණ කොටාලටත් ගොඩයන වෙලාවල් නැතුවමත් නෙමෙයි
ReplyDelete