Thursday, 28 June 2012

තොටියා ( කෙටි කතාව )

මහවැලියට බොහෝම කිට්ටු නෑ සබදකම් කිවුව කොත්තලේ ඔය දිගේ තමන්ගේ පාරුව පැදන් ආපු සුනිල් ඔය අතර මැදදි හඹල නතර කරන් ඈත පේන ඉවුරු තෙර දිහා බලාපොරොත්තුවේ බැල්මක් හෙළුවේ දකින්නට පිං කල දෑසක් ඈතින් මතු වෙතයි සිතාගෙන.. ඒත් ඒ දෑස දිහා කෙලින් බලන්න තරම් හයියක් සුනිල්ට නොතිබුනාට ඒ දෑසින් පෑව දඟකාරකම් වලට සුනිල්ගෙත් හිත ඇදිලා තිබ්බේ ඉගේම වගේ..

ළමැදට පොත් ටික තුරුළු කරන් සුදු රැළි ගවුම ඇදන් ඉස්කෝලේ ඇරිලා එන නිමලා තනියම තමන්ගේ පාරුවට නගිනවට සුනිල් ගොඩක් ආස කලා.. පාරුවේ තමන්ගේ ඉස්සරහින්ම වාඩි වෙලා කියන ඒ බොළද කතා අහන්න සුනිල්ගේ හිත ආස කලා.. හැබැයි රහසේම.. ඒ හැම දේකම ආදරේ පිරි බලාපොරොත්තු සුනිල්ගේ හිතට දැනුනට ජීවිතේ මහ හුගක් ලොකු වෙනස්කම් ඒ සිතුවිලි අකමැත්තෙන් උනත් ජීවිතෙන් ඈතට ගෙන ගියා.. ඒත් හැමදාම උදේ හවස හමුවෙන ඒ කතා කරන නෙතු මගහරින්න තරම් ශක්තියක් ඒ හිතේ තිබුනේ නෑ..

" මම ඔයාට කැමතියි.."

පාරුවේ එහා කෙලවරට වෙලා සුනිල් දිහා ගොඩක් වෙලා බලන් හිටපු ඈ හදිස්සියේම ආදරයක් ගැන වචන අමුන්ද්දි තමන් හිටි තැනම නතර උනා මගේ හැගීමකින් ඈ දිහාම ගොඩක් වෙලා බලාගෙන හිටපු සුනිල්ට දැනුනේ තමන් ගොළු වෙලා වගේ හැගීමක්..

" මොකද ඔහොම බලන් ඉන්නේ.. මම ඔයාට කැමති කියලා කිවුවේ.."

" පුංචි බේබි මේ මොනාද කියෙන්නේ.. වෙන කාට හරි ඇහුනනම්.."

" ඇයි?"

" ඇයි තමයි.."

සිතුවිලි අතරෙම ගං තෙරට සේන්දු උන පාරුව ලී පාලමේ ගැටෙද්දි කල්පනා ලෝකයෙන් මිදුන සුනිල් බැලූවේ නිමලා දිහා.. ඒ කෝඩුකාර ඇස් සුනිල් දිහා බලාගෙන හිටියේ එකම එක උත්තරයක් බලාපොරොත්තුවෙන් උනත් නිහැඩියාට ඒ හැමදෙයක්ම පැරදුවා..

" තොටුපලට ආවා පුංචි බේබි.."

" ඔව් මම දන්නව.."

" එහෙනම් බහින්න.."

ඒ හිතුවක්කාර කතා අතරේ නොදැනිම සුනිල්ගේ හිතත් ආදරයකට අත වැනුවත් තමන්ගේ හැගුම් ආයෙම හිර කර ගත්තේ හැම හීනයක්ම ලගා නොවෙන නිසා..

" ඔයා ඔය ඔච්චර හිතන්නේ මට වඩා දෙගුණයක් වයසින් වැඩි එකනම් ඒක අමතක කරලා දාන්න.."

වෙනදා පාන සෙනෙහෙබර සිනහවත් නැතිව පාරුවෙන් බැහැලා ගං ඉවුර දිගේ දුවන් යන ඈ දෙස මොහොතක් බලා ඉදිය සුනිල්ගේ මුවින් සුසුමක් පිට උනේ ඒ ආදරේ නොදැනුන නිසාම නෙමෙයි..

" ජීවිතේ හැටි තේරුම් ගන්න පුංච් බේබි.."

..............................


" මොනාද අයියේ ඔච්චර කල්පනා කරන්නේ?"

කොහොඹ ගස් හෙවෙනේ තැනුන ලී බංකුවට වෙලා ඈත බලන් හිටපු සුනිල්ට තමන්ගේ නැගණිය එන නිනවුවක් නොතිබුන තරම්..

" අහ්... නෑ මුකුත් නෑ නංගියේ.."

" ආ මේ තේක බීලා ඉන්න.."

" ආ අයියේ.. අර පුංචි බේබි නේද තනියම ඇවිදන් එන්නේ.."

වැට මායිමෙන් ඈත බලාගෙන උන් නැගණිය දිහා බැලූ සුනිල් දගකාර ගමනින් ගුරු පාරේ ඇවිදන් එන නිමලා දෙස බැලුවේ හිතේ ඇති උන තිගැස්මකිනි..


" පුංචි බේබි.. මේ කොහේ යන ගමන්ද?"

බට ලී කඩුල්ල ලග නැවතුන ඈ ලගට ගිය නැගණිය කුළුපගව ඈත් එක්ක කතාවට වැටුනේ වතාවක් දෙවතාවකට වඩා ඈ එක්ක කතා කරන්නට නොලැබුන නිසාය..


" මෙහේමයි ආවේ.."

නැගණිය සුනිල් දෙස පුදුමයෙන් මෙන් බැළුවේ කවමදාකවත් තමන්ගේ පැත්තවත් නොබැලූ ඇය වන් කෙනෙක් තමන් හොයාගෙනම ආවායැයි කියූ නිසාය..

" අපේ දිහා?"

" ඔව් මට සුනිල් එක්ක ටිකක් කතා කරන්න ඕන.."

නංගි නොරිස්සුම් බැල්මක් සුනිල් වෙතට යොමාගෙන නිවස වෙතට පිය මනිද්දි වාඩි වී උන් ලී බංකුව ලගටම ආ ඇය ඔහු ලගින්ම හිද ගත්තේ වෙන කිසිම දෙයක් ගැන තැකීමක් නොකරමය.. සැනෙන් අවට ගෙවල් දිහා සුනිල් නෙත් යෙමුවේ මේ වගේ දේවල් ගැන යොමු උන උකුසු ඇස් හතර වටේම ඉදන් බලාගෙන ඉන්න නිසා..

" පුංචි බේබි.. මොනාද මේ කරන විකාර වැඩවල තේරුම?"

" මොනාද?"

" හාමුලා මේ දේවල් දැන ගත්තොත් අන්තිමේ වෙන්නේ මොකක්ද කියලා පුංචි බේබි දන්නවනේ.."

" මට ඒවයින් වැඩක් නෑ.. තොටුපල පැත්තේ යංද? මට වැවේ රවුමක් යන්න ඕන.."

" ඇයි.. සියාතු මාමගේ පාරුව තියෙන්නේ මේ වෙලාවට වැවේ.."

" සියාතුගෙන් මට වැඩක් නෑ.. මට යන්න ඕන ඔයා එක්ක.."

ඒ හිතුවක්කාර සිතක් ඇතුලේ දගකරන සිතුවිලි එක්ක වාද කරන්නට නොගිය ඔහු ආයෙම ලී බංකුව මත හිද ගත්තේ කිසිවක් නොකියාමය..

" දැන් මොකද කියන්නේ.. තොටුපලට යනවද? නැත්නම් මම මෙතන්ටම වෙලා ඉන්නද?"

" හ්ම්ම්.. තොටුපලට යමු.."

හින් හඩකින් සුනිල්ගේ මුවින් ඈ බලාපොරොත්තු උන වදන් පිට වෙද්දි සතුටින් හිනැහුන ඇය ඔහු ලගට විත් අතින් අල්ලා ගත්තාය..

" හරි අපි යමු එහෙනම්.."

" මේ මොනාද පුංචි බේබි කරන්නේ.. ඉස්සෙල්ලා පුංචි බේබි යන්න.. මම පස්සේ එන්නම්.."

" ම්ම්ම්.. හා.."

දගකාර ඇය හිනැහෙමින් වැටේ කඩුල්ල පැන දිව යන දෙස බලා උන් සුනිල්ගේ මුවට සිනහවක් නැගුනේ ඉබේටම වගේය.. තමන්ටත් නොදැනිම රහසේම වගේ නැගුන හිනාව සුනිල් සගවගත්තේ ගේ උළුවස්සට හේත්තු වී උන් ඔහුගේ නැගණිය දැකය..

" මොනවද අයියේ මේ වෙන දේවල්.. මොනවා උනත් ඒවයේ අවසානය ගැන අයියට තේරුම් කරලා දෙන්න ඕන නෑනේ මම..

හෙමින් ගේ ඇතුලට එන්නට හදද්දි  උළුවස්ස ලග උන් නැගණියගේ ගෝරණාඩුව සුනිල්ට නොරිස්සුවත් වචනයක්වත් නොකියා ගේ පිළිකන්නට සුනිල් ඇවිදන් ගියේ තමන්ගේ හිතද නැගණිය කිවු දේවල් අනුමත කල නිසාය..

" ඒ කෙල්ල මටත් වඩා ගොඩක් බාලයි කියන එක අමතක කරන්න එපා අයියේ.."



මතුසම්බන්දයි...

...............................................................................................


විශේෂයි : කලින් දවසේ කවියක් නොවුන සිතුවිල්ලෙන්  ලිවුව තොටියගේ කතාව තමයි මේක.. මම කියන්න ඕන නෑ.. ඒක දැනෙන්න ඇති.. කෙටි කතාවට පස්සේ කවිය දාන්න හිතුවත් කවිය ඉස්සර කරන්න ගත්ත තීරණේ සාර්ථකයි කියලා හිතුනා.. මොකද එදා ඒ තොටුපලේ හමු උනේ මැරුණ සුනිල්මද වෙන කෙනෙක්ද කියන ප්‍රශ්ණේ හැමෝටම ආපු නිසා.. ඉතින් ඒ අත්හදාබැලීම සාර්ථක උන එක ගැන සතුටුයි..

අති විශේෂයි : තරහා අවසර.. කතාව එක කොටසින් ඉවර කරන්න අමාරුයි.. ගොඩක් දිග වැඩි වෙනවා.. මෙගා සීරිස් වලට මම සමු දුන්න නිසා මේක එහෙම එකක් කරන්න කොහෙත්ම අදහසක් නෑ..


95 comments:

  1. හනේ දැන් ඉතින් අනිත් කොටසත් දානකන් බලන් ඉඳපන්කෝ....කතාව නියමයි ඈ. බලමුකෝ මගේ අනුමානේ හරි යාවිද කියලා...

    ReplyDelete
    Replies
    1. කතාව දිග වැඩි අක්කේ.. එකට දැම්මොත් සෑහෙන දික් වෙනවා.. ටිකක් ඉවසමු ඉතින්... :) මගේ මෙගා කියෙවුව එකේ තව කොටසක් ඉන්න බැලිද අනේ.. :)

      ඔන්න අදත් එකලු හොදේ... :)

      Delete
    2. මට අර තෑගි දෙන වැඩේ අල්ලගන්න බැරි උනානේ අක්කේ.. සෑහෙන ට්‍රයි කලා හලේ... :(

      Delete
    3. හලේ...මම ලින්ක් එක දුන්නා නේද? මමත් කරේ ඒකෙ තියන විදියටමයි..හරි ගියා. හැබැයි පින්තුරේට පබ්ලික් යූ ආර් එල් එකක් ඕන වෙනවා.

      Delete
    4. මටත් බැරි උනානෙ ඔය තෑගි දෙන වැඩේ අල්ල ගන්න.. සෑහෙන දැගලුවා හරිගියේ නෑ...

      Delete
    5. ඔව් ඔව්.. සයුරි අක්කේ.. ඒත් මට වැඩේ තාම අල්ලගන්න බැරි උනානේ.. තව පොඩ්ඩක් බලන්න ඕන..

      Delete
    6. කලින් පෝස්ට් එකේ බට්ටි අක්කා එක උන වෙලේ ඉදන් මම මේ ට්‍රයි කරන්නේ සෙන්නා අයියේ.. කණක් ඇහිලා ඉන්න නෑ තෑගි නෑ කියලා.. :)

      Delete
    7. දිනේෂ්,
      තෑගි දෙන විදිය ගැන මම එව්ව ලින්ක් එක තියෙන කොමෙන්ට් එක මකල දාන්න. එහෙම නැත්තම් කොමෙන්ට් ලිස්ට් එක ගන්න දෙයක් නැතිවෙයි.
      sorry for the inconvenience caused

      Delete
    8. මොකද්ද ඒ සැරේ? අපිටත් කියන්න කෝ

      Delete
    9. සඳ කිව්ව නිසා මැකුවා.. ගිහින් බැළුවෙත් නෑ..

      Delete
    10. මාත් මේ තාම හොයනවා ක්සැන්ඩර් අයියේ..

      Delete
    11. හික්.
      ඔය කලේ කළුවා මාරපනගියාවගේ වැඩක්. ඔන්න mail එකක් දැම්මා කරන විදිය ගැන

      Delete
    12. ඉතින් හලේ කලින් කමෙන්ට් එකට යන්න එපා කියලනේ කිවුවේ.. :)

      Delete
  2. Replies
    1. තැන්කූ කිරිල්ලීයේ..

      Delete
  3. පුංචිබේබිට මොනවවෙයිද?තවත්ඉන්නඑපෑ..

    ReplyDelete
    Replies
    1. හෙට දාන්න බැරි උනොත් සදුදා අනිවාර්‍යෙන් දානව.. :)

      Delete
  4. අතීත කතාව ...... තොටියා දෙවන කොටස කියලාවත් දැම්මා නම් හොඳයි. මම හිතුවේ පරණ කතාව ආයම අප්ඩේට් වෙලා කියලයි.

    කතාව ලස්සනයි.

    අර දාලා තියෙන්නේ අපේ තොටියාගේ පින්තූරේ නේද? :D

    ReplyDelete
    Replies
    1. දෙවන කොටසක් නෙමෙයි නේ අක්කේ.. එදා තියෙන්නේ වියපත් උන තොටියා හරි එයාගේ හොල්මන හරි කියන කතාවනේ.. මේක ඒ සිද්දියේ පරණ කතාව.. පැටලුනානම් සමාවෙන්න ඕනා..

      මහවැලියේ ඉද්දි හොරෙන් අරගත්ත ෆොටො එක අපේ තොටියගේ.. :)

      Delete
  5. ලස්සන කතාවක් ඉක්මනට ඉතිරියත් දාමුකෝ

    ReplyDelete
    Replies
    1. හරි ඉක්මනින් දාන්නම්.. :)

      Delete
  6. හැට දෙක.

    මම කියවද්දී ඒත් හිතුවා මේ අර ගිලිච්ච මනුස්සයාවත් දෝ කියලා. බැලින්නම් හරි.

    ReplyDelete
    Replies
    1. හැට දෙක දැන් ප්‍රසිද්ධයි වගේ.. :)

      ඔව් ඔව්.. ගිලිච්ච මනුස්සයාගේ ඉතිහාස කතාව තමයි.. :)

      Delete
    2. බොලේ ඇයි තව කවුරු හරි කොපි රයිට් අරන්ද?

      කොත්මලා ඔය... අහලා තියනවාද මෝඩයාගේ පාලම ගැන?

      Delete
    3. නෑ නෑ වෙන කවුරුත් දාන්නේ නෑ.. මම කිවුවේ අයියම දාල ප්‍රසිද්ධ වෙලා කියලා..

      නමනම් යන්තමින් වගේ අහලා තියේ..

      Delete
  7. නියම කතාව! කතාව දාපු පිලිවෙලත් අපූරුයි!
    ඊලඟ කොටස එනකල් ගොඩක් කල් බලා ඉන්න නොවේවි නේද? :(

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. හෙට හෝ සදුදා.. ඊට වඩා පරක්කු කරන්නේ නෑ.. :)

      Delete
  8. පසුබිම් ගීතයේන්...මැවුන පද රචනාව...සුන්දරයි මලේ

    ReplyDelete
  9. පසුබිම් ගීතයේන්...මැවුන පද රචනාව...සුන්දරයි මලේ

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ..

      Delete
  10. දැන් මේගොල්ලා තොටියා ගැනමයි කතාව... මාරයිනේ... ඒ තරමටම තොටියා නැගල ගිහිල්ලද මන්දා...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒක නේන්නම්...මේ වගේ තොටියෙක් කොහොම අමතක කරන්නද?

      Delete
  11. ම්ම්ම් ඊලග කොටස දාන්නෝ,., ඉක්මනටම ,.,.,

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම දාන්නම්... :)

      Delete
  12. කුල මලත් එක්ක යන ආදර කතාවක් නිසා අන්තිමට සුනිල්ට හොඳ කෑමක්ද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. කුල මල.. වලව් පැලැන්තිය.. ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්නේ..

      Delete
  13. හපොයි ඔයා කතාව ඉවර කලානේ අයියේ..හැබැයි කතාව නම් සුපර්..ම‍ටත් ඉවසීමක් නෑ ඇත්තටම දැන් නම් අවසානය බලනකම්..ඔන්න හැබැයි පස්සේ දානවයි කියන්න නම් බෑ....

    විශේෂයි:ඔයාගේ අත්හදා බෑලිම් සාර්ථකවුන එකට ගොඩක් සතුටුයි....

    අති විශේෂයි:අහිංසක අපේ සිතුවිලි පටලවන්නේ නැතිව ඉක්මනට කතාව අපි සතු කරන්න....(හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඒ ඉවර කල කතාවත් එක්ක මේකේ අවසානේ හිතනන් එපා.. :)

      විශේෂයි : තැන්කූ වේවා..

      අති විශේෂයි : සමාවෙන සේක්වා.. ඉක්මනින් දෙන්නම්..

      Delete
  14. Replies
    1. ආදරේට කොහොමත් බාදානේ..

      Delete
  15. හ්ම්.... ඉස්සෙල්ලා කතාවෙ දිගුවක් වගේ...

    ReplyDelete
    Replies
    1. දිගුවක් නෙමෙයි.. මේ හරි කතාව.. :)

      Delete
  16. එදා කතාවට පස්සෙ මම කියවන ඊළඟ පෝස්ටුවද මන්දා..
    ඊළඟ කොටසත් කියවලාම අදහස කියන්න එන්නම්...

    ReplyDelete
    Replies
    1. ඒකයි මේකයි අතර මැද පොස්ට් එකක් දැම්මා.. :)

      හරි අක්කේ.. කියවලම අදහසක් දෙන්නකෝ..

      Delete
  17. ලස්සනයි අයියේ කතාව... ඉස්සෙල්ල එක මට තේරුනෙත් නෑ.. දැන් නම් ටිකක් පැහැදිලියි..

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා කතාව එක පුංචි සිදුවීමක් විතරයිනේ.. දැන් තමා කතාව ලියන්නේ..

      Delete
  18. හය්යො මේක කියවලා මගේ මොලේ කොලොප්පන් උනා මට කොහොමද ඒ කවිය තිබුනු පොස්ට් එක මිස් උනේ කියලා මේකට කමෙට් නොදා ඒකත් කියවලා ඇවිත් තමා මේ කම්ට් එක දාන්නේ. ඒ පොස්ට් එකේ අපි ඔරුව එනකන් බලන් ඉන්නවා කිව්වේ එතකොට ඒ සුනිල්ද...?

    ReplyDelete
    Replies
    1. හප්පේ.. අක්කා ඒක කියෙවුවේ නැද්ද? කවදාවත් නැතුව මග ඇරුනේ කෝමද? ඒ ප්‍රශ්ණෙට උත්තර මේකේ අන්තිමේ දෙන්නම්..

      Delete
  19. කතාව ලස්සනයි!!!!!!
    ඊලග එක ඉක්මනට දාන්න..

    ReplyDelete
    Replies
    1. ඉක්මනට දාන්නම්.. :)

      Delete
  20. ආදරේ සීමා මායිම් නැතිව ඇදිලා යනවා සහෝදරයා..ඒකට ප්‍රධානතම හේතුව ආදරය කියන සංකල්පයට විකල්ප නැති නිසා..වටින දෙයක් නිසා..ඒත් ඒකම තමයි ආදරේ තියන භයානක කම සහ අවාසනාවන්තම සිදුවීම..ගොඩක් ලස්සන ප්‍රායෝගික කතාවක්..මම කැමතියි ඒ පොලවේ පයගහපු ප්‍රායෝගික බවට

    ReplyDelete
    Replies
    1. ඇත්ත ජනා.. මේ ලෝකේ සිමා මායිම් අදුනන්නේ නැති එකම දේ ආදරේ තමා.. ආදරේ කරද්දි ඉතින ඒ දේවල් වලටත් මූණ දෙන්න පුරුදු වෙන්නම ඕනනේ..

      ස්තූතියි ජනා.. :)

      Delete
  21. මතු සම්බන්ධ කලානේ.. :/

    ReplyDelete
    Replies
    1. කරන්න උනා හිරූ.. දිග වැඩි උනාමත් බැනුම් නේ.. :)

      Delete
  22. ilaga kotasat ikmanata danna hode dinesh ayye.

    ReplyDelete
    Replies
    1. හරි නංගියෝ.. පුළුවන් තරම් ඉක්මනින් ලියනවා..

      Delete
  23. එදා අපේ තොටිය අයියගෙ නම පාවිච්චි කළා. ඒත් මම ඉවසුවා පොඩි එකා නේද කියල. (හොඳ පොඩි) අද නම එක්කම ෆොටෝ එකත් පාවිච්චි කරල. මේවා මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කිරීම්.
    (තොටියටවත් මේවා හිතෙන්නෙ නැතුව ඇති)
    කතාව ලස්සනයි මල්ලි. අද නිවාඩුවක් වත් දාලා ඉතුරු ටිකත් ඉක්මනින් ලියන්න. මම කොහොමත් කැමතියි මේ වගේ ගැමි ගතියකුත් එක්ක එන කතා වලට

    ReplyDelete
    Replies
    1. මම දැන් බ්ලොග් එකට තියන ආශාව ප්‍රහීන කරමින්නේ ඉන්නෙ නඟා.හෙට ඔරුවයි හබලයි පාවිච්චි කළත් කමක් නෑ ඉතින්. ඇරත් ඉතින් දිනේශ් මලය ලස්සන කතාවක්නෙ ලියන්න පටන්ගෙන තියෙන්නේ. ඒක හින්ද කමක් නෑ ඕo කියල තමා මමත් හිටියෙ. ඇරත් බලන්නකෝ තොටියව කොච්ච්ර සුප්‍රසිද්ධ වෙනවද කියලා මේකෙන්.. Free advertising ආ...

      Delete
    2. සිදූ අක්කේ.. තොටියගේ නම ගම ඔක්කොම ඉස්සුවා.. නඩු වැටෙන එකක් නෑ හැබැයි.. පේනවනේ කියලා තියෙන දේවල් එයාම ඇවිත්..

      අද ලියන්න උනේ නෑ අක්කේ.. මොන නිවාඩු දැමිල්ලක්ද.. හලේ පෝස්ට් එකක් ලියන්න නිවාඩු දාන්න.. අපේ බොසා මට ඉන්ජෙක්ශන් කට්ටකින් අනීවි.. :)

      Delete
    3. තොටියා අයියේ.. කොහේ ප්‍රහීන කරන්නද අයියේ.. අපි මේ සප් එකක් දීලා ගන්න හදන්නේ ඒකනේ.. ඔරුවයි හබලයි ඕන.. ඕළග කොටසේ ඒක මහවැලියේ ගිල්ලනවා.. අයියා වෙන ජොබක් හොයා ගමු දැම්මම...:)

      Delete
  24. නියමයි මචන් එක හුස්මට කියවගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කස්ස.. ඉතුරු කොටසත් ඉක්මනට දාන්නවා..

      Delete
  25. කතාව නියමයි. නියමෙට හිතට දැනෙනවා. තොටිය බලෙන් හිතට අගුලු දාගන්න හැදුවට පුන්චිබෙබි කොහොම හරි අගුලු බිඳලා දාවි ආදරේට වයස ප්‍රශ්නයක් නැලුනේ. ඊගාව කොටස ඉක්මනට දාන්ඩෝ

    අඩේ මට කොටසක් මිස් වෙලාද ?


    කෙල්ල්ල වඩා කොල්ලට දෙගුණයක් වයසයි කියපුහාම මත මතක් වුනේ සමන් එදිරිමුනිගේ සුළඟ නුඹ සහ මම කියන කතාවේ දෙවෙනි කොටස. ඒක අපාරදේ මට මිස් වුනානේ.

    ReplyDelete
    Replies
    1. කොයි ජාතියේ අඟුළු උනත් ඇරෙන යතුරු තියෙනවනේ මලයා.. ඒ නිසා අපි බලමු..

      මිස් වෙන්න මේකේ වෙන කොටසක් තිබ්බේ නෑනේ..

      මම එහෙම කතාවක් කියවලා නෑනේ.. ලස්සනද කතාව..

      Delete
  26. කතාව මරුවට පටන් අරං ඉතිරියත් කියවල බලමු....

    ReplyDelete
    Replies
    1. තැන්කූ.. ඉක්මනට ලියන්නම් ඒකත්.

      Delete
  27. කියන්න වචන නෑ මෙන්න නියමෙටම ලියපු කතාව. භාෂාව හැසිරවීම කියවන්නා තුළ විචිත්‍ර රූප සිතුවමක් ඇඳීම දෙකම භාෂාව හරහා ‍අපූරුවට කරල තියෙනවා.

    සුනිල්ගේ සහ පුංචි හාමුගේ කතාව හිතට දැනෙන්න ලියල තියෙනවා.


    වෙන ලියන්න දෙයක් නෑ අති විශිෂ්ඨයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රත්නායකයනි.. අයියා වගේ කෙනෙක්ගෙන් මෙහෙම කමෙන්ට් එකක් ලැබීම මට ඇත්තටම සතුටක්..

      Delete
  28. කතාව ලස්සනයි වගේ... ඔහොම යන්... දිනේශ්ට ලියන්ඩ හොඳ හැකියාවක් තියනවා.. නරකද පොතක් ලියුවොත් ?

    ReplyDelete
    Replies
    1. පොතක් ලියන්න හිතලනම් නෑ අයියේ.. ඒවට ඉතින් ලොකු දක්ශතාවක් තියෙන්න ඕනනේ..

      Delete
  29. අති විෂේෂයි කියලා කිව්වම මට වෙන වෙන එවුවත් මතක් උනා !
    කතාව පංකාදුයි !
    පුංචි බේබි තොටියට ආදරේද මන්දා !

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ හිතේ තියෙන්නේ වෙන වෙන දේවල්නේ.. ඒකනේ අවුල..

      පුංචි බේබි තොටියට ආදරෙයිනේ.. තොටියනේ පස්ස ගහන්නේ..

      Delete
  30. ඉතුරු කොටසත් කියවල විචාරයක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ප්‍රබුද්ධ විචාරයක්ද මන්දා.. මම දන්න යාළුවෙක් ඉන්නවා.. ඉස්සර කෙටි කතාවට දැම්මා හොද ප්‍රබුද්ධ විචාර.. දැන් විචාර තියා මේ පැත්තේ එන්නෙත් නෑ.. :P

      Delete
    2. අනේ බං එහෙම එකක් නෙවෙයි.

      Delete
    3. හා හා.. මම අර කිවුව යාළුවා දාන්නේ එහෙම ඒවා.. දන්නවත් ඇති... :D

      Delete
  31. මැදෑ...කෙටි කතාවක් බලන්න ආවා..ඕකනේ කියන්නේ..අනිත් එක ඉක්මනට දාන්න...ඉරිදට කලින් දාන්න හොදේ..

    ReplyDelete
    Replies
    1. රත්තා ගෙදර වගේ මේ ටියේ.. හා හා ෆුල් ට්‍රයි එක දෙන්නම්... :)

      Delete
  32. සෑහෙන කාලෙකින් වරණ බලන්න ආවේ. කෝ ඉතින් වෙලාවක්.ලිපි කීපයක්ම මඟ ඇරිලා වගේ ඒවත් බලලා ඇවිත් මේක කියෝනවා.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මලයා.. මේ පැත්තේ ගොඩ වෙන්න යන කාලයත් අරන් තාත්තා ලියපු කතාව සම්පූර්ණ කරමු.. ඒක තමා මටනම් වඩා වටින්නේ..

      Delete
  33. දෙයියෝ සාක්කි, බේබි කොල්ලගෙ බෙල්ල ගලවලා දෙයිද හාමුට කියලා?

    ReplyDelete
    Replies
    1. දන්නවනේ ඉතින් අයියේ පුංචි බේබිලගේ හැටි..

      Delete
  34. ෂාහ්! නියමයි දිනේෂ්
    කතාව කියවද්දි පොඩ්ඩක්වත් විඩාවක් දැනුනෙ නෑ. ලස්සන ගලායාමක්. සුන්දර, ඒත් මොකද්දෝ නොතේරෙන දුක්බර කතාවක් සැඟවිලා තියනව වගේ දැනෙනව.

    ඉතිරි එකත් ඉක්මනට දාන්න. මේ චිත්‍රය මැකිල යන්න කලින් ඒකත් කියවන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. සදුදා කතාව දානවා.. ශුවර්.. තැන්කූ වේවා..

      මොකද්ද නොතේරෙන දුක් බර කතාවක් ගැන කිවුවේ..

      Delete
  35. ම්ම් ම්ම් බලමුකො කටාවට් කියෝලම...

    ReplyDelete
    Replies
    1. හා හා.. බලමුකෝ.. :)

      Delete
  36. ඔන්න මමත් ආව මේ පැත්තේ..සුබ පතනවා ඔයාගේ ලිවීමේ හැකියාවට..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රෙහානි.. ආදරයෙන් පිළිගන්නවා වර්ණයට..

      Delete
  37. ඉක්මනට ඊලග කොටසත් දාන්න....

    ReplyDelete
    Replies
    1. සදුදා දානවා.. :)

      Delete
  38. ලස්සන කතාවක්...
    ඉතිරිය බලන්න ආසාවෙන් ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. සදුදට කියවමු අක්කේ... :)

      Delete
  39. ඉතිරියත් මේ වගේම හොඳට තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. ඉතිරිය මේ ලියන ගමන්.. :)

      Delete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්