මලයගේ කතාව
අපේ
මලයා උපන්නේ 1990 වසරේ ඔක්තෝබර් මස 13 වනදාය.. ඒ දකුණු ලකේ අග නගරේය.. පුබුදුවා නමින් නම් තැබුන ඔහු (අ)වාසනාවට මගේ එක කුස උපන් සහෝදරයෙක් නොවීය.. ඒත් දැන් මට බොහෝසෙයින්ම හිතවත් පුද්ගලයාය.. මේ කියන්නට යන්නේ ඔහුගේ කතාවය..
ඉපදෙන විටත් සාමාන්‍ය බරට වඩා බොහෝ සෙයින් වැඩි බරකින් යුක්ත උන ඔහු වැඩුනේ ඉතා වේගයෙනි.. ඔහුගේ මව පවසන්නේ මොහුට කන්නට දී නිමා කරන්නට නොහැකි බවය.. එය කිසිසෙයින්ම අසත්‍ය ප්‍රකාශයක් නොවන බව මා හොදාකාරයෙන්ම දන්නේය.. ඒනිසාම ඒ දවස් වල මොහු හා කෑමකට මම එළියට නොයන්නේය..
මුල්
කාලයේ
කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් බදු වූ ඔහු සරීරයට ඔහේ වැඩෙන්නට ඉඩදී කෑම ගැන පමණක් සිතුවේය.. එහි ප්‍රතිඵලය දිනෙන් දින භායනක වන්නට විය.. අපි ක්‍රිකට් ගසන හැම වෙලාවට පාකිස්ථානයේ හිටපු නායක ඉන්සමාමුල් හක් මෙන් මොහු නිතරම දැවි යන්නේ දුවන්නට ගොසින්ය.. අපිද එය හොදින්ම දන්නා නිසා බෝලය ඕනාකමින් අතහැර ඔහුට දුවන්නට මග පාදා ඔහුව අවුට් කර ගන්නේය..
දිනක්
අපි ඔහුව දුවද්දි දැවි යාමකට හසු කර ගන්නට සැරෙද්දි
කුරුල්ලෙකු මෙන්
ඉගිලි
තම සීමාවට එන්න හැදූ ඔහු ඇද වැටුනේ ලී පටවාගෙන යන ලොරියක බැමි ලිහි ඇද වෙටෙන මහා ගහක කදක් ලෙසය.. පොලව දෙදරනු අපේ දෙපා වලට දැනුන අතරම තාරපාරේ ඉරිතලා ගිය කොටස තාමත් එලෙසම පවතිනු මා මෙවර ලංකාවට ගිය වෙලේ දැක්කේය.. එදා ඔහු දෙපයින් සිටුවන්නට මා ඉදිරිපත් උනේ සහෝදර කම නිසාය.. ඒත් මා එයට අපොහොසත් ව්ය.. අවසානයේ තුන් දෙනෙකුගේ වෑයෙමෙන්
ඔහු
කෙලින්
කරන විට අපි හොදටම මහන්සි වෙලාය.. එදා සිට අතිරේක ආහාර වේල් අමතක කරනවා කී ඔහු එය අකුරටම පිළිපැද්දාය.. දිනකට 7-8 පාරක් මොනවා හෝ ගිල දැමු ඔහු එය 4ක් දක්වා අඩු කලේ හිතට වහල් නොවීය..
O/L කරන කාලයේ මලයාට ඉගැන්නීමේ අතිශය අමාරු කාර්ය මට පැවරුනේ මට මගහැරීමට නොහැකි වූ නිසාය.. ගෑණු ළමයින්ගේ කතා ඇරෙන්නට පොතක දෙයක් සාකච්චා කිරිමට මනසක් ඔහු තුල නොවීය.. මහත් පරිශ්‍රමයකින් පසුව මා ඉගැන්නූ විශයට “A” සාමාර්ථයක් ලබා ගත්තේ මගේද නම්බුව ආරක්ශා කරමින්ය.. විද්‍යා අංශයෙන් A/L කරන කාල සමයේ කල කී දෑ ගැන මට ලියන්නට බැරිය..
කෑම
අඩු කිරිමේ ප්‍රතිඵලයක් ලෙස කිලෝ 50 සිමෙන්ති කොට්ටය ඒ වාගේ දෙකක් වන විට ඊට සරිලනම අයුරින් ඉදිරියට නෙලා ආ උදරය දුටු විට පෙනුනේ මටත් වඩා වැඩිමල් කෙනෙකු විලසය.. උදරයේ වර්ධනයට හේතු වූයේ බියර් පානය බව කවුරුත් දන්නා රහසක්ය.. උසට මහතට හිටි නිසා පෙනුන මැර පෙනුම නිසාම අපි මොන ප්‍රශ්ණේකදි උවද ඔහුව ඉදිරියට දාන්නට පසු බට උනේ නැත..
කුළුදුල් ආදර
කතා කීපයකටම හිමි කම් කී ඔහුට අවසානයේ අවංක ආදරය හමු වීය.. ඒ ගැන සහෝදරයෙකු ලෙස මා සතුටට පත් වන්නේය.. ඔය අතරේ සිදු වූ කොටු පැනීම්ද එමටය.. ඉන් එකක් ගැන මා දිනක් මගේ බ්ලොගයේද පවසා ඇත.. එදා මා දුන් අවවාද ඔහුට තේරුනේ මා ලංකාවෙන් ආවටද පසුවය.. නමුත් මෑතකදීද මගෙන් ඇසුවේ ඒ රූපලාවන්‍ය ආයතනයේ දුරකතන අංකය නැද්ද කියාය..
මලයාගේ
බේබදු
කතා ගැන මා අමුතුවෙන් කියන්නට උවමනා නැත.. ඒ ගැන ඔහුම මෙහි ලියා ඇත්තේය..
මගේ
අළුත්ම
එකතුව
ලංකාවට
නොයවා
ඉන්නේද
මේ කාරණාව උඩය..
ඉගෙනීම
හමාර කර මකුළු දැල් වියන්නෙකු ලෙස (වෙබ් ඩිසයිනර්) ඔහු රැකියාව තෝරා ගැනීම මටද වාසයියක් විය.. මාගේ බ්ලොගයේ සියළුම දෑ කරදෙන්නේ මලයා විසින්ය.. ඒ නිසා ගැහූ මඩ වැහෙන්නට පොඩි හොද කීපයක්ද කිව යුතුමය..
මම
නැති කාලේ මගේ පරිඝණයකයේ අළුත් වැඩියා හැම එකක්ම කලේ මලයාය.. එය පාවිච්චි කල නොහැකි තත්වයට වැටුනේ ඔහුගේ අළුත් වැඩියා නිසා නොවේය.. අපේ ගෙදර තියාගෙන හදන්නට අපහසුයි කියා ඔහුගේ නිවසට ගෙනගිය පරිඝනකයේ පසු කලෙක ගැරඬීයෙක් වාසය කලා යැයි ඔහුගේ මව කියු ප්‍රකාශය මම මුලින් පිළි නොගත්තේය.. පිළිවෙලට තබා ගෙන ඇති කාමරය දුටු පසු එයා මුසාවක් බව මට හොදින්ම පැහැදිළි විය..
තව
කියන්නට
බොහෝ දේවල් ඇතත් සහෝදරයාගේ ආත්මය ආරක්ශා කල යුතුය.. ඒ නිසා ඒවා නොකියා ඉන්නට සිතා ගතිමි.. කලින් කාරණා කෙසේ උවත් හිතවත්කම මනුස්සකම අතින් අපේ මලයා ඉදිරියෙන් සිටින්නේය..
ඒ
නිසා අදට මේ ඇතිය.. අවශ්‍ය උනොත් පසුව තව පවසන්නේය..
විශේෂයි : මේක මේ කාලෙකට උඩදි මලයගේ බ්ලොග් එකට මගෙන් ලිපියක් ඉල්ලුවම ලියලා දුන්න එකක්.. නිකමට වගේ මේකේ දාන්න අද හිතුනා..
අති
විශේෂයි : ලබන සතියේ මම බ්ලොග් එකේ පොඩි විරාමයක් ගන්නවා.. පුළුවන්
වෙලාවට කියවන්න එනවා.. ඊට පස්සේ සතියේ ඉදන් ආයෙම වෙනද වගේ හමුවෙමු.. :)






1
ReplyDeleteහෙහ්.. ඔව් ඔව්.. මේ රෑ ඇහැරන් මොනා කරනවද මන්දා.. මල් කඩනවද?
Deleteතාම අලුත් තැන හුරුනෑ...පන්තියේ වැඩ හුගක්.ඒවකරනවා අනේ.ඔයා මල් කඩනවනේ අපිට එක්කම ඒමදැයි
Deleteබොරු බොරු මල් කඩනවා තමයි
Deleteහුට්ට පටස්...සද්ද නැතුව ඉන්දලා කරලා තියෙන්නේ හොද වැඩක් වසලා හමාරයි දැන් ඉතින්
ReplyDeleteඔන්න මල්ලි, දිනේෂ් අයියා මෙි පාරනමි ෆෝටෝ එහෙමත් දාලාම තමයි කින්ඩිය දාලා තියෙන්නේ. කමක් නැහැ. මොනවා කරන්නද? සහෝදරකම තියෙන ඒකානේ. ඒකයි උඹ ගැන ඔචිචර කැක්කුමකින් ලියලා තියෙන්නේ.
Deleteදිනේෂ්... ලබන සතියේ ට්‍රිප් එකක්වත් යනවද?
හෙහ් හෙහ් එයාටත් රිටර්න් එකක් දෙන්න තමයි හිතන් ඉන්නේ
Deleteමට මලයගේ පිගාන ගැන විස්තර ටිකක් එවන්න බැරිද?
ReplyDeleteඅපොයි මගේ බර චැන ගත්තොත් හිනාවෙයි
හා හා අපි දැන ගත්තා පෙම් සුවද දැනෙද්දි විරාම එයි කියලා.ඔහොම බැඅලී..
(අද මම එක.අර ලිස් එකට දැන් 2යි)
මම එච්චර කන්නේ නැහැ අප්පා..බරත් නැහැ ඒ තරම් හෙහ් හෙහ්
Deletenaughty unath nice malaya :)
ReplyDeleteAnonymous උනත් ඔයාට විතරයි තේරුනේ :P
Deleteමොකද මොකද ලබන සතියේ, හොර වැඩක් වත්ද?
ReplyDeleteලියලා තියන දේවලින් පේන්නේ මල්ලිට ගොඩාක් ආදරේ බවයි.:)
ReplyDeleteආදරේ බඩ පැලෙන තරම්
Deleteහික්ස්,.,., එල එල
ReplyDeleteමඩ හොණ්ඩරයක් විතර ගහල අන්තිමට ශේප් වෙන්න හැදුවට රැවටෙන්න එපා පුබුදු මල්ලි, හොඳ රිටන් එකක් දෙන්න ඕනෙ :D.
ReplyDelete(කල දුටු කල වල ඉහ ගන්න ඕනෙයි කියනවනෙ නේද!)
සතියකම සවාරියක්ම යන්නද? ඒ ගැනත් ඇවිල්ල කියයිනෙ නේද?
ඔව් ඔව් වැඩක් දෙන්න හදන්නේ මෙයාටත්
Deleteඒ යිය මොලකාරයෙක් නෙවෙයිද අයිය වගේ ...
ReplyDeleteමුකුත් නොකියා ඉන්නම්
Deleteඅෆොයි මෙහෙමත් හොද කියන සිරිතක් තියෙනවද? හික් හික්............ :)
ReplyDeleteතව හොද තිබ්බා ඒවා කියලා නැහැනේ
Deleteසතියක් ඇතිවෙයිද මන්දා... ඕන නම් තව වැඩිපුර ගන්නකෝ!
ReplyDeleteමොකෝ වෙන්නේ ලබන සතියේ..
ReplyDeleteමලයනම් මරු ඈ..උගෙ(අ)වාසනාවටද මන්දා මෙහෙම අයියෙක් ලැබුනේ..
ඔව් මගේ (අ)වාසනාවට අප්පා
Deleteඑහෙම මල්ලි කෙනෙක් ඉන්න එක සතුටු වෙන්ඩ ඕනේනේ... ඕනෙ වලියකට දකුණු අත වගේ ඉන්නවනේ...
ReplyDeleteඅනිවා බොක්කෙන්ම
Deleteඅයියේ,මලයාගේ කෑම වට්ටෝරුව පබ්ලිෂ් කරන්නකෝ
ReplyDeleteබෑ..............ඒවා රහස්
Deleteමොනවා නැතත් ඉතින් අයියගේ මල්ලා මේ දේවල් බල බල ඉන්න එකනම් ලොකු දෙයක්...සසර කලකිරෙන් නැතිව...(හේ..හේ..)
ReplyDeleteඅති විශේෂයි :අයියා විරාමයක් ගන්න එකට නම් දුකයි..ඒ වුනාට ඉතින් අයියට මේ දවස් වල වැඩත් වැඩි නිසා කරන්න දේකුත් නෑනේ නේද..?(හේ..හේ..) එහෙනම් චුටිම චුටි විරාමයක් අරගෙන ආයෙත් එන්නකෝ....
අපි කලකිරෙයි මේවට
Deleteමේ කතාව කලින් ගියාද මන්දා. අර පලවෙනි පින්තුරේ එහෙම මට දැකලා පුරුදුයි බ්ලොග් එකකම.
ReplyDelete'මුල් කාලයේ කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් බදු වූ ඔහු ....' නියම උපමාව..:)
ReplyDeleteඒ කාලේ කෙට්ටුයි..කිලෝ 50 ක් කියන්නේ නතින්ග් නේ
Deleteහුටා...මූ ඉපදෙන්න දවස් 9ට කලින්නෙ මං ඉපදුනේ...දකුණු ලකේ අගනගරෙම තායි
ReplyDeleteආහ් අඩෝ මම අදත් ගාල්ලේ යනවා..කලේගානේ
Deleteඅනේ මෙහෙම මලයෙක් ලැබීමත් වාසනාවක්ය.ඉතිරි කෑම සියල්ලමත් කා දැමීම නිසා අපතේ යාමක්ද නොමැත.හැකිනම් මලයාගේ කෑම වට්ටෝරුව ඉදිරිපත් කිරීම මැනවි.මමද ඒ වට්ටෝරුව අනුගමනය කිරීමට කැමත්තෙමි.
ReplyDeleteමෙයා කියන තරම් මම මහත නැහැ ෆොටෝ බැලුවම පේනවනේ...ඔය පැහැදිලි ඉරීසියාව.ඉස්සර ලංකාවේ ඉන්නකොට අපි දෙන්නා එකට යනකොට ගෑනු ලමයි මෙයා දිහා බලන්නේ නැහැ බටේ වගේ කෙට්ටු නිසා :P මගේ දිහා මයි බලන්නේ.අන්න ඒ ඉරිසියාව තමයි තාම ඔය හිතේ තියෙන්නේ
Deleteඔන්න කාලෙකට පස්සෙ මලයගෙ විස්තරයක් බලන්නම ආව දිනේශ් අයියෙ...ගාල්ලෙ හැදුනම ඔහොම වෙනව.......:))
ReplyDeleteහික් හික් හික්...
ReplyDeleteහපොයි මෙහෙමත් ගුණ වැයීමක්... :)))
ReplyDeleteමොකෝ මල්ලි ලබන සතියෙ ට්‍රිපක්වත් යනවද???
මචං අර උඩම පින්තුරේ කන්නේ හැලපයක් ද?. නිකන් මට පෙන්නේ කොළෙත් එක්ක කනවා වගේ.
ReplyDeleteසුපිරි හඳුන්වා දීම.
ඔව් ඔව් මෙයාලත් එක්ක සත්තු වත්තේ ගිය දවසක...ඕක නිකන් ජොලියට ගත්ත එකක්.අයියා මයි කිව්වේ කොලෙත් එක්ක කනවා වගේ හිටපන් කියලා
Deleteමෙච්චර ලස්සනට අයියට බ්ලොග් එකක් කරන් යන්න උදව් කරන මලයට ගහන මඩ..!!කමක් නෑ අපි නම් කියෙව්වෙත් නෑ ඔන්න..
ReplyDeleteහෙහ් හෙහ් සහෝදරකමට ගහන මඩ නේ
Deleteමල්ලිලා වර්ජනය කොරමු...පලවා හරිමු :ඩී
ReplyDeleteමොකක්
Deleteඅඩේ මේකා මාව දැක්කොත් මටත් මෙහෙම කියයිද මන්දා. හික්ස් :)
ReplyDeleteපට්ට මලයෙක් !!!
ඇයි බන් උබත් මහතද?
Deleteමම එච්චර මහත නෑ.
Deleteමරු තමා. මම වගේ තුනක් විතර ඇති.
ReplyDeleteඇටකිච්චා හෙහ් හෙහ්
Deleteමලයා නියමයි.. කන්නට රුසියෝ මේ සිංගප්පූරුවෙ වැසියෝ...
ReplyDeleteමට වඩා දවස් 3 කට බාල මල්ලියෙක්...මටත් මෙයාව දැකල පුරුදුයි පුරුදුයි වගේ....
ReplyDeleteඔයාගේ බ්ලොග් එක මම කියෙව්වා ඉස්සර ඒක නිස වෙන්න ඕන..අලේ එක වයසනේ හෙහ් හෙහ්
Deleteමලයා අයියට වඩා ඩයල් එක වගේ
ReplyDeleteමලයා නියම වැඩකාරයෙක්නෙ බලන් යනකොට... ( විශේෂයෙන් කෑමට )
ReplyDeleteනැතුව ගම ගාල්ලනේ ඉතින් කොල්ලා වැඩ කාරයා
Deleteමං ඔයාගෙ මල්ලිව අදුරනවා.,මොනා වුනත් හොද කොල්ලා.ඔයා කියපු විස්තරෙන් ටිකක් විතර මාත් දන්නවා.නම කියන්න හොද නෑනේ.
ReplyDeleteඅලේ කවුද කියන්නකෝ00000000000000000
Deleteසර්ගේ කැරැට්ටුව හොදට දන්න ගෝලයෙක්. ;)
Deleteමරු හොද කියවිල්ල...
ReplyDeleteහික්ස්..
කෑම අඩුකලා කිව්වට එච්චර අඩුකරල නෑ වගේ.
ReplyDeleteමලයා එල බුවෙක් වගෙ පෙන්නෙ..
ReplyDeleteඑසේය එසේය
Deleteඅයියෝ හිනා වෙලා බඩත් රිදෙනවා... මොනවා උනත් පව් අසරණයා ඔහොමත් මඩ ගහනවද
ReplyDeleteවැඩක් නැහැ අප්පා කියලා මඩ කියලා ඔහොමත් මඩ
Deleteපවුලේ ඔක්කොම බ්ලොග් ලියනවද අයියේ? ඔයාගේ බ්ලොග් එකනම් මරු.. ඔක්කොම කියවලා තමයි කොමෙන්ට් කරන්න ගත්තේ ඔන්.... :)
ReplyDeleteමම තමයි මුලින්ම බ්ලොග් කෙරුවාව පටන් අරන් අයියටත් ඒක පුරුදු කලේ..මගේ කම්මැලිකමට බ්ලොග් ලිවිල්ල නැවතුනට මොකෝ අයියා දැන් නියමෙට බ්ලොග් එක ලියන් යනවා.ආඩම්බරයි මට ඒ ගැන.
Deleteබස්කතා වලත් මලය ගැන කිව්ව නේව නියමයි
ReplyDeleteඑහෙමෙයි මේකාව එල්ලන්න එපැයි
Deleteමේක කලින් කියෙව්වනේ මං..... :))))
ReplyDeleteහෑ... මං නං කෑවට මහත්වෙන්නෙ ලම්භකව.. අනේ පුබුදු අයියේ රෙසපිය දෙන්ඩකෝ.. සුරාවෙං සූදුවෙං නං තොරං ඕං ඈ..
ReplyDeleteතූන්වෙනි ෆොටෝ එකේ කන්නාඩි දාලා ඉන්නේ කව්ද
ReplyDeleteමට දැකලා පුරැදුයි
මට මේ බ්ලොග් එකේ ගොඩක් ලිපි මගඇරිලා තියනවා
හිමිහිට බලමු